ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
2
එවං මෙ සුතං - එකං සමයං භගවා සක්කෙසු (සක්‍යෙසු (ක.)) විහරති දෙවදහං නාම සක්‍යානං නිගමො. අථ ඛො සම්බහුලා පච්ඡාභූමගමිකා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘ඉච්ඡාම මයං, භන්තෙ, පච්ඡාභූමං ජනපදං ගන්තුං, පච්ඡාභූමෙ ජනපදෙ නිවාසං කප්පෙතු’’න්ති.
‘‘අපලොකිතො පන වො, භික්ඛවෙ, සාරිපුත්තො’’ති? ‘‘න ඛො නො, භන්තෙ, අපලොකිතො ආයස්මා සාරිපුත්තො’’ති. ‘‘අපලොකෙථ, භික්ඛවෙ, සාරිපුත්තං. සාරිපුත්තො, භික්ඛවෙ, පණ්ඩිතො, භික්ඛූනං අනුග්ගාහකො සබ්‍රහ්මචාරීන’’න්ති. ‘‘එවං භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං.
තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො භගවතො අවිදූරෙ අඤ්ඤතරස්මිං එළගලාගුම්බෙ නිසින්නො හොති. අථ ඛො තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරණීයං (සාරාණීයං (සී. ස්‍යා. කං. පී.)) වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ ආයස්මන්තං සාරිපුත්තං එතදවොචුං - ‘‘ඉච්ඡාම මයං, ආවුසො සාරිපුත්ත, පච්ඡාභූමං ජනපදං ගන්තුං, පච්ඡාභූමෙ ජනපදෙ නිවාසං කප්පෙතුං. අපලොකිතො නො සත්ථා’’ති.
‘‘සන්ති හාවුසො, නානාවෙරජ්ජගතං භික්ඛුං පඤ්හං පුච්ඡිතාරො - ඛත්තියපණ්ඩිතාපි බ්‍රාහ්මණපණ්ඩිතාපි ගහපතිපණ්ඩිතාපි සමණපණ්ඩිතාපි. පණ්ඩිතා හාවුසො, මනුස්සා වීමංසකා - ‘කිංවාදී පනායස්මන්තානං (කිංවාදායස්මන්තානං (පී. ක.)) සත්ථා කිමක්ඛායීති, කච්චි වො ආයස්මන්තානං ධම්මා සුස්සුතා සුග්ගහිතා සුමනසිකතා සූපධාරිතා සුප්පටිවිද්ධා පඤ්ඤාය, යථා බ්‍යාකරමානා ආයස්මන්තො වුත්තවාදිනො චෙව භගවතො අස්සථ, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛෙය්‍යාථ, ධම්මස්ස චානුධම්මං බ්‍යාකරෙය්‍යාථ, න ච කොචි සහධම්මිකො වාදානුවාදො (වාදානුපාතො (අට්ඨකථායං පාඨන්තරං)) ගාරය්හං ඨානං ආගච්ඡෙය්‍යා’’’ති?
‘‘දූරතොපි ඛො මයං, ආවුසො, ආගච්ඡෙය්‍යාම ආයස්මතො සාරිපුත්තස්ස සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. සාධු වතායස්මන්තංයෙව සාරිපුත්තං පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො’’ති. ‘‘තෙන හාවුසො, සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච -
‘‘සන්ති හාවුසො, නානාවෙරජ්ජගතං භික්ඛුං පඤ්හං පුච්ඡිතාරො - ඛත්තියපණ්ඩිතාපි ...පෙ.... සමණපණ්ඩිතාපි. පණ්ඩිතා හාවුසො, මනුස්සා වීමංසකා - ‘කිංවාදී පනායස්මන්තානං සත්ථා කිමක්ඛායී’ති? එවං පුට්ඨා තුම්හෙ, ආවුසො, එවං බ්‍යාකරෙය්‍යාථ - ‘ඡන්දරාගවිනයක්ඛායී ඛො නො, ආවුසො, සත්ථා’’’ති.
‘‘එවං බ්‍යාකතෙපි ඛො, ආවුසො, අස්සුයෙව උත්තරිං පඤ්හං පුච්ඡිතාරො - ඛත්තියපණ්ඩිතාපි...පෙ.... සමණපණ්ඩිතාපි. පණ්ඩිතා හාවුසො, මනුස්සා වීමංසකා - ‘කිස්මිං පනායස්මන්තානං ඡන්දරාගවිනයක්ඛායී සත්ථා’ති? එවං පුට්ඨා තුම්හෙ, ආවුසො, එවං බ්‍යාකරෙය්‍යාථ - ‘රූපෙ ඛො, ආවුසො, ඡන්දරාගවිනයක්ඛායී සත්ථා, වෙදනාය... සඤ්ඤාය... සඞ්ඛාරෙසු... විඤ්ඤාණෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථා’’’ති.
‘‘එවං බ්‍යාකතෙපි ඛො, ආවුසො, අස්සුයෙව උත්තරිං පඤ්හං පුච්ඡිතාරො - ඛත්තියපණ්ඩිතාපි...පෙ.... සමණපණ්ඩිතාපි. පණ්ඩිතා හාවුසො, මනුස්සා වීමංසකා - ‘කිං පනායස්මන්තානං ආදීනවං දිස්වා රූපෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථා, වෙදනාය... සඤ්ඤාය... සඞ්ඛාරෙසු... විඤ්ඤාණෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථා’ති? එවං පුට්ඨා තුම්හෙ, ආවුසො, එවං බ්‍යාකරෙය්‍යාථ - ‘රූපෙ ඛො, ආවුසො , අවිගතරාගස්ස (අවීතරාගස්ස (ස්‍යා. කං.)) අවිගතඡන්දස්ස අවිගතපෙමස්ස අවිගතපිපාසස්ස අවිගතපරිළාහස්ස අවිගතතණ්හස්ස තස්ස රූපස්ස විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. වෙදනාය... සඤ්ඤාය... සඞ්ඛාරෙසු අවිගතරාගස්ස...පෙ.... අවිගතතණ්හස්ස තෙසං සඞ්ඛාරානං විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. විඤ්ඤාණෙ අවිගතරාගස්ස අවිගතඡන්දස්ස අවිගතපෙමස්ස අවිගතපිපාසස්ස අවිගතපරිළාහස්ස අවිගතතණ්හස්ස තස්ස විඤ්ඤාණස්ස විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. ඉදං ඛො නො, ආවුසො, ආදීනවං දිස්වා රූපෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථා, වෙදනාය... සඤ්ඤාය... සඞ්ඛාරෙසු... විඤ්ඤාණෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථා’’’ති.
‘‘එවං බ්‍යාකතෙපි ඛො, ආවුසො, අස්සුයෙව උත්තරිං පඤ්හං පුච්ඡිතාරො - ඛත්තියපණ්ඩිතාපි බ්‍රාහ්මණපණ්ඩිතාපි ගහපතිපණ්ඩිතාපි සමණපණ්ඩිතාපි. පණ්ඩිතා හාවුසො, මනුස්සා වීමංසකා - ‘කිං පනායස්මන්තානං ආනිසංසං දිස්වා රූපෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථා, වෙදනාය... සඤ්ඤාය... සඞ්ඛාරෙසු... විඤ්ඤාණෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථා’ති? එවං පුට්ඨා තුම්හෙ , ආවුසො, එවං බ්‍යාකරෙය්‍යාථ - ‘රූපෙ ඛො, ආවුසො, විගතරාගස්ස විගතඡන්දස්ස විගතපෙමස්ස විගතපිපාසස්ස විගතපරිළාහස්ස විගතතණ්හස්ස තස්ස රූපස්ස විපරිණාමඤ්ඤථාභාවා නුප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. වෙදනාය... සඤ්ඤාය... සඞ්ඛාරෙසු විගතරාගස්ස විගතඡන්දස්ස විගතපෙමස්ස විගතපිපාසස්ස විගතපරිළාහස්ස විගතතණ්හස්ස තෙසං සඞ්ඛාරානං විපරිණාමඤ්ඤථාභාවා නුප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. විඤ්ඤාණෙ විගතරාගස්ස විගතඡන්දස්ස විගතපෙමස්ස විගතපිපාසස්ස විගතපරිළාහස්ස විගතතණ්හස්ස තස්ස විඤ්ඤාණස්ස විපරිණාමඤ්ඤථාභාවා නුප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. ඉදං ඛො නො, ආවුසො, ආනිසංසං දිස්වා රූපෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථා, වෙදනාය... සඤ්ඤාය... සඞ්ඛාරෙසු... විඤ්ඤාණෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථා’’’ති.
‘‘අකුසලෙ චාවුසො, ධම්මෙ උපසම්පජ්ජ විහරතො දිට්ඨෙ චෙව ධම්මෙ සුඛො විහාරො අභවිස්ස අවිඝාතො අනුපායාසො අපරිළාහො, කායස්ස ච භෙදා පරං මරණා සුගති පාටිකඞ්ඛා, නයිදං භගවා අකුසලානං ධම්මානං පහානං වණ්ණෙය්‍ය. යස්මා ච ඛො, ආවුසො, අකුසලෙ ධම්මෙ උපසම්පජ්ජ විහරතො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛො විහාරො සවිඝාතො සඋපායාසො සපරිළාහො, කායස්ස ච භෙදා පරං මරණා දුග්ගති පාටිකඞ්ඛා, තස්මා භගවා අකුසලානං ධම්මානං පහානං වණ්ණෙති.
‘‘කුසලෙ චාවුසො, ධම්මෙ උපසම්පජ්ජ විහරතො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛො විහාරො අභවිස්ස සවිඝාතො සඋපායාසො සපරිළාහො, කායස්ස ච භෙදා පරං මරණා දුග්ගති පාටිකඞ්ඛා, නයිදං භගවා කුසලානං ධම්මානං උපසම්පදං වණ්ණෙය්‍ය. යස්මා ච ඛො, ආවුසො, කුසලෙ ධම්මෙ උපසම්පජ්ජ විහරතො දිට්ඨෙ චෙව ධම්මෙ සුඛො විහාරො අවිඝාතො අනුපායාසො අපරිළාහො, කායස්ස ච භෙදා පරං මරණා සුගති පාටිකඞ්ඛා, තස්මා භගවා කුසලානං ධම්මානං උපසම්පදං වණ්ණෙතී’’ති.
ඉදමවොචායස්මා සාරිපුත්තො. අත්තමනා තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති. දුතියං.
2
මා විසින් මෙසේ අසලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි දෙව්දහ නම්වූ ශාක්‍යයන්ගේ නියම්ගමෙහි වැඩවාසය කරනසේක. එකල්හි පච්ඡාභූමි නම් ජනපදයට යනු කැමැතිවූ බොහෝ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නාහුය. එකත්පසෙක උන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළහ.
“ස්වාමීනි, අපි පච්ඡාභූමි නම් ජනපදයට යාමට කැමැත්තෙමු. පච්ඡාභූමි නම් ජනපදයෙහි වාසය කිරීමට කැමැත්තෙමු යනුයි.”
“මහණෙනි, තොප විසින් සාරිපුත්තට දන්වන ලද්දේද?” ස්වාමීනි, අප විසින් ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට නොදන්වන ලද්දේය.” “මහණෙනි, සාරිපුත්තට දන්වව්. සබ්‍රහ්මචාරී භික්ෂූන්ට අනුග්‍රහ කරන පණ්ඩිත භික්ෂුවකැයි වදාළේය.”
“එසේය. ස්වාමීනි” යයි ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ.
එකල්හි වනාහි ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට නුදුරු තන්හි එක්තරා ගසකින් සෙවෙනවූ මණ්ඩපයෙක්හි හුන්නේ වෙයි.
ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුවී එය අනුමෝදන්වී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා, එක් පසෙක උන්නාහුය. එක්පසෙක උන්නාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැලකළාහුය. “ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයාණෙනි, අපි පච්ඡාභූමි නම් ජනපදයට යෑමට හා පච්ඡාභූම ජනපදයෙහි වාසය කිරීමටද කැමැත්තෙමු” යනුයි. “අප විසින් භාග්‍යවතුන් වහන්සේ විචාරණ ලද්දේයයිද කීහ.”
“ඇවැත්නි, නොයෙක් රාජ්‍යයන්ගෙන් පැමිණියාවූ භික්ෂූන්ගෙන් ප්‍රශ්න විචාරන්නාවූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද ඇත්තාහ. ඇවැත්නි, මනුෂ්‍ය පණ්ඩිතයෝ ‘ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲන් වහන්සේ කිනම් වාද ඇත්තෙක්ද කුමක්කියන්නෙක්දැයි’ විමසන්නෝය ‘ආයුෂ්මත්වූ ඔබවහන්සේලා විසින් කිනම් ධර්මය මනාව අසන ලද්දාහුද? මනාව ඉගෙනගන්නා ලද්දාහුද? මනාව මෙනෙහි කරන ලද්දාහුද? මනාව සිතින් දරා ගන්නා ලද්දාහුද? යම්සේ ප්‍රකාශ කරනු ලබන්නාවූ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෝ වන්නහුද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් දොස් නොකියන්නෝ වන්නහුද? ලෝකෝත්තර ධර්මයට අනුකූල ධර්මයක් ප්‍රකාශ කරන්නහුද? කරුණු සහිතවූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුකූලවූ කීමක් ගැරහිය යුතු තැනකට නොපැමිණේදැයි’ ඇසූහ.”
“ඇවැත්නි, අපි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ සමීපයෙහිදී මේ වචනයාගේ අර්ථය දැනගැනීමට දුර සිටම එන්නෙමු. මේ වචනයාගේ අර්ථය ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට වැටහෙනසේක් නම් ඉතා යෙහෙක.”
“ඇවැත්නි, එසේවී නම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි” “ඇවැත්නි, එසේය”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළහ.
“ඇවැත්නි, නොයෙක් රාජ්‍යවලින් පැමිණියාවූ භික්ෂූන්ගෙන් ප්‍රශ්න විචාරන්නාවූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද ශ්‍රමණ පණ්ඩිතයෝද ඇත්තාහුය. ඇවැත්නි, මනුෂ්‍ය පණ්ඩිතයෝ ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲන් වහන්සේ කිනම් වාද ඇත්තෝද, කුමක් ප්‍රකාශ කරන්නේදැයි විමසන්නෝය. ඇවැත්නි, මෙසේ විචාරණ ලද්දාවූ තෙපි මෙසේ ප්‍රකාශ කරව්.”
“ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ ඡන්දරාගය දුරු කිරීම ප්‍රකාශ කරනසේකැ”යි ඇවැත්නි, මෙසේ ප්‍රකාශ කළ කල්හිද මත්තෙහි ප්‍රශ්න විචාරන්නාවූ අන්‍යවූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද ඇත්තාහුය. ඇවැත්නි, මනුෂ්‍ය පණ්ඩිතයෝ අර්ථ විමසන්නෝය. ‘ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲන් වහන්සේ කවර දෙයක ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරනසේක්ද?’ ඇවැත්නි, මෙසේ විචාරන ලද්දාවූ තොපි මෙසේ ප්‍රකාශ කරව්.
“ඇවැත්නි, ශාස්තෲන්වහන්සේ රූපයෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන සේක. ශාස්තෲන් වහන්සේ වේදනාවෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරනසේක. ශාස්තෲන් වහන්සේ සංඥාවෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරනසේක. ශාස්තෲන් වහන්සේ සංස්කාරයන්හි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන සේක. ශාස්තෲන් වහන්සේ විඥානයෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන සේක” යනුවෙනි.
“ඇවැත්නි, මෙසේ ප්‍රකාශ කළ කල්හි මත්තෙහි ප්‍රශ්න විචාරන්නාවූ අන්‍ය ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද ඇත්තාහුය.
“ඇවැත්නි, මනුෂ්‍ය පණ්ඩිතයෝ අර්ථ විමසන්නෝය. ‘ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲතෙමේ කිනම් ආදීනවයක් දැක, රූපයෙහි ඡන්දරාගය දුරු කිරීම ප්‍රකාශ කරන්නේද? ශාස්තෲතෙමේ වේදනාවෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන්නේද? ශාස්තෲතෙමේ සංඥාවෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන්නේද? ශාස්තෲතෙමේ සංස්කාරයන්හි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන්නේද? ශාස්තෲතෙමේ විඥානයෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන්නේද?’ ඇවැත්නි, මෙසේ විචාරන ලද්දාවූ තෙපි මෙසේ ප්‍රකාශ කරව්.
“ඇවැත්නි, රූපයෙහි දුරු නොවූ රාගය ඇත්තහුට, දුරු නොවූ ඡන්දය ඇත්තහුට, දුරු නොවූ ප්‍රේමය ඇත්තහුට, දුරු නොවූ පිපාසය ඇත්තහුට, දුරු නොවූ දාහය ඇත්තහුට, දුරු නොවූ තණ්හාව ඇත්තහුට ඒ රූපයාගේ පෙරලීමකට වෙනස් බවකට පැමිණීම හේතුකොට ගෙන ශෝක, පරිදේව, දුක් දොම්නස් සහ උපායාසයෝ උපදිත්.
“වේදනාවෙහි දුරු නොවූ රාගය ඇත්තහුට, දුරු නොවූ ඡන්දය ඇත්තහුට, දුරු නොවූ ප්‍රේමය ඇත්තහුට, දුරු නොවූ පිපාසය ඇත්තහුට, දුරු නොවූ දාහය ඇත්තහුට, දුරු නොවූ තණ්හාව ඇත්තහුට, ඒ වේදනාවගේ පෙරලීමකට, වෙනස් බවකට පැමිණීම හේතුකොටගෙන, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.
“සංඥාවෙහි දුරුනොවූ රාගය ඇත්තහුට, දුරු නොවූ ඡන්දය ඇත්තහුට, දුරු නොවූ ප්‍රේමය ඇත්තහුට, දුරු නොවූ පිපාසය ඇත්තහුට, දුරු නොවූ දාහය ඇත්තහුට, දුරු නොවූ තණ්හාව ඇත්තහුට ඒ සංඥාවගේ පෙරලීමකට වෙනස් බවකට පැමිණීම හේතුකොටගෙන ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.
“සංස්කාරයන්හි දුරු නොවූ රාගය ඇත්තහුට, දුරු නොවූ ඡන්දය ඇත්තහුට, දුරු නොවූ ප්‍රේමය ඇත්තහුට, දුරුනොවූ පිපාසය ඇත්තහුට, දුරු නොවූ දාහය ඇත්තහුට, දුරුනොවූ තෘෂ්ණාව ඇත්තහුට ඒ සංස්කාරයන්ගේ වෙනස් වීමක් පෙරලීමක් හේතුකොටගෙන ශෝක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.
“විඥානයෙහි දුරුනොවූ රාගය ඇත්තහුට දුරුනොවූ ඡන්දය ඇත්තහුට, දුරුනොවූ ප්‍රේමය ඇත්තහුට, දුරුනොවූ පිපාසය ඇත්තහුට, දුරුනොවූ දාහය ඇත්තහුට, දුරුනොවූ තෘෂ්ණාව ඇත්තහුට, විඥානයාගේ වෙනස්වීම, පෙරලීම හේතුකොටගෙන ශෝක, පරිදේව, දුක්, දොම්නස්, සහ උපායාසයෝ උපදිත්.
“ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ මේ ආදීනවය දැක, රූපයෙහිද, වේදනාවෙහිද, සංඥාවෙහිද, සංස්කාරයන්හිද, ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන සුළුසේක්ය යනුයි.
“ඇවැත්නි, මෙසේ කී කල්හිද මත්තෙහි ප්‍රශ්න විචාරන්නාවූ අන්‍යවූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද ඇත්තාහුය.
“ඇවැත්නි, මනුෂ්‍ය පණ්ඩිතයෝ අර්ථ විමසන්නෝය. ‘ආයුෂ්මතුන්ගේ ශාස්තෲතෙම රූපය කිනම් ආනිසංසයක් දැක, ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන්නේද, ශාස්තෲ තෙම වේදනාවෙහි, සංඥාවෙහි, සංස්කාරයන්හි, විඥානයෙහි, ඡන්දරාගය, දුරුකිරීම, ප්‍රකාශ කරන්නේ දැයි’ අසන්නාහුය. ඇවැත්නි, මෙසේ අසන ලද්දාවූ තොපි මෙසේ ප්‍රකාශ කරව්, ‘ඇවැත්නි, රූපයෙහි වනාහි දුරුවූ රාගය ඇති, දුරුවූ ඡන්දය ඇති, දුරුවූ ප්‍රේමය ඇති’ දුරුවූ පිපාසය ඇති, දුරුවූ දාහය ඇති, දුරුවූ තණ්හාව ඇති, ඕහට රූපයාගේ වෙනස්වීමෙන් හා පෙරළීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් හා උපායාසයෝ නූපදිත්.’
“වේදනාවෙහි දුරුවූ රාග ඇති, දුරුවූ ඡන්දය ඇති, දුරුවූ ප්‍රේමය ඇති දුරුවූ පිපාසය ඇති, දුරුවූ දාහය ඇති, දුරුවූ තණ්හාව ඇති ඕහට ඒ වේදනාවන්ගේ පෙරළීමෙන් වෙනස්වීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.
“සංඥාවෙහි දුරුවූ රාගය ඇති, දුරුවූ ඡන්දය ඇති, දුරුවූ ප්‍රේමය ඇති, දුරුවූ පිපාසය ඇති, දුරුවූ දාහය ඇති, දුරුවූ තණ්හාව ඇති, ඕහට ඒ සංඥාවේ පෙරලීමෙන්, වෙනස්වීමෙන් ශෝක, පරිදේව, දුක් දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.
“සංස්කාරයන්හි දුරුවූ රාගය ඇති, දුරුවූ ඡන්දය ඇති, දුරුවූ ප්‍රේමය ඇති, දුරුවූ පිපාසය ඇති, දුරුවූ දාහය ඇති, දුරුවූ තණ්හාව ඇති ඕහට ඒ සංස්කාරයන්ගේ පෙරලීමෙන් වෙනස් වීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.
“විඥානයෙහි දුරුවූ රාගය ඇති, දුරුවූ ඡන්දය ඇති, දුරුවූ ප්‍රේමය ඇති, දුරුවූ පිපාසය ඇති, දුරුවූ දාහය ඇති, දුරුවූ තෘෂ්ණාව ඇති ඕහට විඥානයාගේ පෙරළීමෙන් වෙනස් වීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.
“ඇවැත්නි, අපගේ ශාස්තෲන්වහන්සේ මේ ආනිසංස දැක, රූපයෙහි ඡන්දරාග දුරුකිරීම දේශනාකරන සේක. ශාස්තෲන්වහන්සේ වේදනාවෙහි ඡන්දරාගය දුරුකිරීම දේශනා කරන සේක. ශාස්තෲන්වහන්සේ සංඥාවෙහි ඡන්දරාගය දුරුකිරීම දේශනා කරන සේක. ශාස්තෲන්වහන්සේ සංස්කාරයන්හි ඡන්දරාගය දුරුකිරීම දේශනා කරන සේක. ශාස්තෲන් වහන්සේ විඥානයෙහි ඡන්දරාගය දුරුකිරීම දේශනා කරන සේක.’ යනුවෙනි.”
“ඇවැත්නි, අකුශල ධර්මයන්ට පැමිණ වාසය කරන්නහුට මේ ආත්මයෙහි දුක් නැත්තාවූ, තැවීම් නැත්තාවූ, සැප විහරණයක් වන්නේනම් ශරීර භෙදයෙන් මරණින් මත්තෙහි සුගතියක් කැමතිවිය යුත්තී නම් භාග්‍යවතුන් වහන්සේ මේ අකුශල ධර්මයන්ගේ දුරුකිරීම වර්ණනා නොකරන සේක.”
“ඇවැත්නි, යම්හෙයකින් වනාහි අකුසල ධර්මයන්ට පැමිණ වාසය කරන්නාහට දුක් සහිතවූ, තැවීම් සහිතවූ, දැවීම් සහිතවූ, දුක්ඛ විහරණයක් වන්නේද, කායයාගේ භේදයෙන් මරණින් මත්තෙහි දුර්ගතිය කැමතිවිය යුත්තීද? එහෙයින් භාග්‍යවතුන් වහන්සේ අකුශල ධර්මයන්ගේ දුරු කිරීම වර්ණනා කරන සේක.”
“ඇවැත්නි, කුශල ධර්මයන්ට පැමිණ වාසය කරන්නහුට මේ ආත්මයෙහිම දුක් සහිතවූ, තැවීම් සහිතවූ, දැවීම් සහිතවූ දුක්ඛ විහරණයක් වන්නේ නම් කායයාගේ භේදයෙන් මරණින් මත්තෙහි දුර්ගතියක් කැමැතිවිය යුත්තී නම් භාග්‍යවතුන් වහන්සේ කුසල ධර්මයන්ට පැමිණීම වර්ණනා නොකරන සේක.
“ඇවැත්නි, යම්හෙයකින් කුසලධර්මයන්ට පැමිණ වාසය කරන්නාහට මේ ආත්මයෙහිම දුක් රහිතවූ, තැවීම් රහිතවූ, දැවීම් රහිතවූ, සුඛවිහරණයක් වන්නේ ද, කායයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සුගතියක් කැමතිවිය යුත්තීද? එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කුසල ධර්මයන්ට පැමිණීම වර්ණනා කරන සේකැයි” ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් කාරණය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනයට සතුටු වූහ.
(දෙවෙනි දේවදහ සූත්‍රය නිමි.)
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය
8. පිණ්ඩොල්‍යසුත්තං 8. පිණ්ඩොල සූත්‍රය
9. පාලිලෙය්‍යසුත්තං 9. පාරිලෙය්‍යක සූත්‍රය
10. පුණ්ණමසුත්තං 10. පුණ්ණමානි සූත්‍රය
9. ථෙරවග්ගො 9. ථෙර වර්ගය
1. ආනන්දසුත්තං 1. ආනන්ද සූත්‍රය
2. තිස්සසුත්තං 2. තිස්ස සූත්‍රය
3. යමකසුත්තං 3. යමක සූත්‍රය
4. අනුරාධසුත්තං 4. අනුරාධ සූත්‍රය
5. වක්කලිසුත්තං 5. වක්කලි සූත්‍රය
6. අස්සජිසුත්තං 6. අස්සජි සූත්‍රය
7. ඛෙමකසුත්තං 7. ඛෙමක සූත්‍රය
8. ඡන්නසුත්තං 8. ඡන්න සූත්‍රය
9. රාහුලසුත්තං 9. රාහුල සූත්‍රය
10. දුතියරාහුලසුත්තං 10. රාහුල සූත්‍රය
10. පුප්ඵවග්ගො 10. පුප්ඵ වර්ගය
1. නදීසුත්තං 1. නදී සූත්‍රය
2. පුප්ඵසුත්තං 2. පුප්ඵ සූත්‍රය
3. ඵෙණපිණ්ඩූපමසුත්තං 3. ඵෙණ සූත්‍රය
4. ගොමයපිණ්ඩසුත්තං 4. ගොමය සූත්‍රය
5. නඛසිඛාසුත්තං 5. නඛ සිඛ සූත්‍රය
6. සුද්ධිකසුත්තං 6. සාමුද්දක සූත්‍රය
7. ගද්දුලබද්ධසුත්තං 7. ගද්දුල සූත්‍රය
8. දුතියගද්දුලබද්ධසුත්තං 8. ගද්දුලා සූත්‍රය
9. වාසිජටසුත්තං 9. නාවා සූත්‍රය
10. අනිච්චසඤ්ඤාසුත්තං 10. සඤ්ඤා සූත්‍රය
11. අන්තවග්ගො 11. අන්ත වර්ගය
1. අන්තසුත්තං 1. අන්ත සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. සක්කායසුත්තං 3. සක්කාය සූත්‍රය
4. පරිඤ්ඤෙය්‍යසුත්තං 4. පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
5. සමණසුත්තං 5. සමණ සූත්‍රය
6. දුතියසමණසුත්තං 6. සමණ සූත්‍රය
7. සොතාපන්නසුත්තං 7. සෝතාපන්න සූත්‍රය
8. අරහන්තසුත්තං 8. අරහ සූත්‍රය
9. ඡන්දප්පහානසුත්තං 9. ඡන්ද රාග සූත්‍රය
10. දුතියඡන්දප්පහානසුත්තං 10. ඡන්ද රාග සූත්‍රය
12. ධම්මකථිකවග්ගො 12. ධර්මකථික වර්ගය
1. අවිජ්ජාසුත්තං 1. භික්ෂු සූත්‍රය
2. විජ්ජාසුත්තං 2. භික්ෂු සූත්‍රය
3. ධම්මකථිකසුත්තං 3. ධර්මකථික සූත්‍රය
4. දුතියධම්මකථිකසුත්තං 4. ධර්මකථික සූත්‍රය
5. බන්ධනසුත්තං 5. බන්ධන සූත්‍රය
6. පරිපුච්ඡිතසුත්තං 6. පරිමුච්චිත සූත්‍රය
7. දුතියපරිපුච්ඡිතසුත්තං 7. පරිමුච්චිත සූත්‍රය
8. සංයොජනියසුත්තං 8. සඤ්ඤොජන සූත්‍රය
9. උපාදානියසුත්තං 9. උපාදාන සූත්‍රය
10. සීලවන්තසුත්තං 10. සීල සූත්‍රය
11. සුතවන්තසුත්තං 11. සුතවා සූත්‍රය
12. කප්පසුත්තං 12. කප්ප සූත්‍රය
13. දුතියකප්පසුත්තං 13. කප්ප සූත්‍රය
13. අවිජ්ජාවග්ගො 13. අවිජ්ජා වර්ගය
1. සමුදයධම්මසුත්තං 1. සමුදය ධම්ම සූත්‍රය
2. දුතියසමුදයධම්මසුත්තං 2. සමුදය ධම්ම සූත්‍රය
3. තතියසමුදයධම්මසුත්තං 3. සමුදය ධම්ම සූත්‍රය
4. අස්සාදසුත්තං 4. අස්සාද සූත්‍රය
5. දුතියඅස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. සමුදයසුත්තං 6. සමුදය සූත්‍රය
7. දුතියසමුදයසුත්තං 7. සමුදය සූත්‍රය
8. කොට්ඨිකසුත්තං 8. කොට්ඨිත සූත්‍රය
9. දුතියකොට්ඨිකසුත්තං 9. කොට්ඨිත සූත්‍රය
10. තතියකොට්ඨිකසුත්තං 10. කොට්ඨිත සූත්‍රය
14. කුක්කුළවග්ගො 14. කුක්කුල වර්ගය
1. කුක්කුළසුත්තං 1. කුක්කුල සූත්‍රය
2. අනිච්චසුත්තං 2. අනිච්ච සූත්‍රය
3. දුතියඅනිච්චසුත්තං 3. අනිච්ච සූත්‍රය
4. තතියඅනිච්චසුත්තං 4. අනිච්ච සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. දුතියදුක්ඛසුත්තං 6. දුක්ඛ සූත්‍රය
7. තතියදුක්ඛසුත්තං 7. දුක්ඛ සූත්‍රය
8. අනත්තසුත්තං 8. අනත්ත සූත්‍රය
9. දුතියඅනත්තසුත්තං 9. අනත්ත සූත්‍රය
10. තතියඅනත්තසුත්තං 10. අනත්ත සූත්‍රය
11. නිබ්බිදාබහුලසුත්තං 11. කුලපුත්ත සූත්‍රය
12. අනිච්චානුපස්සීසුත්තං 12. කුලපුත්ත සූත්‍රය
13. දුක්ඛානුපස්සීසුත්තං 13. කුලපුත්ත සූත්‍රය
14. අනත්තානුපස්සීසුත්තං 14. කුලපුත්ත සූත්‍රය
15. දිට්ඨිවග්ගො 15. දිට්ඨි වර්ගය
1. අජ්ඣත්තසුත්තං 1. අජ්ඣත්ත සූත්‍රය
2. එතංමමසුත්තං 2. එතං මම සූත්‍රය
3. සොඅත්තාසුත්තං 3. සො අත්තා සූත්‍රය
4. නොචමෙසියාසුත්තං 4. නොච මෙ සියා සූත්‍රය
5. මිච්ඡාදිට්ඨිසුත්තං 5. මිච්ඡාදිට්ඨි සූත්‍රය
6. සක්කායදිට්ඨිසුත්තං 6. සක්කාය දිට්ඨි සූත්‍රය
7. අත්තානුදිට්ඨිසුත්තං 7. අත්තානු දිට්ඨි සූත්‍රය
8. අභිනිවෙසසුත්තං 8. විනිවේස සූත්‍රය
9. දුතියඅභිනිවෙසසුත්තං 9. විනිවේස සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය