ත්‍රිපිටකය
4. අනමතග්ගසංයුත්තං 4. අනමතග්ග සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්ගය
1. තිණකට්ඨසුත්තං 1. තිණකට්ඨ සූත්‍රය
2. පථවීසුත්තං 2. පඨවි සූත්‍රය
3. අස්සුසුත්තං 3. අස්සු සූත්‍රය
4. ඛීරසුත්තං 4. ඛීර සූත්‍රය
5. පබ්බතසුත්තං 5. පබ්බත සූත්‍රය
6. සාසපසුත්තං 6. සාසප සූත්‍රය
7. සාවකසුත්තං 7. සාවක සූත්‍රය
8. ගඞ්ගාසුත්තං 8. ගංගා සූත්‍රය
9. දණ්ඩසුත්තං 9. දණ්ඩ සූත්‍රය
10. පුග්ගලසුත්තං 10. පුග්ගල සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවැනි වර්ගය
1. දුග්ගතසුත්තං 1. දුග්ගත සූත්‍රය
2. සුඛිතසුත්තං 2. සුඛිත සූත්‍රය
3. තිංසමත්තසුත්තං 3. තිංස සූත්‍රය
4. මාතුසුත්තං 4. මාතා සූත්‍රය
5. පිතුසුත්තං 5. පිතු සූත්‍රය
6. භාතුසුත්තං 6. භාතු සූත්‍රය
7. භගිනිසුත්තං 7. භගිනි සූත්‍රය
8. පුත්තසුත්තං 8. පුත්ත සූත්‍රය
9. ධීතුසුත්තං 9. ධීතු සූත්‍රය
10. වෙපුල්ලපබ්බතසුත්තං 10. වේපුල්ල සූත්‍රය
143
එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. භූතපුබ්බං, භික්ඛවෙ, ඉමස්ස වෙපුල්ලස්ස පබ්බතස්ස ‘පාචීනවංසො’ත්වෙව සමඤ්ඤා උදපාදි. තෙන ඛො පන, භික්ඛවෙ , සමයෙන මනුස්සානං ‘තිවරා’ත්වෙව සමඤ්ඤා උදපාදි. තිවරානං, භික්ඛවෙ, මනුස්සානං චත්තාරීස වස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. තිවරා, භික්ඛවෙ, මනුස්සා පාචීනවංසං පබ්බතං චතූහෙන ආරොහන්ති, චතූහෙන ඔරොහන්ති. තෙන ඛො පන, භික්ඛවෙ , සමයෙන කකුසන්ධො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො හොති. කකුසන්ධස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස විධුරසඤ්ජීවං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. පස්සථ, භික්ඛවෙ, සා චෙවිමස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරහිතා, තෙ ච මනුස්සා කාලඞ්කතා, සො ච භගවා පරිනිබ්බුතො. එවං අනිච්චා, භික්ඛවෙ, සඞ්ඛාරා; එවං අද්ධුවා, භික්ඛවෙ, සඞ්ඛාරා; එවං අනස්සාසිකා, භික්ඛවෙ, සඞ්ඛාරා. යාවඤ්චිදං, භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං.
‘‘භූතපුබ්බං , භික්ඛවෙ, ඉමස්ස වෙපුල්ලස්ස පබ්බතස්ස ‘වඞ්කකො’ත්වෙව සමඤ්ඤා උදපාදි. තෙන ඛො පන, භික්ඛවෙ, සමයෙන මනුස්සානං ‘රොහිතස්සා’ත්වෙව සමඤ්ඤා උදපාදි. රොහිතස්සානං, භික්ඛවෙ, මනුස්සානං තිංසවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. රොහිතස්සා, භික්ඛවෙ, මනුස්සා වඞ්කකං පබ්බතං තීහෙන ආරොහන්ති, තීහෙන ඔරොහන්ති. තෙන ඛො පන, භික්ඛවෙ, සමයෙන කොණාගමනො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො හොති. කොණාගමනස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස භිය්‍යොසුත්තරං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. පස්සථ, භික්ඛවෙ, සා චෙවිමස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරහිතා, තෙ ච මනුස්සා කාලඞ්කතා, සො ච භගවා පරිනිබ්බුතො. එවං අනිච්චා, භික්ඛවෙ, සඞ්ඛාරා...පෙ.... අලං විමුච්චිතුං.
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, ඉමස්ස වෙපුල්ලස්ස පබ්බතස්ස ‘සුපස්සො’ත්වෙව (සුඵස්සොත්වෙව (සී.)) සමඤ්ඤා උදපාදි. තෙන ඛො පන, භික්ඛවෙ, සමයෙන මනුස්සානං ‘සුප්පියා’ත්වෙව (අප්පියාත්වෙව (සී.)) සමඤ්ඤා උදපාදි. සුප්පියානං, භික්ඛවෙ, මනුස්සානං වීසතිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. සුප්පියා, භික්ඛවෙ, මනුස්සා සුපස්සං පබ්බතං ද්වීහෙන ආරොහන්ති, ද්වීහෙන ඔරොහන්ති. තෙන ඛො පන, භික්ඛවෙ, සමයෙන කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො හොති. කස්සපස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තිස්සභාරද්වාජං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. පස්සථ, භික්ඛවෙ, සා චෙවිමස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරහිතා, තෙ ච මනුස්සා කාලඞ්කතා, සො ච භගවා පරිනිබ්බුතො. එවං අනිච්චා , භික්ඛවෙ, සඞ්ඛාරා; එවං අද්ධුවා, භික්ඛවෙ, සඞ්ඛාරා...පෙ.... අලං විමුච්චිතුං.
‘‘එතරහි ඛො පන, භික්ඛවෙ, ඉමස්ස වෙපුල්ලස්ස පබ්බතස්ස ‘වෙපුල්ලො’ත්වෙව සමඤ්ඤා උදපාදි. එතරහි ඛො පන, භික්ඛවෙ, ඉමෙසං මනුස්සානං ‘මාගධකා’ත්වෙව සමඤ්ඤා උදපාදි. මාගධකානං, භික්ඛවෙ, මනුස්සානං අප්පකං ආයුප්පමාණං පරිත්තං ලහුකං (ලහුසං (සී.)); යො චිරං ජීවති සො වස්සසතං අප්පං වා භිය්‍යො. මාගධකා, භික්ඛවෙ, මනුස්සා වෙපුල්ලං පබ්බතං මුහුත්තෙන ආරොහන්ති මුහුත්තෙන ඔරොහන්ති. එතරහි ඛො පනාහං, භික්ඛවෙ, අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො. මය්හං ඛො පන, භික්ඛවෙ, සාරිපුත්තමොග්ගල්ලානං නාම සාවකයුගං අග්ගං භද්දයුගං. භවිස්සති, භික්ඛවෙ, සො සමයො යා අයඤ්චෙවිමස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරධායිස්සති, ඉමෙ ච මනුස්සා කාලං කරිස්සන්ති, අහඤ්ච පරිනිබ්බායිස්සාමි. එවං අනිච්චා, භික්ඛවෙ, සඞ්ඛාරා; එවං අද්ධුවා, භික්ඛවෙ, සඞ්ඛාරා; එවං අනස්සාසිකා, භික්ඛවෙ, සඞ්ඛාරා. යාවඤ්චිදං, භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතු’’න්ති.
ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘පාචීනවංසො තිවරානං, රොහිතස්සාන වඞ්කකො;
සුප්පියානං සුපස්සොති, මාගධානඤ්ච වෙපුල්ලො.
‘‘අනිච්චා වත සඞ්ඛාරා, උප්පාදවයධම්මිනො;
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති, තෙසං වූපසමො සුඛො’’ති. දසමං;
143
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ “ගිජ්ඣකූට” පර්වතයෙහි වාසය කරනසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන්හට කථාකළ සේක. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, පෙරවූවක් කියමි. එනම්:- මේ “වේපුල්ල” පර්වතයට “පාචීන වංස” යන නාමයක් ඇතිවිය. මහණෙනි, ඒ කාලයෙහි වනාහි මෙහි මිනිසුන්ට “තිවර” යන නාමය ඇතිවිය. මහණෙනි, “තිවර” මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු හතළිස් දහසක්වූයේය. මහණෙනි, “තිවර” නම් ඒ මිනිස්සු “පාචීන වංස” නම් පර්වතයට සිව් දිනකින් නගිති. සිව් දිනකින් බසිති.
“මහණෙනි, ඒ කාලයෙහි වනාහි භාග්‍යවත්වූ, අර්හත්වූ “කකුසඳ” නම් සම්මාසම්බුදු රජාණන් වහන්සේ ලෝකයෙහි උපන් සේක. මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ “කකුසඳ” සම්මා සම්බුදු රජාණන් වහන්සේට “විධූරය” “සඤ්ජීවය” යන අග්‍රවූ, භද්‍රවූ, ශ්‍රාවක දෙනමක් වූයේය. මහණෙනි, බලව් මේ පර්වතයාගේ ඒ නාමයද අතුරුදන් විය. ඒ මිනිස්සුද කාලක්‍රියා කළාහුය. ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිනිවන් පෑ සේක. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම් රහිතයහ. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය.
“මහණෙනි, පෙරවූවක් කියමි. එනම්:- මේ “වේපුල්ල” පර්වතයට “වංකක” යන නාමය ඇතිවිය. මහණෙනි, ඒ කාලයෙහි වනාහි මෙහි මිනිසුන්ට “රෝහිතස්ස” යන නාමය ඇතිවිය. මහණෙනි, “රෝහිතස්ස” නම් මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු තිස් දහසක් වූයේය. මහණෙනි, “රෝහිතස්ස” නම් මිනිස්සු “වංකක” නම් පර්වතයට තෙදිනකින් නගිති. තෙදිනකින් බසිති.
“මහණෙනි, ඒ කාලයෙහි වනාහි, භාග්‍යවත්වූ අර්හත්වූ, “කෝනාගමන” නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයෙහි උපන්සේක. මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ “කෝනාගමන” නම් සම්මාසම්බුදු රජාණන් වහන්සේට “භිය්‍යය”, “සුත්තරය” යන අග්‍රවූ, භද්‍රවූ, ශ්‍රාවක දෙනමක් වූයේය. මහණෙනි, බලව් මේ පර්වතයාගේ ඒ නාමයද අතුරුදන් වීය. ඒ මිනිස්සුද කාලක්‍රියා කළාහුය. ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිනිවන් පෑ සේක. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම් රහිතය. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය.
“මහණෙනි, පෙරවූවක් කියමි. එනම්:- මේ “වේපුල්ල” පර්වතයට “සුඵස්ස” යන නාමය ඇතිවිය. මහණෙනි, ඒ කාලයෙහි වනාහි මේ මිනිසුන්ට “අප්පිය” යන නාමය ඇතිවිය. මහණෙනි, ‘අප්පිය’ නම් මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු විසිදහසක් වූයේය. මහණෙනි, “අප්පිය” නම් මිනිස්සු “සුඵස්ස” නම් පර්වතයට දෙදිනකින් නගිති. දෙදිනකින් බසිති.
“මහණෙනි, ඒ කාලයෙහි වනාහි, භාග්‍යවත්වූ, අර්හත්වූ “කස්සප” නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයෙහි උපන්සේක. මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ, “කස්සප” නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තිස්සය, භාරද්වාජය යන අග්‍රවූ භද්‍රවූ, ශ්‍රාවක දෙනමක් වූයේය. මහණෙනි, බලව් මේ පර්වතයාගේ ඒ නාමයද අතුරුදන් විය. ඒ මිනිස්සුද කාලක්‍රියා කළාහුය. ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිනිවන් පෑ සේක, මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම් රහිතයහ. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය.
“මහණෙනි, මේ කාලයෙහි වනාහි මේ “වේපුල්ල” පර්වතයට “වේපුල්ල” පර්වතයයි කියාම නාමය ඇතිවිය. මහණෙනි, මේ කාලයෙහි මෙහි මිනිසුන්ට “මාගධක” යන නාමය ඇතිවිය. මහණෙනි, මෙකල මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය අල්පය. ස්වල්පය, ටිකය. යමෙක් බොහෝ කාලයක් ජීවත්වේ නම් හෙතෙම අවුරුදු සියයක් හෝ ඊට ස්වල්පයක් වැඩිය හෝ ජීවත් වෙයි. මහණෙනි, “මාගධක” නම් මිනිස්සු “වේපුල්ල” නම් පර්වතයට මොහොතකින් නගිති. මොහොතකින් බසිති.”
“මහණෙනි, මේ කාලයෙහි වනාහි භාග්‍යවත්වූ අර්හත්වූ, සම්‍යක්සම්බුද්ධවූ මම ලෝකයෙහි උපන්නේ වෙමි. මහණෙනි, මට වනාහි “සාරිපුත්තය, මොග්ගල්ලානය” යන අග්‍රවූ, භද්‍රවූ, ශ්‍රාවක දෙනමක් වන්නේය, මහණෙනි, මේ ඒ කාලයයි. මේ පර්වතයාගේ මේ නමද අතුරුදහන් වන්නේය. මේ මිනිස්සුද කාලක්‍රියා කරන්නාහුය. මමද පිරිනිවන් පාන්නෙමි. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම් රහිතයහ. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා, අනතුරුව මේ ගාථාවන් දේශනාකළ සේක.
“තිවරයන්හට පාචීනවංස නම් පර්වතය විය. රොහිතස්සයන්ට වංකක නම් පර්වතය විය. අප්පියයන්හට සුඵස්ස නම් පර්වතය විය. මාගධකයන්හට වේපුල්ල නම් පර්වතය විය.”
“සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපදීම හා බිඳීම ස්වභාව කොට ඇත්තාහ. ඉපද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සංසිඳීම සැප වන්නේය.
(දසවෙනි වේපුල්ල සූත්‍රය නිමි.)