ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය
8. පිණ්ඩොල්‍යසුත්තං 8. පිණ්ඩොල සූත්‍රය
9. පාලිලෙය්‍යසුත්තං 9. පාරිලෙය්‍යක සූත්‍රය
10. පුණ්ණමසුත්තං 10. පුණ්ණමානි සූත්‍රය
9. ථෙරවග්ගො 9. ථෙර වර්ගය
1. ආනන්දසුත්තං 1. ආනන්ද සූත්‍රය
2. තිස්සසුත්තං 2. තිස්ස සූත්‍රය
3. යමකසුත්තං 3. යමක සූත්‍රය
4. අනුරාධසුත්තං 4. අනුරාධ සූත්‍රය
5. වක්කලිසුත්තං 5. වක්කලි සූත්‍රය
6. අස්සජිසුත්තං 6. අස්සජි සූත්‍රය
7. ඛෙමකසුත්තං 7. ඛෙමක සූත්‍රය
8. ඡන්නසුත්තං 8. ඡන්න සූත්‍රය
9. රාහුලසුත්තං 9. රාහුල සූත්‍රය
10. දුතියරාහුලසුත්තං 10. රාහුල සූත්‍රය
10. පුප්ඵවග්ගො 10. පුප්ඵ වර්ගය
1. නදීසුත්තං 1. නදී සූත්‍රය
2. පුප්ඵසුත්තං 2. පුප්ඵ සූත්‍රය
3. ඵෙණපිණ්ඩූපමසුත්තං 3. ඵෙණ සූත්‍රය
95
එකං සමයං භගවා අයුජ්ඣායං (අයොජ්ඣායං (සී. පී.)) විහරති ගඞ්ගාය නදියා තීරෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි -
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, අයං ගඞ්ගා නදී මහන්තං ඵෙණපිණ්ඩං ආවහෙය්‍ය. තමෙනං චක්ඛුමා පුරිසො පස්සෙය්‍ය නිජ්ඣායෙය්‍ය යොනිසො උපපරික්ඛෙය්‍ය. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායෙය්‍ය, තුච්ඡකඤ්ඤෙව ඛායෙය්‍ය, අසාරකඤ්ඤෙව ඛායෙය්‍ය. කිඤ්හි සියා, භික්ඛවෙ, ඵෙණපිණ්ඩෙ සාරො? එවමෙව ඛො, භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං...පෙ.... යං දූරෙ සන්තිකෙ වා තං භික්ඛු පස්සති නිජ්ඣායති යොනිසො උපපරික්ඛති. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායති , තුච්ඡකඤ්ඤෙව ඛායති, අසාරකඤ්ඤෙව ඛායති. කිඤ්හි සියා, භික්ඛවෙ, රූපෙ සාරො?
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, සරදසමයෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ උදකෙ උදකපුබ්බුළං (උදකබුබ්බුළං (සී. පී.)) උප්පජ්ජති චෙව නිරුජ්ඣති ච. තමෙනං චක්ඛුමා පුරිසො පස්සෙය්‍ය නිජ්ඣායෙය්‍ය යොනිසො උපපරික්ඛෙය්‍ය. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායෙය්‍ය, තුච්ඡකඤ්ඤෙව ඛායෙය්‍ය, අසාරකඤ්ඤෙව ඛායෙය්‍ය. කිඤ්හි සියා, භික්ඛවෙ, උදකපුබ්බුළෙ සාරො? එවමෙව ඛො, භික්ඛවෙ, යා කාචි වෙදනා අතීතානාගතපච්චුප්පන්නා...පෙ.... යා දූරෙ සන්තිකෙ වා තං භික්ඛු පස්සති නිජ්ඣායති යොනිසො උපපරික්ඛති. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායති, තුච්ඡකඤ්ඤෙව ඛායති, අසාරකඤ්ඤෙව ඛායති. කිඤ්හි සියා, භික්ඛවෙ, වෙදනාය සාරො?
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, ගිම්හානං පච්ඡිමෙ මාසෙ ඨිතෙ මජ්ඣන්හිකෙ කාලෙ මරීචිකා ඵන්දති. තමෙනං චක්ඛුමා පුරිසො පස්සෙය්‍ය නිජ්ඣායෙය්‍ය යොනිසො උපපරික්ඛෙය්‍ය. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායෙය්‍ය, තුච්ඡකඤ්ඤෙව ඛායෙය්‍ය...පෙ.... කිඤ්හි සියා, භික්ඛවෙ, මරීචිකාය සාරො? එවමෙව ඛො, භික්ඛවෙ, යා කාචි සඤ්ඤා...පෙ.....
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො තිණ්හං කුඨාරිං (කුධාරිං (ස්‍යා. කං. ක.)) ආදාය වනං පවිසෙය්‍ය. සො තත්ථ පස්සෙය්‍ය මහන්තං කදලික්ඛන්ධං උජුං නවං අකුක්කුකජාතං (අකුක්කජාතං (ක. සී. පී.), අකුසජාතං (ක. සී.), අකුක්කුජකජාතං (ක.)). තමෙනං මූලෙ ඡින්දෙය්‍ය; මූලෙ ඡෙත්වා අග්ගෙ ඡින්දෙය්‍ය, අග්ගෙ ඡෙත්වා පත්තවට්ටිං විනිබ්භුජෙය්‍ය. සො තස්ස පත්තවට්ටිං විනිබ්භුජන්තො ඵෙග්ගුම්පි නාධිගච්ඡෙය්‍ය, කුතො සාරං! තමෙනං චක්ඛුමා පුරිසො පස්සෙය්‍ය නිජ්ඣායෙය්‍ය යොනිසො උපපරික්ඛෙය්‍ය. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායෙය්‍ය, තුච්ඡකඤ්ඤෙව ඛායෙය්‍ය, අසාරකඤ්ඤෙව ඛායෙය්‍ය. කිඤ්හි සියා, භික්ඛවෙ, කදලික්ඛන්ධෙ සාරො? එවමෙව ඛො, භික්ඛවෙ, යෙ කෙචි සඞ්ඛාරා අතීතානාගතපච්චුප්පන්නා...පෙ.... යෙ දූරෙ සන්තිකෙ වා තං භික්ඛු පස්සති නිජ්ඣායති යොනිසො උපපරික්ඛති. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායති, තුච්ඡකඤ්ඤෙව ඛායති, අසාරකඤ්ඤෙව ඛායති. කිඤ්හි සියා, භික්ඛවෙ, සඞ්ඛාරෙසු සාරො?
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, මායාකාරො වා මායාකාරන්තෙවාසී වා චතුමහාපථෙ (චාතුම්මහාපථෙ (සී. ස්‍යා. කං. පී.)) මායං විදංසෙය්‍ය. තමෙනං චක්ඛුමා පුරිසො පස්සෙය්‍ය නිජ්ඣායෙය්‍ය යොනිසො උපපරික්ඛෙය්‍ය. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායෙය්‍ය, තුච්ඡකඤ්ඤෙව ඛායෙය්‍ය, අසාරකඤ්ඤෙව ඛායෙය්‍ය. කිඤ්හි සියා, භික්ඛවෙ, මායාය සාරො? එවමෙව ඛො, භික්ඛවෙ, යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං...පෙ.... යං දූරෙ සන්තිකෙ වා, තං භික්ඛු පස්සති නිජ්ඣායති යොනිසො උපපරික්ඛති. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායති, තුච්ඡකඤ්ඤෙව ඛායති, අසාරකඤ්ඤෙව ඛායති. කිඤ්හි සියා, භික්ඛවෙ, විඤ්ඤාණෙ සාරො?
‘‘එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි... සඤ්ඤායපි... සඞ්ඛාරෙසුපි ... විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති; විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති...පෙ.... නාපරං ඉත්ථත්තායාති පජානාති’’.
ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘ඵෙණපිණ්ඩූපමං රූපං, වෙදනා බුබ්බුළූපමා (බුබ්බුලූපමා (සී.), පුබ්බුළොපමා (ක.));
මරීචිකූපමා සඤ්ඤා, සඞ්ඛාරා කදලූපමා;
මායූපමඤ්ච විඤ්ඤාණං, දෙසිතාදිච්චබන්ධුනා.
‘‘යථා යථා නිජ්ඣායති, යොනිසො උපපරික්ඛති;
රිත්තකං තුච්ඡකං හොති, යො නං පස්සති යොනිසො.
‘‘ඉමඤ්ච කායං ආරබ්භ, භූරිපඤ්ඤෙන දෙසිතං;
පහානං තිණ්ණං ධම්මානං, රූපං පස්සථ (පස්සෙථ (සී.)) ඡඩ්ඩිතං.
‘‘ආයු උස්මා ච විඤ්ඤාණං, යදා කායං ජහන්තිමං;
අපවිද්ධො (අපවිට්ඨො (ස්‍යා. කං.)) තදා සෙති, පරභත්තං අචෙතනං.
‘‘එතාදිසායං සන්තානො, මායායං බාලලාපිනී;
වධකො එස අක්ඛාතො, සාරො එත්ථ න විජ්ජති.
‘‘එවං ඛන්ධෙ අවෙක්ඛෙය්‍ය, භික්ඛු ආරද්ධවීරියො;
දිවා වා යදි වා රත්තිං, සම්පජානො පටිස්සතො.
‘‘ජහෙය්‍ය සබ්බසංයොගං, කරෙය්‍ය සරණත්තනො;
චරෙය්‍යාදිත්තසීසොව, පත්ථයං අච්චුතං පද’’න්ති. තතියං;
95
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ අයොධ්‍යපුර සමීපයෙහි ගංගානම් නදීතෙර වැඩ වසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, කියා භික්‍ෂූන් ඇමතූසේක. ඒ භික්‍ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක.
“මහණෙනි. යම්සේ වනාහි මේ ගංගානදී තොමෝ මහත් පෙණපිඩු ගෙන එන්නේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඒ පෙණපිඩු දකින්නේය, බලන්නේය, නුවණින් නැවත නැවත පරීක්‍ෂා කරන්නේය. ඒ පෙණපිඩු දක්නාවූ බලන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්‍ෂා කරන්නාවූ ඔහුට හිස්වූවක්ම වැටහෙන්නේය, ශූන්‍යවූවක්ම වැටහෙන්නේය, හර නැත්තක්වම වැටහෙන්නේය.
“මහණෙනි, පෙණපිඩ පිළිබඳව කිනම් හරයක් වන්නේද?
“මහණෙනි, එපරිද්දෙන්ම තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම් රූපයක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් රූපයක් වේද, මහණතෙම ඒ රූපය දකියි, බලයි. නුවණින් නැවත නැවත පරීක්‍ෂා කර බලයි. ඒ රූපය බලන්නාවූ, සිතන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්‍ෂා කරන්නාවූ ඔහුට හිස්වූවක්වම වැටහෙන්නේය, ශූන්‍යවූවක්ම වැටහෙන්නේය, හරනැති වූවක්ම වැටහෙන්නේය.
“මහණෙනි, රූපයෙහි කිනම් හරයක් වන්නේද?
“මහණෙනි, යම්සේ වනාහි සරත් කාලයෙහි මහවැසි පොද ඇති වැසි වසින කල්හි දිය බුබුලු උපදීද, නැතිවේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඒ දිය බුබුලු දක්නේද, බලන්නේද, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේද, ඒ දිය බුබුල දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ පුරුෂයාහට ඒ දිය බුබුල හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්‍යවූවකැයිම වැටහෙන්නේය, හර නැත්තකැයිම වැටහෙන්නේය.
“මහණෙනි, දිය බුබුලේ කිනම් හරෙක් වන්නේද?
“මහණෙනි, එසේම වනාහි තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත අනාගත-වර්තමානවූ යම් වේදනාවක් වේද, දුරවූ හෝ ලඟවූ හෝ යම් වේදනාවක් වේද, මහණතෙම ඒ වේදනාව දකියි. බලයි. නුවණින් නැවත නැවත පරීක්ෂාකර බලයි. ඒ වේදනාව දකින්නාවූ, සිතන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්ෂා කොට බලන්නාවූ, ඔහුට හිස්වූවක්ම වැටහෙන්නේය, ශූන්‍ය වූවක්වම වැටහෙන්නේය, නිස්සාරවූවක්වම වැටහෙන්නේය.
“මහණෙනි, වේදනාවේ කිනම් හරයක් වන්නේද?
“මහණෙනි, යම්සේ වනාහි ග්‍රීෂ්ම මාසයන්ගේ අන්තිම මාසයෙහි ඉරුමුදුනෙහි සිටි කල්හි මිරිඟුව සැලේද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මිරිඟුව දක්නේය, බලන්නේය, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේය. දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ පුරුෂයාහට ඒ මිරිඟුව හිස්වූවකැයිම හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්‍යවූවකැයිම වැටහෙන්නේය, හර නැත්තකැයිම වැටහෙන්නේය.
“මහණෙනි, මිරිඟුවෙහි කිනම් හරයක් වන්නේද?
“මහණෙනි, එපරිද්දෙන්ම තමා පිළිබඳවූ හෝ පිටතවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත අනාගත-වර්තමානවූ යම්කිසි සංඥාවක් වේද, දුරවූ හෝ ලඟවූ හෝ යම් සංඥාවක් වේද, මහණතෙම ඒ සංඥාව දකියි, බලයි, නුවණින් නැවත නැවත පරීක්ෂා කෙරෙයි. ඒ සංඥාව දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ මහණහට (ඒ සංඥාව) හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්‍ය වූවකැයිම වැටහෙන්නේය, හර නැත්තකැයිම වැටහෙන්නේය.
මහණෙනි, සංඥාවගේ කිනම් හරෙක් වන්නේද?
“මහණෙනි, යම්සේ වනාහි අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ අරටුව සොයන්නාවූ අරටුව සෙවීමෙහි ඇවිදින්නාවූ පුරුෂයෙක් තෙම කෙටේරියක් රැගෙන වනයකට පිවිසෙන්නේද, හෙතෙම එහි කෙළින්වූ නොපීදුණු මහ නාඹුල්කෙසෙල් ගසක් දක්නේද, හෙතෙම ඒ කෙලෙස් ගස මුලින් කපන්නේය, මුල කපා පිති කපන්නේය, පිති කපා පතුරු ගළවන්නේය, හෙතෙම ඒ කෙසෙල් ගසෙහි පතුරු ගළවනුයේ එළයද නොලබන්නේය, අරටුවක් කොයින් ලබන්නේද? ඇස් ඇති පුරුෂයෙක් ඒ කෙසෙල් පතුරු දක්නේය, බලන්නේය, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේය. දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ පුරුෂයාහට ඒ කෙසෙල් පතුරු හිස්වූවකැයිම ශූන්‍ය වූවකැයිම හර නැත්තෙකැයිම වැටහෙන්නේය.
“මහණෙනි, කෙසෙල් කඳේ කිනම් හරයෙක් වන්නේද?
“මහණෙනි, එපරිද්දෙන්ම තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත -අනාගත - වර්තමානවූ යම්කිසි සංස්කාරයෝ වෙද්ද, දුරවූ හෝ ලඟවූ හෝ යම් සංස්කාරයෝ වෙද්ද, මහණ තෙම එය දකියි, බලයි. නුවණින් නැවත නැවත පරීක්ෂා කරයි. ඒ සංස්කාර ස්කන්ධය දක්නාවූ බලන්නාවූ නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඔහුට එය හිස්වූවකැයිම ශුන්‍ය වූවකැයිම හර නැත්තෙකැයිම වැටහෙන්නේය.
“මහණෙනි, සංස්කාරයන්හි කිනම් හරයෙක් වන්නේද?
“මහණෙනි, යම්සේ වනාහි මායාකාරයෙක් හෝ මායාකාරයෙකුගේ අතවැස්සෙක් හෝ සතරමංසන්ධියෙක ඇස් බැන්ඳුම දක්වන්නේද, ඇස් ඇති පුරුෂයෙක් ඒ ඇස් බැන්ඳුම දක්නේය, බලන්නේය. නුවණින් සලකන්නේය. ඒ මායාව දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඔහුට හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්‍යවූවකැයිම වැටහෙන්නේය, හර නැත්තෙකැයිම වැටහෙන්නේය.
“මහණෙනි, මායාවෙහි කිනම් හරයෙක් වන්නේද?
එපරිද්දෙන්ම මහණෙනි, තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත අනාගත -වර්තමානවූ හෝ යම්කිසි විඤ්ඤාණයෙක් වේද, දුරවූ හෝ ලඟවූ හෝ යම් විඤ්ඤාණයෙක් වේද, මහණතෙම ඒ විඤ්ඤාණය දකියි, බලයි, නුවණින් විමසයි. ඒ විඤ්ඤාණය දක්නාවූ බලන්නාවූ නුවණින් විමසන්නාවූ ඒ මහණහට හිස් වූවක්ම වැටහෙන්නේය, ශූන්‍යවූවක්ම වැටහෙන්නේය, හරනැත්තෙක්ම වැටහෙන්නේය.
“මහණෙනි, විඤ්ඤාණයෙහි කිනම් හරයෙක් වන්නේද?
“මහණෙනි, මෙසේ දක්නාවූ ඇසූ පිරූ තැන් ඇත්තාවූ ආර්යශ්‍රාවක තෙම රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි, විඥානයෙහිද කලකිරෙයි, කලකිරුණේ නො ඇලෙයි, නො ඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදේ. මිදුණු කල්හි “මිදුණේයයි දැනීම වෙයි, ජාතිතොමෝ ක්ෂයවූවාය, බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමකරන ලද්දේය, කළයුත්ත කරන ලද්දේය, මේ ආත්මභාවය සඳහා කළයුතු අනිකක් නැතැ”යි දැනගනී. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ශාස්තෲවූ සුගතයන් වහන්සේ මෙය වදාරා අනතුරුව මේ ගාථා වදාළසේක.
“රූපය පෙණපිඩක් බඳුය, වේදනාව දියබුබුලක් බඳුය, සංඥාව මිරිඟුවක් බඳුය, සංස්කාරයෝ කෙසෙල් ගසක් බඳුවූහ, විඥානය මායාවක් බඳුයයි සූර්යවංශිකයනට නෑවූ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදහ.
“යමෙක් ඒ පස්කඳ නුවණින් බලාද යම් යම් අයුරකින් සිතාද, නුවණින් නැවත නැවත විමසාද, (ඔහුට එය) හිස්ව වැටහෙයි, ශූන්‍යව වැටහෙයි.
“යමෙක් (ජීවිතෙන්ද්‍රිය, කර්මයෙන් උපන් තෙජොධාතුව, සිත යන) ධර්මයන් තිදෙන පහකළාවූ (එහෙයින්ම නෑයන් විසින් බැහැර) දමන ලද රූපය දක්නේද, (හෙතෙම) සියුම් ප්‍රඥාව ඇත්තාවූද, මහත් පැතුරුණු ප්‍රඥාව ඇත්තාවූද, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කය ගැරහිය යුතු කොට දෙසන ලදැයි දක්නේය.
“යම් කලෙක්හි ජීවිතෙන්ද්‍රියයද කර්මයෙන් උපන් තේජොධාතුවද, සිතද මේ කය හරිද්ද, එකල්හි සිතිවිලි නැත්තක්ව (නානාවිධ පණු ආදීන්ට) ගොදුරුව (ඥාතීන් විසින්) ඉවත දමන ලද්දේ (පොළොව මත) හෝනේය.
“යම් මේ විඤ්ඤාණස්කන්ධයක් වේද, (එය) අඥාන මහජනයා කතාකරවන මායාවක් නම්වෙයි, ‘එබඳු ප්‍රවේණිය වෙයි, මේ පඤ්චස්කන්ධය වධකයෙක් යයි වදාරණ ලදී.
පටන් ගන්නා ලද වීර්යය ඇත්තාවූ, සම්‍යක් ප්‍රඥාව ඇත්තාවූ, එළඹ සිටි සිහි ඇත්තාවූ, මහණතෙමේ ඉදින් දවල් හෝ රෑ හෝ ස්කන්ධයන් මෙසේ දක්නේද, (ඒ මහණතෙමේ) සියලු (දස) සංයෝජනය පහකරන්නේය. තමහට පිහිට ඇති කරන්නේය, නිර්වාණය පතමින් හිස ගිනිගත්තෙකුසේ හැසිරෙන්නේය.”
(තුන්වෙනි ඵෙණ සූත්‍රය නිමි.)
4. ගොමයපිණ්ඩසුත්තං 4. ගොමය සූත්‍රය
5. නඛසිඛාසුත්තං 5. නඛ සිඛ සූත්‍රය
6. සුද්ධිකසුත්තං 6. සාමුද්දක සූත්‍රය
7. ගද්දුලබද්ධසුත්තං 7. ගද්දුල සූත්‍රය
8. දුතියගද්දුලබද්ධසුත්තං 8. ගද්දුලා සූත්‍රය
9. වාසිජටසුත්තං 9. නාවා සූත්‍රය
10. අනිච්චසඤ්ඤාසුත්තං 10. සඤ්ඤා සූත්‍රය
11. අන්තවග්ගො 11. අන්ත වර්ගය
1. අන්තසුත්තං 1. අන්ත සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. සක්කායසුත්තං 3. සක්කාය සූත්‍රය
4. පරිඤ්ඤෙය්‍යසුත්තං 4. පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
5. සමණසුත්තං 5. සමණ සූත්‍රය
6. දුතියසමණසුත්තං 6. සමණ සූත්‍රය
7. සොතාපන්නසුත්තං 7. සෝතාපන්න සූත්‍රය
8. අරහන්තසුත්තං 8. අරහ සූත්‍රය
9. ඡන්දප්පහානසුත්තං 9. ඡන්ද රාග සූත්‍රය
10. දුතියඡන්දප්පහානසුත්තං 10. ඡන්ද රාග සූත්‍රය
12. ධම්මකථිකවග්ගො 12. ධර්මකථික වර්ගය
1. අවිජ්ජාසුත්තං 1. භික්ෂු සූත්‍රය
2. විජ්ජාසුත්තං 2. භික්ෂු සූත්‍රය
3. ධම්මකථිකසුත්තං 3. ධර්මකථික සූත්‍රය
4. දුතියධම්මකථිකසුත්තං 4. ධර්මකථික සූත්‍රය
5. බන්ධනසුත්තං 5. බන්ධන සූත්‍රය
6. පරිපුච්ඡිතසුත්තං 6. පරිමුච්චිත සූත්‍රය
7. දුතියපරිපුච්ඡිතසුත්තං 7. පරිමුච්චිත සූත්‍රය
8. සංයොජනියසුත්තං 8. සඤ්ඤොජන සූත්‍රය
9. උපාදානියසුත්තං 9. උපාදාන සූත්‍රය
10. සීලවන්තසුත්තං 10. සීල සූත්‍රය
11. සුතවන්තසුත්තං 11. සුතවා සූත්‍රය
12. කප්පසුත්තං 12. කප්ප සූත්‍රය
13. දුතියකප්පසුත්තං 13. කප්ප සූත්‍රය
13. අවිජ්ජාවග්ගො 13. අවිජ්ජා වර්ගය
1. සමුදයධම්මසුත්තං 1. සමුදය ධම්ම සූත්‍රය
2. දුතියසමුදයධම්මසුත්තං 2. සමුදය ධම්ම සූත්‍රය
3. තතියසමුදයධම්මසුත්තං 3. සමුදය ධම්ම සූත්‍රය
4. අස්සාදසුත්තං 4. අස්සාද සූත්‍රය
5. දුතියඅස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. සමුදයසුත්තං 6. සමුදය සූත්‍රය
7. දුතියසමුදයසුත්තං 7. සමුදය සූත්‍රය
8. කොට්ඨිකසුත්තං 8. කොට්ඨිත සූත්‍රය
9. දුතියකොට්ඨිකසුත්තං 9. කොට්ඨිත සූත්‍රය
10. තතියකොට්ඨිකසුත්තං 10. කොට්ඨිත සූත්‍රය
14. කුක්කුළවග්ගො 14. කුක්කුල වර්ගය
1. කුක්කුළසුත්තං 1. කුක්කුල සූත්‍රය
2. අනිච්චසුත්තං 2. අනිච්ච සූත්‍රය
3. දුතියඅනිච්චසුත්තං 3. අනිච්ච සූත්‍රය
4. තතියඅනිච්චසුත්තං 4. අනිච්ච සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. දුතියදුක්ඛසුත්තං 6. දුක්ඛ සූත්‍රය
7. තතියදුක්ඛසුත්තං 7. දුක්ඛ සූත්‍රය
8. අනත්තසුත්තං 8. අනත්ත සූත්‍රය
9. දුතියඅනත්තසුත්තං 9. අනත්ත සූත්‍රය
10. තතියඅනත්තසුත්තං 10. අනත්ත සූත්‍රය
11. නිබ්බිදාබහුලසුත්තං 11. කුලපුත්ත සූත්‍රය
12. අනිච්චානුපස්සීසුත්තං 12. කුලපුත්ත සූත්‍රය
13. දුක්ඛානුපස්සීසුත්තං 13. කුලපුත්ත සූත්‍රය
14. අනත්තානුපස්සීසුත්තං 14. කුලපුත්ත සූත්‍රය
15. දිට්ඨිවග්ගො 15. දිට්ඨි වර්ගය
1. අජ්ඣත්තසුත්තං 1. අජ්ඣත්ත සූත්‍රය
2. එතංමමසුත්තං 2. එතං මම සූත්‍රය
3. සොඅත්තාසුත්තං 3. සො අත්තා සූත්‍රය
4. නොචමෙසියාසුත්තං 4. නොච මෙ සියා සූත්‍රය
5. මිච්ඡාදිට්ඨිසුත්තං 5. මිච්ඡාදිට්ඨි සූත්‍රය
6. සක්කායදිට්ඨිසුත්තං 6. සක්කාය දිට්ඨි සූත්‍රය
7. අත්තානුදිට්ඨිසුත්තං 7. අත්තානු දිට්ඨි සූත්‍රය
8. අභිනිවෙසසුත්තං 8. විනිවේස සූත්‍රය
9. දුතියඅභිනිවෙසසුත්තං 9. විනිවේස සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය