ත්‍රිපිටකය
2. රාධසංයුත්තං 2. රාධ සංයුත්තය
1. පඨමවග්ගො 1. පළමුවෙනි වර්ගය
1. මාරසුත්තං 1. මාර සූත්‍රය
2. සත්තසුත්තං 2. සත්ත සූත්‍රය
161
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච - ‘‘‘සත්තො, සත්තො’ති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ , සත්තොති වුච්චතී’’ති? ‘‘රූපෙ ඛො, රාධ, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා, තත්‍ර සත්තො, තත්‍ර විසත්තො, තස්මා සත්තොති වුච්චති. වෙදනාය... සඤ්ඤාය... සඞ්ඛාරෙසු... විඤ්ඤාණෙ යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා, තත්‍ර සත්තො, තත්‍ර විසත්තො, තස්මා සත්තොති වුච්චති’’.
‘‘සෙය්‍යථාපි, රාධ, කුමාරකා වා කුමාරිකායො වා පංස්වාගාරකෙහි කීළන්ති. යාවකීවඤ්ච තෙසු පංස්වාගාරකෙසු අවිගතරාගා හොන්ති අවිගතච්ඡන්දා අවිගතපෙමා අවිගතපිපාසා අවිගතපරිළාහා අවිගතතණ්හා, තාව තානි පංස්වාගාරකානි අල්ලීයන්ති කෙළායන්ති ධනායන්ති (මනායන්ති (සී. පී. ක.)) මමායන්ති. යතො ච ඛො, රාධ, කුමාරකා වා කුමාරිකායො වා තෙසු පංස්වාගාරකෙසු විගතරාගා හොන්ති විගතච්ඡන්දා විගතපෙමා විගතපිපාසා විගතපරිළාහා විගතතණ්හා, අථ ඛො තානි පංස්වාගාරකානි හත්ථෙහි ච පාදෙහි ච විකිරන්ති විධමන්ති විද්ධංසෙන්ති විකීළනියං (විකීළනිකං (සී. ස්‍යා. කං. පී.)) කරොන්ති. එවමෙව ඛො, රාධ, තුම්හෙපි රූපං විකිරථ විධමථ විද්ධංසෙථ විකීළනියං කරොථ තණ්හාක්ඛයාය පටිපජ්ජථ. වෙදනං විකිරථ විධමථ විද්ධංසෙථ විකීළනියං කරොථ තණ්හාක්ඛයාය පටිපජ්ජථ. සඤ්ඤං... සඞ්ඛාරෙ විකිරථ විධමථ විද්ධංසෙථ විකීළනියං කරොථ තණ්හාක්ඛයාය පටිපජ්ජථ. විඤ්ඤාණං විකිරථ විධමථ විද්ධංසෙථ විකීළනියං කරොථ තණ්හාක්ඛයාය පටිපජ්ජථ. තණ්හාක්ඛයො හි, රාධ, නිබ්බාන’’න්ති. දුතියං.
161
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හිඳගත් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
“ස්වාමීනි, සත්ත්වයා සත්ත්වයායයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් සත්ත්වයායයි කියනු ලැබේද?”
“රාධය, රූපයෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“වේදනාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ විශේෂයෙන් ඇළුනේ වෙයිද, එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“සඤ්ඤාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“සංස්කාරයන්හි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එහෙයින් සත්වයායයි කියනු ලැබේ.
“රාධය; යම්සේ මැටිවලින් කුඩා ගෙවල් සාදාගෙන සෙල්ලම් කරන කුඩා දරුවෝ හෝ දැරියෝ හෝ යම්තාක් ඒ මැටි ගෙවල්වලට පහනොවූ ආශාව ඇත්තෝ වෙත්ද, පහනොවූ කැමැත්ත ඇත්තාහු වෙත්ද, පහනොවූ ප්‍රේමය ඇත්තාහු වෙත්ද, පහනොවූ තෘෂ්ණා පිපාසය ඇත්තාහු වෙත්ද, පහනොවූ තෘෂ්ණා දාහය ඇත්තාහු වෙත්ද, පහනොවූ තෘෂ්ණා ඇත්තාහු වෙත්ද, ඒ තාක් ඒ මැටි ගෙවල් කෙරෙහි ඇලෙත්, ක්‍රීඩා කරත්, ධනයක් යයි සිතත්, මගේ මගේ යයි සිතත්.
“රාධය, යම් හෙයකින් ඒ දරුවෝ හෝ දැරියෝ හෝ මැටි ගෙවල්හි පහවූ රාග ඇත්තාහු වෙත්ද, පහවූ කැමැත්ත ඇත්තාහු වෙත්ද පහවූ ප්‍රේමය ඇත්තාහු වෙත්ද, පහවූ තෘෂ්ණා පිපාසය ඇත්තාහු වෙත්ද, පහවූ දාහය ඇත්තාහු වෙත්ද, පහවූ තෘෂ්ණා ඇත්තාහු වෙත්ද, එකල්හි ඒ මැටි ගෙවල් අත්වලින්ද, පාවලින්ද විසුරුවා දමත්. විනාශ කරත්, කඩා බිඳ දමත්. ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරත්.
“රාධය, එසේම තොපිද රූපය විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසු වූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.
“වේදනාව විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.
“සඤ්ඤාව විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.
“සංස්කාරයන් විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.
“විඤ්ඤාණය විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.” රාධය, තෘෂ්ණාවගේ විනාශය නිර්වාණයයි වදාළේය.
(දෙවෙනි සත්ත සූත්‍රය නිමි.)
3. භවනෙත්තිසුත්තං 3. භවනෙත්ති සූත්‍රය
4. පරිඤ්ඤෙය්‍යසුත්තං 4. පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
5. සමණසුත්තං 5. සමණ සූත්‍රය
6. දුතියසමණසුත්තං 6. සමණ සූත්‍රය
7. සොතාපන්නසුත්තං 7. සෝතාපන්න සූත්‍රය
8. අරහන්තසුත්තං 8. අරහ සූත්‍රය
9. ඡන්දරාගසුත්තං 9. ඡන්දරාග සූත්‍රය
10. දුතියඡන්දරාගසුත්තං 10. ඡන්දරාග සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවෙනි වර්ගය
1. මාරසුත්තං 1. මාර සූත්‍රය
2. මාරධම්මසුත්තං 2. මාර ධර්ම සූත්‍රය
3. අනිච්චසුත්තං 3. අනිත්‍ය සූත්‍රය
4. අනිච්චධම්මසුත්තං 4. අනිත්‍ය ධර්ම සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. දුක්ඛධම්මසුත්තං 6. දුක්ඛ ධර්ම සූත්‍රය
7. අනත්තසුත්තං 7. අනත්ත සූත්‍රය
8. අනත්තධම්මසුත්තං 8. අනත්තධම්ම සූත්‍රය
9.ඛයධම්මසුත්තං 9. ඛය ධම්ම සූත්‍රය
10. වයධම්මසුත්තං 10. වයධම්ම සූත්‍රය
11. සමුදයධම්මසුත්තං 11. සමුදය ධම්ම සූත්‍රය
12. නිරොධධම්මසුත්තං 12. නිරෝධ ධම්ම සූත්‍රය
3. ආයාචනවග්ගො 3. ආයාචන වර්ගය
1-11. මාරාදිසුත්තඑකාදසකං 1-11. මාර ආදී වූ සූත්‍ර එකොළහ
12. නිරොධධම්මසුත්තං 12. නිරෝධ ධර්ම සූත්‍රය
4. උපනිසින්නවග්ගො 4. උපනිසින්න වර්ගය
1-11. මාරාදිසුත්තඑකාදසකං 1-11. මාර ආදී වූ සූත්‍ර එකොළහ
12. නිරොධධම්මසුත්තං 12. නිරෝධ ධර්ම සූත්‍රය