ත්‍රිපිටකය
4. අනමතග්ගසංයුත්තං 4. අනමතග්ග සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්ගය
1. තිණකට්ඨසුත්තං 1. තිණකට්ඨ සූත්‍රය
124
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘අනමතග්ගොයං (අනමතග්ගායං (පී. ක.)) භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. සෙය්‍යථාපි, භික්ඛවෙ, පුරිසො යං ඉමස්මිං ජම්බුදීපෙ තිණකට්ඨසාඛාපලාසං තං ඡෙත්වා (තච්ඡෙත්වා (බහූසු)) එකජ්ඣං සංහරිත්වා චතුරඞ්ගුලං චතුරඞ්ගුලං ඝටිකං කත්වා නික්ඛිපෙය්‍ය - ‘අයං මෙ මාතා, තස්සා මෙ මාතු අයං මාතා’ති, අපරියාදින්නාව (අපරියාදිණ්ණාව (සී.)) භික්ඛවෙ, තස්ස පුරිසස්ස මාතුමාතරො අස්සු, අථ ඉමස්මිං ජම්බුදීපෙ තිණකට්ඨසාඛාපලාසං පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්‍ය. තං කිස්ස හෙතු? අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. එවං දීඝරත්තං වො, භික්ඛවෙ, දුක්ඛං පච්චනුභූතං තිබ්බං පච්චනුභූතං බ්‍යසනං පච්චනුභූතං, කටසී (කටසි (සී. පී. ක.) කටා ඡවා සයන්ති එත්ථාති කටසී) වඩ්ඪිතා. යාවඤ්චිදං, භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං අලං විමුච්චිතු’’න්ති. පඨමං.
124
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී තණ්හාවෙන් බැඳී ගමන් කරන්නාවූ සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග (කෙළවර) ඇත්තේය. පූර්ව කෙළවරක් නොපෙනෙන්නේය.
“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් මේ දඹදිව යම්තාක් තණ, ලී දඬු, අතු සහ කොළ වේද, (ඒ සියල්ල) කපා එක් තැනකට රැස්කරන්නේ වේද, රැස්කොට සතරඟුල් සතරඟුල් කෑලි කපා ‘මේ මාගේ මවය. මේ මාගේ මවුගේ මවය’යි කියා තබන්නේ වේද. මහණෙනි, ඒ පුරුෂයාගේ මවුගේ මවුවරු කෙළවරක් නොවෙත්. එහෙත් මේ දඹදිව තණ, ලී දඬු, අතු, කොළ, කෙළවර වන්නේය. අවසාන වන්නේය. ඊට හේතුව කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුනු තණ්හාවෙන් බැඳුණු ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයාගේ මේ සංසාරය නොදක්නා ලද, කෙළවර ඇත්තේ වේද, පූර්ව කෙළවරක් නොපෙනෙයිද එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි දුක් අනුභව කරනලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී සොහොන් බිම තර කරන ලදී.
‘මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
(පළමුවෙනි තිණකට්ඨ සූත්‍රය නිමි.)
2. පථවීසුත්තං 2. පඨවි සූත්‍රය
3. අස්සුසුත්තං 3. අස්සු සූත්‍රය
4. ඛීරසුත්තං 4. ඛීර සූත්‍රය
5. පබ්බතසුත්තං 5. පබ්බත සූත්‍රය
6. සාසපසුත්තං 6. සාසප සූත්‍රය
7. සාවකසුත්තං 7. සාවක සූත්‍රය
8. ගඞ්ගාසුත්තං 8. ගංගා සූත්‍රය
9. දණ්ඩසුත්තං 9. දණ්ඩ සූත්‍රය
10. පුග්ගලසුත්තං 10. පුග්ගල සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවැනි වර්ගය
1. දුග්ගතසුත්තං 1. දුග්ගත සූත්‍රය
2. සුඛිතසුත්තං 2. සුඛිත සූත්‍රය
3. තිංසමත්තසුත්තං 3. තිංස සූත්‍රය
4. මාතුසුත්තං 4. මාතා සූත්‍රය
5. පිතුසුත්තං 5. පිතු සූත්‍රය
6. භාතුසුත්තං 6. භාතු සූත්‍රය
7. භගිනිසුත්තං 7. භගිනි සූත්‍රය
8. පුත්තසුත්තං 8. පුත්ත සූත්‍රය
9. ධීතුසුත්තං 9. ධීතු සූත්‍රය
10. වෙපුල්ලපබ්බතසුත්තං 10. වේපුල්ල සූත්‍රය