ත්‍රිපිටකය
4. අනමතග්ගසංයුත්තං 4. අනමතග්ග සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්ගය
1. තිණකට්ඨසුත්තං 1. තිණකට්ඨ සූත්‍රය
2. පථවීසුත්තං 2. පඨවි සූත්‍රය
3. අස්සුසුත්තං 3. අස්සු සූත්‍රය
4. ඛීරසුත්තං 4. ඛීර සූත්‍රය
127
සාවත්ථියං විහරති...පෙ.... ‘‘අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං මාතුථඤ්ඤං පීතං, යං වා චතූසු මහාසමුද්දෙසු උදක’’න්ති? ‘‘යථා ඛො මයං , භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාම, එතදෙව, භන්තෙ, බහුතරං යං නො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං මාතුථඤ්ඤං පීතං, න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදක’’න්ති.
‘‘සාධු සාධු, භික්ඛවෙ, සාධු ඛො මෙ තුම්හෙ, භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ. එතදෙව, භික්ඛවෙ, බහුතරං යං වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං මාතුථඤ්ඤං පීතං, න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදකං. තං කිස්ස හෙතු? අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො...පෙ.... අලං විමුච්චිතු’’න්ති. චතුත්ථං.
127
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ දීර්ඝ කාලය තුළ ඇවිදින ලද හැසිරෙන ලද, තොප විසින් පානය කරන ලද යම් මව් කිරක් වේද, සතර මහා සාගරයෙහි යම් දියක් වේද, මේ දෙකින් කුමක් වනාහි ඉතා අධික වේද?
“ස්වාමීනි, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දනිමු, ස්වාමීනි, අප විසින් මේ දීර්ඝ කාලය තුළ ඇවිදින ලද හැසිරෙන ලද පානය කරන ලද යම් මව් කිරක් වේද, මෙයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.”
“මහණෙනි, යහපති! යහපති!! මහණෙනි, මා විසින් දේශනා කරන ලද ධර්මය තොපි එසේ දන්නහුය. මහණෙනි, මේ දීර්ඝ කාලයෙහි ඇවිදින ලද හැසිරෙන ලද තොප විසින් පානය කරන ලද, යම් මව් කිරක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය. ඊට හේතුව කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරනලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
(සතරවෙනි ඛීර සූත්‍රය නිමි.)
5. පබ්බතසුත්තං 5. පබ්බත සූත්‍රය
6. සාසපසුත්තං 6. සාසප සූත්‍රය
7. සාවකසුත්තං 7. සාවක සූත්‍රය
8. ගඞ්ගාසුත්තං 8. ගංගා සූත්‍රය
9. දණ්ඩසුත්තං 9. දණ්ඩ සූත්‍රය
10. පුග්ගලසුත්තං 10. පුග්ගල සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවැනි වර්ගය
1. දුග්ගතසුත්තං 1. දුග්ගත සූත්‍රය
2. සුඛිතසුත්තං 2. සුඛිත සූත්‍රය
3. තිංසමත්තසුත්තං 3. තිංස සූත්‍රය
4. මාතුසුත්තං 4. මාතා සූත්‍රය
5. පිතුසුත්තං 5. පිතු සූත්‍රය
6. භාතුසුත්තං 6. භාතු සූත්‍රය
7. භගිනිසුත්තං 7. භගිනි සූත්‍රය
8. පුත්තසුත්තං 8. පුත්ත සූත්‍රය
9. ධීතුසුත්තං 9. ධීතු සූත්‍රය
10. වෙපුල්ලපබ්බතසුත්තං 10. වේපුල්ල සූත්‍රය