ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය
8. පිණ්ඩොල්‍යසුත්තං 8. පිණ්ඩොල සූත්‍රය
9. පාලිලෙය්‍යසුත්තං 9. පාරිලෙය්‍යක සූත්‍රය
10. පුණ්ණමසුත්තං 10. පුණ්ණමානි සූත්‍රය
9. ථෙරවග්ගො 9. ථෙර වර්ගය
1. ආනන්දසුත්තං 1. ආනන්ද සූත්‍රය
2. තිස්සසුත්තං 2. තිස්ස සූත්‍රය
3. යමකසුත්තං 3. යමක සූත්‍රය
4. අනුරාධසුත්තං 4. අනුරාධ සූත්‍රය
5. වක්කලිසුත්තං 5. වක්කලි සූත්‍රය
87
එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා වක්කලි කුම්භකාරනිවෙසනෙ විහරති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො ආයස්මා වක්කලි උපට්ඨාකෙ ආමන්තෙසි - ‘‘එථ තුම්හෙ, ආවුසො, යෙන භගවා තෙනුපසඞ්කමථ; උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දථ - ‘වක්කලි, භන්තෙ, භික්ඛු ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො, සො භගවතො පාදෙ සිරසා වන්දතී’ති. එවඤ්ච වදෙථ - ‘සාධු කිර, භන්තෙ, භගවා යෙන වක්කලි භික්ඛු තෙනුපසඞ්කමතු; අනුකම්පං උපාදායා’’’ති. ‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො වක්කලිස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘වක්කලි, භන්තෙ, භික්ඛු ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො, සො භගවතො පාදෙ සිරසා වන්දති; එවඤ්ච පන වදෙති - ‘සාධු කිර, භන්තෙ, භගවා යෙන වක්කලි භික්ඛු තෙනුපසඞ්කමතු; අනුකම්පං උපාදායා’’’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙනායස්මා වක්කලි තෙනුපසඞ්කමි. අද්දසා ඛො ආයස්මා වක්කලි භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන මඤ්චකෙ සමධොසි (සමඤ්චොසි (සී.), සමඤ්චොපි (ස්‍යා. කං.) සං + ධූ + ඊ = සමධොසි). අථ ඛො භගවා ආයස්මන්තං වක්කලිං එතදවොච - ‘‘අලං, වක්කලි, මා ත්වං මඤ්චකෙ සමධොසි. සන්තිමානි ආසනානි පඤ්ඤත්තානි; තත්ථාහං නිසීදිස්සාමී’’ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං වක්කලිං එතදවොච - ‘‘කච්චි තෙ, වක්කලි, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති, නො අභික්කමන්ති; පටික්කමොසානං පඤ්ඤායති, නො අභික්කමො’’ති? ‘‘න මෙ, භන්තෙ, ඛමනීයං, න යාපනීයං; බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති; අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො’’ති. ‘‘කච්චි තෙ, වක්කලි, න කිඤ්චි කුක්කුච්චං, න කොචි විප්පටිසාරො’’ති? ‘‘තග්ඝ මෙ, භන්තෙ, අනප්පකං කුක්කුච්චං, අනප්පකො විප්පටිසාරො’’ති. ‘‘කච්චි පන තං, වක්කලි, අත්තා සීලතො න උපවදතී’’ති? ‘‘න ඛො මං, භන්තෙ, අත්තා සීලතො උපවදතී’’ති. ‘‘නො චෙ කිර තං, වක්කලි, අත්තා සීලතො උපවදති; අථ කිඤ්ච තෙ කුක්කුච්චං කො ච විප්පටිසාරො’’ති? ‘‘චිරපටිකාහං, භන්තෙ, භගවන්තං දස්සනාය උපසඞ්කමිතුකාමො, නත්ථි ච මෙ කායස්මිං තාවතිකා බලමත්තා, යාවතාහං (යාහං (සී.), යායාහං (පී.)) භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්‍ය’’න්ති.
‘‘අලං , වක්කලි, කිං තෙ ඉමිනා පූතිකායෙන දිට්ඨෙන? යො ඛො, වක්කලි, ධම්මං පස්සති සො මං පස්සති; යො මං පස්සති සො ධම්මං පස්සති. ධම්මඤ්හි, වක්කලි, පස්සන්තො මං පස්සති; මං පස්සන්තො ධම්මං පස්සති.
‘‘තං කිං මඤ්ඤසි, වක්කලි, රූපං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං , භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘වෙදනා... සඤ්ඤා... සඞ්ඛාරා... විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’...පෙ.... එසො මෙ අත්තාති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහ...පෙ.... එවං පස්සං...පෙ.... නාපරං ඉත්ථත්තායාති පජානාතී’’ති.
අථ ඛො භගවා ආයස්මන්තං වක්කලිං ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උට්ඨායාසනා යෙන ගිජ්ඣකූටො පබ්බතො තෙන පක්කාමි. අථ ඛො ආයස්මා වක්කලි අචිරපක්කන්තස්ස භගවතො උපට්ඨාකෙ ආමන්තෙසි - ‘‘එථ මං, ආවුසො, මඤ්චකං ආරොපෙත්වා යෙන ඉසිගිලිපස්සං කාළසිලා තෙනුපසඞ්කමථ. කථඤ්හි නාම මාදිසො අන්තරඝරෙ කාලං කත්තබ්බං මඤ්ඤෙය්‍යා’’ති? ‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො වක්කලිස්ස පටිස්සුත්වා ආයස්මන්තං වක්කලිං මඤ්චකං ආරොපෙත්වා යෙන ඉසිගිලිපස්සං කාළසිලා තෙනුපසඞ්කමිංසු. අථ ඛො භගවා තඤ්ච රත්තිං තඤ්ච දිවාවසෙසං ගිජ්ඣකූටෙ පබ්බතෙ විහාසි. අථ ඛො ද්වෙ දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ගිජ්ඣකූටං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු...පෙ.... එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවන්තං එතදවොච - ‘‘වක්කලි, භන්තෙ, භික්ඛු විමොක්ඛාය චෙතෙතී’’ති. අපරා දෙවතා භගවන්තං එතදවොච - ‘‘සො හි නූන, භන්තෙ, සුවිමුත්තො විමුච්චිස්සතී’’ති. ඉදමවොචුං තා දෙවතායො. ඉදං වත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායිංසු.
අථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි - ‘‘එථ තුම්හෙ, භික්ඛවෙ, යෙන වක්කලි භික්ඛු තෙනුපසඞ්කමථ; උපසඞ්කමිත්වා වක්කලිං භික්ඛුං එවං වදෙථ -
‘‘‘සුණාවුසො ත්වං, වක්කලි, භගවතො වචනං ද්වින්නඤ්ච දෙවතානං. ඉමං, ආවුසො, රත්තිං ද්වෙ දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ගිජ්ඣකූටං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො, ආවුසො, එකා දෙවතා භගවන්තං එතදවොච - වක්කලි, භන්තෙ, භික්ඛු විමොක්ඛාය චෙතෙතීති. අපරා දෙවතා භගවන්තං එතදවොච - සො හි නූන, භන්තෙ, සුවිමුත්තො විමුච්චිස්සතීති. භගවා ච තං, ආවුසො වක්කලි, එවමාහ - මා භායි, වක්කලි; මා භායි, වක්කලි! අපාපකං තෙ මරණං භවිස්සති, අපාපිකා කාලකිරියා’’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා යෙනායස්මා වක්කලි තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ආයස්මන්තං වක්කලිං එතදවොචුං - ‘‘සුණාවුසො වක්කලි, භගවතො වචනං ද්වින්නඤ්ච දෙවතාන’’න්ති.
අථ ඛො ආයස්මා වක්කලි උපට්ඨාකෙ ආමන්තෙසි - ‘‘එථ මං, ආවුසො, මඤ්චකා ඔරොපෙථ. කථඤ්හි නාම මාදිසො උච්චෙ ආසනෙ නිසීදිත්වා තස්ස භගවතො සාසනං සොතබ්බං මඤ්ඤෙය්‍යා’’ති! ‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො වක්කලිස්ස පටිස්සුත්වා ආයස්මන්තං වක්කලිං මඤ්චකා ඔරොපෙසුං. ‘‘ඉමං, ආවුසො, රත්තිං ද්වෙ දෙවතායො අභික්කන්තාය රත්තියා...පෙ.... එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො, ආවුසො, එකා දෙවතා භගවන්තං එතදවොච - ‘වක්කලි, භන්තෙ, භික්ඛු විමොක්ඛාය චෙතෙතී’ති. අපරා දෙවතා භගවන්තං එතදවොච - ‘සො හි නූන, භන්තෙ, සුවිමුත්තො විමුච්චිස්සතී’ති. භගවා ච තං, ආවුසො වක්කලි, එවමාහ - ‘මා භායි, වක්කලි; මා භායි, වක්කලි! අපාපකං තෙ මරණං භවිස්සති, අපාපිකා කාලකිරියා’’’ති. ‘‘තෙන හාවුසො, මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දථ - ‘වක්කලි, භන්තෙ, භික්ඛු ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්දතී’ති. එවඤ්ච වදෙථ - ‘රූපං අනිච්චං. තාහං, භන්තෙ, න කඞ්ඛාමි. යදනිච්චං තං දුක්ඛන්ති න විචිකිච්ඡාමි. යදනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, නත්ථි මෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වාති න විචිකිච්ඡාමි. වෙදනා අනිච්චා. තාහං, භන්තෙ, න කඞ්ඛාමි . යදනිච්චං තං දුක්ඛන්ති න විචිකිච්ඡාමි. යදනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, නත්ථි මෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වාති න විචිකිච්ඡාමි. සඤ්ඤා... සඞ්ඛාරා අනිච්චා. තාහං, භන්තෙ, න කඞ්ඛාමි. යදනිච්චං තං දුක්ඛන්ති න විචිකිච්ඡාමි. යදනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, නත්ථි මෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වාති න විචිකිච්ඡාමි. විඤ්ඤාණං අනිච්චං. තාහං, භන්තෙ, න කඞ්ඛාමි. යදනිච්චං තං දුක්ඛන්ති න විචිකිච්ඡාමි. යදනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, නත්ථි මෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වාති න විචිකිච්ඡාමී’’’ති. ‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො වක්කලිස්ස පටිස්සුත්වා පක්කමිංසු. අථ ඛො ආයස්මා වක්කලි අචිරපක්කන්තෙසු තෙසු භික්ඛූසු සත්ථං ආහරෙසි.
අථ ඛො තෙ භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘වක්කලි, භන්තෙ, භික්ඛු ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො; සො භගවතො පාදෙ සිරසා වන්දති; එවඤ්ච වදෙති - ‘රූපං අනිච්චං. තාහං, භන්තෙ, න කඞ්ඛාමි. යදනිච්චං තං දුක්ඛන්ති න විචිකිච්ඡාමි. යදනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, නත්ථි මෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වාති න විචිකිච්ඡාමි. වෙදනා... සඤ්ඤා... සඞ්ඛාරා ... විඤ්ඤාණං අනිච්චං. තාහං, භන්තෙ, න කඞ්ඛාමි. යදනිච්චං තං දුක්ඛන්ති න විචිකිච්ඡාමි. යදනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, නත්ථි මෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වාති න විචිකිච්ඡාමී’’’ති.
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘ආයාම, භික්ඛවෙ, යෙන ඉසිගිලිපස්සං කාළසිලා තෙනුපසඞ්කමිස්සාම; යත්ථ වක්කලිනා කුලපුත්තෙන සත්ථමාහරිත’’න්ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. අථ ඛො භගවා සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං යෙන ඉසිගිලිපස්සං කාළසිලා තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මන්තං වක්කලිං දූරතොව මඤ්චකෙ විවත්තක්ඛන්ධං සෙමානං.
තෙන ඛො පන සමයෙන ධූමායිතත්තං තිමිරායිතත්තං ගච්ඡතෙව පුරිමං දිසං, ගච්ඡති පච්ඡිමං දිසං, ගච්ඡති උත්තරං දිසං, ගච්ඡති දක්ඛිණං දිසං, ගච්ඡති උද්ධං දිසං, ගච්ඡති අධො දිසං, ගච්ඡති අනුදිසං. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘පස්සථ නො තුම්හෙ, භික්ඛවෙ, එතං ධූමායිතත්තං තිමිරායිතත්තං ගච්ඡතෙව පුරිමං දිසං...පෙ.... ගච්ඡති අනුදිස’’න්ති. ‘‘එවං, භන්තෙ’’. ‘‘එසො ඛො, භික්ඛවෙ, මාරො පාපිමා වක්කලිස්ස කුලපුත්තස්ස විඤ්ඤාණං සමන්වෙසති (සමන්නෙසති (ක. සී. පී.)) - ‘කත්ථ වක්කලිස්ස කුලපුත්තස්ස විඤ්ඤාණං පතිට්ඨිත’න්ති? අප්පතිට්ඨිතෙන ච, භික්ඛවෙ, විඤ්ඤාණෙන වක්කලි කුලපුත්තො පරිනිබ්බුතො’’ති. පඤ්චමං.
87
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි ආයුෂ්මත් වක්කලි ස්ථවිරතෙමේ හටගත් ආබාධ ඇතිව දුකට පත්ව බලවත්සේ ගිලන්ව කුම්භකාර ශාලාවක වාසය කරයි.
ඉක්බිති ආයුෂ්මත් වක්කලි ස්ථවිරතෙමේ උපස්ථායකයන් කැඳවීය.
“ඇවැත්නි, (මෙහි) එව්, තෙපි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණෙවු, පැමිණ මාගේ වචනයෙන් ‘ස්වාමීනි, වක්කලි භික්ෂුතෙම හටගත් ආබාධ ඇත්තේය, දුකට පත්වූයේය, දැඩි ගිලන් බැව් ඇත්තේය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් වඳී’යයි භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් වඳිවු, මෙසේත් කියවු:- ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වක්කලි භික්ෂුව යම්තැනෙකද, එතැනට අනුකම්පා පිණිස වැඩියහොත් මැනව” කියායි.
“එසේය ඇවැත්නි”යි (කියා) ආයුෂ්මත් වක්කලි තෙරුන්ට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියාහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ:-
“ස්වාමීනි, වක්කලි භික්ෂුතෙම හටගත් රෝග ඇත්තේය, දුකට පැමිණියේය, දැඩි ගිලන්බැව් ඇත්තේය, හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන්වඳී. ‘ස්වාමීනි, යාඥාකරමි, භාග්‍යවතුන් වහන්සේ වක්කලි භික්ෂුතෙම යම් තැනෙකද එතැනට අනුකම්පා පිණිස වඩිනසේක්වා.” භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පොරවා වක්කලි භික්ෂුතෙම යම් තැනෙකද, එතැනට වැඩිසේක. ආයුෂ්මත් වක්කලි තෙර දුරදීම වඩින්නාවූ බුදුරජාණන් වහන්සේ දැක, ගෞරව පිණිස ඇඳෙන් නැඟිටීමට උත්සාහ කෙළේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් වක්කලි ස්ථවිරයන්ට ‘වක්කලිය, කම්නැත, තෙපි ඇඳෙන් නො නැගිටිව් මේ පනවනලද අසුන් ඇත්තාහ. මම එහි හිඳිමියි.” වදාළසේක.
“භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක, භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ආයුෂ්මත් වක්කලි තෙරුන්ට මෙය වදාළසේක:-
“කිම? වක්කලිය, තට දුක ඉවසිය හැකිද? ඉරියව් යැපිය හැකිද? කිම? දුඃඛ වේදනාවෝ නවතිද්ද, වැඩීමට නොපැමිණෙද්ද, දුක් වේදනාවන්ගේ නැවතීම පෙනේද, දියුණුවීම නොපැනේද?”
“ස්වාමීනි, මට ඉවසාගත නොහැකිය, ඉරියව් යැපිය නොහැකිය, මගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙති, නොනවතිත්, මේ දුක් වේදනාවන්ගේ දියුණුව පෙනෙයි, නැවැත්ම නොපෙනේ.”
“කිම? වක්කලිය, තට කිසි පසුතැවීමක් නොවේද, කිසි විපිළිසර බවක් නොවේද? ස්වාමීනි, මට ඒකාන්තයෙන් සුලුනොවූ පසුතැවීමක්, සුලුනොවූ විපිළිසර බවක් ඇත්තේය.”
“කිම? වක්කලිය, තට තෙමේ ශීලයෙන් චෝදනා නොකෙරේද?” - “ස්වාමීනි, මට තෙමේ ශීලවශයෙන් චෝදනා නොකෙරෙයි.”
“වක්කලිය, ඉදින් තට තෙමේ ශීලයෙන් චෝදනා නොකෙරේ නම්, එවිට තට කිනම් පසුතැවීමක්ද, කිනම් විපිළිසර බවක්ද?”
“ස්වාමීනි, මම බොහෝ කලෙක පටන් භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස යනු කැමැත්තෙමි. එහෙත් භාග්‍යවතුන් වන්සේ දක්නට යාමට තරම්වූ ශක්තියක් නැත.
“වක්කලිය, කම්නැත, මේ කුණුකය දකිනු ලැබීමෙන් කිනම් ප්‍රයෝජනයක්ද? වක්කලිය, යමෙක් වනාහි ධර්මය දකීද, හෙතෙම මා දක්නේය, යමෙක් මා දකීද, හෙතෙම ධර්මය දක්නේය.
වක්කලිය, ධර්මය දකින තැනැත්තේ වනාහි මා දකියි. මා දකින තැනැත්තේ ධර්මය දකියි.
‘වක්කලිය, ඒ කිමැයි සිතන්නෙහිද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’
‘වේදනාව නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’
‘සංඥාව නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’
‘සංස්කාරයෝ නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?’ -“ස්වාමීනි, අනිත්‍යය.’
‘විඤ්ඤාණය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?’ -‘ස්වාමීනි, අනිත්‍යය.’
“එහෙයින් වක්කලිය, අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි රූපයෙක් වේද, ඒ මේ සියලු රූපය ‘එය මාගේ නොවේය, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි වේදනාවක් වේද, ‘ඒ හැම වේදනාව මාගේ නොවේ. මම නොවෙමි. මාගේ ආත්මය නොවේ’යයි මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංඥාවක් වේද, ‘ඒ සියලු සංඥාව මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ’යයි මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංස්කාරයෝ වෙද්ද, ‘ඒ සියලු සංස්කාර මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ’යයි මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි විඥානයෙක් වේද, ‘ඒ සියලු විඥානය මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ’යයි මෙසේ සම්‍යක් ප්‍රඥාවෙන් තත්වූ පරිද්දෙන් දතයුතුය.
“මෙසේ දක්නාවූ ආර්යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි, සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි, විඥානයෙහිද කලකිරෙයි, කලකිරුණේ නොඇලෙයි, නොඇලීමෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි, මිදුනුකල්හි ‘මිදුණේ’ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය විය. මාර්ගබ්‍රහ්මචර්යය වැස නිමවන ලද්දේය. කළයුත්ත කරණ ලද්දේය. මේ රහත්බව පිණිස කළයුතු අනිකෙක් නැතැයි දැනගනී.”
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් වක්කලි ස්ථවිරයන්ට මේ අවවාදයෙන් අවවාදකොට හුනස්නෙන් නැගිට ගිජුකුළුපව්ව යම් තැනෙක්හිද, එතැනට වැඩිසේක.
“ඉක්බිති ආයුෂ්මත් වක්කලි ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ වේලාවකින් උපස්ථායකයන් කැඳවිය. කැඳවා “යනුමැනවි ඇවැත්නි; මා ඇඳක තබා ඉසිගිලි පර්වතය (පසෙකවූ) කාලසිලා විහාරය යම් තැනෙකද, එහි ගෙන යනු මැනව. කෙසේ නම් මා වැන්නෙක් ඇතුළු ගමෙහි කළුරිය කළයුතු යයි සිතන්නේද?” “ඇවැත එසේය කියා” ඒ භික්ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරුන්ට උත්තර දී ආයුෂ්මත් වක්කලි තෙරුන් ඇඳක තබා ඉසිගිලි පව්වෙහි (පසෙකවූ) කාලසිලා විහාරය යම් තැනෙකද, එතැනට ගෙන ගියාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැයද ඒ දවාලෙහි ඉතිරි කොටසද ගිජ්ජකූට පර්වතයෙහි විසූසේක.
“ඉක්බිති දේවතාවෝ දෙදෙනෙක් රෑ පෙරයම් දසපැය ඉක්මගිය කල්හි බබලන ශරීර වර්ණයෙන් යුක්තවූවාහු මුළු ගිජුකුළුපව්ව බබුලුවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියාහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය. එකත්පස්ව සිටියාවූ එක් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය:-
“ස්වාමීනි, වක්කලි භික්ෂුතෙම අර්හත් මාර්ගයට පැමිණීම පිණිස උත්සාහ කරයි. අනික් දේවතාතොම “ස්වාමීනි, ඒ වක්කලි භික්ෂුතෙම අර්හත්ඵල විමුක්තියෙන් මිදුනෙක්ව මිදෙන්නේයයි හඟිමි”යි යන මෙය කීය. ඒ දේවතාවෝ මෙය කීහ. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ ගරුකොට එහිම නොපෙණී ගියාහුය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, තෙපි එවූ, වක්කලි භික්ෂු යම් තැනෙකද, එතැනට පැමිණෙවූ, පැමිණ වක්කලි භික්ෂුවට මෙසේ කියවු:- ‘ඇවැත් වක්කලි, භාග්‍යවතුන් වහන්සේගේද දිව්‍ය පුත්‍රයන් දෙදෙනාගේද වචනය අසව. ඇවත, මේ රැයෙහි දේවතාවෝ දෙදෙනෙක් ප්‍රථම යාමය ඉකුත්ව ගිය කල්හි බබලන ශරීර වර්ණයෙන් යුක්තව හාත්පස ගිජුකුළුපව්ව ඒකාලෝක කොට බබුලුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තෙක සිටියහ. ඇවත, එක්පැත්තෙක සිටියාවූ එක් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය:-
‘ස්වාමීනි, වක්කලි භික්ෂුතෙම අර්හත් මාර්ගයට පැමිණීම පිණිස උත්සාහ කරයි. අන්‍ය දේවතාතොම භාග්‍යවතුන් වහන්සේට මෙය දැන්වීය. ‘ස්වාමීනි, ඒ භික්ෂුව අර්හත්ඵල විමුක්තියෙන් මිදුනෙක්ව මිදෙන්නේයයි සිතමි’ කියායි.
‘ඇවත වක්කලි, භාග්‍යවතුන් වහන්සේද තොපට මෙසේ වදාරති:- ‘වක්කලිය, බිය නොවෙව, වක්කලිය බිය නොවෙව, තොපගේ මරණය ලාමක නොවන්නේය. ලාමක නොවූ කාලක්‍රියාවක් වන්නීය, යනුයි.’
‘එසේය ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ආයුෂ්මත් වක්කලි තෙර යම් තැනෙකද, එතැනට පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් වක්කලි තෙරුන්ට මෙයකීහ:-
‘ඇවත වක්කලි ස්ථවිරයෙනි, භාග්‍යවතුන් වහන්සේගේද, දිව්‍යපුත්‍රයන් දෙදෙනාගේද වචනය අසවු’යි කීහ.
ඉක්බිති ආයුෂ්මත් වක්කලි ස්ථවිරතෙම උපස්ථායකයන් කැඳවීය. ‘ඇවැත්නි, එනු මැනවි. මා ඇඳෙන් බස්වනු මැනවි. කෙසේ නම් මාවැන්නෙක් උස් අසුනෙහි හිඳ භාග්‍යවතුන් වහන්සේගේ පණිවුඩය ඇසිය යුතු යයි හඟින්නේදැයි’ කීය. ‘එසේය ඇවැත්නි.’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරුන්ට උත්තර දී, ආයුෂ්මත් වක්කලි තෙරුන් ඇඳෙන් බැස්වූහ.
“ඇවත, මේ රාත්‍රියෙහි දේවතාවෝ දෙදෙනෙක් පළමු දසපැය ඉක්මගිය කල්හි බබලන ශරීර වර්ණයෙන් යුක්තව මුලු ගිජුකුළුපව්ව බබුලුවා භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව සිටියාහුය. ඇවත, එකත්පස්ව සිටියාවූ එක් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීනි, වක්කලි භික්ෂු තෙම මාර්ගයට පැමිණීම පිණිස උත්සාහ කෙරේයයි’ කීය. අනික් දේවතාතොම භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීනි, ඒ භික්ෂුතෙම අර්හත්ඵල විමුක්තියෙන් මනාව මිදුනෙක්ව මිදෙන්නේය’යි කීය.
‘ඇවැත් වක්කලි ස්ථවිරයෙනි, භාග්‍යවතුන් වහන්සේද තොපට ‘වක්කලිය, බිය නොවෙව, වක්කලිය බිය නොවෙව, තොපගේ මරණය අලාමක වන්නේය. කළුරිය කිරීම අලාමක වන්නේ’යයි මෙසේ වදාරත්.
‘ඇවැත්නි, එසේවීනම් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳිවු. ‘ස්වාමීනි, රෝග සහිතවූ දුකට පත්වූ දැඩිසේ ගිලන්වූ වක්කලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳී. මෙසේද කියයි. රූපය අනිත්‍යය, ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍යය වේද, ඒ දුකයයි සැක නොකරමි.
යමක් අනිත්‍යවේද, දුක්වේද, පෙරලෙන ස්වභාව ඇත්තේ වේද, එහි මාගේ ආලයෙක් (ආශාවක්) හෝ රාගයක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි. වේදනාව අනිත්‍ය වේ. ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍ය නම් ඒ දුකයයි සැක නොකරමි. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන ස්වභාව ඇත්තේ නම් එහි මාගේ ආලයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි. සංඥාව අනිත්‍ය වන්නේය, ස්වාමීනි මම එය සැක නොකරමි. යමක් අනිත්‍ය වේද, ඒ දුක් වේයයි සැක නොකරමි. යමක් අනිත්‍යද, දුක්ද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එහි මාගේ ආලයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි. සංස්කාරයෝ අනිත්‍යයහ. ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍යවෙද්ද, ඒ දුකැයි සැකනොකරමි. යමක් අනිත්‍යවෙද්ද, දුක්වෙද්ද, පෙරලෙන ස්වභාව ඇත්තාහු වෙද්ද, එහි මාගේ ආලයෙක්වත් රාගයෙක්වත් ප්‍රේමයෙක්වත් නැතැයි සැක නොකරමි. විඥානය අනිත්‍යය, ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍යද, ඒ දුකැයි සැක නොකරමි. යමක් අනිත්‍යද, දුක්ද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එහි මාගේ ආලයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි.’
‘එසේය ඇවැත්නි,’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරුන්ට උත්තර දී ගියාහුය.
ඉක්බිති ආයුෂ්මත් වක්කලි ස්ථවිරතෙම ඒ භික්ෂූන් ගිය නොබෝ වේලාවකදී ආයුධයකින් ගෙළ සිඳගත්තේය.
ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද, එතැනට පැමිණියාහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තෙක හුන්හ. එක් පැත්තෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ:-
‘ස්වාමීනි, රෝග සහිතවූ, දුකට පත්වූ, දැඩි ගිලන්වූ වක්කලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳී, මෙසේද කියයි:-
‘රූපය අනිත්‍යය, ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍යද, එය දුක් යයි සැක නොකරමි. යමක් අනිත්‍යයද, දුක්ද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එහි මාගේ ආලයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි. වේදනාව අනිත්‍යය. ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍යයද, ඒ දුකයයි සැක නොකරමි. යමක් අනිත්‍යයද, දුක්ද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එහි මාගේ ආලයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි. සංඥාව අනිත්‍යය. ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍යයද, ඒ දුකයයි සැක නොකරමි. යමක් අනිත්‍යයද, දුක්ද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එහි මාගේ ආලයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි. සංස්කාරයෝ අනිත්‍යයහ. ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍ය වෙද්ද, ඒ දුකයයි සැක නොකරමි. යමක් අනිත්‍යය වෙද්ද, දුක් වෙද්ද, පෙරලෙන ස්වභාව ඇත්තාහු වෙද්ද, එහි මාගේ ආලයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි. විඥානය අනිත්‍යය. ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍යයද, එය දුකයයි සැක නොකරමි. යමක් අනිත්‍යයද, දුක්ද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එහි මාගේ ආලයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි, (යනුයි.)
ඉක්බිති භාග්‍යවතුන් වන්සේ භික්ෂූන්ට අඬගා වදාළසේක. ‘මහණෙනි, යමු, ඉසිගිලි පර්වත පාර්ශවයෙහි කාලසිලා විහාරය යම් තැනෙකද, යම් තැනෙක්හි වක්කලි කුලපුත්‍රයා විසින් ගෙළ සිඳින ලදද, එතැනට පැමිණෙම්හ.” “එසේය ස්වාමීනි,” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් සමග ඉසිගිලි පව්ව පසෙහිවූ කාලසිලා විහාරය යම් තැනෙකද, එතැනට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඇඳෙහි පෙරැළුණු කඳ ඇතිව සයනය කරන්නාවූ ආයුෂ්මත් වක්කලි තෙරුන් දුරදීම දුටුසේක.
එකල්හි වනාහි දුමක් අඳුරක් නැගෙනහිර දෙසට යයි. බස්නාහිර දෙසට යයි. උතුරු දිගට යයි. දකුණු දිගට යයි උඩට යයි. යටට යයි. අනුදිගට යයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, තෙපි නැගෙනහිරට යන්නාවූද, බස්නාහිරට යන්නාවූද උතුරට යන්නාවූද, දකුණට යන්නාවුද, උඩට යන්නාවූද, පහළට යන්නාවූද, අනුදිගට යන්නාවූද, ඒ අට අඳුර දක්නහුද?” - “එසේය ස්වාමීනි.”
“මහණෙනි, ඒ පවිටු මාරතෙම වක්කලි කුලපුත්‍රයාගේ (ප්‍රතිසන්ධි) විඥානය කොතැනක පිහිටියේදැ”යි වක්කලි කුලපුත්‍රයාගේ (ප්‍රතිසන්ධි විඥානය) සොයන්නේය. මහණෙනි, නොපිහිටි විඥානයෙන් (යුක්තව) වක්කලි කුලපුත්‍රතෙම (ස්කන්ධ පරිනිර්වාණයෙන්) පිරිනිවියේයයි (වදාළසේක.)
(පස්වැනි වක්කලි සූත්‍රය නිමි.)
6. අස්සජිසුත්තං 6. අස්සජි සූත්‍රය
7. ඛෙමකසුත්තං 7. ඛෙමක සූත්‍රය
8. ඡන්නසුත්තං 8. ඡන්න සූත්‍රය
9. රාහුලසුත්තං 9. රාහුල සූත්‍රය
10. දුතියරාහුලසුත්තං 10. රාහුල සූත්‍රය
10. පුප්ඵවග්ගො 10. පුප්ඵ වර්ගය
1. නදීසුත්තං 1. නදී සූත්‍රය
2. පුප්ඵසුත්තං 2. පුප්ඵ සූත්‍රය
3. ඵෙණපිණ්ඩූපමසුත්තං 3. ඵෙණ සූත්‍රය
4. ගොමයපිණ්ඩසුත්තං 4. ගොමය සූත්‍රය
5. නඛසිඛාසුත්තං 5. නඛ සිඛ සූත්‍රය
6. සුද්ධිකසුත්තං 6. සාමුද්දක සූත්‍රය
7. ගද්දුලබද්ධසුත්තං 7. ගද්දුල සූත්‍රය
8. දුතියගද්දුලබද්ධසුත්තං 8. ගද්දුලා සූත්‍රය
9. වාසිජටසුත්තං 9. නාවා සූත්‍රය
10. අනිච්චසඤ්ඤාසුත්තං 10. සඤ්ඤා සූත්‍රය
11. අන්තවග්ගො 11. අන්ත වර්ගය
1. අන්තසුත්තං 1. අන්ත සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. සක්කායසුත්තං 3. සක්කාය සූත්‍රය
4. පරිඤ්ඤෙය්‍යසුත්තං 4. පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
5. සමණසුත්තං 5. සමණ සූත්‍රය
6. දුතියසමණසුත්තං 6. සමණ සූත්‍රය
7. සොතාපන්නසුත්තං 7. සෝතාපන්න සූත්‍රය
8. අරහන්තසුත්තං 8. අරහ සූත්‍රය
9. ඡන්දප්පහානසුත්තං 9. ඡන්ද රාග සූත්‍රය
10. දුතියඡන්දප්පහානසුත්තං 10. ඡන්ද රාග සූත්‍රය
12. ධම්මකථිකවග්ගො 12. ධර්මකථික වර්ගය
1. අවිජ්ජාසුත්තං 1. භික්ෂු සූත්‍රය
2. විජ්ජාසුත්තං 2. භික්ෂු සූත්‍රය
3. ධම්මකථිකසුත්තං 3. ධර්මකථික සූත්‍රය
4. දුතියධම්මකථිකසුත්තං 4. ධර්මකථික සූත්‍රය
5. බන්ධනසුත්තං 5. බන්ධන සූත්‍රය
6. පරිපුච්ඡිතසුත්තං 6. පරිමුච්චිත සූත්‍රය
7. දුතියපරිපුච්ඡිතසුත්තං 7. පරිමුච්චිත සූත්‍රය
8. සංයොජනියසුත්තං 8. සඤ්ඤොජන සූත්‍රය
9. උපාදානියසුත්තං 9. උපාදාන සූත්‍රය
10. සීලවන්තසුත්තං 10. සීල සූත්‍රය
11. සුතවන්තසුත්තං 11. සුතවා සූත්‍රය
12. කප්පසුත්තං 12. කප්ප සූත්‍රය
13. දුතියකප්පසුත්තං 13. කප්ප සූත්‍රය
13. අවිජ්ජාවග්ගො 13. අවිජ්ජා වර්ගය
1. සමුදයධම්මසුත්තං 1. සමුදය ධම්ම සූත්‍රය
2. දුතියසමුදයධම්මසුත්තං 2. සමුදය ධම්ම සූත්‍රය
3. තතියසමුදයධම්මසුත්තං 3. සමුදය ධම්ම සූත්‍රය
4. අස්සාදසුත්තං 4. අස්සාද සූත්‍රය
5. දුතියඅස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. සමුදයසුත්තං 6. සමුදය සූත්‍රය
7. දුතියසමුදයසුත්තං 7. සමුදය සූත්‍රය
8. කොට්ඨිකසුත්තං 8. කොට්ඨිත සූත්‍රය
9. දුතියකොට්ඨිකසුත්තං 9. කොට්ඨිත සූත්‍රය
10. තතියකොට්ඨිකසුත්තං 10. කොට්ඨිත සූත්‍රය
14. කුක්කුළවග්ගො 14. කුක්කුල වර්ගය
1. කුක්කුළසුත්තං 1. කුක්කුල සූත්‍රය
2. අනිච්චසුත්තං 2. අනිච්ච සූත්‍රය
3. දුතියඅනිච්චසුත්තං 3. අනිච්ච සූත්‍රය
4. තතියඅනිච්චසුත්තං 4. අනිච්ච සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. දුතියදුක්ඛසුත්තං 6. දුක්ඛ සූත්‍රය
7. තතියදුක්ඛසුත්තං 7. දුක්ඛ සූත්‍රය
8. අනත්තසුත්තං 8. අනත්ත සූත්‍රය
9. දුතියඅනත්තසුත්තං 9. අනත්ත සූත්‍රය
10. තතියඅනත්තසුත්තං 10. අනත්ත සූත්‍රය
11. නිබ්බිදාබහුලසුත්තං 11. කුලපුත්ත සූත්‍රය
12. අනිච්චානුපස්සීසුත්තං 12. කුලපුත්ත සූත්‍රය
13. දුක්ඛානුපස්සීසුත්තං 13. කුලපුත්ත සූත්‍රය
14. අනත්තානුපස්සීසුත්තං 14. කුලපුත්ත සූත්‍රය
15. දිට්ඨිවග්ගො 15. දිට්ඨි වර්ගය
1. අජ්ඣත්තසුත්තං 1. අජ්ඣත්ත සූත්‍රය
2. එතංමමසුත්තං 2. එතං මම සූත්‍රය
3. සොඅත්තාසුත්තං 3. සො අත්තා සූත්‍රය
4. නොචමෙසියාසුත්තං 4. නොච මෙ සියා සූත්‍රය
5. මිච්ඡාදිට්ඨිසුත්තං 5. මිච්ඡාදිට්ඨි සූත්‍රය
6. සක්කායදිට්ඨිසුත්තං 6. සක්කාය දිට්ඨි සූත්‍රය
7. අත්තානුදිට්ඨිසුත්තං 7. අත්තානු දිට්ඨි සූත්‍රය
8. අභිනිවෙසසුත්තං 8. විනිවේස සූත්‍රය
9. දුතියඅභිනිවෙසසුත්තං 9. විනිවේස සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය