4. අනමතග්ගසංයුත්තං | 4. අනමතග්ග සංයුත්තය |
1. පඨමවග්ගො | 1. ප්‍රථම වර්ගය |
1. තිණකට්ඨසුත්තං | 1. තිණකට්ඨ සූත්‍රය |
124
එවං
‘‘අනමතග්ගොයං
(අනමතග්ගායං (පී. ක.)) භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො යං ඉමස්මිං ජම්බුදීපෙ තිණකට්ඨසාඛාපලාසං තං ඡෙත්වා
(තච්ඡෙත්වා (බහූසු)) එකජ්ඣං සංහරිත්වා චතුරඞ්ගුලං චතුරඞ්ගුලං ඝටිකං කත්වා නික්ඛිපෙය්ය - ‘අයං මෙ මාතා, තස්සා මෙ මාතු අයං මාතා’ති, අපරියාදින්නාව
(අපරියාදිණ්ණාව (සී.)) භික්ඛවෙ, තස්ස පුරිසස්ස මාතුමාතරො අස්සු, අථ ඉමස්මිං ජම්බුදීපෙ තිණකට්ඨසාඛාපලාසං පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය. තං කිස්ස හෙතු? අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. එවං දීඝරත්තං වො, භික්ඛවෙ, දුක්ඛං පච්චනුභූතං තිබ්බං පච්චනුභූතං බ්යසනං පච්චනුභූතං, කටසී
(කටසි (සී. පී. ක.) කටා ඡවා සයන්ති එත්ථාති කටසී) වඩ්ඪිතා. යාවඤ්චිදං, භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං අලං විමුච්චිතු’’න්ති. පඨමං.
|
124
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී තණ්හාවෙන් බැඳී ගමන් කරන්නාවූ සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග (කෙළවර) ඇත්තේය. පූර්ව කෙළවරක් නොපෙනෙන්නේය.
“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් මේ දඹදිව යම්තාක් තණ, ලී දඬු, අතු සහ කොළ වේද, (ඒ සියල්ල) කපා එක් තැනකට රැස්කරන්නේ වේද, රැස්කොට සතරඟුල් සතරඟුල් කෑලි කපා ‘මේ මාගේ මවය. මේ මාගේ මවුගේ මවය’යි කියා තබන්නේ වේද. මහණෙනි, ඒ පුරුෂයාගේ මවුගේ මවුවරු කෙළවරක් නොවෙත්. එහෙත් මේ දඹදිව තණ, ලී දඬු, අතු, කොළ, කෙළවර වන්නේය. අවසාන වන්නේය. ඊට හේතුව කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුනු තණ්හාවෙන් බැඳුණු ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයාගේ මේ සංසාරය නොදක්නා ලද, කෙළවර ඇත්තේ වේද, පූර්ව කෙළවරක් නොපෙනෙයිද එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි දුක් අනුභව කරනලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී සොහොන් බිම තර කරන ලදී.
‘මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
(පළමුවෙනි තිණකට්ඨ සූත්‍රය නිමි.)
|
2. පථවීසුත්තං | 2. පඨවි සූත්‍රය |
125
සාවත්ථියං
|
125
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග (කෙළවර) ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය.
“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් මේ මහ පොළොව ඩෙබර ඇට ඩෙබර ඇට පමණ ගුළිකොට, “මේ මාගේ පියාය, මේ ඔහුගේ පියායයි” කියා එක් තැනක තබන්නේ වේද, මහණෙනි, ඒ පුරුෂයාගේ පියවරුන්ගේ පියවරු කෙළවරට නොපැමිණෙත්. එහෙත් මේ මහ පොළොව කෙළවරවීමට, අවසානවීමට යන්නේය. ඊට හේතුව කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී.
“මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
(දෙවෙනි පඨවි ධාතු සූත්‍රය නිමි.)
|
3. අස්සුසුත්තං | 3. අස්සු සූත්‍රය |
126
සාවත්ථියං විහරති...පෙ.... ‘‘අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං අමනාපසම්පයොගා මනාපවිප්පයොගා කන්දන්තානං රොදන්තානං
(රුදන්තානං (සී.)) අස්සු පස්සන්නං
(පස්සන්දං (ක. සී.), පසන්දං (ස්‍යා. කං.), පසන්නං (පී. ක.)) පග්ඝරිතං, යං වා චතූසු මහාසමුද්දෙසු උදක’’න්ති? ‘‘යථා ඛො මයං, භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාම, එතදෙව, භන්තෙ, බහුතරං යං නො ඉමිනා
‘‘සාධු
|
126
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග (කෙළවර) ඇත්තේය මුල් කොනත් නොපෙනෙන්නේය.
“මහණෙනි, තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි දුක් අනුභව කරන ලදී. මහණෙනි, කුමක් සිතන්නහුද? මේ දීර්ඝ කාලයෙහි ඇවිදින කල්හි සැරිසරන කල්හි අමනාප වූවන් හා සමග එක්වීමෙන් සහ මනාපවූවන්ගෙන් වෙන්වීමෙන් හඬන්නාවූ වැළපෙන්නාවූ තොපගෙන් ගැලු යම් කඳුලක් වේද, සතර මහා සාගරයෙහි යම් ජලයක් වේද, මේ දෙකින් කුමක් වනාහි වැඩිවේද?”
“ස්වාමීනි, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දනිමු. ස්වාමීනි, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ මේ දීර්ඝ කාලයෙහි අමනාපවූවන් හා සමග එක්වීමෙන් සහ මනාපවූවන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූ වැළපෙන්නාවූ අපගේ ගැලු යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, යහපති! යහපති!! මහණෙනි, තොප මා විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දැනගැනීම යහපත්ය. මහණෙනි, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ මේ දීර්ඝ කාලයෙහි අමනාපවූවන් හා සමග එක්වීමෙන් හා මනාපවූවන් ගෙන් වෙන්වීමෙන්ද, හඬන්නාවූ, වැළපෙන්නාවූ තොපගේ ගැලු යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, තොප විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි මවගේ මරණයෙන්වූ දුක විඳින ලදී. මවගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි පියාගේ මරණයෙන් වූ දුක විඳින ලදී. පියාගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන්නාවූද වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි සහෝදරයාගේ මරණයෙන්වූ දුක විඳින ලදී. සහෝදරයාගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන්නාවූද, වැළපෙන්නාවූද තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
‘මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි සහෝදරියගේ මරණයෙන්වූ දුක විඳින ලදී. සහෝදරියගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන් ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි පුත්‍රයාගේ මරණයෙන්වූ දුක විඳින ලදී. පුත්‍රයාගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි දුවගේ මරණයෙන්වූ දුක විඳින ලදී. දුවගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි නෑයන්ගේ විනාශයෙන්වූ දුක විඳින ලදී. නෑයන්ගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, බොහෝකලක් මුළුල්ලෙහි වස්තූන්ගේ විනාශයෙන්වූ දුක විඳින ලදී. වස්තූන්ගේ විනාශයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන්, වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි රෝගයන් නිසාවූ විනාශය විඳින ලදී. රෝගයන් නිසාමවූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන් මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද, අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
(තුන්වෙනි අස්සු සූත්‍රය නිමි.)
|
4. ඛීරසුත්තං | 4. ඛීර සූත්‍රය |
127
සාවත්ථියං විහරති...පෙ.... ‘‘අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං
‘‘සාධු සාධු, භික්ඛවෙ, සාධු ඛො මෙ තුම්හෙ, භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ. එතදෙව, භික්ඛවෙ, බහුතරං යං වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං මාතුථඤ්ඤං පීතං, න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදකං. තං කිස්ස හෙතු? අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො...පෙ.... අලං විමුච්චිතු’’න්ති. චතුත්ථං.
|
127
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ දීර්ඝ කාලය තුළ ඇවිදින ලද හැසිරෙන ලද, තොප විසින් පානය කරන ලද යම් මව් කිරක් වේද, සතර මහා සාගරයෙහි යම් දියක් වේද, මේ දෙකින් කුමක් වනාහි ඉතා අධික වේද?
“ස්වාමීනි, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දනිමු, ස්වාමීනි, අප විසින් මේ දීර්ඝ කාලය තුළ ඇවිදින ලද හැසිරෙන ලද පානය කරන ලද යම් මව් කිරක් වේද, මෙයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.”
“මහණෙනි, යහපති! යහපති!! මහණෙනි, මා විසින් දේශනා කරන ලද ධර්මය තොපි එසේ දන්නහුය. මහණෙනි, මේ දීර්ඝ කාලයෙහි ඇවිදින ලද හැසිරෙන ලද තොප විසින් පානය කරන ලද, යම් මව් කිරක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය. ඊට හේතුව කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරනලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
(සතරවෙනි ඛීර සූත්‍රය නිමි.)
|
5. පබ්බතසුත්තං | 5. පබ්බත සූත්‍රය |
128
සාවත්ථියං විහරති...පෙ.... ආරාමෙ. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කීවදීඝො නු ඛො, භන්තෙ, කප්පො’’ති? ‘‘දීඝො ඛො, භික්ඛු, කප්පො. සො න සුකරො සඞ්ඛාතුං එත්තකානි වස්සානි ඉති වා, එත්තකානි වස්සසතානි ඉති වා, එත්තකානි වස්සසහස්සානි ඉති වා, එත්තකානි වස්සසතසහස්සානි ඉති වා’’ති.
‘‘සක්කා පන, භන්තෙ, උපමං කාතු’’න්ති? ‘‘සක්කා, භික්ඛූ’’ති භගවා අවොච. ‘‘සෙය්යථාපි
|
128
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, කල්පය වනාහි කොතරම් දීර්ඝවේද?”
“මහණෙනි, කල්පය වනාහි දීර්ඝය. එය මෙතෙක් අවුරුදුය කියා හෝ මෙතෙක් අවුරුදු සියයක්ය කියා හෝ මෙතෙක් අවුරුදු දහසක්ය කියා හෝ මෙතෙක් අවුරුදු ලක්ෂයක්ය හෝ කියා ගණන් කිරීමට පහසු නොවේ. “ස්වාමීනි, උපමාවක් දේශනා කිරීමට හැක්කේද?”
“මහණ, හැකියයි” භාග්‍යවතුන්වහන්සේ වදාළසේක. “මහණ, යම්සේ වනාහි දිගින් යොදුනක් ඇති, පුළුලින් යොදුනක් ඇති, උසින් යොදුනක් ඇති, පලුදු රහිතවූ, සිදුරු රහිතවූ, ඒකඝනවූ, මහා ගල් පර්වතයක් වේද, ඒ ගල් පර්වතය පුරුෂයෙක් අවුරුදු සියයකට සියයකට වරක් කසී සලුවකින් පිරිමදින්නේ වේද, මහණ, මේ ආකාරයෙන් ඒ මහා ගල් පර්වතය ගෙවීමට කෙළවරවීමට යන්නේය. කල්පය කෙළවර නොවන්නේය.
“මහණ, කල්පය වනාහි මෙසේ දීර්ඝය. මහණ මෙසේ දීර්ඝවූ කල්පයන්ගෙන් නොයෙක් කල්ප සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප සියගණන් සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප දහස්ගණන් සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප ලක්ෂගණන් සැරිසරන ලද්දේය. ඊට හේතුව කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නො දකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
(පස්වෙනි පබ්බත සූත්‍රය නිමි)
|
6. සාසපසුත්තං | 6. සාසප සූත්‍රය |
129
සාවත්ථියං විහරති. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා...පෙ.... එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කීවදීඝො, නු ඛො, භන්තෙ, කප්පො’’ති? ‘‘දීඝො ඛො, භික්ඛු, කප්පො. සො න සුකරො සඞ්ඛාතුං එත්තකානි වස්සානි ඉති වා...පෙ.... එත්තකානි වස්සසතසහස්සානි ඉති වා’’ති.
‘‘සක්කා පන, භන්තෙ, උපමං කාතු’’න්ති? ‘‘සක්කා, භික්ඛූ’’ති භගවා අවොච. ‘‘සෙය්යථාපි, භික්ඛු, ආයසං නගරං යොජනං ආයාමෙන යොජනං විත්ථාරෙන යොජනං උබ්බෙධෙන, පුණ්ණං සාසපානං ගුළිකාබද්ධං
(චූළිකාබද්ධං (සී. පී.)). තතො පුරිසො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන එකමෙකං සාසපං උද්ධරෙය්ය. ඛිප්පතරං ඛො සො, භික්ඛු මහාසාසපරාසි ඉමිනා උපක්කමෙන පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය, න ත්වෙව කප්පො. එවං දීඝො ඛො, භික්ඛු, කප්පො. එවං දීඝානං ඛො, භික්ඛු, කප්පානං නෙකො කප්පො සංසිතො, නෙකං කප්පසතං සංසිතං, නෙකං කප්පසහස්සං සංසිතං, නෙකං කප්පසතසහස්සං සංසිතං. තං කිස්ස හෙතු? අනමතග්ගොයං, භික්ඛු, සංසාරො
|
129
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
“ස්වාමීනි, කල්පය වනාහි කොපමණ දීර්ඝවේද?” “මහණ, කල්පය වනාහි දීර්ඝය. එය මෙතෙක් අවුරුදුය කියා හෝ මෙතෙක් වර්ෂ සියයක්ය කියා හෝ මෙතෙක් වර්ෂ දහසක්ය කියා හෝ මෙතෙක් වර්ෂ ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.”
“ස්වාමීනි, උපමාවක් දේශනාකිරීමට හැක්කේද?”
“මහණ, හැක්කේයයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යම්සේ වනාහි දිගින් යොදුනක් ඇත්තාවූ, පුළුලින් යොදුනක් ඇත්තාවූ, උසින් යොදුනක් ඇත්තාවූ අබ පිරවූ, කොතගසන ලද්දාවූ, (මුදුන් කරන ලද්දාවූ,) යකඩින් කරන ලද ප්‍රාකාරයෙන් යුක්තවූ, නගරයක් වේද, ඉක්බිති පුරුෂයෙක් අවුරුදු සියයකට සියයකට වරක් එක්එක් අබ ඇටය පිටට දමන්නේ වේද, මහණ, මේ ක්‍රමයෙන් ඒ මහා අබ ගොඩ වහා කෙළවරවීමට, අවසාන වීමට යන්නේය, කල්පය කෙළවර නොවන්නේමය.
“මහණ, කල්පය වනාහි මෙසේ දීර්ඝය. මහණ, මෙසේ දීර්ඝවූ, කල්පයන්ට වනාහි නොයෙක් කල්පයන් අදහස් කරන ලද්දේය. නොයෙක් කල්ප සියගණන් අදහස් කරන ලද්දේය. නොයෙක් කල්ප ලක්ෂ ගණන් අදහස්කරන ලද්දේය. ඊට හේතුව කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
(හයවෙනි සාසප සූත්‍රය නිමි.)
|
7. සාවකසුත්තං | 7. සාවක සූත්‍රය |
130
සාවත්ථියං විහරති. අථ
‘‘සක්කා පන, භන්තෙ, උපමං කාතු’’න්ති? ‘‘සක්කා, භික්ඛවෙ’’ති භගවා අවොච. ‘‘ඉධස්සු, භික්ඛවෙ, චත්තාරො සාවකා වස්සසතායුකා වස්සසතජීවිනො. තෙ දිවසෙ දිවසෙ කප්පසතසහස්සං කප්පසතසහස්සං අනුස්සරෙය්යුං. අනනුස්සරිතාව භික්ඛවෙ, තෙහි කප්පා අස්සු, අථ ඛො තෙ චත්තාරො සාවකා වස්සසතායුකා වස්සසතජීවිනො වස්සසතස්ස අච්චයෙන කාලං කරෙය්යුං. එවං බහුකා ඛො, භික්ඛවෙ, කප්පා අබ්භතීතා අතික්කන්තා. තෙ න සුකරා සඞ්ඛාතුං - ‘එත්තකා කප්පා ඉති වා, එත්තකානි කප්පසතානි ඉති වා, එත්තකානි කප්පසහස්සානි ඉති වා, එත්තකානි කප්පසතසහස්සානි ඉති වා’ති. තං කිස්ස හෙතු? අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො...පෙ.... අලං විමුච්චිතු’’න්ති. සත්තමං.
|
130
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.
“ස්වාමීනි, කොපමණ බහුලවූ කල්පයෝ වනාහි අතීත වූවාහුද, ඉක්ම ගියාහුද?”
“මහණෙනි, බොහෝ කල්පයෝ අතීත වූවාහුය. ඉක්ම ගියාහුය. ඒ ඉකුත්වූ කල්පයන් මෙතෙක් කල්පය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ, මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ, මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.”
“ස්වාමීනි, උපමාවක් දේශනා කිරීමට හැක්කේද?”
“මහණෙනි, හැකියයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණෙනි, මේ ශාසනයෙහි අවුරුදු සියයක් ආයුෂ ඇත්තාවූ, අවුරුදු සියයක් ජීවත් වන්නාවූ, ශ්‍රාවකයෝ සතර දෙනෙක් ඇත්තාහුය. ඒ ශ්‍රාවකයෝ දිනපතා කල්ප ලක්ෂයක් කල්ප ලක්ෂයක් බැගින් සිහි කරන්නාහුය. මහණෙනි, ඒ ශ්‍රාවකයන් විසින් කල්පයෝ සිහිනොකරන ලද්දාහුම වූවාහුය. ඉක්බිති, ඒ අවුරුදු සියයක් ආයුෂ ඇත්තාවූ, අවුරුදු සියයක් ජීවත්වන්නාවූ, ඒ ශ්‍රාවකයෝ සතරදෙන අවුරුදු සියයක්, අවුරුදු සියයක්හුගේ ඇවෑමෙන් කාලක්‍රියා කරන්නාහුය.
“මහණෙනි, මෙසේ වනාහි බොහෝ කල්පයෝ අතීත වූවාහුය. ඉක්ම ගියාහුය. ඒ කල්පයන් මෙතෙක් කල්පය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ. ඊට හේතුව කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුනු, තණ්හාවෙන් බැඳුනු ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයාගේ මේ සංසාරය නොදක්නා ලද, අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
(හත්වෙනි සාවක සූත්‍රය නිමි.)
|
8. ගඞ්ගාසුත්තං | 8. ගංගා සූත්‍රය |
131
රාජගහෙ විහරති වෙළුවනෙ. අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා
‘‘සක්කා
එවං වුත්තෙ, සො බ්රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. අට්ඨමං.
|
131
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි (හුන වනයෙහි) වාසය කරන සේක. ඉක්බිති එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ඒ බමුණා භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“භවත් ගෞතමයෙනි, කොපමණ බහුලවූ, කල්පයෝ අතීත වූවාහුද, ඉක්ම ගියාහුද?
“බමුණ, බොහෝ කල්පයෝ වනාහි අතීත වූවාහුය. ඉක්ම ගියාහුය. ඔවුහු මෙතෙක් කල්පයන්ය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.”
“භවත් ගෞතමයිනි, උපමාවක් කීමට හැක්කේද?”
“බමුණ, හැකිය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. බමුණ, යම්සේ වනාහි මේ ගංගා නදිය යම් තැනෙකින් පටන් ගනීද, යම් තැනකින් මහමුහුදට වැටෙයිද, මේ අතර යම් වැල්ලක් වේද, ඒ වැල්ල මෙතෙක් වැලිය කියා හෝ, මෙතෙක් වැලිඇට සියය කියා හෝ, මෙතෙක් වැලිඇට දහසය කියා හෝ, මෙතෙක් වැලිඇට ලක්ෂය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ. බමුණ, අතීතවූ, ඉක්මගියාවූ, කල්පයන් වනාහි ඊට වඩා වැඩිය. ඔවුහු මෙතෙක් කල්පයන්ය කියා හෝ, මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ, මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ, මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ. ඊට හේතු කවරේද?
“බමුණ, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි, බමුණ, මෙසේ තොප විසින් දුක් අනුභව කරනලදී. දැඩි දුක් අනුභව කරනලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරනලදී. බමුණ, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
මෙසේ දේශනා කළ කල්හි ඒ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මග හෝ කියන්නේද, (ගණ අඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්‍යවතුන්වහන්සේ සරණකොට යමි. ධර්මයද, සංඝයාද සරණකොට යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම්කොට සරණ ගිය උපාසකයකු කොට මා සලකනසේක්වා.”
(අට වෙනි ගංගා සූත්‍රය නිමි.)
|
9. දණ්ඩසුත්තං | 9. දණ්ඩ සූත්‍රය |
132
සාවත්ථියං විහරති...පෙ.... ‘‘අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. සෙය්යථාපි, භික්ඛවෙ, දණ්ඩො උපරිවෙහාසං ඛිත්තො සකිම්පි මූලෙන නිපතති, සකිම්පි මජ්ඣෙන නිපතති, සකිම්පි අන්තෙන නිපතති; එවමෙව ඛො, භික්ඛවෙ, අවිජ්ජානීවරණා
|
132
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන්කරන්නාවූ සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, යම්සේ වනාහි ඈත අහසට වීසිකරනලද දණ්ඩ වනාහි වරෙක මුලින් බිම වදින්නේවේද, වරෙක මැදින් බිම වදින්නේවේද, වරෙක අගින් බිම වදින්නේවේද, එසේම මහණෙනි, අවිද්‍යාවෙන් වටකරන ලද්දාවූ, තණ්හාවෙන් බඳින ලද්දාවූ, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයෝ වරෙක මේ ලෝකයෙන් පරලෝකයට යෙති. වරෙක පරලෝකයෙන් මේ ලෝකයට එති. ඊට හේතු කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
(නවවෙනි දණ්ඩ සූත්‍රය නිමි.)
|
10. පුග්ගලසුත්තං | 10. පුග්ගල සූත්‍රය |
133
එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘අනමතග්ගොයං
ඉදමවොච
‘‘එකස්සෙකෙන කප්පෙන, පුග්ගලස්සට්ඨිසඤ්චයො;
සියා පබ්බතසමො රාසි, ඉති වුත්තං මහෙසිනා.
‘‘සො ඛො පනායං අක්ඛාතො, වෙපුල්ලො පබ්බතො මහා;
උත්තරො ගිජ්ඣකූටස්ස, මගධානං ගිරිබ්බජෙ.
‘‘යතො ච අරියසච්චානි, සම්මප්පඤ්ඤාය පස්සති;
දුක්ඛං දුක්ඛසමුප්පාදං, දුක්ඛස්ස ච අතික්කමං;
අරියං චට්ඨඞ්ගිකං මග්ගං, දුක්ඛූපසමගාමිනං.
‘‘ස සත්තක්ඛත්තුංපරමං, සන්ධාවිත්වාන පුග්ගලො;
දුක්ඛස්සන්තකරො
|
133
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරවූ ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරනසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන්කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙණෙන්නේය. මහණෙනි, මෙසේ කල්පයක් ඇවිදින්නාවූ, හැසිරෙන්නාවූ, එක් පුද්ගලයෙකුගේ මහත්වූ ඇටසැකිල්ල, ඇට ගොඩ, ඇට රාශිය, ඉදින් එකතුකරන්නෙම් වන්නේ නම් එකතු කරන ලද්දද විනාශ නොකරන්නේ නම් මේ වේපූල්ල පර්වතය යම්පමණද එපමණ වන්නේය. ඊට හේතු කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි, මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
“භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළසේක.
එක කල්පයක එක පුද්ගලයෙකුගේ ඇටගොඩ ‘වේපුල්ල’ පර්වතයක් හා සමාන වන්නේය යන මෙය මහර්ෂීවූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී.
එසේ කියනලද මහා වේපුල්ල පර්වතය වනාහි මගධරට වැස්සන්ගේ (අගනුවර) ගිරිබ්බජයෙහිවූ ගිජ්ඣකූට පර්වතයට උතුරෙන් පිහිටියේය.
යම් හෙයකින් දුක්ඛ සත්‍යයද, දුක්ඛ සමුදය සත්‍යයද, දුක්ඛ නිරෝධ සත්‍යයද, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍යය නම්වූ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයද යන චතුරාර්‍ය්‍ය සත්‍යයන් සම්‍යක් ප්‍රඥාවෙන් දකියිද,
(ඒ) පුද්ගලතෙම උඩත්පිරිසෙයින් සත්වරක් සසර ගමන්කොට, සියලු සංයෝජනයන් (බැඳුම්) කෙළවර කිරීමෙන් දුක් කෙළවර කරන්නේ වෙයි.
(දසවෙනි පුග්ගල සූත්‍රය නිමි.)
|
2. දුතියවග්ගො | 2. දෙවැනි වර්ගය |
1. දුග්ගතසුත්තං | 1. දුග්ගත සූත්‍රය |
134
එකං
|
134
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන්කරන්නාවූ සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, විරූපවූ අත් පා වලින් යුක්තවූ යම් දිළින්දෙකු (තොපි) දක්නහුද, මෙහිදී අප විසිනුත් මේ දීර්ඝ කාලයෙහිදී, මෙවැනි තත්වයක් විඳිනලදැයි නිෂ්ඨාවට (නිගමනයට) පැමිණිය යුතුයි.
“ඊට හේතුව කවරේද?”
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරනලදී. දැඩි දුක් අනුභව කරනලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
(පළමුවෙනි දුග්ගත සූත්‍රය නිමි.)
|
2. සුඛිතසුත්තං | 2. සුඛිත සූත්‍රය |
135
සාවත්ථියං
|
135
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, (අලංකාරයෙන්) සැදුම් ලද්දාවූද, යම් සුඛිතවූවෙකු (තොපි) දක්නහුද, මෙහිදී අප විසිනුත් මේ දීර්ඝ කාලයෙහිදී, මෙවැනි තත්වයක් විඳිනලදැයි නිෂ්ඨාවට (නිගමනයට) පැමිණිය යුතුයි.
“ඊට හේතුව කවරේද?”
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
(දෙවෙනි සුඛිත සූත්‍රය නිමි.)
|
3. තිංසමත්තසුත්තං | 3. තිංස සූත්‍රය |
136
රාජගහෙ විහරති වෙළුවනෙ. අථ ඛො තිංසමත්තා පාවෙය්යකා
(පාඨෙය්යකා (කත්ථචි) විනයපිටකෙ මහාවග්ගෙ කථිනක්ඛන්ධකෙපි) භික්ඛූ සබ්බෙ ආරඤ්ඤිකා සබ්බෙ පිණ්ඩපාතිකා සබ්බෙ පංසුකූලිකා සබ්බෙ තෙචීවරිකා සබ්බෙ සසංයොජනා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අථ ඛො භගවතො එතදහොසි - ‘‘ඉමෙ ඛො තිංසමත්තා පාවෙය්යකා භික්ඛූ සබ්බෙ ආරඤ්ඤිකා සබ්බෙ පිණ්ඩපාතිකා සබ්බෙ පංසුකූලිකා
‘‘අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං සීසච්ඡින්නානං ලොහිතං පස්සන්නං පග්ඝරිතං, යං වා චතූසු මහාසමුද්දෙසු උදක’’න්ති? ‘‘යථා ඛො මයං, භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාම, එතදෙව, භන්තෙ, බහුතරං, යං නො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං සීසච්ඡින්නානං
‘‘සාධු සාධු, භික්ඛවෙ, සාධු ඛො මෙ තුම්හෙ, භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ. එතදෙව, භික්ඛවෙ, බහුතරං, යං වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං සීසච්ඡින්නානං ලොහිතං පස්සන්නං පග්ඝරිතං, න ත්වෙව චතූසු මහාසමුද්දෙසු
‘‘ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිඤ්ච
|
136
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි’ (හුනවනයෙහි) වාසය කරනසේක. ඉක්බිති සියල්ලන්ම ආරණ්‍යකවූ, සියල්ලන්ම පිණ්ඩපාතිකවූ සියල්ලන්ම පාංසුකූලිකවූ, සියල්ලන්ම තේචීවරිකවූ, සියල්ලන්ම සංයෝජන සහිතවූ, (පෘථග්ජනවූ) තිසක් පමණවූ, පාවාරට වැසි භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට නමස්කාරකොට, එක් පැත්තක හුන්නාහුය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මේ සිත පහළවිය. ‘මේ තිසක් පමණ පාව්යෙයක භික්ෂූහු වනාහි සියල්ලෝම ආරණ්‍යක වූවාහුය. සියල්ලෝම පිණ්ඩපාතිකයහ. සියල්ලෝම පාංසුකූලිකයහ. සියල්ලෝම තේචීවරිකයහ. සියල්ලෝම සංයෝජන සහිතයහ. යම්සේ මේ ආසනයෙහිදීම මොවුන්ගේ සිත් (තණ්හාදී) ආශ්රවයන්ගෙන් දැඩිකොට නොගෙන ඉන් මිදෙත්ද (රහත්වෙත්ද) එසේ මම මොවුන්ට ධර්මය දේශනා කරන්නෙම් නම් ඉතා හොඳය’ කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන්කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ දීර්ඝ කාලයෙහි ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ, ගැලුවාවූ යම් ලෙයක් වේද, සතර මහා සාගරයෙහි යම් දියක් වේද, මේ දෙකින් කුමක් වනාහි ඉතා අධික වේද?”
“ස්වාමීනි, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දනිමු. ස්වාමීනි, මේ දීර්ඝ කාලයෙහි ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, අපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, යහපති! යහපති!! මහණෙනි, මා විසින් දේශනා කරනලද ධර්මය තොපි ඒ ආකාරයෙන් දන්නාහුය. මහණෙනි, මේ දීර්ඝකාලයෙහි ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි ගොන්ව ඉපදුණාවූ තොපගේ හිස් සිඳීමෙන් ගැලු යම් ලෙයක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහාසාගරයෙහි ජලය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි මීගොන්ව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි එළුව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි බැටළුව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි මුවව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.
“මහණෙනි, බොහෝකාලයක් මුළුල්ලෙහි සූකරව (හූරුව) ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි කුකුළුව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි ගම්පහරණ සොරුයයි අල්වාගෙන තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි මංපහරණ සොරුයයි (මංකොල්ල කාරයෝයයි) අල්ලාගෙන තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි අන් අඹු සොරුයයි අල්ලාගෙන තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“ඊට හේතුව කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. සතුටු සිත් ඇත්තාවූ, ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ඒ දේශනාවට සතුටුවූහ. මේ දේශනාව පවත්වන කල්හි වනාහි තිසක් පමණවූ පාවෙය්‍යක භික්ෂූන්ගේ සිත් (තණ්හාදී) ආශ්රවයන්ගෙන් දැඩිකොට නොගෙන ඉන් මිදුනාහුය.
(තුන්වෙනි තිංස සූත්‍රය නිමි.)
|
4. මාතුසුත්තං | 4. මාතා සූත්‍රය |
137
සාවත්ථියං
|
137
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසයකරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, මේ දීර්ඝ කාලයෙහිදී, යම් සත්වයෙක් මවක් නොවූයේ වේද, එබඳු සත්වයෙක් සුලබ නොවේ. ඊට හේතුව කවරේද?
මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද මහණෙනි, මෙසේ තොප විසින් දුක අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
(සතරවෙනි මාතා සූත්‍රය නිමි.)
|
5. පිතුසුත්තං | 5. පිතු සූත්‍රය |
138
සාවත්ථියං විහරති...පෙ.... ‘‘අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො...පෙ.... න සො, භික්ඛවෙ, සත්තො සුලභරූපො යො නපිතාභූතපුබ්බො
|
138
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන්කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, මේ දීර්ඝ කාලයෙහිදී, පියෙක් නොවූ යම් සත්වයෙක් වේද, එබඳු සත්වයෙක් සුලබ නොවේ. ඊට හේතුව කවරේද?
මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයින් මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
(පස්වෙනි පිතු සූත්‍රය නිමි.)
|
6. භාතුසුත්තං | 6. භාතු සූත්‍රය |
139
සාවත්ථියං විහරති...පෙ.... ‘‘න සො, භික්ඛවෙ, සත්තො සුලභරූපො යො නභාතාභූතපුබ්බො...පෙ.... අලං විමුච්චිතු’’න්ති. ඡට්ඨං.
|
139
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬුසිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, මේ දීර්ඝ කාලයෙහිදී, සහෝදරයෙක් නොවූ යම් සත්වයෙක් වේද, එබඳු සත්වයෙක් සුලබ නොවේ. ඊට හේතුව කවරේද?
මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
(හයවෙනි භාතු සූත්‍රය නිමි.)
|
7. භගිනිසුත්තං | 7. භගිනි සූත්‍රය |
140
සාවත්ථියං
|
140
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, මේ දීර්ඝ කාලයෙහිදී, සහෝදරියක් නොවූ යම් සත්වයෙක් වේද, එබඳු සත්වයෙක් සුලබ නොවේ. ඊට හේතුව කවරේද?
මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
(හත්වෙනි භගිනි සූත්‍රය නිමි.)
|
8. පුත්තසුත්තං | 8. පුත්ත සූත්‍රය |
141
සාවත්ථියං
|
141
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, මේ දීර්ඝ කාලයෙහිදී, පුතෙක් නොවූ යම් සත්වයෙක් වේද, එබඳු සත්වයෙක් සුලබ නොවේ. ඊට හේතුව කවරේද?
මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
(අටවෙනි පුත්ත සූත්‍රය නිමි.)
|
9. ධීතුසුත්තං | 9. ධීතු සූත්‍රය |
142
සාවත්ථියං
|
142
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, මේ දීර්ඝ කාලයෙහිදී, දුවක් නොවූ යම් සත්වයෙක් වේද, එබඳු සත්වයෙක් සුලබ නොවේ.
ඊට හේතුව කවරේද?
මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
(නවවෙනි ධීතු සූත්‍රය නිමි.)
|
10. වෙපුල්ලපබ්බතසුත්තං | 10. වේපුල්ල සූත්‍රය |
143
එකං
‘‘අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. භූතපුබ්බං, භික්ඛවෙ, ඉමස්ස වෙපුල්ලස්ස පබ්බතස්ස ‘පාචීනවංසො’ත්වෙව සමඤ්ඤා උදපාදි. තෙන ඛො පන, භික්ඛවෙ
‘‘භූතපුබ්බං
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, ඉමස්ස වෙපුල්ලස්ස පබ්බතස්ස ‘සුපස්සො’ත්වෙව
(සුඵස්සොත්වෙව (සී.)) සමඤ්ඤා උදපාදි. තෙන ඛො පන, භික්ඛවෙ, සමයෙන මනුස්සානං ‘සුප්පියා’ත්වෙව
(අප්පියාත්වෙව (සී.)) සමඤ්ඤා උදපාදි. සුප්පියානං, භික්ඛවෙ, මනුස්සානං වීසතිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. සුප්පියා, භික්ඛවෙ, මනුස්සා සුපස්සං පබ්බතං ද්වීහෙන ආරොහන්ති, ද්වීහෙන ඔරොහන්ති. තෙන ඛො පන, භික්ඛවෙ, සමයෙන කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො හොති. කස්සපස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තිස්සභාරද්වාජං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. පස්සථ, භික්ඛවෙ, සා චෙවිමස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරහිතා, තෙ ච මනුස්සා කාලඞ්කතා, සො ච භගවා පරිනිබ්බුතො. එවං අනිච්චා
‘‘එතරහි
ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘පාචීනවංසො තිවරානං, රොහිතස්සාන වඞ්කකො;
සුප්පියානං සුපස්සොති, මාගධානඤ්ච වෙපුල්ලො.
‘‘අනිච්චා
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති, තෙසං වූපසමො සුඛො’’ති. දසමං;
|
143
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ “ගිජ්ඣකූට” පර්වතයෙහි වාසය කරනසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන්හට කථාකළ සේක. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, පෙරවූවක් කියමි. එනම්:- මේ “වේපුල්ල” පර්වතයට “පාචීන වංස” යන නාමයක් ඇතිවිය. මහණෙනි, ඒ කාලයෙහි වනාහි මෙහි මිනිසුන්ට “තිවර” යන නාමය ඇතිවිය. මහණෙනි, “තිවර” මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු හතළිස් දහසක්වූයේය. මහණෙනි, “තිවර” නම් ඒ මිනිස්සු “පාචීන වංස” නම් පර්වතයට සිව් දිනකින් නගිති. සිව් දිනකින් බසිති.
“මහණෙනි, ඒ කාලයෙහි වනාහි භාග්‍යවත්වූ, අර්හත්වූ “කකුසඳ” නම් සම්මාසම්බුදු රජාණන් වහන්සේ ලෝකයෙහි උපන් සේක. මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ “කකුසඳ” සම්මා සම්බුදු රජාණන් වහන්සේට “විධූරය” “සඤ්ජීවය” යන අග්‍රවූ, භද්‍රවූ, ශ්‍රාවක දෙනමක් වූයේය. මහණෙනි, බලව් මේ පර්වතයාගේ ඒ නාමයද අතුරුදන් විය. ඒ මිනිස්සුද කාලක්‍රියා කළාහුය. ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිනිවන් පෑ සේක. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම් රහිතයහ. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය.
“මහණෙනි, පෙරවූවක් කියමි. එනම්:- මේ “වේපුල්ල” පර්වතයට “වංකක” යන නාමය ඇතිවිය. මහණෙනි, ඒ කාලයෙහි වනාහි මෙහි මිනිසුන්ට “රෝහිතස්ස” යන නාමය ඇතිවිය. මහණෙනි, “රෝහිතස්ස” නම් මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු තිස් දහසක් වූයේය. මහණෙනි, “රෝහිතස්ස” නම් මිනිස්සු “වංකක” නම් පර්වතයට තෙදිනකින් නගිති. තෙදිනකින් බසිති.
“මහණෙනි, ඒ කාලයෙහි වනාහි, භාග්‍යවත්වූ අර්හත්වූ, “කෝනාගමන” නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයෙහි උපන්සේක. මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ “කෝනාගමන” නම් සම්මාසම්බුදු රජාණන් වහන්සේට “භිය්‍යය”, “සුත්තරය” යන අග්‍රවූ, භද්‍රවූ, ශ්‍රාවක දෙනමක් වූයේය. මහණෙනි, බලව් මේ පර්වතයාගේ ඒ නාමයද අතුරුදන් වීය. ඒ මිනිස්සුද කාලක්‍රියා කළාහුය. ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිනිවන් පෑ සේක. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම් රහිතය. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය.
“මහණෙනි, පෙරවූවක් කියමි. එනම්:- මේ “වේපුල්ල” පර්වතයට “සුඵස්ස” යන නාමය ඇතිවිය. මහණෙනි, ඒ කාලයෙහි වනාහි මේ මිනිසුන්ට “අප්පිය” යන නාමය ඇතිවිය. මහණෙනි, ‘අප්පිය’ නම් මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු විසිදහසක් වූයේය. මහණෙනි, “අප්පිය” නම් මිනිස්සු “සුඵස්ස” නම් පර්වතයට දෙදිනකින් නගිති. දෙදිනකින් බසිති.
“මහණෙනි, ඒ කාලයෙහි වනාහි, භාග්‍යවත්වූ, අර්හත්වූ “කස්සප” නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයෙහි උපන්සේක. මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ, “කස්සප” නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තිස්සය, භාරද්වාජය යන අග්‍රවූ භද්‍රවූ, ශ්‍රාවක දෙනමක් වූයේය. මහණෙනි, බලව් මේ පර්වතයාගේ ඒ නාමයද අතුරුදන් විය. ඒ මිනිස්සුද කාලක්‍රියා කළාහුය. ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිනිවන් පෑ සේක, මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම් රහිතයහ. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය.
“මහණෙනි, මේ කාලයෙහි වනාහි මේ “වේපුල්ල” පර්වතයට “වේපුල්ල” පර්වතයයි කියාම නාමය ඇතිවිය. මහණෙනි, මේ කාලයෙහි මෙහි මිනිසුන්ට “මාගධක” යන නාමය ඇතිවිය. මහණෙනි, මෙකල මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය අල්පය. ස්වල්පය, ටිකය. යමෙක් බොහෝ කාලයක් ජීවත්වේ නම් හෙතෙම අවුරුදු සියයක් හෝ ඊට ස්වල්පයක් වැඩිය හෝ ජීවත් වෙයි. මහණෙනි, “මාගධක” නම් මිනිස්සු “වේපුල්ල” නම් පර්වතයට මොහොතකින් නගිති. මොහොතකින් බසිති.”
“මහණෙනි, මේ කාලයෙහි වනාහි භාග්‍යවත්වූ අර්හත්වූ, සම්යක්සම්බුද්ධවූ මම ලෝකයෙහි උපන්නේ වෙමි. මහණෙනි, මට වනාහි “සාරිපුත්තය, මොග්ගල්ලානය” යන අග්‍රවූ, භද්‍රවූ, ශ්‍රාවක දෙනමක් වන්නේය, මහණෙනි, මේ ඒ කාලයයි. මේ පර්වතයාගේ මේ නමද අතුරුදහන් වන්නේය. මේ මිනිස්සුද කාලක්‍රියා කරන්නාහුය. මමද පිරිනිවන් පාන්නෙමි. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම් රහිතයහ. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා, අනතුරුව මේ ගාථාවන් දේශනාකළ සේක.
“තිවරයන්හට පාචීනවංස නම් පර්වතය විය. රොහිතස්සයන්ට වංකක නම් පර්වතය විය. අප්පියයන්හට සුඵස්ස නම් පර්වතය විය. මාගධකයන්හට වේපුල්ල නම් පර්වතය විය.”
“සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපදීම හා බිඳීම ස්වභාව කොට ඇත්තාහ. ඉපද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සංසිඳීම සැප වන්නේය.
(දසවෙනි වේපුල්ල සූත්‍රය නිමි.)
|