ත්‍රිපිටකය
6. ලාභසක්කාරසංයුත්තං 6. ලාභසක්කාර සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්ගය
1. දාරුණසුත්තං 1. දාරුණ සූත්‍රය
2. බළිසසුත්තං 2. බාළිස සූත්‍රය
3. කුම්මසුත්තං 3. කුම්ම සූත්‍රය
4. දීඝලොමිකසුත්තං 4. දීඝ ලෝමී සූත්‍රය
5. මීළ්හකසුත්තං 5. පුනේළක සූත්‍රය
161
සාවත්ථියං විහරති...පෙ.... ‘‘දාරුණො, භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො...පෙ.... අධිගමාය. සෙය්‍යථාපි, භික්ඛවෙ, මීළ්හකා ගූථාදී ගූථපූරා පුණ්ණා ගූථස්ස. පුරතො චස්ස මහාගූථපුඤ්ජො. සා තෙන අඤ්ඤා මීළ්හකා අතිමඤ්ඤෙය්‍ය - ‘අහම්හි ගූථාදී ගූථපූරා පුණ්ණා ගූථස්ස, පුරතො ච ම්‍යායං මහාගූථපුඤ්ජො’ති. එවමෙව ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු ලාභසක්කාරසිලොකෙන අභිභූතො පරියාදිණ්ණචිත්තො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති. සො තත්ථ භුත්තාවී ච හොති යාවදත්ථො, නිමන්තිතො ච ස්වාතනාය, පිණ්ඩපාතො චස්ස පූරො. සො ආරාමං ගන්ත්වා භික්ඛුගණස්ස මජ්ඣෙ විකත්ථති - ‘භුත්තාවී චම්හි යාවදත්ථො, නිමන්තිතො චම්හි ස්වාතනාය, පිණ්ඩපාතො ච ම්‍යායං පූරො, ලාභී චම්හි චීවර-පිණ්ඩපාත-සෙනාසන-ගිලානප්පච්චය-භෙසජ්ජපරික්ඛාරානං, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අප්පපුඤ්ඤා අප්පෙසක්ඛා න ලාභිනො චීවර-පිණ්ඩපාතසෙනාසන-ගිලානප්පච්චය-භෙසජ්ජ-පරික්ඛාරාන’න්ති. සො තෙන ලාභසක්කාරසිලොකෙන අභිභූතො පරියාදිණ්ණචිත්තො අඤ්ඤෙ පෙසලෙ භික්ඛූ අතිමඤ්ඤති. තඤ්හි තස්ස, භික්ඛවෙ , මොඝපුරිසස්ස හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. එවං දාරුණො ඛො, භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො...පෙ.... එවඤ්හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බ’’න්ති. පඤ්චමං.
161
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි, වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
‘මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, යම්සේ වනාහි අසූචි අනුභව කරන්නාවූ, අභ්‍යන්තරයෙහි අසූචි පිරුණාවූ, ගූථයෙන් පිරුණාවූ, අසූචියෙහි ජීවත්වන පණුවෙක් උගේ ඉදිරියෙහිද මහත්වූ අසූචි ගොඩක් වෙයි. ඒ අසූචි අනුභව කොට ජීවත්වෙන පණුවා මම වනාහි අසූචි අනුභව කරන්නෙක්මි. අභ්‍යන්තරයෙහි අසූචියෙන් පිරුණෙක්මි. ගූථයෙන් පිරුණේ වෙමි. මාගේ ඉදිරියෙහිද මේ මහත්වූ අසූචි ගොඩක් ඇත්තේයයි කියමින් අනෙක් පණුවන් පහත් කොට හඟියි.
“මහණෙනි, එසේම වනාහි මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලද්දේ විනාශ කළ කුසල් සිත් ඇත්තේ පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පොරවා පාත්‍රය ගෙන කුඩා ගමකට හෝ මහා ගමකට හෝ පිඬු පිණිස යන්නේය. හෙතෙම එහිදී ඇතිතාක් වළඳන ලද්දේද වෙයි. හෙට පිණිස ආරාධනා කරන ලද්දේදවෙයි. ඔහුගේ පාත්‍රයද පිරුණේ වෙයි. හෙතෙම ආරාමයට ගොස්, භික්ෂු සංඝයා මැද පුරසාරම් දොඩයි. (කෙසේද?) ‘ඇතිතාක් වැළඳුයේ වෙමි. හෙට දවස පිණිසද ආරාධනා කරනු ලැබුයේ වෙමි. මාගේ මේ පාත්‍රයද පිරුණේ වෙයි. මම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර ලබන්නෙක් වෙමි. මේ අන්‍ය භික්ෂූහු වනාහි ස්වල්ප පින් ඇත්තෝය. අල්පෙශාක්‍යයෝය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකරද නොලබන්නෝය’ කියායි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලද්දේ විනාශ කරන ලද කුසල් සිත් ඇත්තේ අන්‍යවූ සිල්වත් භික්ෂූන් පහත්කොට හඟියි.
“මහණෙනි, එය වනාහි ඒ මෝඩ පුරුෂයාට දීර්ඝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස හේතුවෙයි. මහණෙකි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල්සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
(පස්වෙනි පුනේළක සූත්‍රය නිමි.)
6. අසනිසුත්තං 6. අසනි සූත්‍රය
7. දිද්ධසුත්තං 7. දිද්ධ සූත්‍රය
8. සිඞ්ගාලසුත්තං 8. සිගාල සූත්‍රය
9. වෙරම්භසුත්තං 9. වේරම්බ සූත්‍රය
10. සගාථකසුත්තං 10. සගාථ සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවැනි වර්ගය
1. සුවණ්ණපාතිසුත්තං 1. පාති සූත්‍රය
2. රූපියපාතිසුත්තං 2. පාති සූත්‍රය
3-10. සුවණ්ණනික්ඛසුත්තාදිඅට්ඨකං 3-10. සුවණ්ණ නික්ඛ සූත්‍රය ආදී වූ අට
3. තතියවග්ගො 3. තුන්වැනි වර්ගය
1. මාතුගාමසුත්තං 1. මාතුගාම සූත්‍රය
2. කල්‍යාණීසුත්තං 2. කල්‍යාණි සූත්‍රය
3. එකපුත්තකසුත්තං 3. පුත්‍ර සූත්‍රය
4. එකධීතුසුත්තං 4. ධීතු සූත්‍රය
5. සමණබ්‍රාහ්මණසුත්තං 5. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
6. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 6. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
7. තතියසමණබ්‍රාහ්මණසුත්තං 7. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
8. ඡවිසුත්තං 8. ඡවි සූත්‍රය
9. රජ්ජුසුත්තං 9. රජ්ජු සූත්‍රය
10. භික්ඛුසුත්තං 10. භික්ඛු සූත්‍රය
4. චතුත්ථවග්ගො 4. සතරවැනි වර්ගය
1. භින්දිසුත්තං 1. භින්දි සූත්‍රය
2. කුසලමූලසුත්තං 2. මූල සූත්‍රය
3. කුසලධම්මසුත්තං 3. ධම්ම සූත්‍රය
4. සුක්කධම්මසුත්තං 4. සුක්ක සූත්‍රය
5. අචිරපක්කන්තසුත්තං 5. පක්කන්ත සූත්‍රය
6. පඤ්චරථසතසුත්තං 6. රථ සූත්‍රය
7. මාතුසුත්තං 7. මාතු සූත්‍රය
8-13. පිතුසුත්තාදිඡක්කං 8-13. පිතු සූත්‍රය ආදී වූ හය