ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
3
එවං මෙ සුතං - එකං සමයං ආයස්මා මහාකච්චානො අවන්තීසු විහරති කුරරඝරෙ (කුලඝරෙ (ක.)) පපාතෙ පබ්බතෙ. අථ ඛො හාලිද්දිකානි (හාලිද්දකානි (සී.), හලිද්දිකානි (ස්‍යා.)) ගහපති යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො හාලිද්දිකානි ගහපති ආයස්මන්තං මහාකච්චානං එතදවොච - ‘‘වුත්තමිදං, භන්තෙ, භගවතා අට්ඨකවග්ගියෙ මාගණ්ඩියපඤ්හෙ -
‘‘ඔකං පහාය අනිකෙතසාරී,
ගාමෙ අකුබ්බං (අක්‍රුබ්බං (ක.)) මුනි සන්ථවානි (සන්ධවානි (ක.));
කාමෙහි රිත්තො අපුරක්ඛරානො (අපුරෙක්ඛරානො (සී. සුත්තනිපාතෙපි) මොග්ගල්ලානෙ 5-135 සුත්තම්පි ඔලොකෙතබ්බං),
කථං න විග්ගය්හ ජනෙන කයිරා’’ති.
‘‘ඉමස්ස නු ඛො, භන්තෙ, භගවතා සංඛිත්තෙන භාසිතස්ස කථං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො’’ති?
‘‘රූපධාතු ඛො, ගහපති, විඤ්ඤාණස්ස ඔකො. රූපධාතුරාගවිනිබන්ධඤ්ච (... විනිබද්ධඤ්ජ (පී. සී. අට්ඨ.)) පන විඤ්ඤාණං ‘ඔකසාරී’ති වුච්චති. වෙදනාධාතු ඛො, ගහපති, විඤ්ඤාණස්ස ඔකො. වෙදනාධාතුරාගවිනිබන්ධඤ්ච පන විඤ්ඤාණං ‘ඔකසාරී’ති වුච්චති. සඤ්ඤාධාතු ඛො, ගහපති, විඤ්ඤාණස්ස ඔකො. සඤ්ඤාධාතුරාගවිනිබන්ධඤ්ච පන විඤ්ඤාණං ‘ඔකසාරී’ති වුච්චති. සඞ්ඛාරධාතු ඛො, ගහපති, විඤ්ඤාණස්ස ඔකො. සඞ්ඛාරධාතුරාගවිනිබන්ධඤ්ච පන විඤ්ඤාණං ‘ඔකසාරී’ති වුච්චති. එවං ඛො, ගහපති, ඔකසාරී හොති.
‘‘කථඤ්ච, ගහපති, අනොකසාරී හොති? රූපධාතුයා ඛො, ගහපති, යො ඡන්දො යො රාගො යා නන්දී (නන්දි (සී. ස්‍යා. කං. පී.)) යා තණ්හා යෙ උපයුපාදානා (උපායුපාදානා (සී. ස්‍යා. කං. පී.)) චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා තෙ තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා (අනභාවකතා (සී. පී.), අනභාවංගතා (ස්‍යා. කං.)) ආයතිං අනුප්පාදධම්මා. තස්මා තථාගතො ‘අනොකසාරී’ති වුච්චති. වෙදනාධාතුයා ඛො, ගහපති... සඤ්ඤාධාතුයා ඛො, ගහපති... සඞ්ඛාරධාතුයා ඛො, ගහපති... විඤ්ඤාණධාතුයා ඛො, ගහපති, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයුපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා තෙ තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා තථාගතො ‘අනොකසාරී’ති වුච්චති. එවං ඛො, ගහපති, අනොකසාරී හොති.
‘‘කථඤ්ච, ගහපති, නිකෙතසාරී හොති? රූපනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා ඛො, ගහපති, ‘නිකෙතසාරී’ති වුච්චති. සද්දනිමිත්ත...පෙ.... ගන්ධනිමිත්ත... රසනිමිත්ත... ඵොට්ඨබ්බනිමිත්ත... ධම්මනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා ඛො, ගහපති, ‘නිකෙතසාරී’ති වුච්චති. එවං ඛො, ගහපති, නිකෙතසාරී හොති.
‘‘කථඤ්ච, ගහපති, අනිකෙතසාරී හොති? රූපනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා ඛො, ගහපති, තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා තථාගතො ‘අනිකෙතසාරී’ති වුච්චති. සද්දනිමිත්ත... ගන්ධනිමිත්ත... රසනිමිත්ත... ඵොට්ඨබ්බනිමිත්ත... ධම්මනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා ඛො, ගහපති, තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා තථාගතො ‘අනිකෙතසාරී’ති වුච්චති. එවං ඛො, ගහපති, අනිකෙතසාරී හොති.
‘‘කථඤ්ච, ගහපති, ගාමෙ සන්ථවජාතො (සන්ධවජාතො (ක.)) හොති? ඉධ, ගහපති, එකච්චො ගිහීහි (ගිහි (ක.)) සංසට්ඨො විහරති සහනන්දී සහසොකී, සුඛිතෙසු සුඛිතො, දුක්ඛිතෙසු දුක්ඛිතො, උප්පන්නෙසු කිච්චකරණීයෙසු අත්තනා තෙසු යොගං ආපජ්ජති. එවං ඛො, ගහපති, ගාමෙ සන්ථවජාතො හොති.
‘‘කථඤ්ච, ගහපති, ගාමෙ න සන්ථවජාතො හොති? ඉධ, ගහපති, භික්ඛු ගිහීහි (ගිහි (ක.)) අසංසට්ඨො විහරති න සහනන්දී න සහසොකී න සුඛිතෙසු සුඛිතො න දුක්ඛිතෙසු දුක්ඛිතො, උප්පන්නෙසු කිච්චකරණීයෙසු න අත්තනා තෙසු යොගං ආපජ්ජති. එවං ඛො, ගහපති, ගාමෙ න සන්ථවජාතො හොති.
‘‘කථඤ්ච, ගහපති, කාමෙහි අරිත්තො හොති? ඉධ, ගහපති, එකච්චො කාමෙසු අවිගතරාගො හොති අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. එවං ඛො, ගහපති, කාමෙහි අරිත්තො හොති.
‘‘කථඤ්ච, ගහපති, කාමෙහි රිත්තො හොති? ඉධ, ගහපති, එකච්චො කාමෙසු විගතරාගො හොති විගතඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො . එවං ඛො, ගහපති, කාමෙහි රිත්තො හොති.
‘‘කථඤ්ච, ගහපති, පුරක්ඛරානො හොති? ඉධ, ගහපති, එකච්චස්ස එවං හොති - ‘එවංරූපො සියං අනාගතමද්ධානං, එවංවෙදනො සියං අනාගතමද්ධානං, එවංසඤ්ඤො සියං අනාගතමද්ධානං, එවංසඞ්ඛාරො සියං අනාගතමද්ධානං, එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධාන’න්ති. එවං ඛො, ගහපති, පුරක්ඛරානො හොති.
‘‘කථඤ්ච, ගහපති, අපුරක්ඛරානො හොති? ඉධ, ගහපති, එකච්චස්ස න එවං හොති - ‘එවංරූපො සියං අනාගතමද්ධානං, එවංවෙදනො සියං අනාගතමද්ධානං, එවංසඤ්ඤො සියං අනාගතමද්ධානං, එවංසඞ්ඛාරො සියං අනාගතමද්ධානං, එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධාන’න්ති. එවං ඛො, ගහපති, අපුරක්ඛරානො හොති.
‘‘කථඤ්ච , ගහපති, කථං විග්ගය්හ ජනෙන කත්තා හොති? ඉධ, ගහපති, එකච්චො එවරූපිං කථං කත්තා හොති - ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි; අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි; අහමස්මි සම්මාපටිපන්නො. පුරෙ වචනීයං පච්ඡා අවච; පච්ඡා වචනීයං පුරෙ අවච. සහිතං මෙ, අසහිතං තෙ. අධිචිණ්ණං තෙ විපරාවත්තං. ආරොපිතො තෙ වාදො; චර වාදප්පමොක්ඛාය. නිග්ගහිතොසි; නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ති. එවං ඛො, ගහපති, කථං විග්ගය්හ ජනෙන කත්තා හොති.
‘‘කථඤ්ච , ගහපති, කථං න විග්ගය්හ ජනෙන කත්තා හොති? ඉධ, ගහපති, භික්ඛු න එවරූපිං කථං කත්තා හොති - ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි...පෙ.... නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ති. එවං ඛො, ගහපති, කථං න විග්ගය්හ ජනෙන කත්තා හොති.
‘‘ඉති ඛො, ගහපති, යං තං වුත්තං භගවතා අට්ඨකවග්ගියෙ මාගණ්ඩියපඤ්හෙ -
‘‘ඔකං පහාය අනිකෙතසාරී,
ගාමෙ අකුබ්බං මුනිසන්ථවානි;
කාමෙහි රිත්තො අපුරක්ඛරානො,
කථං න විග්ගය්හ ජනෙන කයිරා’’ති.
‘‘ඉමස්ස ඛො, ගහපති, භගවතා සංඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො’’ති. තතියං.
3
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක ආයුෂ්මත්වූ මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ අවන්ති ජනපදයෙහි කුරිර ඝරනම් නගරයෙහි පවත්ත නම් පර්වතයෙහි වාසය කරන සේක.
ඉක්බිති හාලිද්දකානි නම් ගෘහපතිතෙමේ ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහාකාච්චායන ස්ථවිරයන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවූ හාලිද්දකානි ගෘහපතිතෙම ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේට මේ කාරණය සැලකළේය. එනම්: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටක වර්ගයෙහි මාගන්දිය ප්‍රශ්නයෙහි මෙසේ වදාරන ලදි.
‘ගෙය අත්හැර ගෙයි වාසය නොකරන්නාවූ ගම හා එක්ව නොවසන්නාවූ, කාමයන් කෙරෙන් මිදුණාවූ, සසර පෙරටුකොට නැත්තාවූ මහණතෙමේ කෙසේනම් ජනයා සමග විරුද්ධව කථා නොකරන්නේද?’
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දත යුතුද යනුයි.
“ගෘහපතිය, රූපස්කන්ධය වනාහි විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. විඥානය රූපස්කන්ධයෙහි ඇලෙන රාගයෙන් බැඳුණ විඤ්ඤාණය ඔක සාරීයයි’ කියනු ලැබේ. ගෘහපතිය, වේදනා ස්කන්ධය විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. වේදනාවෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානය ‘ඔක සාරීයයි’ කියනු ලැබේ.
“ගෘහපතිය, සංඥා ස්කන්ධය විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. සංඥා ස්කන්ධයෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානය ‘ඔකසාරීයයි’ කියනු ලැබේ.
“ගෘහපතිය, සංස්කාර ස්කන්ධ විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. සංස්කාර ස්කන්ධයෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානය ‘ඔකසාරීයයි’ කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි ඔකසාරී නම් වෙයි.
“ගෘහපතිය, කෙසේනම් අනොකසාරී නම් වේද? ගෘහපතිය, රූප ස්කන්ධයෙහි ඇලෙන යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තෘෂ්ණාවක් වේද, තෘෂ්ණා දෘෂ්ටි යන උපාසයන් සහ සතර උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට ස්ථානවූ, අනුසය ධර්මයෝ වෙත්ද ඔවුහු තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදහ. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහු. නැවත හට නොගන්නා ස්වභාවයක් කරන ලද්දාහුය. විනාශ කරන ලදහ. නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලදහ. එහෙයින් තථාගතයන් වහන්සේ ‘අනොකසාරීයයි’ කියනු ලැබේ.
“ගෘහපතිය වේදනා ස්කන්ධයෙහි, ගෘහපතිය, සංඥා ස්කන්ධයෙහි, ගෘහපතිය, සංස්කාර ස්කන්ධයෙහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තෘෂ්ණාවක් වේද, යම් තෘෂ්ණා දෘෂ්ටි යන උපාය සහ සතර උපාදානයෝ අකුසල් සිතට වාසස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුහු තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහ. මත්තෙහි නූපදනා බවට පමුණුවන ලද්දාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනොකසාරී යයි කියනු ලැබේ.
“ගෘහපතිය, විඥාන ධාතුවෙහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තෘෂ්ණාවක් වේද, යම් උපාය උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට වාසස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුහු තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදහ. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනොකසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනොකසාරී නම් වෙයි.
“ගෘහපතිය, කෙසේනම් නිකෙතසාරී (ගෙයි හැසිරෙන්නේ නම්) වේද, රූපාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, ශබ්දාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ. ගන්ධාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ. රසාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ. පොට්ඨබ්බාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකේතසාරීයයි කියනු ලැබේ. ධර්මාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය මෙසේ වනාහි නිකෙතසාරී නම් වෙයි.
“ගෘහපතිය, කෙසේ නම් අනිකෙතසාරී නම් වේද? ගෘහපතිය, රූපාරම්මණය නැමති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරී නම් වෙයි.
“ගෘහපතිය, ශබ්දාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශ ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරී නම් වෙයි.
“ගෘහපතිය, ගන්ධාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරී නම් වෙයි.
“ගෘහපතිය, රසාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශකරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරීනම් වෙයි.
“ගෘහපතිය, ස්පර්ශාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරීනම් වෙයි.
“ගෘහපතිය, ධර්මාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙත සාරීනම් වෙයි.
‘ගෘහපතිය, කෙසේ නම් ගම හා එක්වන ස්වභාවය ඇත්තේද? ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ගිහියන් හා එක්ව වාසය කරයි. එක්ව සතුටු වෙමින්, එක්ව ශෝකවෙමින් ගිහියන් හා සැපවත්වූ කල්හි තමාත් සැප සහිත වෙමින්, ගිහියන් දුක් සහිතවූ කල්හි තමාත් දුක් සහිත වෙමින්, ගිහියන්ගේ නොයෙක් කටයුතු උපන් කල්හි තමාත් ඔවුන් හා එක්වීමට පැමිණෙයි. ගෘහපතිය, මෙසේ වනාහි ගම හා එක්ව වාසය කරන්නේ නම් වේ.
“ගෘහපතිය, කෙසේනම් ගම හා එක්ව වාසය නොකරන්නේද? ගෘහපතිය, මේ ශාසනයෙහි මහණතෙම ගිහියන් හා මිශ්‍රව වාසය නොකරයි. ගිහියන් හා එක්ව සතුටු නොවන්නේ ශෝක නොවන්නේ ගිහියන් සැප සහිතවූ කල්හි තමාත් සැප සහිත නොවන්නේ ගිහියන් දුක් සහිතවූ කල්හි තමාත් දුක් සහිත නොවන්නේ ගිහියන්ගේ කටයුතු උපන් කල්හි ඒ කටයුතුවලට එක්වීමට නොපැමිණෙන්නේ වෙයි. ගෘහපතිය, මෙසේ වනාහි ගම හා එක් නොවන්නේ නම් වේ.
‘ගෘහපතිය, කෙසේ නම් කාමයන්ගෙන් නොමිදුණේ නම් වේද? ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්හි දුරු නොකළ රාගය ඇත්තේ වේද, දුරු නොකළ ඡන්දය ඇත්තේවේද, දුරු නොකළ ප්‍රේමය ඇත්තේ වේද, දුරු නොකළ පිපාසය ඇත්තේ වේද, දුරු නොකළ දාහය ඇත්තේ වේද, දුරු නොකළ තෘෂ්ණාව ඇත්තේ වේද, ගෘහපතිය, මෙසේ වනාහි කාමයන්ගෙන් නොමිදුණේ නම් වෙයි.
“ගෘහපතිය, කෙසේ නම් කාමයන්ගෙන් මිදුණේ නම් වේද? මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්හි දුරු කළ රාගය ඇත්තේවේද, දුරුකළ ඡන්දය ඇත්තේ වේද, දුරුකළ ප්‍රේමය ඇත්තේ වේද, දුරුකළ පිපාසය ඇත්තේ වේද, දුරුකළ දාහය ඇත්තේ වේද, දුරුකළ තෘෂ්ණාව ඇත්තේ වේද, ගෘහපතිය, මෙසේ වනාහි කාමයන්ගෙන් මිදුණේ නම් වෙයි.
“ගෘහපතිය, කෙසේ නම් සසර පෙරටුකොට ඇත්තේ නම් වේද, ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැමෙකුට අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්වා. මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳුවූ විඥාන ඇත්තෙක් වන්නෙම්වායි මෙසේ අදහස් වෙයි. ගෘහපතිය, මෙසේ වනාහි සසර පෙරටුකොට ඇත්තේ නම් වෙයි.
“ගෘහපතිය, කෙසේ නම් සසර පෙරටුකොට නැත්තේ නම් වේද, ගෘහපතිය මේ ශාසනයෙහි ඇතැම් කෙනෙකුට අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙම්වායි. මෙසේ අදහස් නොවේද, ගෘහපතිය, මෙසේ වනාහි සසර පෙරටුකොට නැත්තේ නම් වෙයි.
“ගෘහපතිය, කෙසේනම් ජනයා සමග විරුද්ධ කථා කරන්නේ නම් වේද? ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැමෙක් මෙවැනි කථා කරන්නේ වෙයි කෙසේද? ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දන්නෙමි. කිමෙක්ද නුඹ මේ ධර්ම විනය දන්නෙහිද, නුඹ වරදවා පිළිපන්නෙක් වෙහිය. මම මනාකොට පිළිපන්නෙක් වෙමි. පළමුව කියයුත්ත පසුව කීයෙහිය. පසුව කියයුත්ත පළමුව කීයෙහිය. මාගේ වචනය සිළුටුය (මධුරය.) තාගේ වචනය අසිළුටුය (අමධුරය) තා විසින් බොහෝ කලක් පුරුදු කරනලද වාදය මාගේ වාදයට පැමිණ, ක්ෂණයකින් නවතින්නේය. මා විසින් තොපගේ දෝෂය නංවනලදී. මේ වාදයෙන් මිදෙනු පිණිස ගුරුන් සොයා යව. ඉදින් නිග්‍රහ කරන ලද්දේවෙහි, හැකි නම් ප්‍රශ්නය විසඳව’ කියායි.
“ගෘහපතිය, මෙසේ වනාහි ජනයා සමග විරුද්ධ කථා කරන්නේ නම් වෙයි. ගෘහපතිය, කෙසේ නම් ජනයා සමග විරුද්ධ කථා නොකරන්නේ නම් වෙයිද?
“ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම මෙසේ කථා නොකරන්නේ වෙයි කෙසේද? ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය, මම මේ ධර්ම විනය දන්නෙමි. කිම, නුඹ මේ ධර්මවිනය දන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නේ වෙහිය. මම මනාකොට පිළිපන්නේ වෙමි. පළමුව කියයුත්ත පසුව කීවෙහිය. පසුව කියයුත්ත පළමුව කීවෙහිය. මාගේ වචනය සිළුටුය. තාගේ වචනය අසිළුටුය. තා විසින් බොහෝ කලක් පුරුදු කරන ලද්ද මාගේ වාදයට පැමිණ නවතියි. මා විසින් වාදය ආරොපනය කරනලදී. වාදයෙන් මිදෙනු පිණිස ගුරුන් කරා යව. නිග්‍රහ කරන ලද්දෙහි ඉදින් සමර්ථවෙහි නම් විසඳවයි’ මෙබඳු කථා නොකරන්නේ වෙයි.
“ගෘහපතිය, මෙසේ වනාහි ජනයා සමග විරුද්ධ කථා නොකරන්නේ වෙයි. ගෘහපතිය, මෙසේ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටක වර්ගයෙහි මාගන්දිය ප්‍රශ්නයෙහි “ගෙය අත්හැර ගෙයි වාසය නොකරන්නාවූ, ගම හා එක්ව නොවසන්නාවූ, කාමයන් කෙරෙන් මිදුණාවූ, සසර පෙරටු කොට නැත්තාවූ, මහණ තෙමේ කෙසේ ජනයා සමග විරුද්ධ කථා නොකරන්නේද?” යන යම් වචනය වදාරන ලද්දේද, ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාළ මේ වචනයාගේ අර්ථය විස්තර වශයෙන් මෙසේ දතයුතු.”
(තුන්වෙනි හාලිද්දකානි සූත්‍රය නිමි.)
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය
8. පිණ්ඩොල්‍යසුත්තං 8. පිණ්ඩොල සූත්‍රය
9. පාලිලෙය්‍යසුත්තං 9. පාරිලෙය්‍යක සූත්‍රය
10. පුණ්ණමසුත්තං 10. පුණ්ණමානි සූත්‍රය
9. ථෙරවග්ගො 9. ථෙර වර්ගය
1. ආනන්දසුත්තං 1. ආනන්ද සූත්‍රය
2. තිස්සසුත්තං 2. තිස්ස සූත්‍රය
3. යමකසුත්තං 3. යමක සූත්‍රය
4. අනුරාධසුත්තං 4. අනුරාධ සූත්‍රය
5. වක්කලිසුත්තං 5. වක්කලි සූත්‍රය
6. අස්සජිසුත්තං 6. අස්සජි සූත්‍රය
7. ඛෙමකසුත්තං 7. ඛෙමක සූත්‍රය
8. ඡන්නසුත්තං 8. ඡන්න සූත්‍රය
9. රාහුලසුත්තං 9. රාහුල සූත්‍රය
10. දුතියරාහුලසුත්තං 10. රාහුල සූත්‍රය
10. පුප්ඵවග්ගො 10. පුප්ඵ වර්ගය
1. නදීසුත්තං 1. නදී සූත්‍රය
2. පුප්ඵසුත්තං 2. පුප්ඵ සූත්‍රය
3. ඵෙණපිණ්ඩූපමසුත්තං 3. ඵෙණ සූත්‍රය
4. ගොමයපිණ්ඩසුත්තං 4. ගොමය සූත්‍රය
5. නඛසිඛාසුත්තං 5. නඛ සිඛ සූත්‍රය
6. සුද්ධිකසුත්තං 6. සාමුද්දක සූත්‍රය
7. ගද්දුලබද්ධසුත්තං 7. ගද්දුල සූත්‍රය
8. දුතියගද්දුලබද්ධසුත්තං 8. ගද්දුලා සූත්‍රය
9. වාසිජටසුත්තං 9. නාවා සූත්‍රය
10. අනිච්චසඤ්ඤාසුත්තං 10. සඤ්ඤා සූත්‍රය
11. අන්තවග්ගො 11. අන්ත වර්ගය
1. අන්තසුත්තං 1. අන්ත සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. සක්කායසුත්තං 3. සක්කාය සූත්‍රය
4. පරිඤ්ඤෙය්‍යසුත්තං 4. පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
5. සමණසුත්තං 5. සමණ සූත්‍රය
6. දුතියසමණසුත්තං 6. සමණ සූත්‍රය
7. සොතාපන්නසුත්තං 7. සෝතාපන්න සූත්‍රය
8. අරහන්තසුත්තං 8. අරහ සූත්‍රය
9. ඡන්දප්පහානසුත්තං 9. ඡන්ද රාග සූත්‍රය
10. දුතියඡන්දප්පහානසුත්තං 10. ඡන්ද රාග සූත්‍රය
12. ධම්මකථිකවග්ගො 12. ධර්මකථික වර්ගය
1. අවිජ්ජාසුත්තං 1. භික්ෂු සූත්‍රය
2. විජ්ජාසුත්තං 2. භික්ෂු සූත්‍රය
3. ධම්මකථිකසුත්තං 3. ධර්මකථික සූත්‍රය
4. දුතියධම්මකථිකසුත්තං 4. ධර්මකථික සූත්‍රය
5. බන්ධනසුත්තං 5. බන්ධන සූත්‍රය
6. පරිපුච්ඡිතසුත්තං 6. පරිමුච්චිත සූත්‍රය
7. දුතියපරිපුච්ඡිතසුත්තං 7. පරිමුච්චිත සූත්‍රය
8. සංයොජනියසුත්තං 8. සඤ්ඤොජන සූත්‍රය
9. උපාදානියසුත්තං 9. උපාදාන සූත්‍රය
10. සීලවන්තසුත්තං 10. සීල සූත්‍රය
11. සුතවන්තසුත්තං 11. සුතවා සූත්‍රය
12. කප්පසුත්තං 12. කප්ප සූත්‍රය
13. දුතියකප්පසුත්තං 13. කප්ප සූත්‍රය
13. අවිජ්ජාවග්ගො 13. අවිජ්ජා වර්ගය
1. සමුදයධම්මසුත්තං 1. සමුදය ධම්ම සූත්‍රය
2. දුතියසමුදයධම්මසුත්තං 2. සමුදය ධම්ම සූත්‍රය
3. තතියසමුදයධම්මසුත්තං 3. සමුදය ධම්ම සූත්‍රය
4. අස්සාදසුත්තං 4. අස්සාද සූත්‍රය
5. දුතියඅස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. සමුදයසුත්තං 6. සමුදය සූත්‍රය
7. දුතියසමුදයසුත්තං 7. සමුදය සූත්‍රය
8. කොට්ඨිකසුත්තං 8. කොට්ඨිත සූත්‍රය
9. දුතියකොට්ඨිකසුත්තං 9. කොට්ඨිත සූත්‍රය
10. තතියකොට්ඨිකසුත්තං 10. කොට්ඨිත සූත්‍රය
14. කුක්කුළවග්ගො 14. කුක්කුල වර්ගය
1. කුක්කුළසුත්තං 1. කුක්කුල සූත්‍රය
2. අනිච්චසුත්තං 2. අනිච්ච සූත්‍රය
3. දුතියඅනිච්චසුත්තං 3. අනිච්ච සූත්‍රය
4. තතියඅනිච්චසුත්තං 4. අනිච්ච සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. දුතියදුක්ඛසුත්තං 6. දුක්ඛ සූත්‍රය
7. තතියදුක්ඛසුත්තං 7. දුක්ඛ සූත්‍රය
8. අනත්තසුත්තං 8. අනත්ත සූත්‍රය
9. දුතියඅනත්තසුත්තං 9. අනත්ත සූත්‍රය
10. තතියඅනත්තසුත්තං 10. අනත්ත සූත්‍රය
11. නිබ්බිදාබහුලසුත්තං 11. කුලපුත්ත සූත්‍රය
12. අනිච්චානුපස්සීසුත්තං 12. කුලපුත්ත සූත්‍රය
13. දුක්ඛානුපස්සීසුත්තං 13. කුලපුත්ත සූත්‍රය
14. අනත්තානුපස්සීසුත්තං 14. කුලපුත්ත සූත්‍රය
15. දිට්ඨිවග්ගො 15. දිට්ඨි වර්ගය
1. අජ්ඣත්තසුත්තං 1. අජ්ඣත්ත සූත්‍රය
2. එතංමමසුත්තං 2. එතං මම සූත්‍රය
3. සොඅත්තාසුත්තං 3. සො අත්තා සූත්‍රය
4. නොචමෙසියාසුත්තං 4. නොච මෙ සියා සූත්‍රය
5. මිච්ඡාදිට්ඨිසුත්තං 5. මිච්ඡාදිට්ඨි සූත්‍රය
6. සක්කායදිට්ඨිසුත්තං 6. සක්කාය දිට්ඨි සූත්‍රය
7. අත්තානුදිට්ඨිසුත්තං 7. අත්තානු දිට්ඨි සූත්‍රය
8. අභිනිවෙසසුත්තං 8. විනිවේස සූත්‍රය
9. දුතියඅභිනිවෙසසුත්තං 9. විනිවේස සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය