ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය
8. පිණ්ඩොල්‍යසුත්තං 8. පිණ්ඩොල සූත්‍රය
9. පාලිලෙය්‍යසුත්තං 9. පාරිලෙය්‍යක සූත්‍රය
10. පුණ්ණමසුත්තං 10. පුණ්ණමානි සූත්‍රය
9. ථෙරවග්ගො 9. ථෙර වර්ගය
1. ආනන්දසුත්තං 1. ආනන්ද සූත්‍රය
2. තිස්සසුත්තං 2. තිස්ස සූත්‍රය
3. යමකසුත්තං 3. යමක සූත්‍රය
85
එකං සමයං ආයස්මා සාරිපුත්තො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන යමකස්ස නාම භික්ඛුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති - ‘‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා’’ති.
අස්සොසුං ඛො සම්බහුලා භික්ඛූ යමකස්ස කිර නාම භික්ඛුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති - ‘‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා’’ති. අථ ඛො තෙ භික්ඛූ යෙනායස්මා යමකො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ආයස්මතා යමකෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ ආයස්මන්තං යමකං එතදවොචුං -
‘‘සච්චං කිර තෙ, ආවුසො යමක, එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං - ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා’’’ති? ‘‘එවං ඛ්වාහං, ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාමි - ‘ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා’’’ති.
‘‘මා, ආවුසො යමක, එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි. න හි සාධු භගවතො අබ්භාචික්ඛනං. න හි භගවා එවං වදෙය්‍ය - ‘ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා’’’ති. එවම්පි ඛො ආයස්මා යමකො තෙහි භික්ඛූහි වුච්චමානො තථෙව තං පාපකං දිට්ඨිගතං ථාමසා පරාමාසා අභිනිවිස්ස වොහරති - ‘‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා’’ති.
යතො ඛො තෙ භික්ඛූ නාසක්ඛිංසු ආයස්මන්තං යමකං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුං, අථ ඛො තෙ භික්ඛූ උට්ඨායාසනා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං එතදවොචුං - ‘‘යමකස්ස නාම, ආවුසො සාරිපුත්ත, භික්ඛුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං - ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා’ති. සාධායස්මා සාරිපුත්තො යෙන යමකො භික්ඛු තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’ති. අධිවාසෙසි ඛො ආයස්මා සාරිපුත්තො තුණ්හීභාවෙන. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා යමකො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා යමකෙන සද්ධිං සම්මොදි...පෙ.... එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං යමකං එතදවොච -
‘‘සච්චං කිර තෙ, ආවුසො යමක, එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං - ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා’’’ති? ‘‘එවං ඛ්වාහං, ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා’’ති.
‘‘තං කිං මඤ්ඤසි, ආවුසො යමක, රූපං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, ආවුසො’’. ‘‘වෙදනා නිච්චා... සඤ්ඤා... සඞ්ඛාරා... විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, ආවුසො’’. තස්මාතිහ...පෙ.... එවං පස්සං...පෙ.... නාපරං ඉත්ථත්තායාති පජානාතී’’ති.
‘‘තං කිං මඤ්ඤසි, ආවුසො යමක, රූපං තථාගතොති සමනුපස්සසී’’ති? ‘‘නො හෙතං, ආවුසො’’ ... ‘‘වෙදනං තථාගතොති සමනුපස්සසී’’ති? ‘‘නො හෙතං, ආවුසො’’... ‘‘සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං තථාගතොති සමනුපස්සසී’’ති? ‘‘නො හෙතං, ආවුසො’’.
‘‘තං කිං මඤ්ඤසි, ආවුසො යමක, රූපස්මිං තථාගතොති සමනුපස්සසී’’ති? ‘‘නො හෙතං, ආවුසො’’. ‘‘අඤ්ඤත්‍ර රූපා තථාගතොති සමනුපස්සසී’’ති? ‘‘නො හෙතං, ආවුසො’’. ‘‘වෙදනාය... අඤ්ඤත්‍ර වෙදනාය...පෙ.... සඤ්ඤාය... අඤ්ඤත්‍ර සඤ්ඤාය... සඞ්ඛාරෙසු... අඤ්ඤත්‍ර සඞ්ඛාරෙහි... විඤ්ඤාණස්මිං තථාගතොති සමනුපස්සසී’’ති? ‘‘නො හෙතං, ආවුසො’’. ‘‘අඤ්ඤත්‍ර විඤ්ඤාණා තථාගතොති සමනුපස්සසී’’ති? ‘‘නො හෙතං, ආවුසො’’.
‘‘තං කිං මඤ්ඤසි, ආවුසො යමක, රූපං... වෙදනං... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං තථාගතොති සමනුපස්සසී’’ති? ‘‘නො හෙතං, ආවුසො’’.
‘‘තං කිං මඤ්ඤසි, ආවුසො යමක, අයං සො අරූපී... අවෙදනො... අසඤ්ඤී... අසඞ්ඛාරො... අවිඤ්ඤාණො තථාගතොති සමනුපස්සසී’’ති? ‘‘නො හෙතං, ආවුසො’’. ‘‘එත්ථ ච තෙ, ආවුසො යමක, දිට්ඨෙව ධම්මෙ සච්චතො ථෙතතො (තථතො (ස්‍යා. කං.)) තථාගතෙ අනුපලබ්භියමානෙ (තථාගතෙ අනුපලබ්භමානෙ (?)), කල්ලං නු තෙ තං වෙය්‍යාකරණං - ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා’’’ති?
‘‘අහු ඛො මෙ තං, ආවුසො සාරිපුත්ත, පුබ්බෙ අවිද්දසුනො පාපකං දිට්ඨිගතං; ඉදඤ්ච පනායස්මතො සාරිපුත්තස්ස ධම්මදෙසනං සුත්වා තඤ්චෙව පාපකං දිට්ඨිගතං පහීනං, ධම්මො ච මෙ අභිසමිතො’’ති.
‘‘සචෙ තං, ආවුසො යමක, එවං පුච්ඡෙය්‍යුං - ‘යො සො, ආවුසො යමක, භික්ඛු අරහං ඛීණාසවො සො කායස්ස භෙදා පරං මරණා කිං හොතී’ති? එවං පුට්ඨො ත්වං, ආවුසො යමක, කින්ති බ්‍යාකරෙය්‍යාසී’’ති? ‘‘සචෙ මං, ආවුසො, එවං පුච්ඡෙය්‍යුං - ‘යො සො, ආවුසො යමක, භික්ඛු අරහං ඛීණාසවො සො කායස්ස භෙදා පරං මරණා කිං හොතී’ති? එවං පුට්ඨොහං, ආවුසො, එවං බ්‍යාකරෙය්‍යං - ‘රූපං ඛො, ආවුසො, අනිච්චං. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තං නිරුද්ධං තදත්ථඞ්ගතං. වෙදනා... සඤ්ඤා... සඞ්ඛාරා... විඤ්ඤාණං අනිච්චං. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තං නිරුද්ධං තදත්ථඞ්ගත’න්ති. එවං පුට්ඨොහං , ආවුසො, එවං බ්‍යාකරෙය්‍ය’’න්ති.
‘‘සාධු සාධු, ආවුසො යමක! තෙන හාවුසො, යමක, උපමං තෙ කරිස්සාමි එතස්සෙව අත්ථස්ස භිය්‍යොසොමත්තාය ඤාණාය. සෙය්‍යථාපි, ආවුසො යමක, ගහපති වා ගහපතිපුත්තො වා අඩ්ඪො මහද්ධනො මහාභොගො; සො ච ආරක්ඛසම්පන්නො. තස්ස කොචිදෙව පුරිසො උප්පජ්ජෙය්‍ය අනත්ථකාමො අහිතකාමො අයොගක්ඛෙමකාමො ජීවිතා වොරොපෙතුකාමො. තස්ස එවමස්ස - ‘අයං ඛො ගහපති වා ගහපතිපුත්තො වා අඩ්ඪො මහද්ධනො මහාභොගො; සො ච ආරක්ඛසම්පන්නො; නායං (න හායං (ස්‍යා. කං.)) සුකරො පසය්හ ජීවිතා වොරොපෙතුං. යංනූනාහං අනුපඛජ්ජ ජීවිතා වොරොපෙය්‍ය’න්ති. සො තං ගහපතිං වා ගහපතිපුත්තං වා උපසඞ්කමිත්වා එවං වදෙය්‍ය - ‘උපට්ඨහෙය්‍යං තං, භන්තෙ’ති. තමෙනං සො ගහපති වා ගහපතිපුත්තො වා උපට්ඨාපෙය්‍ය. සො උපට්ඨහෙය්‍ය පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිංකාරපටිස්සාවී මනාපචාරී පියවාදී. තස්ස සො ගහපති වා ගහපතිපුත්තො වා මිත්තතොපි නං සද්දහෙය්‍ය (දහෙය්‍ය (ස්‍යා. කං. පී. ක.)); සුහජ්ජතොපි නං සද්දහෙය්‍ය; තස්මිඤ්ච විස්සාසං ආපජ්ජෙය්‍ය. යදා ඛො, ආවුසො, තස්ස පුරිසස්ස එවමස්ස - ‘සංවිස්සත්ථො ඛො ම්‍යායං ගහපති වා ගහපතිපුත්තො වා’ති, අථ නං රහොගතං විදිත්වා තිණ්හෙන සත්ථෙන ජීවිතා වොරොපෙය්‍ය.
‘‘තං කිං මඤ්ඤසි, ආවුසො යමක, යදා හි සො පුරිසො අමුං ගහපතිං වා ගහපතිපුත්තං වා උපසඞ්කමිත්වා එවං ආහ - ‘උපට්ඨහෙය්‍යං තං, භන්තෙ’ති, තදාපි සො වධකොව. වධකඤ්ච පන සන්තං න අඤ්ඤාසි - ‘වධකො මෙ’ති. යදාපි සො උපට්ඨහති පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිංකාරපටිස්සාවී මනාපචාරී පියවාදී, තදාපි සො වධකොව. වධකඤ්ච පන සන්තං න අඤ්ඤාසි - ‘වධකො මෙ’ති. යදාපි නං රහොගතං විදිත්වා තිණ්හෙන සත්ථෙන ජීවිතා වොරොපෙති, තදාපි සො වධකොව. වධකඤ්ච පන සන්තං න අඤ්ඤාසි - ‘වධකො මෙ’’’ති. ‘‘එවමාවුසො’’ති. ‘‘එවමෙව ඛො, ආවුසො, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං; අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං; අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං’’.
‘‘සො අනිච්චං රූපං ‘අනිච්චං රූප’න්ති යථාභූතං නප්පජානාති. අනිච්චං වෙදනං ‘අනිච්චා වෙදනා’ති යථාභූතං නප්පජානාති. අනිච්චං සඤ්ඤං ‘අනිච්චා සඤ්ඤා’ති යථාභූතං නප්පජානාති. අනිච්චෙ සඞ්ඛාරෙ ‘අනිච්චා සඞ්ඛාරා’ති යථාභූතං නප්පජානාති. අනිච්චං විඤ්ඤාණං ‘අනිච්චං විඤ්ඤාණ’න්ති යථාභූතං නප්පජානාති.
‘‘දුක්ඛං රූපං ‘දුක්ඛං රූප’න්ති යථාභූතං නප්පජානාති. දුක්ඛං වෙදනං... දුක්ඛං සඤ්ඤං... දුක්ඛෙ සඞ්ඛාරෙ... දුක්ඛං විඤ්ඤාණං ‘දුක්ඛං විඤ්ඤාණ’න්ති යථාභූතං නප්පජානාති.
‘‘අනත්තං රූපං ‘අනත්තා රූප’න්ති යථාභූතං නප්පජානාති. අනත්තං වෙදනං... අනත්තං සඤ්ඤං... අනත්තෙ සඞ්ඛාරෙ... අනත්තං විඤ්ඤාණං ‘අනත්තං විඤ්ඤාණ’න්ති යථාභූතං නප්පජානාති.
‘‘සඞ්ඛතං රූපං ‘සඞ්ඛතං රූප’න්ති යථාභූතං නප්පජානාති. සඞ්ඛතං වෙදනං... සඞ්ඛතං සඤ්ඤං... සඞ්ඛතෙ සඞ්ඛාරෙ... සඞ්ඛතං විඤ්ඤාණං ‘සඞ්ඛතං විඤ්ඤාණ’න්ති යථාභූතං නප්පජානාති.
‘‘වධකං රූපං ‘වධකං රූප’න්ති යථාභූතං නප්පජානාති. වධකං වෙදනං ‘වධකා වෙදනා’ති... වධකං සඤ්ඤං ‘වධකා සඤ්ඤා’ති... වධකෙ සඞ්ඛාරෙ ‘වධකා සඞ්ඛාරා’ති යථාභූතං නප්පජානාති. වධකං විඤ්ඤාණං ‘වධකං විඤ්ඤාණ’න්ති යථාභූතං නප්පජානාති.
‘‘සො රූපං උපෙති උපාදියති අධිට්ඨාති ‘අත්තා මෙ’ති. වෙදනං... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං උපෙති උපාදියති අධිට්ඨාති ‘අත්තා මෙ’ති. තස්සිමෙ පඤ්චුපාදානක්ඛන්ධා උපෙතා උපාදින්නා දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තන්ති.
‘‘සුතවා ච ඛො, ආවුසො, අරියසාවකො අරියානං දස්සාවී...පෙ.... සප්පුරිසධම්මෙ සුවිනීතො න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං අත්තානං; න අත්තනි රූපං, න රූපස්මිං අත්තානං. න වෙදනං... න සඤ්ඤං... න සඞ්ඛාරෙ... න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං අත්තානං; න අත්තනි විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං අත්තානං.
‘‘සො අනිච්චං රූපං ‘අනිච්චං රූප’න්ති යථාභූතං පජානාති. අනිච්චං වෙදනං ... අනිච්චං සඤ්ඤං... අනිච්චෙ සඞ්ඛාරෙ ... අනිච්චං විඤ්ඤාණං ‘අනිච්චං විඤ්ඤාණ’න්ති යථාභූතං පජානාති.
‘‘දුක්ඛං රූපං ‘දුක්ඛං රූප’න්ති යථාභූතං පජානාති. දුක්ඛං වෙදනං... දුක්ඛං සඤ්ඤං... දුක්ඛෙ සඞ්ඛාරෙ... දුක්ඛං විඤ්ඤාණං ‘දුක්ඛං විඤ්ඤාණ’න්ති යථාභූතං පජානාති.
‘‘අනත්තං රූපං ‘අනත්තා රූප’න්ති යථාභූතං පජානාති. අනත්තං වෙදනං... අනත්තං සඤ්ඤං... අනත්තෙ සඞ්ඛාරෙ... අනත්තං විඤ්ඤාණං ‘අනත්තා විඤ්ඤාණ’න්ති යථාභූතං පජානාති.
‘‘සඞ්ඛතං රූපං ‘සඞ්ඛතං රූප’න්ති යථාභූතං පජානාති. සඞ්ඛතං වෙදනං... සඞ්ඛතං සඤ්ඤං... සඞ්ඛතෙ සඞ්ඛාරෙ... සඞ්ඛතං විඤ්ඤාණං ‘සඞ්ඛතං විඤ්ඤාණ’න්ති යථාභූතං පජානාති.
‘‘වධකං රූපං ‘වධකං රූප’න්ති යථාභූතං පජානාති. වධකං වෙදනං... වධකං සඤ්ඤං... වධකෙ සඞ්ඛාරෙ ‘‘වධකා සඞ්ඛාරා’’ති යථාභූතං පජානාති. වධකං විඤ්ඤාණං ‘වධකං විඤ්ඤාණ’න්ති යථාභූතං පජානාති.
‘‘සො රූපං න උපෙති, න උපාදියති, නාධිට්ඨාති - ‘අත්තා මෙ’ති. වෙදනං... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං න උපෙති, න උපාදියති, නාධිට්ඨාති - ‘අත්තා මෙ’ති. තස්සිමෙ පඤ්චුපාදානක්ඛන්ධා අනුපෙතා අනුපාදින්නා දීඝරත්තං හිතාය සුඛාය සංවත්තන්තී’’ති. ‘‘එවමෙතං, ආවුසො සාරිපුත්ත, හොති යෙසං ආයස්මන්තානං තාදිසා සබ්‍රහ්මචාරිනො අනුකම්පකා අත්ථකාමා ඔවාදකා අනුසාසකා. ඉදඤ්ච පන මෙ ආයස්මතො සාරිපුත්තස්ස ධම්මදෙසනං සුත්වා අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්ත’’න්ති. තතියං.
85
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම්වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවෙසෙති. එකල්හි වනාහි යමක නම් මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේවෙයි.
“යම්සේ ක්ෂය කරනලද ක්ලේෂයන් ඇති (රහත්) මහණ තෙම ශරීරය බිඳීමෙන් සිඳෙන්නේද, වැනසෙන්නේද, මරණින් මත්තෙහි නොවන්නේද, එසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද ධර්මය දනිමි. (කියායි.)
“යම්සේ ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම ශරීරය බිඳීමෙන් සිඳෙන්නේය, විනාශවන්නේය, මරණින් මතු නොවන්නේ” යයි බුදුන් විසින් දෙසනලද ධර්මය එසේ දනිමි’යි යන මෙබඳු ලාමක දෘෂ්ටියක් යමක නම් භික්ෂුවට උපන්නේය”යි බොහෝ භික්ෂූහු ඇසුවාහුමය.
ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් යමක භික්ෂුතෙම යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස් ආයුෂ්මත් යමක භික්ෂුව සමග සතුටුවූහ. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක්පැත්තක හුන්හ. එක්පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් යමක භික්ෂුවට මේ කරුණ කීහ:
“ඇවැත් යමකයෙනි, යම් ප්‍රකාරයකින් රහත් මහණ තෙම සිරුර බිඳීමෙන් සිඳෙන්නේද, වැනසෙන්නේද, මරණින් මතු නොවන්නේද, ඒ ප්‍රකාරයෙන් බුදුන් විසින් දෙසනලද ධර්මය (මම) දනිමි”යි තොපට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේ සැබෑදැ”යි (ඇසූහ.)
“ඇවැත්නි, යම් ප්‍රකාරයකින් රහත් මහණතෙම ශරීර භෙදයෙන් සිඳෙන්නේද, වැනසෙන්නේද, මරණින් මතු නොවන්නේද, එසේ බුදුන් විසින් දෙසූ ධර්මය (මම) දනිමියි” කීය.
“ඇවැත් යමකයෙනි, එසේ නොකියව, භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නොකරව, භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා කිරීම නොමැනවි. භාග්‍යවතුන් වහන්සේ “රහත් මහණතෙම ශරීරය බිඳීමෙන් සිඳෙන්නේය, වැනසෙන්නේය, මරණින් මත්තෙහි නො වන්නේය”යි මෙසේ නොවදාරණසේකැයි කීහ.
මෙසේද ඒ භික්ෂූන් විසින් කියනු ලබන්නාවූ ආයුෂ්මත් යමක භික්ෂුතෙම “ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම කය බිඳීමෙන් සිඳෙන්නේද, වැනසෙන්නේද, මරණින් මත්තෙහි නොවන්නේද, ඒ ප්‍රකාරයෙන් බුදුන් විසින් දෙසනලද ධර්මය (මම) දනිමි” යි යන ලාමක දෘෂ්ටිය එසේම ස්ථිරවශයෙන්, දෘෂ්ටි වශයෙන් ගෙන පිහිටා ව්‍යවහාර කෙරෙයි. යම්හෙයකින් ඒ භික්ෂූහු ආයුෂ්මත් යමක භික්ෂුව ඒ ලාමක දෘෂ්ටියෙන් වළක්වන්නට නොහැකිවූවාහුද (එහෙයින්) ඊට අනතුරුව ඒ භික්ෂූහු හුනස්නෙන් නැගී ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය, පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයනට මේ කරුණ දැක්වූහ:-
“ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, රහත් මහණතෙම සිරුර බිඳීමෙන් සිඳෙන්නේද, වැනසෙන්නේද, මරණින් මතු නොවන්නේද, ඒ ප්‍රකාරයෙන් බුදුන් විසින් දෙසූ ධර්මය (මම) දනිමි”යි යමක නම් මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේය. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙම “යමක භික්ෂුතෙම යම් තැනෙකද, එතැනට අනුකම්පා උපදවා වඩින්නේ නම් මැනව”යි කීවාහුය.
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් (එය) ඉවසූහ. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම සවස් වේලෙහි පලසමවතින් නැගීසිටියේ ආයුෂ්මත් යමක භික්ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් යමක භික්ෂුව සමග සතුටු විය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා පසකින් හිඳගත්හ. පසක හිඳගත්තාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙම ආයුෂ්මත් යමක (භික්ෂුවට) මෙකරුණ දැන්වීය:-
“ඇවැත් යමකයෙනි, ‘ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම කය බිඳීමෙන් සිඳෙන්නේය, වැනසෙන්නේය, මරණින් මත්තෙහි නොවේයයි බුදුන් විසින් එසේ වදාළ ධර්මය (මම) දනිමි”යි යුෂ්මතුන්ට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේල, එය සැබෑදැයි” ඇසූහ.
“ඇවැත්නි, මම ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම කය බිඳීමෙන් සිඳෙන්නේය, වැනසෙන්නේය, මරණින් මතු නොවේයි බුදුන් විසින් මෙසේ දෙසනලද ධර්මය (මම) දනිමි”යි කීය.
“ඇවැත් යමකයෙනි, ඒ කුමැයි සිතන්නෙහිද? ‘රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” - “ඇවැත්නි, අනිත්‍යය” “යමක් අනිත්‍යවේද, එය දුකද සැපද?”-“ඇවැත්නි, දුකැයි” (කී.)
“යමක් අනිත්‍ය වේද, දුක්වේද, පෙරලෙන ස්වභාව ඇත්තේ වේද, ‘රූපය මාගේය, ඒ මම වෙමි. ඒ මාගේ ආත්මය’යි ඒ රූපය දෘෂ්ටි වශයෙන් දැකීමට සුදුසුද?” - “ඇවැත්නි, එය සුදුසු නොවේමය.”
“වේදනාව නිත්‍යද, අනිත්‍යද?” - “ඇවැත්නි, අනිත්‍යයි.” “යමක් අනිත්‍යද ඒ දුකද සැපද?” - “ඇවැත්නි, දුකය.” “යමක් අනිත්‍යද, දුකද, පෙරලෙන ස්වභාව ඇත්තේද, ‘එය
මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මය’යි දක්නට සුදුසුද?” - “ඇවැත්නි, එය සුදුසු නොවේ.” “සංඥාව නිත්‍යද, අනිත්‍යද?” - “ඇවැත්නි, අනිත්‍යයි” “යමක් අනිත්‍ය නම් ඒ දුකද, සැපද?” - “ඇවැත්නි, දුකය.”
“යමක් අනිත්‍ය නම් එය දුකද, පෙරලෙන ස්වභාව ඇත්තේද, ‘එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මය’යි දක්නට සුදුසු වේද?” - “ඇවැත්නි, එය සුදුසු නොවේ.”
“සංස්කාරස්කන්ධය නිත්‍යද, අනිත්‍යද?” - “ඇවැත්නි, අනිත්‍යයි.” “යමක් අනිත්‍ය නම් ඒ දුකද, සැපද?” - “ඇවැත්නි, දුකය.”
“යමක් අනිත්‍යද, දුකද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එය ‘මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මය’යි දක්නට සුදුසු වේද?” - “ඇවැත්නි, එය සුදුසු නොවේ.”
“විඥාණය නිත්‍යද, අනිත්‍යද?” - “ඇවැත්නි, අනිත්‍යයි.” “යමක් අනිත්‍ය නම් ඒ දුකද, සැපද?” - “ඇවැත්නි දුකය.” “යමක් අනිත්‍යද, දුකද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එය
මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මය”යි දක්නට සුදුසුද?” - “ඇවැත්නි, එය සුදුසු නොවේ.”
“ඇවැත් යමකයෙනි, එහෙයින් අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූපය මාගේ නොවේ. මම නොවෙමි, මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දතයුතුය.’
අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි වේදනාවක් වේද, ඒ සියලු වේදනාව මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ” යයි ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දතයුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංස්කාරයෝ වෙත්ද? “ඒ සියලු සංස්කාරයෝ මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ”යයි තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දතයුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි විඥානයෙක් වේද, “ඒ සියලු විඥානය මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ”යයි තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දතයුතුය.
ඇවැත් යමකයෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරේ, වේදනාවෙහිද කලකිරේ, සංඥාවෙහිද කලකිරේ, සංස්කාරයන්හිද කලකිරේ, විඥානයෙහිද කලකිරේ. කලකිරුනේ නොඇලේ, නොඇලීමෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදේ, මිදුණු කල්හි ‘මිදුණේ’ යයි (ප්‍රත්‍යවෙක්ෂා) ඥානය ඇතිවේ. ඉපදීම ක්ෂයවිය. මාර්ග බ්‍රහ්මචර්යාවෙහි වැස නිමවන ලද්දේය, කටයුතු කරන ලද්දේය, මේ රහත් ඵලය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනී.
“ඇවැත් යමකයෙනි, ඒ කුමැයි හඟින්නෙහිද? රූපය “සත්වයා” යයි දක්නෙහිද’ - “ඇවැත්නි, එය නොවේමය.”
“වේදනාව සත්ත්වයායයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.”
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංඥාවක් වේද, “ඒ සියලු සංඥාව මාගේ නොවේ, මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේ” යයි තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දතයුතුය.
“සංඥාව සත්ත්වයායයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.”
“සංස්කාර ස්කන්ධය සත්ත්වයායයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.”
“විඤ්ඤාණය සත්ත්වයායයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.”
“ඇවැත් යමකයෙනි, ඒ කුමැයි සිතන්නෙහිද?” රූපය කෙරෙහි සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය. “රූපයෙන් තොරව සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.”
“වේදනාවෙහි සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.” “වේදනාව හැර සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.”
“සංඥාවෙහි සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.” “සංඥාවෙන් තොරව සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.”
“සංස්කාරයන්හි සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” -“ඇවැත්නි, එය නොවේමය.” “සංස්කාරයන්ගෙන් තොරව සත්ත්වතෙමවේයයි දක්නෙහිද?” - ඇවැත්නි, එය නොවේමය.”
“විඤ්ඤාණයෙහි සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” -“ඇවැත්නි, එය නොවේමය.” “විඤ්ඤාණය හැර සත්ත්වතෙම වේයයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.”
“ඇවැත් යමකයෙනි, රූපය, වේදනාවය, සංඥාවය, සංස්කාරය, විඤ්ඤාණය යන පස සත්ත්වයායයි දක්නෙහිද?” - “ඇවැත්නි. එය නොවේමය.”
“ඇවැත් යමකයෙනි, ඒ කුමැයි හඟින්නෙහිද? ඒ මේ රූප නැත්තේ, වේදනාව නැත්තේ, සංඥාව නැත්තේ, සංස්කාර නැත්තේ විඤ්ඤාණය නැත්තේ සත්ත්වයායයි දක්නෙහිද?” -“ඇවැත්නි, එය නොවේමය.”
“ඇවැත් යමකයෙනි, මෙහිදී තොපට මේ ආත්මයෙහිද සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන්, සත්ත්වයෙකු නොලැබෙන කල්හි ‘ක්ෂීණාශ්‍රවතෙම ශරීරයාගේ භෙදයෙන් සිඳෙන්නේය, වැනසෙන්නේය, මරණින් මතු නොවන්නේයයි ඒ ප්‍රකාරයෙන් බුදුන් විසින් දෙසූ ධර්මය දනිමි’ යන තොපගේ ප්‍රකාශය සුදුසුද?
“ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, පෙර නුවණ නැත්තාවූ මට ඒ ලාමක දෘෂ්ටිය වූයේය. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ගේ මේ ධර්මදේශනයම අසා ඒ ලාමක දෘෂ්ටියද, ප්‍රහීන විය. මා විසින් ධර්මයද අවබෝධ කරන ලද්දේයයි” (කීය.)
“ඇවැත් යමකයෙනි, ඉදින් තොපගෙන්, ඇවැත් යමකයෙනි, ක්ෂීණාශ්‍රව භික්ෂුතෙමේ කය බිඳීමෙන් මරණින් පසු කුමක් වේදැයි අසන්නහු නම්’ ඇවැත් යමකයෙනි, මෙසේ අසන ලද්දාවූ තෝ කුමකැයි කියන්නෙහිද?”
“ඇවැත්නි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ කියන්නෙමි.
“ඇවැත්නි, රූපය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුකද එය නිරුද්ධවිය. එය නැතිවූයේය.
“වේදනාව අනිත්‍යය, යමක් අනිත්‍ය නම් ඒ දුකය. යමක් දුකද එය නිරුද්ධවිය. එය නැතිවූයේය.
“සංඥාව අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ දුකය. යමක් දුකද එය නිරුද්ධවිය. එය නැතිවූයේය.
“සංස්කාරයෝ අනිත්‍යහ. යමක් අනිත්‍ය නම් ඒ දුකය. යමක් දුකද එය නිරුද්ධවිය. එය නැතිවූයේය.
“විඤ්ඤාණය අනිත්‍යය, යමක් අනිත්‍ය නම් ඒ දුකය. යමක් දුකද එය නිරුද්ධවිය. එය නැතිවිය. ඇවැත්නි, එසේ අසන ලද්දාවූ මම මෙසේ කියන්නෙමියි” කීය.
“ඇවත, යමකයෙනි යහපති, යහපති, එසේවී නම් ඇවැත් යමකයෙනි, මේ කාරණයම වැඩියක් අවබෝධ කර ගැනීම සඳහා තොපට උපමාවක් දක්වන්නෙමි.
“ඇවැත් යමකයෙනි, ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, රැකවල් සහිතවූ යම් ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ ඇත්තේය.
“ඔහුට අනර්ථ කැමැතිවූ, අවැඩ කැමැතිවූ, නිර්භය නොකැමැතිවූ, ජීවිතයෙන් තොර කරනු කැමැතිවූ, කිසියම් පුරුෂයෙක් ඇතිවන්නේය. ඔහුට මෙබඳු අදහසෙක් වන්නේය:-‘මේ ගෘහපති තෙමේ හෝ ගෘහපති පුත්‍රතෙමේ හෝ ධනයෙන් සමෘද්ධය, මහත් ධන ඇත්තේය, මහත් සම්පත් ඇත්තේය. හෙතෙමේද (ඇතුළත පිටත) මුරකරුවන්ගෙන් යුක්තය. මැඩ දිවි තොර කරන්නට පහසු නොවේමය. (ඇතුළට) වැද, දිවි තොර කරන්නෙම් නම් ඉතා යෙහෙක.’ (යනුයි.)
“හෙතෙම ඒ ගෘහපතියා කරා හෝ ගෘහපති පුත්‍රයා කරා හෝ පැමිණ, ‘වහන්ස, ඔබට උපස්ථාන කරන්නෙමැයි’ කියන්නේය. ඒ ගෘහපති තෙමේ හෝ ගෘහපති පුත්‍රතෙමේ හෝ ඔහු ලවා උපස්ථාන කරවා ගන්නේය. ඒ උපස්ථායක තෙම පළමුව නැගිටිමින්, පසුව නිදමින්, කුමක් කරම්ද, කුමක් කරම්දැයි අසමින්, මනාව හැසිරෙමින්, ප්‍රිය වචන කථා කරමින්, උපස්ථාන කරන්නේය. උවටැන් කරන්නේය.
“ඒ ගෘහපති තෙමේ හෝ ගෘහපති පුත්‍රතෙමේ හෝ ඔහු මිත්‍රයකු වශයෙන්ද අදහන්නේය. යාලුවකු වශයෙන්ද අදහන්නේය. ඔහු කෙරෙහි විශ්වාසයට පැමිණෙන්නේය.”
“ඇවත, යම් කලෙක්හි ‘මේ ගෘහපති තෙමේ හෝ ගෘහපති පුත්‍ර තෙමේ හෝ මට මනාකොට විශ්වාසවූයේයයි ඔහුට සිතෙක් වන්නේද, එවිට ඔහු රහසිගත තැනක් දැන තියුණු ආයුධයකින් ජීවිතය තොර කරන්නේය.”
“ඇවැත් යමකයෙනි, ඒ කුමැයි හඟින්නෙහිද? යම් කලෙකත් ඒ පුරුෂතෙම අසවල් ගෘහපතියා කරා හෝ ගෘහපති පුත්‍රයා කරා හෝ පැමිණ, ‘වහන්ස, උපස්ථාන කරන්නෙමි’යි කියන්නේද, එකල්හිත් හෙතෙම වධකයාමය, වධකයෙකු වුවද, ‘මාගේ වධකයෙකැ’යි නොදත්තේය.
යම් කලෙකත් හෙතෙම පළමුව නැගිටිමින්, පසුව නිදමින්, කුමක් කෙරෙම්දැයි අසමින්, මනාප සේ හැසිරෙමින්, ප්‍රියවචන කියමින්, උපස්ථාන කෙරේද, එකල්හිත් හෙතෙම වධකයෙක්මය. වධකයෙකු වුවද ‘මාගේ වධකයෙකැ’යි නොදත්තේය. යම් කලෙකත් ඔහු රහස් ස්ථානයක් දැන, තියුණු ආයුධයකින් දිවි තොර කරන්නේද, එකල්හිත් හෙතෙම වධකයෙක්මය. වධකයෙකු වුවද ‘මගේ වධකයෙකැ’යි නොදත්තේය. ඇවැත්නි, එසේය.
“ඇවැත්නි, එපරිද්දෙන්ම ආර්යයන් නොදක්නාවූ, ආර්ය ධර්මයෙහි අදක්ෂවූ, ආර්ය ධර්මයෙහි නොහික්මුණාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ, අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය තමායයි දක්නේය. තමා රූප ඇත්තෙකු කොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ රූපය දක්නේය. රූපය කෙරෙහි හෝ තමා දක්නේය.
“වේදනාව තමා වශයෙන් දක්නේය. තමා වේදනා ඇත්තෙකු කොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ වේදනාව දක්නේය. වේදනාව කෙරෙහි හෝ තමා දක්නේය.
‘සංඥාව තමා වශයෙන් හෝ දක්නේය. තමා සංඥාව ඇත්තෙකු කොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ සංඥාව දක්නේය. සංඥාව කෙරෙහි හෝ තමා දක්නේය.
“සංස්කාරයන් තමා වශයෙන් හෝ දක්නේය. තමා සංස්කාරයන් ඇත්තෙකුකොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ සංස්කාරයන් දක්නේය. සංස්කාරයන් කෙරෙහි හෝ තමා දක්නේය.
“විඤ්ඤාණය තමායයි හෝ දක්නේය. තමා විඤ්ඤාණය ඇත්තෙකු කොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ විඤ්ඤාණය දක්නේය. විඤ්ඤාණය කෙරෙහි හෝ තමා දක්නේය.
“හෙතෙම අනිත්‍යවූ රූපය ‘අනිත්‍යවූ රූපය’යයි තත්වූ පරිද්දෙන් නොදනී. අනිත්‍යවූ වේදනාව ‘අනිත්‍යවූ වේදනාව’යයි තත්වූ පරිද්දෙන් නොදනී. අනිත්‍යවූ සංඥාව ‘අනිත්‍යවූ සංඥාව’ යයි තත්වූ පරිද්දෙන් නොදනී. අනිත්‍යවූ සංස්කාරයන් අනිත්‍යවූ සංස්කාරයෝ’ යයි තත්වූ පරිද්දෙන් නොදනී. අනිත්‍යවූ විඤ්ඤාණය ‘අනිත්‍යවූ විඤ්ඤාණය’යි තත්වූ පරිද්දෙන් නොදනී. දුක්වූ රූපය ‘දුක්වූ රූපය’යයි තත්වූ පරිද්දෙන් නොදනී. දුක්වූ වේදනාව ‘දුක්වූ වේදනාව’ යයි තත්වූ පරිද්දෙන් නොදනී. දුක්වූ සංඥාව ‘දුක්වූ සංඥාව’ යයි තත්වූ පරිද්දෙන් නොදනී. දුක්වූ සංස්කාරයන් ‘දුක්වූ ‘සංස්කාරයෝ’යයි තත්වූ පරිද්දෙන් නොදනී. දුක්වූ විඤ්ඤාණය ‘දුක්වූ විඤ්ඤාණය’යි තත්වූ පරිද්දෙන් නොදනී.
“අනාත්මවූ රූපය ‘අනාත්මවූ රූපය’යයි තත්වූ පරිද්දෙන් නොදනී. අනාත්මවූ වේදනාව ‘අනාත්මවූ වේදනාව’යයි තත්වූ පරිද්දෙන් නොදනී. අනාත්මවූ සංඥාව ‘අනාත්මවූ සංඥාව’ යයි තත්වූ පරිද්දෙන් නොදනී. අනාත්මවූ සංස්කාරයෝ ‘අනාත්මවූ සංස්කාරයෝ’යි තත්වූ පරිද්දෙන් නොදනී. අනාත්මවූ විඤ්ඤාණය ‘අනාත්මවූ විඤ්ඤාණය’යයි තත්වූ පරිද්දෙන් නොදනී.
“ප්‍රත්‍යයන් විසින් කරනලද රූපය ‘ප්‍රත්‍යයන් විසින් කරනලද රූපය’යි තත්වූ පරිද්දෙන් නොදනී. ප්‍රත්‍යයන් විසින් කරනලද වේදනාව ‘ප්‍රත්‍යයන් විසින් කරන ලද වේදනාව’ යයි තත්වූ පරිද්දෙන් නොදනී. ප්‍රත්‍යයන් විසින් කරනලද සංඥාව ‘ප්‍රත්‍යයන් විසින් කරනලද සංඥාව’යයි තත්වූ පරිද්දෙන් නොදනී.
ප්‍රත්‍යයන් විසින් කරනලද සංස්කාරයන් ‘ප්‍රත්‍යයන් විසින් කරනලද සංස්කාරයෝ’යයි තත්වූ පරිද්දෙන් නොදනී. ප්‍රත්‍යයන් විසින් කරනලද විඤ්ඤාණය ප්‍රත්‍යයන් විසින් කරනලද විඤ්ඤාණය’යි තත්වූ පරිද්දෙන් නොදනී.
“වධකවූ රූපය ‘වධකවූ රූපය’යි තත්වූ පරිද්දෙන් නොදනී. වධකවූ වේදනාව ‘වධකවූ වේදනාව’යයි තත්වූ පරිද්දෙන් නොදනී. වධකවූ සංඥාව ‘වධකවූ සංඥාව’යයි තත්වූ පරිද්දෙන් නොදනී. වධකවූ සංස්කාරයන් ‘වධකවූ සංස්කාරයෝ”යයි තත්වූ පරිද්දෙන් නොදනී. වධකවූ විඤ්ඤාණය ‘වධකවූ විඤ්ඤාණය’යි තත්වූ පරිද්දෙන් නොදනී.
“හෙතෙම රූපයට ‘මාගේ ආත්ම’යයි පැමිණෙයි, අල්වාගනියි, පිහිටයි. වේදනාවට ‘මාගේ ආත්ම’යයි පැමිණෙයි, අල්වාගනියි, පිහිටයි. සංඥාවට ‘මාගේ ආත්ම’යයි පැමිණෙයි, අල්වාගනියි, පිහිටයි. සංස්කාරයන්ට ‘මාගේ ආත්ම’යයි පැමිණේ, අල්වාගනී, පිහිටයි. විඤ්ඤාණයට ‘මාගේ ආත්ම’යයි පැමිණේ, අල්වාගනී, පිහිටයි. දෘෂ්ටියෙන් බැසගන්නා ලද්දාවූ, අල්වාගන්නා ලද්දාවූ, මේ පඤ්චොපාදානස්කන්ධයෝ ඔහුට දීර්ඝකාලයක් මුලුල්ලෙහි අවැඩ පිණිස, දුක් පිණිස පවතිත්.
“ආර්යයන් දක්නාවූ, ආර්ය ධර්මයෙහි දක්ෂවූ, ආර්ය ධර්මයෙහි හික්මුණාවූ, සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුණාවූ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේම රූපය තමායයි නොදක්නේය. තමා රූපය ඇත්තෙක් කොට හෝ නොදක්නේය. තමා කෙරෙහි රූපය ඇතැයි හෝ නොදක්නේය. රූපය කෙරෙහි තමා ඇතැයි හෝ (නොදක්නේය.)
“වේදනාව තමා වශයෙන් හෝ නොදක්නේය. තමා වේදනාව ඇත්තෙක්කොට හෝ නොදක්නේය. තමා කෙරෙහි වේදනාව ඇතැයි හෝ නොදක්නේය. වේදනාවෙහි තමා ඇතැයි හෝ නොදක්නේය.
“සංඥාව තමා වශයෙන් හෝ නොදක්නේය. තමා සංඥාව ඇත්තෙකුකොට හෝ නොදක්නේය. තමා කෙරෙහි සංඥාව ඇතැයි හෝ නොදක්නේය. සංඥාවෙහිලා තමා ඇතැයි හෝ නොදක්නේය.
“සංස්කාරයන් තමා වශයෙන් හෝ නොදක්නේය. තමා සංස්කාරයන් ඇත්තෙකුකොට හෝ නොදක්නේය. තමා කෙරෙහි සංස්කාරයෝ ඇතැයි හෝ නොදක්නේය. සංස්කාරයන්හි තමා ඇතැයි හෝ නොදක්නේය.
“විඤ්ඤාණය තමා වශයෙන් හෝ නොදක්නේය. තමා විඤ්ඤාණවත්කොට හෝ නොදක්නේය. තමා කෙරෙහි විඤ්ඤාණය ඇතැයි හෝ නොදක්නේය. විඤ්ඤාණයෙහි තමා ඇතැයි හෝ නොදක්නේය.
“හෙතෙම අනිත්‍යවූ රූපය ‘අනිත්‍යවූ රූපය’ යයි තත්වූපරිද්දෙන් දනී. අනිත්‍යවූ වේදනාව අනිත්‍යවූ වේදනාව’ යයි තත්වූපරිද්දෙන් දනී. අනිත්‍යවූ සංඥාව ‘අනිත්‍යවූ සංඥාව’ යයි තත්වූ පරිද්දෙන් දනී. අනිත්‍යවූ සංස්කාරයන් ‘අනිත්‍යවූ සංස්කාරයෝ’යයි තත්වූ පරිද්දෙන් දනී. අනිත්‍යවූ විඤ්ඤාණය ‘අනිත්‍යවූ විඤ්ඤාණය’යයි තත්වූ පරිද්දෙන් දනී.
“දුක්වූ රූපය ‘දුක්වූ රූපය’යි තත්වූ පරිද්දෙන් දනී. දුක්වූ වේදනාව ‘දුක්වූ වේදනාව’යයි තත්වූ පරිද්දෙන් දනී. දුක්වූ සංඥාව ‘දුක්වූ සංඥාවය’යි තත්වූ පරිද්දෙන් දනී. දුක්වූ සංස්කාරයන් ‘දුක්වූ සංස්කාරයෝ’යි තත්වූ පරිද්දෙන් දනී. දුක්වූ විඤ්ඤාණය ‘දුක්වූ විඤ්ඤාණය’යි තත්වූ පරිද්දෙන් දනී.
“අනාත්මයවූ රූපය ‘අනාත්මවූ රූපය’යයි තත්වූ පරිද්දෙන් දනී. අනාත්මයවූ වේදනාව ‘අනාත්මවූ වේදනාව’ යයි තත්වූ පරිද්දෙන් දනී. අනාත්මයවූ සංඥාව ‘අනාත්මවූ සංඥාව’යයි තත්වූ පරිද්දෙන් දනී. අනාත්මයවූ සංස්කාරයන් අනාත්මවූ සංස්කාරයෝ’යි තත්වූ පරිද්දෙන් දනී. අනාත්මයවූ විඥානය අනාත්මවූ විඥානය’වෙතියි තත්වූ පරිද්දෙන් දනී.
“ප්‍රත්‍යයන් විසින් කරනලද රූපය ‘ප්‍රත්‍යයන් විසින් කරනලද රූපය’යයි තත්වූ පරිද්දෙන් දනී. ප්‍රත්‍යයන් විසින් කරනලද වේදනාව ‘ප්‍රත්‍යයන් විසින් කරනලද වේදනාව’යයි තත්වූ පරිද්දෙන් දනී. ප්‍රත්‍යයන් විසින් කරනලද සංඥාව ‘ප්‍රත්‍යයන් විසින් කරනලද සංඥාව’යයි තත්වූ පරිද්දෙන් දනී. ප්‍රත්‍යයන් විසින් කරනලද සංස්කාරයන් ‘ප්‍රත්‍යයන් විසින් කරනලද සංස්කාරයෝ’යයි තත්වූ පරිද්දෙන් දනී. ප්‍රත්‍යයන් විසින් කරනලද විඥානය ‘ප්‍රත්‍යයන් විසින් කරන ලද විඥානය’යි තත්වූ පරිද්දෙන් දනී.
“වධකවූ රූපය ‘වධකවූ රූපය’යයි තත්වූ පරිද්දෙන් දනී. වධකවූ වේදනාව ‘වධකවූ වේදනාව’යි තත්වූ පරිද්දෙන් දනී. වධකවූ සංඥාව ‘වධකවූ සංඥාව’යයි තත්වූ පරිද්දෙන් දනී. වධකවූ සංස්කාරයන් ‘වධකවූ සංස්කාරයෝ’ යයි තත්වූ පරිද්දෙන් දනී. වධකවූ විඥානය ‘වධකවූ විඥානය’ යයි තත්වූ පරිද්දෙන් දනී.
“ඒ ආර්ය ශ්‍රාවකතෙම ‘මේ මාගේ ආත්මය’යි රූපයට නොපැමිණෙයි, නොගනී, නොපිහිටයි. ‘මාගේ ආත්මය’යි වේදනාවට නොපැමිණෙයි, නොගනී, නොපිහිටයි. ‘මේ මාගේ ආත්මය’යි සංඥාවට නොපැමිණෙයි. නොගණී, නොපිහිටයි සංස්කාරයන්ට ‘මාගේ ආත්මය’යි නොපැමිණෙයි, නොගනී, නොපිහිටයි. විඤ්ඤාණයට ‘මගේ ආත්මය’යි නොපැමිණෙයි, නොගනී, නොපිහිටයි. නොපැමිණෙන ලද්දාවූ, නොගන්නා ලද්දාවූ, මේ පඤ්චොපාදානස්කන්ධයෝ බොහෝ කලක් මුළුල්ලෙහි වැඩ පිණිස, සැප පිණිස පවතිත්යයි” ප්‍රකාශ කළහ.
“ඇවැත් සාරිපුත්‍ර ස්ථවිරයෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරන්නාවූ, වැඩ කැමැතිවූ, අවවාද කරන්නාවූ, අනුශාසනය කරන්නාවූ ආයුෂ්මතුන් බඳු සබ්‍රහ්මචාරීහු වෙද්ද, ඔවුන්ට එසේ වේමය.
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ගේ මේ ධර්ම දේශනාවද අසා මාගේ සිත (උපාදන වශයෙන්) නොගෙන ආශ්‍රවයන් කෙරෙන් මිදුණේයි.
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති ආයුෂ්මත් යමක භික්ෂුතෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ගේ කීම සතුටින් පිළිගත්තේය.
(තුන්වෙනි යමක සූත්‍රය නිමි.)
4. අනුරාධසුත්තං 4. අනුරාධ සූත්‍රය
5. වක්කලිසුත්තං 5. වක්කලි සූත්‍රය
6. අස්සජිසුත්තං 6. අස්සජි සූත්‍රය
7. ඛෙමකසුත්තං 7. ඛෙමක සූත්‍රය
8. ඡන්නසුත්තං 8. ඡන්න සූත්‍රය
9. රාහුලසුත්තං 9. රාහුල සූත්‍රය
10. දුතියරාහුලසුත්තං 10. රාහුල සූත්‍රය
10. පුප්ඵවග්ගො 10. පුප්ඵ වර්ගය
1. නදීසුත්තං 1. නදී සූත්‍රය
2. පුප්ඵසුත්තං 2. පුප්ඵ සූත්‍රය
3. ඵෙණපිණ්ඩූපමසුත්තං 3. ඵෙණ සූත්‍රය
4. ගොමයපිණ්ඩසුත්තං 4. ගොමය සූත්‍රය
5. නඛසිඛාසුත්තං 5. නඛ සිඛ සූත්‍රය
6. සුද්ධිකසුත්තං 6. සාමුද්දක සූත්‍රය
7. ගද්දුලබද්ධසුත්තං 7. ගද්දුල සූත්‍රය
8. දුතියගද්දුලබද්ධසුත්තං 8. ගද්දුලා සූත්‍රය
9. වාසිජටසුත්තං 9. නාවා සූත්‍රය
10. අනිච්චසඤ්ඤාසුත්තං 10. සඤ්ඤා සූත්‍රය
11. අන්තවග්ගො 11. අන්ත වර්ගය
1. අන්තසුත්තං 1. අන්ත සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. සක්කායසුත්තං 3. සක්කාය සූත්‍රය
4. පරිඤ්ඤෙය්‍යසුත්තං 4. පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
5. සමණසුත්තං 5. සමණ සූත්‍රය
6. දුතියසමණසුත්තං 6. සමණ සූත්‍රය
7. සොතාපන්නසුත්තං 7. සෝතාපන්න සූත්‍රය
8. අරහන්තසුත්තං 8. අරහ සූත්‍රය
9. ඡන්දප්පහානසුත්තං 9. ඡන්ද රාග සූත්‍රය
10. දුතියඡන්දප්පහානසුත්තං 10. ඡන්ද රාග සූත්‍රය
12. ධම්මකථිකවග්ගො 12. ධර්මකථික වර්ගය
1. අවිජ්ජාසුත්තං 1. භික්ෂු සූත්‍රය
2. විජ්ජාසුත්තං 2. භික්ෂු සූත්‍රය
3. ධම්මකථිකසුත්තං 3. ධර්මකථික සූත්‍රය
4. දුතියධම්මකථිකසුත්තං 4. ධර්මකථික සූත්‍රය
5. බන්ධනසුත්තං 5. බන්ධන සූත්‍රය
6. පරිපුච්ඡිතසුත්තං 6. පරිමුච්චිත සූත්‍රය
7. දුතියපරිපුච්ඡිතසුත්තං 7. පරිමුච්චිත සූත්‍රය
8. සංයොජනියසුත්තං 8. සඤ්ඤොජන සූත්‍රය
9. උපාදානියසුත්තං 9. උපාදාන සූත්‍රය
10. සීලවන්තසුත්තං 10. සීල සූත්‍රය
11. සුතවන්තසුත්තං 11. සුතවා සූත්‍රය
12. කප්පසුත්තං 12. කප්ප සූත්‍රය
13. දුතියකප්පසුත්තං 13. කප්ප සූත්‍රය
13. අවිජ්ජාවග්ගො 13. අවිජ්ජා වර්ගය
1. සමුදයධම්මසුත්තං 1. සමුදය ධම්ම සූත්‍රය
2. දුතියසමුදයධම්මසුත්තං 2. සමුදය ධම්ම සූත්‍රය
3. තතියසමුදයධම්මසුත්තං 3. සමුදය ධම්ම සූත්‍රය
4. අස්සාදසුත්තං 4. අස්සාද සූත්‍රය
5. දුතියඅස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. සමුදයසුත්තං 6. සමුදය සූත්‍රය
7. දුතියසමුදයසුත්තං 7. සමුදය සූත්‍රය
8. කොට්ඨිකසුත්තං 8. කොට්ඨිත සූත්‍රය
9. දුතියකොට්ඨිකසුත්තං 9. කොට්ඨිත සූත්‍රය
10. තතියකොට්ඨිකසුත්තං 10. කොට්ඨිත සූත්‍රය
14. කුක්කුළවග්ගො 14. කුක්කුල වර්ගය
1. කුක්කුළසුත්තං 1. කුක්කුල සූත්‍රය
2. අනිච්චසුත්තං 2. අනිච්ච සූත්‍රය
3. දුතියඅනිච්චසුත්තං 3. අනිච්ච සූත්‍රය
4. තතියඅනිච්චසුත්තං 4. අනිච්ච සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. දුතියදුක්ඛසුත්තං 6. දුක්ඛ සූත්‍රය
7. තතියදුක්ඛසුත්තං 7. දුක්ඛ සූත්‍රය
8. අනත්තසුත්තං 8. අනත්ත සූත්‍රය
9. දුතියඅනත්තසුත්තං 9. අනත්ත සූත්‍රය
10. තතියඅනත්තසුත්තං 10. අනත්ත සූත්‍රය
11. නිබ්බිදාබහුලසුත්තං 11. කුලපුත්ත සූත්‍රය
12. අනිච්චානුපස්සීසුත්තං 12. කුලපුත්ත සූත්‍රය
13. දුක්ඛානුපස්සීසුත්තං 13. කුලපුත්ත සූත්‍රය
14. අනත්තානුපස්සීසුත්තං 14. කුලපුත්ත සූත්‍රය
15. දිට්ඨිවග්ගො 15. දිට්ඨි වර්ගය
1. අජ්ඣත්තසුත්තං 1. අජ්ඣත්ත සූත්‍රය
2. එතංමමසුත්තං 2. එතං මම සූත්‍රය
3. සොඅත්තාසුත්තං 3. සො අත්තා සූත්‍රය
4. නොචමෙසියාසුත්තං 4. නොච මෙ සියා සූත්‍රය
5. මිච්ඡාදිට්ඨිසුත්තං 5. මිච්ඡාදිට්ඨි සූත්‍රය
6. සක්කායදිට්ඨිසුත්තං 6. සක්කාය දිට්ඨි සූත්‍රය
7. අත්තානුදිට්ඨිසුත්තං 7. අත්තානු දිට්ඨි සූත්‍රය
8. අභිනිවෙසසුත්තං 8. විනිවේස සූත්‍රය
9. දුතියඅභිනිවෙසසුත්තං 9. විනිවේස සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය