ත්‍රිපිටකය
2. රාධසංයුත්තං 2. රාධ සංයුත්තය
1. පඨමවග්ගො 1. පළමුවෙනි වර්ගය
1. මාරසුත්තං 1. මාර සූත්‍රය
2. සත්තසුත්තං 2. සත්ත සූත්‍රය
3. භවනෙත්තිසුත්තං 3. භවනෙත්ති සූත්‍රය
4. පරිඤ්ඤෙය්‍යසුත්තං 4. පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
5. සමණසුත්තං 5. සමණ සූත්‍රය
6. දුතියසමණසුත්තං 6. සමණ සූත්‍රය
7. සොතාපන්නසුත්තං 7. සෝතාපන්න සූත්‍රය
8. අරහන්තසුත්තං 8. අරහ සූත්‍රය
167
සාවත්ථිනිදානං . එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච - ‘‘පඤ්චිමෙ, රාධ, උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච? රූපුපාදානක්ඛන්ධො...පෙ.... විඤ්ඤාණුපාදානක්ඛන්ධො. යතො ඛො, රාධ, භික්ඛු ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමුත්තො හොති - අයං වුච්චති, රාධ, අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤාවිමුත්තො’’ති. අට්ඨමං.
167
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හිඳ ගත්තේය. එකත්පසෙක හුන් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“රාධය, උපාදානස්කන්ධයෝ පස්දෙනෙක් වෙත්. ඒ කවරේද? එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි.
“රාධය, යම් හෙයකින් මහණතෙමේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දැන උපාදානයන් කෙරෙන් මනාකොට මිදුනේ වෙයිද, රාධය, මේ මහණතෙමේද අර්හත්වූ, ආශ්‍රවයන් ක්ෂයකළාවූ වැස නිමවනලද බ්‍රහ්මචර්යාව ඇත්තාවූ, කරන ලද කටයුතු ඇත්තාවූ, බහා තබනලද බර ඇත්තාවූ, තමාගේ අර්ථයට පැමිණියාවූ විනාශ කළ භව බැඳුම් ඇත්තාවූ, මනාව දැන මිදුනාවූ පුද්ගලයායයි කියනු ලැබේයයි වදාළේය.
(අටවෙනි අරහ සූත්‍රය නිමි.)
9. ඡන්දරාගසුත්තං 9. ඡන්දරාග සූත්‍රය
10. දුතියඡන්දරාගසුත්තං 10. ඡන්දරාග සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවෙනි වර්ගය
1. මාරසුත්තං 1. මාර සූත්‍රය
2. මාරධම්මසුත්තං 2. මාර ධර්ම සූත්‍රය
3. අනිච්චසුත්තං 3. අනිත්‍ය සූත්‍රය
4. අනිච්චධම්මසුත්තං 4. අනිත්‍ය ධර්ම සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. දුක්ඛධම්මසුත්තං 6. දුක්ඛ ධර්ම සූත්‍රය
7. අනත්තසුත්තං 7. අනත්ත සූත්‍රය
8. අනත්තධම්මසුත්තං 8. අනත්තධම්ම සූත්‍රය
9.ඛයධම්මසුත්තං 9. ඛය ධම්ම සූත්‍රය
10. වයධම්මසුත්තං 10. වයධම්ම සූත්‍රය
11. සමුදයධම්මසුත්තං 11. සමුදය ධම්ම සූත්‍රය
12. නිරොධධම්මසුත්තං 12. නිරෝධ ධම්ම සූත්‍රය
3. ආයාචනවග්ගො 3. ආයාචන වර්ගය
1-11. මාරාදිසුත්තඑකාදසකං 1-11. මාර ආදී වූ සූත්‍ර එකොළහ
12. නිරොධධම්මසුත්තං 12. නිරෝධ ධර්ම සූත්‍රය
4. උපනිසින්නවග්ගො 4. උපනිසින්න වර්ගය
1-11. මාරාදිසුත්තඑකාදසකං 1-11. මාර ආදී වූ සූත්‍ර එකොළහ
12. නිරොධධම්මසුත්තං 12. නිරෝධ ධර්ම සූත්‍රය