ත්‍රිපිටකය
4. අනමතග්ගසංයුත්තං 4. අනමතග්ග සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්ගය
1. තිණකට්ඨසුත්තං 1. තිණකට්ඨ සූත්‍රය
2. පථවීසුත්තං 2. පඨවි සූත්‍රය
3. අස්සුසුත්තං 3. අස්සු සූත්‍රය
126
සාවත්ථියං විහරති...පෙ.... ‘‘අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං අමනාපසම්පයොගා මනාපවිප්පයොගා කන්දන්තානං රොදන්තානං (රුදන්තානං (සී.)) අස්සු පස්සන්නං (පස්සන්දං (ක. සී.), පසන්දං (ස්‍යා. කං.), පසන්නං (පී. ක.)) පග්ඝරිතං, යං වා චතූසු මහාසමුද්දෙසු උදක’’න්ති? ‘‘යථා ඛො මයං, භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාම, එතදෙව, භන්තෙ, බහුතරං යං නො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං අමනාපසම්පයොගා මනාපවිප්පයොගා කන්දන්තානං රොදන්තානං අස්සු පස්සන්නං පග්ඝරිතං, න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදක’’න්ති.
‘‘සාධු සාධු, භික්ඛවෙ, සාධු ඛො මෙ තුම්හෙ, භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ. එතදෙව, භික්ඛවෙ, බහුතරං යං වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං අමනාපසම්පයොගා මනාපවිප්පයොගා කන්දන්තානං රොදන්තානං අස්සු පස්සන්නං පග්ඝරිතං, න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදකං. දීඝරත්තං වො, භික්ඛවෙ, මාතුමරණං පච්චනුභූතං; තෙසං වා මාතුමරණං පච්චනුභොන්තානං අමනාපසම්පයොගා මනාපවිප්පයොගා කන්දන්තානං රොදන්තානං අස්සු පස්සන්නං පග්ඝරිතං, න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදකං. දීඝරත්තං වො, භික්ඛවෙ, පිතුමරණං පච්චනුභූතං ...පෙ.... භාතුමරණං පච්චනුභූතං... භගිනිමරණං පච්චනුභූතං... පුත්තමරණං පච්චනුභූතං... ධීතුමරණං පච්චනුභූතං... ඤාතිබ්‍යසනං පච්චනුභූතං... භොගබ්‍යසනං පච්චනුභූතං. දීඝරත්තං වො, භික්ඛවෙ , රොගබ්‍යසනං පච්චනුභූතං, තෙසං වො රොගබ්‍යසනං පච්චනුභොන්තානං අමනාපසම්පයොගා මනාපවිප්පයොගා කන්දන්තානං රොදන්තානං අස්සු පස්සන්නං පග්ඝරිතං, න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදකං. තං කිස්ස හෙතු? අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො ...පෙ.... යාවඤ්චිදං, භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතු’’න්ති. තතියං.
126
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග (කෙළවර) ඇත්තේය මුල් කොනත් නොපෙනෙන්නේය.
“මහණෙනි, තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි දුක් අනුභව කරන ලදී. මහණෙනි, කුමක් සිතන්නහුද? මේ දීර්ඝ කාලයෙහි ඇවිදින කල්හි සැරිසරන කල්හි අමනාප වූවන් හා සමග එක්වීමෙන් සහ මනාපවූවන්ගෙන් වෙන්වීමෙන් හඬන්නාවූ වැළපෙන්නාවූ තොපගෙන් ගැලු යම් කඳුලක් වේද, සතර මහා සාගරයෙහි යම් ජලයක් වේද, මේ දෙකින් කුමක් වනාහි වැඩිවේද?”
“ස්වාමීනි, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දනිමු. ස්වාමීනි, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ මේ දීර්ඝ කාලයෙහි අමනාපවූවන් හා සමග එක්වීමෙන් සහ මනාපවූවන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූ වැළපෙන්නාවූ අපගේ ගැලු යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, යහපති! යහපති!! මහණෙනි, තොප මා විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දැනගැනීම යහපත්ය. මහණෙනි, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ මේ දීර්ඝ කාලයෙහි අමනාපවූවන් හා සමග එක්වීමෙන් හා මනාපවූවන් ගෙන් වෙන්වීමෙන්ද, හඬන්නාවූ, වැළපෙන්නාවූ තොපගේ ගැලු යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, තොප විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි මවගේ මරණයෙන්වූ දුක විඳින ලදී. මවගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි පියාගේ මරණයෙන් වූ දුක විඳින ලදී. පියාගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන්නාවූද වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි සහෝදරයාගේ මරණයෙන්වූ දුක විඳින ලදී. සහෝදරයාගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන්නාවූද, වැළපෙන්නාවූද තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
‘මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි සහෝදරියගේ මරණයෙන්වූ දුක විඳින ලදී. සහෝදරියගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන් ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි පුත්‍රයාගේ මරණයෙන්වූ දුක විඳින ලදී. පුත්‍රයාගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි දුවගේ මරණයෙන්වූ දුක විඳින ලදී. දුවගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි නෑයන්ගේ විනාශයෙන්වූ දුක විඳින ලදී. නෑයන්ගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, බොහෝකලක් මුළුල්ලෙහි වස්තූන්ගේ විනාශයෙන්වූ දුක විඳින ලදී. වස්තූන්ගේ විනාශයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන්, වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි රෝගයන් නිසාවූ විනාශය විඳින ලදී. රෝගයන් නිසාමවූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන් මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද, අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
(තුන්වෙනි අස්සු සූත්‍රය නිමි.)
4. ඛීරසුත්තං 4. ඛීර සූත්‍රය
5. පබ්බතසුත්තං 5. පබ්බත සූත්‍රය
6. සාසපසුත්තං 6. සාසප සූත්‍රය
7. සාවකසුත්තං 7. සාවක සූත්‍රය
8. ගඞ්ගාසුත්තං 8. ගංගා සූත්‍රය
9. දණ්ඩසුත්තං 9. දණ්ඩ සූත්‍රය
10. පුග්ගලසුත්තං 10. පුග්ගල සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවැනි වර්ගය
1. දුග්ගතසුත්තං 1. දුග්ගත සූත්‍රය
2. සුඛිතසුත්තං 2. සුඛිත සූත්‍රය
3. තිංසමත්තසුත්තං 3. තිංස සූත්‍රය
4. මාතුසුත්තං 4. මාතා සූත්‍රය
5. පිතුසුත්තං 5. පිතු සූත්‍රය
6. භාතුසුත්තං 6. භාතු සූත්‍රය
7. භගිනිසුත්තං 7. භගිනි සූත්‍රය
8. පුත්තසුත්තං 8. පුත්ත සූත්‍රය
9. ධීතුසුත්තං 9. ධීතු සූත්‍රය
10. වෙපුල්ලපබ්බතසුත්තං 10. වේපුල්ල සූත්‍රය