ත්‍රිපිටකය
4. ඔක්කන්තසංයුත්තං 4. ඔක්කන්ත සංයුත්තකය
1. චක්ඛුසුත්තං 1. චක්ඛු සූත්‍රය
2. රූපසුත්තං 2. රූප සූත්‍රය
3. විඤ්ඤාණසුත්තං 3. චක්ඛු විඤ්ඤාණ සූත්‍රය
4. සම්ඵස්සසුත්තං 4. ඵස්ස සූත්‍රය
5. සම්ඵස්සජාසුත්තං 5. වේදනා සූත්‍රය
6. රූපසඤ්ඤාසුත්තං 6. සඤ්ඤා සූත්‍රය
7. රූපසඤ්චෙතනාසුත්තං 7. චෙතනා සූත්‍රය
8. රූපතණ්හාසුත්තං 8. තණ්හා සූත්‍රය
9. පථවීධාතුසුත්තං 9. ධාතු සූත්‍රය
310
සාවත්ථිනිදානං. ‘‘පථවීධාතු, භික්ඛවෙ, අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී; ආපොධාතු... තෙජොධාතු... වායොධාතු... ආකාසධාතු... විඤ්ඤාණධාතු අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී. යො, භික්ඛවෙ, ඉමෙ ධම්මෙ එවං සද්දහති අධිමුච්චති, අයං වුච්චති ‘සද්ධානුසාරී...පෙ.... සම්බොධිපරායනො’’’ති. නවමං.
310
(මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, පඨවී ධාතුව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. ආපොධාතුව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය, තේජෝ ධාතුව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. වායොධාතුව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. ආකාශ ධාතුව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය විඤ්ඤාණ ධාතුව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය.
“මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද ශ්‍රද්ධාව කරණකොට ගෙන මිදෙයිද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ.
“හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි.
“මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයන් එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි.
“මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද, දකියිද, හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.
10. ඛන්ධසුත්තං 10. ඛන්ධ සූත්‍රය