ත්‍රිපිටකය
4. අනමතග්ගසංයුත්තං 4. අනමතග්ග සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්ගය
1. තිණකට්ඨසුත්තං 1. තිණකට්ඨ සූත්‍රය
2. පථවීසුත්තං 2. පඨවි සූත්‍රය
3. අස්සුසුත්තං 3. අස්සු සූත්‍රය
4. ඛීරසුත්තං 4. ඛීර සූත්‍රය
5. පබ්බතසුත්තං 5. පබ්බත සූත්‍රය
128
සාවත්ථියං විහරති...පෙ.... ආරාමෙ. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කීවදීඝො නු ඛො, භන්තෙ, කප්පො’’ති? ‘‘දීඝො ඛො, භික්ඛු, කප්පො. සො න සුකරො සඞ්ඛාතුං එත්තකානි වස්සානි ඉති වා, එත්තකානි වස්සසතානි ඉති වා, එත්තකානි වස්සසහස්සානි ඉති වා, එත්තකානි වස්සසතසහස්සානි ඉති වා’’ති.
‘‘සක්කා පන, භන්තෙ, උපමං කාතු’’න්ති? ‘‘සක්කා, භික්ඛූ’’ති භගවා අවොච. ‘‘සෙය්‍යථාපි , භික්ඛු, මහාසෙලො පබ්බතො යොජනං ආයාමෙන යොජනං විත්ථාරෙන යොජනං උබ්බෙධෙන අච්ඡින්නො අසුසිරො එකග්ඝනො. තමෙනං පුරිසො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන කාසිකෙන වත්ථෙන සකිං සකිං පරිමජ්ජෙය්‍ය. ඛිප්පතරං ඛො සො, භික්ඛු, මහාසෙලො පබ්බතො ඉමිනා උපක්කමෙන පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්‍ය , න ත්වෙව කප්පො. එවං දීඝො, භික්ඛු, කප්පො. එවං දීඝානං ඛො, භික්ඛු , කප්පානං නෙකො කප්පො සංසිතො, නෙකං කප්පසතං සංසිතං, නෙකං කප්පසහස්සං සංසිතං, නෙකං කප්පසතසහස්සං සංසිතං. තං කිස්ස හෙතු? අනමතග්ගොයං, භික්ඛු, සංසාරො. පුබ්බා කොටි...පෙ.... යාවඤ්චිදං, භික්ඛු, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතු’’න්ති. පඤ්චමං.
128
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, කල්පය වනාහි කොතරම් දීර්ඝවේද?”
“මහණෙනි, කල්පය වනාහි දීර්ඝය. එය මෙතෙක් අවුරුදුය කියා හෝ මෙතෙක් අවුරුදු සියයක්ය කියා හෝ මෙතෙක් අවුරුදු දහසක්ය කියා හෝ මෙතෙක් අවුරුදු ලක්ෂයක්ය හෝ කියා ගණන් කිරීමට පහසු නොවේ. “ස්වාමීනි, උපමාවක් දේශනා කිරීමට හැක්කේද?”
“මහණ, හැකියයි” භාග්‍යවතුන්වහන්සේ වදාළසේක. “මහණ, යම්සේ වනාහි දිගින් යොදුනක් ඇති, පුළුලින් යොදුනක් ඇති, උසින් යොදුනක් ඇති, පලුදු රහිතවූ, සිදුරු රහිතවූ, ඒකඝනවූ, මහා ගල් පර්වතයක් වේද, ඒ ගල් පර්වතය පුරුෂයෙක් අවුරුදු සියයකට සියයකට වරක් කසී සලුවකින් පිරිමදින්නේ වේද, මහණ, මේ ආකාරයෙන් ඒ මහා ගල් පර්වතය ගෙවීමට කෙළවරවීමට යන්නේය. කල්පය කෙළවර නොවන්නේය.
“මහණ, කල්පය වනාහි මෙසේ දීර්ඝය. මහණ මෙසේ දීර්ඝවූ කල්පයන්ගෙන් නොයෙක් කල්ප සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප සියගණන් සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප දහස්ගණන් සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප ලක්ෂගණන් සැරිසරන ලද්දේය. ඊට හේතුව කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නො දකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
(පස්වෙනි පබ්බත සූත්‍රය නිමි)
6. සාසපසුත්තං 6. සාසප සූත්‍රය
7. සාවකසුත්තං 7. සාවක සූත්‍රය
8. ගඞ්ගාසුත්තං 8. ගංගා සූත්‍රය
9. දණ්ඩසුත්තං 9. දණ්ඩ සූත්‍රය
10. පුග්ගලසුත්තං 10. පුග්ගල සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවැනි වර්ගය
1. දුග්ගතසුත්තං 1. දුග්ගත සූත්‍රය
2. සුඛිතසුත්තං 2. සුඛිත සූත්‍රය
3. තිංසමත්තසුත්තං 3. තිංස සූත්‍රය
4. මාතුසුත්තං 4. මාතා සූත්‍රය
5. පිතුසුත්තං 5. පිතු සූත්‍රය
6. භාතුසුත්තං 6. භාතු සූත්‍රය
7. භගිනිසුත්තං 7. භගිනි සූත්‍රය
8. පුත්තසුත්තං 8. පුත්ත සූත්‍රය
9. ධීතුසුත්තං 9. ධීතු සූත්‍රය
10. වෙපුල්ලපබ්බතසුත්තං 10. වේපුල්ල සූත්‍රය