10. භික්ඛුසංයුත්තං | 10. භික්ඛු සංයුත්තය |
1. කොලිතසුත්තං | 1. කෝලිත සූත්‍රය |
235
එවං
ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච - ‘‘ඉධ මය්හං, ආවුසො, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘අරියො තුණ්හීභාවො, අරියො තුණ්හීභාවොති වුච්චති. කතමො නු ඛො අරියො තුණ්හීභාවො’ති? තස්ස මය්හං ආවුසො, එතදහොසි - ‘ඉධ භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති අරියො තුණ්හීභාවො’ති. සො ඛ්වාහං, ආවුසො, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරිං. තස්ස මය්හං, ආවුසො, ඉමිනා විහාරෙන විහරතො විතක්කසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති’’.
‘‘අථ ඛො මං, ආවුසො, භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච - ‘මොග්ගල්ලාන, මොග්ගල්ලාන, මා, බ්‍රාහ්මණ, අරියං තුණ්හීභාවං පමාදො, අරියෙ තුණ්හීභාවෙ චිත්තං සණ්ඨපෙහි, අරියෙ තුණ්හීභාවෙ චිත්තං එකොදිභාවං කරොහි, අරියෙ තුණ්හීභාවෙ චිත්තං
|
235
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී වනාහි ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙමේ ‘ඇවැත් මහණෙනි’යි කියා භික්ෂූන්ට කථා කළේය. ‘ඇවැත්නියි’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්ට උත්තර දුන්හ. ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේ මෙය කීයේය.
“ඇවැත්නි, මෙහි රහසිගතව විවේකව සිටි මට මෙවැනි කල්පනාවක් පහළවිය. (එනම්:-) ‘ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවය, ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයයි කියනු ලැබේ. ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවය වනාහි කවරක්ද?’ කියායි. ඇවැත්නි, ඒ මට මෙසේ අදහස්විය. ‘මේ ශාසනයෙහි මහණතෙම විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇතිකරන්නාවූ, සිතේ එකඟ බව ඇතිකරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවූ ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, මෙය ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයයි’ කියනු ලැබේ.”
“ඇවැත්නි, ඒ මම වනාහි විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, සිතේ එකඟ බව ඇති කරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවූ ධ්‍යානයට පැමිණ, වාසය කෙරෙමි. ඇවැත්නි, මේ ද්විතීයද්ධ්‍යාන විහරණයෙන් යුක්තව වාසය කරන්නාවූ, ඒ මට විතර්කය අරමුණු කොට ඇති සංඥාවද මනසිකාරයද උපදියි. ඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් වැඩ, මට මෙය වදාළසේක. ‘මොග්ගල්ලානය, මොග්ගල්ලානය, ශ්‍රේෂ්ඨවූ ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයෙහි ප්‍රමාද නොවෙව. ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයෙහි සිත මනාකොට තබව. ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයෙහි සිත එකඟ කරව. ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයෙහි සිත තැන්පත් කරව.’ (යනුයි.)”
“ඇවැත්නි, ඒ මම ඉන්පසු විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, සිතේ එකඟ බව ඇති කරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවූ ධ්‍යානයට පැමිණ, වාසය කෙළෙමි. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද්දාවූ, ශ්‍රාවකයෙක්තෙම ෂට් අභිඥාවන්ට පැමිණියේය. කියන්නෙක් යමෙකු උදෙසා කියන්නේ නම් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද්දාවූ, ශ්‍රාවකයෙක්තෙම ෂට් අභිඥාවන්ට පැමිණියේය’ යන එය මනාකොට කියන්නාහු විසින් මා උදෙසාම කියයුතු වන්නේය.”
(පළමුවෙනි කෝලිත සූත්‍රය නිමි.)
|
2. උපතිස්සසුත්තං | 2. සාරිපුත්ත සූත්‍රය |
236
සාවත්ථියං
‘‘ඉධ මය්හං, ආවුසො, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘අත්ථි නු ඛො තං කිඤ්චි ලොකස්මිං යස්ස මෙ විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’ති? තස්ස මය්හං, ආවුසො, එතදහොසි - ‘නත්ථි ඛො තං කිඤ්චි ලොකස්මිං යස්ස මෙ විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’’ති.
එවං වුත්තෙ, ආයස්මා ආනන්දො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘සත්ථුපි ඛො තෙ, ආවුසො සාරිපුත්ත, විපරිණාමඤ්ඤථාභාවා නුප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති? ‘‘සත්ථුපි ඛො මෙ, ආවුසො, විපරිණාමඤ්ඤථාභාවා නුප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා, අපි ච මෙ එවමස්ස - ‘මහෙසක්ඛො වත, භො, සත්ථා
|
236
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එහිදී වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ “ඇවැත් මහණෙනි”යි කියා භික්ෂූන්ට කථාකළසේක. ‘ඇවැත්නි’ කියා ඒ භික්ෂූහු වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්හට උත්තර දුන්හ. “ඇවැත, මෙහි රහසිගතව, විවේකව සිටි මට මෙවැනි අදහසක් පහළවිය.’ ‘යමක්හුගේ නැතිවීම වෙනස්වීම හේතු කොට ගෙන, මා හට සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදින්නාහුද, එවැනිවූ කිසිවක් ලෝකයෙහි ඇත්තේදෝ හෝයි කියාය.’ ඇවැත්නි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘යමක්හුගේ නැතිවීම වෙනස්වීම හේතුකොටගෙන සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදින්නාහුද, එවැනිවූ, කිසිවක් ලෝකයෙහි නැත’ කියායි.
“මෙසේ කීකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ඇවැත්, ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, ශාස්තෲන් වහන්සේගේ නැතිවීමෙන්ද වෙනස් වීමෙන්ද ඔබ වහන්සේට සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදින්නාහුද?”
“ඇවත, ශාස්තෲන් වහන්සේගේ නැතිවීමෙන්ද වෙනස්වීමෙන්ද, මාහට සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදින්නාහුය. එහෙත් මට මේ අදහස ඇති වන්නේය. ‘පින්වත, ඒකාන්තයෙන් මහත් ඍද්ධි ඇත්තාවූ, මහත් ආනුභාව ඇත්තාවූ, මහේශාක්‍යවූ සත්වයෙක් අතුරුදන් විය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයක් මුළුල්ලෙහි වැඩ සිටින සේක් නම්, එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝදෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස වන්නේය” කියායි.
“එය එසේමය, ආයුෂ්මත් ශාරිපුත්‍රයන් විසින් බොහෝ කලකට පෙර මමය, මගේය ගන්නා දෘෂ්ටිමානාසුසයෝ නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් ශාරිපුත්රයන්හට ශාස්තෲන් වහන්සේගේ නැතිවීමෙන්ද වෙනස් වීමෙන්ද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදින්නාහුය.”
(දෙවෙනි සාරිපුත්ත සූත්‍රය නිමි.)
|
3. ඝටසුත්තං | 3. ඝට සූත්‍රය |
237
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාමොග්ගල්ලානො
‘‘විප්පසන්නානි ඛො තෙ, ආවුසො මොග්ගල්ලාන, ඉන්ද්රියානි; පරිසුද්ධො මුඛවණ්ණො පරියොදාතො සන්තෙන නූනායස්මා මහාමොග්ගල්ලානො අජ්ජ විහාරෙන විහාසී’’ති. ‘‘ඔළාරිකෙන ඛ්වාහං, ආවුසො, අජ්ජ විහාරෙන විහාසිං. අපි ච, මෙ අහොසි ධම්මී කථා’’ති. ‘‘කෙන සද්ධිං පනායස්මතො මහාමොග්ගල්ලානස්ස අහොසි ධම්මී කථා’’ති? ‘‘භගවතා
‘‘ඉධාහං, ආවුසො, භගවන්තං එතදවොචං - ‘ආරද්ධවීරියො ආරද්ධවීරියොති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ, ආරද්ධවීරියො හොතී’ති? එවං වුත්තෙ, මං, ආවුසො, භගවා එතදවොච - ‘ඉධ, මොග්ගල්ලාන, භික්ඛු ආරද්ධවීරියො විහරති - කාමං තචො ච න්හාරු ච අට්ඨී ච අවසිස්සතු, සරීරෙ උපසුස්සතු මංසලොහිතං, යං තං පුරිසථාමෙන පුරිසවීරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං න තං අපාපුණිත්වා වීරියස්ස සණ්ඨානං භවිස්සතීති. එවං ඛො, මොග්ගල්ලාන, ආරද්ධවීරියො හොතී’ති. එවං ඛො මෙ, ආවුසො, භගවතා සද්ධිං අහොසි ධම්මී කථා’’ති.
‘‘සෙය්යථාපි, ආවුසො, හිමවතො පබ්බතරාජස්ස පරිත්තා පාසාණසක්ඛරා
‘‘සෙය්යථාපි
‘‘සාරිපුත්තොව පඤ්ඤාය, සීලෙන උපසමෙන ච;
යොපි පාරඞ්ගතො භික්ඛු, එතාවපරමො සියා’’ති.
ඉතිහ තෙ උභො මහානාගා අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සුලපිතං සමනුමොදිංසූති. තතියං.
|
237
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද, රජගහනුවර සමීපයෙහිවූ, කලන්දකනිවාප නම් ලත් වේළුවනාරාමයෙහි එකම කාමරයක වාසය කෙරෙති.
ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ සවස් කාලයෙහි විවේකස්ථානයෙන් නැගී සිටියේ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාව නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ඇවැත් මොග්ගල්ලානය ඔබගේ ඉන්ද්රියෝ අතිශයින් ප්‍රසන්නවූවාහුය. මුහුණේ වර්ණය පිරිසිදු වූයේය. අතිශයින් පිරිසිදු වූයේය. ආයුෂ්මත් මහා මොග්ගල්ලානතෙම ඒකාන්තයෙන් අද ශාන්තවූ විහරණයකින් වාසය කළේය” කියායි.
“ඇවැත්නි, මම වනාහි අද ඕලාරිකවූ විහරණයකින් වාසය කෙළෙමි. මාගේ ධර්ම කථාවක් විය. ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන්ගේ ධර්ම කථාව කා සමග වූයේද?”
“ඇවැත්නි, මාගේ ධර්ම කථාව භාග්‍යවතුන් වහන්සේ හා සමග වූයේය. ඇවැත්නි, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේ දුරවූ, සැවැත් නුවර ජේතවනයෙහිවූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.”
‘කිමෙක්ද? ආයුෂ්මත් මහා මොග්ගල්ලානතෙම සෘද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේද? නැතහොත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වෙත ඍද්ධියෙන් වැඩිසේක්ද?”
“ඇවැත්නි, මම වනාහි ඍද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ කරා නොපැමිණියෙමි. භාග්‍යවතුන් වහන්සේ හෝ මා කරා ඍද්ධියෙන් නොවැඩිසේක. එහෙත් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද ඒතාක් මාගේ දිව්‍ය ඇසද, දිව්‍ය කණද පිරිසිදු විය. මා යම් තැනෙක්හිද ඒතාක් භාග්‍යවතුන් වහන්සේ ගේත් දිව්‍ය ඇසද, දිව්‍ය කණද පිරිසිදු විය.”
“ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන්ගේ භාග්‍යවතුන් වහන්සේ හා කෙබඳු ධර්ම කථාවක් වීද?”
“ඇවැත්නි, මෙහිදී මම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයෙමි. ‘ස්වාමීනි, පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේය. පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තෙක් වන්නේද?” කියායි.
“ඇවැත්නි, මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මට ‘මොග්ගල්ලානය, ශරීරයෙහි සමද, නහරද, ඇටද ඉතිරි වේවා. මස්, ලේ වියලේවා, පුරිසථාමයෙන්, පුරුෂ වීර්‍ය්‍යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු යමක් වේද, එයට නො පැමිණ වීර්‍ය්‍යයාගේ බහා තැබීමක් නොවන්නේයයි මේ ශාසනයෙහි මහණතෙම පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කෙරේ. මොග්ගල්ලානය, මෙසේ වනාහි පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ වේයයි’ වදාළේය. ඇවැත්නි, මෙසේ වනාහි භාග්‍යවතුන් වහන්සේ හා සමග මාගේ ධර්ම කථාව විය.”
“ඇවැත්නි, යම්සේ වනාහි කුඩාවූ කැටකැබිලිති හිමාලය පර්වත රාජයා හා සම නොවන බව දැක්වීම සඳහා උපමාවට පමණක් ගන්නේද, එසේම අපි ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් හා උපමා කිරීමට පමණක් සෑහෙන්නෙමු. ආයුෂ්මත් මහා මොග්ගල්ලානතෙමේ වනාහි මහත් ඍද්ධි ඇත්තේය. මහත් ආනුභාව ඇත්තේය. (ඉදින්) කැමැත්තේ නම් ආයුෂ කල්පයක් සිටින්නේය”යි කීය.
“ඇවැත්නි, යම්සේ ලුනු කැටයක් මහත්වූ ලුනු සැළියකට උපමා කිරීම පිණිස පමණක් ගන්නේවේද එසේම වනාහි අපි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් හා උපමා පිණිස පමණක් සෑහෙන්නෙමු. ආයුෂ්මත් ශාරිපුත්‍රතෙමේ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ස්තුතිකරන ලද්දේය. වර්ණනා කරන ලද්දේය. ප්‍රශංසා කරන ලද්දේය.” (කෙසේද?)
‘ශීලයෙන්, සමාධියෙන් සහ ප්‍රඥාවෙන් පරතෙරට ගියාවූ යම් මහණෙක් වනාහි වෙයිද, මේ සාරිපුත්ත තෙමේ (එයින්) ශ්‍රේෂ්ඨ වන්නේය’ කියායි.
“මෙසේ මේ මහානාගයෝ (අනුශ්රාවක) දෙදෙන ඔවුනොවුන්ගේ සුභාසිතය, මනාකොට කියන ලද්ද මනාකොට අනුමෝදන් වූහ.”
(තුන්වෙනි ඝට සූත්‍රය නිමි.)
|
4. නවසුත්තං | 4. නව සූත්‍රය |
238
සාවත්ථියං විහරති. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො නවො භික්ඛු පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො විහාරං පවිසිත්වා අප්පොස්සුක්කො තුණ්හීභූතො සඞ්කසායති, න භික්ඛූනං වෙය්යාවච්චං කරොති චීවරකාරසමයෙ. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘ඉධ
අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි - ‘‘එහි ත්වං, භික්ඛු, මම වචනෙන තං භික්ඛුං ආමන්තෙහි ‘සත්ථා තං, ආවුසො, ආමන්තෙතී’’’ති. ‘‘එවං භන්තෙ’’ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච - ‘‘සත්ථා තං, ආවුසො, ආමන්තෙතී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො සො භික්ඛු තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි
අථ
ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘නයිදං සිථිලමාරබ්භ, නයිදං අප්පෙන ථාමසා;
නිබ්බානං අධිගන්තබ්බං, සබ්බදුක්ඛප්පමොචනං.
‘‘අයඤ්ච දහරො භික්ඛු, අයමුත්තමපුරිසො;
ධාරෙති අන්තිමං දෙහං, ජෙත්වා මාරං සවාහිනි’’න්ති. චතුත්ථං;
|
238
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එසමයෙහි වනාහි එක්තරා නවක (අලුත්) භික්ෂුවක් සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ විහාරයට පැමිණ ස්වල්ප උත්සාහ ඇත්තේ තූෂ්ණීම්භූතවූයේ, වාසය කෙරෙයි. සිවුරු කරන සමයෙහි මහණුන්හට වතාවත් නොකෙරෙයි.
ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන්නාවූ, ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන්වහන්සේට මෙය කීවාහුය.
“ස්වාමීනි, මේ ශාසනයෙහි එක්තරා නවක (අලුත්) භික්ෂුවක් සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ වෙහෙරට පැමිණ, ස්වල්ප උත්සාහ ඇත්තේ, තූෂ්ණීම්භූත වූයේ, වාසය කෙරෙයි. සිවුරු කරන සමයෙහි මහණුන්හට වතාවත් නොකෙරෙයි” කියායි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වනාහි එක්තරා භික්ෂුවක්හට කථාකළසේක. “මහණ, නුඹ (මෙහි) එව. මාගේ වචනයෙන් ඒ මහණහට කථා කරව. ‘ඇවැත, ශාස්තෲන් වහන්සේ නුඹට කථා කරනසේකැයි’ කියායි.”
“එසේය, ස්වාමීනි”යි කියා ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී, ඒ අලුත් භික්ෂුව යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ඒ මහණහට මෙය කීයේය. ‘ඇවැත, ශාස්තෲන් වහන්සේ නුඹට කථා කරන සේකැයි’ කියායි. ‘ඇවත, එසේය’යි ඒ මහණතෙම වනාහි ඒ මහණහට පිළිතුරු දී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ඒ මහණහට වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණ, නුඹ සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ වෙහෙරට පිවිස, ස්වල්ප උත්සාහ ඇත්තේ, තූෂ්ණීම්භූත වූයේ, වාසය කෙරෙහිය. සිවුරු කරන සමයෙහි මහණුන්හට වතාවත් නොකෙරෙහිය යනු සැබෑද?”
“ස්වාමීනි, මම වනාහි තමාගේ කෘත්‍යය කරමි”යි කීයේය.
ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ඒ නවක මහණහුගේ සිත තමන්වහන්සේගේ සිතින් දැන, භික්ෂූන්හට කථා කළ සේක. ‘මහණෙනි, තෙපි මේ නවක මහණහට නුගුණ නොකියව් මහණෙනි, මේ මහණතෙම වනාහි උසස් සිත ඇසුරු කළාවූ, ඉහාත්මයෙහි සැප විහරණයවූ, සතර ධ්‍යානයන් කැමැති පරිදි ලබන්නෙක්, නිදුකින් ලබන්නෙක්, පහසුවෙන් ලබන්නෙක් වන්නේය. යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇති ඒ අනුත්තර අර්ථය මේ ආත්මයේදීම තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරේයයි” වදාළසේක.
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථා දේශනා කළසේක.
(1) “ලිහිල්වූ වීර්‍ය්‍යය කොට, ස්වල්ප උත්සාහයකින් සියලු කෙලෙස් ගැට මුදන්නාවූ, මේ නිර්වාණයට පැමිණිය නොහැක්කේය.”
(2) “මේ නවක මහණතෙම, මේ උත්තම පුරුෂ තෙම, සේනාව සහිතවූ මාරයා දිනා, අන්තිම දේහය (ශරීරය) දරායයි වදාළසේක.”
(සතරවෙනි නව සූත්‍රය නිමි.)
|
5. සුජාතසුත්තං | 5. සුජාත සූත්‍රය |
239
සාවත්ථියං විහරති. අථ ඛො ආයස්මා සුජාතො යෙන භගවා තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මන්තං සුජාතං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි - ‘‘උභයෙනෙවායං, භික්ඛවෙ, කුලපුත්තො සොභති - යඤ්ච
‘‘සොභති
විප්පයුත්තො විසංයුත්තො, අනුපාදාය නිබ්බුතො;
ධාරෙති අන්තිමං දෙහං, ජෙත්වා මාරං සවාහිනි’’න්ති. පඤ්චමං;
|
239
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් සුජාත ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය.
භාග්‍යවතුන් වහන්සේ, එන්නාවූ ආයුෂ්මත් සුජාත තෙරුන් දුරදීම දුටුසේක. දැක, භික්ෂූන්හට කථා කළසේක. “මහණෙනි, මේ කුලපුත්‍රතෙම අංග දෙකකින් හොබනේය. (එනම්:-) විශිෂ්ට රූප ඇත්තේය. දැකුමට ප්‍රියවූ රූප ඇත්තේය. ප්‍රසාද එළවන්නේය. උතුම් වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්ත වූයේය යන යමක් වේද, යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙයිද යන මේ අංග දෙකිනි.”
“භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. මෙය දේශනා කොට, ඊට අනතුරුව මේ ගාථාව දේශනා කළසේක.”
(1) “මේ මහණතෙම ඍජුවූ සිතින් ඒකාන්තයෙන් හොබනේය. (කෙලෙසුන්ගෙන්) මිදුනාවූ, (ආශ්රවයන්ගෙන්) වෙන්වූ, අනුපදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවියාවූ, (මේ සුජාත මහණතෙම) පිරිවර සහිත මාරයා දිනා, අන්තිම දේහය (ශරීරය) දරායයි වදාළ සේක.”
(පස්වෙනි සුජාත සූත්‍රය නිමි.)
|
6. ලකුණ්ඩකභද්දියසුත්තං | 6. භද්දිය සූත්‍රය |
240
සාවත්ථියං
‘‘හංසා කොඤ්චා මයූරා ච, හත්ථයො පසදා මිගා;
සබ්බෙ සීහස්ස භායන්ති, නත්ථි කායස්මිං තුල්‍යතා.
‘‘එවමෙව මනුස්සෙසු, දහරො චෙපි පඤ්ඤවා;
සො හි තත්ථ මහා හොති, නෙව බාලො සරීරවා’’ති. ඡට්ඨං;
|
240
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය.
භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය ස්ථවිරයන් දුරදීම දුටුසේක. දැක, මහණුන්හට කථා කළසේක. “මහණෙනි, තෙපි වනාහි එන්නාවූ, දුර්වර්ණවූ, විරූපීවූ, මිටිවූ, භික්ෂූන්ගේ හෙළාදැක්මට භාජනවූ, මේ මහණතෙම දකිව්ද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, මේ මහණතෙම වනාහි මහත්වූ ඍද්ධි ඇත්තේය. මහත්වූ ආනුභාව ඇත්තේය. ඒ මහණහු විසින් සමනොවැදුනු විරූ යම් සමාපත්තියක් වේද, එවැනි සමාපත්තියක් සුලභ නොවේ. යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇත්තාවූ ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙයි” කියායි.
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළ සේක.
(1) “කයෙහි සමානත්වයක් නැත්තාවූ, හංසයෝද, කොස්වා ලිහිණියෝද, මොනරුද, ඇත්තුද, ‘පසද’ නම් මුවෝද යන සියල්ලෝම සිංහයාහට බිය වෙති.”
(2) “එසේම වනාහි මිනිසුන් අතුරෙහි නුවණ ඇත්තාවූ තැනැත්තේ වනාහි ළදරු වූයේ නුමුත් ඒ කාරණයෙන් මහත් වෙයි. ශරීරය ඇත්තේවී නමුත් බාලතෙම මහත් නොවේයයි” වදාළසේක.
(හයවෙනි භද්දිය සූත්‍රය නිමි.)
|
7. විසාඛසුත්තං | 7. විසාඛ සූත්‍රය |
241
එවං
අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන උපට්ඨානසාලා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා
අථ ඛො භගවා ආයස්මන්තං විසාඛං පඤ්චාලපුත්තං ආමන්තෙසි - ‘‘සාධු සාධු, විසාඛ, සාධු ඛො ත්වං, විසාඛ, භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙසි...පෙ.... අත්ථස්ස විඤ්ඤාපනියා පරියාපන්නාය අනිස්සිතායා’’ති.
ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘නාභාසමානං ජානන්ති, මිස්සං බාලෙහි පණ්ඩිතං;
භාසමානඤ්ච ජානන්ති, දෙසෙන්තං අමතං පදං.
‘‘භාසයෙ ජොතයෙ ධම්මං, පග්ගණ්හෙ ඉසිනං ධජං;
සුභාසිතධජා ඉසයො, ධම්මො හි ඉසිනං ධජො’’ති. සත්තමං;
|
241
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. එසමයෙහි වනාහි පඤ්චාලිපුත්‍ර ආයුෂ්මත් විශාඛ ස්ථවිරතෙම උපස්ථාන ශාලාවෙහිදී ගැමිනොවූ, පැහැදිළිවූ, කෙළතොළු නොවූ, අර්ථය හැඟවීමට පොහොසත්වූ, චතුරාර්‍ය්‍ය සත්‍යයෙන් යුක්තවූ, ලෞකික දේ ඇසුරු නොකළාවූ, වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂූන්හට කරුණු දක්වයි. (ඔවුන් එහි) සමාදන් කරවයි’ තියුණු කරවයි, සතුටු කරවයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේක ස්ථානයෙන් නැඟීසිටියේ උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එතැන්හි වැඩිසේක. වැඩ, පණවනලද ආසනයෙහි වැඩහුන්සේක. වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි භික්ෂූන්ට කථාකළ සේක.
“මහණෙනි, කවරෙක් වනාහි උපස්ථාන ශාලාවෙහිදී ගැමිනොවූ, පැහැදිළිවූ, කෙළතොළු නොවූ, අර්ථය හැඟවීමට පොහොසත්වූ, චතුරාර්ය්යසත්යයෙන් යුක්තවූ, ලෞකික දේ ඇසුරු නොකළාවූ, වචනයෙන් ධර්මකථාවෙන් භික්ෂූන්හට කරුණු දක්වයිද, (ඔවුන් එහි) සමාදන් කරවයිද, තියුණු කරවයිද, සතුටු කරවයිද කියායි.”
“ස්වාමීනි, පඤ්චාලිපුත්‍රවූ ආයුෂ්මත් විසාඛ ස්ථවිර තෙම උපස්ථාන ශාලාවෙහිදී, ගැමි නොවූ, පැහැදිළිවූ, කෙළතොළු නොවූ, අර්ථය හැඟවීමට පොහොසත්වූ, චතුරාර්‍ය්‍ය සත්‍යයෙන් යුක්තවූ, ලෞකික දේ ඇසුරු නොකළාවූ වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂූන්හට කරුණු දක්වයි. (ඔවුන් එහි) සමාදන් කරවයි, තියුණු කරවයි, සතුටු කරවයි” කියා කීයේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලිපුත්‍රවූ ඇවැත් විසාඛහට ඇමතූසේක. “සාධු! සාධු!! විසාඛය, විසාඛය, නුඹ වනාහි මැනවි. ගැමිනොවූ, පැහැදිළිවූ, කෙළතොළු නොවූ, අර්ථය හැඟවීමට පොහොසත්වූ, චතුරාර්‍ය්‍ය සත්‍යයෙන් යුක්තවූ, ලෞකික දේ ඇසුරු නොකළාවූ, වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂූන්හට කරුණු දක්වහි. (ඔවුන් එහි) සමාදන් කරහි, තියුණු කරහි, සතුටු කරහියි” වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. මෙය දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළසේක.
(1) “බාලයන් හා සමග මිශ්‍රවූ, පණ්ඩිතයා කථා නොකරනතාක් නොදනිත්. අමෘත පදය දේශනා කළ කල්හිම දනිත්.”
(2) “ධර්මය කියන්නේය. පතුරුවන්නේය. ඍෂීන් ගේ ධජය (අරිහත් ධජය) ඔසවන්නේය. ඍෂීහු සුභාෂිතය ධජය (කොඩිය) කොට ඇත්තෝය. ඍෂීන්ගේ ධජය වනාහි ධර්මයයි.”
(හත්වෙනි විසාඛ සූත්‍රය නිමි.)
|
8. නන්දසුත්තං | 8. නන්ද සූත්‍රය |
242
සාවත්ථියං
‘‘කදාහං නන්දං පස්සෙය්යං, ආරඤ්ඤං පංසුකූලිකං;
අඤ්ඤාතුඤ්ඡෙන යාපෙන්තං, කාමෙසු අනපෙක්ඛින’’න්ති.
අථ
|
242
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති භාග්‍යවතුන්වහන්සේගේ මවගේ සහෝදරියගේ පුත්‍රවූ ආයුෂ්මත් නන්ද ස්ථවිරතෙම පඬුපොවනලද, නැවත නැවත පඬු පොවනලද, සිවුරු පොරවා, ඇස් අඳුන් ගා, පැහැපත් පාත්‍රයක් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් නන්ද ස්ථවිරයන්හට වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙය කීසේක.
“නන්දය, නුඹ යම් පඬු පොවනලද, නැවත නැවත පඬු පොවනලද සිවුරු පොරවන්නේ වෙහිද, ඇස් අඳුන් ගානා ලද්දේ වෙහිද, පැහැපත් පාත්‍රයක් දරන්නේ වෙහිද, තාගේ එය වනාහි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදිවූ, කුලපුත්රයෙකුහට සුදුසු නොවේ. නන්දය, මෙසේ වනාහි නුඹ යම් ආරණ්‍යකයෙක් වන්නේ වෙහිද, පිණ්ඩපාතිකයෙක් වන්නේ වෙහිද, පංසුකූලිකයෙක් වන්නේ වෙහිද, කාමයන්හි අපෙක්ෂා රහිතව වාසය කරන්නේ වේද, තාගේ (එය වනාහි) ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදිවූ කුලපුත්රයෙකුහට සුදුසුවේයයි” වදාළසේක.
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. මෙය දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාව දේශනා කළසේක.
(1) “ආරණ්‍යකවූ, පංසුකූලිකවූ, පිණ්ඩපාතයෙන් යැපෙන්නාවූ කාමයන්හි අපේක්ෂාවක් නැත්තාවූ නන්දයන් මම කවදා දකින්නෙම්ද?”
ඉක්බිති ආයුෂ්මත් නන්ද පසුකලක ආරණ්යකයෙක්ද පංසුකූලිකයෙක්ද, පිණ්ඩපාතිකයෙක්ද වූයේය. කාමයන්හිද අපේක්ෂා නැත්තේ වාසය කළේය.
(අටවෙනි නන්ද සූත්‍රය නිමි.)
|
9. තිස්සසුත්තං | 9. තිස්ස සූත්‍රය |
243
සාවත්ථියං විහරති. අථ
ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘කිං නු කුජ්ඣසි මා කුජ්ඣි, අක්කොධො තිස්ස තෙ වරං;
කොධමානමක්ඛවිනයත්ථඤ්හි, තිස්ස බ්රහ්මචරියං වුස්සතී’’ති. නවමං;
|
243
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේගේ පියාගේ සහෝදරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් තිස්ස ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, දුක්වෙමින් නොසතුටුවූ සිත් ඇතිව කඳුලු වගුරුවමින්, එක් පැත්තක හුන්නේය.
ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් තිස්ස මහණහට මෙය වදාළේය. “තිස්සය, කිමෙක්ද?” නුඹ දුක්ව නොසතුටුවූ, සිත් ඇතිව කඳුලු වගුරුවමින් එක්පැත්තක හුන්නෙහිද?”
“ස්වාමීනි, භික්ෂූහු මට හාත්පසින්, වචන නමැති කෙවිටින් නිතර අනින්නාහුය”යි කීය.
“තිස්සය, එය එසේමය. නුඹ වනාහි කියන්නෙහිය. කියන වචන නො ඉවසන්නෙහිය. නුඹ යම් හෙයකින් කියන්නේ වෙහිද, කියන වචන නො ඉවසන්නේ වෙහිද, තිස්සය, මෙය වනාහි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදිවූ, කුලපුත්‍රයන් හට සුදුසු නොවේ. නුඹ යම් හෙයකින් කියන්නේ වෙහිද, කියන වචන ඉවසන්නේ වෙහිද, තිස්සය, මෙය වනාහි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදිවූ, කුලපුත්‍රයන් හට සුදුසුය.”
“භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. මෙය දේශනාකොට ඊට අනතුරුව මේ ගාථාව දේශනාකළ සේක.
“කවර හෙයින් කිපෙන්නෙහිද? නොකිපෙව. තිස්සය, නුඹට ක්‍රොධ නොකිරීම ශ්‍රේෂ්ඨය. තිස්සය, ක්‍රෝධය, මානය සහ ගුණමකු බව නැති කරනු සඳහා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේයයි” වදාළසේක.
(නවවෙනි තිස්ස සූත්‍රය නිමි.)
|
10. ථෙරනාමකසුත්තං | 10. ථෙරනාම සූත්‍රය |
244
එකං
අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි - ‘‘එහි ත්වං, භික්ඛු, මම වචනෙන ථෙරං භික්ඛුං ආමන්තෙහි - ‘සත්ථා තං, ආවුසො ථෙර, ආමන්තෙතී’’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙනායස්මා ථෙරො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං ථෙරං එතදවොච - ‘‘සත්ථා තං, ආවුසො ථෙර, ආමන්තෙතී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො ආයස්මා ථෙරො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ථෙරං භගවා එතදවොච - ‘‘සච්චං කිර ත්වං, ථෙර, එකවිහාරී එකවිහාරස්ස ච වණ්ණවාදී’’ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘යථා කථං පන ත්වං, ථෙර, එකවිහාරී එකවිහාරස්ස ච වණ්ණවාදී’’ති? ‘‘ඉධාහං, භන්තෙ, එකො ගාමං පිණ්ඩාය පවිසාමි එකො පටික්කමාමි එකො රහො නිසීදාමි එකො චඞ්කමං අධිට්ඨාමි. එවං ඛ්වාහං, භන්තෙ, එකවිහාරී එකවිහාරස්ස ච වණ්ණවාදී’’ති.
‘‘අත්ථෙසො, ථෙර, එකවිහාරො නෙසො නත්ථීති වදාමි. අපි ච, ථෙර, යථා එකවිහාරො විත්ථාරෙන පරිපුණ්ණො හොති තං සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො...පෙ..... ‘‘කථඤ්ච
ඉදමවොච
‘‘සබ්බාභිභුං
සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තං;
සබ්බඤ්ජහං තණ්හාක්ඛයෙ විමුත්තං,
තමහං නරං එකවිහාරීති බ්රූමී’’ති. දසමං;
|
244
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි (හුණ වනයෙහි) වාසයකරන සේක. එසමයෙහි වනාහි ථෙරනම් එක්තරා භික්ෂුවක්තෙම තනියම වාසය කරන්නේද, තනියම වාසය කිරීමෙහි ගුණ කියන්නේද වෙයි. ඒ මහණතෙම තනියම ගමට පිණ්ඩපාතයේ යයි. තනියම ආපසු එයි. තනියම, රහසිගතව හිඳියි. තනියම සක්මන් කෙරෙයි.
ඉක්බිති බොහෝ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන්නාවූ, ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. “ස්වාමීනි, මෙහි ථෙර නම් එක්තරා භික්ෂුවක් තනියම හැසිරෙන්නේ, තනියම හැසිරීමේ ගුණද කියන්නේය” කියායි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වනාහි එක්තරා භික්ෂුවක්හට කථාකළ සේක. “මහණ, නුඹ (මෙහි) එව, මාගේ වචනයෙන් ඒ මහණහට කථාකරව. ‘ඇවැත, භාග්‍යවතුන් වහන්සේ නුඹට කථාකරන සේකැයි’ කියායි.” “එසේය ස්වාමීනියි” කියා ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තරදී, ඒ ථෙරනම් භික්ෂුව යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ඒ මහණ හට මෙය කීයේය. “ඇවැත, භාග්‍යවතුන් වහන්සේ නුඹට කථාකරන සේකැයි” කියායි.
“ඇවැත, එසේයයි” ඒ ථෙරනම් මහණතෙම වනාහි ඒ මහණහට පිළිතුරුදී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ඒ ථෙර නම් මහණහට වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.
“ථෙරය, නුඹ තනියම වාසය කරන්නේ, තනියම වාසය කිරීමෙහි ගුණ කියන්නේය යනු සැබෑද?”
“එසේය ස්වාමීනි.”
“ථෙරය, නුඹ කෙසේ වනාහි තනියම වාසය කරන්නේ, තනියම වාසය කිරීමෙහි ගුණ කියන්නේද?”
“ස්වාමීනි, මම මෙහි තනියම ගමට පිණ්ඩපාතයේ යමි. තනියම ආපසු එමි. තනියම, රහසිගතව හිඳිමි. තනියම සක්මන් කරමි. ස්වාමීනි, මෙසේ වනාහි මම තනියම වාසය කරන්නේද, තනියම වාසය කිරීමෙහි ගුණ කියන්නේද වෙමියි” කීයේය.
“ථෙරය, මේ ශාසනයෙහි මේ තනිව වාසය කිරීම ඇත්තේය එය නැත්තේයයි නොකියමි. එහෙත් ථෙරය. යම්සේ වනාහි තනිව වාසය කිරීම විස්තර වශයෙන් සම්පූර්ණ වූයේ වේද, එය අසව. මනාකොට මෙනෙහි කරව. කියන්නෙමියි” වදාළ සේක. “ස්වාමීනි, එසේයයි” කියා ඒ ථෙරනම් භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. “ථෙරය, කෙසේ වනාහි තනිව වාසය කිරීම විස්තර වශයෙන් සම්පූර්ණ වූයේ වේද? ථෙරය, මෙහි අතීත කාලයෙහිවූ පඤ්චස්කන්ධයෙහි යම් ඡන්ද රාගයක් වූයේද එය ප්‍රහීණ කරන ලද්දේද, අනාගතයෙහි වන්නාවූ පඤ්චස්කන්ධයෙහි යම් ඡන්ද රාගයක් වූයේද, එය බැහැර කරන ලද්දේද, වර්තමාන ආත්මභාව ප්රතිලාභයෙහිවූ ඡන්දරාගය මනාකොට හික්මවන (නසන) ලද්දේවේද, ථෙරය, මෙසේ වනාහි තනිව වාසය කිරීම විස්තර වශයෙන් සම්පූර්ණවූයේ වේයයි” වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. දේශනාකොට ඊට අනතුරුව භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළ සේක.
(ස්කන්ධ, ආයතන, ධාතු සහ ත්‍රිවිධ භවය යන) සියල්ල යටකොට සිටියාවූ, ස්කන්ධාදී සියලු ධර්මයන් දත්තාවූ, ස්කන්ධාදී සියලු ධර්මයන්හි තණ්හා දෘෂ්ටි වශයෙන් නො ඇලුනාවූ, ඒ සියලු ධර්මයන් දුරුකළාවූ, තණ්හාව ක්ෂය කිරීමෙන් නිවන් අවබෝධ කළාවූ, ඒ පණ්ඩිත මනුෂ්‍යතෙම තනිව වාසය කරන්නේයයි, මම කියමියි” වදාළ සේක.
(දසවෙනි ථෙරනාම සූත්‍රය නිමි.)
|
11. මහාකප්පිනසුත්තං | 11. කප්පින සූත්‍රය |
245
සාවත්ථියං
ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘ඛත්තියො සෙට්ඨො ජනෙතස්මිං, යෙ ගොත්තපටිසාරිනො;
විජ්ජාචරණසම්පන්නො, සො සෙට්ඨො දෙවමානුසෙ.
‘‘දිවා තපති ආදිච්චො, රත්තිමාභාති චන්දිමා;
සන්නද්ධො ඛත්තියො තපති, ඣායී තපති බ්රාහ්මණො;
අථ සබ්බමහොරත්තිං
(අථ සබ්බමහොරත්තං (සී. ස්‍යා. කං.)), බුද්ධො තපති තෙජසා’’ති. එකාදසමං;
|
245
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
ඉක්බිති ආයුෂ්මත් මහා කප්පිණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ආයුෂ්මත් මහාකප්පිණ තෙරුන් දුරදීම දුටුසේක. දැක, භික්ෂූන්හට කථාකළ සේක.
“මහණෙනි, තෙපි එන්නාවූ සුදුපැහැයෙන් යුක්තවූ සිහින්වූ, උස්වූ නැහැයකින් යුක්තවූ, ඒ මහණ දක්නහුද?” “එසේය, ස්වාමීනි.”
“මහණෙනි, ඒ මහණතෙම වනාහි මහත්වූ ඍද්ධි ඇත්තේය. මහත්වූ ආනුභාව ඇත්තේය. ඒ භික්ෂුව විසින් සමනොවදිනලද විරූ යම් සමාපත්තියක් වේද, එවැනි සමාපත්තියක් සුලබ නොවේ. යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇත්තාවූ ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙයි කියායි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළසේක.
(1) “ගෝත්‍ර සොයන්නාවූ යම් සත්වයෝ වෙත්ද, (ඔවුන් කෙරෙහි) ක්ෂත්රියතෙම ශ්‍රේෂ්ඨ වෙයි. දෙවි මිනිසුන් කෙරෙහි අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්ත තැනැත්තේ ශ්‍රේෂ්ඨ වෙයි.”
(2) “සූර්‍ය්‍යයා දවල් බබලයි. චන්ද්‍රයා රෑ බබලයි. ක්ෂත්රියතෙම සන්නාහසන්නද්ධ වූයේ බබලයි. ක්ෂීණාශ්රව තෙම ධ්‍යානයෙන් යුක්ත වූයේ බබලයි. එහෙත් බුදු රජාණන් වහන්සේ දිවා රෑ දෙක්හිම තේජසින් බබලන සේක.”
(එකොළොස්වෙනි කප්පින සූත්‍රය නිමි.)
|
12. සහායකසුත්තං | 12. සහාය සූත්‍රය |
246
සාවත්ථියං
ඉදමවොච
‘‘සහායා වතිමෙ භික්ඛූ, චිරරත්තං සමෙතිකා;
සමෙති නෙසං සද්ධම්මො, ධම්මෙ බුද්ධප්පවෙදිතෙ.
‘‘සුවිනීතා කප්පිනෙන, ධම්මෙ අරියප්පවෙදිතෙ;
ධාරෙන්ති අන්තිමං දෙහං, ජෙත්වා මාරං සවාහිනි’’න්ති. ද්වාදසමං;
|
246
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
ඉක්බිති ආයුෂ්මත් මහා කප්පින තෙරුන්ගේ සද්ධි විහාරිකවූ, මිත්‍ර භික්ෂූන් දෙනමක් වනාහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ, ඒ භික්ෂූන් දුරදීම දුටු සේක. දැක, භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, තෙපි එන්නාවූ, මහා කප්පින තෙරුන්ගේ සද්ධිවිහාරිකයන්වූ, ඒ මිත්‍ර මහණුන් දෙනම දක්නහුද?” “එසේය, ස්වාමීනි.”
“මහණෙනි, ඒ මහණුන් දෙනම වනාහි මහත්වූ ඍද්ධියෙන් යුක්ත වූවෝය. මහත්වූ ආනුභාවයෙන් යුක්තවූවෝය. ඒ මහණුන් විසින් සමනොවදිනලද විරූ යම් සමාපත්තියක් වේද, එවැනි සමාපත්තියක් සුලබ නොවේ. යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසාන කොට ඇත්තාවූ ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙත්යයි” වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළ සේක.
(1) “මේ මිත්‍ර භික්ෂූන් දෙනම වනාහි බොහෝ කාලයක් මුළුල්ලෙහි එක්වූවාහුය. මොවුන්හට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද මේ සද්ධර්මය ඒකාන්තයෙන් ගැලපෙයි.
(2) “භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මයෙහි (මේ මහණුන් දෙනම) මහාකප්පින තෙරුන් විසින් මනාකොට හික්මවනලදහ. සේනාව සහිතවූ මාරයා දිනා අන්තිම දේහය (ශරීරය) දරත්යයි” වදාළසේක.
(දොළොස්වෙනි සහාය සූත්‍රය නිමි.)
|