ත්‍රිපිටකය
3. ධාතුසංයුත්තං 3. ධාතු සංයුත්තය
1. නානත්තවග්ගො 1. නානත්ත වර්ගය
1. ධාතුනානත්තසුත්තං 1. ධාතු සූත්‍රය
2. ඵස්සනානත්තසුත්තං 2. සම්ඵස්ස සූත්‍රය
3. නොඵස්සනානත්තසුත්තං 3. නෝසම්ඵස්ස සූත්‍රය
4. වෙදනානානත්තසුත්තං 4. වේදනා සූත්‍රය
5. දුතියවෙදනානානත්තසුත්තං 5. නෝවේදනා සූත්‍රය
6. බාහිරධාතුනානත්තසුත්තං 6. ධාතු සූත්‍රය
7. සඤ්ඤානානත්තසුත්තං 7. සඤ්ඤා සූත්‍රය
8. නොපරියෙසනානානත්තසුත්තං 8. නෝසඤ්ඤා සූත්‍රය
9. බාහිරඵස්සනානත්තසුත්තං 9. ඵස්ස සූත්‍රය
10. දුතියබාහිරඵස්සනානත්තසුත්තං 10. නෝඵස්ස සූත්‍රය
2. දුතියවග්ගො 2. සත්තධාතු වර්ගය
1. සත්තධාතුසුත්තං 1. සත්තිම සූත්‍රය
2. සනිදානසුත්තං 2. සනිදාන සූත්‍රය
3. ගිඤ්ජකාවසථසුත්තං 3. ගිඤ්ජකාවසඵ සූත්‍රය
4. හීනාධිමුත්තිකසුත්තං 4. හීනාධිමුත්තික සූත්‍රය
5. චඞ්කමසුත්තං 5. චංකම සූත්‍රය
6. සගාථාසුත්තං 6. සගාථ සූත්‍රය
7. අස්සද්ධසංසන්දනසුත්තං 7. අස්සද්ධ සූත්‍රය
8. අස්සද්ධමූලකසුත්තං 8. අස්සද්ධමූලක සූත්‍රය
9. අහිරිකමූලකසුත්තං 9. අහිරිකමූලක සූත්‍රය
10. අනොත්තප්පමූලකසුත්තං 10. අනොත්තප්පමූලක සූත්‍රය
11. අප්පස්සුතමූලකසුත්තං 11. අප්පස්සුත සූත්‍රය
12. කුසීතමූලකසුත්තං 12. කුසීත සූත්‍රය
3. කම්මපථවග්ගො 3. කම්මපථ වර්ගය
1. අසමාහිතසුත්තං 1. අසමාභිත සූත්‍රය
2. දුස්සීලසුත්තං 2. දුස්සීල සූත්‍රය
3. පඤ්චසික්ඛාපදසුත්තං 3. පඤ්චසික්ඛාපද සූත්‍රය
4. සත්තකම්මපථසුත්තං 4. සත්තකම්මපථ සූත්‍රය
5. දසකම්මපථසුත්තං 5. දසකම්මපථ සූත්‍රය
111
සාවත්ථියං විහරති...පෙ.... ‘‘ධාතුසොව , භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති. පාණාතිපාතිනො පාණාතිපාතීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති; අදින්නාදායිනො...පෙ.... කාමෙසුමිච්ඡාචාරිනො... මුසාවාදිනො... පිසුණවාචා... ඵරුසවාචා... සම්ඵප්පලාපිනො සම්ඵප්පලාපීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති; අභිජ්ඣාලුනො අභිජ්ඣාලූහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති; බ්‍යාපන්නචිත්තා බ්‍යාපන්නචිත්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති; මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති’’.
‘‘පාණාතිපාතා පටිවිරතා පාණාතිපාතා පටිවිරතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති; අදින්නාදානා පටිවිරතා...පෙ.... කාමෙසුමිච්ඡාචාරා පටිවිරතා... මුසාවාදා පටිවිරතා... පිසුණාය වාචාය... ඵරුසාය වාචාය... සම්ඵප්පලාපා පටිවිරතා සම්ඵප්පලාපා පටිවිරතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති; අනභිජ්ඣාලුනො අනභිජ්ඣාලූහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති; අබ්‍යාපන්නචිත්තා අබ්‍යාපන්නචිත්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති; සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තී’’ති. පඤ්චමං.
111
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වෙත් සමගි වෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. දැඩි ලෝභය බහුලකොට ඇත්තෝ දැඩි ලෝභය බහුලකොට ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රලාප කීමෙන් වෙන්වූවෝ ප්‍රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. දැඩි ලෝභය බහුලකොට නැත්තෝ දැඩි ලෝභය බහුලව නැත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. අනුන් නැසෙත්වායි නොසිතන්නෝ අනුන් නැසෙත්වායි නොසිතන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයින් හා සමග එක්වෙත්, සමගිවෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ. සමගිවූහ. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වූහ, සමගිවූහ. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වූහ, සමගිවූහ. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ.
ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වූහ. සමගි වූහ. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. දැඩි ලෝභය බහුලකොට ඇත්තෝ දැඩි ලෝභය බහුල කොට ඇත්තන් හා සමග එක්වූහ සමගිවූහ. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. හොරකමින් වෙන්වූවෝ සොරකමින් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන් වූවන් හා සමග එක්වූහ, සමගිවූහ. කේලාම් කීමෙන් වෙන් වූවෝ කේලාම්කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රලාප කීමෙන් වෙන්වූවෝ ප්‍රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. දැඩිලෝභය බහුලකොට නැත්තෝ දැඩිලෝභය බහුලකොට නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. අනුන් නැසෙත්වායි නොසිතන්නෝ අනුන් නැසෙත්වායි නොසිතන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක්දෘෂ්ටිකයෝ සම්‍යක්දෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වන්නාහුය, සමගිවන්නාහුය. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වන්නාහුය, සමගිවන්නාහුය. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. බොරුකියන්නෝ බොරුකියන්නන් හා සමග එක්වන්නාහුය, සමගිවන්නාහුය. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂවචන කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. දැඩි ලෝභය බහුලකොට ඇත්තෝ දැඩි ලෝභය බහුලකොට ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක් වන්නාහුය. සමගි වන්නාහුය. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රලාප කීමෙන් වෙන්වූවෝ ප්‍රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. දැඩි ලෝභය බහුලකොට නැත්තෝ දැඩි ලෝභය බහුලකොට නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. සම්‍යක්දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය.
“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත් සමගිවෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. දැඩි ලෝභය බහුලකොට ඇත්තෝ දැඩි ලෝභය බහුලකොට ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත් හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත් සමගිවෙත්. ඵරුෂවචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත් සමගිවෙත්. ප්‍රලාප කීමෙන් වෙන්වූවෝ ප්‍රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. දැඩිලෝභය බහුල කොට නැත්තෝ දැඩිලෝභය බහුලකොට නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. සම්‍යක්දෘෂ්ටිකයෝ සම්‍යක්දෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
(පස්වෙනි දසකම්මපථය සූත්‍රය නිමි.)
6. අට්ඨඞ්ගිකසුත්තං 6. අට්ඨඩ්ගික සූත්‍රය
7. දසඞ්ගසුත්තං 7. දසඩ්ග සූත්‍රය
4. චතුත්ථවග්ගො 4. චතු ධාතු වර්ගය
1. චතුධාතුසුත්තං 1. චතු සූත්‍රය
2. පුබ්බෙසම්බොධසුත්තං 2. පුබ්බ සූත්‍රය
3. අචරිංසුත්තං 3. අචරි සූත්‍රය
4. නොචෙදංසුත්තං 4. නොවෙදං සූත්‍රය
5. එකන්තදුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අභිනන්දසුත්තං 6. අභිනන්දන සූත්‍රය
7. උප්පාදසුත්තං 7. උප්පාද සූත්‍රය
8. සමණබ්‍රාහ්මණසුත්තං 8. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
9. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. තතියසමණබ්‍රාහ්මණසුත්තං 10. සමණ බ්‍රාහ්මණ සූත්‍රය