ත්‍රිපිටකය
7. රාහුලසංයුත්තං 7. රාහුල සංයුත්තය
1. පඨමවග්ගො 1. පළමුවන වර්ගය
1. චක්ඛුසුත්තං 1. චක්ඛු සූත්‍රය
2. රූපසුත්තං 2. රූප සූත්‍රය
3. විඤ්ඤාණසුත්තං 3. විඤ්ඤාණ සූත්‍රය
4. සම්ඵස්සසුත්තං 4. සම්ඵස්ස සූත්‍රය
5. වෙදනාසුත්තං 5. වේදනා සූත්‍රය
6. සඤ්ඤාසුත්තං 6. සඤ්ඤා සූත්‍රය
7. සඤ්චෙතනාසුත්තං 7. සඤ්චෙතනා සූත්‍රය
8. තණ්හාසුත්තං 8. තණ්හා සූත්‍රය
9. ධාතුසුත්තං 9. ධාතු සූත්‍රය
10. ඛන්ධසුත්තං 10. ඛන්ධ සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවැනි වර්ගය
1. චක්ඛුසුත්තං 1. චක්ඛු සූත්‍රය
2-10. රූපාදිසුත්තනවකං 2-10. රූප ආදී වූ සූත්‍ර නවය
11. අනුසයසුත්තං 11. අනුසය සූත්‍රය
200
සාවත්ථියං විහරති. අථ ඛො ආයස්මා රාහුලො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාහුලො භගවන්තං එතදවොච - ‘‘කථං නු ඛො, භන්තෙ, ජානතො කථං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහඞ්කාරමමඞ්කාරමානානුසයා න හොන්තී’’ති? ‘‘යං කිඤ්චි, රාහුල, රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යා කාචි වෙදනා...පෙ.... යා කාචි සඤ්ඤා... යෙ කෙචි සඞ්ඛාරා... යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. එවං ඛො, රාහුල, ජානතො එවං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහඞ්කාරමමඞ්කාරමානානුසයා න හොන්තී’’ති. එකාදසමං.
200
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
ඉක්බිති ආයුෂ්මත් රාහුලතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් රාහුලතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, කෙසේ දන්නහුට, කෙසේ දක්නහුට වනාහි මේ විඤ්ඤාණය සහිත කයෙහිද, බාහිරවූ සවිඤ්ඤාණක සහ අවිඤ්ඤාණක යන සියලු නිමිතිවලද, මමයයි ගන්නා දෘෂ්ටියද මාගේයයි ගන්නා තණ්හාවද මානානුශයද ඇති නොවෙත්ද?”
“රාහුලය, අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතවූද, අනාගතවූදත වර්තමානවූද යම්කිසි රූපයක් වේද, (ඒ) සියලු රූපය ‘මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය ඇති පරිදි විදර්ශනා ප්‍රඥාවෙන් සහ මාර්ග ප්‍රඥාවෙන් මනාකොට දකියිද,
“අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි වේදනාවක් වේද, (ඒ) සියලු වේදනාව මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය ඇති පරිදි විදර්ශනා ප්‍රඥාවෙන් හා මාර්ග ප්‍රඥාවෙන් මනාකොට දකියි.
“අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි සංඥාවක් වේද, (ඒ) සියලු සංඥාව මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය ඇති පරිදි විදර්ශනා ප්‍රඥාවෙන් හා මාර්ග ප්‍රඥාවෙන් මනාකොට දකියි.
“අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි සංස්කාරයක් වේද, (ඒ) සියලු සංස්කාර මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය ඇති පරිදි විදර්ශනා ප්‍රඥාවෙන් හා මාර්ග ප්‍රඥාවෙන් මනාකොට දකියි.
“අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි විඤ්ඤාණයක් වේද, (ඒ) සියලු විඤ්ඤාණය මෙය මාගේ නොවේය. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය ඇති පරිදි විදර්ශනා ප්‍රඥාවෙන් හා මාර්ග ප්‍රඥාවෙන් මනාකොට දකියි.
“රාහුලය, මෙසේ දන්නහුට, මෙසේ දක්නහුට වනාහි මේ විඤ්ඤාණය සහිත කයෙහිද, බාහිරවූ, සවිඤ්ඤාණක සහ අවිඤ්ඤාණක යන සියලු නිමිතිවලද, මමයයි ගන්නා තණ්හාවත් මානානුශයත් ඇති නොවෙති.”
(එකොළොස්වෙනි අනුශය සූත්‍රය නිමි.)
12. අපගතසුත්තං 12. අපගත සූත්‍රය