ත්‍රිපිටකය
5. කස්සපසංයුත්තං 5. කස්සප සංයුත්තය
1. සන්තුට්ඨසුත්තං 1. සන්තුට්ඨි සූත්‍රය
144
සාවත්ථියං විහරති...පෙ.... ‘‘සන්තුට්ඨායං (සන්තුට්ඨොයං (සී.)), භික්ඛවෙ, කස්සපො ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී; න ච චීවරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති; අලද්ධා ච චීවරං න පරිතස්සති; ලද්ධා ච චීවරං අගධිතො (අගථිතො (සී.)) අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති’’.
‘‘සන්තුට්ඨායං, භික්ඛවෙ, කස්සපො ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී; න ච පිණ්ඩපාතහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති; අලද්ධා ච පිණ්ඩපාතං න පරිතස්සති; ලද්ධා ච පිණ්ඩපාතං අගධිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති.
‘‘සන්තුට්ඨායං, භික්ඛවෙ, කස්සපො ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී; න ච සෙනාසනහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති; අලද්ධා ච සෙනාසනං න පරිතස්සති; ලද්ධා ච සෙනාසනං අගධිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති.
‘‘සන්තුට්ඨායං, භික්ඛවෙ, කස්සපො ඉතරීතරෙන ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන, ඉතරීතරගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරසන්තුට්ඨියා ච වණ්ණවාදී; න ච ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති; අලද්ධා ච ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං න පරිතස්සති; ලද්ධා ච ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං අගධිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති.
‘‘තස්මාතිහ , භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘සන්තුට්ඨා භවිස්සාම ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදිනො; න ච චීවරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජිස්සාම; අලද්ධා ච චීවරං න ච පරිතස්සිස්සාම; ලද්ධා ච චීවරං අගධිතා අමුච්ඡිතා අනජ්ඣාපන්නා ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා පරිභුඤ්ජිස්සාම’’’. (එවං සබ්බං කාතබ්බං).
‘‘‘සන්තුට්ඨා භවිස්සාම ඉතරීතරෙන පිණ්ඩපාතෙන...පෙ.... සන්තුට්ඨා භවිස්සාම ඉතරීතරෙන සෙනාසනෙන...පෙ.... සන්තුට්ඨා භවිස්සාම ඉතරීතරෙන ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන, ඉතරීතරගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරසන්තුට්ඨියා ච වණ්ණවාදිනො; න ච ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජිස්සාම අලද්ධා ච ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං න පරිතස්සිස්සාම; ලද්ධා ච ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං අගධිතා අමුච්ඡිතා අනජ්ඣාපන්නා ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා පරිභුඤ්ජිස්සාමා’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං. කස්සපෙන වා හි වො, භික්ඛවෙ, ඔවදිස්සාමි යො වා පනස්ස (යො වා පන (සී.), යො වා (පී.)) කස්සපසදිසො, ඔවදිතෙහි ච පන වො තථත්තාය පටිපජ්ජිතබ්බ’’න්ති. පඨමං.
144
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මහා කස්සපතෙමේ ලැබුණු යම් කිසි සිවුරකින් සතුටු වන්නෙක්ව ලැබුණු යම්කිසි සිවුරකින් සතුටු වීමෙහි ගුණ කියන්නේද වෙයි. සිවුරු උදෙසා නුසුදුසුවූ සිවුරු සැපයීමට නොබසී, සිවුරු නොලැබීම හේතු කොට ගෙන නොතැවෙයි. ලැබුවාවූද, සිවුරු තෘෂ්ණාවෙන් නොබැඳී මූර්ඡා නොවී තෘෂ්ණාවට යට නොවී ආදීනව දකිමින් සසරින් නික්මෙත්, නුවණින් යුක්තව පරිභොග කරයි.
“මහණෙනි, ලැබෙන යම්කිසි පිණ්ඩපාතයෙන්ද සතුටුවූ මේ මහා කස්සපතෙම (එහි) ගුණ කියන්නේ වෙයි. පිණ්ඩපාත හේතුවෙන් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීමකට නොපැමිණෙයි. නොලද්දාවූ, පිණ්ඩපාතය ගැන නොතැවෙයි, ලද්දාවූ පිණ්ඩපාතය ගැන පහවූ ලෝභ ඇත්තේ, අධික තණ්හාවෙන් මුළා නොවූයේ, තණ්හාවෙන් යට නොවූයේ ආදීනව (දොස්) දක්නේ, සසරින් එතරවීමේ නුවණින් යුක්ත වූයේ වළඳයි. (පරිභෝග කෙරෙයි.)
“මහණෙනි, ලැබෙන යම්කිසි සේනාසනයෙන්ද, සතුටුවූ, මේ මහා කස්සපතෙම (එහි) ගුණ කියන්නේ වෙයි. සේනාසන හේතුවෙන් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීමකට නොපැමිණෙයි. නොලද්දාවූ සේනාසන ගැන නොතැවෙයි. ලද්දාවූ සේනාසන ගැන පහවූ ලෝභ ඇත්තේ, අධික තණ්හාවෙන් මුළා නොවූයේ, තණ්හාවෙන් යට නොවූයේ ආදීනව (දොස්) දක්නේ, සසරින් එතර වීමේ නුවණින් යුක්තවූයේ වළඳයි. (පරිභෝග කෙරෙයි.)
“මහණෙනි, ලැබෙන යම්කිසි ගිලන්පස බෙහෙත් පිරිකරයෙන්ද, සතුටුවූ, මේ මහා කස්සපතෙම (එහි) ගුණ කියන්නේ වෙයි. ගිලන්පස බෙහෙත් පිරිකර හේතුවෙන් නුසුදුසුවූ, අයොග්‍ය සෙවීමකට නොපැමිණෙයි. නොලද්දාවූ, ගිලන්පස බෙහෙත් පිරිකර ගැන නොතැවෙයි. ලද්දාවූ, ගිලන්පස බෙහෙත් පිරිකර ගැන පහවූ ලෝභ ඇත්තේ, අධික තණ්හාවෙන් මුළා නොවූයේ, තණ්හාවෙන් යට නොවූයේ ආදීනව (දොස්) දක්නේ, සසරින් එතර වීමේ නුවණින් යුක්තවූයේ වළඳයි. (පරිභෝග කෙරෙයි.)
“මහණෙනි, එනිසා මෙහිදී, මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ලැබුණු යම් ඒ සිවුරකින් සතුටු වන්නෙමු. ලැබුණු යම් ඒ සිවුරකින් සතුටුවීමෙහි ගුණ කියන්නෝ වෙමු. සිවුරු නිසා නුසුදුසුවූ, නුසුදුසු සෙවීමකට නොපැමිණෙන්නෙමු සිවුරු නොලැබීම හේතුකොටගෙන නොතැවෙන්නෙමු. සිවුරු ලැබීම නිසා තණ්හාවෙන් නොබැඳී මුර්ඡා නොවී නොගිලී ආදීනව දකිමින් සසරින් එතරවන නුවණින් යුක්තව පරිභෝග කරන්නෙමු. ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් ලැබෙන යම්කිසි පිණ්ඩපාතයකින් සතුටු වූවෝ, (එහි) ගුණ කියන්නෝ වෙමු. පිණ්ඩපාත හේතුවෙන් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීමකට නොපැමිණෙන්නෙමු. නොලද්දාවූ, පිණ්ඩපාතය ගැණ නොතැවෙන්නෙමු. ලද්දාවූ පිණ්ඩපාතයෙහි පහවූ ලෝභ ඇත්තෝ, අධිකවූ තණ්හාවෙන් මුළා නොවූවෝ, තණ්හාවෙන් යට නොවූවෝ ආදීනව (දොස්) දක්නෝ, එතර වීමේ නුවණින් යුක්තවූවෝ පරිභෝග කරන්නෙමු. (වළඳින්නෙමු.)
“මහණෙනි, ලැබුණු යම්කිසි සේනාසනයකින් සතුටු වූවෝ, (එහි) ගුණ කියන්නෝ වෙමු. සේනාසන හේතුවෙන් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීමකට නොපැමිණෙන්නෙමු. නොලද්දාවූ, සේනාසනය ගැණ නොතැවෙන්නෙමු. ලද්දාවූ සේනාසනයෙහි පහවූ ලෝභ ඇත්තෝ, අධිකවූ තණ්හාවෙන් මුළා නොවූවෝ, තණ්හාවෙන් යට නොවූවෝ ආදීනව (දොස්) දක්නෝ, එතරවීමේ නුවණින් යුක්තවූවෝ පරිභෝග කරන්නෙමු. (වළඳන්නෙමු.)
“මහණෙනි, ලැබුණු යම්කිසි ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වූවෝ, (එහි) ගුණ කියන්නෝවෙමු. ගිලන්පස බෙහෙත් පිරිකර හේතුවෙන් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීමකට නොපැමිණෙන්නෙමු. නොලද්දාවූ, ගිලන්පස බෙහෙත් පිරිකර ගැණ නොතැවෙන්නෙමු. ලද්දාවූ ගිලන්පස බෙහෙත් පිරිකරයෙහි පහවූ ලෝභ ඇත්තෝ, අධිකවූ තණ්හාවෙන් මුළා නොවූවෝ, තණ්හාවෙන් යට නොවූවෝ ආදීනව (දොස්) දක්නෝ, එතරවීමේ නුවණින් යුක්තවූවෝ පරිභෝග කරන්නෙමු. (වළඳන්නෙමු.)
“මහණෙනි, මෙසේ වනාහි හික්මිය යුතුයි. මහණෙනි, (මම) ඒ නුඹලාට කස්සපයන් හා සමාන වීම පිණිස අවවාද කරන්නෙමි. යමෙක් වනාහි කස්සපයන් හා සමානවේද, අවවාද කරන ලද්දාවූ තොප විසිනුදු එසේ වීම සඳහා පිළිපැදිය යුතුයි.
(පළමුවෙනි සන්තුට්ඨි සූත්‍රය නිමි.)
2. අනොත්තප්පීසුත්තං 2. අනොත්තාපී සූත්‍රය
3. චන්දූපමසුත්තං 3. චන්දූපමා සූත්‍රය
4. කුලූපකසුත්තං 4. කුලුපග සූත්‍රය
5. ජිණ්ණසුත්තං 5. ජිණ්ණ සූත්‍රය
6. ඔවාදසුත්තං 6. ඕවාද සූත්‍රය
7. දුතියඔවාදසුත්තං 7. ඕවාද සූත්‍රය
8. තතියඔවාදසුත්තං 8. ඕවාද සූත්‍රය
9. ඣානාභිඤ්ඤසුත්තං 9. ඣානාභිඤ්ඤා සූත්‍රය
10. උපස්සයසුත්තං 10. උපස්සය සූත්‍රය
11. චීවරසුත්තං 11. චීවර සූත්‍රය
12. පරංමරණසුත්තං 12. පරම්මරණ සූත්‍රය
13. සද්ධම්මප්පතිරූපකසුත්තං 13. සද්ධම්මප්පතිරූපක සූත්‍රය