ත්‍රිපිටකය
2. රාධසංයුත්තං 2. රාධ සංයුත්තය
1. පඨමවග්ගො 1. පළමුවෙනි වර්ගය
1. මාරසුත්තං 1. මාර සූත්‍රය
2. සත්තසුත්තං 2. සත්ත සූත්‍රය
3. භවනෙත්තිසුත්තං 3. භවනෙත්ති සූත්‍රය
4. පරිඤ්ඤෙය්‍යසුත්තං 4. පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
5. සමණසුත්තං 5. සමණ සූත්‍රය
6. දුතියසමණසුත්තං 6. සමණ සූත්‍රය
7. සොතාපන්නසුත්තං 7. සෝතාපන්න සූත්‍රය
8. අරහන්තසුත්තං 8. අරහ සූත්‍රය
9. ඡන්දරාගසුත්තං 9. ඡන්දරාග සූත්‍රය
10. දුතියඡන්දරාගසුත්තං 10. ඡන්දරාග සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවෙනි වර්ගය
1. මාරසුත්තං 1. මාර සූත්‍රය
2. මාරධම්මසුත්තං 2. මාර ධර්ම සූත්‍රය
3. අනිච්චසුත්තං 3. අනිත්‍ය සූත්‍රය
4. අනිච්චධම්මසුත්තං 4. අනිත්‍ය ධර්ම සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. දුක්ඛධම්මසුත්තං 6. දුක්ඛ ධර්ම සූත්‍රය
7. අනත්තසුත්තං 7. අනත්ත සූත්‍රය
176
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච - ‘‘‘අනත්තා, අනත්තා’ති, භන්තෙ, වුච්චති. කතමො නු ඛො, භන්තෙ, අනත්තා’’ති? ‘‘රූපං ඛො, රාධ, අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා. එවං පස්සං...පෙ.... නාපරං ඉත්ථත්තායාති පජානාතී’’ති. සත්තමං.
176
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.
“ස්වාමීනි, ‘අනාත්මය, අනාත්මයයි’ කියනු ලැබේ. ස්වාමීනි අනාත්මය කවරේද?”
“රාධය, රූපය අනාත්මය නම්වේ. වේදනාව අනාත්මය නම්වේ. සංඥාව අනාත්මය නම්වේ. සංස්කාර අනාත්ම නම්වේ. විඤ්ඤාණය අනාත්ම නම්වේ. රාධය මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ (පහල) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ භවය පිණිස මත්තෙහි කළයුත්තක් නැතැයි දනියි.”
(හත්වෙනි අනත්ත සූත්‍රය නිමි.)
8. අනත්තධම්මසුත්තං 8. අනත්තධම්ම සූත්‍රය
9.ඛයධම්මසුත්තං 9. ඛය ධම්ම සූත්‍රය
10. වයධම්මසුත්තං 10. වයධම්ම සූත්‍රය
11. සමුදයධම්මසුත්තං 11. සමුදය ධම්ම සූත්‍රය
12. නිරොධධම්මසුත්තං 12. නිරෝධ ධම්ම සූත්‍රය
3. ආයාචනවග්ගො 3. ආයාචන වර්ගය
1-11. මාරාදිසුත්තඑකාදසකං 1-11. මාර ආදී වූ සූත්‍ර එකොළහ
12. නිරොධධම්මසුත්තං 12. නිරෝධ ධර්ම සූත්‍රය
4. උපනිසින්නවග්ගො 4. උපනිසින්න වර්ගය
1-11. මාරාදිසුත්තඑකාදසකං 1-11. මාර ආදී වූ සූත්‍ර එකොළහ
12. නිරොධධම්මසුත්තං 12. නිරෝධ ධර්ම සූත්‍රය