ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය
8. පිණ්ඩොල්‍යසුත්තං 8. පිණ්ඩොල සූත්‍රය
9. පාලිලෙය්‍යසුත්තං 9. පාරිලෙය්‍යක සූත්‍රය
10. පුණ්ණමසුත්තං 10. පුණ්ණමානි සූත්‍රය
9. ථෙරවග්ගො 9. ථෙර වර්ගය
1. ආනන්දසුත්තං 1. ආනන්ද සූත්‍රය
2. තිස්සසුත්තං 2. තිස්ස සූත්‍රය
3. යමකසුත්තං 3. යමක සූත්‍රය
4. අනුරාධසුත්තං 4. අනුරාධ සූත්‍රය
5. වක්කලිසුත්තං 5. වක්කලි සූත්‍රය
6. අස්සජිසුත්තං 6. අස්සජි සූත්‍රය
7. ඛෙමකසුත්තං 7. ඛෙමක සූත්‍රය
8. ඡන්නසුත්තං 8. ඡන්න සූත්‍රය
9. රාහුලසුත්තං 9. රාහුල සූත්‍රය
10. දුතියරාහුලසුත්තං 10. රාහුල සූත්‍රය
10. පුප්ඵවග්ගො 10. පුප්ඵ වර්ගය
1. නදීසුත්තං 1. නදී සූත්‍රය
2. පුප්ඵසුත්තං 2. පුප්ඵ සූත්‍රය
3. ඵෙණපිණ්ඩූපමසුත්තං 3. ඵෙණ සූත්‍රය
4. ගොමයපිණ්ඩසුත්තං 4. ගොමය සූත්‍රය
5. නඛසිඛාසුත්තං 5. නඛ සිඛ සූත්‍රය
6. සුද්ධිකසුත්තං 6. සාමුද්දක සූත්‍රය
7. ගද්දුලබද්ධසුත්තං 7. ගද්දුල සූත්‍රය
8. දුතියගද්දුලබද්ධසුත්තං 8. ගද්දුලා සූත්‍රය
100
සාවත්ථිනිදානං . ‘‘අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. සෙය්‍යථාපි, භික්ඛවෙ, සා ගද්දුලබද්ධො දළ්හෙ ඛීලෙ වා ථම්භෙ වා උපනිබද්ධො. සො ගච්ඡති චෙපි තමෙව ඛීලං වා ථම්භං වා උපගච්ඡති; තිට්ඨති චෙපි තමෙව ඛීලං වා ථම්භං වා උපතිට්ඨති; නිසීදති චෙපි තමෙව ඛීලං වා ථම්භං වා උපනිසීදති; නිපජ්ජති චෙපි තමෙව ඛීලං වා ථම්භං වා උපනිපජ්ජති. එවමෙව ඛො, භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො රූපං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති. වෙදනං... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති. සො ගච්ඡති චෙපි ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ උපගච්ඡති; තිට්ඨති චෙපි ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ උපතිට්ඨති; නිසීදති චෙපි ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ උපනිසීදති; නිපජ්ජති චෙපි ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ උපනිපජ්ජති. තස්මාතිහ, භික්ඛවෙ, අභික්ඛණං සකං චිත්තං පච්චවෙක්ඛිතබ්බං - ‘දීඝරත්තමිදං චිත්තං සංකිලිට්ඨං රාගෙන දොසෙන මොහෙනා’ති. චිත්තසංකිලෙසා, භික්ඛවෙ, සත්තා සංකිලිස්සන්ති; චිත්තවොදානා සත්තා විසුජ්ඣන්ති.
‘‘දිට්ඨං වො, භික්ඛවෙ, චරණං නාම චිත්ත’’න්ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘තම්පි ඛො, භික්ඛවෙ, චරණං නාම චිත්තං චිත්තෙනෙව චිත්තිතං. තෙනපි ඛො, භික්ඛවෙ, චරණෙන චිත්තෙන චිත්තඤ්ඤෙව චිත්තතරං. තස්මාතිහ, භික්ඛවෙ, අභික්ඛණං සකං චිත්තං පච්චවෙක්ඛිතබ්බං - ‘දීඝරත්තමිදං චිත්තං සංකිලිට්ඨං රාගෙන දොසෙන මොහෙනා’ති. චිත්තසංකිලෙසා, භික්ඛවෙ, සත්තා සංකිලිස්සන්ති; චිත්තවොදානා සත්තා විසුජ්ඣන්ති.
‘‘නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකනිකායම්පි සමනුපස්සාමි එවං චිත්තං. යථයිදං, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා, තෙපි ඛො, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා චිත්තෙනෙව චිත්තිතා, තෙහිපි ඛො, භික්ඛවෙ, තිරච්ඡානගතෙහි පාණෙහි චිත්තඤ්ඤෙව චිත්තතරං. තස්මාතිහ, භික්ඛවෙ, අභික්ඛණං සකං චිත්තං පච්චවෙක්ඛිතබ්බං - ‘දීඝරත්තමිදං චිත්තං සංකිලිට්ඨං රාගෙන දොසෙන මොහෙනා’ති. චිත්තසංකිලෙසා, භික්ඛවෙ, සත්තා සංකිලිස්සන්ති; චිත්තවොදානා සත්තා විසුජ්ඣන්ති.
‘‘සෙය්‍යථාපි , භික්ඛවෙ, රජකො වා චිත්තකාරකො වා රජනාය වා ලාඛාය වා හලිද්දියා වා නීලියා වා මඤ්ජිට්ඨාය (මඤ්ජෙට්ඨාය (සී. ස්‍යා. කං.), මඤ්ජෙට්ඨියා (පී.)) වා සුපරිමට්ඨෙ ඵලකෙ වා භිත්තියා වා දුස්සපට්ටෙ වා ඉත්ථිරූපං වා පුරිසරූපං වා අභිනිම්මිනෙය්‍ය සබ්බඞ්ගපච්චඞ්ගිං; එවමෙව ඛො, භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො රූපඤ්ඤෙව අභිනිබ්බත්තෙන්තො අභිනිබ්බත්තෙති, වෙදනඤ්ඤෙව...පෙ.... සඤ්ඤඤ්ඤෙව... සඞ්ඛාරෙ යෙව... විඤ්ඤාණඤ්ඤෙව අභිනිබ්බත්තෙන්තො අභිනිබ්බත්තෙති. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘වෙදනා... සඤ්ඤා... සඞ්ඛාරා... විඤ්ඤාණං...පෙ.... ‘‘තස්මාතිහ, භික්ඛවෙ, එවං පස්සං...පෙ.... නාපරං ඉත්ථත්තායාති පජානාතී’’ති. අට්ඨමං.
100
මා විසින් මෙසේ අසන ලදී. එක කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, (සසර) නැවත නැවත දුවන්නා වූ, සැරිසරන්නා වූ, සත්ත්වයන්ගේ මේ සසර නොදන්නාලද කොන් ඇත්තේය. පූර්ව කෙළවර නොපෙණෙයි. මහණෙනි, යම්සේ වනාහි බලුදමින් බඳනාලද සුනඛතෙම තද හුලෙක වේවයි මහ කණුවක වේවයි බඳනා ලද්දේ වේද, ඉදින් ඒ බල්ලා නම් එම හුලේ හෝ කණුවේ හෝ සමීපයට යයි, ඉදින් සිටී නම් එම හුලේ හෝ කණුවේ හෝ ළඟම සිටී, ඉදින් හිඳී නම් එම හුලේ හෝ කණුවේ ළඟ හිඳී, ඉදින් ලගී නම් එම හුලේ හෝ කණුවේ හෝ ළඟ ලගී.
‘මහණෙනි, එපරිද්දෙන්ම ඇසූ පිරූ තැන් නැති පෘථජ්ජනතෙම ‘ මේ රූපය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි රූපය ආත්මයයි දෘෂ්ටි වශයෙන් දක්නේය. ‘මේ වේදනාව මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි වේදනාව ආත්මයයි දක්නේය. ‘මේ සංඥාව මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි සංඥාව ආත්මයයි දක්නේය. මේ සංස්කාරක මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි සංස්කාරයන් ආත්මයයි දක්නේය. ‘මේ විඥානය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යි විඥානය ආත්මයයි දක්නේය.
“ඉදින් ඒ පෘථග්ජනතෙම යයි නම් මේ පඤ්චඋපාදානස්කන්ධයන් කරාම යෙයි. ඉදින් සිටී නම් මේ පඤ්චඋපාදානස්කන්ධයන් කරාම සිටී. ඉදින් හොවී නම් මේ පඤ්චඋපාදානස්කන්ධයන් කරාම හොවී. ඉදින් හිඳී නම් මේ පඤ්චඋපාදානස්කන්ධයන් කරාම හිඳී එහෙයින් මහණෙනි, ‘දීර්ඝ කාලයක් මුලුල්ලෙහි මේ සිත රාගයෙන්ද, ද්වේෂයෙන්ද, මෝහයෙන්ද, අතිශයින් කිලිටියයි නිරතුරුව තමාගේ සිත ගැන නුවණින් සලකා බැලිය යුතුය.
“මහණෙනි, සත්ත්වයෝ සිත කිලිටුවීමෙන් කිලුටු වන්නාහුය. සත්ත්වයෝ සිත පිරිසිදුවීමෙන් විශේෂයෙන් පිරිසිදු වෙත්. මහණෙනි, තොප විසින් ‘හැසිරෙන’ සිතියමක් නම් දක්නා ලද්දේද?” - “ස්වාමීනි, එසේය”
“මහණෙනි, ඒ හැසිරෙන සිතියමද සිතින්ම සිතන ලද්දේය. මහණෙනි, ඒ හැසිරෙන සිතියමටද වඩා සිතම ඉතා විසිතුරුය.
“මහණෙනි, එහෙයින් ‘බොහෝ කලක් මුලුල්ලේ රාගයෙන්ද, ද්වේෂයෙන්ද, මෝහයෙන්ද, මේ සිත අතිශයින් කෙලෙසුණේ” යයි නිතර ස්වකීය වූ සිත ගැන(නුවණින්) සලකා බැලිය යුතුය.
“මහණෙනි, සත්ත්වයෝ සිත කෙලෙසීමෙන් කෙළෙසෙන්නාහුය. සිත පිරිසිදුවීමෙන් විශේෂයෙන් පිරිසිදු වන්නාහුය.
“මහණෙනි, මේ සිත යම්සේද, මම එබඳුවූ අන් එක නිකායකුදු (සමාන වර්ගයක්) නොමදකිමි.
“මහණෙනි, මේ තිරිසන්ගත සත්ත්වයෝ වෙද්ද, මහණෙනි, ඒ තිරිසන්ගත සත්ත්වයෝද කර්ම සිතින්ම විසිතුරු වූහ.
“මහණෙනි, එහෙයින් ‘බොහෝ කලක් මුලුල්ලෙහි රාගයෙන්ද, ද්වේෂයෙන්ද, මෝහයෙන්ද මේ සිත අතිශයින් කෙළෙසුණේ’යයි නිතර ස්වකීය වූ සිත ගැන (නුවණින්) සලකා බැලිය යුතුය.
“මහණෙනි, යම්සේ වනාහි (රදවෙක්) රෙදිපාට කරන්නෙක් හෝ සිත්තරෙක් හෝ විද්‍යමාන වූ සායමකින් හෝ ලාකඩින් හෝ කහයෙන් හෝ නිලින් හෝ මදටියෙන් හෝ අතිශයින් මට්ටම්වූ පුවරුවෙක හෝ බිත්තියෙක හෝ රෙදිපටෙක හෝ සියලු අඟපසඟින් යුත් ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් හෝ මනාකොට මවන්නේ ද, මහණෙනි, එපරිද්දෙන්ම ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජන තෙම උපදවන්නේ රූපයම උපදවයි. උපදවන්නේ වේදනාවම උපදවයි. උපදවන්නේ සංඥාවම උපදවයි. උපදවන්නේ සංස්කාරයන්ම උපදවයි. උපදවන්නේ විඥානයම උපදවයි.
“මහණෙනි, ඒ කුමැයි සිතන්නෙහිද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?... ‘ස්වාමීනි, අනිත්‍යය.’
“යමක් වනාහි අනිත්‍ය වේද, එය දුක් හෝ සැප හෝ වේද?... ස්වාමීනි, දුකය
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, පෙරලෙන ස්වාභාවය ඇත්තේද, එය ‘මේ රූපය මාගේය, මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි ඒ රූපය (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසුද?...” “ස්වාමීනි, මේ සුදුසු නොවේමය”
“මහණෙනි, වේදනා තොමෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?...” “ස්වාමීනි, අනිත්‍යය”
“යම් වේදනාවක් තොමෝ අනිත්‍ය වේද, ඒ දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුක් වෙයි.”
“යමක් වනාහි අනිත්‍ය වේද, දුක් වේද, පෙරලෙන ස්වාභාවය ඇත්තේ වේද, ‘මේ වේදනාව මාගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මය’යයි ඒ වේදනාව දක්නට සුදුසුද?”... “ ස්වාමීනි, මේ සුදුසු නොවේමය.
“මහණෙනි සංඥා තොමෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”...“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?”... “ස්වාමීනි, දුක් වේ.”
“යමක් වනාහි අනිත්‍ය වේද, දුක් වේද, පෙරලෙන ස්වාභාවය ඇත්තේ වේද, ‘මේ සංඥාව මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය’යි ඒ සංඥාව දක්නට සුදුසු වේද?...“ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”
“මහණෙනි සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?”... “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම් ඒ දුක් හෝ සැප වේද?”... “ස්වාමීනි, දුක් වේ.”
“යමක් වනාහි අනිත්‍ය වේද, දුක් වේද, පෙරලෙන ස්වාභාවය ඇත්තේ වේද, ‘මේ සංස්කාරයන් මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය’යි ඒ සංස්කාරයන් දක්නට සුදුසු වේද?...“ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”
“මහණෙනි විඥානය නිත්‍ය හෝ අනිත්‍ය වේද?”...“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම් ඒ දුක් හෝ සැප වේද?”... “ස්වාමීනි, දුක් වේ.”
“යමක් වනාහි අනිත්‍ය වේද, දුක් වේද,පෙරලෙන ස්වාභාවය ඇත්තේ වේද,‘මේ විඥානය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි ඒ විඥානය දක්නට සුදුසු වේද?”...“ස්වාමීනි, සුදුසු නොවේමය.
“එහෙයින් මහණෙනි, තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත් සියුම්වූ හෝ හීනවූ හෝ උස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි රූපයෙක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම් රූපයෙක් වේද, ‘මේ රූපය මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි ඒ මේ සියලු රූපය මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.
“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි වේදනාවක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි වේදනාවක් වේද, ‘මේ වේදනා තොමෝ මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි ඒ මේ හැම වේදනාව මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත් වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි සංඥාවක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම් සංඥාවක් වේද, ‘මේ සංඥා තොමෝ මාගේ නොවේ, මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි ඒ මේ සියලු සංඥාව මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.
“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම් සංස්කාරයෝ වෙද්ද, දුරවූ හෝ ළඟවූ හෝ යම් සංස්කාරයෝ වෙද්ද, මේ ‘සංස්කාර ස්කන්ධය මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඒ සියලු සංස්කාර ස්කන්ධය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.
“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි විඥානයෙක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම් විඥානයක් වේද, ‘මේ විඥානය මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඒ මේ හැම විඥානය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ආර්යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි, සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි, විඥානයෙහිද කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි, නොඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදෙයි, මිදුනුකල්හි ‘මිදුණේ’ යයි දැනීම වෙයි. ඉපදීම ක්ෂය විය. මාර්ගබ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලද්දේය. කළයුතු දේ කොට නිමවන ලද්දේය. මේ ආත්මභාවයෙහි කළයුතු අනිකක් නැතැයි විශේෂයෙන් දැනගනී.”
(අටවෙනි ගද්දුල සූත්‍රය නිමි.)
9. වාසිජටසුත්තං 9. නාවා සූත්‍රය
10. අනිච්චසඤ්ඤාසුත්තං 10. සඤ්ඤා සූත්‍රය
11. අන්තවග්ගො 11. අන්ත වර්ගය
1. අන්තසුත්තං 1. අන්ත සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. සක්කායසුත්තං 3. සක්කාය සූත්‍රය
4. පරිඤ්ඤෙය්‍යසුත්තං 4. පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
5. සමණසුත්තං 5. සමණ සූත්‍රය
6. දුතියසමණසුත්තං 6. සමණ සූත්‍රය
7. සොතාපන්නසුත්තං 7. සෝතාපන්න සූත්‍රය
8. අරහන්තසුත්තං 8. අරහ සූත්‍රය
9. ඡන්දප්පහානසුත්තං 9. ඡන්ද රාග සූත්‍රය
10. දුතියඡන්දප්පහානසුත්තං 10. ඡන්ද රාග සූත්‍රය
12. ධම්මකථිකවග්ගො 12. ධර්මකථික වර්ගය
1. අවිජ්ජාසුත්තං 1. භික්ෂු සූත්‍රය
2. විජ්ජාසුත්තං 2. භික්ෂු සූත්‍රය
3. ධම්මකථිකසුත්තං 3. ධර්මකථික සූත්‍රය
4. දුතියධම්මකථිකසුත්තං 4. ධර්මකථික සූත්‍රය
5. බන්ධනසුත්තං 5. බන්ධන සූත්‍රය
6. පරිපුච්ඡිතසුත්තං 6. පරිමුච්චිත සූත්‍රය
7. දුතියපරිපුච්ඡිතසුත්තං 7. පරිමුච්චිත සූත්‍රය
8. සංයොජනියසුත්තං 8. සඤ්ඤොජන සූත්‍රය
9. උපාදානියසුත්තං 9. උපාදාන සූත්‍රය
10. සීලවන්තසුත්තං 10. සීල සූත්‍රය
11. සුතවන්තසුත්තං 11. සුතවා සූත්‍රය
12. කප්පසුත්තං 12. කප්ප සූත්‍රය
13. දුතියකප්පසුත්තං 13. කප්ප සූත්‍රය
13. අවිජ්ජාවග්ගො 13. අවිජ්ජා වර්ගය
1. සමුදයධම්මසුත්තං 1. සමුදය ධම්ම සූත්‍රය
2. දුතියසමුදයධම්මසුත්තං 2. සමුදය ධම්ම සූත්‍රය
3. තතියසමුදයධම්මසුත්තං 3. සමුදය ධම්ම සූත්‍රය
4. අස්සාදසුත්තං 4. අස්සාද සූත්‍රය
5. දුතියඅස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. සමුදයසුත්තං 6. සමුදය සූත්‍රය
7. දුතියසමුදයසුත්තං 7. සමුදය සූත්‍රය
8. කොට්ඨිකසුත්තං 8. කොට්ඨිත සූත්‍රය
9. දුතියකොට්ඨිකසුත්තං 9. කොට්ඨිත සූත්‍රය
10. තතියකොට්ඨිකසුත්තං 10. කොට්ඨිත සූත්‍රය
14. කුක්කුළවග්ගො 14. කුක්කුල වර්ගය
1. කුක්කුළසුත්තං 1. කුක්කුල සූත්‍රය
2. අනිච්චසුත්තං 2. අනිච්ච සූත්‍රය
3. දුතියඅනිච්චසුත්තං 3. අනිච්ච සූත්‍රය
4. තතියඅනිච්චසුත්තං 4. අනිච්ච සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. දුතියදුක්ඛසුත්තං 6. දුක්ඛ සූත්‍රය
7. තතියදුක්ඛසුත්තං 7. දුක්ඛ සූත්‍රය
8. අනත්තසුත්තං 8. අනත්ත සූත්‍රය
9. දුතියඅනත්තසුත්තං 9. අනත්ත සූත්‍රය
10. තතියඅනත්තසුත්තං 10. අනත්ත සූත්‍රය
11. නිබ්බිදාබහුලසුත්තං 11. කුලපුත්ත සූත්‍රය
12. අනිච්චානුපස්සීසුත්තං 12. කුලපුත්ත සූත්‍රය
13. දුක්ඛානුපස්සීසුත්තං 13. කුලපුත්ත සූත්‍රය
14. අනත්තානුපස්සීසුත්තං 14. කුලපුත්ත සූත්‍රය
15. දිට්ඨිවග්ගො 15. දිට්ඨි වර්ගය
1. අජ්ඣත්තසුත්තං 1. අජ්ඣත්ත සූත්‍රය
2. එතංමමසුත්තං 2. එතං මම සූත්‍රය
3. සොඅත්තාසුත්තං 3. සො අත්තා සූත්‍රය
4. නොචමෙසියාසුත්තං 4. නොච මෙ සියා සූත්‍රය
5. මිච්ඡාදිට්ඨිසුත්තං 5. මිච්ඡාදිට්ඨි සූත්‍රය
6. සක්කායදිට්ඨිසුත්තං 6. සක්කාය දිට්ඨි සූත්‍රය
7. අත්තානුදිට්ඨිසුත්තං 7. අත්තානු දිට්ඨි සූත්‍රය
8. අභිනිවෙසසුත්තං 8. විනිවේස සූත්‍රය
9. දුතියඅභිනිවෙසසුත්තං 9. විනිවේස සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය