ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
59
එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තත්‍ර ඛො භගවා පඤ්චවග්ගියෙ භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘රූපං, භික්ඛවෙ, අනත්තා. රූපඤ්ච හිදං, භික්ඛවෙ, අත්තා අභවිස්ස, නයිදං රූපං ආබාධාය සංවත්තෙය්‍ය, ලබ්භෙථ ච රූපෙ - ‘එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී’ති. යස්මා ච ඛො, භික්ඛවෙ, රූපං අනත්තා, තස්මා රූපං ආබාධාය සංවත්තති, න ච ලබ්භති රූපෙ - ‘එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී’’’ති.
‘‘වෙදනා අනත්තා. වෙදනා ච හිදං, භික්ඛවෙ, අත්තා අභවිස්ස, නයිදං වෙදනා ආබාධාය සංවත්තෙය්‍ය, ලබ්භෙථ ච වෙදනාය - ‘එවං මෙ වෙදනා හොතු, එවං මෙ වෙදනා මා අහොසී’ති. යස්මා ච ඛො, භික්ඛවෙ, වෙදනා අනත්තා, තස්මා වෙදනා ආබාධාය සංවත්තති , න ච ලබ්භති වෙදනාය - ‘එවං මෙ වෙදනා හොතු, එවං මෙ වෙදනා මා අහොසී’’’ති.
‘‘සඤ්ඤා අනත්තා...පෙ.... සඞ්ඛාරා අනත්තා. සඞ්ඛාරා ච හිදං, භික්ඛවෙ, අත්තා අභවිස්සංසු, නයිදං සඞ්ඛාරා ආබාධාය සංවත්තෙය්‍යුං, ලබ්භෙථ ච සඞ්ඛාරෙසු - ‘එවං මෙ සඞ්ඛාරා හොන්තු, එවං මෙ සඞ්ඛාරා මා අහෙසු’න්ති. යස්මා ච ඛො, භික්ඛවෙ, සඞ්ඛාරා අනත්තා, තස්මා සඞ්ඛාරා ආබාධාය සංවත්තන්ති, න ච ලබ්භති සඞ්ඛාරෙසු - ‘එවං මෙ සඞ්ඛාරා හොන්තු, එවං මෙ සඞ්ඛාරා මා අහෙසු’’’න්ති.
‘‘විඤ්ඤාණං අනත්තා. විඤ්ඤාණඤ්ච හිදං, භික්ඛවෙ, අත්තා අභවිස්ස, නයිදං විඤ්ඤාණං ආබාධාය සංවත්තෙය්‍ය, ලබ්භෙථ ච විඤ්ඤාණෙ - ‘එවං මෙ විඤ්ඤාණං හොතු, එවං මෙ විඤ්ඤාණං මා අහොසී’ති. යස්මා ච ඛො, භික්ඛවෙ, විඤ්ඤාණං අනත්තා, තස්මා විඤ්ඤාණං ආබාධාය සංවත්තති, න ච ලබ්භති විඤ්ඤාණෙ - ‘එවං මෙ විඤ්ඤාණං හොතු, එවං මෙ විඤ්ඤාණං මා අහොසී’’’ති.
‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘වෙදනා... සඤ්ඤා... සඞ්ඛාරා... විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං , භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං - ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තා වා බහිද්ධා වා...පෙ.... යා දූරෙ සන්තිකෙ වා, සබ්බා වෙදනා - ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
‘‘යා කාචි සඤ්ඤා...පෙ.... යෙ කෙචි සඞ්ඛාරා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තං වා බහිද්ධා වා...පෙ.... යෙ දූරෙ සන්තිකෙ වා, සබ්බෙ සඞ්ඛාරා - ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
‘‘යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං - ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
‘‘එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති; විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතී’’ති.
ඉදමවොච භගවා. අත්තමනා පඤ්චවග්ගියා භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුං (අභිනන්දුන්ති (ක.)).
ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානෙ පඤ්චවග්ගියානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසූති. සත්තමං.
59
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා පස්වග භික්ෂූන්ට කථාකළ සේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
“මහණෙනි, රූපය අනාත්මය, මහණෙනි, ඉදින් වනාහි මේ රූපය ආත්මය වූයේනම් මේ රූපය ආබාධ පිණිස නොපවත්නේය. මගේ රූපය මෙසේ වේවා, ‘මගේ රූපය මෙසේ නොවේවායි’ කියා රූපයෙහි කැමති ආකාරයක්ද ලබන්නේය.
“මහණෙනි, යම්හෙයකින් රූපය අනාත්මද, එහෙයින් රූපය ආබාධ පිණිස පවතී. ‘මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවයි’ කියා රූපයෙහි කැමැති ආකාරයක්ද නොලැබෙන්නේය.
“මහණෙනි, වේදනාව අනාත්මය. මහණෙනි, ඉදින් මේ වේදනාව ආත්මය වූයේනම් මේ වේදනාව ආබාධ පිණිස නොපවත්නේය. ‘මගේ වේදනාව මෙසේ වේවා, මාගේ වේදනාව මෙසේ නොවේවායි’ වේදනාවෙහි (මෙබන්දක්) ලැබෙන්නේය.
“මහණෙනි, යම්හෙයකින් වනාහි වේදනාව අනාත්මද, එහෙයින් වේදනාව ආබාධ පිණිස පවතියි. ‘මගේ වේදනාව මෙසේ වේවා, මගේ වේදනාව මෙසේ නොවේවායි’ කියා වේදනාවෙහි (මෙබන්දක්) නොලැබෙන්නේය.
“මහණෙනි, සංඥාව අනාත්මය. මහණෙනි, ඉදින් මේ සංඥාව අනාත්මය වූයේ නම්, මේ සංඥාව ආබාධ පිණිස නොපවත්නේය. ‘මාගේ සංඥාව මෙසේ වේවා, මාගේ සංඥාව මෙසේ නොවේවායි’ සංඥාවෙහි (මෙබන්දක්) ලැබෙන්නේය.
“මහණෙනි, යම්හෙයකින් වනාහි සංඥාව අනාත්මද, එහෙයින් සංඥාව ආබාධ පිණිස පවතියි. ‘මගේ සංඥාව මෙසේ වේවා මගේ සංඥාව මෙසේ නොවේවයි’ කියා සංඥාවෙහි (මෙබන්දක්) නොලැබෙන්නේය.
“මහණෙනි, සංස්කාරයෝ අනාත්මයහ. ඉදින් මේ සංස්කාරයෝ ආත්ම වූවාහුනම් සංස්කාරයෝ ආබාධ පිණිස නොවන්නාහුය. ‘මාගේ මේ සංස්කාරයෝ මෙසේ වෙත්වා, මාගේ මේ සංස්කාරයෝ මෙසේ නොවෙත්වා’ සංස්කාරයන් කෙරෙහි (මෙබන්දක්) ලබන්නේය.
“මහණෙනි, යම්හෙයකින් සංස්කාරයෝ අනාත්මද, එහෙයින් සංස්කාරයෝ ආබාධ පිණිස පවතිත්. ‘මාගේ මේ සංස්කාරයෝ මෙසේ වෙත්වා. මාගේ මේ සංස්කාරයෝ මෙසේ නොපවත්වායි” ‘සංස්කාරයන් කෙරෙහි (මෙබන්දක්) නොමලැබෙයි.
“මහණෙනි, විඥානය අනාත්මය. මේ විඥානය ආත්මය වූයේනම්, මේ විඥානය ආබාධ පිණිස නොපවත්නේය. මාගේ මේ විඥානය මෙසේ වේවා, මාගේ මේ විඥානය මෙසේ නොවේවායි විඥානයෙහි (මෙබන්දක්) ලැබෙන්නේය.
“මහණෙනි, යම්හෙයකින් වනාහි විඥානය අනාත්මද එහෙයින් විඥානය ආබාධ පිණිස පවතියි. ‘මාගේ මේ විඥානය, මෙසේ වේවා, මාගේ මේ විඥානය මෙසේ නොවේවායි’, විඥානය, කෙරෙහි (එබන්දක්) නොමලැබෙයි.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද, රූපය නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යය,” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යයද, දුකද පෙරලෙන සුලුද, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි, එය නොවේමය.”
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? වේදනාව නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි අනිත්‍යයයි,” “යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යයද දුකද පෙරලෙන සුලුද එය මාගේය. එය මම වෙමි එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද?”
“ස්වාමීනි එය නොවේමය.”
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද, සංඥාව නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි අනිත්‍යයයි” “යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යයද දුකද පෙර ලෙස සුලුද එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි එය නොවේමය.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? සංස්කාරයෝ නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි අනිත්‍යයයි” “යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යයද දුකද පෙරලෙන සුලුද එය මාගේය එය මම වෙමි. එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි එය නොවේමය.”
‘විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි අනිත්‍යය,” “යමක් අනිත්‍යයද එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යද, දුකද වෙනස්වන සුලුද එය මාගේය. එය මම වෙමි. එය මගේ ආත්මයයි දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි එය නොවේමය”
“මහණෙනි එසේ හෙයින් මෙහි අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීත වූ හෝ දුරවූ හෝ සමීපයෙහි වූ හෝ අතීතවූද අනාගතවූද දැන් පවත්නාවූද යම්කිසි රූපයක්වේද ඒ සියලු රූපය ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි’ කියා තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.
“මහණෙනි, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපයෙහිවූ හෝ අතීතවූද අනාගතවූද දැන් පවත්නාවූද යම්කිසි වේදනාවක්වේද ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙයි. එය මාගේ ආත්මයද නොවෙයි‘ කියා තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.
“මහණෙනි, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සියුම්වූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපයෙහිවූ හෝ අතීතවූද අනාගතවූද දැන් පවත්නාවූද යම්කිසි සංඥාවක්වේද එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මයද නොවෙයි’ කියා තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.
“මහණෙනි, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සියුම්වූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපයෙහිවූ හෝ අතීතවූද අනාගතවූද දැන් පවත්නාවූද යම්කිසි සංස්කාරයෝත් වෙත්ද, එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මයද නොවෙයි’ කියා තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දත් යුතුයි.
“මහණෙනි, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සියුම්වූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපයෙහිවූ හෝ අතීතවූද අනාගතවූද දැන් පවත්නාවූද යම්කිසි විඥානයක් වේද, ඒ සියලු විඥානය ‘එය මාගේ නොවෙයි එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ කියා තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දතයුතුයි.
“මහණෙනි මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ රූපය කෙරෙහිද කලකිරෙයි, වේදනාව කෙරෙයිද, සංඥාව කෙරෙහිද, සංස්කාරයන් කෙරෙහිද, විඥානය කෙරෙහිද, කලකිරෙයි, කලකිරුනේ නොඇලෙයි, නොඇලීමෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි, මිදුනු කල්හි මිදුනේය යන නුවණ (පහළ) වෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවය සඳහා කළයුතු අනිකක් නැත්තේයයි දනියි” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුසිත් ඇති පස්වග භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ. මේ ධර්මය දේශනා කළ කල්හි පස්වග භික්ෂූන්ගේ සිත් දැඩි කොට අල්වා නොගැනීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදුනාහුය.
(හත්වෙනි පඤ්ඤවග්ග සූත්‍රය නිමි.)
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය