5. කස්සපසංයුත්තං | 5. කස්සප සංයුත්තය |
1. සන්තුට්ඨසුත්තං | 1. සන්තුට්ඨි සූත්‍රය |
144
සාවත්ථියං
‘‘සන්තුට්ඨායං, භික්ඛවෙ, කස්සපො ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී; න ච පිණ්ඩපාතහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති; අලද්ධා ච පිණ්ඩපාතං න පරිතස්සති; ලද්ධා ච පිණ්ඩපාතං අගධිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති.
‘‘සන්තුට්ඨායං, භික්ඛවෙ, කස්සපො ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී; න ච සෙනාසනහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති; අලද්ධා ච සෙනාසනං න පරිතස්සති; ලද්ධා ච සෙනාසනං අගධිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති.
‘‘සන්තුට්ඨායං, භික්ඛවෙ, කස්සපො ඉතරීතරෙන ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන, ඉතරීතරගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරසන්තුට්ඨියා ච වණ්ණවාදී; න ච ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති; අලද්ධා ච ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං න පරිතස්සති; ලද්ධා ච ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං අගධිතො අමුච්ඡිතො
‘‘තස්මාතිහ
‘‘‘සන්තුට්ඨා
|
144
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මහා කස්සපතෙමේ ලැබුණු යම් කිසි සිවුරකින් සතුටු වන්නෙක්ව ලැබුණු යම්කිසි සිවුරකින් සතුටු වීමෙහි ගුණ කියන්නේද වෙයි. සිවුරු උදෙසා නුසුදුසුවූ සිවුරු සැපයීමට නොබසී, සිවුරු නොලැබීම හේතු කොට ගෙන නොතැවෙයි. ලැබුවාවූද, සිවුරු තෘෂ්ණාවෙන් නොබැඳී මූර්ඡා නොවී තෘෂ්ණාවට යට නොවී ආදීනව දකිමින් සසරින් නික්මෙත්, නුවණින් යුක්තව පරිභොග කරයි.
“මහණෙනි, ලැබෙන යම්කිසි පිණ්ඩපාතයෙන්ද සතුටුවූ මේ මහා කස්සපතෙම (එහි) ගුණ කියන්නේ වෙයි. පිණ්ඩපාත හේතුවෙන් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීමකට නොපැමිණෙයි. නොලද්දාවූ, පිණ්ඩපාතය ගැන නොතැවෙයි, ලද්දාවූ පිණ්ඩපාතය ගැන පහවූ ලෝභ ඇත්තේ, අධික තණ්හාවෙන් මුළා නොවූයේ, තණ්හාවෙන් යට නොවූයේ ආදීනව (දොස්) දක්නේ, සසරින් එතරවීමේ නුවණින් යුක්ත වූයේ වළඳයි. (පරිභෝග කෙරෙයි.)
“මහණෙනි, ලැබෙන යම්කිසි සේනාසනයෙන්ද, සතුටුවූ, මේ මහා කස්සපතෙම (එහි) ගුණ කියන්නේ වෙයි. සේනාසන හේතුවෙන් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීමකට නොපැමිණෙයි. නොලද්දාවූ සේනාසන ගැන නොතැවෙයි. ලද්දාවූ සේනාසන ගැන පහවූ ලෝභ ඇත්තේ, අධික තණ්හාවෙන් මුළා නොවූයේ, තණ්හාවෙන් යට නොවූයේ ආදීනව (දොස්) දක්නේ, සසරින් එතර වීමේ නුවණින් යුක්තවූයේ වළඳයි. (පරිභෝග කෙරෙයි.)
“මහණෙනි, ලැබෙන යම්කිසි ගිලන්පස බෙහෙත් පිරිකරයෙන්ද, සතුටුවූ, මේ මහා කස්සපතෙම (එහි) ගුණ කියන්නේ වෙයි. ගිලන්පස බෙහෙත් පිරිකර හේතුවෙන් නුසුදුසුවූ, අයොග්‍ය සෙවීමකට නොපැමිණෙයි. නොලද්දාවූ, ගිලන්පස බෙහෙත් පිරිකර ගැන නොතැවෙයි. ලද්දාවූ, ගිලන්පස බෙහෙත් පිරිකර ගැන පහවූ ලෝභ ඇත්තේ, අධික තණ්හාවෙන් මුළා නොවූයේ, තණ්හාවෙන් යට නොවූයේ ආදීනව (දොස්) දක්නේ, සසරින් එතර වීමේ නුවණින් යුක්තවූයේ වළඳයි. (පරිභෝග කෙරෙයි.)
“මහණෙනි, එනිසා මෙහිදී, මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ලැබුණු යම් ඒ සිවුරකින් සතුටු වන්නෙමු. ලැබුණු යම් ඒ සිවුරකින් සතුටුවීමෙහි ගුණ කියන්නෝ වෙමු. සිවුරු නිසා නුසුදුසුවූ, නුසුදුසු සෙවීමකට නොපැමිණෙන්නෙමු සිවුරු නොලැබීම හේතුකොටගෙන නොතැවෙන්නෙමු. සිවුරු ලැබීම නිසා තණ්හාවෙන් නොබැඳී මුර්ඡා නොවී නොගිලී ආදීනව දකිමින් සසරින් එතරවන නුවණින් යුක්තව පරිභෝග කරන්නෙමු. ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් ලැබෙන යම්කිසි පිණ්ඩපාතයකින් සතුටු වූවෝ, (එහි) ගුණ කියන්නෝ වෙමු. පිණ්ඩපාත හේතුවෙන් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීමකට නොපැමිණෙන්නෙමු. නොලද්දාවූ, පිණ්ඩපාතය ගැණ නොතැවෙන්නෙමු. ලද්දාවූ පිණ්ඩපාතයෙහි පහවූ ලෝභ ඇත්තෝ, අධිකවූ තණ්හාවෙන් මුළා නොවූවෝ, තණ්හාවෙන් යට නොවූවෝ ආදීනව (දොස්) දක්නෝ, එතර වීමේ නුවණින් යුක්තවූවෝ පරිභෝග කරන්නෙමු. (වළඳින්නෙමු.)
“මහණෙනි, ලැබුණු යම්කිසි සේනාසනයකින් සතුටු වූවෝ, (එහි) ගුණ කියන්නෝ වෙමු. සේනාසන හේතුවෙන් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීමකට නොපැමිණෙන්නෙමු. නොලද්දාවූ, සේනාසනය ගැණ නොතැවෙන්නෙමු. ලද්දාවූ සේනාසනයෙහි පහවූ ලෝභ ඇත්තෝ, අධිකවූ තණ්හාවෙන් මුළා නොවූවෝ, තණ්හාවෙන් යට නොවූවෝ ආදීනව (දොස්) දක්නෝ, එතරවීමේ නුවණින් යුක්තවූවෝ පරිභෝග කරන්නෙමු. (වළඳන්නෙමු.)
“මහණෙනි, ලැබුණු යම්කිසි ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වූවෝ, (එහි) ගුණ කියන්නෝවෙමු. ගිලන්පස බෙහෙත් පිරිකර හේතුවෙන් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීමකට නොපැමිණෙන්නෙමු. නොලද්දාවූ, ගිලන්පස බෙහෙත් පිරිකර ගැණ නොතැවෙන්නෙමු. ලද්දාවූ ගිලන්පස බෙහෙත් පිරිකරයෙහි පහවූ ලෝභ ඇත්තෝ, අධිකවූ තණ්හාවෙන් මුළා නොවූවෝ, තණ්හාවෙන් යට නොවූවෝ ආදීනව (දොස්) දක්නෝ, එතරවීමේ නුවණින් යුක්තවූවෝ පරිභෝග කරන්නෙමු. (වළඳන්නෙමු.)
“මහණෙනි, මෙසේ වනාහි හික්මිය යුතුයි. මහණෙනි, (මම) ඒ නුඹලාට කස්සපයන් හා සමාන වීම පිණිස අවවාද කරන්නෙමි. යමෙක් වනාහි කස්සපයන් හා සමානවේද, අවවාද කරන ලද්දාවූ තොප විසිනුදු එසේ වීම සඳහා පිළිපැදිය යුතුයි.
(පළමුවෙනි සන්තුට්ඨි සූත්‍රය නිමි.)
|
2. අනොත්තප්පීසුත්තං | 2. අනොත්තාපී සූත්‍රය |
145
එවං මෙ සුතං - එකං සමයං ආයස්මා ච මහාකස්සපො ආයස්මා ච සාරිපුත්තො බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ
‘‘කිත්තාවතා නු ඛො, ආවුසො, අනාතාපී හොති අනොත්තප්පී අභබ්බො සම්බොධාය අභබ්බො නිබ්බානාය අභබ්බො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය; කිත්තාවතා ච පනාවුසො, ආතාපී
‘‘කථඤ්චාවුසො, අනොත්තප්පී හොති? ඉධාවුසො, භික්ඛු ‘අනුප්පන්නා මෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජමානා අනත්ථාය සංවත්තෙය්යු’න්ති න ඔත්තප්පති, ‘උප්පන්නා මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීයමානා අනත්ථාය සංවත්තෙය්යු’න්ති න ඔත්තප්පති, ‘අනුප්පන්නා මෙ කුසලා ධම්මානුප්පජ්ජමානා අනත්ථාය සංවත්තෙය්යු’න්ති න ඔත්තප්පති, ‘උප්පන්නා මෙ කුසලා ධම්මා නිරුජ්ඣමානා අනත්ථාය සංවත්තෙය්යු’න්ති න ඔත්තප්පති. එවං
‘‘කථඤ්චාවුසො, ආතාපී හොති? ඉධාවුසො, භික්ඛු ‘අනුප්පන්නා මෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජමානා අනත්ථාය සංවත්තෙය්යු’න්ති ආතප්පං කරොති, ‘උප්පන්නා මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීයමානා අනත්ථාය සංවත්තෙය්යු’න්ති ආතප්පං කරොති, අනුප්පන්නා මෙ කුසලා ධම්මා...පෙ.... ආතප්පං කරොති. එවං ඛො, ආවුසො, ආතාපී හොති.
‘‘කථඤ්චාවුසො, ඔත්තප්පී හොති? ඉධාවුසො, භික්ඛු ‘අනුප්පන්නා
|
145
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේද, බරණැස් නුවර ‘මිගදාය’ නම් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේකස්ථානයෙන් නැගී ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් හා සමග සතුටු වූයේය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය.
“ඇවැත් කස්සපයිනි, කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්තේ, පාපයට භය නැත්තේ, ධර්මාවබෝධය පිණිස සුදුසු නොවෙයි. නිර්වාණය පිණිස සුදුසු නොවෙයි. අති උතුම් රහත් බව ලැබීම පිණිස සුදුසු නොවෙයි. කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, පාපයට භය ඇත්තේ, ධර්මාවබෝධය පිණිස සුදුසුවෙයි. නිර්වාණය පිණිස සුදුසු වෙයි. අති උතුම් රහත් බව ලැබීම පිණිස සුදුසුවේයයි කියනු ලැබේ.
“ඇවැත්නි, කොපමණකින් වනාහි කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්තේ, පාපයට බිය නැත්තේ ධර්මාවබෝධය පිණිස සුදුසු නොවන්නේ, නිවන් ලැබීම පිණිස සුදුසු නොවන්නේ, අති උතුම් රහත්බව ලැබීම පිණිස සුදුසු නොවන්නේ වේද? ඇවැත්නි, කොපමණකින් වනාහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ පාපයට භය ඇත්තේ, ධර්මාවබෝධය පිණිස සුදුසු වන්නේ, නිවන් ලැබීමට සුදුසු වන්නේ, අති උතුම් රහත් බව ලැබීම පිණිස සුදුසු වන්නේ වේද?
“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම මා හට නූපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ උපදින්නාවූ අනර්ථය පිණිස පවතින්නාහුයයි. වීර්‍ය්‍යය නොකෙරෙයිද, මාහට උපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ ප්‍රහීණ නොවන්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි, වීර්‍ය්‍යය නො කෙරෙයිද “මට නූපන්නාවූ, කුශල ධර්මයෝ නූපදින්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි, වීර්‍ය්‍යය නොකෙරෙයිද, මට උපන්නාවූ, කුසල ධර්මයෝ නිරුද්ධ (නැති) වන්නාහු, අනර්ථය පිණිස පවත්නාහුයයි. වීර්‍ය්‍යය නොකෙරෙයිද, ඇවැත්නි, මෙසේ වනාහි කෙලෙස් තවන වීර්‍ය්‍යය නොකරන්නේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් භය නැත්තේ වේද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම මට නූපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ උපදින්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි, භය නොවෙයිද? මට උපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ ප්‍රහීණ නොවන්නාහු, අනර්ථය පිණිස පවත්නාහුයයි භය නොවෙයිද මට නූපන්නාවූ කුශලධර්‍මයෝ නූපදින්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි භය නොවෙයිද? ‘මට උපන්නාවූ, කුශල ධර්මයෝ නිරුද්ධ (නැති) වන්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි. භය නොවෙයිද ඇවැත්නි, මෙසේ වනාහි භය නැත්තේ වෙයි. ඇවැත්නි, මෙසේ වනාහි කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්තාවූ, භය නැත්තාවූ මහණතෙමේ ධර්මාවබෝධය පිණිස සුදුසු නොවන්නේය. නිවන් ලැබීම පිණිස සුදුසු නොවන්නේය. අති උතුම් රහත් බව ලැබීම පිණිස සුදුසු නොවන්නේය.
“ඇවැත්නි, කෙසේ නම් කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ වේද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම ‘මට නූපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ උපදින්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි වීර්‍ය්‍යය කෙරෙයිද, ‘මට උපන්නාවූ ලාමකවූ, අකුශල ධර්මයෝ ප්‍රහීණ නොවන්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි, වීර්‍ය්‍යය කෙරෙයිද, මට නූපන්නාවූ, කුශලධර්‍මයෝ නූපදින්නාහු අනර්ථය පිණිස පවතින්නාහුයයි වීර්‍ය්‍යය කෙරෙයිද මට උපන්නාවූ, කුශල ධර්මයෝ නිරුද්ධ (නැති) වන්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි. වීර්‍ය්‍යය කෙරෙයිද ඇවැත්නි, මෙසේ වනාහි කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ වෙයි.
“ඇවැත්නි, කෙසේ නම් භය ඇත්තේ වේද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම ‘මට නූපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ උපදින්නාහු අනර්ථය පිණිස පවතින්නාහුයයි භය වෙයිද, ‘මට උපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ ප්‍රහීණ නොවන්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි, භය වෙයිද මට නූපන්නාවූ, කුශල ධර්මයෝ නූපදින්නාහු අනර්ථය පිණිස පවතින්නාහුයයි භය වෙයිද ‘මට උපන්නාවූ, කුශල ධර්මයෝ නිරුද්ධ (නැති) වන්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි’ භය වෙයිද. ඇවැත්නි, මෙසේ වනාහි භය ඇත්තේ වෙයි. ඇවැත්නි, මෙසේ වනාහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ පව්කිරීමට භය ඇත්තේ ධර්මාවබෝධය පිණිස සුදුසුවූයේ නිර්වාණය පිණිස සුදුසු වූයේ අති උතුම් රහත් බව ලැබීමට සුදුසු වූයේ වෙයි.
(දෙවෙනි අනොත්තාපී සූත්‍රය නිමි.)
|
3. චන්දූපමසුත්තං | 3. චන්දූපමා සූත්‍රය |
146
සාවත්ථියං
‘‘කස්සපො, භික්ඛවෙ, චන්දූපමො කුලානි උපසඞ්කමති - අපකස්සෙව කායං, අපකස්ස චිත්තං, නිච්චනවකො කුලෙසු අප්පගබ්භො. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කථංරූපො භික්ඛු අරහති කුලානි උපසඞ්කමිතු’’න්ති? ‘‘භගවංමූලකා නො, භන්තෙ, ධම්මා භගවංනෙත්තිකා භගවංපටිසරණා. සාධු වත, භන්තෙ, භගවන්තංයෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’’ති.
අථ ඛො
‘‘කස්සපස්ස, භික්ඛවෙ, කුලානි උපසඞ්කමතො කුලෙසු චිත්තං න සජ්ජති න ගය්හති න බජ්ඣති - ‘ලභන්තු ලාභකාමා, පුඤ්ඤකාමා කරොන්තු පුඤ්ඤානී’ති; යථාසකෙන ලාභෙන අත්තමනො හොති සුමනො; එවං පරෙසං ලාභෙන අත්තමනො හොති සුමනො.
‘‘තං
‘‘යො හි කොචි, භික්ඛවෙ, භික්ඛු එවංචිත්තො පරෙසං ධම්මං දෙසෙති - ‘අහො වත මෙ ධම්මං සුණෙය්යුං, සුත්වා ච පන ධම්මං පසීදෙය්යුං, පසන්නා ච
‘‘යො ච ඛො, භික්ඛවෙ, භික්ඛු එවංචිත්තො පරෙසං ධම්මං දෙසෙති - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති
(විඤ්ඤූහි (?)). අහො, වත මෙ ධම්මං සුණෙය්යුං, සුත්වා ච පන ධම්මං ආජානෙය්යුං, ආජානිත්වා ච පන තථත්තාය පටිපජ්ජෙය්යු’න්ති. ඉති ධම්මසුධම්මතං පටිච්ච පරෙසං ධම්මං දෙසෙති, කාරුඤ්ඤං පටිච්ච අනුද්දයං
(අනුදයං (බහූසු) ද්විත්තකාරණං පන ගවෙසිතබ්බං) පටිච්ච අනුකම්පං උපාදාය පරෙසං ධම්මං දෙසෙති. එවරූපස්ස ඛො, භික්ඛවෙ, භික්ඛුනො පරිසුද්ධා ධම්මදෙසනා හොති.
‘‘කස්සපො, භික්ඛවෙ, එවංචිත්තො පරෙසං ධම්මං දෙසෙති - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. අහො, වත
|
146
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, කයින්ද ඈත්ව සිතින්ද ඈත්ව කුලයන්හි නිතර අලුත් කෙනෙක්ව, හැඩි දැඩි පැවතුම් නැතිව චන්ද්‍රයා හා සමානව කුලයන් කරා එළඹෙව්. (පැමිණෙව්.) මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් තෙම කයින්ද ඈත්ව සිතින්ද ඈත්ව ගරාවැටුණ ළිඳක් හෝ ප්රපාතයක් හෝ ඉවුර සිඳීගිය ගඟක් හෝ බලන්නේ වේද, මහණෙනි, එසේම කයද ඈත් කොට සිතද ඈත් කොට කුලයන්හි නිතර අලුත් කෙනෙක්ව, හැඩි දැඩි පැවතුම් නැතිව චන්ද්‍රයා හා සමානව කුලයන් කරා එළඹෙව්. මහණෙනි, කස්සප තෙම කයද ඈත්කොට සිතද ඈත්කොට කුලයන්හි නිතර අලුත් කෙනෙකු මෙන් හැඩි දැඩි පැවතුම් නැතිව චන්ද්‍රයා හා සමානව කුලයන් කරා එළඹෙයි. (පැමිණෙයි.)
“මහණෙනි, කුමක් සිතන්නහුද? කෙබඳු මහණ තෙමේ කුලයන් කරා එළඹෙන්නට සුදුසු වෙයිද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තෝය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තෝය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ වචනයාගේ අර්ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහේ නම් ඒ මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුයයි.” (කීවාහුය.) ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අහසෙහි අත්ල සෙලවූසේක. “මහණෙනි, යම්සේ මේ අත්ල අහසෙහි නොරඳාද, අල්ලා නොගනීද, නොබැඳේද, මහණෙනි, මෙසේම කුලයන්ට එළඹෙන යම්කිසි භික්ෂුවකගේ සිත කුලයන්හි නොරඳයිද, අල්ලා නොගනියිද, නොබැඳෙයිද, ‘ලාභ කැමැත්තෝ ලාභ ලබත්වා, පින් කැමැත්තෝ පින් කෙරෙත්වායි,’ තමහට ලැබෙන දෙයින් සතුටු වන්නේද, එසේම අනුන්ගේ ලාභය ගැන සතුටු වන්නේද, මහණෙනි, එවැනි මහණ තෙමේ කුලයන් කරා එළඹෙන්නට සුදුසු වන්නේයි. මහණෙනි, කුලයන් කරා එළඹුනාවූ, කස්සපගේ සිත කුලයන්හි නොරැඳෙයි. අල්ලා නොගනියි. නොබැඳෙයි. ‘ලාභ කැමැත්තෝ ලාභ ලබත්වා, පින් කැමැත්තෝ පින් කෙරෙත්වායි’ තමහට ලැබෙන ලාභයෙන් සතුටු වෙයි. එසේ අනුන්ට ලැබෙන ලාභයෙන් සතුටු වෙයි. මහණෙනි, එවැනිවූ භික්ෂුතෙමේ කුලයන් කරා එළඹෙන්නට සුදුසු වෙයි.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? කෙබඳු ස්වභාව ඇත්තාවූ භික්ෂුවගේ ධර්මදේශනාව පිරිසිදු නොවේද? කෙබඳු ස්වභාව ඇත්තාවූ භික්ෂුවගේ ධර්මදේශනාව පිරිසිදු වේද?” “ස්වාමීනි, අපගේ ධර්මයෝ භග්‍යවතුන්වහන්සේ මුල්කොට ඇත්තෝය. භග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තෝය. භග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තෝය. ස්වාමීනි, මේ වචනයේ අදහස භාග්‍යවතුන් වහන්සේම කියා දෙන සේක් නම් (භාග්‍යවතුන් වහන්සේටම වැටහෙනසේක් නම්) ඉතා හොඳයයි” කීවාහුය. “මහණෙනි, එසේ වීනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි” වදාළසේක. “එසේය ස්වාමීනියි,” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“මහණෙනි, යම්කිසි මහණෙක් තෙම මෙවැනි සිතින් යුක්තව අනුන්ට ධර්මය දේශනා කෙරේද? (කෙසේද?) ‘මොවුහු මාගේ ධර්මය අසත් නම්, යෙහෙකි. අසා ධර්මයෙහි පැහැදෙත් නම් යෙහෙකි, පැහැදී මට පැහැදුනු ආකාරයක් කෙරෙත් නම් ඉතා හොඳය’ කියායි. මහණෙනි, මෙවැනි භික්ෂුවගේ ධර්මදේශනාව අපිරිසිදු වෙයි. මහණෙනි, යම්කිසි මහණෙක් තෙම මෙවැනි සිතින් යුක්තව අනුන්ට ධර්මය දේශනා කෙරේද? (කෙසේද?) භාග්‍යවතුන් වහන්සේ විසින් (මේ) ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. තමා විසින්ම දැක්ක යුත්තේය. කල් නොගොසින්ම විපාක දෙන්නේය. එව, බලවයි කීමට සුදුසුය. තමාගේ සන්තානයෙහි එළවා ගැනීමට හෙවත් තම තමන් විසින්ම එළඹීමට සුදුසුය. නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුත්තේය. මොවුහු මාගේ ධර්මය අසත් නම්, අසා ධර්මය දැනගනිත් නම්, දැන ගෙන, ඒ අයුරු පිළිපදිත් නම් ඉතා හොඳය කියායි. මෙසේ ධර්මයෙහි යහපත් බව කරුණු කොට අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. කරුණාව නිසා අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. දයාව නිසා අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. අනුකම්පාව උපදවා අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. මහණෙනි, මෙවැනි භික්ෂුවගේ ධර්ම දේශනාව පිරිසිදු වෙයි.
“මහණෙනි, කස්සපතෙම මෙවැනි සිත් ඇත්තේ අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. (කෙසේද?) භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. තමා විසින්ම දැක්ක යුත්තේය. කල් නොගොසින්ම විපාක දෙන්නේය. එව, බලවයි කීමට සුදුසුය. තමාගේ සන්තානයෙහි එළවා ගැනීමට හෙවත් තම තමන් විසින්ම එළඹීමට සුදුසුය. නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුත්තේය. මොවුහු ධර්මය අසත් නම්, අසා ධර්මය දැන ගනිත් නම්, දැනගෙන, ඒ අයුරු පිළිපදිත් නම් හොඳය කියායි, මෙසේ ධර්මයෙහිවූ, යහපත් බව නිසා අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. කරුණාව නිසා අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. දයාව නිසා අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. අනුකම්පාව උපදවා අනුන්ට ධර්මය දේශනා කෙරෙයි. මහණෙනි, (මම) තොපට කස්සපයන් හා සමාන වීමට අවවාද කරන්නෙමි. යමෙක් කස්සපයන් හා සමාන වන්නේද, අවවාද කරන ලද්දාවූ තොප විසින් එසේ වනු සඳහා පිළිපැදිය යුත්තේය.
(තුන්වෙනි චන්දූපමා සූත්‍රය නිමි.)
|
4. කුලූපකසුත්තං | 4. කුලුපග සූත්‍රය |
147
සාවත්ථියං විහරති...පෙ.... ‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කථංරූපො භික්ඛු
‘‘යො
‘‘යො ච ඛො, භික්ඛවෙ, භික්ඛු එවංචිත්තො කුලානි උපසඞ්කමති - ‘තං කුතෙත්ථ ලබ්භා පරකුලෙසු - දෙන්තුයෙව මෙ, මා නාදංසු; බහුකඤ්ඤෙව මෙ දෙන්තු, මා ථොකං; පණීතඤ්ඤෙව මෙ දෙන්තු, මා ලූඛං; දීඝඤ්ඤෙව මෙ දෙන්තු, මා දන්ධං; සක්කච්චඤ්ඤෙව මෙ දෙන්තු, මා අසක්කච්ච’න්ති. තස්ස චෙ, භික්ඛවෙ, භික්ඛුනො එවංචිත්තස්ස කුලානි උපසඞ්කමතො න දෙන්ති; තෙන භික්ඛු න සන්දීයති; සො න තතොනිදානං දුක්ඛං දොමනස්සං
‘‘කස්සපො, භික්ඛවෙ, එවංචිත්තො කුලානි උපසඞ්කමති - ‘තං කුතෙත්ථ ලබ්භා පරකුලෙසු - දෙන්තුයෙව මෙ, මා නාදංසු; බහුකඤ්ඤෙව මෙ දෙන්තු, මා ථොකං; පණීතඤ්ඤෙව මෙ දෙන්තු, මා ලූඛං; සීඝඤ්ඤෙව මෙ දෙන්තු, මා දන්ධං; සක්කච්චඤ්ඤෙව මෙ දෙන්තු, මා අසක්කච්ච’න්ති. තස්ස චෙ, භික්ඛවෙ, කස්සපස්ස එවංචිත්තස්ස කුලානි උපසඞ්කමතො න දෙන්ති; තෙන කස්සපො න සන්දීයති; සො න තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති. ථොකං දෙන්ති, නො බහුකං; තෙන කස්සපො න සන්දීයති; සො න තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති. ලූඛං දෙන්ති
|
147
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, කුමක් සිතන්නහුද? කෙබඳු භික්ෂුවක් කුල ගෙවලට එළඹෙන්නට සුදුසු වේද? කෙබඳු භික්ෂුවක් කුල ගෙවලට එළඹෙන්නට නුසුදුසු වේද?” “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ පමුණු වන්නා කොට ඇත්තෝය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තෝය. ස්වාමීනි, මේ වචනයේ අදහස භාග්‍යවතුන් වහන්සේම කියා දෙන සේක්නම් (භාග්‍යවතුන් වහන්සේටම වැටහෙන සේක් නම්) ඉතා හොඳයයි” කීවාහුය. “මහණෙනි, එසේ වීනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි” වදාළසේක. “එසේය ස්වාමීනි,” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“මහණෙනි, මෙවැනි සිත් ඇත්තාවූ යම්කිසි මහණෙක් තෙම වනාහි කුලගෙවලට එළඹෙයිද, (කෙබඳු සිත් ඇත්තාවූදයත්) ‘මටම දෙත්වා නොදීම නොකෙරෙත්වා. මට බොහෝ කොටම දෙත්වා. ස්වල්පකොට නොදෙත්වා. මට ප්‍රණීත කොටම දෙත්වා. අප්‍රණීත කොට නො දෙත්වා. මට ඉක්මන් කොටම දෙත්වා. ප්‍රමාදකොට නොදෙත්වා. මට සකස්කොටම දෙත්වා. සකස් නොකොට නොදෙත්වා.
“මහණෙනි, ඒ මෙවැනි සිත් ඇත්තාවූ, කුලගෙවලට එළඹෙන්නාවූ මහණහට, ඉදින් නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත්වෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳියි. ස්වල්පයක් දෙත්ද, බොහෝකොට නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත්වෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳියි. අප්‍රණීත කොට දෙත්ද, ප්‍රණීත කොට නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත්වෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳියි. ප්‍රමාදව දෙත්ද, ශීඝ්‍රව නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත්වෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳියි. සකස් නොකොට දෙත්ද, සකස්කොට නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත්වෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳියි. මහණෙනි, මෙවැනි භික්ෂුව වනාහි කුලගෙවලට එළඹීමට සුදුසු නොවෙයි.
5 “මහණෙනි, මෙබඳු සිත් ඇත්තාවූ, යම්කිසි මහණෙක් තෙම වනාහි කුල ගෙවලට එළඹෙයිද, (කෙබඳු සිත් ඇත්තාවූදයත්) මටම දෙත්වා. නොදීම නොකෙරෙත්වා. මට බොහෝකොටම දෙත්වා. ස්වල්පකොට නොදෙත්වා, මට ප්රණීතකොටම දෙත්වා. අප්රණීතකොට නොදෙත්වා. මට ඉක්මන්කොටම දෙත්වා. ප්‍රමාදකොට නොදෙත්වා. මට සකස්කොටම දෙත්වා. සකස් නොකොට නොදෙත්වා යන මෙය අන්‍ය කුල ගෙවලින් කෙසේ ලබන්නාහුද කියායි. මහණෙනි, ඒ එවැනි සිත් ඇත්තාවූ, කුලගෙවලට එළඹෙන්නාවූ, මහණහට ඉදින් නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. ස්වල්පයක් දෙත්ද, බොහෝකොට නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. අප්‍රණීත කොට නොදෙත්ද, ඒ හේතුවෙන් මහණ තෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. ප්‍රමාදව දෙත්ද, සීඝ්‍රව නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. සකස් නොකොට දෙත්ද, සකස් කොට නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. මහණෙනි, මෙවැනි භික්ෂුව වනාහි කුල ගෙවලට එළඹෙන්නට සුදුසු වෙයි.
“මහණෙනි, කස්සපතෙම මෙවැනි සිත් ඇත්තේ කුල ගෙවලට එළඹෙයි. (කෙසේ සිත් ඇත්තේද යත්:-) මටම දෙත්වා. නොදීම නොකෙරෙත්වා. මට බොහෝ කොටම දෙත්වා. ස්වල්පකොට නොදෙත්වා. මට ප්‍රණීත කොටම දෙත්වා. අප්‍රණීත කොට නොදෙත්වා. මට ඉක්මන් කොටම දෙත්වා. ප්‍රමාදකොට නොදෙත්වා. මට සකස් කොටම දෙත්වා. සකස් නොකොට නොදෙත්වා යන මෙය අන්‍යවූ කුල ගෙවලින් කෙසේ ලබන්නාහුද’ කියායි. මහණෙනි, ඒ මෙවැනි සිත් ඇතිව, කුල ගෙවලට එළඹෙන්නාවූ, කස්සප හට ඉදින් නොදෙත්ද, ඒ හේතුවෙන් කස්සපතෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. ස්වල්පයක් දෙත්ද, බොහෝකොට නොදෙත්ද, ඒ හේතුවෙන් කාශ්‍යපතෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. අප්‍රණීත කොට දෙත්ද, ප්රණීතකොට නොදෙත්ද, ඒ හේතුවෙන් කස්සපතෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. ප්‍රමාදව දෙත්ද, ශීඝ්‍රව නොදෙත්ද, ඒ හේතුවෙන් කස්සප තෙම පීඩාවට පත් නොවෙයි., හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. සකස් නොකොට දෙත්ද, සකස් කොට නොදෙත්ද, ඒ හේතුවෙන් කස්සප තෙම පීඩාවට පත් නොවෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි. මහණෙනි, ඒ කස්සප හා සමාන වීමට (මම) තොපට අවවාද කරන්නෙමි. යමෙක් කස්සප හා සමාන වූයේද අවවාද කරන ලද්දාවූ තොප විසින් එසේ වනු සඳහා පිළිපැදිය යුතුයි.
(හතරවෙනි කුලුපග සූත්‍රය නිමි.)
|
5. ජිණ්ණසුත්තං | 5. ජිණ්ණ සූත්‍රය |
148
එවං
‘‘අහං ඛො, භන්තෙ, දීඝරත්තං ආරඤ්ඤිකො චෙව ආරඤ්ඤිකත්තස්ස ච වණ්ණවාදී, පිණ්ඩපාතිකො චෙව පිණ්ඩපාතිකත්තස්ස ච වණ්ණවාදී, පංසුකූලිකො චෙව පංසුකූලිකත්තස්ස ච වණ්ණවාදී, තෙචීවරිකො චෙව තෙචීවරිකත්තස්ස ච වණ්ණවාදී, අප්පිච්ඡො චෙව අප්පිච්ඡතාය ච වණ්ණවාදී, සන්තුට්ඨො චෙව සන්තුට්ඨියා ච වණ්ණවාදී, පවිවිත්තො චෙව පවිවෙකස්ස ච වණ්ණවාදී, අසංසට්ඨො චෙව අසංසග්ගස්ස ච වණ්ණවාදී, ආරද්ධවීරියො චෙව වීරියාරම්භස්ස
(වීරියාරබ්භස්ස (ක.)) ච වණ්ණවාදී’’ති.
‘‘කිං
(කං (ක.)) පන ත්වං, කස්සප, අත්ථවසං සම්පස්සමානො දීඝරත්තං ආරඤ්ඤිකො චෙව ආරඤ්ඤිකත්තස්ස ච වණ්ණවාදී, පිණ්ඩපාතිකො චෙව...පෙ.... පංසුකූලිකො චෙව... තෙචීවරිකො චෙව... අප්පිච්ඡො චෙව... සන්තුට්ඨො චෙව... පවිවිත්තො චෙව... අසංසට්ඨො චෙව... ආරද්ධවීරියො චෙව වීරියාරම්භස්ස ච වණ්ණවාදී’’ති?
‘‘ද්වෙ
‘‘ඉමෙ ඛ්වාහං, භන්තෙ, ද්වෙ අත්ථවසෙ සම්පස්සමානො දීඝරත්තං ආරඤ්ඤිකො චෙව ආරඤ්ඤිකත්තස්ස ච වණ්ණවාදී, පිණ්ඩපාතිකො චෙව...පෙ.... පංසුකූලිකො චෙව... තෙචීවරිකො චෙව... අප්පිච්ඡො චෙව... සන්තුට්ඨො චෙව... පවිවිත්තො චෙව... අසංසට්ඨො චෙව... ආරද්ධවීරියො චෙව වීරියාරම්භස්ස ච වණ්ණවාදී’’ති.
‘‘සාධු සාධු, කස්සප. බහුජනහිතාය කිර ත්වං, කස්සප, පටිපන්නො
|
148
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වේළුවනයෙහි (හුන වනයෙහි) වසන සේක.
ඉක්බිති ආයුෂ්මත් මහා කස්සපතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. “කස්සපය නුඹ දැන් මහළුවූයෙහිය. නුඹට මේ හණින් කළාවූ, පැරණිවූ පාංශුකූල සිවුරු බරවෙත්. කස්සපය, ඒ නිසා නුඹ ගෘහපතියන්ගේ සිවුරුද දරව. ආරාධනාකොට දෙන ලද බත්ද වළඳව. මාගේ සමීපයෙහිද වාසය කරව” කියායි.
“ස්වාමීනි, මම වනාහි බොහෝ කාලයක් මුළුල්ලෙහි ආරණ්‍යකද, ආරණ්‍යක භාවයෙහි ගුණ කියන්නේද වීමි. පිණ්ඩපාතිකද, පිණ්ඩපාතිකයෙහි ගුණ කියන්නේද වීමි. පාංසුකූලිකද, පාංසුකූලිකයෙහි ගුණ කියන්නේද වීමි. තේචීවරිකද, තේචීවරිකත්වයෙහි ගුණ කියන්නේද වූයෙමි. අල්පෙච්ඡද, අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. ලද දෙයින් සතුටු වූයේද, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේද වූයෙමි. අතිශය විවේකයෙන් යුක්තවූයේද, අතිශය විවේක ස්වභාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. බොහෝ දෙනා සමග හෝ ගැටුනේ බොහෝ දෙනා සමග නොගැටීමෙහි ගුණ කියන්නේද වූයෙමියි කීය.
“කස්සපය, නුඹ කිනම් අර්ථයක් දකිමින් දීර්ඝකාලයක් මුළුල්ලෙහි ආරණ්‍යකත්, ආරණ්‍යක භාවයෙහි ගුණ කියන්නේත් වූයෙහිද? පිණ්ඩපාතිකත්, පිණ්ඩපාතයෙහි ගුණ කියන්නේත් වූයෙහිද? පාංසුකූලිකත්, පාංසුකූලිකත්වයෙහි ගුණ කියන්නේත් වූයෙහිද? තේචීවරිකත්, තේචීවරිකත්වයෙහි ගුණ කියන්නේත් වූයෙහිද? අල්පෙච්ඡත්, අල්පෙච්ඡභාවයෙහි ගුණ කියන්නේත් වූයෙහිද? ලද දෙයින් සතුටු වූයේත්, ලද දෙයින් සතුටු වීමෙහි ගුණ කියන්නේත් වූයෙහිද? අතිශය විවේකයෙන් යුක්තවූයේත්, අතිශය විවේක ස්වභාවයෙහි ගුණ කියන්නේත් වූයෙහිද? නො ගැටුනේත්, නොගැටීමෙහි ගුණ කියන්නේත් වූයෙහිද? පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේත්, පටන් ගන්නා ලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නේත් වූයෙහිද?”
“ස්වාමීනි, මම වනාහි අර්ථ දෙකක් දකිමින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ආරණ්‍යකද, ආරණ්‍යක භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. පිණ්ඩපාතිකද, පිණ්ඩපාතයෙහි ගුණ කියන්නේද වූයෙමි. පාංසුකූලිකද, පාංසුකූලික භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. තේචීවරිකද, තේචිවරිකත්වයෙහි ගුණ කියන්නේද වූයෙමි. අල්පෙච්ඡද, අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. ලද දෙයින් සතුටු වූයේද, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේද වූයෙමි. අතිශය විවේක ස්වභාවයෙන් යුක්ත වූයේද, අතිශය විවේක ස්වභාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. නොගැටුනේද, නොගැටීමෙහි ගුණ කියන්නේද වූයෙමි. පටන් ගන්නා ලද, වීර්‍ය්‍යය ඇත්තේද, පටන් ගන්නා ලද, වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නේද වූයෙමි. තමාගේ මේ ආත්මභාවයෙහි සැපවිහරණය දකිමින්ද, අනාගත පරම්පරාවට අනුකම්පාකරමින්ද, අනාගත පරම්පරා තොමෝ දෘෂ්ට්යානුගතියට පැමිණෙන්නී නම් ඉතා හොඳය කියායි. යම් ඒ බුද්ධානු බුද්ධශ්‍රාවකයෝ වූවාහුද, ඔවුහු දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ආරණ්යකයෝද, ආරණ්‍යක භාවයේ ගුණ කියන්නෝද වූහ. පිණ්ඩපාතිකයෝදත පිණ්ඩපාතයෙහි ගුණ කියන්නෝද වූහ. පාංසුකූලිකයෝද පාංසුකූලික භාවයෙහි ගුණ කියන්නෝද වූහ. තේචීවරිකයෝද, තේචීවරිකත්වයෙහි ගුණ කියන්නෝද වූහ. අල්පෙච්ඡයෝද, අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නෝද වූහ. ලද දෙයින් සතුටු වූවෝද, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නෝද වූහ. අතිශය විවේක ස්වභාවයෙන් යුක්තවූවෝද, අතිශය විවේක ස්වභාවයෙහි ගුණ කියන්නෝද වූහ. නොගැටුනෝද, නොගැටීමෙහි ගුණ කියන්නෝද වූහ. පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තෝද, පටන් ගන්නා ලද, වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නෝද වූහ. ඒ බුද්ධානු බුද්ධ ශ්‍රාවකයෝ ඒ සඳහා පිළිපදින්නාහුය. ඒ බුද්ධානු බුද්ධ ශ්‍රාවකයන්ට ඒ පිළිපැදීම බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.
“ස්වාමීනි, මම වනාහි මේ අර්ථ දෙක දකිමින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ආරණ්‍යකද, ආරණ්‍යක භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. පිණ්ඩපාතිකද, පිණ්ඩපාතයෙහි ගුණ කියන්නේද වූයෙමි. පාංසුකූලිකද, පාංසුකූලිකත්වයෙහි ගුණ කියන්නේද වූයෙමි. තේචීවරිකද, තේචීවරිකත්වයෙහි ගුණ කියන්නේද වූයෙමි. අල්පෙච්ඡද, අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. ලද දෙයින් සතුටුවූයේද, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේද වූයෙමි. අතිශය විවේක ස්වභාවයෙන් යුක්තවූයේද, අතිශය විවේක ස්වභාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. නොගැටුනේද, නොගැටීමෙහි ගුණ කියන්නේද වූයෙමි. පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේද, පටන් ගන්නා ලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නේද වූයෙමි.” “යහපති, යහපති කස්සපය. කස්සපය, නුඹ වනාහි බොහෝදෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස, පිළිපන්නෙහිය. කස්සපය, එහෙයින් මෙහිදී නුඹ හණින් කළ දිරූ, පාංසුකූල චීවරද, දරව. පිණ්ඩපාතයෙහිද හැසිරෙව ආරණ්‍යයෙහිද වාසය කරවයි” (වදාළසේක.)
(පස්වෙනි ජිණ්ණ සූත්‍රය නිමි.)
|
6. ඔවාදසුත්තං | 6. ඕවාද සූත්‍රය |
149
රාජගහෙ වෙළුවනෙ. අථ ඛො ආයස්මා මහාකස්සපො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං මහාකස්සපං භගවා එතදවොච - ‘‘ඔවද, කස්සප, භික්ඛූ; කරොහි, කස්සප, භික්ඛූනං ධම්මිං කථං. අහං වා, කස්සප
‘‘දුබ්බචා
අථ
‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ භගවා එතදවොච - ‘‘සච්චං කිර තුම්හෙ, භික්ඛවෙ, අඤ්ඤමඤ්ඤං සුතෙන අච්චාවදථ - ‘එහි, භික්ඛු, කො බහුතරං භාසිස්සති, කො සුන්දරතරං භාසිස්සති, කො චිරතරං භාසිස්සතී’’’ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘කිං නු ඛො මෙ තුම්හෙ, භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ - ‘එථ තුම්හෙ, භික්ඛවෙ, අඤ්ඤමඤ්ඤං සුතෙන අච්චාවදථ - එහි, භික්ඛු, කො බහුතරං භාසිස්සති, කො සුන්දරතරං භාසිස්සති, කො චිරතරං භාසිස්සතී’’’ති? ‘‘නො
අථ ඛො තෙ භික්ඛූ භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොචුං - ‘‘අච්චයො නො, භන්තෙ, අච්චගමා, යථාබාලෙ යථාමූළ්හෙ යථාඅකුසලෙ
(යථා බාලෙ යථා මූළ්හෙ යථා අකුසලෙ (පී.), යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං (?)), යෙ මයං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා අඤ්ඤමඤ්ඤං සුතෙන අච්චාවදිම්හ - ‘එහි, භික්ඛු, කො බහුතරං භාසිස්සති
‘‘තග්ඝ තුම්හෙ, භික්ඛවෙ, අච්චයො අච්චගමා යථාබාලෙ යථාමූළ්හෙ යථාඅකුසලෙ, යෙ තුම්හෙ එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා අඤ්ඤමඤ්ඤං සුතෙන අච්චාවදිත්ථ - ‘එහි, භික්ඛු, කො බහුතරං භාසිස්සති, කො
|
149
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් ලත් වේළුවනයෙහි (හුනවනයෙහි) වාසය කරනසේක.
ඉක්බිති ආයුෂ්මත් මහා කස්සපතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“කස්සපය, භික්ෂූන්හට අවවාදකරව. කස්සපය, භික්ෂූන්හට ධර්මය දේශනා කරව. කස්සපය මම හෝ භික්ෂූන්හට අවවාද කරන්නෙමි. නුඹ හෝ කරව. මම හෝ භික්ෂූන්ට දැහැමි කථාවක් (ධර්මදේශනා) කරන්නෙමි. නුඹ හෝ කරවයි” කියායි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් භික්ෂූහු වනාහි දුර්වචවූවාහු (අවවාද කිරීමට අපහසුවූවෝව) දුර්වච බව ඇති කරන කරුණුවලින් යුක්තව අනුශාසනාව ගෞරවයෙන් නොපිළිගන්නෝව වෙසෙත්.
“ස්වාමීනි, මම මේ ශාසනයෙහි, ‘මහණ, එව. කවරෙක් ඉතා බොහෝකොට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා හොඳට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා වැඩි වේලා ධර්මදේශනා කරන්නේ දැයි?” කියා ශ්‍රැතයෙන් (උගත්කමින්) ඔවුනොවුන් අබිබවා (යටත්කොට) වාදකරන්නාවූ, ආනන්ද තෙරුන්ගේ ශිෂ්‍යයෙකුවූ “භණ්ඩු” නම් භික්ෂුවක්ද, අනුරුද්ධ තෙරුන්ගේ ශිෂ්‍යයෙකුවූ, “ආභිඤ්ජික” නම් භික්ෂුවක්ද දැක්කෙමියි කීය.
ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ වහා එක්තරා භික්ෂුවකට කථාකළසේක. “මහණ, නුඹ මෙහි එව. ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන්ලා කැඳවනසේකැයි, මාගේ වචනයෙන් ආනන්දයන්ගේ ශිෂ්‍ය “භණ්ඩු” නම් භික්ෂුවද, අනුරුද්ධයන්ගේ ශිෂ්‍ය “අභිඤ්ජික” නම් භික්ෂුවද කැඳවයි” වදාළසේක. “එසේය ස්වාමීනියි” කියා ඒ මහණ තෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට උත්තරදී, ඒ භික්ෂූන් යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ඒ භික්ෂූන්ට ‘ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන සේකැයි’ කීය. “ඇවැත්නි, එසේයයි” කියා ඒ භික්ෂූන් දෙනම ඒ භික්ෂුවට පිළිතුරුදී, භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ, ඒ භික්ෂූන්ට වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“මහණෙනි, තොපි වනාහි උගත්කමින් ඔවුනොවුන් අභිබවා වාදකරන්නාහුය යනු සැබෑද? (කෙසේද?) ‘මහණ එව කවරෙක් ඉතා බොහෝකොට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා හොඳට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා වැඩි කාලයක් ධර්මදේශනා කරන්නේද?’ කියායි.” “එසේය. ස්වාමීනි,” “මහණෙනි, කිමෙක්ද මා විසින් තොපට මෙසේ ධර්මය දේශනා කළබව දන්නහුද? ‘එව මහණෙනි, තොපි, උගත්කමින් ඔවුනොවුන් අභිබවා වාදකරව් (කෙසේද?) ‘එව මහණ, කවරෙක් ඉතා බොහෝකොට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා හොඳට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා වැඩිකාලයක් ධර්ම දේශනා කරන්නේද? කියායි.” “ස්වාමීනි, එසේ නොවේමය” “මහණෙනි, ඉඳින් තොපි (මා විසින්) මෙසේ ධර්මය දේශනාකළ බව නොදන්නාහු නම්, හිස් පුරුෂයිනි, තොපි කුමක් නිසා කුමක් දන්නාහු, කුමක් දක්නාහු, මෙසේ මනාකොට දේශනා කරනලද, ශාසනයෙහි (ධර්මවිනයෙහි) පැවිදිවූවාහු උගත්කමින් ඔවුනොවුන් අභිබවා වාදකරන්නහුද? (කෙසේද?) ‘එව මහණ, කවරෙක් ඉතා බොහෝකොට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා හොඳට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා වැඩිකාලයක් ධර්මදේශනා කරන්නේද?’ කියායි.”
ඉක්බිති, ඒ භික්ෂු දෙනම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා දෙක ළඟ හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය. “ස්වාමීනි, වරද, බාලයකුසේ, මුළාවූවෙකුසේ, අදක්ෂයකුසේ අප ඉක්මවා ගියේය. ඒ අපි මෙසේ මනාකොට දේශනා කරනලද, ශාසනයෙහි පැවිදිවූවාහු, උගත්කමින් ඔවුනොවුන් අභිබවා වාදකෙළෙමු. (කෙසේද?) ‘මහණ, එව. කවරෙක් ඉතා බොහෝකොට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා හොඳට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා වැඩිකාලයක් ධර්මදේශනා කරන්නේද?’ කියායි. ස්වාමීනි, මත්තෙහි සංවරය පිණිස භාග්‍යවතුන් වහන්සේ ඒ අපගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා.” “මහණෙනි, එසේනම් වරද, බාලයකුසේ, මුළාවූවකුසේ. අදක්ෂයකුසේ තොප ඉක්මවා ගියේය. ඒ තොපි මෙසේ මනාකොට දේශනා කරනලද, ශාසනයෙහි (ධර්මවිනයෙහි) පැවිදිවූවාහු, උගත්කමින් ඔවුනොවුන් අභිබවා (යටකොට) වාදකළාහුය (කෙසේද?) ‘මහණ, එව. කවරෙක් ඉතා බොහෝ කොට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා හොඳට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා වැඩි කාලයක් ධර්මදේශනා කරන්නේද?’ කියායි. මහණෙනි, යම්හෙයකින් වරද වරද වශයෙන් දැක, ධර්මානුකූලව පිළියම් කරව්ද, අපි තොපගේ ඒ වරද පිළිගනිමු. මහණෙනි, යමෙක් වරද වරද වශයෙන් දැක, ධර්මානුරූපව පිළියම් කෙරෙයිද, මත්තෙහි සංවරයෙහි පිහිටයිද, මෙය ආර්‍ය්‍ය විනයෙහි වැඩීම වන්නේය.
(හයවෙනි ඕවාද සූත්‍රය නිමි)
|
7. දුතියඔවාදසුත්තං | 7. ඕවාද සූත්‍රය |
150
රාජගහෙ විහරති වෙළුවනෙ
(සාවත්ථි, තත්ර-එතදවොච (සී.)). අථ ඛො ආයස්මා මහාකස්සපො යෙන භගවා තෙනුපසඞ්කමි...පෙ.... එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං මහාකස්සපං භගවා එතදවොච - ‘‘ඔවද, කස්සප, භික්ඛූ; කරොහි, කස්සප, භික්ඛූනං ධම්මිං කථං. අහං වා, කස්සප
‘‘දුබ්බචා ඛො, භන්තෙ, එතරහි භික්ඛූ, දොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතා අක්ඛමා අප්පදක්ඛිණග්ගාහිනො අනුසාසනිං. යස්ස කස්සචි, භන්තෙ, සද්ධා නත්ථි කුසලෙසු ධම්මෙසු, හිරී
(හිරි (සබ්බත්ථ)) නත්ථි කුසලෙසු ධම්මෙසු, ඔත්තප්පං නත්ථි කුසලෙසු ධම්මෙසු, වීරියං නත්ථි කුසලෙසු ධම්මෙසු, පඤ්ඤා නත්ථි කුසලෙසු ධම්මෙසු, තස්ස යා
‘‘සෙය්යථාපි, භන්තෙ, කාළපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හායතෙව වණ්ණෙන, හායති මණ්ඩලෙන, හායති ආභාය, හායති ආරොහපරිණාහෙන. එවමෙව ඛො, භන්තෙ, යස්ස කස්සචි සද්ධා නත්ථි කුසලෙසු ධම්මෙසු...පෙ.... හිරී නත්ථි... ඔත්තප්පං නත්ථි
‘‘‘අස්සද්ධො පුරිසපුග්ගලො’ති, භන්තෙ, පරිහානමෙතං; ‘අහිරිකො පුරිසපුග්ගලො’ති, භන්තෙ, පරිහානමෙතං; ‘අනොත්තප්පී පුරිසපුග්ගලො’ති, භන්තෙ, පරිහානමෙතං; ‘කුසීතො පුරිසපුග්ගලො’ති, භන්තෙ, පරිහානමෙතං; ‘දුප්පඤ්ඤො පුරිසපුග්ගලො’ති, භන්තෙ, පරිහානමෙතං; ‘කොධනො
‘‘යස්ස කස්සචි, භන්තෙ, සද්ධා අත්ථි කුසලෙසු ධම්මෙසු, හිරී අත්ථි කුසලෙසු ධම්මෙසු, ඔත්තප්පං අත්ථි කුසලෙසු ධම්මෙසු, වීරියං අත්ථි කුසලෙසු ධම්මෙසු, පඤ්ඤා අත්ථි කුසලෙසු ධම්මෙසු, තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි.
‘‘සෙය්යථාපි, භන්තෙ, ජුණ්හපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වඩ්ඪතෙව වණ්ණෙන, වඩ්ඪති මණ්ඩලෙන
‘‘‘සද්ධො පුරිසපුග්ගලො’ති, භන්තෙ, අපරිහානමෙතං; ‘හිරිමා පුරිසපුග්ගලො’ති, භන්තෙ, අපරිහානමෙතං; ‘ඔත්තප්පී පුරිසපුග්ගලො’ති, භන්තෙ, අපරිහානමෙතං; ‘ආරද්ධවීරියො පුරිසපුග්ගලො’ති, භන්තෙ, අපරිහානමෙතං; ‘පඤ්ඤවා පුරිසපුග්ගලො’ති, භන්තෙ, අපරිහානමෙතං; ‘අක්කොධනො පුරිසපුග්ගලො’ති, භන්තෙ, අපරිහානමෙතං; ‘අනුපනාහී පුරිසපුග්ගලො’ති, භන්තෙ, අපරිහානමෙතං; ‘සන්ති භික්ඛූ ඔවාදකා’ති, භන්තෙ, අපරිහානමෙත’’න්ති.
‘‘සාධු සාධු, කස්සප. යස්ස කස්සචි, කස්සප, සද්ධා නත්ථි කුසලෙසු ධම්මෙසු...පෙ.... හිරී
‘‘සෙය්යථාපි, කස්සප, කාළපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හායතෙව වණ්ණෙන...පෙ.... හායති ආරොහපරිණාහෙන. එවමෙව ඛො, කස්සප, යස්ස කස්සචි සද්ධා නත්ථි කුසලෙසු ධම්මෙසු...පෙ.... හිරී නත්ථි... ඔත්තප්පං නත්ථි... වීරියං නත්ථි... පඤ්ඤා නත්ථි කුසලෙසු ධම්මෙසු තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො වුද්ධි. ‘අස්සද්ධො
‘‘යස්ස කස්සචි, කස්සප, සද්ධා අත්ථි කුසලෙසු ධම්මෙසු...පෙ.... හිරී අත්ථි... ඔත්තප්පං අත්ථි... වීරියං අත්ථි... පඤ්ඤා අත්ථි කුසලෙසු ධම්මෙසු තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි.
‘‘සෙය්යථාපි, කස්සප, ජුණ්හපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො
‘‘‘සද්ධො පුරිසපුග්ගලො’ති, කස්සප, අපරිහානමෙතං; හිරිමා...පෙ.... ඔත්තප්පී... ආරද්ධවීරියො... පඤ්ඤවා... අක්කොධනො... ‘අනුපනාහී පුරිසපුග්ගලො’ති, කස්සප, අපරිහානමෙතං; ‘සන්ති භික්ඛූ ඔවාදකා’ති, කස්සප, අපරිහානමෙත’’න්ති. සත්තමං.
|
150
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති, ආයුෂ්මත් මහා කස්සපතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. “කස්සපය භික්ෂූන්හට අවවාද කරව, කස්සපය භික්ෂූන්හට ධර්මදේශනා කරව, කස්සපය, මම හෝ භික්ෂූන්හට අවවාද කරන්නෙමි. නුඹ හෝ කරව, මම හෝ භික්ෂූන්හට දැහැමි කථාවක් (ධර්මදේශනාවක්) කරන්නෙමි. නුඹ හෝ කරවයි” කියායි. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දැන් භික්ෂූන් වනාහි දුර්වච වූවාහු දුර්වචබව ඇතිකරණ කරුණුවලින් යුක්තවූවාහු නොඉවසන්නාහු, අනුශාසනාව ගෞරවයෙන් නො පිළිගන්නාහුය.
“ස්වාමීනි, යම් කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව නැත්තේවේද, කුශලධර්මයන්හි, ලජ්ජාව (හිරි) නැත්තේවේද, කුශලධර්මයන්හි භය (ඔත්තප්ප) නැත්තේ වේද, කුශලධර්මයන්හි වීර්‍ය්‍යය නැත්තේ වේද, කුශලධර්මයන්හි ප්‍රඥාව නැත්තේ වේද, ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශලධර්මයන්හි හානියම කැමති විය යුත්තේය. වෘද්ධිය (වැඩීම) කැමැති නොවිය යුත්තේය. ස්වාමීනි, යම්සේ වනාහි අවපක්ෂයෙහි චන්ද්‍රයාට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණේද, (එය) වර්ණයෙන්, මණ්ඩලයෙන්, ආලෝකයෙන් සහ ආරෝහපරිණාහ (උසමහත්) සම්පත්තියෙන්ද පිරිහේමය. ස්වාමීනි, එසේම යම්කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව නැත්තේවේද, කුශලධර්මයන්හි ලජ්ජාව (හිරි) නැත්තේවේද, කුශලධර්මයන්හි භය (ඔත්තප්ප) නැත්තේ වේද, කුශලධර්මයන්හි වීර්‍ය්‍යය නැත්තේවේද, කුශලධර්මයන්හි ප්‍රඥාව නැත්තේවේද, ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශලධර්මයන්හි හානියම කැමැතිවිය යුත්තේය. වෘද්ධිය (වැඩීම) කැමැති නොවිය යුත්තේය.
“ස්වාමීනි, අශ්රද්ධාවත් පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. ස්වාමීනි, පාපයට ලජ්ජානැති පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. ස්වාමීනි, පාපයට භය නැති පුරිස පුද්ගලයා යනු පරිහානිය මැයි. ස්වාමීනි, කුසීත පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. ස්වාමීනි, ප්‍රඥාව නැති පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. ස්වාමීනි, ක්‍රොධකරන පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. ස්වාමීනි, වෛරකරන පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. ස්වාමීනි, මොහුට අවවාද කරන්නාවූ කල්යාණමිත්රයෝ නැත යනු පරිහානියමැයි. ස්වාමීනි, යම් කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව ඇත්තේවේද, කුශල ධර්මයන්හි, ලජ්ජාව (හිරි) ඇත්තේවේද කුශලධර්මයන්හි භය (ඔත්තප්ප) ඇත්තේවේද, කුශල ධර්මයන්හි වීර්‍ය්‍යය ඇත්තේවේද? ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශල ධර්මයන්හි වෘද්ධියම (වැඩීමම) කැමැතිවිය යුත්තේය. හානිය කැමැති නොවිය යුත්තේය. ස්වාමීනි, යම්සේ වනාහි පුර පක්ෂයෙහි චන්ද්‍රයාට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, (එය) වර්ණයෙන්, මණ්ඩලයෙන්, ආලෝකයෙන් සහ ආරෝහ පරිණාහ (උස්මහත්) සම්පත්තියෙන්ද වැඬේමය.
“ස්වාමීනි, එසේම යම් කිසිවෙකුහට කුශල ධර්මයන්හි ශ්‍රද්ධාව ඇත්තේ වේද, කුශල ධර්මයන්හි ලජ්ජාව (හිරි) ඇත්තේවේද, කුශලධර්මයන්හි භය (ඔත්තප්ප) ඇත්තේ වේද, කුශලධර්මයන්හි වීර්‍ය්‍යය ඇත්තේවේද, කුශල ධර්මයන්හි ප්‍රඥාව ඇත්තේ වේද, ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශල ධර්මයන්හි වෘද්ධියම කැමැති විය යුත්තේය. හානිය කැමැති නොවිය යුත්තේය.
“ස්වාමීනි, ශ්රද්ධාවත් පුරුෂ පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, පාපයට ලජ්ජා ඇති පුරිස පුද්ගලයා යනු දියුණුව මැයි. ස්වාමීනි, පාපයට භය ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, ප්‍රඥාව ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, ක්‍රොධ නොකරන පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, වෛර නොකරන පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, මොහුට අවවාදකරන කල්යාණමිත්රයෝ ඇත යනු දියුණුවමැයි.”
යහපති! යහපති!, කස්සපය, කස්සපය, යම්කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව නැත්තේවේද, කුශලධර්මයන්හි ලජ්ජාව (හිරි) නැත්තේවේද, කුශලධර්මයන්හි භය (ඔත්තප්ප) නැත්තේවේද, කුශලධර්මයන්හි වීර්‍ය්‍යය නැත්තේවේද, කුශල ධර්මයන්හි ප්‍රඥාව නැත්තේවේද, ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශලධර්මයන්හි හානියම කැමැති විය යුත්තේය. වෘද්ධිය (වැඩීම) කැමැති නොවිය යුත්තේය. කස්සපය, යම්සේ වනාහි අවපක්ෂයෙහි චන්ද්රයාහට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණේද, (එය) වර්ණයෙන්, මණ්ඩලයෙන්, ආලෝකයෙන්, සහ ආරොහපරිණාහ සම්පත්තියෙන්ද, පිරිහේමය. කස්සපය, එසේම වනාහි යම්කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව නැත්තේවේද. කුශලධර්මයන්හි ලජ්ජාව (හිරි) නැත්තේවේද, කුශලධර්මයන්හි භය (ඔත්තප්ප) නැත්තේවේද, කුශලධර්මයන්හි වීර්‍ය්‍යය නැත්තේවේද, කුශල කර්මයන්හි ප්‍රඥාව නැත්තේවේද. ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශලධර්මයන්හි හානියම කැමැති විය යුත්තේය. වෘද්ධිය (වැඩීම) කැමැති නොවිය යුත්තේය.
“කස්සපය, අශ්රද්ධාවත් පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, පාපයට ලජ්ජා නැති පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, පාපයට භය නැති පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, කුසීත පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, ප්රඥාවනැති, පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, ක්‍රොධකරන පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, වෛරකරන පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, මොහුට අවවාද කරන්නාවූ කල්‍යාණ මිත්‍රයෝ නැත යනු පරිහානියමැයි. කස්සපය, යම්කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව ඇත්තේ වේද, කුශලධර්මයන්හි ලජ්ජාව (හිරි) ඇත්තේවේද? කුශල ධර්මයන්හි භය (ඔත්තප්ප) ඇත්තේවේද? කුශලධර්මයන්හි වීර්‍ය්‍යය ඇත්තේවේද, කුශලධර්මයන්හි ප්‍රඥාව ඇත්තේ වේද, ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශලධර්මයන්හි වෘද්ධියම (වැඩීමම) කැමැතිවිය යුත්තේය. හානිය කැමති නොවිය යුත්තේය.
“කස්සපය, යම්සේ වනාහි පුරපක්ෂයෙහි චන්ද්රයාහට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, (එය) වර්ණයෙන්, මණ්ඩලයෙන්, ආලෝකයෙන් සහ ආරොහපරිණාහ සම්පත්තියෙන්ද වැඬේමය. කස්සපය, එසේම වනාහි යම්කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව ඇත්තේ වේද, කුශලධර්මයන්හි ලජ්ජාව (හිරි) ඇත්තේවේද, කුශල ධර්මයන්හි භය (ඔත්තප්ප) ඇත්තේවේද, කුශලධර්මයන්හි වීර්‍ය්‍යය ඇත්තේවේද, කුශලධර්මයන්හි ප්‍රඥාව ඇත්තේවේද ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශල ධර්මයන්හි වෘද්ධියම කැමැතිවිය යුත්තේය. හානිය කැමැති නොවිය යුත්තේය.
“කස්සපය, ශ්රද්ධාවත් පුරුෂ පුද්ගලයා යනු දියුණුව මැයි. කස්සපය, පාපයට ලජ්ජාව ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, පාපයට භය ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, ප්‍රඥාව ඇති, පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, ක්‍රොධ නොකරන පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, වෛර නොකරන පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, මොහුට අවවාද කරන කල්‍යාණ මිත්‍රයෝ ඇත යනු දියුණුවමැයි.
(හත්වෙනි ඕවාද සූත්‍රය නිමි.)
|
8. තතියඔවාදසුත්තං | 8. ඕවාද සූත්‍රය |
151
රාජගහෙ කලන්දකනිවාපෙ
(සාවත්ථි, ආරාමෙ (සී.)). අථ ඛො ආයස්මා මහාකස්සපො යෙන භගවා තෙනුපසඞ්කමි
‘‘දුබ්බචා ඛො, භන්තෙ, එතරහි භික්ඛූ, දොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතා, අක්ඛමා, අප්පදක්ඛිණග්ගාහිනො අනුසාසනී’’න්ති. ‘‘තථා හි පන, කස්සප, පුබ්බෙ ථෙරා භික්ඛූ ආරඤ්ඤිකා චෙව අහෙසුං ආරඤ්ඤිකත්තස්ස ච වණ්ණවාදිනො, පිණ්ඩපාතිකා චෙව අහෙසුං පිණ්ඩපාතිකත්තස්ස ච වණ්ණවාදිනො
‘‘තත්ර යො හොති භික්ඛු ආරඤ්ඤිකො චෙව ආරඤ්ඤිකත්තස්ස ච වණ්ණවාදී, පිණ්ඩපාතිකො චෙව පිණ්ඩපාතිකත්තස්ස ච වණ්ණවාදී, පංසුකූලිකො චෙව පංසුකූලිකත්තස්ස ච වණ්ණවාදී, තෙචීවරිකො චෙව තෙචීවරිකත්තස්ස ච වණ්ණවාදී, අප්පිච්ඡො චෙව අප්පිච්ඡතාය ච වණ්ණවාදී, සන්තුට්ඨො චෙව සන්තුට්ඨියා ච වණ්ණවාදී, පවිවිත්තො චෙව පවිවෙකස්ස ච වණ්ණවාදී, අසංසට්ඨො
‘‘තත්ර, කස්සප, නවානං භික්ඛූනං එවං හොති - ‘යො කිර සො හොති භික්ඛු ආරඤ්ඤිකො චෙව ආරඤ්ඤිකත්තස්ස ච වණ්ණවාදී, පිණ්ඩපාතිකො චෙව...පෙ.... පංසුකූලිකො චෙව... තෙචීවරිකො චෙව... අප්පිච්ඡො චෙව... සන්තුට්ඨො චෙව... පවිවිත්තො චෙව... අසංසට්ඨො චෙව... ආරද්ධවීරියො චෙව වීරියාරම්භස්ස ච වණ්ණවාදී, තං ථෙරා භික්ඛූ ආසනෙන නිමන්තෙන්ති - එහි, භික්ඛු, කො නාමායං භික්ඛු, භද්දකො වතායං භික්ඛු, සික්ඛාකාමො වතායං
‘‘එතරහි පන, කස්සප, ථෙරා භික්ඛූ න චෙව ආරඤ්ඤිකා න ච ආරඤ්ඤිකත්තස්ස වණ්ණවාදිනො, න චෙව පිණ්ඩපාතිකා න ච පිණ්ඩපාතිකත්තස්ස වණ්ණවාදිනො, න චෙව පංසුකූලිකා න ච පංසුකූලිකත්තස්ස වණ්ණවාදිනො, න චෙව තෙචීවරිකා න ච තෙචීවරිකත්තස්ස වණ්ණවාදිනො, න චෙව අප්පිච්ඡා න ච අප්පිච්ඡතාය වණ්ණවාදිනො, න චෙව සන්තුට්ඨා න ච සන්තුට්ඨියා වණ්ණවාදිනො, න චෙව පවිවිත්තා න ච පවිවෙකස්ස වණ්ණවාදිනො, න චෙව අසංසට්ඨා න ච අසංසග්ගස්ස වණ්ණවාදිනො
‘‘තත්ර
‘‘තත්ර, කස්සප, නවානං භික්ඛූනං එවං හොති - ‘යො කිර සො හොති භික්ඛු ඤාතො යසස්සී ලාභී චීවර-පිණ්ඩපාත-සෙනාසන-ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං තං ථෙරා භික්ඛූ ආසනෙන නිමන්තෙන්ති - එහි, භික්ඛු, කො නාමායං භික්ඛු, භද්දකො වතායං භික්ඛු, සබ්රහ්මචාරිකාමො වතායං භික්ඛු; එහි, භික්ඛු, ඉදං ආසනං නිසීදාහී’ති. තෙ තථත්තාය පටිපජ්ජන්ති. තෙසං තං හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. යඤ්හි තං, කස්සප, සම්මා වදමානො වදෙය්ය - ‘උපද්දුතා බ්‍රහ්මචාරී බ්රහ්මචාරූපද්දවෙන අභිපත්ථනා
(අභිභවනා (සී.)) බ්‍රහ්මචාරී බ්රහ්මචාරිඅභිපත්ථනෙනා’ති
(බ්රහ්මචාරිඅභිභවනෙනාති (සී.)), එතරහි තං, කස්සප, සම්මා වදමානො වදෙය්ය - ‘උපද්දුතා බ්‍රහ්මචාරී බ්රහ්මචාරූපද්දවෙන අභිපත්ථනා බ්‍රහ්මචාරී බ්රහ්මචාරිඅභිපත්ථනෙනා’’’ති. අට්ඨමං.
|
151
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක.
ඉක්බිති ආයුෂ්මත් මහා කස්සපතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් හට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. “කස්සපය භික්ෂූන්හට අවවාද කරව. කස්සපය භික්ෂූන්හට ධර්මය දේශනා කරව. කස්සපය, මම හෝ භික්ෂූන්හට අවවාද කරන්නෙමි. නුඹ හෝ කරව. මම හෝ භික්ෂූන්හට දැහැමි කථාවක් (ධර්මදේශනාවක්) කරන්නෙමි. නුඹ හෝ කරවයි” කියායි. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් භික්ෂූහු වනාහි දුර්වචවූවාහු දුර්වච බව ඇතිකරන කරුණුවලින් යුක්ත වූවාහු. නොඉවසන්නාහු, අනුශාසනාව ගෞරවයෙන් නොපිළිගන්නාහුය.”
කස්සපය, එසේමය පෙර ස්ථවිර භික්ෂූහු වනාහි ආරණ්යකයෝද, ආරණ්‍යකත්වයෙහි ගුණ කියන්නෝද වූවාහුය. පිණ්ඩපාතිකයෝද, පිණ්ඩපාතයෙහි ගුණකියන්නෝද වූවාහුය. පාංසුකූලිකයෝද, පාංසුකූලිකත්වයෙහි ගුණ කියන්නෝද වූවාහුය. තේචීවරිකයෝද, තේචීවරිකත්වයෙහි ගුණ කියන්නෝද වූවාහුය. අල්පෙච්ඡයෝද, අල්පෙච්ඡභාවයෙහි ගුණ කියන්නෝද වූවාහුය. ලද දෙයින් සතුටුවූවෝද, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නෝද, වූවාහුය. විවේකයෙන් යුක්තවූවෝද, විවේකයෙන් යුක්තවීමෙහි ගුණ කියන්නෝද වූවාහුය. පිරිස් හා නොගැටීමෙන් යුක්තවූවෝද, පිරිස් හා නොගැටීමෙහි ගුණ කියන්නෝද, වූවාහුය. පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තෝද, පටන්ගන්නාලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නෝද, වූවාහුය. එහිදී යම් භික්ෂුවක් ආරණ්‍යකත්, ආරණ්‍යකත්වයෙහි ගුණ කියන්නේත් වේද, පිණ්ඩපාතිකත්, පිණ්ඩපාතිකත්වයෙහි ගුණ කියන්නේත්වේද, පාංසුකූලිකත් පාංසුකූලිකත්වයෙහි ගුණකියන්නේත්වේද, තේචීවරිකත් තේචීවරිකත්වයෙහි ගුණකියන්නේත් වේද, අල්පෙච්ඡත් අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නේත් වේද, ලදදෙයින් සතුටුවූයේත්, ලදදෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේත් වේද අතිශය විවේකයෙන් යුක්තවූයේත්, අතිශය විවේකයෙන් යුක්තවීමෙහි ගුණ කියන්නේත් වේද, පිරිස් හා නොගැටීමෙන් යුක්තවූයේත්, පිරිස් හා නොගැටීමෙහි ගුණ කියන්නේත් වේද, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේත්, පටන්ගන්නාලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නේත් වේද, ඒ මහණහට ස්ථවිර භික්ෂූහු ආසනයෙන් නිමන්ත්‍රණය කෙරෙති. (ආසනය දෙති) (කෙසේද?) ‘මහණ, (මෙහි) එන්න මේ මහණතෙම කිනම් ඇත්තේද? මේ මහණතෙම භද්‍රය (යහපත්ය.) මේ මහණ තෙම ශික්ෂාකාමීවේ. මහණ, මෙහි එන්න. මේ ආසනයෙහි හිඳගන්න’ කියායි.”
“කස්සපය, එකල්හි නවක භික්ෂූන්ට මෙසේ සිතෙයි. යම් ඒ භික්ෂුවක් වනාහි ආරණ්‍යකත් ආරණ්‍යකත්වයෙහි ගුණ කියන්නේත් වේද, පිණ්ඩපාතිකත්, පිණ්ඩපාතිකත්වයෙහි ගුණ කියන්නේත් වේද, පාංසුකූලිකත් පාංසුකූලිකත්වයෙහි ගුණකියන්නේත් වේද, තේචීවරිකත් තේචීවරිකත්වයෙහි ගුණ කියන්නේත් වේද, අල්පෙච්ඡත් අල්පෙච්ඡභාවයෙහි ගුණකියන්නේත් වේද, ලද දෙයින් සතුටුවූයේත්, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේත් වේද, අතිශය විවේකයෙන් යුක්තවූයේත්, අතිශය විවේකයෙන් යුක්තවීමෙහි ගුණ කියන්නේත් වේද, පිරිස් හා නොගැටීමෙන් යුක්තවූයේත්, පිරිස් හා නොගැටීමෙහි ගුණ කියන්නේත් වේද, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේත්, පටන්ගන්නාලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නේත් වේද, ඒ මහණහට ස්ථවිර භික්ෂූහු ආසනයෙන් නිමන්ත්‍රණය කෙරෙති. (ආසනය දෙති.) (කෙසේද?) ‘මහණ, (මෙහි) එන්න. මේ මහණතෙම කිනම් ඇත්තේද? මේ මහණතෙම භද්‍රය (යහපත්ය.) මේ මහණ තෙම ශික්ෂාකාමීවේ. මහණ, මෙහි එන්න. මේ ආසනයෙහි හිඳගන්න” කියායි. ඔවුහු ඒ සඳහා පිළිපදිති. ඔවුන්ට ඒ පිළිපැදීම බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත, සැප පිණිස වෙයි.
“කස්සපය, දැන් වනාහි ස්ථවිර භික්ෂූහු, ආරණ්‍යක වන්නෝත්, ආරණ්‍යක භාවයෙහි ගුණ කියන්නෝත් නො වෙති. පිණ්ඩපාතික වන්නෝත් පිණ්ඩපාතිකත්වයෙහි ගුණ කියන්නෝත් නො වෙති. පංසුකූලික වන්නෝත් පාංසුකූලිකත්වයෙහි ගුණ කියන්නෝත් නො වෙති. තේචීවරික වන්නෝත් තේචීවරිකත්වයෙහි ගුණ කියන්නෝත් නො වෙති. අල්පෙච්ඡ වන්නෝත් අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නෝත් නො වෙති. ලදදෙයින් සතුටු වන්නෝත් ලදදෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නෝත් නො වෙති. අතිශය විවේකයෙන් යුක්ත වන්නෝත් අතිශය විවේකයෙන් යුක්ත වීමෙහි ගුණ කියන්නෝත් නො වෙති. පිරිස් හා ගැටීමෙන් යුක්ත වන්නෝත් පිරිස් හා නොගැටීමෙහි ගුණ කියන්නෝත් නො වෙති. පටන්ගන්නාලද වීර්‍ය්‍යයෙන් යුක්ත වන්නෝත් පටන්ගන්නාලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නෝත් නො වෙති. එහිදී යම් භික්ෂුවක් ප්‍රසිද්ධ වූයේත්, කීර්තියෙන් යුක්ත වූයේත්, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර ලැබීමෙන් යුක්තවූයේත් වේද, ඔහුට ස්ථවිර භික්ෂූහු ආසනයෙන් නිමන්ත්‍රණය කෙරෙත්. (ස්ථවිර භික්ෂූහු ඔහුට ආසනයෙහි වාඩිවීමට ආරාධනා කෙරෙති) (කෙසේද?) ‘මහණ, එන්න. මේ මහණතෙම කිනම් ඇත්තේද? මේ මහණතෙම ඒකාන්තයෙන් යහපත් (භද්‍ර) දැකුම් ඇත්තේය. ඒ මහණතෙම ඒකාන්තයෙන් සබ්‍රහ්ම චාරීන්ට කැමැත්තේය. එන්න මහණ මේ ආසනයෙහි හිඳගන්න කියායි”
කස්සපය, එහිදී, නවක භික්ෂූන්ට මෙසේ සිතෙයි. යම් ඒ භික්ෂුවක් වනාහි ප්‍රසිද්ධ වූයේත්, කීර්තියෙන් යුක්තවූයේත්, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර ලැබීමෙන් යුක්තවූයේත් වේද, ඔහුට ස්ථවිර භික්ෂූහු ආසනයෙහි වාඩිවීමට ආරාධනා කෙරෙති (කෙසේද?) ‘මහණ, එන්න. මේ මහණතෙම කිනම් ඇත්තේද? මේ මහණ තෙම ඒකාන්තයෙන් යහපත් (භද්‍ර) දැකුම් ඇත්තේය. මේ මහණතෙම ඒකාන්තයෙන් සබ්‍රහ්මචාරීන්ට කැමැත්තේය. එන්න මහණ, මේ ආසනයෙහි හිඳගන්න කියායි.’ ඔවුහු ඒ ලාභසත්කාර ඉපැද්දීම සඳහා පිළිපදිති. ඔවුන්ට ඒ පිළිපැදීම බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත සැප පිණිස නොවෙයි.
“කස්සපය, යම් හෙයකින් ඒගැන මනාකොට කියන්නේ (මෙසේ) කියන්නේය. (කෙසේද?) ‘බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරී උපද්‍රවයෙන් (සිව්පසය කෙරෙහිවූ අධික ලෝභකමින්) උපදෘතවූවාහුය. බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරී අභිභවනයෙන් (අධික ප්‍රාර්ථනාවෙන්) අභිභවනය (යුක්ත) වූවාහුය, කියායි. කස්සපය, ඒගැන මනාකොට කියන තැනැත්තේ මෙසේ කියන්නේය. (කෙසේද?) ‘බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරී උපද්‍රවයෙන් (සිව්පසය කෙරෙහිවූ අධික ලෝභකමින්) උපදෘතවූවාහුය. බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරී අභිභවනයෙන් (සිව්පසය කෙරෙහිවූ අධික ප්රාර්ථනාවෙහි.) අභිභවනය (අධිකසේ ප්‍රාර්ථනා කරන්නෝ) වූවාහුය, කියායි.”
(අටවෙනි ඕවාද සූත්‍රය නිමි.)
|
9. ඣානාභිඤ්ඤසුත්තං | 9. ඣානාභිඤ්ඤා සූත්‍රය |
152
සාවත්ථියං විහරති...පෙ.... ‘‘අහං, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛාමි විවිච්චෙව කාමෙහි
‘‘අහං
‘‘අහං, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛාමි පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරාමි සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙමි, යං තං අරියා ආචික්ඛන්ති - ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛති පීතියා
‘‘අහං, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛාමි සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛති සුඛස්ස ච පහානා ...පෙ.... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
‘‘අහං, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛාමි සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි
‘‘අහං, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛාමි සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං
‘‘අහං, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛාමි සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛති...පෙ.... ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති.
‘‘අහං, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛාමි සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛති...පෙ.... නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති.
‘‘අහං, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛාමි සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි, භික්ඛවෙ...පෙ.... සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති.
‘‘අහං
‘‘අහං, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛාමි දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාමි, දිබ්බෙ ච මානුසෙ ච, යෙ දූරෙ සන්තිකෙ ච. කස්සපොපි, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛති දිබ්බාය සොතධාතුයා...පෙ.... දූරෙ සන්තිකෙ ච.
‘‘අහං
‘‘අහං, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛාමි අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි, සෙය්යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාලීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ - ‘අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො
‘‘අහං, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛාමි දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ
‘‘අහං, භික්ඛවෙ, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි, භික්ඛවෙ, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී’’ති. නවමං.
|
152
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කැමැති වෙයිද, ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, හිතේ එකඟ බව ඇති කරන්නාවූ, විතර්ක රහිතවූ විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, හිතේ එකඟ බව ඇති කරන්නාවූ විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමතිවෙම්ද ඒතාක් ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසයකරමි. සිහියෙන් යුක්තවූයේ කයින් වින්දෙමි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වනද්ධ්‍යානයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයි. සිහියෙන් යුක්තවූයේ කයින් විඳියි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වනද්ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ද්ධ්‍යානයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් සැපය නැති කිරීමෙන් දුක් නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ද්ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, පටිඝ ගැටීම් සංඥාවන් නැති කිරීමෙන්, නානත්ත සංඥාවන් මෙනෙහි නො කිරීමෙන් ‘ආකාසය අනන්තයයි’ ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම් තාක් කල් කැමැතිවෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් පටිඝ ගැටීම් සංඥාවන් නැතිකිරීමෙන් නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාසය අනන්තයයි’ ආකාසානඤ්චායතනයට පැමිණ, වාසය කරයි.
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, ‘විඤ්ඤාණය’ අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, ‘විඤ්ඤාණය අනන්තයයි’ විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කාශ්‍යප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ, වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරමි) දක්වමි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙමි. බොහෝ සේව එකෙක් වෙමි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යමි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කරමි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරමි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යමි. මේ මහත් ඍද්ධි ඇති, මහත් අනුභාව ඇති, සඳහිරු දෙදෙන අතගාමි. පිරිමදිමි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරයි.) දක්වයි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කරයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායි. පිරිමදියි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කරයි.
මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් පිරිසුදුවූ, මිනිස් කණ ඉක්මවා පැවැත්තාවූ, දිවකණින් දිව්‍යමය වූද, මනුෂ්‍යමය වූද, දුරවූද, ළඟවූද, ශබ්ද අසමි. මහණෙනි, කස්සපතෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් පිරිසුදුවූ, මිනිස් කණ ඉක්මවා පැවැත්තාවූ දිව කණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද, ළඟවූද, ශබ්ද අසයි.
මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනිමි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිත යයි දනිමි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනිමි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනිමි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනිමි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනිමි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනිමි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනිමි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනිමි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනිමි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනිමි. ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිත යයි දනිමි. සමාධි ගතවූ සිත සමාධිගතවූ සිතයයි දනිමි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනිමි. (ක්ලෙශයන්ගෙන්) මිදුණු සිත (ක්ලෙශයන්ගෙන්) මිදුනු සිත යයි දනිමි. (ක්ලෙශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලෙශයන්ගෙන්) නොමිදුණු සිතයයි දනිමි. මහණෙනි, කස්සපතෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනියි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිතයයි දනියි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනියි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනියි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනියි. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනියි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනියි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනියි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනියි. ලෞකික සිත ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනියි. සමාධි ගතවූ සිත සමාධිගතවූ සිතයයි දනියි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනියි. (ක්ලෙශයන්ගෙන්) මිදුනු සිත (ක්ලෙශයන්ගෙන්) මිදුනු සිතයයි දනියි. (ක්ලෙශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලෙශයන්ගෙන්) නොමිදුනු සිතයයි දනියි.
මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහිකරමි. (හේ කෙසේද?) එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශ වෙන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්ම භාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිත වූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි. මහණෙනි, කස්සපතෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහිකරයි. (හේ කෙසේද?) ‘එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිහක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්ම භාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරයි.
මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුත වන්නා වූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකිමි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් කීවාහු, මිථ්‍යා දෘෂ්ටිගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහවූ නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද?
මහණෙනි, මහාකස්සප තෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකියි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන් හට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද? දැනගනිමි. මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන්වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටී. දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ, (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ, (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැනගනිමි.
මහණෙනි මම ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ, චේතෝ විමුත්තියදත අර්හත් ඵල සමාධියද, පඤ්ඤාවිමුත්තියද (අර්හත් ඵල ප්‍රඥාවද) මේ ආත්මයෙහිදී තෙමේම දැන ප්රත්යක්ෂ කොට, ඊට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සපතෙමේද ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන්, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුත්තියද (අර්හත් ඵල සමාධියද) පඤ්ඤාවිමුත්තියද (අර්හත් ඵල ප්‍රඥාවද) මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂ කොට, ඊට පැමිණ වාසය කරයි.
(නවවෙනි ඣානාභිඤ්ඤා සූත්‍රය නිමි.)
|
10. උපස්සයසුත්තං | 10. උපස්සය සූත්‍රය |
153
එවං මෙ සුතං - එකං සමයං ආයස්මා මහාකස්සපො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා
අථ ඛො ආයස්මා මහාකස්සපො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ආයස්මතා ආනන්දෙන පච්ඡාසමණෙන යෙන අඤ්ඤතරො භික්ඛුනුපස්සයො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සම්බහුලා භික්ඛුනියො යෙනායස්මා මහාකස්සපො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා
අථ
අස්සොසි ඛො ආයස්මා මහාකස්සපො ථුල්ලතිස්සාය භික්ඛුනියා ඉමං වාචං භාසමානාය. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘කිං නු ඛො, ආවුසො ආනන්ද, අහං සූචිවාණිජකො, ත්වං සූචිකාරො; උදාහු අහං සූචිකාරො, ත්වං සූචිවාණිජකො’’ති? ‘‘ඛම
‘‘තං කිං මඤ්ඤසි, ආවුසො ආනන්ද, අපි නු ත්වං භගවතො සම්මුඛා භික්ඛුසඞ්ඝෙ උපනීතො - ‘අහං, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛාමි විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරාමි. ආනන්දොපි, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛති විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරතී’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අහං ඛො, ආවුසො, භගවතො සම්මුඛා භික්ඛුසඞ්ඝෙ උපනීතො - ‘අහං, භික්ඛවෙ, යාවදෙව ආකඞ්ඛාමි විවිච්චෙව කාමෙහි
‘‘තං
‘‘අහං ඛො, ආවුසො, භගවතො සම්මුඛා භික්ඛුසඞ්ඝෙ උපනීතො - ‘අහං, භික්ඛවෙ, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි, භික්ඛවෙ, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී’’’ති.
‘‘සත්තරතනං වා, ආවුසො, නාගං අඩ්ඪට්ඨමරතනං වා තාලපත්තිකාය ඡාදෙතබ්බං මඤ්ඤෙය්ය, යො මෙ ඡ අභිඤ්ඤා ඡාදෙතබ්බං මඤ්ඤෙය්යා’’ති.
චවිත්ථ ච පන ථුල්ලතිස්සා භික්ඛුනී බ්රහ්මචරියම්හාති. දසමං.
|
153
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහා කස්සපතෙමේ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක.
ඉක්බිති ආයුෂ්මත් ආනන්දතෙම පාත්‍ර සිවුරු ගෙන ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන්හට මෙය කීයේය. “ස්වාමීනි, කස්සප ස්ථවිරයන් වහන්ස, එක්තරා භික්ෂුණී ආරාමයක් යම්තැනෙක්හිද, එතැන්හි යමුයි” කියායි. “ඇවැත් ආනන්දය, තෙපි යව්. තොපට බොහෝ කටයුතු ඇත්තේයයි” කීයේය. දෙවෙනුවත් ආයුෂ්මත් ආනන්දතෙම ආයුෂ්මත් මහාකස්සප තෙරුන්හට මෙය කීයේය. “ස්වාමීනි, කස්සප ස්ථවිරයන් වහන්ස, එක්තරා භික්ෂුණී ආරාමයක් යම්තැනෙක්හිද එතැන්හි යමුයි” කියායි. “ඇවැත් ආනන්දය ඔබ යන්න. ඔබට බොහෝ කෘත්‍යය ඇත්තේය. බොහෝ කටයුතු ඇත්තේයයි” කීයේය.
තෙවනුවත් ආයුෂ්මත් ආනන්දතෙම ආයුෂ්මත් මහා කස්සප තෙරුන්හට මෙය කීයේය. “ස්වාමීනි, කස්සප ස්ථවිරයන් වහන්ස, එක්තරා භික්ෂුණී ආරාමයක් යම් තැනෙක්හිද එතැන්හි යමුයි” කියායි.
ඉක්බිති ආයුෂ්මත් කස්සප ස්ථවිරතෙම පෙරවරු කාලයෙහි හැඳ පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ආනන්ද තෙරුන් පසු ගමන්කරන ශ්රමණයකුකොට, එක්තරා භික්ෂුණී ආරාමයක් යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, පණවනලද ආසනයෙහි වැඩහුන්නේය. ඉක්බිති බොහෝ භික්ෂුණීහු ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරයන්ට වැඳ, එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුණීන්ට ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරතෙම දැහැමි කථාවෙන් කරුණු දැක්විය. (එහි) සමාදන් කරවිය. තියුණු කරවිය. ප්‍රසන්න කරවිය. ඉක්බිති, ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරතෙම ඒ භික්ෂුණීන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වා, (එහි) සමාදන් කරවා, තියුණු කරවා, ප්‍රසන්න කරවා හුනස්නෙන් නැගිට වැඩියේය.
ඉක්බිති ථුල්ලතිස්සා නම් භික්ෂුණිය නොසතුටුවූවා, නොසතුටු වචනයක් කීවාය. (එනම්:-) “කිමෙක්ද? මහා කස්සප ආර්‍ය්‍යයන් වහන්සේ පණ්ඩිත භික්ෂුවක්වූ, ආනන්ද ආර්‍ය්‍යයන් වහන්සේගේ සමීපයෙහි ධර්මය දේශනා කළයුතුයයි හඟිනසේක්ද? යම්සේ ඉදිකටු වෙළෙන්දෙක් ඉදිකටු සාදන්නාගේ සමීපයෙහි ඉදිකටු විකිණිය යුතුයයි හඟින්නේ වේද, එසේම මහාකස්සප ආර්‍ය්‍යයන් වහන්සේ, පණ්ඩිත භික්ෂුවක්වූ, ආනන්ද ආර්‍ය්‍යයන් වහන්සේගේ සමීපයෙහි ධර්මය දේශනා කළයුතුයයි හඟිනසේක්ය කියායි.
ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරතෙම කියන්නාවූ ථුල්ලතිස්සා භික්ෂුණියගේ මේ වචනය ඇසූයේය. ඉක්බිති ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්හට මෙය කීයේය. “ඇවැත් ආනන්දය, කිමෙක්ද? මම ඉදිකටු වෙළෙන්දෙක්ද? නුඹ ඉදිකටු සාදන්නෙක්ද? නැතහොත් මා ඉදිකටු සාදන්නෙක්ද? නුඹ ඉදිකටු වෙළෙන්දෙක්ද?” කියායි. “ස්වාමීනි කස්සපයන් වහන්ස, සමාවන සේක්වා. ස්ත්‍රිය අඥානයයි” කීයේය. “ඇවැත් ආනන්දය, නුඹ සිටින්න. නුඹ ගැන සංඝතෙමේ මත්තෙහි පරීක්ෂා නොකෙරේවා.
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේදී, ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාරසහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසය කරමියි’ භික්ෂු සංඝයාට දැක්වූයෙහිද?
‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසයකෙරෙයි’ කියා ‘ස්වාමීනි, ඒ එසේ නොවේමය.’ ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී, භික්ෂු සංඝයාට ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් කාමයන්ගෙන් වෙන්ව (සියලු) අකුශලය ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසය කරමි.
‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක්කල් කැමැති වෙයිද, ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශලධර්‍මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබූයෙහිද, ‘මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇතිකරන්නාවූ, හිතේ එකඟබව ඇතිකරන්නාවූ, විතර්ක රහිතවූ විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කරමි.”
‘මහණෙනි, ආනන්ද තෙමේ යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, හිතේ එකඟබව ඇති කරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි. ‘මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇතිකරන්නාවූ, හිතේ එකඟබව ඇතිකරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කරමි.
‘මහණෙනි, කාශ්‍යප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇතිකරන්නාවූ, හිතේ එකඟබව ඇතිකරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි’ කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබූයෙහිද, ‘මහණෙනි, මම යම්තාක්කල් කැමති වෙම්ද, ඒ තාක් ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරමි. සිහියෙන් යුක්ත වූයේ, කයින් සැප වින්දෙමි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්ත වූයේ සැප විහරණ ඇත්තේයයි, ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වන ධ්‍යානයට පැමිණ, වාසය කරමි. මහණෙනි, ඇවැත් ආනන්ද තෙමේද යම් තාක් කල් කැමති වෙයිද, ඒ තාක් ප්‍රීතිය ඉක්ම වීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙරෙයි. සිහියෙන් යුක්ත වූයේ කයින් සැප වින්දේය. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණය ඇත්තේයයි, ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වන ද්ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි’ කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි. ‘මහණෙනි, මම යම්තාක්කල් කැමති වෙම්ද ඒ තාක් ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරමි. සිහියෙන් යුක්ත වූයේ කයින් වින්දෙමි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්ත වූයේ කයින් සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමති වෙයිද ඒ තාක් ප්‍රීතිය ඉක්ම වීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයි. සිහියෙන් යුක්ත වූයේ කයින් සැප වින්දේය. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්ත වූයේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වන ධ්‍යානයට පැමිණ, වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුයෙහිද, ‘මහණෙනි, මම යම්තාක් කල් කැමති වෙම්ද ඒ තාක් සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරමි.
‘මහණෙනි, ආනන්දය, යම්තාක් කල් කැමැති වෙයිද, ඒ තාක් සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙමිද ඒ තාක් සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරමි.
‘මහණෙනි, කස්සප තෙමේ යම්තාක් කල් කැමැති වෙයිද ඒ තාක් සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැපනැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුයෙමි.’ ”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුයෙහිද, ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒ තාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් පටිඝ (ගැටීම්) සංඥාවන් නැති කිරීමෙන්, නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි.’
‘මහණෙනි, ඇවැත් ආනන්දතෙමේ යම්තාක් කල් කැමැති වෙයිද ඒ තාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් පටිඝ (ගැටීම්) සංඥාවන් නැති කිරීමෙන්, නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාසය අනන්තයයි. ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුවෙමි. ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් පටිඝ (ගැටීම්) සංඥාවන් නැති කිරීමෙන් නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි.”
‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, පටිඝ ගැටීම් සංඥාවන් නැති කිරීමෙන්, නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් “ආකාසය අනන්තයයි” ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුයෙහිද? ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි’ කියායි.
‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක්කල් කැමැතිවෙම්ද ඒ තාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සපතෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත්, ආනන්දය ඒ කිමැයි සිතන්නෙහිද නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිද භික්ෂු සංඝයාට දක්වනු ලැබුයෙහිද.
‘මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ, වාසය කරමි.
‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක්කල් කැමැතිවෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.
‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.
‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ, වාසය කෙරෙයි කියා දක්වනු ලැබීමි.’ ”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.
‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාස්ඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරමි.
‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කෙරෙමි.
‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කෙරේය කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරමි) දක්වමි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙමි. බොහෝසේව එකෙක් වෙමි. ප්රකටබවට, මුවහබවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යමි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කරමි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරමි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යමි. මේ මහත් ඍද්ධි ඇති, මහත් අනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගාමි, පිරිමදිමි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කරමි.
‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරයි) දක්වයි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට මුවහබවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කරයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණියා ගොතා) හිඳගෙනම යයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් අනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරමි) දක්වමි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙමි. බොහෝසේව එකෙක් වෙමි. ප්‍රකට බවට, මුවහබවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යමි දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම්, කරමි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරමි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යමි. මේ මහත් ඍද්ධි ඇති, මහත් අනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගාමි, පිරිමදිමි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කරමි.
‘මහණෙනි, කස්සප තෙමේද, යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරයි) දක්වයි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහබවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම්, කරයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් අනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟකෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසුදුවූ, මිනිස් කණ ඉක්මවා පැවැත්තාවූ, දිව කණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද ළඟවූද, ශබ්ද අසමි.
‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් පිරිසුදුවූ, මිනිස්කණ ඉක්මවා පැවැත්තාවූ, දිවකණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමය වූද, දුරවූද, ළඟවූද, ශබ්ද අසයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසුදුවූ, මිනිස්කණ ඉක්මවා පැවැත්තාවූ, දිවකණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද, ළඟවූද, ශබ්ද අසමි.
‘මහණෙනි, කස්සපතෙමේද, යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් පිරිසුදුවූ, මිනිස්කණ ඉක්මවා පැවැත්තාවූ, දිවකණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද, ළඟවූද ශබ්ද අසයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනිමි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිතයයි දනිමි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනිමි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනිමි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනිමි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනිමි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනිමි. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනිමි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනිමි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනිමි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනිමි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනිමි. ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනිමි. සමාධි ගතවූ සිත සමාධි ගතවූ සිතයයි දනිමි. සමාධි ගතනොවූ සිත සමාධි ගතනොවූ සිතයයි දනිමි. (ක්ලේශයන්ගෙන්) මිදුනු සිත (ක්ලේශයන්ගෙන්) මිදුනු සිතයයි දනිමි. (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිතයයි දනිමි.’
‘මහණෙනි, ආනන්ද තෙමේද, යම්තාක් කල් කැමැතිවෙයිද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනියි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිතයයි දනියි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනියි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනියි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනියි. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනියි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනියි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනියි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනියි. ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනියි. සමාධි ගතවූ සිත සමාධි ගතවූ සිතයයි දනියි. සමාධි ගතනොවූ සිත සමාධි ගතනොවූ සිතයයි දනියි. (ක්ලේශයන්ගෙන්) මිදුනු සිත (ක්ලේශයන්ගෙන්) මිදුනු සිතයයි දනියි. (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිතයයි දැන ගනියි. කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනිමි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිත යයි දනිමි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනිමි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනිමි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනිමි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනිමි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනිමි. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනිමි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනිමි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනිමි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනිමි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනිමි. ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනිමි. සමාධිගතවූ සිත සමාධි ගතවූ සිතයයි දනිමි. සමාධි ගතනොවූ සිත සමාධි ගතනොවූ සිතයයි දනිමි. (ක්ලේශයන්ගෙන්) මිදුනු සිත (ක්ලේශයන්ගෙන්) මිදුනු සිතයයි දනිමි. (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිතයයි දනිමි. දැනගතිමි.
මහණෙනි, කස්සප තෙමේද, යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනියි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිතයයි දනියි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනියි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනියි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනියි. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනියි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනියි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනියි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනියි. ලෞකික සිත් අතුරෙන් උසස්වූ සිත අනුත්තර සිතයයි දනියි. සමාධි ගතවූ සිත සමාධිගතවූ සිතයයි දනියි. සමාධි ගතනොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනියි. (ක්ලේශයන්ගෙන්) මිදුනු සිත (ක්ලේශයන්ගෙන්) මිදුනු සිතයයි දනියි. (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිතයයි දැනගනියි. කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහිකරමි. (හේ කෙසේද?) එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්ද. නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක්සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දේවීමි. මෙබඳු ආයුෂ ඇත්තේවීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්මභාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරමි.
‘මහණෙනි, ආනන්ද තෙමේද, යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහි කරයි. (හේ කෙසේද?) එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද, අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දේවීමි. මෙබඳු ආයුෂ ඇත්තේවීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්මභාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳපිළිවෙළ සිහිකෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහිකරමි. (හේ කෙසේද?) එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දේවීමි. මෙබඳු ආයුෂ ඇත්තේවීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්මභාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරමි.
‘මහණෙනි, කාශ්‍යප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහි කරයි. (හේ කෙසේද?) එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දේවීමි. මෙබඳු ආයුෂ ඇත්තේවීමි. ඒ මම එැතනින් චුතව මේ මනුෂ්‍යාත්ම භාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳපිළිවෙළ සිහිකෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුත වන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකිමි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු ආර්‍ය්‍යයන්හට දොස්කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද.
‘මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි, දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ, (ශරීර) වර්ණ ඇත්තාවූද මනාවූ, (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැනගතිමි.
‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකියි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද.’
‘මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි, දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ, (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ, (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැනගනියි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිද භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකිමි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද’
‘මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි, දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ, (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ, (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැනගතිමි.
‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත්ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද’ කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකියි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද.’
‘මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි, දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ, (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ, (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැන ගතියි කියා දක්වනු ලැබුවෙමි,”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදු භික්ෂු සංඝයාට දක්වනු ලැබුයෙහිද ‘මහණෙනි, මම ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන්ද, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුත්තියද, (අර්හත් ඵල සමාධියද) පඤ්ඤවිමුත්තියද, මේ ආත්මයෙහිදී තෙමේ ම දැන, ප්‍රත්‍ය කොට, ඊට පැමිණ වාසය කරමි.
‘මහණෙනි, ආනන්දතෙමේද ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන්, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුත්තියද, පඤ්ඤා විමුක්තියද (අර්හත් ඵල ප්‍රඥාවද) මේ ආත්මයෙහිදී තෙමේ ම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුවෙමි.’
‘මහණෙනි, මම ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන්, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුක්තියද, තෙමේ ම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කියා දක්වනු ලැබුවෙමි.’
‘මහණෙනි, කස්සප තෙමේද ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන්, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුත්තියද, පඤ්ඤා විමුත්තියද (අර්හත් ඵල ප්‍රඥාවද) මේ ආත්මයෙහිදී තෙමේ ම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවත, යමෙක් මාගේ ෂට් අභිඥාවන් වැසිය යුතුයයි හඟින්නේවේ නම්, හෙතෙම හත්රියන් හෝ හත් රියන් හමාරක් හෝ වූ, ඇතෙකු තල්පතකින් වැසිය යුතුයයි හඟින්නෙකු වැනිය.
ථුල්ලතිස්සා මෙහෙණද බ්‍රහ්මචරියාවෙන් (ශාසනයෙන්) චුතවූවාය.”
(දසවෙනි උපස්සය සූත්‍රය නිමි.)
|
11. චීවරසුත්තං | 11. චීවර සූත්‍රය |
154
එකං
තෙන ඛො පන සමයෙන ආයස්මතො ආනන්දස්ස තිංසමත්තා සද්ධිවිහාරිනො භික්ඛූ සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තා භවන්ති යෙභුය්යෙන කුමාරභූතා. අථ
‘‘තයො ඛො, භන්තෙ කස්සප, අත්ථවසෙ පටිච්ච භගවතා කුලෙසු තිකභොජනං පඤ්ඤත්තං - දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය, මා පාපිච්ඡා පක්ඛං නිස්සාය සඞ්ඝං භින්දෙය්යුං
(විනයපිටකෙ චූළවග්ගෙ සංඝභෙදකක්ඛන්ධකෙ වජිරබුද්ධියං අඤ්ඤථා සම්බන්ධො දස්සිතො), කුලානුද්දයතාය ච. ඉමෙ ඛො, භන්තෙ කස්සප, තයො අත්ථවසෙ පටිච්ච භගවතා කුලෙසු තිකභොජනං පඤ්ඤත්ත’’න්ති.
‘‘අථ කිඤ්චරහි ත්වං, ආවුසො ආනන්ද, ඉමෙහි නවෙහි භික්ඛූහි ඉන්ද්රියෙසු අගුත්තද්වාරෙහි භොජනෙ අමත්තඤ්ඤූහි ජාගරියං අනනුයුත්තෙහි සද්ධිං චාරිකං චරසි? සස්සඝාතං මඤ්ඤෙ චරසි, කුලූපඝාතං මඤ්ඤෙ චරසි. ඔලුජ්ජති
(උල්ලුජ්ජති (සී. අට්ඨකථාසු ච)) ඛො තෙ, ආවුසො ආනන්ද, පරිසා; පලුජ්ජන්ති ඛො
‘‘අපි මෙ, භන්තෙ කස්සප, සිරස්මිං පලිතානි ජාතානි. අථ ච පන මයං අජ්ජාපි ආයස්මතො මහාකස්සපස්ස කුමාරකවාදා න මුච්චාමා’’ති. ‘‘තථා
අස්සොසි ඛො ථුල්ලනන්දා භික්ඛුනී - ‘‘අය්යෙන කිර මහාකස්සපෙන අය්යො ආනන්දො වෙදෙහමුනි කුමාරකවාදෙන අපසාදිතො’’ති.
අථ ඛො ථුල්ලනන්දා භික්ඛුනී අනත්තමනා අනත්තමනවාචං නිච්ඡාරෙසි - ‘‘කිං පන අය්යො මහාකස්සපො අඤ්ඤතිත්ථියපුබ්බො සමානො අය්යං ආනන්දං වෙදෙහමුනිං කුමාරකවාදෙන අපසාදෙතබ්බං මඤ්ඤතී’’ති! අස්සොසි ඛො ආයස්මා මහාකස්සපො ථුල්ලනන්දාය භික්ඛුනියා ඉමං වාචං භාසමානාය.
අථ
සො එවං පබ්බජිතො සමානො අද්ධානමග්ගප්පටිපන්නො අද්දසං භගවන්තං අන්තරා ච රාජගහං අන්තරා ච නාළන්දං බහුපුත්තෙ චෙතියෙ නිසින්නං. දිස්වාන මෙ එතදහොසි - ‘සත්ථාරඤ්ච වතාහං පස්සෙය්යං, භගවන්තමෙව පස්සෙය්යං; සුගතඤ්ච වතාහං පස්සෙය්යං, භගවන්තමෙව පස්සෙය්යං; සම්මාසම්බුද්ධඤ්ච වතාහං පස්සෙය්යං; භගවන්තමෙව පස්සෙය්ය’න්ති. සො ඛ්වාහං, ආවුසො, තත්ථෙව භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොචං - ‘සත්ථා මෙ, භන්තෙ, භගවා, සාවකොහමස්මි; සත්ථා මෙ, භන්තෙ, භගවා, සාවකොහමස්මී’ති
තස්මාතිහ තෙ, කස්සප, එවං සික්ඛිතබ්බං - ‘තිබ්බං මෙ හිරොත්තප්පං පච්චුපට්ඨිතං භවිස්සති ථෙරෙසු නවෙසු මජ්ඣිමෙසූ’ති. එවඤ්හි තෙ, කස්සප, සික්ඛිතබ්බං.
තස්මාතිහ තෙ, කස්සප, එවං සික්ඛිතබ්බං - ‘යං කිඤ්චි ධම්මං සුණිස්සාමි කුසලූපසංහිතං සබ්බං තං අට්ඨිං කත්වා මනසි කරිත්වා සබ්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණිස්සාමී’ති. එවඤ්හි තෙ, කස්සප, සික්ඛිතබ්බං.
තස්මාතිහ
‘‘අථ ඛො මං, ආවුසො, භගවා ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උට්ඨායාසනා පක්කාමි. සත්තාහමෙව
‘‘අථ ඛො, ආවුසො, භගවා මග්ගා ඔක්කම්ම යෙන අඤ්ඤතරං රුක්ඛමූලං තෙනුපසඞ්කමි. අථ ඛ්වාහං, ආවුසො, පටපිලොතිකානං සඞ්ඝාටිං චතුග්ගුණං පඤ්ඤපෙත්වා භගවන්තං එතදවොචං - ‘ඉධ, භන්තෙ, භගවා නිසීදතු, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා’ති. නිසීදි ඛො, ආවුසො, භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො මං, ආවුසො, භගවා එතදවොච - ‘මුදුකා ඛො ත්යායං, කස්සප, පටපිලොතිකානං සඞ්ඝාටී’ති. ‘පටිග්ගණ්හාතු මෙ, භන්තෙ, භගවා පටපිලොතිකානං සඞ්ඝාටිං අනුකම්පං උපාදායා’ති. ‘ධාරෙස්සසි පන මෙ ත්වං, කස්සප, සාණානි පංසුකූලානි නිබ්බසනානී’ති. ‘ධාරෙස්සාමහං, භන්තෙ, භගවතො සාණානි පංසුකූලානි නිබ්බසනානී’ති. ‘‘සො
‘‘යඤ්හි තං, ආවුසො, සම්මා වදමානො වදෙය්ය - ‘භගවතො පුත්තො ඔරසො මුඛතො ජාතො ධම්මජො ධම්මනිම්මිතො ධම්මදායාදො, පටිග්ගහිතානි
‘‘අහං ඛො, ආවුසො, යාවදෙව ආකඞ්ඛාමි විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං
‘‘අහං ඛො, ආවුසො, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමි; සත්තරතනං වා, ආවුසො, නාගං අඩ්ඪට්ඨමරතනං වා තාලපත්තිකාය ඡාදෙතබ්බං මඤ්ඤෙය්ය, යො මෙ ඡ අභිඤ්ඤා ඡාදෙතබ්බං මඤ්ඤෙය්යා’’ති.
චවිත්ථ ච පන ථුල්ලනන්දා භික්ඛුනී බ්රහ්මචරියම්හාති. එකාදසමං.
|
154
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ඇවැත් මහා කස්සපතෙම රජගහනුවර කලන්දකනිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරනසේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම මහත්වූ භික්ෂු සංඝයා හා සමග ‘දක්ෂිණගිරියෙහි’ චාරිකාවෙහි හැසිරෙයි. එසමයෙහි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගේ බෙහෙවින් ළදරුවූ, තිසක් පමණ ශිෂ්‍ය භික්ෂූහු ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ගිහිවූවාහු වෙති.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවීරතෙම “දක්ෂිණ ගිරියෙහි” කැමතිතාක් චාරිකාවෙහි හැසිර, රජගහනුවර වේළුවන නම් “කලන්දක නිවාපය” යම් තැනෙක්හිද, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේට වැඳ, එක්පසක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්හට ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරයන් වහන්සේ මෙය කීයේය.
“ඇවැත් ආනන්දයෙනි, කිනම් අර්ථයක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි ‘තිකභෝජනය’ (ගණ භොජන ශික්ෂාපදය) පණවන ලදද?
“ස්වාමීනි, කරුණු තුනක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි ‘තිකභෝජනය’ පණවනලදී. (එනම්:-) දුශ්ශීල පුද්ගලයන්හට නිග්රහකිරීම පිණිසද, සිල්වත් භික්ෂූන්ගේ පාසුවිහරණය පිණිසත්, පාප අදහස් ඇත්තෝ පක්ෂයක් ගෙන සංඝයා භෙද නොකෙරෙත්වා කියාද කුලයන් කෙරෙහි අනුකම්පාව නිසාද යන කරුණු තුනය. ස්වාමීනි, කස්සප ස්ථවිරයන් වහන්ස, මේ තෙවැදැරුම් අර්ථය නිසා භාග්‍යවතුන්වහන්සේ කුලයන්හි ‘තිකභෝජනය’ පණවන ලදී” “ඇවැත් ආනන්දයිනි, එසේ තිබියදී නුඹ කවර කාරණයක් නිසා, මේ ඉන්ද්රිය සංවරයක් නැත්තාවූ, භෝජනයෙහි ප්‍රමාණය නොදන්නාවූ, නිදිවර්ජිත කිරීමෙහි නොයෙදුනාවූ’ අලුත් මහණුන් හා සමග චාරිකාවෙහි හැසිරෙයිද? බෝගපැල විනාශ කරමින් ඇවිදින්නෙහියයි හඟිමි. කුලයන් නසමින් ඇවිදින්නෙහියයි හඟිමි. ඇවැත් ආනන්දයිනි, තොපගේ මේ අලුත් පිළිවෙළින් තොපගේ පිරිස විනාශ වන්නීය. තොපගේ පිරිස බිඳෙන්නීය. මේ* කුමාර (ළදරු) තෙමේ තමාගේ ප්‍රමාණය නොදන්නේයයි කීය.”
“ස්වාමීනි, කස්සප ස්ථවිරයන් වහන්ස, මාගේ හිසකෙස් ද පැසීගොස්ය. එතකුදු වුවත් අපි අද දක්වාත් ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේගේ ළදරුවා කියා ආමන්ත්රණයකිරීමෙන් නොමිදෙමුයි කීයේය.”
“එය එසේමය. ඇවැත් ආනන්දය, නුඹ මේ ඉන්ද්රිය සංවරයක් නැත්තාවූ භෝජනයෙහි ප්‍රමාණය නොදන්නාවූ, නිදි වර්ජිත කිරීමෙහි නොයෙදුනාවූ, අලුත් මහණුන් හා සමග චාරිකාවෙහි හැසිරෙහිය. ධාන්‍ය පැල විනාශ කරමින් හැසිරෙහියයි හඟිමි. කුලයන් විනාශකරමින් හැසිරෙහියයි හඟිමි.
මහා කස්සප ස්ථවිරයන් වහන්සේ වයස්ගතවූ පසුත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට දරුවා කියා කථා කරති.
ඇවැත් ආනන්දය, නුඹගේ මේ අලුත් පිලිවෙළින් පිරිස බිඳෙයි ඇවැත් ආනන්දය, නුඹගේ පිරිස විනාශ වෙයි. මේ කුමාරයා (ළදරුවා) තමාගේ ප්‍රමාණය නොදන්නේයයි කීය.
මහා කස්සප ආර්‍ය්‍යයන් වහන්සේ විසින් පණ්ඩිත භික්ෂුවක්වූ, ආනන්ද ආර්‍ය්‍යයන් වහන්සේ කුමාර වාදයෙන් නින්දා කරනු ලැබුවේයයි ථුල්ලනන්දා නම් භික්ෂුණිය ඇසුවාය. ඉක්බිති එයින් නොසතුටු සිත් ඇත්තාවූ, ථුල්ල නන්දා භික්ෂුණිය නොසතුටු වචනයක් නිකුත්කළාය. (එනම්:) කිමෙක්ද? මහා කස්සප ආර්‍ය්‍යයන් වහන්සේ පෙර අන්‍ය තීර්ථකව විසුවාවූ මහා කස්සප ආර්‍ය්‍යයන් වහන්සේ පණ්ඩිත භික්ෂුවක්වූ, ආනන්ද ආර්‍ය්‍යයන් වහන්සේ කුමාර වාදයෙන් නින්දා කළයුත්තෙකැයි හඟින්නේද?” කියායි.
ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ ථුල්ල නන්දා භික්ෂුණිය විසින් කියනලද මේ වචනය ඇසූහ. ඉක්බිති ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්හට මෙය කීයේය. “ඇවැත් ආනන්දයිනි, ථුල්ලනන්දා භික්ෂුණිය විසින් ඉක්මන්වී, කරුණු නොසලකා වචනයක් කියනලදී. ඇවැත්නි, මම වනාහි යම් තැනක පටන් හිසකෙස් දැලිරවුල් බාවා, (බැහැර කරවා) කසාවත් හැඳ, අගාර නම් ලත් ගිහිගෙයින් නික්ම, අනගාරිය නම් ලත් ශාසනයෙහි පැවිදිවූයේ වෙම්ද, (එතැන් පටන් මම) ඒ භාග්‍යවත්වූ, අර්හත්වූ, සම්මා සම්බුදුන් හැර, අන්‍ය ශාස්තෘවරයකු දැක්වීමට නොදනිමි. ඇවැත්නි, පෙර ගිහිගෙයි වාසය කරන්නාවූ මට මේ සිත ඇතිවූයේය. ‘ගිහිගෙයි විසීම් අවහිරය. රජස් (දූවිලි) උපදනා තැනකි. පැවිදිවීම අබ්භොකාස්ථානයයි. (එළිමහන් තැනයි.) ගිහිගෙයි වසන්නන් විසින් ඒකාන්තයෙන් සම්පූර්ණවූ, ඒකාන්තයෙන් පිරිසිදුවූ, සෝදනලද හක්ගෙඩියක් මෙන් පිරිසිදුවූ මේ බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙන්නට පහසු නොවේ. මම කෙස් රවුළු කපා හැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම, අනගාරිකව, පැවිදි වන්නෙම් නම් ඉතා හොඳය කියායි. ඇවැත්නි, පසුව ඒ මම කපනලද රෙදි කැබලිවලින් දෙපට සිවුරක් කොට ලෝකයෙහි යම් රහත්හු වෙත්ද, ඒ රහතුන් උදෙසා කෙස් රවුළු කපා හැර, කසාවත් හැඳ, ගිහිගෙයින් නික්මී, අනගාරිකව පැවිදිවූයෙමි. ඒ මම මෙසේ පැවිදිව දීර්ඝ මාර්ගයට පිළිපන්නේ, රජගහනුවරටද, නාලන්දාවටද අතරෙහිවූ බහුපුත්තචෙතිය නම් ස්ථානයෙහි වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දැක්කෙමි. දැක, මට මේ සිත පහළවිය.
‘ඉදින් මම ශාස්තෲවරයෙකු දක්නෙම් නම් එය මේ භාග්‍යවතුන් වහන්සේම දැක්මය. ඉදින් මම සම්‍යක් ප්රතිපත්තියෙහි ගමන් කළ කෙනෙකු දැක්නෙම් නම් ඒ භාග්‍යවතුන් වහන්සේම දැක්මය. ඉදින් මම සියල්ල අවබෝධ කළ කෙනෙකු දක්නෙම් නම් ඒ භාග්‍යවතුන් වහන්සේම දැක්මය’ කියායි. ඇවැත්නි, ඒ මම වනාහි එහිදීම භාග්‍යවතුන් වහන්සේගේ සිරි පා දෙක ළඟ වැටී, භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෲන් වහන්සේ වනසේක. මම (ඔබවහන්සේගේ) ශ්‍රාවකයෙක් වෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෲන්වහන්සේ වනසේක. මම (ඔබවහන්සේගේ) ශ්‍රාවකයෙක් වෙමි.’ ඇවැත්නි, මෙසේ කී කල්හි මට භාග්‍යවතුන් වහන්සේ මෙය කීසේක. ‘කස්සපය, යමෙක් වනාහි මෙසේ මුළුහිතින්ම යුක්තවූ, ශ්රාවකයෙකුහට නොදැන දනිමියි කියයි නම්, නොදැක දක්නෙමියි කියයි නම් ඔහුගේ හිසද පැලෙන්නේය. කස්සපය, මම වනාහි දැනම දනිමියි කියමි. දැකම දකිමියි කියමි. එහෙයින් කස්සපය, මෙහිදී නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ස්ථවිර භික්ෂූන් කෙරෙහිද නවක භික්ෂූන් කෙරෙහිද, මද්ධ්‍යම භික්ෂූන් කෙරෙහිද, මාගේ තියුණුවූ හිරි ඔතප් (ලජ්ජා භය) දෙක එළඹ සිටියේ වන්නේය කියායි. කස්සපය, නුඹ මෙසේ හික්මිය යුතුයි. කස්සපය, මෙහිදී නුඹ මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) කුශලින් යුක්තවූ, යම්කිසි ධර්මයක් අසම්ද, ඒ සියල්ල අර්ථ සහිත කොට, මෙනෙහිකොට, මුළුසිතින් එක්තැන් කොට, යොමුකරනලද කන් ඇතිව, ධර්මය අසන්නෙමියි කියායි. කස්සපය, නුඹ මෙසේ හික්මිය යුතුයි. කස්සපය, මෙහිදී නුඹ මෙසේ හික්මිය යුතුයි.
(කෙසේද?) මාගේ සොම්නස් සහගත කායගතාසතිය අත්නොහරින්නේයයි කියායි. කස්සපය, නුඹ මෙසේ හික්මිය යුතුයි.
“ඇවත, ඊටපසු භාග්‍යවතුන් වහන්සේ මේ අවවාදයෙන් මට අවවාද කොට, හුනස්නෙන් නැඟිට වැඩිසේක.
“ඇවත, මම වනාහි සත් දිනක් පමණක් නය සහිත “රට්ඨපිණ්ඩය” (රටවැසියන් දෙන පිණ්ඩපාතය) අනුභව කෙළෙමි. ඉක්බිති අටවැනිදා රහත්ඵලය පහළවිය. ඉක්බිති ඇවත, භාග්‍යවතුන් වහන්සේ මගින් ඉවත්වී, යම් තැනෙක්හි එක්තරා රුක්මුලක් වූයේද එතැනට වැඩිසේක. ඇවත, අනතුරුව මම කඩකොට කපනලද රෙදි කැබලිවලින් කළ දෙපොට සිවුර සතරට නවා ආසනයක් පනවා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයෙමි. ‘ස්වාමීනි, මෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිනසේක්වා. එය මට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය’ කියායි. ඇවත, භාග්‍යවතුන් වහන්සේ පණවනලද ආසනයෙහි වැඩහුන්සේක. ඇවත, වැඩහුන්නාවූ, භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වදාළේය. ‘කස්සපය, තාගේ කැපූ රෙදිකැබලිවලින් කළ (පට පිලෝතිකය) දෙපොට සිවුර මෘදුය’ කියායි. ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මට අනුකම්පාකොට කැපූ රෙදි කැබලිවලින් කළ දෙපොට සිවුර පිළිගන්නාසේක්වායි’ කීයෙමි. කස්සපය, නුඹ හණ නූලින් කරනලද, (පාවිච්චිකිරීමෙන්) පරණවූ මාගේ පාංසුකූල චීවරය වනාහි දරන්නෙහිද? ‘ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ හණනූලින් කරනලද, (පාවිච්චිකිරීමෙන්) පරණවූ පාංසුකූල චීවරය දරන්නෙමි ඇවත, යම් ඒ පුද්ගලයෙක් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ලයෙන්ද මුඛයෙන්ද පහළවූ, ධර්මයෙන් උපන්නාවූ, ධර්මයෙන් නිර්මිතවූ, ධර්මයට දායාදකොට ඇත්තාවූ, පුත්‍රතෙම හන නූලෙන් කරනලද (පාවිච්චිකිරීමෙන්) පරණවූ පාංසුකූල සිවුර පිළිගත්තේයයි මනාකොට කියන්නේ නම් භාග්‍යවතුන් වහන්සේගේ ලයෙන් මුඛයෙන්ද පහළවූ, ධර්මයෙන් උපන්නාවූ, ධර්මයෙන් නිර්මිතවූ, ධර්මයට දායාදවූ, හණ නූලෙන් කරනලද, (පාවිච්චි කිරීමෙන්) පරණවූ පාංසුකූල සිවුර පිළිගත් පුත්‍රයාය යන මෙය මටම කියයුතු වන්නේය.”
“ඇවත, මම වනාහි යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශල ධර්මයන් වෙන්වම විතර්ක සහිතවූ විචාර රහිතවූ විතර්කයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරමි.
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒ තාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, හිතේ එකඟ බව ඇති කරන්නාවූ, විතර්ක රහිතවූ විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරමි.”
“ඇවත, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් කල් ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරමි. සිහියෙන් යුක්තවූයේ කයින් වින්දේමි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසයකරමි.
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සැපය නැතිකිරීමෙන්, දුක නැතිකිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරමි”
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, පටිඝ (ගැටීම්) සංඥාවන් නැතිකිරීමෙන්, නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, “ආකාසය අනන්තයයි” ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි.”
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්තයයි” විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි.
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.”
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා, නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා, සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරමි.’
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරමි) දක්වමි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙමි. බොහෝසේව එකෙක් වෙමි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යමි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කරමි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරමි. පක්ෂියකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යමි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගාමි. පිරිමදිමි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කරමි.”
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් කණ ඉක්මවා පැවැත්තාවූ, දිවකණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද, ළඟවූද ශබ්ද අසමි.
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ, අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනිමි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිතයයි දනිමි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනිමි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනිමි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනිමි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනිමි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනිමි. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනිමි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනිමි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනිමි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනිමි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනිමි. ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනිමි. සමාධිගතවූ සිත සමාධිගතවූ සිතයයි දනිමි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනිමි. (ක්ලේශයන්ගෙන්) මිදුනු සිත (ක්ලේශයන්ගෙන්) මිදුනු සිතයයි දනිමි. (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිතයයි දැනගනිමි.
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසයකළ තැන් සිහි කරමි. හේ කෙසේද? එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිහක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්දත නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේවීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දේවීමි. මෙබඳු ආයුෂ ඇත්තේවීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්මභාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරමි.”
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීරා) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකිමි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන්පහවූ නපුරුගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද.
මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටිකර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැනගනිමි.
“ඇවත, ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂයකිරීමෙන්, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුක්තියද (අර්හත්ඵල සමාධියද), පඤ්ඤා විමුක්තියද (අර්හත්ඵල ප්‍රඥාවද), මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කරමි.
“ඇවත, යමෙක් මාගේ ෂට්අභිඥාවන් වැසිය යුතුයයි හඟින්නේවේද, හෙතෙම හත්රියන් හෝ හත්රියන් හමාරක් හෝ වූ ඇතෙකු තල්පතකින් වැසිය යුතුයයි හඟින්නෙකු වැනිය. ථුල්ලනන්දා භික්ෂුණියද බ්‍රහ්මචරියාවෙන් (ශාසනයෙන්) චුතවූවාය.
(එකොළොස්වෙනි චීවර සූත්‍රය නිමි.)
|
12. පරංමරණසුත්තං | 12. පරම්මරණ සූත්‍රය |
155
එකං සමයං ආයස්මා ච මහාකස්සපො ආයස්මා ච සාරිපුත්තො
‘‘අථ කිඤ්චරහාවුසො, බ්යාකතං භගවතා’’ති? ‘‘ඉදං ‘දුක්ඛ’න්ති ඛො
|
155
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද බරණැස්නුවර මිගදායෙහි ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති, ආයුෂ්මත් ශාරිපුත්රස්ථවිරතෙමේ සවස් කාලයෙහි විවේක ස්ථානයෙහි නැඟී සිටියේ, ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරතෙම යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් හා සමග සතුටුවූයේය. සතුටු විය යුතුවූත් සිහිකටයුතුවූත් කථාවකොට නිමවා, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවු ආයුෂ්මත් ශාරිපුත්රතෙම ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන්හට මෙය කීයේය.
“ඇවැත් කස්සපය, කිමෙක්ද? සත්වතෙම මරණින් පසුවෙයිද? ඇවත, සත්වයා මරණින් පසුවෙයි යනමෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණලදී. කිමෙක්ද ඇවත, සත්වයා මරණින් පසු නොවෙයිද? සත්වයා මරණින් පසු නොවෙයි යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී. කිමෙක්ද? ඇවත සත්වයා මරණින් පසු වන්නේත්, නොවන්නේත් වෙයිද? ඇවත, සත්වයා මරණින් පසු වන්නේත්, නොවන්නේත් වෙයි යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී. කිමෙක්ද ඇවත? සත්වයා මරණින් පසු නොවන්නේත්, නොවනු නොවන්නේත් වෙයිද? ඇවත, සත්වයා මරණින් පසු සත්වයෙක් නොවන්නේත්, නොවනු නොවන්නේත් වෙයි යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී. ඇවැත, කුමක් හෙයින් මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදද? ඇවත, මෙය වනාහි අර්ථසහිතවූවක් නොවන්නේය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට පූර්වභාග ප්‍රතිපදාවක් නොවන්නේය. එසේම කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද, දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිර්වාණය පිණිසද නොවන්නේය. ඒ නිසා එය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී.”
“ඇවැත, එසේනම් කුමක් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදද? ඇවත, මෙය වනාහි දුකයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. මෙය දුක්ඛසමුදයයි (දුක් ඇතිවීමේ හේතුවයයි) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. මෙය දුක්ඛ නිරෝධයයි (දුක් නැතිවීමයයි) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. මෙය දුක්ඛ නිරෝධ ගාමිනීපටිපදාවයයි (දුක් නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගයයි) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. ඇවත, මෙය කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද? ඇවත, මෙය වනාහි අර්ථසහිත වන්නේය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට පූර්වභාග ප්‍රතිපදාව වන්නේය. එසේම කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද, දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිර්වාණය පිණිසද, වන්නේය. ඒ නිසා එය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.”
(දොළොස්වෙනි පරම්මරණ සූත්‍රය නිමි.)
|
13. සද්ධම්මප්පතිරූපකසුත්තං | 13. සද්ධම්මප්පතිරූපක සූත්‍රය |
156
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා මහාකස්සපො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං
‘‘සෙය්යථාපි, කස්සප, න තාව ජාතරූපස්ස අන්තරධානං
‘‘න ඛො, කස්සප, පථවීධාතු සද්ධම්මං අන්තරධාපෙති, න ආපොධාතු සද්ධම්මං අන්තරධාපෙති, න තෙජොධාතු සද්ධම්මං අන්තරධාපෙති, න වායොධාතු සද්ධම්මං අන්තරධාපෙති; අථ ඛො ඉධෙව තෙ උප්පජ්ජන්ති මොඝපුරිසා යෙ ඉමං සද්ධම්මං අන්තරධාපෙන්ති. සෙය්යථාපි, කස්සප, නාවා ආදිකෙනෙව ඔපිලවති; න ඛො, කස්සප, එවං සද්ධම්මස්ස අන්තරධානං හොති.
‘‘පඤ්ච ඛොමෙ, කස්සප, ඔක්කමනියා ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච? ඉධ, කස්සප, භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො සත්ථරි අගාරවා විහරන්ති අප්පතිස්සා, ධම්මෙ අගාරවා විහරන්ති අප්පතිස්සා, සඞ්ඝෙ අගාරවා විහරන්ති අප්පතිස්සා, සික්ඛාය
‘‘පඤ්ච ඛොමෙ, කස්සප, ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය
|
156
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක.
ඉක්බිති, ආයුෂ්මත් මහා කස්සපතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් මහාකාශ්‍යපතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, යම්හෙයකින් පෙර ශික්ෂාපදයෝ ඉතා ස්වල්ප වූවාහුද බොහෝවූ භික්ෂූහු රහත් බැව්හි පිහිටියාහුද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? ස්වාමීනි, යම් හෙයකින් දැන් ශික්ෂාපදයෝ ඉතා බොහෝ වූවාහුද ඉතා ස්වල්පවූ භික්ෂූහු රහත්බැව්හි පිහිටියාහුද, ඊට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද?” ‘කස්සපය, මෙය වනාහි මෙසේ වෙයි. සත්වයන් පිරිහෙන කල්හි සද්ධර්මය අන්තර්ධාන වන කල්හි ශික්ෂාපද ඉතා බොහෝ වෙත්. ඉතා ස්වල්පවූ භික්ෂූහු රහත්බැව්හි පිහිටත්. කස්සපය, යම්තාක් ලෝකයෙහි “සද්ධර්ම ප්රතිරූපකයන් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) නූපදීද, ඒතාක් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය, යම්තැනක පටන් ලෝකයෙහි සද්ධර්මප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) උපදීද, එකල්හි සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි. කස්සපය, යම්සේ වනාහි යම්තාක්කල් ජාතරූප ප්‍රතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි නූපදීද, ඒතාක්කල් ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධාන නොවේ. කස්සපය, යම් තැනක පටන් ජාතරූප පතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි උපදීද, අනතුරුව ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධානය වෙයි. කස්සපය, මෙසේම වනාහි යම්තාක්කල් සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි නූපදීද? ඒතාක්කල් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය, යම්තැනක පටන් සද්ධර්මප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි උපදීද, එකල්හි සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි.
“කස්සපය, පඨවීධාතුව සද්ධර්මය අන්තර්ධාන නො කෙරෙයි. අපොධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. තේජෝධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. වායෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. එතකුදුවුවත් මේ ශාසනයෙහිම ඒ සද්ධර්මය අන්තර්ධාන කරන්නාවූ මෝඩ (හිස්) පුරුෂයෝ උපදිති. කස්සපය, යම්සේ වනාහි නැවක් බඩු පිරවීමෙන්ම කිඳෙයිද, කස්සපය සද්ධර්මය වනාහි එසේ පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති පිරීමෙන් අන්තර්ධාන නොවේ.
කස්සපය, සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස අන්තර්ධානවීම පිණිස පවත්නාවූ මේ ධර්මයෝ පස්දෙනෙක් වෙත්. කවර පසක්ද? කස්සපය, මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද, ධර්මය කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද, සංඝයා කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, සමාධිය කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, කස්සපය මේ කරුණු පස සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස, අන්තර්ධානවීම පිණිස පවත්නා කරුණු වෙත්.
“කස්සපය, සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, නැති නොවීම පිණිස, අන්තර්ධාන නොවීම පිණිස පවත්නාවූ කරුණු පසක් වෙත්. කවර පසක්ද? කස්සපය, මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂූණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෲන්වහන්සේ කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් ඇතිව වාසය කෙරෙත්ද, ධර්මය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වාසය කෙරෙත්ද, සංඝයා කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙත්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙද්ද සමාධිය කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙත්ද, කස්සපය මේ ධර්මයෝ පස්දෙන වනාහි සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, නැති නොවීම පිණිස, අන්තර්ධාන නොවීම පිණිස පවත්නාහුය.
(දහතුන්වෙනි සද්ධම්මපතිරූපක සූත්‍රය නිමි.)
|