9. ඔපම්මසංයුත්තං | 9. ඕපම්ම සංයුත්තය |
1. කූටසුත්තං | 1. කූට සූත්‍රය |
223
එවං
|
223
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්සේ වනාහි කූටාගාරයක (කුළුගෙයක) යම්කිසි ගොනැසි (පරාල) වෙත්ද, ඒ සියල්ල මුදුනට ගමන් කළාහු, මුදුන හා එක්වූවාහු වෙත්ද, මුදුන බිඳීයාමෙන් ඒ සියල්ල විනාශයට යෙත්ද, මහණෙනි, එසේම වනාහි යම්කිසි අකුශල මූලයෝ වෙත්ද, ඒ සියල්ලම අවිද්‍යාවට ගමන් කරන්නාහු, අවිද්‍යාවට එක්වන්නාහු, අවිද්‍යාවට සම්බන්ධ වන්නාහු වෙත්. අවිද්‍යාව නැසීම හේතුකොටගෙන ඒ සියල්ලද විනාශයට යෙත්. මහණෙනි, එහෙයින් මෙහිදී තොප විසින් මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අප්‍රමාදව වාසය කරමු’ කියායි. මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(පළමුවෙනි කූට සූත්‍රය නිමි.)
|
2. නඛසිඛසුත්තං | 2. නඛ සිඛ සූත්‍රය |
224
සාවත්ථියං විහරති. අථ ඛො භගවා පරිත්තං නඛසිඛායං පංසුං ආරොපෙත්වා භික්ඛූ ආමන්තෙසි - ‘‘තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යො වායං
(යො චායං (බහූසු)) මයා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො අයං වා
(යා චායං (ස්‍යා. ක.)) මහාපථවී’’ති? ‘‘එතදෙව, භන්තෙ, බහුතරං යදිදං මහාපථවී. අප්පමත්තකොයං භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො. සඞ්ඛම්පි න උපෙති උපනිධිම්පි න උපෙති කලභාගම්පි න උපෙති මහාපථවිං උපනිධාය භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො’’ති. ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මනුස්සෙසු පච්චාජායන්ති; අථ ඛො එතෙයෙව බහුතරා සත්තා යෙ අඤ්ඤත්ර මනුස්සෙහි පච්චාජායන්ති. තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං
|
224
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ නියපිට පස් ස්වල්පයක් තබාගෙන භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, ඒ කුමැයි සිතන්නහුද? මා විසින් යම් මේ නියපිට තබනලද පස් ස්වල්පයද, මේ මහපොළොවද යන දෙකින් කුමක් වනාහි වඩා ලොකු වෙයිද?” “ස්වාමීනි, යම් මේ මහපොළොවක්වේද, එයම වඩා ලොකුවෙයි. භාග්‍යවතුන්වහන්සේ විසින් නියපිටට ගන්නාලද මේ පස් ස්වල්පය ඉතා සුළුය. භාග්‍යවතුන්වහන්සේ විසින් නියපිටට ගන්නාලද පස් ස්වල්පය මහපොළොව හා සසඳා බලන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි (මිනිසත් බැවින් චුතව) මිනිසුන් කෙරෙහි නැවත උපදින යම් සත්වයෝ වෙත්ද, ඔවුහු ස්වල්ප වෙත්. එහෙත් මිනිස් ලොවින් අන්‍යවූ සතර අපායයෙහි නැවත උපදින යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම ඉතා අධික වෙති. මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි (කෙසේද?) ‘අප්‍රමාදව වාසය කරමු’ කියායි. මහණෙනිත තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(දෙවෙනි නඛ සිඛ සූත්‍රය නිමි.)
|
3. කුලසුත්තං | 3. කුල සූත්‍රය |
225
සාවත්ථියං
|
225
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්සේ වනාහි බොහෝ ස්ත්‍රීන් ඇත්තාවූ, ස්වල්ප පුරුෂයන් ඇත්තාවූ, යම්කිසි කුලයෝ වෙත්ද, ඒ කුලයෝ කුම්භත්ථෙනක (කළයක පහන් දල්වාගෙන ගොස් සොරකම් කරන) සොරුන් විසින් පහසුවෙන් පෙළිය හැක්කාහු වෙති. මහණෙනි, එසේම වනාහි යම්කිසි භික්ෂුවක් විසින් මෛත්‍රී භාවනා සමාධිය නොවඩන ලද්දේ, නැවත නැවත භාවිතා නොකරන ලද්දේ වේද, ඒ මහණතෙම අමනුෂ්‍යයන් විසින් පහසුවෙන් පෙළිය හැක්කේ වෙයි.
“මහණෙනි, යම්සේ වනාහි ස්වල්ප ස්ත්‍රීන් ඇත්තාවූ, බොහෝ පුරුෂයන් ඇත්තාවූ, යම්කිසි කුලයෝ වෙත්ද, ඒ කුලයෝ කුම්භත්ථෙනක සොරුන් විසින් පහසුවෙන් නොපෙළිය හැක්කාහු වෙති. මහණෙනි, එසේම වනාහි යම්කිසි භික්ෂුවක් විසින් මෛත්‍රී භාවනා සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ වේද, ඒ මහණතෙම අමනුෂ්‍යයන් විසින් පහසුවෙන් නොපෙළිය හැක්කේ වෙයි. මහණෙනි, එනිසා මෙහිදී, මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අප විසින් මෛත්‍රී භාවනා සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ, යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹ සිටින ලද්දේ, පුරුදු කරන ලද්දේ, මනාකොට පටන්ගන්නා ලද්දේ වන්නේය.’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(තුන්වෙනි කුල සූත්‍රය නිමි.)
|
4. ඔක්ඛාසුත්තං | 4. ඔක්ඛා සූත්‍රය |
226
සාවත්ථියං විහරති...පෙ.... ‘‘යො, භික්ඛවෙ, පුබ්බණ්හසමයං ඔක්ඛාසතං දානං දදෙය්ය, යො මජ්ඣන්හිකසමයං ඔක්ඛාසතං දානං දදෙය්ය, යො සායන්හසමයං ඔක්ඛාසතං දානං දදෙය්ය, යො වා පුබ්බණ්හසමයං අන්තමසො ගද්දුහනමත්තම්පි මෙත්තචිත්තං භාවෙය්ය, යො වා මජ්ඣන්හිකසමයං අන්තමසො ගද්දුහනමත්තම්පි මෙත්තචිත්තං භාවෙය්ය, යො
|
226
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යමෙක් පෙරවරු (උදේ) කාලයෙහි (ප්‍රණීත භෝජනයන්ගෙන් පිරවූ) මහා සැළි සියයක් දන් දෙන්නේ වේද, යමෙක් මැදියම් කාලයෙහි (ප්‍රණීත භෝජනයන් ගෙන් පිරවූ) මහ සැළි සියයක් දන් දෙන්නේ වේද, යමෙක් සවස් කාලයෙහි (ප්‍රණීත භෝජනයන්ගෙන් පිරවූ) මහ සැළි සියයක් දන්දෙන්නේ වේද, යමෙක් පෙරවරු (උදේ) කාලයෙහි යටත්පිරිසෙයින් දෙනගේ තනයෙන් කිරි පීරක් දොවින පමණ කාලයකුදු ‘මෙත් සිත’ වඩන්නේ වේද, යමෙක් මැදියම් කාලයෙහි යටත්පිරිසෙයින් දෙනගෙන් කිරි පීරක් දොවින පමණ කාලයකුදු ‘මෙත්සිත’ වඩන්නේ හෝ වේද, යමෙක් සවස් කාලයෙහි යටත් පිරිසෙයින් දෙනගෙන් කිරි පීරක් දොවින පමණ කාලයකුදු ‘මෙත්සිත’ වඩන්නේ හෝ වේද, මෙය මුලින් කී දානයට වඩා මහත්ඵල ඇත්තේ වෙයි. මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අපගේ මෛත්‍රී සහගත සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹ සිටින ලද්දේ, මනාකොට පටන්ගන්නා ලද්දේ වන්නේය’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(සතරවෙනි ඔක්ඛා සූත්‍රය නිමි.)
|
5. සත්තිසුත්තං | 5. සත්ති සූත්‍රය |
227
සාවත්ථියං
‘‘එවමෙව
|
227
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ වනාහි තියුණු තලයකින් යුක්තවූ ආයුධයක් වේද, ඉක්බිති පුරුෂයෙක් එන්නේය. (අවුත්) ‘මම මේ ආයුධය අතින් හෝ මිටින් හෝ අගින් (අල්ලා) දෙකට නමන්නෙමි. මැදින් දෙකට නමන්නෙමි. නැවත දිග හරින්නෙමියි කියයි’ නම් මහණෙනි, ඒ කිමැයි සිතන්නහුද? ඒ පුරුෂතෙම මේ තියුණු තලයෙකින් යුක්තවූ ආයුධය අතින් හෝ මිටින් හෝ ගසා, අගින් (අල්ලා) දෙකට නැමීමට හෝ මැදින් දෙකට නැමීමට හෝ නැවත දිගහැරීමට හෝ සුදුසු (හැකි) වන්නේද?”
“ස්වාමීනි, එය නොවේමය.”
“ඊට හේතුව කවරේද?”
“ස්වාමීනි, මේ ආයුධය වනාහි තියුණු තලයකින් යුක්ත වූයේය. අතින් හෝ මිටින් හෝ ගසා අගින් (ගෙන) දෙකට නැමීමට හෝ මැදින් දෙකට නැමීමට හෝ නැවත දිගහැරීමට හෝ පහසු නොවේ. යම්තාක් (ඒ සඳහා උත්සාහ කරයිද) ඒතාක් ඒ පුරුෂතෙම වෙහෙසීමේ, විපතට පත්වීමේ කොටස්කාරයෙක් වන්නේය.”
“මහණෙනි, එසේම වනාහි යම්කිසි භික්ෂුවක් විසින් මෛත්‍රී සහගත සමාධිය වඩනලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ, යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹසිටින ලද්දේ, මනාකොට පටන් ගන්නා ලද්දේ වේ. ඉදින් ඒ මහණහුගේ සිත කැලඹීමට යම් අමනුෂ්‍යයෙක් සිතන්නේ නම්, ඉක්බිති ඒ අමනුෂ්‍යයා තෙමේම වෙහෙසීමේ විපතට පත්වීමේ කොටස්කාරයෙක් වන්නේය.’
“මහණෙනි, එනිසා මෙහිදී, මෙසේ හික්මිය යුතු යි (කෙසේද?) ‘අපගේ මෛත්‍රී සහගත සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ, යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹසිටින ලද්දේ, මනාකොට පටන් ගන්නා ලද්දේ වන්නේය’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(පස්වෙනි සත්ති සූත්‍රය නිමි.)
|
6. ධනුග්ගහසුත්තං | 6. ධනුග්ගහ සූත්‍රය |
228
සාවත්ථියං විහරති...පෙ.... ‘‘සෙය්යථාපි, භික්ඛවෙ, චත්තාරො දළ්හධම්මා ධනුග්ගහා
‘‘එකස්ස චෙපි, භන්තෙ, දළ්හධම්මස්ස ධනුග්ගහස්ස සුසික්ඛිතස්ස කතහත්ථස්ස කතූපාසනස්ස කණ්ඩං ඛිත්තං අප්පතිට්ඨිතං පථවියං ගහෙත්වා ආහරෙය්ය - ‘ජවනො පුරිසො පරමෙන ජවෙන සමන්නාගතො’ති අලං වචනාය, කො පන වාදො චතුන්නං දළ්හධම්මානං ධනුග්ගහානං සුසික්ඛිතානං කතහත්ථානං කතූපාසනාන’’න්ති?
‘‘යථා ච, භික්ඛවෙ, තස්ස පුරිසස්ස ජවො, යථා ච චන්දිමසූරියානං ජවො, තතො සීඝතරො. යථා ච, භික්ඛවෙ, තස්ස පුරිසස්ස ජවො යථා ච චන්දිමසූරියානං ජවො යථා ච යා දෙවතා චන්දිමසූරියානං පුරතො ධාවන්ති තාසං දෙවතානං ජවො, ( )
((තතො සීඝතරො. යථා ච භික්ඛවෙ තස්ස පුරිසස්ස ජවො, යථා ච චන්දිමසුරියානං ජවො, යථා ච යා දෙවතා චන්දිමසුරියානං පුරතො ධාවන්ති, තාසං දෙවතානං ජවො,) (සී. ස්‍යා. කං.)) තතො සීඝතරං ආයුසඞ්ඛාරා
|
228
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්සේ වනාහි (දස දොළොස් වර්ෂයක්, ආචාර්ය්ය කුලයෙහි ඉගෙනගන්නාලද ශිල්ප ඇත්තාවූ) බොහෝ කාලයක් මුළුල්ලෙහි පුහුණු කරන ලද්දාවූ, රාජ කුලාදියෙහිදී දක්වනලද ශිල්ප ඇත්තාවූ, (පුරුෂයින් දෙදහසක) ශක්තියෙන් යුක්තවූ, දුනු දරන්නාවූ සතර දෙනෙක් සතර දිසාවෙහි සිටියාහු වෙත්ද, ඉක්බිති පුරුෂයෙක් එන්නේය. (අවුත්) ‘ඉගෙණගන්නාලද, ශිල්ප ඇත්තාවූ බොහෝ කාලයක් මුළුල්ලෙහි පුහුණු කරන ලද්දාවූ, රාජ කුලාදියෙහිදී දක්වනලද ශිල්ප ඇත්තාවූ, (පුරුෂයින් දෙදහසක) ශක්තියෙන් යුක්තවූ, දුනු දරන්නාවූ සතර දෙනෙක් සතර දිගින් විදිනලද හී පොළොවෙහි නොපිහිටි කල්හිම අල්ලාගෙන එන්නෙමියි’ කියන්නේ නම්, මහණෙනි, කෙසේ සිතන්නහුද? ජව වේගයෙන් යුක්තවූ, ඒ පුරුෂතෙම කෙළ පැමිණි ජවවේගයෙන් යුක්තවූයේයයි කීමට සුදුසු වෙයිද?”
“ස්වාමීනි, (දස දොළොස් වර්ෂයක් මුළුල්ලෙහි) ඉගෙන ගන්නාලද ශිල්ප ඇත්තාවූ, බොහෝ කාලයක් මුළුල්ලෙහි පුහුණු කරන ලද්දාවූ, රාජකුලාදියෙහිදී දක්වනලද ශිල්ප ඇත්තාවූ, (පුරුෂයින් දෙදහසක) ශක්තියෙන් යුක්තවූ, දුනු දරන්නාවූ එකකු විසින් විදිනලද හීය පොළොවෙහි නොපිහිටි කල්හි අල්ලාගෙන එන්නේ නම්, ජවවේගයෙන් යුක්තවූ ඒ පුරුෂ තෙමේය කෙළපැමිණි ජවවේගයෙන් යුක්තවූයේයයි කීමට සුදුසුය. (දස දොළොස් වර්ෂයක් මුළුල්ලෙහි) ඉගෙන ගන්නාලද ශිල්ප ඇත්තාවූ, බොහෝ කාලයක් මුළුල්ලෙහි පුහුණු කරන ලද්දාවූ, රාජකුලාදියෙහිදී දක්වනලද ශිල්ප ඇත්තාවූ, (පුරුෂයින් දෙදහසක) ශක්තියෙන් යුක්තවූ දුනු දරන්නාවූ, සතරදෙනෙකු විසින් විදිනලද හී අල්ලාගෙන එන්නේනම් ඔහුගේ ජවවේගය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, ඒ පුරුෂයාගේ ජවය (වේගය) යම්සේද, ඊට වඩා චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ජවය (වේගය) අතිශයින් ශීඝ්‍රය. මහණෙනි, ඒ පුරුෂයාගේ ජවය යම්සේද, චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ජවය යම්සේද, ඊට වඩා චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ඉදිරියෙහි දුවන්නාවූ යම් දෙවියෝ වෙත්ද, ඒ දෙවියන්ගේ ජවය ඉතා සීඝ්රය. මහණෙනි, ඒ පුරුෂයාගේ ජවය යම්සේද, චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ජවය යම්සේද, චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ඉදිරියෙහි දුවන්නාවූ, යම් දෙවියෝ වෙත්ද, ඒ දෙවියන්ගේ ජවය යම්සේද, ඊට වඩා සීඝ්‍රව ආයුසංස්කාරයෝ ක්ෂය වෙත්.”
“මහණෙනි, එනිසා, මෙහිදී මෙසේ හික්මිය යුතුයි, (කෙසේද?) ‘අප්‍රමාදව වාසය කරමු’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(හයවෙනි ධනුග්ගහ සූත්‍රය නිමි.)
|
7. ආණිසුත්තං | 7. ආණි සූත්‍රය |
229
සාවත්ථියං
‘‘යෙ පන තෙ සුත්තන්තා කවිකතා කාවෙය්‍යා චිත්තක්ඛරා චිත්තබ්යඤ්ජනා බාහිරකා සාවකභාසිතා, තෙසු භඤ්ඤමානෙසු සුස්සූසිස්සන්ති, සොතං ඔදහිස්සන්ති, අඤ්ඤා චිත්තං උපට්ඨාපෙස්සන්ති, තෙ ච ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති. එවමෙතෙසං, භික්ඛවෙ, සුත්තන්තානං තථාගතභාසිතානං ගම්භීරානං ගම්භීරත්ථානං ලොකුත්තරානං සුඤ්ඤතප්පටිසංයුත්තානං අන්තරධානං භවිස්සති. තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘යෙ තෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතප්පටිසංයුත්තා, තෙසු භඤ්ඤමානෙසු සුස්සූසිස්සාම, සොතං ඔදහිස්සාම
|
229
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. (දස භාගයක් අයබදු ගන්නා හෙයින්) ‘දසාරභ’ නම් ක්ෂත්රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් විය. ‘දසාරභ’ නම් මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ. මහණෙනි, මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ අතුරුදහන් විය. ඇණ සමූහයම ඉතිරිවිය යන ඒ කාලය වනාහි වූයේය.
“මහණෙනි, එසේම (පාළිවශයෙන්) ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද, ඒ ධර්මයන් උගතයුතුයයි, පුහුණු කළයුතුයයි, නොසිතත්ද, කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ, බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙත්ද, කන් නමත්ද, දැනගැනීම පිණිස සිත පිහිටුවත්ද, ඒ ධර්මයන්ද උගතයුතුයයි පුහුණු කළයුතුයයි සිතත්ද, එවැනි භික්ෂූහු අනාගත කාලයෙහි වන්නාහුය.”
“මහණෙනි, මෙසේ (පාළිවශයෙන්) ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, සත් වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශ කරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, මේ සූත්‍රාන්තයන්ගේ අතුරුදන්වීම වන්නේය. මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (පාළිවශයෙන්) ‘ගැඹුරුවූ ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශ කරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙන්නෙමු. කන් නමන්නෙමු. දැනගැනීම පිණිස සිත පිහිටුවන්නෙමු. ඒ ධර්මයන් උගතයුතුයයි පුහුණු කළ යුතුයයි කල්පනා කරන්නෙමුය’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(හත්වෙනි ආණි සූත්‍රය නිමි.)
|
8. කලිඞ්ගරසුත්තං | 8. කලිඩ්ගර සූත්‍රය |
230
එවං මෙ සුතං - එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘කලිඞ්ගරූපධානා
‘‘කලිඞ්ගරූපධානා, භික්ඛවෙ, එතරහි භික්ඛූ විහරන්ති අප්පමත්තා ආතාපිනො පධානස්මිං. තෙසං මාරො පාපිමා න ලභති ඔතාරං න ලභති ආරම්මණං. භවිස්සන්ති, භික්ඛවෙ, අනාගතමද්ධානං භික්ඛූ සුඛුමා මුදුතලුනහත්ථපාදා. තෙ මුදුකාසු සෙය්යාසු තූලබිම්බොහනාසු යාවසූරියුග්ගමනා සෙය්යං කප්පිස්සන්ති. තෙසං මාරො පාපිමා ලච්ඡති ඔතාරං ලච්ඡති ආරම්මණං. තස්මාතිහ, භික්ඛවෙ, එවං
|
230
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර මහා වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන්ට කථා කළ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.
“මහණෙනි, දැන් වනාහි ලිච්ඡවි රජදරුවෝ ලීකොට්ටවල හිස තබමින් සහ පා තබමින් අප්‍රමාදව ශිල්ප ඉගෙනීමට සහ ආචාර්‍ය්‍යයන් ඇසුරු කිරීමෙහි අප්‍රමාදව උට්ඨාන වීර්‍ය්‍යයෙන් යුක්තව, වාසය කෙරෙති. මගධ දෙශයෙහිවූ, වේදේහි පුත්‍රවූ, අජාසත් රජතෙම ඒ ලිච්ඡවීන්ගේ සිදුරක් නොලබන්නේය. අවසරයක් නොලබන්නේය. මහණෙනි, අනාගත කාලයෙහි ලිච්ඡවි රජදරුවෝ සිව්මැළි වූවාහු, මෘදු මොළොක් අත් පා ඇත්තාහු, පුළුන්කොට්ට ආදියෙන් සැදුම්ලත් මෘදු යහනාවන්හි ඉර පායනතුරු සයනය කරන්නාහුය. මගධ දේශයෙහිවූ, වේදේහ පුත්‍රවූ අජාසත් රජතෙම ඒ ලිච්ඡවීන්ගේ සිදුරක් ලබන්නේය. අවසරයක් ලබන්නේය.
“මහණෙනි, (දැන්) වර්තමාන කාලයෙහි මහණහු ලීකොට්ටවල හිස තබමින්, පා තබමින් භාවනායෙහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව වාසය කෙරෙති. පවිටුවූ මාරතෙම ඒ මහණහුන්ගේ සිදුරක් නොලබන්නේය. අවසරයක් නොලබන්නේය. මහණෙනි, අනාගත කාලයෙහි මහණහු සිව්මැළි වූවාහු, මෘදු මොළොක් අත් පා ඇත්තාහු, පුළුන් කොට්ට ආදියෙන් සැදුම්ලත් මෘදු යහනාවන්හි ඉර පායන තෙක් සයනය කරන්නාහුය. පවිටු මාරතෙම ඒ මහණුන්ගේ සිදුරක් ලබන්නේය. අවසරයක් ලබන්නේය.
“මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘ලීකොට්ටවල හිස තබමින්, පා තබමින් භාවනායෙහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, වාසය කරන්නෙමුයි’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(අටවෙනි කලිඩ්ගර සූත්‍රය නිමි.)
|
9. නාගසුත්තං | 9. නාග සූත්‍රය |
231
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො නවො භික්ඛු අතිවෙලං කුලානි උපසඞ්කමති. තමෙනං භික්ඛූ එවමාහංසු - ‘‘මායස්මා අතිවෙලං කුලානි උපසඞ්කමී’’ති. සො භික්ඛු භික්ඛූහි වුච්චමානො එවමාහ - ‘‘ඉමෙ හි නාම ථෙරා භික්ඛූ කුලානි උපසඞ්කමිතබ්බං මඤ්ඤිස්සන්ති, කිමඞ්ගං
(කිමඞ්ග (සී.)) පනාහ’’න්ති?
අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං
‘‘භූතපුබ්බං
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, ඉධ ථෙරා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසන්ති. තෙ තත්ථ ධම්මං භාසන්ති. තෙසං ගිහී පසන්නාකාරං කරොන්ති. තෙ තං ලාභං අගධිතා අමුච්ඡිතා අනජ්ඣොපන්නා
(අනජ්ඣාපන්නා (සබ්බත්ථ) ම. නි. 1 පාසරාසිසුත්තවණ්ණනා ඔලොකෙතබ්බා) ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති. තෙසං තං වණ්ණාය චෙව හොති බලාය ච, න ච තතොනිදානං මරණං වා නිගච්ඡන්ති මරණමත්තං වා දුක්ඛං. තෙසංයෙව ඛො පන, භික්ඛවෙ, ථෙරානං භික්ඛූනං අනුසික්ඛමානා නවා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසන්ති. තෙ තත්ථ ධම්මං භාසන්ති. තෙසං ගිහී පසන්නාකාරං
|
231
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි වනාහි එක්තරා නවක (අලුත මහණවූ) භික්ෂුවක් බොහෝ වේලා කුලයන් කරා පැමිණ වාසය කරයි. ඒ මේ නවක මහණහට සෙසු මහණහු මෙසේ කීවාහුය. “ඇවැත්තෙම, බොහෝ වේලා කුලයන් කරා පැමිණ වාසය නොකරවයි” කියායි. සෙසු මහණහුන් විසින් කියනු ලබන්නාවූ, ඒ නවක මහණතෙම මෙසේ කීයේය. “මේ ස්ථවිර භික්ෂූහුද කුලයන් කරා පැමිණිය යුතුයයි හඟින්නහුය. මම වනාහි කිනම් කාරණයක් නිසා නොපැමිණෙන්නෙම්ද?” කියායි.
ඉක්බිති බොහෝ භික්ෂූහු වනාහි භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය.
“ස්වාමීනි, මේ ශාසනයෙහි එක්තරා අලුත් භික්ෂුවක් බොහෝ වේලා කුලයන් කරා පැමිණෙයි. ඒ මොහුට භික්ෂූහු මෙසේ කීවාහුය. ‘ආයුෂ්මත්තෙම කුලයන් කරා බොහෝ වේලා නොපැමිණෙව’ කියායි. ඒ මහණතෙම භික්ෂූන් විසින් කියනු ලබන්නේ මෙසේ කීයේය. ‘මේ ස්ථවිර භික්ෂූහුද කුලයන් කරා පැමිණිය යුතුයයි හඟින්නාහුය. මම වනාහි කිනම් කාරණයක් නිසා නොපැමිණෙම්ද?’ කියායි.
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. වන ප්‍රදේශයෙහි මහ විලක් විය. ඇත්තු ඒ මහ විල ආශ්‍රයකොට වාසය කෙරෙති. ඒ ඇත්තු ඒ මහ විලට බැස, සොඬින් නෙලුම් අල සහ මුල් යටින් ගෙන ඉතා පිරිසිදු වන සේ මනාකොට සෝදා, මඩ රහිතව මනාකොට කා, ගිලිති. ඒ ඇතුන්හට ඒ කෑම වර්ණය ඇතිවීම පිණිසද, බලය ඇතිවීම පිණිසද, හේතුවෙයි. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය සමාන දුකකට හෝ නොපැමිණෙත්. මහණෙනි, ඒ මහ ඇතුන් අනුවම හික්මෙන්නාවූ, ළදරුවූ, ඇත්පැටව් වෙත්ද, ඔවුහුද ඒ විලට බැස, සොඬින් නෙලුම් අල සහ මුල් යටින් ගෙන ඉතා පිරිසිදු වෙනසේ මනාකොට නොසෝදා, මඩ සහිතව නොමනා කොට කා ගිලිත්. ඒ පැටවුන්හට ඒ කෑම වර්ණය ඇතිවීම පිණිසද බලය ඇතිවීම පිණිසද හේතු නොවෙයි. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය සමාන දුකකට හෝ පැමිණෙත්.
“මහණෙනි එසේම වනාහි මේ ශාසනයෙහි ස්ථවිර භික්ෂූහු පෙරවරු (උදේ) කාලයෙහි (අඳනය) හැඳ පාත්‍ර සිවුරු ගෙන, ගමකට හෝ නියම්ගමකට හෝ පිඬුපිණිස වඩිත්. ඒ භික්ෂූහු එහිදී දහම් දෙසත්. ඔවුන්හට ගිහියෝ ප්රසන්නාකාර කෙරෙත්. (සිව්පස දෙත්.) ඒ භික්ෂූහු ඒ සිව්පස ලාභයෙහි නොඇලුනාහු, මුළා නොවූවාහු, ගැති නොවූවාහු, ආදීනව දකින්නාහු, සසරින් ගැලවෙන නුවණ ඇත්තාහු, පරිභෝග කෙරෙත්. එය ඒ මහණුන්ගේ වර්ණය පිණිසද, බලය පිණිසද හේතුවෙයි. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය සමාන දුකකට හෝ නොපැමිණෙත්.
“මහණෙනි, ඒ ස්ථවිර භික්ෂූන් අනුවම හික්මෙන්නාවූ නවක (අලුත්) භික්ෂූහු පෙරවරු (උදේ) කාලයෙහි (අඳනය) හැඳ, පාත්‍ර, සිවුරු ගෙන, ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසෙත්. ඒ භික්ෂූහු එහිදී දහම් දෙසත්. ඔවුන්හට ගිහියෝ ප්රසන්නාකාර කෙරෙත්. (සිව්පස දෙත්) ඒ භික්ෂූහු ඒ සිව්පස ලාභයෙහි ඇලුනාහු, මුළාවූවාහු, ගැතිවූවාහු, ආදීනව නොදක්නාහු, සසරින් ගැලවෙන නුවණ නැත්තාහු, පරිභෝග කෙරෙත්. එය ඒ මහණහුගේ වර්ණය පිණිසද, බලය පිණිසද හේතු නොවෙයි. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය සමාන දුකකට හෝ පැමිණෙත්.”
“මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘නොඇලී, මුළානොවී, ගැතිනොවී, ආදීනව (දොස්) දකින්නාහු, සසරින් ගැලවෙන නුවණ ඇත්තාහු, සිව්පස ලාභය පරිභෝග කරන්නෙමුයි’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(නවවෙනි නාග සූත්‍රය නිමි.)
|
10. බිළාරසුත්තං | 10. බිළාර සූත්‍රය |
232
සාවත්ථියං විහරති. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අතිවෙලං කුලෙසු චාරිත්තං ආපජ්ජති. තමෙනං භික්ඛූ එවමාහංසු - ‘‘මායස්මා අතිවෙලං කුලෙසු චාරිත්තං ආපජ්ජී’’ති. සො භික්ඛු භික්ඛූහි වුච්චමානො න විරමති. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, බිළාරො සන්ධිසමලසඞ්කටීරෙ ඨිතො අහොසි මුදුමූසිං මග්ගයමානො - ‘යදායං මුදුමූසි ගොචරාය පක්කමිස්සති, තත්ථෙව නං ගහෙත්වා ඛාදිස්සාමී’ති. අථ ඛො සො, භික්ඛවෙ, මුදුමූසි ගොචරාය පක්කාමි. තමෙනං බිළාරො ගහෙත්වා සහසා සඞ්ඛාදිත්වා
(සඞ්ඛරිත්වා (පී. ක.), මංසං ඛාදිත්වා (ස්‍යා. කං.), අසංඛාදිත්වා (කත්ථචි)) අජ්ඣොහරි. තස්ස සො මුදුමූසි අන්තම්පි ඛාදි, අන්තගුණම්පි ඛාදි. සො තතොනිදානං
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අරක්ඛිතෙන චිත්තෙන, අනුපට්ඨිතාය
|
232
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක.
එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් බොහෝ වේලා කුලයන්හි හැසිරීමට පැමිණෙයි. ඒ මොහුට සෙසු භික්ෂූහු මෙසේ කීවාහුය. “ඇවැත්තෙම බොහෝ වේලා කුලයන්හි නොපැමිණෙව” කියායි. සෙසු භික්ෂූන් විසින් කියනු ලබන්නාවූ ඒ මහණතෙම නොසතුටු වෙයි. ඉක්බිති බොහෝ භික්ෂූහු වනාහි භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, මේ ශාසනයෙහි එක්තරා අලුත් භික්ෂුවක් බොහෝ වේලා කුලයන් කරා පැමිණෙයි. ඒ මොහුට භික්ෂූහු මෙසේ කීවාහුය. ‘ආයුෂ්මත්තෙම කුලයන් කරා බොහෝවේලා නොපැමිණෙව’ කියායි. ඒ මහණතෙම භික්ෂූන් විසින් කියනු ලබන්නේ නොසතුටුවෙයි,’ කියායි.
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. බළලෙක් ගෙවල් දෙකක් අතරෙහිවූ, (ගමේ කසල සෝදාහරින) කාණුවක් සමීපයෙහිවූ, කුණු ගොඬේ යම් වේලාවක ‘මේ ‘මුදු’ නමැති මීයෙක් ගොදුරු පිණිස යන්නේවේද, එහිදීම ඌ අල්ලාගෙන කන්නෙමියි’ ‘මුදු’ නම් මීයෙකු සොයමින් සිටියේ විය. මහණෙනි, ඉක්බිති ඒ ‘මුදු’ නම් මීයා ගොදුරු පිණිස ගියේය. ඒ මීයා බළලා අල්ලාගෙන වහා කා ගිල්ලේය. ඒ ‘මුදු’ නම් මීයා ඒ බළලාගේ බඩවැලද කෑවේය. කුඩා බඩවැලද කෑවේය ඒ බළලා ඒ හේතුකොටගෙන මරණයට හෝ මරණය සමාන දුකකට හෝ පැමිණියේය.”
“මහණෙනි, මෙසේම වනාහි මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් පෙරවරු කාලයෙහි හැඳ, පාත්‍රසිවුරුගෙන, ගමකට හෝ නියම්ගමකට හෝ නොරක්නා ලද්දාවූ කයින්, නො රක්නා ලද්දාවූ වචනයෙන් නොරක්නා ලද්දාවූ සිතින් එළඹ නොසිටි සිහියෙන් සංවර නොකරනලද්දාවූ ඉන්ද්රියයන්ගෙන් යුක්තව පිඬු පිණිස පිවිසෙයිද. ඒ මහණතෙම ඒ ගමෙහිදී හෝ නියම්ගමෙහිදී හෝ නපුරුකොට හඳිනලද හෝ නපුරුකොට පොරවනලද හෝ ස්ත්‍රියක් දකියි. නපුරුකොට අඳිනලද හෝ නපුරුකොට පොරොවනලද හෝ ස්ත්‍රියක් දැක, ඒ මහණහුගේ සිත රාගය කලඹයි. රාගයෙන් කලඹනලද සිතින් යුක්තවූ ඒ මහණතෙම මරණයට හෝ මරණය සමාන දුකකට හෝ පැමිණෙයි.
“මහණෙනි, යමෙක් ශික්ෂාව ප්රතික්ෂෙපකොට, ගිහි වේද, මේ ගිහිවීම ආර්‍ය්‍ය විනයෙහි වනාහි මරණයයි කියනු ලැබේ. මහණෙනි, යම් ආකාරවූ ඇවතකින් නැඟීම පෙනේද, එවැනිවූ යම් මේ එක්තරා කිළිටිවූ ඇවතකට පැමිණේද, මේ පැමිණීම වනාහි මරණය හා සමාන දුකයයි කියනු ලැබේ. මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘රක්නා ලද්දාවූම කයින්, රක්නාලද වචනයෙන්, රක්නාලද සිතින්, එළඹසිටි සිහියෙන්, සංවර කරනලද ඉන්ද්රියයන්ගෙන් යුක්තව ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙන්නෙමුය’ කියායි. තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(දසවෙනි බිළාර සූත්‍රය නිමි.)
|
11. සිඞ්ගාලසුත්තං | 11. සිගාල සූත්‍රය |
233
සාවත්ථියං විහරති...පෙ.... ‘‘අස්සුත්ථ නො තුම්හෙ, භික්ඛවෙ, රත්තියා පච්චූසසමයං ජරසිඞ්ගාලස්ස වස්සමානස්සා’’ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘එසො ඛො, භික්ඛවෙ, ජරසිඞ්ගාලො උක්කණ්ඩකෙන නාම රොගජාතෙන ඵුට්ඨො. සො යෙන
|
233
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, තෙපි රෑ එළිවෙන ජාමෙහි හඬන්නාවූ ජර සිගාලයෙකුගේ (නරියෙකුගේ හඬක්) ඇසුවාහුද?” “ස්වාමීනි, එසේය.” “මහණෙනි, මේ ජරසිගාලතෙම ‘උක්කණ්ණ’ නම් රෝග විශේෂයෙන් ස්පර්ශකරන ලද්දේය. ඒ ජරසිගාලතෙම යම් යම් තැනක යන්න කැමති වෙයිද, ඒ ඒ තැනට යෙයි. යම් යම් තැනක සිටිනු කැමැති වෙයිද, ඒ ඒ තැන සිටියි. යම් යම් තැනක හිඳිනු කැමැති වෙයිද, ඒ ඒතැන හිඳියි. යම් යම් තැනක නිදනු කැමති වෙයිද, ඒ ඒ තැන හොවියි. සිහිල් වාතයද ඌ වෙත හමයි. මහණෙනි, මේ ශාසනයෙහි ශාක්‍ය පුත්රභාවය ප්‍රතිඥා කරන්නාවූ, ඇතැම් මහණෙක්තෙම මෙවැනි ආත්මභාවයක් ලබන්නේ නම් යහපත් වන්නේය. මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අප්‍රමාදව වාසය කරමු’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(එකොළොස් වෙනි සිගාල සූත්‍රය නිමි.)
|
12. දුතියසිඞ්ගාලසුත්තං | 12. සිගාල සූත්‍රය |
234
සාවත්ථියං විහරති...පෙ.... ‘‘අස්සුත්ථ නො තුම්හෙ, භික්ඛවෙ, රත්තියා පච්චූසසමයං ජරසිඞ්ගාලස්ස වස්සමානස්සා’’ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘සියා ඛො, භික්ඛවෙ, තස්මිං ජරසිඞ්ගාලෙ යා කාචි කතඤ්ඤුතා කතවෙදිතා, න ත්වෙව ඉධෙකච්චෙ සක්යපුත්තියපටිඤ්ඤෙ සියා යා කාචි කතඤ්ඤුතා කතවෙදිතා. තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘කතඤ්ඤුනො භවිස්සාම කතවෙදිනො; න ච නො
(න ච නොති ඉදං සී. පී. පොත්ථකෙසු නත්ථි) අම්හෙසු අප්පකම්පි කතං නස්සිස්සතී’ති
(මා නස්සිස්සතීති (සී. පී.), විනස්සිස්සතීති (ස්‍යා. කං.)). එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බ’’න්ති. ද්වාදසමං.
|
234
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, තෙපි රෑ එළිවෙන යාමෙහි හඬන්නාවූ, ජරසිගාලයෙකුගේ (නරියෙකුගේ) හඬක් ඇසුවහුද?” “ස්වාමීනි, එසේය.”
“මහණෙනි, ඒ ජරසිගාලයා කෙරෙහි වනාහි යම්කිසි කෘතඥතාවයක්, කෙළෙහිගුණ දැනීමක් වන්නේය. මේ ශාසනයෙහි ශාක්‍ය පුත්රභාවය ප්‍රතිඥා කරන්නාවූ, ඇතැම් මහණෙකු කෙරෙහි කිසියම් කෘතඥතාවයක්, කෙළෙහිගුණ සැලකීමක් නොවන්නේමය.”
“මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අප කෙරෙහි කළ සුළු දෙය පවා නොනසින්නේ යයි කෘතඥයෝ, කෙළෙහිගුණ සලකන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(දොළොස් වෙනි සිගාල සූත්‍රය නිමි.)
|