ත්‍රිපිටකය
5. උප්පාදසංයුත්තං 5. උප්පාද සංයුත්තකය
1. චක්ඛුසුත්තං 1. චක්ඛු සූත්‍රය
2. රූපසුත්තං 2. රූප සූත්‍රය
3. විඤ්ඤාණසුත්තං 3. විඤ්ඤාණ සූත්‍රය
314
සාවත්ථිනිදානං . ‘‘යො ඛො, භික්ඛවෙ, චක්ඛුවිඤ්ඤාණස්ස උප්පාදො ඨිති...පෙ.... ජරාමරණස්ස පාතුභාවො...පෙ.... යො මනොවිඤ්ඤාණස්ස උප්පාදො ඨිති...පෙ.... ජරාමරණස්ස පාතුභාවො. යො ච ඛො, භික්ඛවෙ, චක්ඛුවිඤ්ඤාණස්ස නිරොධො...පෙ.... ජරාමරණස්ස අත්ථඞ්ගමො...පෙ.... යො මනොවිඤ්ඤාණස්ස නිරොධො...පෙ.... ජරාමරණස්ස අත්ථඞ්ගමො’’ති. තතියං.
314
(මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, චක්ඛු විඤ්ඤාණයේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. සොත විඤ්ඤාණයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. ඝාණ විඤ්ඤාණයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. ජිව්හා විඤ්ඤාණයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. කාය විඤ්ඤාණයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි. මනෝ විඤ්ඤාණයෙහි යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීම වෙයි.
“මහණෙනි, චක්ඛු විඤ්ඤාණයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. සොත විඤ්ඤාණයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. ඝාණ විඤ්ඤාණයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. ජිව්හා විඤ්ඤාණයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. කාය විඤ්ඤාණයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. මනොවිඤ්ඤාණයෙහි යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක්වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි.
4. සම්ඵස්සසුත්තං 4. ඵස්ස සූත්‍රය
5. සම්ඵස්සජසුත්තං 5. වේදනා සූත්‍රය
6. සඤ්ඤාසුත්තං 6. සඤ්ඤා සූත්‍රය
7. සඤ්චෙතනාසුත්තං 7. චේතනා සූත්‍රය
8. තණ්හාසුත්තං 8. තණ්හා සූත්‍රය
9. ධාතුසුත්තං 9. ධාතු සූත්‍රය
10. ඛන්ධසුත්තං 10. ඛන්ධ සූත්‍රය