ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
1
එවං මෙ සුතං - එකං සමයං භගවා භග්ගෙසු විහරති සුසුමාරගිරෙ (සුංසුමාරගිරෙ (සී. ස්‍යා. කං. පී.)) භෙසකළාවනෙ මිගදායෙ. අථ ඛො නකුලපිතා ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො නකුලපිතා ගහපති භගවන්තං එතදවොච -
‘‘අහමස්මි , භන්තෙ, ජිණ්ණො වුඩ්ඪො මහල්ලකො අද්ධගතො වයොඅනුප්පත්තො ආතුරකායො අභික්ඛණාතඞ්කො. අනිච්චදස්සාවී ඛො පනාහං, භන්තෙ, භගවතො මනොභාවනීයානඤ්ච භික්ඛූනං. ඔවදතු මං, භන්තෙ, භගවා; අනුසාසතු මං, භන්තෙ, භගවා; යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා’’ති.
‘‘එවමෙතං, ගහපති, එවමෙතං, ගහපති! ආතුරො හායං, ගහපති, කායො අණ්ඩභූතො පරියොනද්ධො. යො හි, ගහපති, ඉමං කායං පරිහරන්තො මුහුත්තම්පි ආරොග්‍යං පටිජානෙය්‍ය, කිමඤ්ඤත්‍ර බාල්‍යා? තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘ආතුරකායස්ස මෙ සතො චිත්තං අනාතුරං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බ’’න්ති.
අථ ඛො නකුලපිතා ගහපති භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො නකුලපිතරං ගහපතිං ආයස්මා සාරිපුත්තො එතදවොච - ‘‘විප්පසන්නානි ඛො තෙ, ගහපති, ඉන්ද්‍රියානි; පරිසුද්ධො මුඛවණ්ණො පරියොදාතො. අලත්ථ නො අජ්ජ භගවතො සම්මුඛා ධම්මිං කථං සවනායා’’ති?
‘‘කථඤ්හි නො සියා, භන්තෙ! ඉදානාහං, භන්තෙ, භගවතා ධම්මියා කථාය අමතෙන අභිසිත්තො’’ති. ‘‘යථා කථං පන ත්වං, ගහපති, භගවතා ධම්මියා කථාය අමතෙන අභිසිත්තො’’ති? ‘‘ඉධාහං, භන්තෙ, යෙන භගවා තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නො ඛ්වාහං, භන්තෙ, භගවන්තං එතදවොචං - ‘අහමස්මි, භන්තෙ, ජිණ්ණො වුඩ්ඪො මහල්ලකො අද්ධගතො වයොඅනුප්පත්තො ආතුරකායො අභික්ඛණාතඞ්කො. අනිච්චදස්සාවී ඛො පනාහං, භන්තෙ, භගවතො මනොභාවනීයානඤ්ච භික්ඛූනං. ඔවදතු මං, භන්තෙ, භගවා; අනුසාසතු මං, භන්තෙ, භගවා; යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා’’’ති.
‘‘එවං වුත්තෙ , මං, භන්තෙ, භගවා එතදවොච - ‘එවමෙතං, ගහපති, එවමෙතං, ගහපති! ආතුරො හායං, ගහපති, කායො අණ්ඩභූතො පරියොනද්ධො. යො හි, ගහපති, ඉමං කායං පරිහරන්තො මුහුත්තම්පි ආරොග්‍යං පටිජානෙය්‍ය, කිමඤ්ඤත්‍ර බාල්‍යා? තස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං - ආතුරකායස්ස මෙ සතො චිත්තං අනාතුරං භවිස්සතීති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බ’න්ති. එවං ඛ්වාහං, භන්තෙ, භගවතා ධම්මියා කථාය අමතෙන අභිසිත්තො’’ති.
‘‘න හි පන තං, ගහපති, පටිභාසි භගවන්තං (තං භගවන්තං (සී.)) උත්තරිං පටිපුච්ඡිතුං - ‘කිත්තාවතා නු ඛො, භන්තෙ, ආතුරකායො චෙව හොති ආතුරචිත්තො ච, කිත්තාවතා ච පන ආතුරකායො හි ඛො හොති නො ච ආතුරචිත්තො’’’ති ? ‘‘දූරතොපි ඛො මයං, භන්තෙ, ආගච්ඡෙය්‍යාම ආයස්මතො සාරිපුත්තස්ස සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. සාධු වතායස්මන්තංයෙව සාරිපුත්තං පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො’’ති.
‘‘තෙන හි, ගහපති, සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො නකුලපිතා ගහපති ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසි. ආයස්මා සාරිපුත්තො එතදවොච -
‘‘කථඤ්ච, ගහපති, ආතුරකායො චෙව හොති, ආතුරචිත්තො ච? ඉධ, ගහපති, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං; අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. ‘අහං රූපං, මම රූප’න්ති පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං රූපං, මම රූප’න්ති පරියුට්ඨට්ඨායිනො තං රූපං විපරිණමති අඤ්ඤථා හොති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
‘‘වෙදනං අත්තතො සමනුපස්සති, වෙදනාවන්තං වා අත්තානං; අත්තනි වා වෙදනං, වෙදනාය වා අත්තානං. ‘අහං වෙදනා, මම වෙදනා’ති පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං වෙදනා, මම වෙදනා’ති පරියුට්ඨට්ඨායිනො, සා වෙදනා විපරිණමති අඤ්ඤථා හොති. තස්ස වෙදනාවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
‘‘සඤ්ඤං අත්තතො සමනුපස්සති, සඤ්ඤාවන්තං වා අත්තානං; අත්තනි වා සඤ්ඤං, සඤ්ඤාය වා අත්තානං. ‘අහං සඤ්ඤා, මම සඤ්ඤා’ති පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං සඤ්ඤා, මම සඤ්ඤා’ති පරියුට්ඨට්ඨායිනො, සා සඤ්ඤා විපරිණමති අඤ්ඤථා හොති. තස්ස සඤ්ඤාවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
‘‘සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, සඞ්ඛාරවන්තං වා අත්තානං; අත්තනි වා සඞ්ඛාරෙ, සඞ්ඛාරෙසු වා අත්තානං. ‘අහං සඞ්ඛාරා, මම සඞ්ඛාරා’ති පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං සඞ්ඛාරා, මම සඞ්ඛාරා’ති පරියුට්ඨට්ඨායිනො, තෙ සඞ්ඛාරා විපරිණමන්ති අඤ්ඤථා හොන්ති. තස්ස සඞ්ඛාරවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
‘‘විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං; අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. ‘අහං විඤ්ඤාණං, මම විඤ්ඤාණ’න්ති පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං විඤ්ඤාණං, මම විඤ්ඤාණ’න්ති පරියුට්ඨට්ඨායිනො, තං විඤ්ඤාණං විපරිණමති අඤ්ඤථා හොති. තස්ස විඤ්ඤාණවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. එවං ඛො, ගහපති, ආතුරකායො චෙව හොති ආතුරචිත්තො ච.
‘‘කථඤ්ච, ගහපති, ආතුරකායො හි ඛො හොති නො ච ආතුරචිත්තො? ඉධ, ගහපති, සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං; න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. ‘අහං රූපං, මම රූප’න්ති න පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං රූපං, මම රූප’න්ති අපරියුට්ඨට්ඨායිනො, තං රූපං විපරිණමති අඤ්ඤථා හොති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා නුප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
‘‘න වෙදනං අත්තතො සමනුපස්සති, න වෙදනාවන්තං වා අත්තානං; න අත්තනි වා වෙදනං, න වෙදනාය වා අත්තානං . ‘අහං වෙදනා, මම වෙදනා’ති න පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං වෙදනා, මම වෙදනා’ති අපරියුට්ඨට්ඨායිනො, සා වෙදනා විපරිණමති අඤ්ඤථා හොති. තස්ස වෙදනාවිපරිණාමඤ්ඤථාභාවා නුප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
‘‘න සඤ්ඤං අත්තතො සමනුපස්සති, න සඤ්ඤාවන්තං වා අත්තානං; න අත්තනි වා සඤ්ඤං, න සඤ්ඤාය වා අත්තානං. ‘අහං සඤ්ඤා, මම සඤ්ඤා’ති න පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං සඤ්ඤා, මම සඤ්ඤා’ති අපරියුට්ඨට්ඨායිනො, සා සඤ්ඤා විපරිණමති අඤ්ඤථා හොති. තස්ස සඤ්ඤාවිපරිණාමඤ්ඤථාභාවා නුප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
``න සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, න සඞ්ඛාරවන්තං වා අත්තානං; න අත්තනි වා සඞ්ඛාරෙ, න සඞ්ඛාරෙසු වා අත්තානං. ‘අහං සඞ්ඛාරා, මම සඞ්ඛාරා’ති න පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං සඞ්ඛාරා, මම සඞ්ඛාරා’ති අපරියුට්ඨට්ඨායිනො, තෙ සඞ්ඛාරා විපරිණමන්ති අඤ්ඤථා හොන්ති. තස්ස සඞ්ඛාරවිපරිණාමඤ්ඤථාභාවා නුප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
‘‘න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං; න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. ‘අහං විඤ්ඤාණං, මම විඤ්ඤාණ’න්ති න පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං විඤ්ඤාණං, මම විඤ්ඤාණ’න්ති අපරියුට්ඨට්ඨායිනො, තං විඤ්ඤාණං විපරිණමති අඤ්ඤථා හොති . තස්ස විඤ්ඤාණවිපරිණාමඤ්ඤථාභාවා නුප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. එවං ඛො, ගහපති, ආතුරකායො හොති නො ච ආතුරචිත්තො’’ති.
ඉදමවොච ආයස්මා සාරිපුත්තො. අත්තමනො නකුලපිතා ගහපති ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දීති. පඨමං.
1
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග නම් දනව්වෙහි සුංසුමාරගිරි නම් නුවර භෙසකලාවන නම්වූ මිගදායෙහි වැඩ වාසය කරන සේක.
එකල්හි වනාහි නකුලපිතු ගහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවූ නකුලපිතු ගෘහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කෙළේය.
“ස්වාමීනි, මම ජරාවෙන් ජීර්ණ වූයේ වෙමි. වයසින් වෘද්ධවූයේ වෙමි. ජාතියෙන් මහළුවූයේ වෙමි. තුන්කල් ඉක්මගියේ වෙමි. පශ්චිම වයසට පැමිණියේ වෙමි. නිතර රෝගීවූ ගිලන්වූ සිරුරක් ඇත්තේ වෙමි. ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හා සිතේ දියුණුව ඇතිවන්නාවූ, භික්ෂූන්ද නිතර දක්නේ නොවෙමි. මට යමක් බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේද?’ ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අවවාද කරන සේක්වා!’ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අනුශාසනා කරන සේක්වා!”
“ගහපතිය, ඒ කාරණය එසේය, ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, මේ කය ආතුරවූයේ වෙයි. බිජු වටක් මෙන් දුබල වූයේ වෙයි. සියුම්වූ සිවියකින් දැවටුනේ වෙයි. ගහපතිය, යමෙක් යම් කය පරිහරණය කරන්නේ මොහොතක් නමුත් ආරෝග්‍යය (නිරෝගී බව) ප්‍රතිඥා කරන්නේ නම් (එය ඔහුගේ) අඥාන බව හැර වෙන කුමක්ද? ගහපතිය, එහෙයින් තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු ‘ආතුරවූ කයක් ඇත්තාවූ මාගේ සිත අනාතුර වන්නේය’ කියායි. ගහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”
ඉක්බිති, නකුලපිතු ගහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව එය අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ නකුලපිතු ගහපතියාට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළේය.
‘ගහපතිය, ඔබගේ ඉන්ද්‍රියයෝ විප්‍රසන්නයහ. (විශේෂයෙන් පැහැදුනහ) මුඛවර්ණය (මූණෙහි පාට) පිරිසිදුය. නිර්මලය. අද (ඔබ) භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙන් දැහැමි කථාවක් ඇසීමට ලැබුයේ වෙහිද?”
“ස්වාමීනි, කිමද නැත්තේ.” “ස්වාමීනි, මේ දැන් මම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවවූ අමෘතයෙන් අභිෂෙක කරන ලද්දේ වෙමියි” කීය. “ගහපතිය ඔබ කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්ම කථාවවූ අමෘතයෙන් “අභිෂේක කරන ලද්දේද?” “ස්වාමීනි, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි එළඹුනෙමි. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක උන්නෙමි. ස්වාමීනි, එකත්පසෙක හුන්නාවූ මම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවෙමි.
“ස්වාමීනි, මම ජරාවෙන් ජීර්ණවූයේ වෙමි. වයසින් වෘද්ධවූයේ වෙමි. ජාතියෙන් මහළුවූයේ වෙමි. තුන්කල් ඉක්මගියේ වෙමි. අන්තිම වයසට පැමිණියේ වෙමි. නිතර රෝගීවූ ආතුර (ලෙඩ) වූ සිරුරක් ඇත්තේ වෙමි. ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හා සිතේ දියුණුව උපදින භික්ෂූන්ද නිතර දක්නේ නොවෙමි. යමක් මට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස වන්නේද? “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අවවාද කරන සේක්වා!” ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අනුශාසනා කරන සේක්වා යනුයි.
“ස්වාමීනි, මෙසේ කීකල්හි මට භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළසේක. ‘ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, මේ කය ආතුරවූයේ වෙයි. බිජුවටක් මෙන් දුබලවූයේ වෙයි. (සියුම් සිවියකින් පමණක්) දැවටුනේවෙයි. ගහපතිය, යමෙක් වනාහි මේ කය පරිහරණය කරන්නේද (හෙතෙම) මොහොතක් නමුත් ආරෝග්‍යය (නිරෝගි බව) ප්‍රතිඥා කරන්නේ නම් (එය ඔහුගේ) අඥාන භාවය හැර වෙන කුමක්ද? එහෙයින් තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු ‘ආතුරවූ කයක් ඇත්තාවූ මාගේ සිත අනාතුර වන්නේය’ කියායි. ගහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතුය කියායි. ස්වාමීනි, මම මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවවූ අමෘතයෙන් අභිෂෙක කරන ලද්දේ වෙමි.
‘ස්වාමීනි, කොපමණකින් වනාහි ලෙඩවූ කය ඇත්තෙක් සහ ලෙඩවූ සිත ඇත්තෙක් වන්නේද, කොපමණකින් වනාහි ලෙඩවූ කය ඇත්තෙක්ව ලෙඩ නොවූ සිත ඇත්තෙක් වන්නේ දැයි’ මත්තෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීමට නොවැටහුණෙහිද?”
“ස්වාමීනි, අපි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ සමීපයෙහිදී මේ දේශනාවේ අර්ථය දැන ගැනීමට දුර සිට එන්නෙමු.” මේ දේශනාවේ අර්ථය ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේටම වැටහෙන්නේ නම් මැනවි.”
“එසේනම් ගහපතිය, අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළේය. “ස්වාමීනි, එසේයයි.” නකුල පිතු ගහපතිතෙමේ ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්නේය.
ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළේය. “ගහපතිය, කෙසේනම් ලෙඩවූ කය ඇත්තෙක්ව ලෙඩවූ සිත ඇත්තෙක් වන්නේද?”
“ගහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නොදක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි අදක්ෂවූ ආර්‍ය්‍යධර්මයෙහි නොහික්මුනාවූ සත් පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත් පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ රූපය ආත්මය (තමා) වශයෙන් දකියිද? රූපවත්හු (රූපය ඇත්තාහු) තමා කොට හෝ දකියිද? රූපය තමා කෙරෙහි ඇතැයි කියා හෝ දකියිද? රූපයෙහි ආත්මය (තමා) හෝ ඇත කියා හෝ දකියිද? රූපය මම වෙමි. මගේ රූපය වේයයි තණ්හා දිට්ඨි දෙකින් මඩනා ලද්දේ වෙයිද, රූපය මම වෙමි. මගේ රූපයයි තණ්හා දිට්ඨි දෙකින් මඩනා ලද, ඔහුගේ ඒ රූපය වෙනස් වෙයිද, අන් ආකාරයකට පෙරළෙයිද, රූපයාගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරලීම හේතුකොට ගෙන ඔහුට ශෝකය, පරිදේවය, දුක්ය, දොමනස්සය, උපායාසය යන මොවුහු උපදිත්.”
“වේදනාව ආත්මය වශයෙන් දකියිද, වේදනාව ඇත්තහු ආත්මයකොට හෝ දකියිද, ආත්මය (තමා) කෙරෙහි වේදනාව ඇතැයි කියා හෝ වේදනාව කෙරෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, මම වේදනාව වෙමි. මගේ වේදනාවයයි තණ්හා දිට්ඨි දෙකින් මඩනා ලද්දේ වෙයිද, මම වේදනාව වෙමි, මගේ වේදනාවයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ වේදනාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පැමිණෙයිද වේදනාවගේ වෙනස්වීම අන් ආකාරයකට පැමිණීම යන මෙය හේතුකොටගෙන ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.
“සංඥාව ආත්මය වශයෙන් දකියිද, සංඥාවත්හු ආත්මය කොට හෝ දකියිද, සංඥාව ආත්මය කෙරෙහි ඇතැයි කියා හෝ දකියිද, සංඥාවෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, මම සංඥාව වෙමි. සංඥාව මගේයයි මඩනා ලද්දේ හෝ වෙයිද, මම සංඥාව වෙමි. මගේ සංඥාවයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංඥාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පැමිණෙයිද, සංඥාවගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ඕහට ශෝකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.
“සංස්කාරයන් ආත්මය වශයෙන් හෝ දකියිද, සංස්කාරවත්හු ආත්මයකොට හෝ දකියිද, ආත්මය කෙරෙහි සංස්කාරයන් ඇත කියා හෝ දකියිද, සංස්කාරයන්හි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, සංස්කාරයෝ මම වෙමි මාගේ සංස්කාරයෝයයි මඩනාලද්දේ වෙයිද, සංස්කාර මම වෙමි. මගේ සංස්කාරයෝයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනසට පැමිණෙත්ද, අන් ආකාරයකට පෙරළෙත්ද, සංස්කාරයන්ගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.
“විඤ්ඤාණය ආත්මය වශයෙන් හෝ දකියිද, විඤ්ඤාණවත්හු ආත්මයකොට හෝ දකියිද, ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇත කියා හෝ දකියිද, විඤ්ඤාණය කෙරෙහි ආත්මය ඇත කියා හෝ දකියිද, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දේ වෙයිද, මම විඤ්ඤාණය වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පෙරළෙයිද, විඤ්ඤාණයාගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතු කොටගෙන, ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.
“ගෘහපතිය, මෙසේ වනාහි ලෙඩවූ කය ඇත්තේද, ලෙඩවූ සිත ඇත්තේද වෙයි.”
“ගහපතිය, කෙසේ නම් ලෙඩවූ කය ඇත්තේ ලෙඩ නොවූ සිත් ඇත්තෙක් වන්නේද, ගහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍යධර්මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නාවූ. සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ, ශ්‍රැතවත් (ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපය ආත්මය වශයෙන් නොමදකියිද, රූපවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි රූපය ඇතැයි හෝ නොමදකියිද, රූපය කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, “රූපය මම වෙමි. මගේ රූපය”යි මඩනා ලද්දේ නොවේද, රූපය මම වෙමි මාගේ රූපයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ රූපය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පෙරළෙයිද, රූපයාගේ වෙනස්වීමෙන් අන් ආකාරයකට පෙරළීමෙන් ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.
“වේදනාව ආත්මය වශයෙන් හෝ නොමදකියිද, වේදනාවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි හෝ වේදනාව ඇතැයි හෝ නොමදකියිද, වේදනාව කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, වේදනාව මම වෙමි. මගේ වේදනාවයයි නොමඩනා ලද්දේ වෙයිද, වේදනාව මම වෙමි, මගේ වේදනාවයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ වේදනාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද, වේදනාවගේ වෙනසට පැමිණීමෙන් හා අන් ආකාරයට පෙරළීමෙන් ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.
“සංඥාව ආත්මය වශයෙන් නොමදකියිද, සංඥාවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි සංඥාව ඇතැයි හෝ නොමදකියිද, සංඥාව කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, “සංඥාව මම වෙමි මගේ සංඥාවය”යි නොමඩනා ලද්දේ වෙයිද, සංඥාව මම වෙමියි මගේ සංඥාවයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංඥාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද, සංඥාවගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ශෝකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.
“සංස්කාරයන් ආත්මය වශයෙන් නොමදකියිද, සංස්කාරවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි සංස්කාරයන් ඇතැයි හෝ දකියිද, සංස්කාරයන් කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, “සංස්කාරයෝ මම වෙමි, මගේ සංස්කාරයෝයයි මඩනා ලද්දේ නොවෙයිද, සංස්කාරයෝ මම වෙමි, මගේ සංස්කාරයෝයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනසට පැමිණෙත්ද, අන් ආකාරයට පෙරළෙත්ද, සංස්කාරයන්ගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම යන මෙයින් ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.
‘විඤ්ඤාණය ආත්මය වශයෙන් නොමදකියිද, විඤ්ඤාණවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇතැයි හෝ නොමදකියිද, විඤ්ඤාණය කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දේ නොවේද, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද විඤ්ඤාණයාගේ වෙනස්වීම අන් ආකාරයට පෙරළීම හේතු කොටගෙන ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.
“ගහපතිය, මෙසේ වනාහි ලෙඩවූ කය ඇත්තේද, ලෙඩවූ සිත නැත්තේද වෙයි. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ නකුල පිතු ගහපති තෙමේ ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනයට සතුටු වූයේය.
(පළමුවෙනි නකුල පිතු සූත්‍රය නිමි.)
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය