ත්‍රිපිටකය
4. අනමතග්ගසංයුත්තං 4. අනමතග්ග සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්ගය
1. තිණකට්ඨසුත්තං 1. තිණකට්ඨ සූත්‍රය
2. පථවීසුත්තං 2. පඨවි සූත්‍රය
3. අස්සුසුත්තං 3. අස්සු සූත්‍රය
4. ඛීරසුත්තං 4. ඛීර සූත්‍රය
5. පබ්බතසුත්තං 5. පබ්බත සූත්‍රය
6. සාසපසුත්තං 6. සාසප සූත්‍රය
7. සාවකසුත්තං 7. සාවක සූත්‍රය
8. ගඞ්ගාසුත්තං 8. ගංගා සූත්‍රය
9. දණ්ඩසුත්තං 9. දණ්ඩ සූත්‍රය
10. පුග්ගලසුත්තං 10. පුග්ගල සූත්‍රය
133
එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘අනමතග්ගොයං , භික්ඛවෙ, සංසාරො...පෙ.... එකපුග්ගලස්ස, භික්ඛවෙ, කප්පං සන්ධාවතො සංසරතො සියා එවං මහා අට්ඨිකඞ්කලො අට්ඨිපුඤ්ජො අට්ඨිරාසි යථායං වෙපුල්ලො පබ්බතො, සචෙ සංහාරකො අස්ස, සම්භතඤ්ච න විනස්සෙය්‍ය. තං කිස්ස හෙතු? අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො...පෙ.... අලං විමුච්චිතු’’න්ති.
ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘එකස්සෙකෙන කප්පෙන, පුග්ගලස්සට්ඨිසඤ්චයො;
සියා පබ්බතසමො රාසි, ඉති වුත්තං මහෙසිනා.
‘‘සො ඛො පනායං අක්ඛාතො, වෙපුල්ලො පබ්බතො මහා;
උත්තරො ගිජ්ඣකූටස්ස, මගධානං ගිරිබ්බජෙ.
‘‘යතො ච අරියසච්චානි, සම්මප්පඤ්ඤාය පස්සති;
දුක්ඛං දුක්ඛසමුප්පාදං, දුක්ඛස්ස ච අතික්කමං;
අරියං චට්ඨඞ්ගිකං මග්ගං, දුක්ඛූපසමගාමිනං.
‘‘ස සත්තක්ඛත්තුංපරමං, සන්ධාවිත්වාන පුග්ගලො;
දුක්ඛස්සන්තකරො හොති, සබ්බසංයොජනක්ඛයා’’ති. දසමං;
133
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරවූ ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරනසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන්කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙණෙන්නේය. මහණෙනි, මෙසේ කල්පයක් ඇවිදින්නාවූ, හැසිරෙන්නාවූ, එක් පුද්ගලයෙකුගේ මහත්වූ ඇටසැකිල්ල, ඇට ගොඩ, ඇට රාශිය, ඉදින් එකතුකරන්නෙම් වන්නේ නම් එකතු කරන ලද්දද විනාශ නොකරන්නේ නම් මේ වේපූල්ල පර්වතය යම්පමණද එපමණ වන්නේය. ඊට හේතු කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි, මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
“භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළසේක.
එක කල්පයක එක පුද්ගලයෙකුගේ ඇටගොඩ ‘වේපුල්ල’ පර්වතයක් හා සමාන වන්නේය යන මෙය මහර්ෂීවූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී.
එසේ කියනලද මහා වේපුල්ල පර්වතය වනාහි මගධරට වැස්සන්ගේ (අගනුවර) ගිරිබ්බජයෙහිවූ ගිජ්ඣකූට පර්වතයට උතුරෙන් පිහිටියේය.
යම් හෙයකින් දුක්ඛ සත්‍යයද, දුක්ඛ සමුදය සත්‍යයද, දුක්ඛ නිරෝධ සත්‍යයද, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍යය නම්වූ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයද යන චතුරාර්‍ය්‍ය සත්‍යයන් සම්‍යක් ප්‍රඥාවෙන් දකියිද,
(ඒ) පුද්ගලතෙම උඩත්පිරිසෙයින් සත්වරක් සසර ගමන්කොට, සියලු සංයෝජනයන් (බැඳුම්) කෙළවර කිරීමෙන් දුක් කෙළවර කරන්නේ වෙයි.
(දසවෙනි පුග්ගල සූත්‍රය නිමි.)
2. දුතියවග්ගො 2. දෙවැනි වර්ගය
1. දුග්ගතසුත්තං 1. දුග්ගත සූත්‍රය
2. සුඛිතසුත්තං 2. සුඛිත සූත්‍රය
3. තිංසමත්තසුත්තං 3. තිංස සූත්‍රය
4. මාතුසුත්තං 4. මාතා සූත්‍රය
5. පිතුසුත්තං 5. පිතු සූත්‍රය
6. භාතුසුත්තං 6. භාතු සූත්‍රය
7. භගිනිසුත්තං 7. භගිනි සූත්‍රය
8. පුත්තසුත්තං 8. පුත්ත සූත්‍රය
9. ධීතුසුත්තං 9. ධීතු සූත්‍රය
10. වෙපුල්ලපබ්බතසුත්තං 10. වේපුල්ල සූත්‍රය