ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය
79
සාවත්ථිනිදානං. ‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරමානා අනුස්සරන්ති සබ්බෙතෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනුස්සරන්ති එතෙසං වා අඤ්ඤතරං. කතමෙ පඤ්ච? ‘එවංරූපො අහොසිං අතීතමද්ධාන’න්ති - ඉති වා හි, භික්ඛවෙ, අනුස්සරමානො රූපංයෙව අනුස්සරති. ‘එවංවෙදනො අහොසිං අතීතමද්ධාන’න්ති - ඉති වා හි, භික්ඛවෙ, අනුස්සරමානො වෙදනංයෙව අනුස්සරති. ‘එවංසඤ්ඤො අහොසිං අතීතමද්ධාන’න්ති... ‘එවංසඞ්ඛාරො අහොසිං අතීතමද්ධාන’න්ති... ‘එවංවිඤ්ඤාණො අහොසිං අතීතමද්ධාන’න්ති - ඉති වා හි, භික්ඛවෙ, අනුස්සරමානො විඤ්ඤාණමෙව අනුස්සරති’’.
‘‘කිඤ්ච, භික්ඛවෙ, රූපං වදෙථ? රුප්පතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘රූප’න්ති වුච්චති. කෙන රුප්පති? සීතෙනපි රුප්පති, උණ්හෙනපි රුප්පති, ජිඝච්ඡායපි රුප්පති, පිපාසායපි රුප්පති, ඩංසමකසවාතාතපසරීසපසම්ඵස්සෙනපි (... සිරිංසපසම්ඵස්සෙනපි (සී. පී.)) රුප්පති. රුප්පතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘රූප’න්ති වුච්චති.
‘‘කිඤ්ච, භික්ඛවෙ, වෙදනං වදෙථ? වෙදයතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘වෙදනා’ති වුච්චති. කිඤ්ච වෙදයති? සුඛම්පි වෙදයති, දුක්ඛම්පි වෙදයති, අදුක්ඛමසුඛම්පි වෙදයති. වෙදයතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘වෙදනා’ති වුච්චති.
‘‘කිඤ්ච, භික්ඛවෙ, සඤ්ඤං වදෙථ? සඤ්ජානාතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘සඤ්ඤා’ති වුච්චති. කිඤ්ච සඤ්ජානාති? නීලම්පි සඤ්ජානාති, පීතකම්පි සඤ්ජානාති, ලොහිතකම්පි සඤ්ජානාති, ඔදාතම්පි සඤ්ජානාති. සඤ්ජානාතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘සඤ්ඤා’ති වුච්චති.
‘‘කිඤ්ච , භික්ඛවෙ, සඞ්ඛාරෙ වදෙථ? සඞ්ඛතමභිසඞ්ඛරොන්තීති ඛො, භික්ඛවෙ, තස්මා ‘සඞ්ඛාරා’ති වුච්චති. කිඤ්ච සඞ්ඛතමභිසඞ්ඛරොන්ති? රූපං රූපත්තාය (රූපත්ථාය (ක.)) සඞ්ඛතමභිසඞ්ඛරොන්ති, වෙදනං වෙදනත්තාය සඞ්ඛතමභිසඞ්ඛරොන්ති, සඤ්ඤං සඤ්ඤත්තාය සඞ්ඛතමභිසඞ්ඛරොන්ති, සඞ්ඛාරෙ සඞ්ඛාරත්තාය සඞ්ඛතමභිසඞ්ඛරොන්ති, විඤ්ඤාණං විඤ්ඤාණත්තාය සඞ්ඛතමභිසඞ්ඛරොන්ති. සඞ්ඛතමභිසඞ්ඛරොන්තීති ඛො, භික්ඛවෙ, තස්මා ‘සඞ්ඛාරා’ති වුච්චති.
‘‘කිඤ්ච, භික්ඛවෙ, විඤ්ඤාණං වදෙථ? විජානාතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘විඤ්ඤාණ’න්ති වුච්චති. කිඤ්ච විජානාති? අම්බිලම්පි විජානාති, තිත්තකම්පි විජානාති, කටුකම්පි විජානාති, මධුරම්පි විජානාති, ඛාරිකම්පි විජානාති, අඛාරිකම්පි විජානාති, ලොණිකම්පි විජානාති, අලොණිකම්පි විජානාති. විජානාතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘විඤ්ඤාණ’න්ති වුච්චති.
‘‘තත්‍ර, භික්ඛවෙ, සුතවා අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘අහං ඛො එතරහි රූපෙන ඛජ්ජාමි. අතීතම්පාහං අද්ධානං එවමෙව රූපෙන ඛජ්ජිං, සෙය්‍යථාපි එතරහි පච්චුප්පන්නෙන රූපෙන ඛජ්ජාමි. අහඤ්චෙව ඛො පන අනාගතං රූපං අභිනන්දෙය්‍යං, අනාගතම්පාහං අද්ධානං එවමෙව රූපෙන ඛජ්ජෙය්‍යං, සෙය්‍යථාපි එතරහි පච්චුප්පන්නෙන රූපෙන ඛජ්ජාමී’ති. සො ඉති පටිසඞ්ඛාය අතීතස්මිං රූපස්මිං අනපෙක්ඛො හොති ; අනාගතං රූපං නාභිනන්දති; පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
‘‘‘අහං ඛො එතරහි වෙදනාය ඛජ්ජාමි. අතීතම්පාහං අද්ධානං එවමෙව වෙදනාය ඛජ්ජිං, සෙය්‍යථාපි එතරහි පච්චුප්පන්නාය වෙදනාය ඛජ්ජාමි. අහඤ්චෙව ඛො පන අනාගතං වෙදනං අභිනන්දෙය්‍යං; අනාගතම්පාහං අද්ධානං එවමෙව වෙදනාය ඛජ්ජෙය්‍යං, සෙය්‍යථාපි එතරහි පච්චුප්පන්නාය වෙදනාය ඛජ්ජාමී’ති. සො ඉති පටිසඞ්ඛාය අතීතාය වෙදනාය අනපෙක්ඛො හොති; අනාගතං වෙදනං නාභිනන්දති; පච්චුප්පන්නාය වෙදනාය නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
‘‘‘අහං ඛො එතරහි සඤ්ඤාය ඛජ්ජාමි...පෙ.... අහං ඛො එතරහි සඞ්ඛාරෙහි ඛජ්ජාමි. අතීතම්පාහං අද්ධානං එවමෙව සඞ්ඛාරෙහි ඛජ්ජිං, සෙය්‍යථාපි එතරහි පච්චුප්පන්නෙහි සඞ්ඛාරෙහි ඛජ්ජාමීති. අහඤ්චෙව ඛො පන අනාගතෙ සඞ්ඛාරෙ අභිනන්දෙය්‍යං ; අනාගතම්පාහං අද්ධානං එවමෙව සඞ්ඛාරෙහි ඛජ්ජෙය්‍යං, සෙය්‍යථාපි එතරහි පච්චුප්පන්නෙහි සඞ්ඛාරෙහි ඛජ්ජාමී’ති. සො ඉති පටිසඞ්ඛාය අතීතෙසු සඞ්ඛාරෙසු අනපෙක්ඛො හොති; අනාගතෙ සඞ්ඛාරෙ නාභිනන්දති; පච්චුප්පන්නානං සඞ්ඛාරානං නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
‘‘‘අහං ඛො එතරහි විඤ්ඤාණෙන ඛජ්ජාමි. අතීතම්පි අද්ධානං එවමෙව විඤ්ඤාණෙන ඛජ්ජිං, සෙය්‍යථාපි එතරහි පච්චුප්පන්නෙන විඤ්ඤාණෙන ඛජ්ජාමි. අහඤ්චෙව ඛො පන අනාගතං විඤ්ඤාණං අභිනන්දෙය්‍යං; අනාගතම්පාහං අද්ධානං එවමෙව විඤ්ඤාණෙන ඛජ්ජෙය්‍යං, සෙය්‍යථාපි එතරහි පච්චුප්පන්නෙන විඤ්ඤාණෙන ඛජ්ජාමී’ති. සො ඉති පටිසඞ්ඛාය අතීතස්මිං විඤ්ඤාණස්මිං අනපෙක්ඛො හොති; අනාගතං විඤ්ඤාණං නාභිනන්දති; පච්චුප්පන්නස්ස විඤ්ඤාණස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘වෙදනා ... සඤ්ඤා... සඞ්ඛාරා... විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහ, භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං - ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා... යා කාචි සඤ්ඤා... යෙ කෙචි සඞ්ඛාරා... යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං...පෙ.... යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං - ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං’’.
‘‘අයං වුච්චති, භික්ඛවෙ, අරියසාවකො අපචිනාති, නො ආචිනාති; පජහති (නො (සී.)), න උපාදියති; විසිනෙති (නො (සී.)), න උස්සිනෙති; විධූපෙති (නො (සී.)), න සන්ධූපෙති. කිඤ්ච අපචිනාති, නො ආචිනාති? රූපං අපචිනාති, නො ආචිනාති; වෙදනං ... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං අපචිනාති, නො ආචිනාති. කිඤ්ච පජහති, න උපාදියති? රූපං පජහති, න උපාදියති; වෙදනං... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං පජහති, න උපාදියති. කිඤ්ච විසිනෙති, න උස්සිනෙති? රූපං විසිනෙති, න උස්සිනෙති; වෙදනං... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං විසිනෙති, න උස්සිනෙති. කිඤ්ච විධූපෙති, න සන්ධූපෙති? රූපං විධූපෙති, න සන්ධූපෙති; වෙදනං... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං විධූපෙති, න සන්ධූපෙති.
‘‘එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි... සඤ්ඤායපි... සඞ්ඛාරෙසුපි... විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති; විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති.
‘‘අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු නෙවාචිනාති න අපචිනාති, අපචිනිත්වා ඨිතො නෙව පජහති න උපාදියති, පජහිත්වා ඨිතො නෙව විසිනෙති න උස්සිනෙති, විසිනෙත්වා ඨිතො නෙව විධූපෙති න සන්ධූපෙති. විධූපෙත්වා ඨිතො කිඤ්ච නෙවාචිනාති න අපචිනාති? අපචිනිත්වා ඨිතො රූපං නෙවාචිනාති න අපචිනාති; අපචිනිත්වා ඨිතො වෙදනං... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං නෙවාචිනාති න අපචිනාති. අපචිනිත්වා ඨිතො කිඤ්ච නෙව පජහති න උපාදියති? පජහිත්වා ඨිතො රූපං නෙව පජහති න උපාදියති; පජහිත්වා ඨිතො වෙදනං... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං නෙව පජහති න උපාදියති. පජහිත්වා ඨිතො කිඤ්ච නෙව විසිනෙති න උස්සිනෙති? විසිනෙත්වා ඨිතො රූපං නෙව විසිනෙති න උස්සිනෙති; විසිනෙත්වා ඨිතො වෙදනං... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං නෙව විසිනෙති න උස්සිනෙති. විසිනෙත්වා ඨිතො කිඤ්ච නෙව විධූපෙති න සන්ධූපෙති? විධූපෙත්වා ඨිතො රූපං නෙව විධූපෙති න සන්ධූපෙති; විධූපෙත්වා ඨිතො වෙදනං... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං නෙව විධූපෙති න සන්ධූපෙති. විධූපෙත්වා ඨිතො එවංවිමුත්තචිත්තං ඛො, භික්ඛවෙ, භික්ඛුං සඉන්දා දෙවා සබ්‍රහ්මකා සපජාපතිකා ආරකාව නමස්සන්ති -
‘‘නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම;
යස්ස තෙ නාභිජානාම, යම්පි නිස්සාය ඣායසී’’ති. සත්තමං;
79
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, පෙර විසූ උත්පත්ති පිළිවෙළ සිහිකරන්නාවූ යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නොයෙක් පෙර විසූ උත්පත්ති පිළිවෙළ සිහිකරද්ද, ඒ සියලුදෙනා, උපාදානස්කන්ධ පස හෝ එයින් එක්තරා ස්කන්ධයක් හෝ සිහිකරත්.
“මහණෙනි, ‘අතීතකාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වීමියි’ සිහිකරන තැනැත්තේ රූපයම සිහිකරයි. ‘අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ වේදනාවම සිහිකරයි. අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ සංඥාවම සිහිකරයි. ‘අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ සංස්කාරයන්ම සිහිකරයි. ‘අතීත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ විඥානයම සිහිකරයි.
“මහණෙනි, රූපය කුමකැයි කියව්ද? මහණෙනි, විකාරයට හෙවත් වෙනස්වීමට පැමිණෙනුයි එහෙයින් රූපයයි කියනු ලැබේ. කුමකින් වෙනසට පැමිණෙයිද? සීතයෙන්ද වෙනසට පැමිණෙයි. උෂ්ණයෙන්ද වෙනසට පැමිණෙයි. බඩගින්නෙන්ද වෙනසට පැමිණෙයි. පිපාසයෙන්ද වෙනසට පැමිණෙයි, ඩැහැ ලේ බොන ඇටමැසි, විද ලේබොන මදුරුවා, අව් සුලං සර්පාදී දීර්ඝ ජාතික සතුන්ගේ ස්පර්ශයෙන්ද, වෙනසට පැමිණෙයි. මහණෙනි, වෙනසට පැමිණෙනුයි එහෙයින් වනාහි රූපයයි කියනු ලැබේ.
“මහණෙනි, වේදනාව කුමකැයි කියව්ද? මහණෙනි විඳිනුයි. එහෙයින් වනාහි වේදනාවයයි කියනු ලැබේ. කුමක් විඳීද? සැපද විඳියි. දුකද විඳියි. අදුක්ඛම සුඛයද, (උපෙක්ෂාව) විඳියි. මහණෙනි, විඳිනුයි එහෙයින් වනාහි වේදනාවයයි කියනු ලැබේ.
“මහණෙනි, සංඥාව කුමකැයි කියව්ද? මහණෙනි, හඳුනනුයි එහෙයින් වනාහි සංඥාවයයි කියනු ලැබේ. කුමක් හඳුනාද? නිල්වූ දේ නිල්යයිද, හඳුනයි. කසාවන් දෙය කසාවන් යයිද හඳුනයි. ලෙහෙවන් දෙය ලේවන්යයිද හඳුනයි. සුදු දෙය සුදුයයිද හඳුනයි. මහණෙනි, හඳුනයි හඳුනයිනුයි සංඥාවයයි කියනු ලැබේ.
“මහණෙනි, කුමක් වනාහි සංස්කාරයන්යයි කියව්ද? මහණෙනි, හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද දේ පිළියෙල කරත්. එහෙයින් සංස්කාරයයි කියනු ලැබෙත්. කිනම් හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද්දක් පිළියෙල කරද්ද? හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද රූපය රූපයවීම පිණිස පිළියෙළ කරත්. සංඛතවූ වේදනාව වේදනාව වීම පිණිස පිළියෙළ කරත්. සංඛතවූ සංඥාව සංඥාව වීම පිණිස පිළියෙල කරත්. සංඛතවූ සංස්කාරයන් සංස්කාරවීම පිණිස පිළියෙල කරත්. සංඛතවූ විඥානය විඥානයවීම පිණිස පිළියෙල කරත්. මහණෙනි, සංඛතය (හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද දේ) පිළියෙල කරන හෙයින් සංස්කාරයෝයයි කියනු ලැබෙත්.
“මහණෙනි, කුමක් විඥානයයි කියව්ද? මහණෙනි, විශේෂයෙන් දැනගනියි. එහෙයින් විඥානයයි කියනු ලැබේ. කුමක් දැනගනීද? ඇඹුල් රසද, විශේෂයෙන් දනී. තිත්ත රසද විශේෂයෙන් දනී කුළුරසද විශේෂයෙන් දනී. මිහිරි රසද විශේෂයෙන් දනී. කර රසද විශේෂයෙන් දනී. මිශ්‍ර රසද විශේෂයෙන් දනී. ලුණු රසද විශේෂයෙන් දනී දිය රසද විශේෂයෙන් දනී. මහණෙනි, මෙසේ වනාහි අරමුණ විශේෂයෙන් දැනගන්නා හෙයින් විඥානයයි කියනු ලැබේ.
“මහණෙනි! එහිදී ඇසූ පිරූ තැන් ඇති ආර්යශ්‍රාවක තෙමේ මෙසේ සලකයි. ‘මම වනාහි දැන් රූපය නිසා පෙළෙමි. දැන් මම වනාහි පවත්නා රූපය නිසා යම් සේ පීඩාවට පැමිණෙම්ද, එපරිද්දෙන්ම මම අතීත කාලයෙහිද, රූපය නිසා පීඩාවට පැමිණියෙමි. මම වනාහි අනාගත රූපය කෙරෙහිද, කැමති වන්නෙම් නම් දැන් වර්තමාන රූපය නිසා යම්සේ පීඩාවට පැමිණෙම්ද, එපරිද්දෙන්ම මම අනාගත රූපය නිසාද පීඩාවට පැමිණෙන්නෙමියි’ කියායි, හෙතෙමේ මෙසේ සලකා අතීත රූපය කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත රූපය (ගැන) නොකැමැති වෙයි. පවත්නා රූපයෙහි කළකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නැති කිරීම පිණිසද පිළිපන්නේ වෙයි.
“මම වනාහි දැන් වේදනාවෙන් පීඩා විඳිමි. යම්සේ දැන් පවත්නා වේදනාවෙන් පෙළෙම්ද, අතීතයෙහිද මම මෙපරිදිම වේදනාවෙන් පෙළුනෙමි. මම වනාහි අනාගත වේදනාව කැමති වන්නෙම් නම් යම් සේ දැන් පවත්නා වේදනාවෙන් පෙළෙම්ද, එපරිදි මම අනාගත කාලීන වේදනාවෙන් පීඩා විඳින්නෙමියි’ කියා හෙතෙමේ මෙසේ සලකා අතීත වේදනාව කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත වේදනාව (ගැන) නොකැමැති වෙයි. පවත්නා වේදනාව කෙරෙහි කළකිරීමටද, නොඇලීමටද, නැතිකිරීමටද පිළිපන්නේ වෙයි.
“මම වනාහි දැන් සංඥාවෙන් පීඩා විඳිමි. යම්සේ දැන් පවත්නා සංඥාවෙන් පෙළෙම්ද, අතීතයෙහිද මම මෙපරිදිම සංඥාවෙන් පෙළුනෙමි. මම වනාහි අනාගත සංඥාව කැමති වන්නෙම් නම් යම් සේ දැන් පවත්නා සංඥාවෙන් පෙළෙම්ද, එපරිදි මම අනාගත කාලීන සංඥාවෙන් පීඩා විඳින්නෙමියි’ කියා හෙතෙම මෙසේ සලකා අතීත සංඥාව කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත සංඥාව (ගැන) නොකැමැති වෙයි. පවත්නා සංඥාව කෙරෙහි කළකිරීමටද, නොඇලීමටද, නැති කිරීමටද පිළිපන්නේ වෙයි.
“මම වනාහි දැන් සංස්කාරයන් නිසා පීඩා විඳිමි. දැන් (මම) සංස්කාරයන් නිසා යම් සේ පෙළෙම්ද එපරිද්දෙන්ම මම අතීත සංස්කාරයන් නිසා පෙළුනෙමි. මම වනාහි අනාගත සංස්කාරයන් කෙරෙහි සතුටු වන්නෙම් නම්, යම්සේ දැන් පවත්නා සංස්කාරයන් නිසා පීඩා විඳිම්ද, එපරිද්දෙන්ම මම අනාගත සංස්කාරයන් නිසා පීඩා විඳින්නෙමියි’ කියා හෙතෙම මෙසේ සලකා අතීත සංස්කාරයන් කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත සංස්කාරයන් කෙරෙහිද සතුටු නොවෙයි. පවත්නා සංස්කාරයන්හි කළකිරිම පිණිසද, නොඇලීම පිණිසද, නැතිකිරීම පිණිසද, පිළිපන්නේ වෙයි.
‘මම වනාහි දැන් විඥානය නිසා පෙළෙමි. දැන් වනාහි පවත්නා විඥානය නිසා යම් සේ පෙළෙම්ද, එසේම මම අතීත විඥානය නිසාද පීඩාවට පැමිණියෙමි. මම වනාහි අනාගත විඥානය ගැන සතුටුවන්නෙම් නම් දැන් පවත්නා විඥානය නිසා යම් සේ පෙළෙම්ද එපරිද්දෙන්ම මම අනාගත විඥානය නිසාද පීඩාවට පැමිණෙන්නෙමි’ කියායි.
‘හෙතෙම මෙසේ සලකා අතීත විඥානය කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත විඥානයෙහි නො කැමැති වෙයි. පවත්නා විඥානයෙහි කළකිරීම පිණිසද නොඇලීම පිණිසද, නැතිකිරීම පිණිසද පිළිපන්නේ වෙයි.
“මහණෙනි, නුඹලා කුමකැයි සිතන්නහුද, රූපය නිත්‍යය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි අනිත්‍යයි.” “යමක්වනාහි අනිත්‍යයනම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?” “ස්වාමීනි දුකය,” “යමක් වනාහි අනිත්‍යයද, දුක් ද පෙරලෙනසුලුද, ‘මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුවේද?” “ස්වාමීනි, එය නොවේමය.”
“මහණෙනි, නුඹලා කුමකැයි සිතන්නහුද? වේදනාව නිත්‍යය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යයි.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?” “ස්වාමීනි, දුකය” යමක් වනාහි අනිත්‍යයද, දුක්ද, පෙරලෙන සුලුද, ‘මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුවේද?” “ස්වාමීනි, එය නොවේමය.”
“මහණෙනි, නුඹලා කුමකැයි සිතන්නහුද? සංඥාව නිත්‍යය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යයි.” “යමක් වනාහි අනිත්‍යය නම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?” “ස්වාමීනි, දුකය “යමක් වනාහි අනිත්‍යයද, දුක්ද පෙරලෙන සුලුද, ‘මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි’ දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි, එය නොවේමය.”
“මහණෙනි, නුඹලා කුමකැයි සිතන්නහුද? සංස්කාරයෝ නිත්‍යය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යයි” “යමක් වනාහි අනිත්‍යය නම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍යයද, දුක්ද, පෙරලෙන සුලුද, ‘මෙය මගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි” දැකීමට සුදුසුවේද?” “ස්වාමීනි, එය නොවේමය.”
“මහණෙනි, නුඹලා කුමකැයි සිතන්නහුද? විඥානය නිත්‍යය හෝ වෙයිද, අනිත්‍යය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යය” “යමක් වනාහි අනිත්‍යය නම් එය දුක් හෝ වෙයිද සැප හෝ වෙයිද?” “ස්වාමීනි, දුකය.” “යමක් අනිත්‍යය නම් දුක නම් පෙරලෙනසුළු නම් ‘එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුවේද?” “ස්වාමීනි, එය සුදුසු නොවේමය.”
“මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි (භික්ෂුව විසින්) අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම් වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතවූද, අනාගතවූද, දැන් පවත්නාවූද, යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූප ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දත යුතුයි.
“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරොසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතවූද, අනාගතවූද, දැන් පවත්නාවූද, යම්කිසි වේදනාවක් වේද, ඒ සියලු වේදනා ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මයද නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දත යුතුයි.
“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීත වූද, අනාගතවුද, දැන් පවත්නාවූද, යම්කිසි සංඥාවක්වේද, ඒ සියලු සංඥාවන් එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දත යුතුයි.
“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීත වූද, අනාගතවූද, දැන් පවත්නාවූද, යම්කිසි සංස්කාරයෝ වෙත්ද, ඒ සියලු සංස්කාරයෝ ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මයද නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දත යුතුයි.
“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතවූද, අනාගතවූද, දැන් පවත්නාවූද, යම්කිසි විඥානයක් වේද, ඒ සියලු විඥානය ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිදි මනා නුවණින් දත යුතුයි.
“මහණෙනි, මේ ආර්යශ්‍රාවකතෙමේ (සසර පැවැත්ම) විනාශ කරන්නේයයි කියනු ලැබේ. රැස් නොකරන්නේය, දුරුකරන්නේය. අල්වා නොගන්නේය, විසුරුවා හරින්නේය, එකතු නොකරන්නේය, නිවන්නේය, නොදල්වන්නේයයි කියනු ලැබේ.
“කුමක් විනාශ කරයිද, රැස් නොකරයිද? රූපය විනාශ කරයි. රැස් නොකරයි. වේදනාව විනාශ කරයි, රැස්නොකරයි. සංඥාව විනාශ කරයි, රැස් නොකරයි. සංස්කාරයන් විනාශකරයි, රැස් නොකරයි. විඥානය විනාශ කරයි, රැස්නොකරයි. කුමක් දුරුකරයිද, අල්වානොගනීද? රූපය දුරුකරයි, අල්වා නොගනියි. වේදනාව දුරුකරයි, අල්වා නොගනියි. සංඥාව දුරුකරයි, අල්වා නොගනියි. සංස්කාරයන් දුරුකරයි, අල්වානොගනියි. විඥානය දුරුකරයි, අල්වා නොගනියි කුමක් විසුරුවාහරියිද, එකතු නොකරයිද? රූපය විසුරුවා හරියි, එකතු නොකරයි. වේදනාව විසුරුවා හරියි. එකතු නොකරයි. සංඥාව විසුරුවා හරියි, එකතු නොකරයි. සංස්කාරයන් විසුරුවා හරියි, එකතුනොකරයි. විඥානය විසුරුවා හරියි, එකතු නොකරයි. කුමක් නිවයිද, නොදල්වයිද? රූපය නිවයි, නොම දල්වයි. වේදනාව නිවයි, නොම දල්වයි. සංඥාව නිවයි, නොම දල්වයි. සංස්කාරයන් නිවයි, නොම දල්වයි. විඥානය නිවයි, නොම දල්වයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්යශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන් කෙරෙහිද කලකිරෙයි. විඥානය කෙරෙහිද කලකිරෙයි. කලකිරුනේ නොඇලෙයි. නොඇලීමෙන් (කෙළෙසුන් කෙරෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනෙමියි යන නුවණ පහළවෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාවෙහි වැස නිමවන ලද්දේය. කටයුතුකොට නිමවන ලද්දේය. මේ ආත්මභාවයෙහි කෙලෙසුන් දුරුකරනු පිණිස කළයුතු අනිකක් නැත්තේයයි” දනියි.
“මහණෙනි, මේ භික්ෂුතෙමේ රැස් කරන්නේද නොවේ. විනාශ කරන්නේද නොවේයයි කියනු ලැබේ. විනාශ කොට සිටියේ වෙයි. දුරුකරන්නේද නොවෙයි. අල්වා ගන්නේද නොවෙයි. දුරුකොට සිටියේ වෙයි. විසුරුවන්නේද නොවෙයි. එකතු කරන්නේද නොවෙයි. විසුරුවා සිටියේ වෙයි. නිවන්නේද නොවෙයි. දල්වන්නේද නොවෙයි. නිවා සිටියේ වෙයි යනුයි.
“කුමක් රැස් නොකරන්නේද, කුමක් විනාශ නොකරන්නේද, කුමක් විනාශකොට සිටියේද? රූපය රැස් නොකරයි. නොම විනාශ කරයි. විනාශකොට සිටියේ වෙයි.
“වේදනාව රැස් නොකරයි. නොම විනාශ කරයි. විනාශ කොට සිටියේ වෙයි.
“සංඥාව රැස් නොකරයි. නොම විනාශ කරයි. විනාශ කොට සිටියේ වෙයි.
“සංස්කාරයන් රැස් නොකරයි. නොම විනාශ කරයි. විනාශකොට සිටියේ වෙයි.
“විඥානය රැස් නොකරයි. නොම විනාශ කරයි. විනාශ කොට සිටියේ වෙයි.
“කුමක් දුරු නොකරයිද, අල්වා නොගනීද, දුරුකර සිටියේද? රූපය නොම දුරුකරයි. නොම අල්වා ගනියි. දුරුකර සිටියේ වෙයි.
“වේදනාව නොම දුරුකරයි. නොම අල්වාගනියි. දුරුකර සිටියේ වෙයි.
“සංඥාව නොම දුරුකරයි. නොම අල්වාගනියි. දුරුකර සිටියේ වෙයි.
“සංස්කාරයන් නොම දුරුකරයි. නොම අල්වා ගනියි. දුරුකර සිටියේ වෙයි.
“විඥානය නොම දුරුකරයි. නොම අල්වා ගනියි. දුරු කර සිටියේ වෙයි.
“කුමක් නොම විසුරුවයිද, නොම එකතු කරයිද? විසුරුවා හැර සිටියේ වෙයිද?
“රූපය නොම විසුරුවයි. නොම එකතුකරයි. විසුරුවා සිටියේ වෙයි.
“වේදනාව නොම විසුරුවයි. නොම එකතුකරයි. විසුරුවා සිටියේ වෙයි.
“සංඥාව නොම විසුරුවයි නොම එකතු කරයි. විසුරුවා සිටියේ වෙයි.
“සංස්කාරයන් නොම විසුරුවයි. නොම එකතුකරයි. විසුරුවා සිටියේ වෙයි,
“විඥානය නොම විසුරුවයි. නොම එකතුකරයි. විසුරුවා සිටියේ වෙයි.”
“කුමක් නොනිවයිද? කුමක් නොම දල්වයිද? නිවාසිටියේ වෙයිද?”
“රූපය නොම නිවයි. නොම දල්වයි. නිවා සිටියේවෙයි.
“වේදනාව නොම නිවයි. නොම දල්වයි. නිවා සිටියේ වෙයි.
“සංඥාව නොම නිවයි. නොම දල්වයි. නිවා සිටියේ වෙයි. “සංස්කාරයන් නොම නිවයි. නොම දල්වයි. නිවා සිටියේ වෙයි.
“විඥානය නොම නිවයි. නොම දල්වයි. නිවා සිටියේ වෙයි.
“මහණෙනි, මෙසේ කෙළෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති භික්ෂුව ශක්‍රයා සහිතවූ බ්‍රහ්මයා සහිතවූ ප්‍රජාපතී සහිතවූ දෙවියෝ දුරදීම නමස්කාර කරත්. (කෙසේද?)
“නුඹවහන්සේ යමක් (යම් ආර්යවංස ප්‍රතිපදාවක්) සඳහා සිතන්නෙහිද, යමකට කැමති වන්නෙහිද, එය අපි නොදනිමු. පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, ඔබට නමස්කාරවේවා” කියායි.
(හත්වෙනි ඛජ්ජන සූත්‍රය නිමි.)
8. පිණ්ඩොල්‍යසුත්තං 8. පිණ්ඩොල සූත්‍රය
9. පාලිලෙය්‍යසුත්තං 9. පාරිලෙය්‍යක සූත්‍රය
10. පුණ්ණමසුත්තං 10. පුණ්ණමානි සූත්‍රය
9. ථෙරවග්ගො 9. ථෙර වර්ගය
1. ආනන්දසුත්තං 1. ආනන්ද සූත්‍රය
2. තිස්සසුත්තං 2. තිස්ස සූත්‍රය
3. යමකසුත්තං 3. යමක සූත්‍රය
4. අනුරාධසුත්තං 4. අනුරාධ සූත්‍රය
5. වක්කලිසුත්තං 5. වක්කලි සූත්‍රය
6. අස්සජිසුත්තං 6. අස්සජි සූත්‍රය
7. ඛෙමකසුත්තං 7. ඛෙමක සූත්‍රය
8. ඡන්නසුත්තං 8. ඡන්න සූත්‍රය
9. රාහුලසුත්තං 9. රාහුල සූත්‍රය
10. දුතියරාහුලසුත්තං 10. රාහුල සූත්‍රය
10. පුප්ඵවග්ගො 10. පුප්ඵ වර්ගය
1. නදීසුත්තං 1. නදී සූත්‍රය
2. පුප්ඵසුත්තං 2. පුප්ඵ සූත්‍රය
3. ඵෙණපිණ්ඩූපමසුත්තං 3. ඵෙණ සූත්‍රය
4. ගොමයපිණ්ඩසුත්තං 4. ගොමය සූත්‍රය
5. නඛසිඛාසුත්තං 5. නඛ සිඛ සූත්‍රය
6. සුද්ධිකසුත්තං 6. සාමුද්දක සූත්‍රය
7. ගද්දුලබද්ධසුත්තං 7. ගද්දුල සූත්‍රය
8. දුතියගද්දුලබද්ධසුත්තං 8. ගද්දුලා සූත්‍රය
9. වාසිජටසුත්තං 9. නාවා සූත්‍රය
10. අනිච්චසඤ්ඤාසුත්තං 10. සඤ්ඤා සූත්‍රය
11. අන්තවග්ගො 11. අන්ත වර්ගය
1. අන්තසුත්තං 1. අන්ත සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. සක්කායසුත්තං 3. සක්කාය සූත්‍රය
4. පරිඤ්ඤෙය්‍යසුත්තං 4. පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
5. සමණසුත්තං 5. සමණ සූත්‍රය
6. දුතියසමණසුත්තං 6. සමණ සූත්‍රය
7. සොතාපන්නසුත්තං 7. සෝතාපන්න සූත්‍රය
8. අරහන්තසුත්තං 8. අරහ සූත්‍රය
9. ඡන්දප්පහානසුත්තං 9. ඡන්ද රාග සූත්‍රය
10. දුතියඡන්දප්පහානසුත්තං 10. ඡන්ද රාග සූත්‍රය
12. ධම්මකථිකවග්ගො 12. ධර්මකථික වර්ගය
1. අවිජ්ජාසුත්තං 1. භික්ෂු සූත්‍රය
2. විජ්ජාසුත්තං 2. භික්ෂු සූත්‍රය
3. ධම්මකථිකසුත්තං 3. ධර්මකථික සූත්‍රය
4. දුතියධම්මකථිකසුත්තං 4. ධර්මකථික සූත්‍රය
5. බන්ධනසුත්තං 5. බන්ධන සූත්‍රය
6. පරිපුච්ඡිතසුත්තං 6. පරිමුච්චිත සූත්‍රය
7. දුතියපරිපුච්ඡිතසුත්තං 7. පරිමුච්චිත සූත්‍රය
8. සංයොජනියසුත්තං 8. සඤ්ඤොජන සූත්‍රය
9. උපාදානියසුත්තං 9. උපාදාන සූත්‍රය
10. සීලවන්තසුත්තං 10. සීල සූත්‍රය
11. සුතවන්තසුත්තං 11. සුතවා සූත්‍රය
12. කප්පසුත්තං 12. කප්ප සූත්‍රය
13. දුතියකප්පසුත්තං 13. කප්ප සූත්‍රය
13. අවිජ්ජාවග්ගො 13. අවිජ්ජා වර්ගය
1. සමුදයධම්මසුත්තං 1. සමුදය ධම්ම සූත්‍රය
2. දුතියසමුදයධම්මසුත්තං 2. සමුදය ධම්ම සූත්‍රය
3. තතියසමුදයධම්මසුත්තං 3. සමුදය ධම්ම සූත්‍රය
4. අස්සාදසුත්තං 4. අස්සාද සූත්‍රය
5. දුතියඅස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. සමුදයසුත්තං 6. සමුදය සූත්‍රය
7. දුතියසමුදයසුත්තං 7. සමුදය සූත්‍රය
8. කොට්ඨිකසුත්තං 8. කොට්ඨිත සූත්‍රය
9. දුතියකොට්ඨිකසුත්තං 9. කොට්ඨිත සූත්‍රය
10. තතියකොට්ඨිකසුත්තං 10. කොට්ඨිත සූත්‍රය
14. කුක්කුළවග්ගො 14. කුක්කුල වර්ගය
1. කුක්කුළසුත්තං 1. කුක්කුල සූත්‍රය
2. අනිච්චසුත්තං 2. අනිච්ච සූත්‍රය
3. දුතියඅනිච්චසුත්තං 3. අනිච්ච සූත්‍රය
4. තතියඅනිච්චසුත්තං 4. අනිච්ච සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. දුතියදුක්ඛසුත්තං 6. දුක්ඛ සූත්‍රය
7. තතියදුක්ඛසුත්තං 7. දුක්ඛ සූත්‍රය
8. අනත්තසුත්තං 8. අනත්ත සූත්‍රය
9. දුතියඅනත්තසුත්තං 9. අනත්ත සූත්‍රය
10. තතියඅනත්තසුත්තං 10. අනත්ත සූත්‍රය
11. නිබ්බිදාබහුලසුත්තං 11. කුලපුත්ත සූත්‍රය
12. අනිච්චානුපස්සීසුත්තං 12. කුලපුත්ත සූත්‍රය
13. දුක්ඛානුපස්සීසුත්තං 13. කුලපුත්ත සූත්‍රය
14. අනත්තානුපස්සීසුත්තං 14. කුලපුත්ත සූත්‍රය
15. දිට්ඨිවග්ගො 15. දිට්ඨි වර්ගය
1. අජ්ඣත්තසුත්තං 1. අජ්ඣත්ත සූත්‍රය
2. එතංමමසුත්තං 2. එතං මම සූත්‍රය
3. සොඅත්තාසුත්තං 3. සො අත්තා සූත්‍රය
4. නොචමෙසියාසුත්තං 4. නොච මෙ සියා සූත්‍රය
5. මිච්ඡාදිට්ඨිසුත්තං 5. මිච්ඡාදිට්ඨි සූත්‍රය
6. සක්කායදිට්ඨිසුත්තං 6. සක්කාය දිට්ඨි සූත්‍රය
7. අත්තානුදිට්ඨිසුත්තං 7. අත්තානු දිට්ඨි සූත්‍රය
8. අභිනිවෙසසුත්තං 8. විනිවේස සූත්‍රය
9. දුතියඅභිනිවෙසසුත්තං 9. විනිවේස සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය