ත්‍රිපිටකය
4. අනමතග්ගසංයුත්තං 4. අනමතග්ග සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්ගය
1. තිණකට්ඨසුත්තං 1. තිණකට්ඨ සූත්‍රය
2. පථවීසුත්තං 2. පඨවි සූත්‍රය
3. අස්සුසුත්තං 3. අස්සු සූත්‍රය
4. ඛීරසුත්තං 4. ඛීර සූත්‍රය
5. පබ්බතසුත්තං 5. පබ්බත සූත්‍රය
6. සාසපසුත්තං 6. සාසප සූත්‍රය
7. සාවකසුත්තං 7. සාවක සූත්‍රය
8. ගඞ්ගාසුත්තං 8. ගංගා සූත්‍රය
131
රාජගහෙ විහරති වෙළුවනෙ. අථ ඛො අඤ්ඤතරො බ්‍රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො බ්‍රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘කීවබහුකා නු ඛො, භො ගොතම, කප්පා අබ්භතීතා අතික්කන්තා’’ති? ‘‘බහුකා ඛො, බ්‍රාහ්මණ, කප්පා අබ්භතීතා අතික්කන්තා. තෙ න සුකරා සඞ්ඛාතුං - ‘එත්තකා කප්පා ඉති වා, එත්තකානි කප්පසතානි ඉති වා, එත්තකානි කප්පසහස්සානි ඉති වා, එත්තකානි කප්පසතසහස්සානි ඉති වා’’’ති.
‘‘සක්කා පන, භො ගොතම, උපමං කාතු’’න්ති? ‘‘සක්කා, බ්‍රාහ්මණා’’ති භගවා අවොච. ‘‘සෙය්‍යථාපි, බ්‍රාහ්මණ, යතො චායං ගඞ්ගා නදී පභවති යත්ථ ච මහාසමුද්දං අප්පෙති, යා එතස්මිං අන්තරෙ වාලිකා සා න සුකරා සඞ්ඛාතුං - ‘එත්තකා වාලිකා ඉති වා, එත්තකානි වාලිකසතානි ඉති වා, එත්තකානි වාලිකසහස්සානි ඉති වා, එත්තකානි වාලිකසතසහස්සානි ඉති වා’ති. තතො බහුතරා ඛො, බ්‍රාහ්මණ, කප්පා අබ්භතීතා අතික්කන්තා. තෙ න සුකරා සඞ්ඛාතුං - ‘එත්තකා කප්පා ඉති වා, එත්තකානි කප්පසතානි ඉති වා, එත්තකානි කප්පසහස්සානි ඉති වා, එත්තකානි කප්පසතසහස්සානි ඉති වා’ති. තං කිස්ස හෙතු? අනමතග්ගොයං, බ්‍රාහ්මණ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. එවං දීඝරත්තං ඛො, බ්‍රාහ්මණ, දුක්ඛං පච්චනුභූතං තිබ්බං පච්චනුභූතං බ්‍යසනං පච්චනුභූතං, කටසී වඩ්ඪිතා. යාවඤ්චිදං , බ්‍රාහ්මණ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතු’’න්ති.
එවං වුත්තෙ, සො බ්‍රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. අට්ඨමං.
131
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි (හුන වනයෙහි) වාසය කරන සේක. ඉක්බිති එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ඒ බමුණා භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“භවත් ගෞතමයෙනි, කොපමණ බහුලවූ, කල්පයෝ අතීත වූවාහුද, ඉක්ම ගියාහුද?
“බමුණ, බොහෝ කල්පයෝ වනාහි අතීත වූවාහුය. ඉක්ම ගියාහුය. ඔවුහු මෙතෙක් කල්පයන්ය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.”
“භවත් ගෞතමයිනි, උපමාවක් කීමට හැක්කේද?”
“බමුණ, හැකිය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. බමුණ, යම්සේ වනාහි මේ ගංගා නදිය යම් තැනෙකින් පටන් ගනීද, යම් තැනකින් මහමුහුදට වැටෙයිද, මේ අතර යම් වැල්ලක් වේද, ඒ වැල්ල මෙතෙක් වැලිය කියා හෝ, මෙතෙක් වැලිඇට සියය කියා හෝ, මෙතෙක් වැලිඇට දහසය කියා හෝ, මෙතෙක් වැලිඇට ලක්ෂය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ. බමුණ, අතීතවූ, ඉක්මගියාවූ, කල්පයන් වනාහි ඊට වඩා වැඩිය. ඔවුහු මෙතෙක් කල්පයන්ය කියා හෝ, මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ, මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ, මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ. ඊට හේතු කවරේද?
“බමුණ, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි, බමුණ, මෙසේ තොප විසින් දුක් අනුභව කරනලදී. දැඩි දුක් අනුභව කරනලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරනලදී. බමුණ, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
මෙසේ දේශනා කළ කල්හි ඒ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මග හෝ කියන්නේද, (ගණ අඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්‍යවතුන්වහන්සේ සරණකොට යමි. ධර්මයද, සංඝයාද සරණකොට යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම්කොට සරණ ගිය උපාසකයකු කොට මා සලකනසේක්වා.”
(අට වෙනි ගංගා සූත්‍රය නිමි.)
9. දණ්ඩසුත්තං 9. දණ්ඩ සූත්‍රය
10. පුග්ගලසුත්තං 10. පුග්ගල සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවැනි වර්ගය
1. දුග්ගතසුත්තං 1. දුග්ගත සූත්‍රය
2. සුඛිතසුත්තං 2. සුඛිත සූත්‍රය
3. තිංසමත්තසුත්තං 3. තිංස සූත්‍රය
4. මාතුසුත්තං 4. මාතා සූත්‍රය
5. පිතුසුත්තං 5. පිතු සූත්‍රය
6. භාතුසුත්තං 6. භාතු සූත්‍රය
7. භගිනිසුත්තං 7. භගිනි සූත්‍රය
8. පුත්තසුත්තං 8. පුත්ත සූත්‍රය
9. ධීතුසුත්තං 9. ධීතු සූත්‍රය
10. වෙපුල්ලපබ්බතසුත්තං 10. වේපුල්ල සූත්‍රය