ත්‍රිපිටකය
3. දිට්ඨිසංයුත්තං 3. දිට්ඨි සංයුත්තය
1. සොතාපත්තිවග්ගො 1. සොයෙව පෙය්‍යාල වර්ගය
1. වාතසුත්තං 1. වාත සූත්‍රය
206
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. භගවා එතදවොච - ‘‘කිස්මිං නු ඛො, භික්ඛවෙ, සති, කිං උපාදාය, කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති - ‘න වාතා වායන්ති, න නජ්ජො සන්දන්ති, න ගබ්භිනියො විජායන්ති, න චන්දිමසූරියා උදෙන්ති වා අපෙන්ති වා එසිකට්ඨායිට්ඨිතා’’’ති?
‘‘භගවංමූලකා නො, භන්තෙ, ධම්මා භගවංනෙත්තිකා භගවංපටිසරණා. සාධු වත, භන්තෙ, භගවන්තඤ්ඤෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’’ති. ‘‘තෙන හි, භික්ඛවෙ, සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘රූපෙ ඛො, භික්ඛවෙ, සති, රූපං උපාදාය, රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති - ‘න වාතා වායන්ති, න නජ්ජො සන්දන්ති, න ගබ්භිනියො විජායන්ති, න චන්දිමසූරියා උදෙන්ති වා අපෙන්ති වා එසිකට්ඨායිට්ඨිතා’ති. වෙදනාය සති...පෙ.... සඤ්ඤාය සති... සඞ්ඛාරෙසු සති... විඤ්ඤාණෙ සති, විඤ්ඤාණං උපාදාය, විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති - ‘න වාතා වායන්ති, න නජ්ජො සන්දන්ති, න ගබ්භිනියො විජායන්ති, න චන්දිමසූරියා උදෙන්ති වා අපෙන්ති වා එසිකට්ඨායිට්ඨිතා’ති. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’ . ‘‘යං පනානිච්චං, දුක්ඛං විපරිණාමධම්මං, අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්‍ය - ‘න වාතා වායන්ති, න නජ්ජො සන්දන්ති, න ගබ්භිනියො විජායන්ති, න චන්දිමසූරියා උදෙන්ති වා අපෙන්ති වා එසිකට්ඨායිට්ඨිතා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘වෙදනා නිච්චා වා අනිච්චා වා’’ති... ‘‘සඤ්ඤා... සඞ්ඛාරා... විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්‍ය - ‘න වාතා වායන්ති, න නජ්ජො සන්දන්ති, න ගබ්භිනියො විජායන්ති, න චන්දිමසූරියා උදෙන්ති වා අපෙන්ති වා එසිකට්ඨායිට්ඨිතා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘යම්පිදං (යමිදං (අඤ්ඤත්ථ)) දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා තම්පි නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්‍ය - ‘න වාතා වායන්ති, න නජ්ජො සන්දන්ති, න ගබ්භිනියො විජායන්ති, න චන්දිමසූරියා උදෙන්ති වා අපෙන්ති වා එසිකට්ඨායිට්ඨිතා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘යතො ඛො, භික්ඛවෙ, අරියසාවකස්ස ඉමෙසු ච (ඉමෙසු ඡසු (සී. ස්‍යා. කං. පී.) එවමුපරිපි) ඨානෙසු කඞ්ඛා පහීනා හොති, දුක්ඛෙපිස්ස කඞ්ඛා පහීනා හොති, දුක්ඛසමුදයෙපිස්ස කඞ්ඛා පහීනා හොති, දුක්ඛනිරොධෙපිස්ස කඞ්ඛා පහීනා හොති, දුක්ඛනිරොධගාමිනියා පටිපදායපිස්ස කඞ්ඛා පහීනා හොති - අයං වුච්චති, භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො’’ති. පඨමං.
206
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්. චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍ර ඛීලයක් මෙන් නිශ්චලව සිටිත් යන මෙබඳු දෘෂ්ටිය කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් වැද්දගෙන උපදීද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභවකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. ස්වාමීනි මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ සේක් නම් මැනවි භාග්‍යවතුන් වහන්සේගෙන් අසා ඒ අර්ථය භික්ෂූහු දැනගන්නාහුය.
[3] “මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව් කියන්නෙ මැයි” කීය.
“ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය, “මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නොබසිත්. ගර්භනීහු නොවදත්. චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිසලව සිටිත් යන මෙබඳු දෘෂ්ටිය උපදිත්. වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පිවිස වාතයෝ නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්, නොබසිත්, ඉන්ද්‍රඛීලය මෙන් නිසලව සිටිත් යන මෙබඳු දෘෂ්ටිය උපදයි. සංඥාව ඇතිකල්හි සංඥාව නිසා සංඥාවට පිවිස වාතය නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිසලව සිටිත් යන මෙබඳු දෘෂ්ටිය උපදියි. සංස්කාරයන් ඇති කල්හි සංස්කාරයන් නිසා සංස්කාරයන්ට පිවිස වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නොබසිත්. ගර්භනීහු නොවදත්. චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිසලව සිටිත් යන මෙබඳු දෘෂ්ටිය උපදියි. විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පිවිස වාතය නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිසලව සිටිත් යන දෘෂ්ටිය උපදියි.
“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? රූපය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකයි.”
[4] “යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද? ඒ රූපය නොගෙන වාතයෝ නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්. ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිශ්චලව සිටිත් යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“වේදනාව නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද? එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද වෙනස්වන ස්වභාවද? ඒ වේදනාව නොගෙන වාතයෝ නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්. චන්ද්‍ර සූර්යයෝ උදා නොවෙත්, නොබසිත්, ඉන්ද්‍රඛීලය මෙන් නිශ්චලව සිටිත් යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“සංඥාව නිත්‍ය හෝ වේද? අනිත්‍යය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද? ඒ සංඥාව නොගෙන වාතයෝ නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්. ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදා නොවෙත්, නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිශ්චලව සිටිත් යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“සංස්කාර නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන සුලුද, ඒ සංස්කාරයෝ නොගෙන වාතයෝ නොහමත්, ගංගාවෝ ගලානොබසිත්, ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදා නොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිශ්චලව සිටිත් යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“විඥානය නිත්‍යය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?” -“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද? එය දුක් හෝ වෙයිද? සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් අනිත්‍යයද, දුක්ද, වෙනස්වන ස්වභාවද? එය විඥානය අල්වා නොගෙන වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නොබසිත්. ගර්භනීහු නොවදත්. චන්ද්‍ර සූර්යයෝ උදා නොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිශ්චලව සිටිත් යන මෙබඳු දෘෂ්ටියක් උපදන්නේද?” - “ස්වාමීනි, එය නූපදින්නේමය.”
[5] ඇසින් දක්නා ලද කණින් අසන ලද නාසය දිව කය තුනෙන් දැන ගන්නාලද, සිතින් දක්නා ලද, පැමිණෙන ලද, සොයන ලද, සිතින් විමසන ලද යම් ඒ දෙයක් වේද, එයද නිත්‍යය හෝ වෙයිද, අනිත්‍යය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුක්ද, වෙනස්වන සුලුද, එය අල්වා නොගෙන වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නොබසිත්. ගර්භනීහු නොවදත්. චන්ද්‍රසූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටිත් යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, නූපදින්නේමය.
[6] මහණෙනි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකයාහට මේ කරුණු සයෙහි සැක දුරුවූයේ වෙයිද, දුක්ඛයෙහිද, ඔහුගේ සැක දුරුවූයේ වෙයිද, දුක්ඛසමුදයෙහිද ඔහුගේ සැක දුරුවූයේ වෙයි. දුක්ඛනිරෝධයෙහිද ඔහුගේ සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධ ගාමිණි ප්‍රතිපදාවෙහිද ඔහුගේ සැක දුරුවූයේ වෙයි.
මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙමේ සෝවාන් මාර්ගඵලයට පැමිණියෙකැයිද සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද නියතවූ ගති ඇත්තෙකැයිද, අර්හත් ඵලය පිහිට කොට ඇත්තෙකැයිද කියනු ලැබේ.
(පළමුවෙනි වාත සූත්‍රය නිමි.)
2. එතංමමසුත්තං 2. ඒතං මම සූත්‍රය
3. සොඅත්තාසුත්තං 3. සො අත්තා සූත්‍රය
4. නොචමෙසියාසුත්තං 4. නො ච මෙසියා සූත්‍රය
5. නත්ථිදින්නසුත්තං 5. නත්ථි කරොථ සූත්‍රය (1)
6. කරොතොසුත්තං 6. නත්ථි කරොථ සූත්‍රය. (2)
7. හෙතුසුත්තං 7. නත්ථි හේතු සූත්‍රය
8. මහාදිට්ඨිසුත්තං 8. මහාදිට්ඨ සූත්‍රය
9. සස්සතදිට්ඨිසුත්තං 9. සස්සත සූත්‍රය
10. අසස්සතදිට්ඨිසුත්තං 10. අසස්සත සූත්‍රය (2)
11. අන්තවාසුත්තං 11. අන්තවා සූත්‍රය
12. අනන්තවාසුත්තං 12. අනන්තවා සූත්‍රය
13. තංජීවංතංසරීරංසුත්තං 13. තංජීවං සූත්‍රය
14. අඤ්ඤංජීවංඅඤ්ඤංසරීරංසුත්තං 14. අඤ්ඤං ජීවං සූත්‍රය
15. හොතිතථාගතොසුත්තං 15. තථාගත සූත්‍රය. (1)
16. නහොතිතථාගතොසුත්තං 16. තථාගත සූත්‍රය (2)
17. හොතිචනචහොතිතථාගතොසුත්තං 17. තථාගත සූත්‍රය. (3)
18. නෙවහොතිනනහොතිතථාගතොසුත්තං 18. තථාගත සූත්‍රය. (4)
2. දුතියගමනවග්ගො 2. පෙය්‍යාල වර්ගය
1. වාතසුත්තං 1. වාත සූත්‍රය
18. නෙවහොතිනනහොතිසුත්තං 18. තථාගත සූත්‍රය (4)
19. රූපීඅත්තාසුත්තං 19. අත්තා සූත්‍රය (1)
20. අරූපීඅත්තාසුත්තං 20. අත්තා සූත්‍රය (2)
21. රූපීචඅරූපීචඅත්තාසුත්තං 21. අත්තා සූත්‍රය. (3)
22. නෙවරූපීනාරූපීඅත්තාසුත්තං 22. අත්තා සූත්‍රය. (4)
23. එකන්තසුඛීසුත්තං 23. අත්තා සූත්‍රය. (5)
24. එකන්තදුක්ඛීසුත්තං 24. අත්තා සූත්‍රය. (6)
25. සුඛදුක්ඛීසුත්තං 25. අත්තා සූත්‍රය. (7)
26. අදුක්ඛමසුඛීසුත්තං 26. අත්තා සූත්‍රය. (8)
3. තතියගමනවග්ගො 3. පෙය්‍යාල වර්ගය
1. නවාතසුත්තං 1. වාත සූත්‍රය
26. අදුක්ඛමසුඛීසුත්තං 26. අත්තා සූත්‍රය. (8)
4. චතුත්ථගමනවග්ගො 4. පෙය්‍යාල වර්ගය
1. නවාතසුත්තං 1. වාත සූත්‍රය
26. අදුක්ඛමසුඛීසුත්තං 26. අත්තා සූත්‍රය (8)