ත්‍රිපිටකය
4. අනමතග්ගසංයුත්තං 4. අනමතග්ග සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්ගය
1. තිණකට්ඨසුත්තං 1. තිණකට්ඨ සූත්‍රය
2. පථවීසුත්තං 2. පඨවි සූත්‍රය
3. අස්සුසුත්තං 3. අස්සු සූත්‍රය
4. ඛීරසුත්තං 4. ඛීර සූත්‍රය
5. පබ්බතසුත්තං 5. පබ්බත සූත්‍රය
6. සාසපසුත්තං 6. සාසප සූත්‍රය
7. සාවකසුත්තං 7. සාවක සූත්‍රය
130
සාවත්ථියං විහරති. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා...පෙ.... එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘කීවබහුකා නු ඛො, භන්තෙ, කප්පා අබ්භතීතා අතික්කන්තා’’ති? ‘‘බහුකා ඛො, භික්ඛවෙ , කප්පා අබ්භතීතා අතික්කන්තා. තෙ න සුකරා සඞ්ඛාතුං - ‘එත්තකා කප්පා ඉති වා, එත්තකානි කප්පසතානි ඉති වා, එත්තකානි කප්පසහස්සානි ඉති වා, එත්තකානි කප්පසතසහස්සානි ඉති වා’’’ති.
‘‘සක්කා පන, භන්තෙ, උපමං කාතු’’න්ති? ‘‘සක්කා, භික්ඛවෙ’’ති භගවා අවොච. ‘‘ඉධස්සු, භික්ඛවෙ, චත්තාරො සාවකා වස්සසතායුකා වස්සසතජීවිනො. තෙ දිවසෙ දිවසෙ කප්පසතසහස්සං කප්පසතසහස්සං අනුස්සරෙය්‍යුං. අනනුස්සරිතාව භික්ඛවෙ, තෙහි කප්පා අස්සු, අථ ඛො තෙ චත්තාරො සාවකා වස්සසතායුකා වස්සසතජීවිනො වස්සසතස්ස අච්චයෙන කාලං කරෙය්‍යුං. එවං බහුකා ඛො, භික්ඛවෙ, කප්පා අබ්භතීතා අතික්කන්තා. තෙ න සුකරා සඞ්ඛාතුං - ‘එත්තකා කප්පා ඉති වා, එත්තකානි කප්පසතානි ඉති වා, එත්තකානි කප්පසහස්සානි ඉති වා, එත්තකානි කප්පසතසහස්සානි ඉති වා’ති. තං කිස්ස හෙතු? අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො...පෙ.... අලං විමුච්චිතු’’න්ති. සත්තමං.
130
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.
“ස්වාමීනි, කොපමණ බහුලවූ කල්පයෝ වනාහි අතීත වූවාහුද, ඉක්ම ගියාහුද?”
“මහණෙනි, බොහෝ කල්පයෝ අතීත වූවාහුය. ඉක්ම ගියාහුය. ඒ ඉකුත්වූ කල්පයන් මෙතෙක් කල්පය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ, මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ, මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.”
“ස්වාමීනි, උපමාවක් දේශනා කිරීමට හැක්කේද?”
“මහණෙනි, හැකියයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණෙනි, මේ ශාසනයෙහි අවුරුදු සියයක් ආයුෂ ඇත්තාවූ, අවුරුදු සියයක් ජීවත් වන්නාවූ, ශ්‍රාවකයෝ සතර දෙනෙක් ඇත්තාහුය. ඒ ශ්‍රාවකයෝ දිනපතා කල්ප ලක්ෂයක් කල්ප ලක්ෂයක් බැගින් සිහි කරන්නාහුය. මහණෙනි, ඒ ශ්‍රාවකයන් විසින් කල්පයෝ සිහිනොකරන ලද්දාහුම වූවාහුය. ඉක්බිති, ඒ අවුරුදු සියයක් ආයුෂ ඇත්තාවූ, අවුරුදු සියයක් ජීවත්වන්නාවූ, ඒ ශ්‍රාවකයෝ සතරදෙන අවුරුදු සියයක්, අවුරුදු සියයක්හුගේ ඇවෑමෙන් කාලක්‍රියා කරන්නාහුය.
“මහණෙනි, මෙසේ වනාහි බොහෝ කල්පයෝ අතීත වූවාහුය. ඉක්ම ගියාහුය. ඒ කල්පයන් මෙතෙක් කල්පය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ. ඊට හේතුව කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුනු, තණ්හාවෙන් බැඳුනු ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයාගේ මේ සංසාරය නොදක්නා ලද, අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
(හත්වෙනි සාවක සූත්‍රය නිමි.)
8. ගඞ්ගාසුත්තං 8. ගංගා සූත්‍රය
9. දණ්ඩසුත්තං 9. දණ්ඩ සූත්‍රය
10. පුග්ගලසුත්තං 10. පුග්ගල සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවැනි වර්ගය
1. දුග්ගතසුත්තං 1. දුග්ගත සූත්‍රය
2. සුඛිතසුත්තං 2. සුඛිත සූත්‍රය
3. තිංසමත්තසුත්තං 3. තිංස සූත්‍රය
4. මාතුසුත්තං 4. මාතා සූත්‍රය
5. පිතුසුත්තං 5. පිතු සූත්‍රය
6. භාතුසුත්තං 6. භාතු සූත්‍රය
7. භගිනිසුත්තං 7. භගිනි සූත්‍රය
8. පුත්තසුත්තං 8. පුත්ත සූත්‍රය
9. ධීතුසුත්තං 9. ධීතු සූත්‍රය
10. වෙපුල්ලපබ්බතසුත්තං 10. වේපුල්ල සූත්‍රය