ත්‍රිපිටකය
4. ඔක්කන්තසංයුත්තං 4. ඔක්කන්ත සංයුත්තකය
1. චක්ඛුසුත්තං 1. චක්ඛු සූත්‍රය
302
සාවත්ථිනිදානං . ‘‘චක්ඛුං, භික්ඛවෙ, අනිච්චං විපරිණාමි අඤ්ඤථාභාවි; සොතං අනිච්චං විපරිණාමි අඤ්ඤථාභාවි; ඝානං අනිච්චං විපරිණාමි අඤ්ඤථාභාවි; ජිව්හා අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී (විපරිණාමිනී අඤ්ඤථාභාවිනී (?)); කායො අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී; මනො අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී. යො, භික්ඛවෙ, ඉමෙ ධම්මෙ එවං සද්දහති අධිමුච්චති - අයං වුච්චති සද්ධානුසාරී, ඔක්කන්තො සම්මත්තනියාමං, සප්පුරිසභූමිං ඔක්කන්තො, වීතිවත්තො පුථුජ්ජනභූමිං; අභබ්බො තං කම්මං කාතුං, යං කම්මං කත්වා නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජෙය්‍ය; අභබ්බො ච (අභබ්බොව (සී. ස්‍යා. කං.)) තාව කාලං කාතුං යාව න සොතාපත්තිඵලං සච්ඡිකරොති’’.
‘‘යස්ස ඛො, භික්ඛවෙ, ඉමෙ ධම්මා එවං පඤ්ඤාය මත්තසො නිජ්ඣානං ඛමන්ති, අයං වුච්චති - ‘ධම්මානුසාරී, ඔක්කන්තො සම්මත්තනියාමං, සප්පුරිසභූමිං ඔක්කන්තො, වීතිවත්තො පුථුජ්ජනභූමිං; අභබ්බො තං කම්මං කාතුං, යං කම්මං කත්වා නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජෙය්‍ය; අභබ්බො ච තාව කාලං කාතුං යාව න සොතාපත්තිඵලං සච්ඡිකරොති’. යො, භික්ඛවෙ, ඉමෙ ධම්මෙ එවං පජානාති එවං පස්සති, අයං වුච්චති - ‘සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො’’’ති. පඨමං.
302
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ඡේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි’යි කියා භික්ෂූන්හට කථාකළ සේක. ‘ස්වාමීනි’යි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඇස අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. කණ අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. නාසය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. දිව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස් වන ස්වභාවය. ශරීරය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. සිත අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය.
“මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට මිදෙයිද, ආර්ය මාර්ගයට බැසගත්තාවූ, සත්පුරුෂ භූමියට බැසගත්තාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරි පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුස්සෙක් වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කලුරිය කිරීමට නුසුදුස්සෙක් වෙයි. මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් අවබෝධයට පැමිණෙත්ද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට බැසගත්තාවූ සත්පුරුෂ භූමියට බැසගත්තාවූ පෘථග්ජනභූමිය ඉක්මවූ ධම්මානුසාරි පුද්ගලයා යයි කියනු ලැබේ.
“හෙතෙමේ යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණේද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ දනියිද, මෙසේ දකියිද, මේ පුද්ගල තෙමේ අපායෙහි නොවැටීම ස්වභාව කොට ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”
2. රූපසුත්තං 2. රූප සූත්‍රය
3. විඤ්ඤාණසුත්තං 3. චක්ඛු විඤ්ඤාණ සූත්‍රය
4. සම්ඵස්සසුත්තං 4. ඵස්ස සූත්‍රය
5. සම්ඵස්සජාසුත්තං 5. වේදනා සූත්‍රය
6. රූපසඤ්ඤාසුත්තං 6. සඤ්ඤා සූත්‍රය
7. රූපසඤ්චෙතනාසුත්තං 7. චෙතනා සූත්‍රය
8. රූපතණ්හාසුත්තං 8. තණ්හා සූත්‍රය
9. පථවීධාතුසුත්තං 9. ධාතු සූත්‍රය
10. ඛන්ධසුත්තං 10. ඛන්ධ සූත්‍රය