ත්‍රිපිටකය
3. ධාතුසංයුත්තං 3. ධාතු සංයුත්තය
1. නානත්තවග්ගො 1. නානත්ත වර්ගය
1. ධාතුනානත්තසුත්තං 1. ධාතු සූත්‍රය
2. ඵස්සනානත්තසුත්තං 2. සම්ඵස්ස සූත්‍රය
3. නොඵස්සනානත්තසුත්තං 3. නෝසම්ඵස්ස සූත්‍රය
4. වෙදනානානත්තසුත්තං 4. වේදනා සූත්‍රය
5. දුතියවෙදනානානත්තසුත්තං 5. නෝවේදනා සූත්‍රය
6. බාහිරධාතුනානත්තසුත්තං 6. ධාතු සූත්‍රය
7. සඤ්ඤානානත්තසුත්තං 7. සඤ්ඤා සූත්‍රය
8. නොපරියෙසනානානත්තසුත්තං 8. නෝසඤ්ඤා සූත්‍රය
9. බාහිරඵස්සනානත්තසුත්තං 9. ඵස්ස සූත්‍රය
10. දුතියබාහිරඵස්සනානත්තසුත්තං 10. නෝඵස්ස සූත්‍රය
2. දුතියවග්ගො 2. සත්තධාතු වර්ගය
1. සත්තධාතුසුත්තං 1. සත්තිම සූත්‍රය
2. සනිදානසුත්තං 2. සනිදාන සූත්‍රය
3. ගිඤ්ජකාවසථසුත්තං 3. ගිඤ්ජකාවසඵ සූත්‍රය
4. හීනාධිමුත්තිකසුත්තං 4. හීනාධිමුත්තික සූත්‍රය
5. චඞ්කමසුත්තං 5. චංකම සූත්‍රය
6. සගාථාසුත්තං 6. සගාථ සූත්‍රය
7. අස්සද්ධසංසන්දනසුත්තං 7. අස්සද්ධ සූත්‍රය
8. අස්සද්ධමූලකසුත්තං 8. අස්සද්ධමූලක සූත්‍රය
9. අහිරිකමූලකසුත්තං 9. අහිරිකමූලක සූත්‍රය
10. අනොත්තප්පමූලකසුත්තං 10. අනොත්තප්පමූලක සූත්‍රය
11. අප්පස්සුතමූලකසුත්තං 11. අප්පස්සුත සූත්‍රය
12. කුසීතමූලකසුත්තං 12. කුසීත සූත්‍රය
3. කම්මපථවග්ගො 3. කම්මපථ වර්ගය
1. අසමාහිතසුත්තං 1. අසමාභිත සූත්‍රය
2. දුස්සීලසුත්තං 2. දුස්සීල සූත්‍රය
3. පඤ්චසික්ඛාපදසුත්තං 3. පඤ්චසික්ඛාපද සූත්‍රය
4. සත්තකම්මපථසුත්තං 4. සත්තකම්මපථ සූත්‍රය
5. දසකම්මපථසුත්තං 5. දසකම්මපථ සූත්‍රය
6. අට්ඨඞ්ගිකසුත්තං 6. අට්ඨඩ්ගික සූත්‍රය
7. දසඞ්ගසුත්තං 7. දසඩ්ග සූත්‍රය
4. චතුත්ථවග්ගො 4. චතු ධාතු වර්ගය
1. චතුධාතුසුත්තං 1. චතු සූත්‍රය
2. පුබ්බෙසම්බොධසුත්තං 2. පුබ්බ සූත්‍රය
115
සාවත්ථියං විහරති...පෙ.... ‘‘පුබ්බෙව මෙ, භික්ඛවෙ, සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි - ‘කො නු ඛො පථවීධාතුයා අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං; කො ආපොධාතුයා අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං; කො තෙජොධාතුයා අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං; කො වායොධාතුයා අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණ’’’න්ති?
‘‘තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘යං ඛො පථවීධාතුං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං පථවීධාතුයා අස්සාදො; යං (යා (සී.)) පථවීධාතු අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං පථවීධාතුයා ආදීනවො; යො පථවීධාතුයා ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං පථවීධාතුයා නිස්සරණං. යං ආපොධාතුං පටිච්ච...පෙ.... යං තෙජොධාතුං පටිච්ච...පෙ.... යං වායොධාතුං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං වායොධාතුයා අස්සාදො; යං වායොධාතු අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං වායොධාතුයා ආදීනවො; යො වායොධාතුයා ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං වායොධාතුයා නිස්සරණං’’’.
‘‘යාවකීවඤ්චාහං , භික්ඛවෙ, ඉමාසං චතුන්නං ධාතූනං එවං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං න අබ්භඤ්ඤාසිං, නෙව තාවාහං, භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති (අභිසම්බුද්ධො (සී. ස්‍යා. කං.)) පච්චඤ්ඤාසිං.
‘‘යතො ච ඛ්වාහං, භික්ඛවෙ, ඉමාසං චතුන්නං ධාතූනං එවං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤාසිං, අථාහං, භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි - ‘අකුප්පා මෙ විමුත්ති (චෙතොවිමුත්ති (සී. පී. ක.)), අයමන්තිමා ජාති, නත්ථි දානි පුනබ්භවො’’’ති. දුතියං.
115
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි, වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, බුද්ධත්වයට පෙරම, බුදු නොවූ බෝසත්වූම මට මේ අදහස ඇතිවිය.
“පඨවි ධාතුවේ අස්සාදය (රස විඳීම) කවරේද? ආදීනව (දෝෂ) කවරේද? නිස්සරණය (නිදහස්වීම) කවරේද?
“ආපෝ ධාතුවේ අස්සාදය කවරේද? ආදීනව කවරේද? නිස්සරණය කවරේද?
“තේජෝ ධාතුවේ අස්සාදය කවරේද? ආදීනව කවරේද? නිස්සරණය කවරේද?
“වායෝ ධාතුවේ අස්සාදය කවරේද? ආදීනව කවරේද? නිස්සරණය කවරේද?
“මහණෙනි, ඒ මට මේ සිත ඇති විය. පඨවි ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය පඨවි ධාතුවේ අස්සාදයයි. පඨවි ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය පඨවි ධාතුවේ ආදීනවයයි. පඨවි ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය පඨවි ධාතුවේ නිස්සරණයයි.
“ආපෝ ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය ආපෝ ධාතුවේ අස්සාදයයි. ආපෝ ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය ආපෝ ධාතුවේ ආදීනවයයි. පඨවි ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය ආපෝ ධාතුවේ නිස්සරණයයි.
“තේජෝ ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය තේජෝ ධාතුවේ අස්සාදයයි. තේජෝ ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය තේජෝ ධාතුවේ ආදීනවයයි. තේජෝ ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය තේජෝ ධාතුවේ නිස්සරණයයි.
“වායෝ ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය වායෝ ධාතුවේ අස්සාදයයි. වායෝ ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය වායෝ ධාතුවේ ආදීනවයයි. වායෝ ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය වායෝ ධාතුවේ නිස්සරණයයි.
“මහණෙනි, මම යම්තාක් කල් මේ සතර ධාතූන්ගේ මෙසේ අස්සාදය, අස්සාදය වශයෙන්ද, ආදීනවය, ආදීනවය වශයෙන්ද, නිස්සරණය, නිස්සරණය වශයෙන්ද, ඇති පරිදි නොදත්තෝද, මහණෙනි, ඒ තාක් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, දෙවි මිනිසුන් සහිත, ප්‍රජාව සහිත ලෝකයෙහි අතිඋතුම් සම්‍යක් සම්බොධියට නොපැමිණියෙම්යයි දැන නොගත්තෙමි.
“මහණෙනි, යම් තැනක පටන් මම මේ සතර ධාතූන්ගේ මෙසේ අස්සාදය අස්සාදය වශයෙන්ද, ආදීනවය ආදීනවය වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, ඇතිසේ දැන ගත්තෙම්ද. මහණෙනි, ඉක්බිති, මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, ප්‍රජාව සහිත, ලෝකයෙහි අතිඋතුම් සම්‍යක් සම්බොධියට පැමිණියෙම්යයි දැනගත්තෙමි. මාහට ප්‍රත්‍යවෙක්ෂා ඥානයෙන් දැකීමද, පහළවිය. ‘මාගේ අර්හත්ඵල සමාධිය කම්පා නොකළ හැකිය යන ඥානය පහළවිය. මේ අන්තිම ජාතියයි. දැන් නැවත ඉපදීමක් නැත්තේය.”
(දෙවෙනි පුබ්බ සූත්‍රය නිමි.)
3. අචරිංසුත්තං 3. අචරි සූත්‍රය
4. නොචෙදංසුත්තං 4. නොවෙදං සූත්‍රය
5. එකන්තදුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අභිනන්දසුත්තං 6. අභිනන්දන සූත්‍රය
7. උප්පාදසුත්තං 7. උප්පාද සූත්‍රය
8. සමණබ්‍රාහ්මණසුත්තං 8. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
9. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. තතියසමණබ්‍රාහ්මණසුත්තං 10. සමණ බ්‍රාහ්මණ සූත්‍රය