ත්‍රිපිටකය
6. ලාභසක්කාරසංයුත්තං 6. ලාභසක්කාර සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්ගය
1. දාරුණසුත්තං 1. දාරුණ සූත්‍රය
2. බළිසසුත්තං 2. බාළිස සූත්‍රය
3. කුම්මසුත්තං 3. කුම්ම සූත්‍රය
4. දීඝලොමිකසුත්තං 4. දීඝ ලෝමී සූත්‍රය
5. මීළ්හකසුත්තං 5. පුනේළක සූත්‍රය
6. අසනිසුත්තං 6. අසනි සූත්‍රය
7. දිද්ධසුත්තං 7. දිද්ධ සූත්‍රය
8. සිඞ්ගාලසුත්තං 8. සිගාල සූත්‍රය
9. වෙරම්භසුත්තං 9. වේරම්බ සූත්‍රය
165
සාවත්ථියං විහරති...පෙ.... ‘‘දාරුණො, භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො...පෙ.... අධිගමාය. උපරි, භික්ඛවෙ, ආකාසෙ වෙරම්භා (වෙරම්බා (සී. පී.)) නාම වාතා වායන්ති. තත්ථ යො පක්ඛී ගච්ඡති තමෙනං වෙරම්භා වාතා ඛිපන්ති. තස්ස වෙරම්භවාතක්ඛිත්තස්ස අඤ්ඤෙනෙව පාදා ගච්ඡන්ති, අඤ්ඤෙන පක්ඛා ගච්ඡන්ති, අඤ්ඤෙන සීසං ගච්ඡති, අඤ්ඤෙන කායො ගච්ඡති. එවමෙව ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු ලාභසක්කාරසිලොකෙන අභිභූතො පරියාදිණ්ණචිත්තො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අරක්ඛිතෙන චිත්තෙන, අනුපට්ඨිතාය සතියා, අසංවුතෙහි ඉන්ද්‍රියෙහි. සො තත්ථ පස්සති මාතුගාමං දුන්නිවත්ථං වා දුප්පාරුතං වා. තස්ස මාතුගාමං දිස්වා දුන්නිවත්ථං වා දුප්පාරුතං වා රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන චිත්තෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. තස්ස අඤ්ඤෙ චීවරං හරන්ති, අඤ්ඤෙ පත්තං හරන්ති, අඤ්ඤෙ නිසීදනං හරන්ති, අඤ්ඤෙ සූචිඝරං හරන්ති, වෙරම්භවාතක්ඛිත්තස්සෙව සකුණස්ස. එවං දාරුණො ඛො, භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො...පෙ.... එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බ’’න්ති. නවමං.
165
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
“මහණෙනි, ඉහළ ආකාශයෙහි “වේරම්බ” නම් වාතයෝ හමත්. ඒ ඉහළ ආකාශයෙහි යම් පක්ෂියෙක් යයිද, ඔහු මේ “වේරම්බ” වාතයෝ වීසි කෙරෙති. “වේරම්බ” වාතයෙන් විසිකරන ලද ඒ පක්ෂියාගේ පාදයෝ අන් දිසාවකට යෙති. පියාපත් අන් දිශාවකට යෙති. හිස අන් දිශාවකට යයි. කය අන් දිසාවකට යයි.
“මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලද්දේ විනාශ කරන ලද කුසල් සිත් ඇත්තේ පෙරවරු (උදේ) කාලයෙහි හැඳ පාත්‍ර සිවුරු ගෙන, නොරක්නා ලද්දාවූම කයින්ද, නොරක්නා ලද වචනයෙන්ද, නොරක්නා ලද සිතින්ද, එළඹ නොසිටියාවූ, සිහියෙන්ද, සංවර නොකරන ලද ඉන්ද්‍රියයන්ගෙන්ද, යුක්තව ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස පිවිසෙයි. ඒ මහණතෙම එහිදී නපුරු කොට හඳින ලද හෝ නපුරුකොට පොරොවන ලද හෝ ස්ත්‍රියක් දකියි. නපුරු කොට අඳින ලද හෝ නපුරු කොට පොරොවන ලද හෝ ස්ත්‍රියක් දුටු ඔහුගේ සිත රාගය තෙමේ විනාශ කරයි. හෙතෙම රාගයෙන් විනාශකළ සිත හේතුකොට ගෙන ශික්ෂාව ප්‍රතික්ෂෙප කොට ගිහිවෙයි. “වෙරම්බ” වාතයෙන් විසිකරන ලද පක්ෂියාගේ මෙන් ඒ ඔහුගේ සිවුරු අන් කෙනෙක් ගෙන යත්. අන් කෙනෙක් පාත්‍රය ගෙන යත්. අන් කෙනෙක් නිසීදනය (හිඳිනාකඩ) ගෙන යත්. අන් කෙනෙක් ඉදිකටු ගුලාව ගෙන යත්.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබොධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
(නවවෙනි වේරම්බ සූත්‍රය නිමි.)
10. සගාථකසුත්තං 10. සගාථ සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවැනි වර්ගය
1. සුවණ්ණපාතිසුත්තං 1. පාති සූත්‍රය
2. රූපියපාතිසුත්තං 2. පාති සූත්‍රය
3-10. සුවණ්ණනික්ඛසුත්තාදිඅට්ඨකං 3-10. සුවණ්ණ නික්ඛ සූත්‍රය ආදී වූ අට
3. තතියවග්ගො 3. තුන්වැනි වර්ගය
1. මාතුගාමසුත්තං 1. මාතුගාම සූත්‍රය
2. කල්‍යාණීසුත්තං 2. කල්‍යාණි සූත්‍රය
3. එකපුත්තකසුත්තං 3. පුත්‍ර සූත්‍රය
4. එකධීතුසුත්තං 4. ධීතු සූත්‍රය
5. සමණබ්‍රාහ්මණසුත්තං 5. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
6. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 6. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
7. තතියසමණබ්‍රාහ්මණසුත්තං 7. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
8. ඡවිසුත්තං 8. ඡවි සූත්‍රය
9. රජ්ජුසුත්තං 9. රජ්ජු සූත්‍රය
10. භික්ඛුසුත්තං 10. භික්ඛු සූත්‍රය
4. චතුත්ථවග්ගො 4. සතරවැනි වර්ගය
1. භින්දිසුත්තං 1. භින්දි සූත්‍රය
2. කුසලමූලසුත්තං 2. මූල සූත්‍රය
3. කුසලධම්මසුත්තං 3. ධම්ම සූත්‍රය
4. සුක්කධම්මසුත්තං 4. සුක්ක සූත්‍රය
5. අචිරපක්කන්තසුත්තං 5. පක්කන්ත සූත්‍රය
6. පඤ්චරථසතසුත්තං 6. රථ සූත්‍රය
7. මාතුසුත්තං 7. මාතු සූත්‍රය
8-13. පිතුසුත්තාදිඡක්කං 8-13. පිතු සූත්‍රය ආදී වූ හය