ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
54
සාවත්ථිනිදානං . ‘‘පඤ්චිමානි, භික්ඛවෙ, බීජජාතානි. කතමානි පඤ්ච? මූලබීජං, ඛන්ධබීජං, අග්ගබීජං, ඵලුබීජං, බීජබීජඤ්ඤෙව පඤ්චමං. ඉමානි චස්සු, භික්ඛවෙ , පඤ්ච බීජජාතානි අඛණ්ඩානි අපූතිකානි අවාතාතපහතානි සාරාදානි (සාරාදායීනි (කත්ථචි)) සුඛසයිතානි, පථවී (පඨවී (සී. ස්‍යා. කං. පී.)) ච නාස්ස, ආපො ච නාස්ස; අපි නුමානි (අපි නු ඉමානි (සී. පී.)), භික්ඛවෙ, පඤ්ච බීජජාතානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්‍යු’’න්ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘ඉමානි චස්සු, භික්ඛවෙ, පඤ්ච බීජජාතානි අඛණ්ඩානි...පෙ.... සුඛසයිතානි, පථවී ච අස්ස, ආපො ච අස්ස; අපි නුමානි, භික්ඛවෙ, පඤ්ච බීජජාතානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්‍යු’’න්ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, පථවීධාතු, එවං චතස්සො විඤ්ඤාණට්ඨිතියො දට්ඨබ්බා. සෙය්‍යථාපි, භික්ඛවෙ, ආපොධාතු, එවං නන්දිරාගො දට්ඨබ්බො. සෙය්‍යථාපි, භික්ඛවෙ, පඤ්ච බීජජාතානි, එවං විඤ්ඤාණං සාහාරං දට්ඨබ්බං’’.
‘‘රූපුපයං , භික්ඛවෙ, විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්‍ය , රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූපසෙචනං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්‍ය. වෙදනුපයං වා, භික්ඛවෙ, විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්‍ය...පෙ.... සඤ්ඤුපයං වා, භික්ඛවෙ, විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්‍ය...පෙ.... සඞ්ඛාරුපයං වා, භික්ඛවෙ, විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්‍ය, සඞ්ඛාරාරම්මණං සඞ්ඛාරප්පතිට්ඨං නන්දූපසෙචනං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්‍ය.
‘‘යො, භික්ඛවෙ, එවං වදෙය්‍ය - ‘අහමඤ්ඤත්‍ර රූපා අඤ්ඤත්‍ර වෙදනාය අඤ්ඤත්‍ර සඤ්ඤාය අඤ්ඤත්‍ර සඞ්ඛාරෙහි විඤ්ඤාණස්ස ආගතිං වා ගතිං වා චුතිං වා උපපත්තිං වා වුද්ධිං වා විරූළ්හිං වා වෙපුල්ලං වා පඤ්ඤාපෙස්සාමී’ති, නෙතං ඨානං විජ්ජති.
‘‘රූපධාතුයා චෙව, භික්ඛවෙ, භික්ඛුනො රාගො පහීනො හොති. රාගස්ස පහානා වොච්ඡිජ්ජතාරම්මණං පතිට්ඨා විඤ්ඤාණස්ස න හොති. වෙදනාධාතුයා චෙ... සඤ්ඤාධාතුයා චෙ... සඞ්ඛාරධාතුයා චෙ... විඤ්ඤාණධාතුයා චෙ, භික්ඛවෙ, භික්ඛුනො රාගො පහීනො හොති. රාගස්ස පහානා වොච්ඡිජ්ජතාරම්මණං පතිට්ඨා විඤ්ඤාණස්ස න හොති. තදප්පතිට්ඨිතං විඤ්ඤාණං අවිරූළ්හං අනභිසඞ්ඛච්චවිමුත්තං. විමුත්තත්තා ඨිතං. ඨිතත්තා සන්තුසිතං. සන්තුසිතත්තා න පරිතස්සති. අපරිතස්සං පච්චත්තඤ්ඤෙව පරිනිබ්බායති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතී’’ති. දුතියං.
54
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මේ බීජ වර්ග පසක් වෙති. ඒ පස කවරහුද? (මුලින් පැලවන) මූල බීජය, (කඳෙන් පැලවන) ඛන්ධ බීජය, (පුරුකෙන් පැලවන) ඵලු බීජය, (අගින් පැලවන) අග්ග බීජය, (ඇටයෙන් පැලවන) පස්වැනිවූ බීජබීජය යන පසය.
“මහණෙනි, නොබිඳුනාවූ, කුණු නොවූවාවූ, අව් සුළඟින් නොනැසුනාවූ, බොල් නොවූ, තුන් සතර මසක් මනාසේ තබන ලද්දාවූ, මේ බීජයෝ වෙත්ද, පොළොවක් නැත්තේද වතුරක් නැත්තේද, මහණෙනි, එසේ නම් පස්වැදෑරුම් බීජවර්ග වැඩීමට, දියුණුවට මහත් බවට පැමිණෙන්නාහුද?
“ස්වාමීනි, එය නොවන්නේමය.”
“මහණෙනි, බිඳුනාවූ, කුණුවූ, අව් සුළඟින් නසනු ලැබූ, බොල්වූ, කලක් මනාසේ නොතබනලද මේ පස්වැදෑරුම් බීජවර්ග වෙත්ද, පොළොවද ඇත්තේය, ජලයද ඇත්තේය. මහණෙනි, එසේ නම් මේ බීජවර්ග පස වැඩීමට, දියුණුවට හා
මහත් බවට පැමිණෙන්නාහුද?”
“ස්වාමීනි, එය නොවන්නේමය.”
“මහණෙනි, නොබිඳුනාවූ, කුණු නොවූ, හරය ගන්නාවූ, මනාසේ මඳ කලක් තබනලද මේ බීජවර්ග පස වෙත්ද, පොළොවද ඇත්තේය. ජලයද ඇත්තේය. එසේ නම්, මහණෙනි, මේ බීජවර්ග පස වැඩීමට, දියුණුවට, මහත් බවට පැමිණෙන්නාහුද?”
“ස්වාමීනි, එසේය.”
“මහණෙනි, පොළොව යම්සේද, එපරිද්දෙන් කර්ම විඤ්ඤාණයට ආරම්මණවූ රූපාදී ස්කන්ධ සතර දතයුත්තාහ. මහණෙනි, ජලය යම්සේද, එසේ ආශාව දතයුතුයි.
“මහණෙනි, බීජවර්ග පස යම්සේද, එසේ ප්‍රත්‍යය සහිතවූ කර්මවිඥානය දතයුතුයි.
“මහණෙනි, රූපය කරා පැමිණි කර්මවිඥානය පවත්නේය. රූපය අරමුණුකොට ඇති, රූපය ආධාරකොට ඇති, තෘෂ්ණා සේවනය ඇති, කර්මවිඥානය වැඩීමට, දියුණුවට, මහත් බවට පැමිණෙන්නේය.
“මහණෙනි, වේදනාව කරා පැමිණ, කර්මවිඥානය පවත්නේය. වේදනාව අරමුණුකොට ඇති, වේදනාව ආධාර කොට ඇති, තෘෂ්ණා සේවනය ඇති, කර්මවිඥානය වැඩීමට දියුණුවට මහත් බවට පැමිණෙන්නේය.
“මහණෙනි, සංඥාව කරා පැමිණ කර්මවිඥානය පවත්නේය. සංඥාව අරමුණුකොට ඇති, සංඥාව ආධාරකොට ඇති තෘෂ්ණා සේවනය ඇති කර්මවිඥානය වැඩීමට, දියුණුවට, මහත් බවට පැමිණෙන්නේය.
“මහණෙනි, සංස්කාර කරා පැමිණි කර්මවිඥානය පවත්නේය. සංස්කාර අරමුණුකොට ඇති, සංස්කාර ආධාර කොට ඇති, තෘෂ්ණා සේවනය ඇති, කර්මවිඥානය වැඩීමට, දියුණුවට මහත් බවට පැමිණෙන්නේය.
“මහණෙනි, යමෙක් මෙසේ කියන්නේද, ‘මම රූප ස්කන්ධය හැර, වේදනාස්කන්ධය හැර, සංඥාස්කන්ධය හැර විඥානයාගේ ඊමක් හෝ යාමක් හෝ චුතියක් හෝ උත්පත්තියක් හෝ වැඩීමක් හෝ දියුණුවක් හෝ මහත් බවක් හෝ පණවන්නෙමි’ යන මේ කාරණය සිදු නොවේ.
“මහණෙනි, ඉදින් රූපස්කන්ධයෙහි භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනාලද අරමුණ කර්මවිඥානයට පිහිට නොවෙයි.
“මහණෙනි, ඉදින් වේදනාස්කන්ධයෙහි භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනාලද අරමුණ කර්මවිඥානයට පිහිට නොවෙයි.
“මහණෙනි, ඉදින් සංඥාස්කන්ධයෙහි භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනාලද අරමුණ කර්මවිඥානයට පිහිට නොවෙයි.
“මහණෙනි, ඉදින් සංස්කාරස්කන්ධයෙහි භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනාලද අරමුණ කර්මවිඥානයට පිහිට නොවෙයි.
“මහණෙනි, ඉදින් විඤ්ඤාණස්කන්ධයෙහි භික්ෂුවගේ රාගය ප්‍රහීණවූයේ වෙයිද, රාගයාගේ ප්‍රහාණයෙන් සිඳිනාලද අරමුණ කර්මවිඥානයට පිහිට නොවෙයි.
ඒ පිහිටීමක් නොලත් නොවැඩුනාවූ කර්මවිඥානය ප්‍රතිසන්ධි ගෙනදීමෙන් මිදුනේ වෙයි. මිදුනු බැවින් නැවත කළයුත්තක් නැති බවට පැමිණියේ වෙයි. ඊට පැමිණි බැවින් සතුටුවූයේ වෙයි. සතුටු බැවින් තැති නොගනියි. තැති නොගන්නේ එම ආත්මභාවයෙහිදීම පිරිනිවෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවන ලදී. මේ ආත්ම භාවය සඳහා කළයුතු අනිකක් නැත්තේයයි දනියි.”
(දෙවෙනි බීජ සූත්‍රය නිමි.)
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය