ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
56
සාවත්ථිනිදානං . ‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච? රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො , සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. යාවකීවඤ්චාහං, භික්ඛවෙ, ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ චතුපරිවට්ටං යථාභූතං නාබ්භඤ්ඤාසිං, නෙව තාවාහං, භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසිං. යතො ච ඛ්වාහං, භික්ඛවෙ, ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ චතුපරිවට්ටං යථාභූතං අබ්භඤ්ඤාසිං , අථාහං, භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ...පෙ.... සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසිං’’.
‘‘කථඤ්ච චතුපරිවට්ටං? රූපං අබ්භඤ්ඤාසිං, රූපසමුදයං අබ්භඤ්ඤාසිං, රූපනිරොධං අබ්භඤ්ඤාසිං, රූපනිරොධගාමිනිං පටිපදං අබ්භඤ්ඤාසිං; වෙදනං... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං අබ්භඤ්ඤාසිං, විඤ්ඤාණසමුදයං අබ්භඤ්ඤාසිං, විඤ්ඤාණනිරොධං අබ්භඤ්ඤාසිං, විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං අබ්භඤ්ඤාසිං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, රූපං? චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං. ඉදං වුච්චති, භික්ඛවෙ, රූපං. ආහාරසමුදයා රූපසමුදයො; ආහාරනිරොධා රූපනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො රූපනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා එවං රූපං අභිඤ්ඤාය, එවං රූපසමුදයං අභිඤ්ඤාය, එවං රූපනිරොධං අභිඤ්ඤාය, එවං රූපනිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නා, තෙ සුප්පටිපන්නා. යෙ සුප්පටිපන්නා, තෙ ඉමස්මිං ධම්මවිනයෙ ගාධන්ති.
‘‘යෙ ච ඛො කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා එවං රූපං අභිඤ්ඤාය...පෙ.... එවං රූපනිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය, රූපස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තා තෙ සුවිමුත්තා. යෙ සුවිමුත්තා තෙ කෙවලිනො. යෙ කෙවලිනො වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය.
‘‘කතමා ච, භික්ඛවෙ, වෙදනා? ඡයිමෙ, භික්ඛවෙ, වෙදනාකායා - චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනොසම්ඵස්සජා වෙදනා. අයං වුච්චති, භික්ඛවෙ, වෙදනා. ඵස්සසමුදයා වෙදනාසමුදයො; ඵස්සනිරොධා වෙදනානිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො වෙදනානිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා එවං වෙදනං අභිඤ්ඤාය, එවං වෙදනාසමුදයං අභිඤ්ඤාය, එවං වෙදනානිරොධං අභිඤ්ඤාය, එවං වෙදනානිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය වෙදනාය නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නා, තෙ සුප්පටිපන්නා. යෙ සුප්පටිපන්නා, තෙ ඉමස්මිං ධම්මවිනයෙ ගාධන්ති.
‘‘යෙ ච ඛො කෙචි , භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා එවං වෙදනං අභිඤ්ඤාය...පෙ.... එවං වෙදනානිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය...පෙ.... වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය.
‘‘කතමා ච, භික්ඛවෙ, සඤ්ඤා? ඡයිමෙ, භික්ඛවෙ, සඤ්ඤාකායා - රූපසඤ්ඤා, සද්දසඤ්ඤා, ගන්ධසඤ්ඤා, රසසඤ්ඤා, ඵොට්ඨබ්බසඤ්ඤා, ධම්මසඤ්ඤා. අයං වුච්චති, භික්ඛවෙ, සඤ්ඤා. ඵස්සසමුදයා සඤ්ඤාසමුදයො; ඵස්සනිරොධා සඤ්ඤානිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඤ්ඤානිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි...පෙ.... වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය.
‘‘කතමෙ ච, භික්ඛවෙ, සඞ්ඛාරා? ඡයිමෙ, භික්ඛවෙ, චෙතනාකායා - රූපසඤ්චෙතනා, සද්දසඤ්චෙතනා, ගන්ධසඤ්චෙතනා, රසසඤ්චෙතනා, ඵොට්ඨබ්බසඤ්චෙතනා, ධම්මසඤ්චෙතනා. ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ, සඞ්ඛාරා. ඵස්සසමුදයා සඞ්ඛාරසමුදයො; ඵස්සනිරොධා සඞ්ඛාරනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ඛාරනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා එවං සඞ්ඛාරෙ අභිඤ්ඤාය, එවං සඞ්ඛාරසමුදයං අභිඤ්ඤාය, එවං සඞ්ඛාරනිරොධං අභිඤ්ඤාය, එවං සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය සඞ්ඛාරානං නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නා, තෙ සුප්පටිපන්නා. යෙ සුප්පටිපන්නා, තෙ ඉමස්මිං ධම්මවිනයෙ ගාධන්ති.
‘‘යෙ ච ඛො කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා එවං සඞ්ඛාරෙ අභිඤ්ඤාය, එවං සඞ්ඛාරසමුදයං අභිඤ්ඤාය, එවං සඞ්ඛාරනිරොධං අභිඤ්ඤාය, එවං සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය සඞ්ඛාරානං නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තා, තෙ සුවිමුත්තා. යෙ සුවිමුත්තා, තෙ කෙවලිනො. යෙ කෙවලිනො වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, විඤ්ඤාණං? ඡයිමෙ, භික්ඛවෙ, විඤ්ඤාණකායා - චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝානවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොවිඤ්ඤාණං. ඉදං වුච්චති, භික්ඛවෙ, විඤ්ඤාණං. නාමරූපසමුදයා විඤ්ඤාණසමුදයො; නාමරූපනිරොධා විඤ්ඤාණනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො විඤ්ඤාණනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා එවං විඤ්ඤාණං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණසමුදයං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණනිරොධං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය විඤ්ඤාණස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නා, තෙ සුප්පටිපන්නා. යෙ සුප්පටිපන්නා, තෙ ඉමස්මිං ධම්මවිනයෙ ගාධන්ති.
‘‘යෙ ච ඛො කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා එවං විඤ්ඤාණං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණසමුදයං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණනිරොධං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය විඤ්ඤාණස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තා, තෙ සුවිමුත්තා. යෙ සුවිමුත්තා, තෙ කෙවලිනො. යෙ කෙවලිනො වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනායා’’ති. චතුත්ථං.
56
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මෙය වදාළසේක.
“මහණෙනි, මේ උපාදානස්කන්ධයන් පසෙකි, ඒ පස කවරහුද? එනම් රූපූපාදානස්ඛන්ධය, වේදනානූපාදානස්ඛන්ධය, සංඥානූපාදානස්කඛන්ධය, සංස්ඛාරානුපාදානස්ඛන්ධය විඤ්ඤාණුස්ඛන්ධය (යනුයි).
“මහණෙනි, මම යම්තාක්කල් සතර පරිවර්තනයක් ඇති මේ පඤ්චූපාදානස්ඛන්ධයන් තත්වූ පරිදි වෙසෙනින් දැන නොගත්තෙම්ද මහණෙනි, මම ඒතාක්කල් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සත්වලෝකයෙහිද, මහණබඹුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද, උතුම්වූ සම්‍යක් සම්බොධිය ප්‍රත්‍යක්ෂ කෙළෙම්යයි ප්‍රතිඥා නොකෙළෙමි.
“මහණෙනි, මම යම් අවස්ථාවක පටන් සතර පරිවර්තනයකින් යුත් මේ පඤ්චුපාදානස්ඛන්ධයන් තත්වූ පරිදි ප්‍රත්‍යක්ෂකෙළෙම්ද, මහණෙනි, මම එකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සත්වලෝකයෙහිද, මහණ බඹුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද උතුම්වූ සම්‍යක් සම්බෝධිය කෙළෙම්යයි ප්‍රතිඥා කෙළෙමි.
“ඒ සතර පරිවර්තනය කෙසේද? රූපය දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. රූපසමුදය දුක්ඛසමුදයාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. රූපනිරෝධය දුක්ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. රූපනිරෝධගාමිණී ප්‍රතිපදාව, දුක්ඛනිරෝධ ගාමිණි ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි.
“වේදනාව දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. වේදනා සමුදය දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. වේදනා නිරෝධය දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. වේදනා නිරෝධගාමිණී ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි.
“සංඥාව දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. සංඥා සමුදය දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. සංඥා නිරෝධය දුක්ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. සංඥා නිරෝධ ගාමිණී ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමීණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි.
“සංස්කාරයෝ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. සංස්කාර සමුදය දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. සංස්කාර නිරෝධය දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි.
“විඥානය දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. විඥාන සමුදය දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. විඥාන නිරෝධය දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. විඥාන නිරෝධ ගාමිණී ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි.
“මහණෙනි, රූපය කවරේද? මහණෙනි, පඨවි ආදී සතර මහා භූත රූපයද, සතර මහා භූතයන් නිසා පවත්නා (චක්ෂුරාදී සූවිසි) උපාදාරූපයද, යන මෙය රූපයයි කියනු ලැබේ. කබලිංකාර ආහාරය හේතුකොට ගෙන රූපයන්ගේ පහළවීම වෙයි. ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වේ. මෙම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම රූප නිරෝධ ගාමිණී ප්‍රතිපදාව වන්නීය. හේ කවරීද? සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් සංකල්පනාවය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය (යනුයි)
“මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන, මෙසේ රූප සමුදය දැන, මෙසේ රූප නිරෝධය දැන, මෙසේ රූප නිරෝධ ගාමිණී ප්‍රතිපදාව දැන, රූපයාගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නාහුද, ඔවුහු මනාකොට පිළිපන්නාහු වෙත්. යම් කෙනෙක් මනාකොට පිළිපන්නාහුද, ඔවුහු මේ ධර්මවිනයෙහි මනාකොට පිහිටියාහු වෙත්.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ මෙසේ රූපය දැන, හෝ මෙසේ රූප සමුදය දැන, මෙසේ රූප නිරෝධය දැන, මෙසේ රූප නිරෝධ ගාමිණී ප්‍රතිපදාව දැන, රූපයෙහි කලකිරීමෙන් නොඇලීමෙන්, නිරෝධයෙන් දැඩිකොට නොගැනීමෙන් මිදුනාහුද, ඔවුහු මනාකොට මිදුනාහ. යම්කෙනෙක් මනාකොට මිදුනාහුද, ඔවුහු නිමවන ලද සියලු කටයුතු ඇත්තාහුය. යම්කෙනෙක් මනාකොට නිමවූ සියලු කටයුතු ඇත්තාහුද, ඔවුන්ට පැනවීම පිණිස සංසාර වෘත්තයක් නැත්තේය.
“මහණෙනි, වේදනාව කවරීද? මහණෙනි, මේ වේදනා සයක්වෙත්. චක්ෂුස්පර්ශයෙන් හටගත් වේදනාය, ශ්‍රොතස්පර්ශයෙන් හටගත් වේදනාය, ඝානස්පර්ශයෙන් හටගත් වේදනාවය, ජිහ්වාස්පර්ශයෙන් හටගත් වේදනාවය, කාය ස්පර්ශයෙන් හටගත් වේදනාය, මනස්පර්ශයෙන් හටගත් වේදනාය. මහණෙනි, මෙය වේදනායයි කියනු ලැබේ. ස්පර්ශ හේතුවෙන් වේදනාවන්ගේ උත්පත්තියවේ. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධයවේ. මෙම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම වේදනා නිරෝධ ගාමිණී ප්‍රතිපදාවයි. හේ කෙසේද? සම්‍යක්දෘෂ්ටිය සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යනුයි.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ වේදනාව දැන, මෙසේ වේදනා සමුදය දැන, මෙසේ වේදනා නිරෝධය දැන, මෙසේ වේදනා නිරෝධ ගාමිණී ප්‍රතිපදාව දැන, වේදනාවගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, පිළිපන්නාහු වෙත්ද, ඔවුහු මනාකොට පිළිපන්නාහුය. යම් කෙනෙක් මනාකොට පිළිපන්නාහුද ඔවුහු මේ ධර්මවිනයෙහි ස්ථිර ලෙස පිහිටියාහු වෙත්.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ වේදනාව දැන, මෙසේ වේදනා සමුදය දැන මෙසේ වේදනා නිරෝධය දැන, මෙසේ වේදනා නිරෝධ ගාමිණී ප්‍රතිපදාව දැන, වේදනාවෙහි කලකිරීමෙන්, නො ඇලීමෙන්, නිරෝධයෙන්, දැඩිකොට නොගැනීමෙන් මිදුනාහුද, ඔවුහු මනාකොට මිදුනාහුවෙත්. යම් කෙනෙක් මනාකොට මිදුනාහුද, ඔවුහු මනාකොට නිමවන ලද සියලු කටයුතු කෘත්‍ය ඇත්තාහු වෙති. යම් කෙනෙක් කරන ලද සියලු කටයුතු ඇත්තාහුද ඔවුන්ට පැනවීමට සංසාර වෘත්තයක් නැත.
“මහණෙනි, සංඥාතොමෝ කවරීද? මහණෙනි, මේ සංඥා සයකි. රූප සංඥාවය, ශබ්ද සංඥාවය, ගන්ධ සංඥාවය. රස සංඥාවය, ඵොට්ඨබ්බ සංඥාවය ධම්ම සංඥාවය (යනුයි.) මහණෙනි, මේ සංඥාවෝයයි කියනු ලැබේ. ඵස්සය හේතුකොට
ගෙන සංඥාවන්ගේ උත්පත්තියවේ. ස්පර්ශ නිරෝධයෙන් සංඥා නිරෝධයවේ. මෙම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම සංඥා නිරෝධ ගාමිණී ප්‍රතිපදාවය. හේ කවරීද? සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය (යනුයි.)
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ සංඥාව දැන මෙසේ සංඥා සමුදය දැන මෙසේ සංඥා නිරෝධය දැන මෙසේ සංඥා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන සංඥාවගේ කලකිරීම පිණිස නොඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත්ද, ඔව්හු මනාකොට පිළිපන්නාහුය. යම්කෙනෙක් මනාකොට පිළිපන්නාහුද ඔව්හු ධර්මවිනයෙහි ස්ථිර ලෙස පිහිටියාහු වෙත්.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ සංඥාව දැන, මෙසේ සංඥා සමුදය දැන මෙසේ සංඥා නිරෝධය දැන, මෙසේ සංඥා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන, ප්‍රතිපදාවෙහි කලකිරීමෙන් නොඇලීමෙන් නිරෝධයෙන් දැඩිකොට නොගැනීමෙන් මිදුනාහුද, ඔව්හු මනාකොට මිදුනාහු වෙත්. යම්කෙනෙක් මනාකොට මිදුනාහුද, ඔව්හු මනාකොට නිමවන ලද සියලු කටයුතු ඇත්තාහු වෙත්. යම් කෙනෙක් කරනලද සියලු කටයුතු ඇත්තාහුද, ඔවුන්ට පැනවීමට සංසාරවෘත්තයක් නැත.
“මහණෙනි, සංස්කාරයෝ කවරහුද? මහණෙනි මේ චෙතනා සයකි. රුපසංචෙතනාය, ශබ්දසංචෙතනාය, ගන්ධසංචෙතනාය, රසසංචෙතනාය, ඵොට්ඨබ්බ සංචේතනාය, ධම්මසංචෙතනාය මහණෙනි, මේ සංස්කාරයෝයයි කියනු ලැබෙත්. ස්පර්ශය හේතුකොටගෙන සංස්කාරයන්ගේ හටගැනීම වෙයි. ස්පර්ශ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. මහණෙනි මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි.
හේ කවරහුද? සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් කල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය (යනුයි.)
“මහණෙනි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මෙසේ සංස්කාරයන් දැන මෙසේ සංස්කාර සමුදය දැන, මෙසේ සංස්කාර නිරෝධය දැන, මෙසේ සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන, සංස්කාරයන්හි කලකිරීම පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත්ද, ඔව්හු මනාකොට පිළිපන්නෝය. යම්කෙනෙක් මනාකොට පිළිපන්නාහුද, ඔව්හු මේ ධර්මවිනයෙහි ස්ථිරව පිහිටියාහුවෙත්. යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ සංස්කාරයන් දැන මෙසේ සංස්කාර සමුදය දැන මෙසේ සංස්කාර නිරෝධය දැන මෙසේ සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන සංස්කාරයන්හි කලකිරීමෙන් නොඇලීමෙන් නිරෝධයෙන් දැඩිකොට නොගැනීමෙන් මිදුනාහුද, ඔව්හු මනාකොට මිදුනාහුය. යම් කෙනෙක් මනාකොට මිදුනාහුද, ඔව්හු කරනලද සියලු කටයුතු ඇත්තාහුය. යම්කෙනෙක් කරනලද සියලු කටයුතු ඇත්තාහුද, ඔවුනට සංසාරවෘත්තයක් පැනවීම නැත්තේය.
“මහණෙනි, විඥානය කවරේද? මහණෙනි මේ විඥාන කය සයක් වෙත්. චක්ෂුර්විඥානය ශ්‍රොතවිඥානය ඝ්‍රාණවිඥානය ජිව්හාවිඥානය කායවිඥානය මනොවිඥානයයි. මහණෙනි මේ විඥානයයි කියනු ලැබේ. නාම රූප හේතුකොට ගෙන විඥානයාගේ පහළවීම වෙයි. නාමරූප නිරෝධයෙන් විඥාන නිරෝධය වේ. මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාවය.
හේ කවරීද? සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධියයි.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ විඥානය දැන මෙසේ විඥාන සමුදය දැන, මෙසේ විඥාන නිරෝධය දැන මෙසේ විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන විඥානයෙහි කලකිරීම පිණිසද විරාගය පිණිසද නිරෝධය පිණිසද පිළිපන්නාහු වෙත්ද, ඔව්හු මනාකොට පිළිපන්නාහුය. යම්කෙනෙක් මනාකොට පිළිපන්නාහුද ඔව්හු මේ ධර්ම විනයෙහි ස්ථිරව පිහිටියාහුවෙත්. මහණෙනි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ විඥානය දැන විඥාන සමුදය දැන විඥාන නිරෝධය දැන විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන විඥානයෙහි කලකිරීමෙන් නො ඇලීමෙන් නිරෝධයෙන් දැඩිලෙස නොගැනීමෙන් මිදුනාහුද, ඔව්හු මනාකොට මිදුනාහුය. යම්කෙනෙක් මනාකොට මිදුනාහුද ඔව්හු කරන ලද සියලු කටයුතු ඇත්තාහුය. යම් කෙනෙක් කරනලද සියලු කටයුතු ඇත්තාහුද ඔවුනට පැනවීමට (සංසාර) වෘත්තයක් නැත්තේයයි” වදාළේය.
(හතරවෙනි උපාදාන සූත්‍රය නිමි.)
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය
8. පිණ්ඩොල්‍යසුත්තං 8. පිණ්ඩොල සූත්‍රය
9. පාලිලෙය්‍යසුත්තං 9. පාරිලෙය්‍යක සූත්‍රය
10. පුණ්ණමසුත්තං 10. පුණ්ණමානි සූත්‍රය
9. ථෙරවග්ගො 9. ථෙර වර්ගය
1. ආනන්දසුත්තං 1. ආනන්ද සූත්‍රය
2. තිස්සසුත්තං 2. තිස්ස සූත්‍රය
3. යමකසුත්තං 3. යමක සූත්‍රය
4. අනුරාධසුත්තං 4. අනුරාධ සූත්‍රය
5. වක්කලිසුත්තං 5. වක්කලි සූත්‍රය
6. අස්සජිසුත්තං 6. අස්සජි සූත්‍රය
7. ඛෙමකසුත්තං 7. ඛෙමක සූත්‍රය
8. ඡන්නසුත්තං 8. ඡන්න සූත්‍රය
9. රාහුලසුත්තං 9. රාහුල සූත්‍රය
10. දුතියරාහුලසුත්තං 10. රාහුල සූත්‍රය
10. පුප්ඵවග්ගො 10. පුප්ඵ වර්ගය
1. නදීසුත්තං 1. නදී සූත්‍රය
2. පුප්ඵසුත්තං 2. පුප්ඵ සූත්‍රය
3. ඵෙණපිණ්ඩූපමසුත්තං 3. ඵෙණ සූත්‍රය
4. ගොමයපිණ්ඩසුත්තං 4. ගොමය සූත්‍රය
5. නඛසිඛාසුත්තං 5. නඛ සිඛ සූත්‍රය
6. සුද්ධිකසුත්තං 6. සාමුද්දක සූත්‍රය
7. ගද්දුලබද්ධසුත්තං 7. ගද්දුල සූත්‍රය
8. දුතියගද්දුලබද්ධසුත්තං 8. ගද්දුලා සූත්‍රය
9. වාසිජටසුත්තං 9. නාවා සූත්‍රය
10. අනිච්චසඤ්ඤාසුත්තං 10. සඤ්ඤා සූත්‍රය
11. අන්තවග්ගො 11. අන්ත වර්ගය
1. අන්තසුත්තං 1. අන්ත සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. සක්කායසුත්තං 3. සක්කාය සූත්‍රය
4. පරිඤ්ඤෙය්‍යසුත්තං 4. පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
5. සමණසුත්තං 5. සමණ සූත්‍රය
6. දුතියසමණසුත්තං 6. සමණ සූත්‍රය
7. සොතාපන්නසුත්තං 7. සෝතාපන්න සූත්‍රය
8. අරහන්තසුත්තං 8. අරහ සූත්‍රය
9. ඡන්දප්පහානසුත්තං 9. ඡන්ද රාග සූත්‍රය
10. දුතියඡන්දප්පහානසුත්තං 10. ඡන්ද රාග සූත්‍රය
12. ධම්මකථිකවග්ගො 12. ධර්මකථික වර්ගය
1. අවිජ්ජාසුත්තං 1. භික්ෂු සූත්‍රය
2. විජ්ජාසුත්තං 2. භික්ෂු සූත්‍රය
3. ධම්මකථිකසුත්තං 3. ධර්මකථික සූත්‍රය
4. දුතියධම්මකථිකසුත්තං 4. ධර්මකථික සූත්‍රය
5. බන්ධනසුත්තං 5. බන්ධන සූත්‍රය
6. පරිපුච්ඡිතසුත්තං 6. පරිමුච්චිත සූත්‍රය
7. දුතියපරිපුච්ඡිතසුත්තං 7. පරිමුච්චිත සූත්‍රය
8. සංයොජනියසුත්තං 8. සඤ්ඤොජන සූත්‍රය
9. උපාදානියසුත්තං 9. උපාදාන සූත්‍රය
10. සීලවන්තසුත්තං 10. සීල සූත්‍රය
11. සුතවන්තසුත්තං 11. සුතවා සූත්‍රය
12. කප්පසුත්තං 12. කප්ප සූත්‍රය
13. දුතියකප්පසුත්තං 13. කප්ප සූත්‍රය
13. අවිජ්ජාවග්ගො 13. අවිජ්ජා වර්ගය
1. සමුදයධම්මසුත්තං 1. සමුදය ධම්ම සූත්‍රය
2. දුතියසමුදයධම්මසුත්තං 2. සමුදය ධම්ම සූත්‍රය
3. තතියසමුදයධම්මසුත්තං 3. සමුදය ධම්ම සූත්‍රය
4. අස්සාදසුත්තං 4. අස්සාද සූත්‍රය
5. දුතියඅස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. සමුදයසුත්තං 6. සමුදය සූත්‍රය
7. දුතියසමුදයසුත්තං 7. සමුදය සූත්‍රය
8. කොට්ඨිකසුත්තං 8. කොට්ඨිත සූත්‍රය
9. දුතියකොට්ඨිකසුත්තං 9. කොට්ඨිත සූත්‍රය
10. තතියකොට්ඨිකසුත්තං 10. කොට්ඨිත සූත්‍රය
14. කුක්කුළවග්ගො 14. කුක්කුල වර්ගය
1. කුක්කුළසුත්තං 1. කුක්කුල සූත්‍රය
2. අනිච්චසුත්තං 2. අනිච්ච සූත්‍රය
3. දුතියඅනිච්චසුත්තං 3. අනිච්ච සූත්‍රය
4. තතියඅනිච්චසුත්තං 4. අනිච්ච සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. දුතියදුක්ඛසුත්තං 6. දුක්ඛ සූත්‍රය
7. තතියදුක්ඛසුත්තං 7. දුක්ඛ සූත්‍රය
8. අනත්තසුත්තං 8. අනත්ත සූත්‍රය
9. දුතියඅනත්තසුත්තං 9. අනත්ත සූත්‍රය
10. තතියඅනත්තසුත්තං 10. අනත්ත සූත්‍රය
11. නිබ්බිදාබහුලසුත්තං 11. කුලපුත්ත සූත්‍රය
12. අනිච්චානුපස්සීසුත්තං 12. කුලපුත්ත සූත්‍රය
13. දුක්ඛානුපස්සීසුත්තං 13. කුලපුත්ත සූත්‍රය
14. අනත්තානුපස්සීසුත්තං 14. කුලපුත්ත සූත්‍රය
15. දිට්ඨිවග්ගො 15. දිට්ඨි වර්ගය
1. අජ්ඣත්තසුත්තං 1. අජ්ඣත්ත සූත්‍රය
2. එතංමමසුත්තං 2. එතං මම සූත්‍රය
3. සොඅත්තාසුත්තං 3. සො අත්තා සූත්‍රය
4. නොචමෙසියාසුත්තං 4. නොච මෙ සියා සූත්‍රය
5. මිච්ඡාදිට්ඨිසුත්තං 5. මිච්ඡාදිට්ඨි සූත්‍රය
6. සක්කායදිට්ඨිසුත්තං 6. සක්කාය දිට්ඨි සූත්‍රය
7. අත්තානුදිට්ඨිසුත්තං 7. අත්තානු දිට්ඨි සූත්‍රය
8. අභිනිවෙසසුත්තං 8. විනිවේස සූත්‍රය
9. දුතියඅභිනිවෙසසුත්තං 9. විනිවේස සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය