ත්‍රිපිටකය
6. ලාභසක්කාරසංයුත්තං 6. ලාභසක්කාර සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්ගය
1. දාරුණසුත්තං 1. දාරුණ සූත්‍රය
2. බළිසසුත්තං 2. බාළිස සූත්‍රය
158
සාවත්ථියං විහරති...පෙ.... ‘‘දාරුණො, භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො කටුකො ඵරුසො අන්තරායිකො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය. සෙය්‍යථාපි, භික්ඛවෙ, බාළිසිකො ආමිසගතං බළිසං ගම්භීරෙ උදකරහදෙ පක්ඛිපෙය්‍ය. තමෙනං අඤ්ඤතරො ආමිසචක්ඛු මච්ඡො ගිලෙය්‍ය. එවඤ්හි සො, භික්ඛවෙ, මච්ඡො ගිලබළිසො බාළිසිකස්ස අනයං ආපන්නො බ්‍යසනං ආපන්නො යථාකාමකරණීයො බාළිසිකස්ස’’.
‘‘බාළිසිකොති ඛො, භික්ඛවෙ, මාරස්සෙතං පාපිමතො අධිවචනං. බළිසන්ති ඛො, භික්ඛවෙ , ලාභසක්කාරසිලොකස්සෙතං අධිවචනං. යො හි කොචි , භික්ඛවෙ, භික්ඛු උප්පන්නං ලාභසක්කාරසිලොකං අස්සාදෙති නිකාමෙති, අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු ගිලබළිසො මාරස්ස අනයං ආපන්නො බ්‍යසනං ආපන්නො යථාකාමකරණීයො පාපිමතො. එවං දාරුණො ඛො, භික්ඛවෙ , ලාභසක්කාරසිලොකො කටුකො ඵරුසො අන්තරායිකො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය. තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම, න ච නො උප්පන්නො ලාභසක්කාරසිලොකො චිත්තං පරියාදාය ඨස්සතී’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බ’’න්ති. දුතියං.
158
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබොධයට අනතුරු වන්නේය. මහණෙනි, යම්සේ වනාහි බිලීබාන්නෙක් ඇම ඇමිණූ බිලිය ගැඹුරුවූ, මහමුහුදෙහි දමන්නේවේද, ඒ බිලිය එක්තරා ඇම දුටු මාලුවෙක් ගිලින්නේය. මහණෙනි, මෙසේ වනාහි ඒ බිලී බාන්නාගේ බිලිය ගිලු මාලුවා දුකට විනාශයට පැමිණියේ බිලී බාන්නාට කැමැත්තක් කළ හැකිවෙයි.
“මහණෙනි, බිලීබාන්නා යන මේ වචනය වනාහි පවිටුවූ, මාරයාහට කියන නාමයකි. මහණෙනි, බිළිය යන මේ වචනය ලාභ සත්කාර ස්තුති ප්‍රශංසාවන්ට කියන නාමයකි. මහණෙනි, යම්කිසි මහණෙක් තෙම වනාහි උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා රස විඳියිද, ආශා කෙරෙයිද? මහණෙනි, මේ මහණ තෙම මාරයාගේ බිළිය ගිලින ලද්දේ දුකට පැමිණියේයයි කියාද, විනාශයට පැමිණියේයයි කියාද, මාරයාහට කැමැත්තක් කළ හැකි වූයේයයි කියාද කියනු ලැබේ. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ නික්මිය යුතු වන්නේය. (කෙසේද?) උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි, මහණෙනි. තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(දෙවෙනි බාළිස සූත්‍රය නිමි.)
3. කුම්මසුත්තං 3. කුම්ම සූත්‍රය
4. දීඝලොමිකසුත්තං 4. දීඝ ලෝමී සූත්‍රය
5. මීළ්හකසුත්තං 5. පුනේළක සූත්‍රය
6. අසනිසුත්තං 6. අසනි සූත්‍රය
7. දිද්ධසුත්තං 7. දිද්ධ සූත්‍රය
8. සිඞ්ගාලසුත්තං 8. සිගාල සූත්‍රය
9. වෙරම්භසුත්තං 9. වේරම්බ සූත්‍රය
10. සගාථකසුත්තං 10. සගාථ සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවැනි වර්ගය
1. සුවණ්ණපාතිසුත්තං 1. පාති සූත්‍රය
2. රූපියපාතිසුත්තං 2. පාති සූත්‍රය
3-10. සුවණ්ණනික්ඛසුත්තාදිඅට්ඨකං 3-10. සුවණ්ණ නික්ඛ සූත්‍රය ආදී වූ අට
3. තතියවග්ගො 3. තුන්වැනි වර්ගය
1. මාතුගාමසුත්තං 1. මාතුගාම සූත්‍රය
2. කල්‍යාණීසුත්තං 2. කල්‍යාණි සූත්‍රය
3. එකපුත්තකසුත්තං 3. පුත්‍ර සූත්‍රය
4. එකධීතුසුත්තං 4. ධීතු සූත්‍රය
5. සමණබ්‍රාහ්මණසුත්තං 5. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
6. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 6. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
7. තතියසමණබ්‍රාහ්මණසුත්තං 7. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
8. ඡවිසුත්තං 8. ඡවි සූත්‍රය
9. රජ්ජුසුත්තං 9. රජ්ජු සූත්‍රය
10. භික්ඛුසුත්තං 10. භික්ඛු සූත්‍රය
4. චතුත්ථවග්ගො 4. සතරවැනි වර්ගය
1. භින්දිසුත්තං 1. භින්දි සූත්‍රය
2. කුසලමූලසුත්තං 2. මූල සූත්‍රය
3. කුසලධම්මසුත්තං 3. ධම්ම සූත්‍රය
4. සුක්කධම්මසුත්තං 4. සුක්ක සූත්‍රය
5. අචිරපක්කන්තසුත්තං 5. පක්කන්ත සූත්‍රය
6. පඤ්චරථසතසුත්තං 6. රථ සූත්‍රය
7. මාතුසුත්තං 7. මාතු සූත්‍රය
8-13. පිතුසුත්තාදිඡක්කං 8-13. පිතු සූත්‍රය ආදී වූ හය