8. ලක්ඛණසංයුත්තං | 8. ලක්ඛණ සංයුත්තය |
1. පඨමවග්ගො | 1. පළමුවෙනි වර්ගය |
1. අට්ඨිසුත්තං | 1. අට්ඨි සූත්‍රය |
202
එවං
අථ
‘‘ඉධාහං, ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං අට්ඨිකසඞ්ඛලිකං වෙහාසං ගච්ඡන්තිං. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘චක්ඛුභූතා වත, භික්ඛවෙ, සාවකා විහරන්ති; ඤාණභූතා වත, භික්ඛවෙ, සාවකා විහරන්ති, යත්ර හි නාම සාවකො එවරූපං ඤස්සති වා දක්ඛති වා සක්ඛිං වා කරිස්සති. පුබ්බෙව මෙ සො, භික්ඛවෙ, සත්තො දිට්ඨො අහොසි, අපි චාහං න බ්යාකාසිං. අහඤ්චෙතං
(අහමෙවෙතං (සී.)) බ්යාකරෙය්යං, පරෙ ච මෙ
(පරෙ මෙ (සී.)) න සද්දහෙය්යුං. යෙ මෙ න සද්දහෙය්යුං, තෙසං තං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛාය. එසො, භික්ඛවෙ, සත්තො ඉමස්මිංයෙව රාජගහෙ ගොඝාතකො
|
202
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්ලත් වේළුවනයෙහි වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම, පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී, සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන් හට මෙය කීයේය. “ආයුෂ්මත් මොග්ගල්ලානයෙනි, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත්, ලක්ඛණය, මේ ප්‍රශ්නයට (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි වැඩියාහුය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය, එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය. “ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්වහන්සේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඇවැත් මොග්ගල්ලානයෙනි, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
ඇවැත්නි, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන්කරන්නාවූ, ඇටසැකිලි ප්‍රේතයකු දැක්කෙමි. යක්ෂ ගිජුලිහිණියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එළව එළවා, ඒ මොහුගේ ඉලඇට අතරෙහි විදිති. ඒ ඇටසැකිලි ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඇවැත්නි ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේද, කියායි.’ ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක.
“මහණෙනි, යම්හෙයකින් වනාහි ශ්‍රාවකයෙක් තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේවේද, ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්‍රාවකයෝ වාසයකෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහුනම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක්පිණිස වන්නේය. මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම ගෝඝාතකයෙක් (හරක් මරන්නෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සියගණනක්, බොහෝ වර්ෂ දහස්ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳින්නේයයි” වදාළසේක.
(පළමුවෙනි අට්ඨිසූත්රය නිමි.)
|
2. පෙසිසුත්තං | 2. පේසි සූත්‍රය |
203
‘‘ඉධාහං, ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං මංසපෙසිං වෙහාසං ගච්ඡන්තිං. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති විරාජෙන්ති
(විරාජෙන්ති (සී. ස්‍යා. කං.), විභජෙන්ති (පී. ක.)). සා සුදං අට්ටස්සරං කරොති...පෙ.... එසො, භික්ඛවෙ, සත්තො ඉමස්මිංයෙව රාජගහෙ ගොඝාතකො අහොසි...පෙ..... දුතියං.
|
203
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුනවනයෙහි) වාසයකරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාසිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය.
“ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් හට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින්පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක වැඩහුන්නාහුය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ, එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන් කරන්නාවූ, මංසපේසි (මස්පෙති) ප්‍රේතයකු දැක්කෙමි. යක්ෂ ගිජුලිහිණියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද, එළව, එළවා ඒ මොහුගේ (මස්පෙති) උදුරා දමති. විනාශ කරති. ඒ මංසපේසි (මස්පෙති) ප්‍රේතයා බැගෑපත් හඬ නඟයි. ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථා කළසේක”
“මහණෙනි, යම්හෙයකින් වනාහි ශ්‍රාවකයෙක් තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක්පිණිස වන්නේය.
“මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම ගෝඝාතකයෙක් විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සියගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
(දෙවෙනි පේසි සූත්‍රය නිමි.)
|
3. පිණ්ඩසුත්තං | 3. පිණ්ඩ සූත්‍රය |
204
‘‘ඉධාහං, ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං මංසපිණ්ඩං වෙහාසං ගච්ඡන්තං. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති විරාජෙන්ති
|
204
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර, සිවුරුගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය.
“ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි.
“ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් හට මෙය කීයේය. ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය.
ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක වැඩහුන්නාහුය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන් කරන්නාවූ, මංස පිණ්ඩ (මස්පිඬු) ප්‍රේතයෙකු දැක්කෙමි. යක්ෂ ගිජුලිහිණියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එළව, එළවා ඒ මොහුගේ (මස්පිඬු) උදුරා දමති. විනාශකරති. ඒ මංස පිණ්ඩ (මස්පිඬු) ප්‍රේතයා බැගෑපත් හඬ නඟයි.
“ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්ම භාවයක් ලැබීමකුදු වන්නේය කියායි.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් හට කථා කළ සේක.
“මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති.
“මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නො අදහන්නාහු නම් එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.
“මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම සාකුණිකයෙක් (පක්ෂීන් මරා විකුණා ජීවත් වන්නෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක් බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්ම භාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
(තුන්වෙනි පිණ්ඩ සූත්‍රය නිමි.)
|
4. නිච්ඡවිසුත්තං | 4. නිච්ඡවි සූත්‍රය |
205
‘‘ඉධාහං
|
205
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරතෙම, පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර, සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය.
“ඇවැත් ලක්ඛණය, යමු, රජගහ නුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබ වහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයේදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද, රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු, (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුණාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක වැඩ හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය.
“ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?
‘ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන් කරන්නාවූ, නිච්ඡවි (සම නැති) ප්‍රේතයෙකු දැක්කෙමි. යක්ෂ ගිජුලිහිණියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එළව, එළවා ඒ මොහුගේ (සම නැති මස්) උදුරා දමති. විනාශ කරති. ඒ නිච්ඡම්ම (සම නැති) ප්‍රේතයා බැගෑපත් හඬ නඟයි.
“ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්ම භාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක.
“මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේද ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නාලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නො අදහන්නාහු නම් එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.
“මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම ඕරබ්භිකයෙක් (එළුවන් මරා ජීවත් වන්නෙක් විය.) හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
(සතරවෙනි නිච්ඡවි සූත්‍රය නිමි.)
|
5. අසිලොමසුත්තං | 5. අසි සූත්‍රය |
206
‘‘ඉධාහං
|
206
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එ සමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් යම් තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය.
“ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබ වහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද, රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ, මම අහසින් ගමන් කරන්නාවූ, අසිලෝම (කඩු වැනි ලොම් ඇති) ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ ඒ කඩු අහසට නැගි නැඟී, ඒ අසිලෝම ප්‍රේතයාගේ කයෙහිම වැටේ. ඒ අසිලෝම ප්‍රේතයා බැගෑපත් හඬ නඟයි. ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය, කියායි.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක.
“මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේවිය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නො අදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.
“මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම සූකරිකයෙක් (හූරන් මරා ජීවත්වන්නෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
(පස්වෙනි අසි සූත්‍රය නිමි.)
|
6. සත්තිසුත්තං | 6. සත්ති සූත්‍රය |
207
‘‘ඉධාහං, ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං සත්තිලොමං පුරිසං වෙහාසං ගච්ඡන්තං. තස්ස තා සත්තියො උප්පතිත්වා උප්පතිත්වා තස්සෙව කායෙ නිපතන්ති. සො සුදං අට්ටස්සරං කරොති...පෙ.... එසො, භික්ඛවෙ, සත්තො ඉමස්මිංයෙව රාජගහෙ මාගවිකො අහොසි...පෙ..... ඡට්ඨං.
|
207
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එ සමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර, සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් යම් තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය.
“ඇවැත් ලක්ඛණය, යමු. රජගහ නුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබ වහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද, රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක වැඩ හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. ‘ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ, මම අහසින් ගමන් කරන්නාවූ, සත්තිලෝම (ආයුධ වැනි ලොම් ඇති) ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ ඒ ආයුධ අහසට නැගි නැගී, ඒ සත්තිලෝම ප්‍රේතයාගේ කයෙහිම වැටේ. ඒ සත්තිලෝම ප්‍රේතයා බැගෑපත් හඬනඟයි. ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි. “ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක.
“මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නාලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.
“මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම ද්වාගවිකයෙක් (මුවන් මරා ජීවත් වන්නෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
(හයවෙනි සත්ති සූත්‍රය නිමි.)
|
7. උසුලොමසුත්තං | 7. උසු සූත්‍රය |
208
‘‘ඉධාහං, ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං උසුලොමං පුරිසං වෙහාසං ගච්ඡන්තං. තස්ස තෙ උසූ උප්පතිත්වා උප්පතිත්වා තස්සෙව කායෙ නිපතන්ති. සො සුදං අට්ටස්සරං
|
208
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි වාසයකරනසේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම, පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය, වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී, සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර හට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබ වහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි.” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක වැඩ හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම උසුලෝම (ඊතලවැනි ලොම් ඇති) ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ ඒ ඊතල නැගි නැගී ඒ උසුලෝම ප්‍රේතයාගේ කයෙහි වැටේ, ඒ උසුලෝම ප්‍රේතයා බැගෑපත්ව හඬ නගයි. ඇවැත ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි, මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය, කියායි.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථාකළසේක.
“මහණෙනි, යම්හෙයකින් වනාහි ශ්‍රාවකයෙක් තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්‍රාවකයෝ වාසය කෙරෙති, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.
“මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම කාරණිකයෙක් (රාජාපරාධකාරයන් විද මරන්නෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
(සත්වෙනි උසු සූත්‍රය නිමි.)
|
8. සූචිලොමසුත්තං | 8. සුචි සූත්‍රය |
209
‘‘ඉධාහං, ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං සූචිලොමං පුරිසං වෙහාසං ගච්ඡන්තං. තස්ස තා සූචියො උප්පතිත්වා උප්පතිත්වා තස්සෙව කායෙ නිපතන්ති. සො සුදං අට්ටස්සරං කරොති...පෙ.... එසො
|
209
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරණසේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම, පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍රසිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී, සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් හට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබවහන්සේ) සිනා පහළකිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි.” කීයේය.
ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬුපිණිස හැසිර, බතින්පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය, එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන්කරන්නාවූ, සුචිලෝම (ඉදිකටුවැනි ලොම් ඇති) ප්‍රේතයකු දැක්කෙමි. ඔහුගේ ඒ ඉදිකටු අහසට නැගි නැඟී ඔහුගේම කයෙහි වැටේ, ඒ සුචිලෝම ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක.
“මහණෙනි, යම්හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේය.”
“මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම සූතයෙක් (අසුන් හික්මවන්නෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශේෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
(අටවෙනි සුචි සූත්‍රය නිමි.)
|
9. දුතියසූචිලොමසුත්තං | 9. සඛ්ඛියති සූත්‍රය |
210
‘‘ඉධාහං, ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං සූචිලොමං පුරිසං වෙහාසං ගච්ඡන්තං. තස්ස
|
210
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම, පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍රසිවුරුගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී, සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්වහන්ස, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? ‘ඇවැත්, ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක වැඩ හුන්නාහුය, එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත, ගිජ්ඣකූටපර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන්කරන්නාවූ, සුචිලෝම (ඉදිකටු වැනි ලොම් ඇති) ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ ඒ ඉදිකටු හිසින් ඇතුල්ව මුඛයෙන් නික්මෙයි. මුඛයෙන් ඇතුල්ව පපුවෙන් නික්මෙයි. පපුවෙන් ඇතුල්ව බඩින් නික්මෙයි. බඩින් ඇතුල්ව කළවෙන් නික්මෙයි. කළවෙන් ඇතුල්ව කෙණ්ඩයෙන් නික්මෙයි. කෙණ්ඩයෙන් ඇතුල්ව පතුලෙන් නික්මෙයි. ඒ සුචිලෝම ප්‍රේතයා බැගෑපත්ව හඬ නගයි. ඇවැත්නි ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි, මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය.’ කියායි.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක.
“මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නො අදහන්නාහු නම් එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.
“මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම සූචකයෙක් (කේලාම් කියන්නෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්ම භාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
(නවවෙනි සිඛ්ඛියති සූත්‍රය නිමි.)
|
10. කුම්භණ්ඩසුත්තං | 10. අණ්ඩභාරී සූත්‍රය |
211
‘‘ඉධාහං, ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං කුම්භණ්ඩං පුරිසං වෙහාසං ගච්ඡන්තං. සො ගච්ඡන්තොපි තෙව අණ්ඩෙ ඛන්ධෙ ආරොපෙත්වා ගච්ඡති. නිසීදන්තොපි තෙස්වෙව අණ්ඩෙසු නිසීදති. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති විරාජෙන්ති. සො සුදං අට්ටස්සරං කරොති...පෙ.... එසො, භික්ඛවෙ, සත්තො ඉමස්මිංයෙව රාජගහෙ ගාමකූටකො අහොසි...පෙ..... දසමං.
|
211
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරුගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්හට මෙය කීයේය.
“ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබ වහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?
“ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක වැඩ හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
‘ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ, මම අහසින් ගමන් කරන්නාවූ, කුම්භණ්ඩ (කලයක් පමණ අණ්ඩය ඇති) ප්‍රේතයෙකු දැක්කෙමි. හෙතෙම යන කල්හිත් ඒ අණ්ඩය කරෙහි තබාගෙනම යෙයි. හිඳින්නේත් ඒ අණ්ඩයෙහිම හිඳියි. යක්ෂ ගිජුලිහිණියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එළව, එළවා ඒ මොහුගේ (කලයක් පමණ අණ්ඩය) උදුරා දමති. විනාශ කෙරෙති. ඒ කුම්භණ්ඩ ප්‍රේතයා බැගෑපත් හඬ නඟයි.”
“ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි.” ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක. “මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති.”
“මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙමි නම් අන්‍යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නො අදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.
“මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම ගාමකූටයෙක් (කූට විනිශ්චයකාරයෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක් බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
(දසවෙනි අණ්ඩභාරී සූත්‍රය නිමි.)
|
2. දුතියවග්ගො | 2. දෙවැනි වර්ගය |
1. සසීසකසුත්තං | 1. කූප සූත්‍රය |
212
එවං
|
212
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසයකරනසේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙමේද, ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම, පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී, සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන් හට මෙය කීයේය. “ආයුෂ්මත් මොග්ගගල්ලානයෙනි, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත්, ලක්ඛණය, මේ ප්‍රශ්නයට (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි’ කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින්පසු (සවස) පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි වැඩියාහුය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය, එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය. “ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්වහන්සේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඇවැත් මොග්ගල්ලානයෙනි, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත්නි, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අසූචි වලක හිස සහිතව ගිලුනාවූ, පුරුෂයෙකු (ප්‍රේතයෙකු) දැක්කෙමි. ඒ ගූථ ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඇවැත්නි ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. ‘පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද මෙබඳුවූ ආත්ම භාවයක් ලැබීමකුදු වන්නේද,’ කියායි.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක.
“මහණෙනි, යම්හෙයකින් වනාහි ශ්‍රාවකයෙක් තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේවේද, ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහුනම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය. මහණෙනි, මේ සත්වතෙම මේ රජගහ නුවරම අන් අඹුවන් කරා යන්නෙක් විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳින්නේයයි” වදාළසේක.
(පළමුවෙනි කූප සූත්‍රය නිමි.)
|
2. ගූථඛාදසුත්තං | 2. ගූථඛාදී සූත්‍රය |
213
‘‘ඉධාහං, ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං පුරිසං ගූථකූපෙ නිමුග්ගං උභොහි හත්ථෙහි ගූථං ඛාදන්තං...පෙ.... එසො, භික්ඛවෙ, සත්තො ඉමස්මිංයෙව රාජගහෙ දුට්ඨබ්රාහ්මණො අහොසි. සො කස්සපස්ස සම්මාසම්බුද්ධස්ස පාවචනෙ භික්ඛුසඞ්ඝං භත්තෙන නිමන්තෙත්වා දොණියො
(දොණියා (ස්‍යා. කං. පී. ක.)) ගූථස්ස පූරාපෙත්වා එතදවොච - අහො භොන්තො, යාවදත්ථං භුඤ්ජන්තු චෙව හරන්තු චාති...පෙ..... දුතියං.
|
213
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසයකරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාසිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්හට මෙය කීයේය.
“ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් හට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක වැඩහුන්නාහුය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ, එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අසූචි වලක ගිලුනාවූ, දෑතින් අසූචි කන්නාවූ, පුරුෂයෙකු (ප්‍රේතයෙකු) දැක්කෙමි. ඒ ගූථප්රේතයා බැගෑපත් හඬ නඟයි. ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක.”
“මහණෙනි, යම්හෙයකින් වනාහි ශ්‍රාවකයෙක් තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.
“මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම දුෂ්ට බ්‍රාහ්මණයෙක් විය. හෙතෙම කස්සප සම්මාසම්බුදුන්ගේ සාසනයෙහිදී, භික්ෂුසංඝයාහට බතින් නිමන්ත්‍රණය කොට, ඔරු අසූචියෙන් පුරවා, කාලය දන්වා, මෙය කීයේය. ‘පින්වත්නි, මෙයින් ඇතිතාක් වැළඳීමද, ගෙනයාමද, කෙරෙත්වායි’ කියායි. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
(දෙවෙනි ගූථඛාදී සූත්‍රය නිමි.)
|
3. නිච්ඡවිත්ථිසුත්තං | 3. නිච්ඡවිත්ථි සූත්‍රය |
214
‘‘ඉධාහං
|
214
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර, සිවුරුගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්හට මෙය කීයේය.
“ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි.
“ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් හට මෙය කීයේය. ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය.
ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක වැඩහුන්නාහුය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම සිවිය නැති ස්ත්‍රියක (ප්රෙතියක) දැක්කෙමි. යක්ෂ ගිජුලිහිණියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එළව, එළවා ඒ ඇගේ මස් උදුරා දමති. විනාශකරති. ඈ බැගෑපත් හඬ නැඟුවාය.
“ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්ම භාවයක් ලැබීමකුදු වන්නේය කියායි.’ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් හට කථාකළ සේක.”
“මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති.
“මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නො අදහන්නාහු නම් එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.
“මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම ඈ පර පුරුෂ සේවනය කරන්නියක් වූවාය. ඈ ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක් බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්ම භාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
(තුන්වෙනි නිච්ඡවිත්ථි සූත්‍රය නිමි.)
|
4. මඞ්ගුලිත්ථිසුත්තං | 4. මංකුළිත්ථි සූත්‍රය |
215
‘‘ඉධාහං
|
215
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර, සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය.
“ඇවැත් ලක්ඛණය, යමු. රජගහ නුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබ වහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයේදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද, රජගහ නුවර පිඬු පිණිස හැසිර, බතින් පසු, (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුණාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක වැඩ හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය.
“ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?
“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන්කරන්නාවූ, දුගඳවූ, පිළිකුල් කටයුතුවූ, ස්ත්‍රියක (ප්‍රේතියක) දැක්කෙමි.” යක්ෂ ගිජුලිහිණියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද, එළව, එළවා ඒ ඇගේ මස් උදුරාදමති, විනාශ කෙරෙති. ඇය බැගෑපත්ව හඬ නඟයි.”
“ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්ම භාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් හට කථාකළ සේක.
“මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේද ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ ස්ත්‍රිය මුලදීම මා විසින් දක්නාලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නො අදහන්නාහු නම් එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.
“මහණෙනි, මේ ස්ත්‍රිය මේ රජගහ නුවරම නිමිති (පේන) කියන්නියක් වූවාය. ඇය ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්ම භාවයක් ලැබීම විඳිනු ලබන්නීයයි” වදාළ සේක.
(සතරවෙනි මඩ්කූළිත්ථි සූත්‍රය නිමි.)
|
5. ඔකිලිනීසුත්තං | 5. ඕකිලිනී සූත්‍රය |
216
‘‘ඉධාහං
|
216
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එ සමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද, ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය.
“ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ඔබ වහන්සේ සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද, රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ, මම අහසින් ගමන් කරන්නාවූ, උණුසුමින් පැසුනාවූ, කුණුවූ ඩහදිය ගලන්නාවූ ස්ත්‍රියක (ප්‍රේතියක) දැක්කෙමි. ඇය බැගෑපත් හඬ නැඟුවාය. ‘ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය’ ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි.’ මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය, කියායි.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක.
“මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ ස්ත්‍රිය මුලදීම මා විසින් දක්නා ලද්දේවිය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නො අදහන්නාහු නම් එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.
“මහණෙනි, මේ ස්ත්‍රිය කළිඟු රජුගේ අගමෙහෙසිය වූවාය. ඕ ඊර්ෂ්‍යාවෙන් සතුරු ස්ත්‍රියකට අඟුරුකබලෙන් (ගැසීය.) ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලබන්නියයි” වදාළසේක.
(පස්වෙනි ඕකිළිනි සූත්‍රය නිමි.)
|
6. අසීසකසුත්තං | 6. සීසච්ඡින්ත සූත්‍රය |
217
‘‘ඉධාහං, ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං අසීසකං කබන්ධං
(කවන්ධං (සී. පී.)) වෙහාසං ගච්ඡන්තං. තස්ස උරෙ අක්ඛීනි චෙව හොන්ති මුඛඤ්ච. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති විරාජෙන්ති. සො සුදං අට්ටස්සරං කරොති...පෙ.... එසො, භික්ඛවෙ, සත්තො ඉමස්මිංයෙව රාජගහෙ හාරිකො නාම චොරඝාතකො අහොසි...පෙ..... ඡට්ඨං.
|
217
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එ සමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර, සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණස්ථවිරයන්හට මෙය කීයේය.
“ඇවැත් ලක්ඛණය, යමු. රජගහ නුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබ වහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද, රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක වැඩ හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ, මම අහසින් ගමන් කරන්නාවූ, හිස නැත්තාවූ ශරීරයක් (ප්‍රේතයෙක්) දැක්කෙමි. ඔහුගේ ඇස් සහ කටද පපුවෙහි වෙති. යක්ෂ ගිජුලිහිණියෝද යක්ෂ කවුඩෝද යක්ෂ උකුස්සෝද එළව එළවා ඒ මොහුගේ හිස නැත්තාවූ ශරීරය උදුරා දමති. විනාශ කරති. හෙතෙම බැගෑපත් හඬ නඟයි. ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි.” ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක.
“මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නාලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.”
“මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම හාරිත නම් චෝරඝාතකයෙක් විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.”
(හයවෙනි සීසච්ඡින්ත සූත්‍රය නිමි.)
|
7. පාපභික්ඛුසුත්තං | 7. භික්ඛු සූත්‍රය |
218
‘‘ඉධාහං
|
218
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම, පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණස්ථවිරයන් හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී, සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර හට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබ වහන්සේ) සිනා පහළකිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත්, ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි.” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක වැඩ හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන් කරන්නාවූ මහණ ප්‍රේතයෙකු දැක්කෙමි. ඒ මහණහුගේ දෙපොට සිවුරද ගින්නෙන් ඇවිළුණේය. දිලිසුනේය, දැල්වුනේය, පාත්‍රයද ගින්නෙන් ඇවිළුණේය. දිළිසුනේය, දැල්වුනේය, පටියද ඇවිලුනේය, දිලිසුනේය, දැල්වුනේය, කයද ඇවිලුනේය දිළිසුනේය. දැල්වුනේය. හෙතෙම බැගෑපත් හඬ නඟයි.”
‘ඇවැත ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ, අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථා කළ සේක.
“මහණෙනි, යම්හෙයකින් වනාහි ශ්‍රාවකයෙක් තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්‍රාවකයෝ වාසය කෙරෙයි. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණස, දුක් පිණිස වන්නේය.
“මහණෙනි, මේ මහණතෙම කස්සප සම්මාසම්බුදුන්ගේ ශාසනයෙහි පාප භික්ෂුවක් විය. ඒ මහණතෙම ඒ කර්මයාගේම විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක් බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේ ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
(සත්වෙනි භික්ඛු සූත්‍රය නිමි.)
|
8. පාපභික්ඛුනීසුත්තං | 8. භික්ඛුණී සූත්‍රය |
219
‘‘අද්දසං
|
219
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිර තෙමේද, ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්හට මෙය කීයේය.
“ඇවැත් ලක්ඛණය, යමු රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි කියායි. ඇවැත, එසේයයි කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?’
“ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද, රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක වැඩහුන්නාහුය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ, එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කෙළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම, අහසින් ගමන් කරන්නාවූ මෙහෙණ (ප්‍රේතියක්) දැක්කෙමි. ඒ මෙහෙණිගේ දෙපොට සිවුරද ඇවිළුණේය දිළිසුණේය, දැල් වුණේය. පාත්‍රයද ඇවිළුණේය, දිළිසුණේය, දැල්වුණේය, පටියද ඇවිළුණේය, දිළිසුණේය, දැල්වුණේය කයද ඇවිළුණේය, දිළිසුණේය, දැල්වුණේය. ඈ බැගෑපත් හඬ නැගුවාය. ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි.”
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක. මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක් තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ මෙහෙණිය මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.”
“මහණෙනි, ඇය කස්සප සම්මා සම්බුදුන්ගේ ශාසනයෙහි පාප භික්ෂූණියක් වූවාය. ඕතොමෝ ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලබන්නීයයි” වදාළසේක.
(අටවෙනි භික්ඛුණී සූත්‍රය නිමි.)
|
9. පාපසික්ඛමානසුත්තං | 9. සික්ඛමානා සූත්‍රය |
220
‘‘අද්දසං
|
220
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙමේද, ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍රසිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්හට මෙය කීයේය.
“ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. ‘ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ඔබවහන්සේ සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද, රජගහනුවර පිඩු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුණාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක වැඩහුන්නාහුය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ, එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කෙළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත, ගිජඣකූට පර්වතයෙන් බසින්නාවූ මම, අහසින් ගමන් කරන්නාවූ සික්ඛමානා (ප්‍රේතියක්) දැක්කෙමි. ඒ සික්ඛමානාවගේ දෙපොට සිවුරද ඇවිළුණේය, දිළිසුණේය, දැල්වුණේය, පාත්‍රයද ඇවිළුණේය, දිළිසුණේය දැල්වුණේය. පටියද ඇවිළුණේය, දිළිසුණේය දැල්වුණේය. කයද ඇවිළුණේය, දිළිසුණේය, දැල්වුණේය. ඒ සික්ඛමානාව බැගෑපත් හඬ නැගුවාය. ඇවත ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ, අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳු ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය.’
ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකළ සේක. මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක් තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඕ තොමෝ මුලදීම මා විසින් දක්නාලද්දේවිය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම්, එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.
“මහණෙනි, ඕතොමෝ කස්සප සම්මා සම්බුදුන්ගේ ශාසනයෙහි පාප සික්ඛමානාවක් වූවාය. ඕතොමෝ ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලබන්නීයයි” වදාළසේක.
(නවවෙනි සික්ඛමානා සූත්‍රය නිමි.)
|
10. පාපසාමණෙරසුත්තං | 10. සාමණේර සූත්‍රය |
221
‘‘අද්දසං සාමණෙරං වෙහාසං ගච්ඡන්තං. තස්ස සඞ්ඝාටිපි ආදිත්තා...පෙ.... පාපසාමණෙරො අහොසි...පෙ..... දසමං.
|
221
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙමේද, ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්හට මෙය කීයේය.
“ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද, රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පහු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුණාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක වැඩහුන්නාහුය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ, එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කෙළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම, අහසින් ගමන් කරන්නාවූ සාමණේර (ප්‍රේතයෙකු) දැක්කෙමි. ඔහුගේ දෙපොට සිවුරද ඇවිළුණේය, දිළිසුණේය, දැල්වුණේය. පාත්‍රයද ඇවිළුණේය, දිළිසුණේය, දැල්වුණේය. පටියද ඇවිළුණේය, දැල්වුණේය. කයද ඇවිළුණේය, දැල්වුණේය. හෙතෙම බැගෑපත් හඬ නඟයි. ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි.”
ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක. “මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක් තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සාමණේරතෙම මුලදීම මාවිසින් දක්නාලද්දේ විය. එහෙත් මම එය ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.
“මහණෙනි, මේ සාමණේරතෙම කස්සප සම්මා සම්බුදුන්ගේ ශාසනයෙහි පාප සාමණේරයෙක් විය. ඒ සාමණේරතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
(දසවෙනි සාමණේර සූත්‍රය නිමි.)
|
11. පාපසාමණෙරීසුත්තං | 11. සාමණේරී සූත්‍රය |
222
‘‘ඉධාහං, ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං සාමණෙරිං වෙහාසං ගච්ඡන්තිං. තස්සා සඞ්ඝාටිපි ආදිත්තා සම්පජ්ජලිතා සජොතිභූතා, පත්තොපි ආදිත්තො සම්පජ්ජලිතො
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘චක්ඛුභූතා වත, භික්ඛවෙ, සාවකා විහරන්ති; ඤාණභූතා වත, භික්ඛවෙ, සාවකා විහරන්ති, යත්ර හි නාම සාවකො එවරූපං ඤස්සති වා දක්ඛති වා සක්ඛිං වා කරිස්සති. පුබ්බෙව
|
222
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරතෙමේද, ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්හට මෙය කීයේය.
“ඇවැත් ලක්ඛණය, යමු රජගහනුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්තෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද, රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන් කරන්නාවූ, සාමණේරී ප්‍රේතියක් දැක්කෙමි. ඇයගේ දෙපොට සිවුරද ඇවිළුණේය, දිළිසුණේය, දැල්වුණේය, පාත්‍රයද ඇවිළුණේය, දිළිසුණේය, දැල්වුණේය, පටියද ඇවිළුණේය, දිළිසුණේය, දැල්වුණේය, කයද ඇවිළුණේය, දිළිසුණේය. දැල්වුණේය. ඕතොමෝ බැගෑපත් හඬ නැඟුවාය. ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්ම භාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකළ සේක.
“මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සාමණේරිය මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේය.”
“මහණෙනි, ඕතොමෝ කස්සප සම්මා සම්බුදුන්ගේ ශාසනයෙහි පාප සාමණේරියක් වූවාය. ඕතොමෝ ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්ම භාවයක් ලැබීම විඳිනු ලබන්නීයයි” වදාළසේක.
(එකොළොස්වෙනි සාමණේරී සූත්‍රය නිමි.)
|