ත්‍රිපිටකය
9. ඔපම්මසංයුත්තං 9. ඕපම්ම සංයුත්තය
1. කූටසුත්තං 1. කූට සූත්‍රය
2. නඛසිඛසුත්තං 2. නඛ සිඛ සූත්‍රය
224
සාවත්ථියං විහරති. අථ ඛො භගවා පරිත්තං නඛසිඛායං පංසුං ආරොපෙත්වා භික්ඛූ ආමන්තෙසි - ‘‘තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යො වායං (යො චායං (බහූසු)) මයා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො අයං වා (යා චායං (ස්‍යා. ක.)) මහාපථවී’’ති? ‘‘එතදෙව, භන්තෙ, බහුතරං යදිදං මහාපථවී. අප්පමත්තකොයං භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො. සඞ්ඛම්පි න උපෙති උපනිධිම්පි න උපෙති කලභාගම්පි න උපෙති මහාපථවිං උපනිධාය භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො’’ති. ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මනුස්සෙසු පච්චාජායන්ති; අථ ඛො එතෙයෙව බහුතරා සත්තා යෙ අඤ්ඤත්‍ර මනුස්සෙහි පච්චාජායන්ති. තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘අප්පමත්තා විහරිස්සාමා’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බ’’න්ති. දුතියං.
224
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ නියපිට පස් ස්වල්පයක් තබාගෙන භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, ඒ කුමැයි සිතන්නහුද? මා විසින් යම් මේ නියපිට තබනලද පස් ස්වල්පයද, මේ මහපොළොවද යන දෙකින් කුමක් වනාහි වඩා ලොකු වෙයිද?” “ස්වාමීනි, යම් මේ මහපොළොවක්වේද, එයම වඩා ලොකුවෙයි. භාග්‍යවතුන්වහන්සේ විසින් නියපිටට ගන්නාලද මේ පස් ස්වල්පය ඉතා සුළුය. භාග්‍යවතුන්වහන්සේ විසින් නියපිටට ගන්නාලද පස් ස්වල්පය මහපොළොව හා සසඳා බලන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි (මිනිසත් බැවින් චුතව) මිනිසුන් කෙරෙහි නැවත උපදින යම් සත්වයෝ වෙත්ද, ඔවුහු ස්වල්ප වෙත්. එහෙත් මිනිස් ලොවින් අන්‍යවූ සතර අපායයෙහි නැවත උපදින යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම ඉතා අධික වෙති. මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි (කෙසේද?) ‘අප්‍රමාදව වාසය කරමු’ කියායි. මහණෙනිත තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(දෙවෙනි නඛ සිඛ සූත්‍රය නිමි.)
3. කුලසුත්තං 3. කුල සූත්‍රය
4. ඔක්ඛාසුත්තං 4. ඔක්ඛා සූත්‍රය
5. සත්තිසුත්තං 5. සත්ති සූත්‍රය
6. ධනුග්ගහසුත්තං 6. ධනුග්ගහ සූත්‍රය
7. ආණිසුත්තං 7. ආණි සූත්‍රය
8. කලිඞ්ගරසුත්තං 8. කලිඩ්ගර සූත්‍රය
9. නාගසුත්තං 9. නාග සූත්‍රය
10. බිළාරසුත්තං 10. බිළාර සූත්‍රය
11. සිඞ්ගාලසුත්තං 11. සිගාල සූත්‍රය
12. දුතියසිඞ්ගාලසුත්තං 12. සිගාල සූත්‍රය