ත්‍රිපිටකය
3. ධාතුසංයුත්තං 3. ධාතු සංයුත්තය
1. නානත්තවග්ගො 1. නානත්ත වර්ගය
1. ධාතුනානත්තසුත්තං 1. ධාතු සූත්‍රය
2. ඵස්සනානත්තසුත්තං 2. සම්ඵස්ස සූත්‍රය
3. නොඵස්සනානත්තසුත්තං 3. නෝසම්ඵස්ස සූත්‍රය
4. වෙදනානානත්තසුත්තං 4. වේදනා සූත්‍රය
5. දුතියවෙදනානානත්තසුත්තං 5. නෝවේදනා සූත්‍රය
6. බාහිරධාතුනානත්තසුත්තං 6. ධාතු සූත්‍රය
7. සඤ්ඤානානත්තසුත්තං 7. සඤ්ඤා සූත්‍රය
8. නොපරියෙසනානානත්තසුත්තං 8. නෝසඤ්ඤා සූත්‍රය
9. බාහිරඵස්සනානත්තසුත්තං 9. ඵස්ස සූත්‍රය
10. දුතියබාහිරඵස්සනානත්තසුත්තං 10. නෝඵස්ස සූත්‍රය
2. දුතියවග්ගො 2. සත්තධාතු වර්ගය
1. සත්තධාතුසුත්තං 1. සත්තිම සූත්‍රය
2. සනිදානසුත්තං 2. සනිදාන සූත්‍රය
3. ගිඤ්ජකාවසථසුත්තං 3. ගිඤ්ජකාවසඵ සූත්‍රය
4. හීනාධිමුත්තිකසුත්තං 4. හීනාධිමුත්තික සූත්‍රය
98
සාවත්ථියං විහරති...පෙ.... ‘‘ධාතුසොව (ධාතුසො (සී. පී.) අයඤ්ච පඨමාරම්භවාක්‍යෙයෙව, න සබ්බත්ථ. තීසු පන අද්ධාසු ච උපමාසංසන්දනනිගමනට්ඨානෙ ච ඉදං පාඨනානත්තං නත්ථි), භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති. හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති; කල්‍යාණාධිමුත්තිකා කල්‍යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති’’.
‘‘අතීතම්පි ඛො (ඛොසද්දො සී. ස්‍යා. කං. පී. පොත්ථකෙසු නත්ථි), භික්ඛවෙ, අද්ධානං ධාතුසොව (ඊදිසෙසු ඨානෙසු පාඨනානත්තං නත්ථි) සත්තා සංසන්දිංසු සමිංසු. හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු; කල්‍යාණාධිමුත්තිකා කල්‍යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු.
‘‘අනාගතම්පි ඛො (ඛොසද්දො සී. ස්‍යා. කං. පී. පොත්ථකෙසු නත්ථි), භික්ඛවෙ, අද්ධානං ධාතුසොව (ඊදිසෙසු ඨානෙසු පාඨනානත්තං නත්ථි) සත්තා සංසන්දිස්සන්ති සමෙස්සන්ති. හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමෙස්සන්ති; කල්‍යාණාධිමුත්තිකා කල්‍යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමෙස්සන්ති.
‘‘එතරහිපි ඛො (ඛොසද්දො සී. ස්‍යා. කං. පී. පොත්ථකෙසු නත්ථි), භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව (ඊදිසෙසු ඨානෙසු පාඨනානත්තං නත්ථි) සත්තා සංසන්දන්ති සමෙන්ති. හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති; කල්‍යාණාධිමුත්තිකා කල්‍යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තී’’ති. චතුත්ථං.
98
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධාතු (අදහස්) වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. හීන අදහස් ඇත්තාවූ සත්වයෝ හීන අදහස් ඇත්තාවූ, සත්වයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. යහපත් අදහස් ඇත්තාවූ සත්වයෝ, යහපත් අදහස් ඇත්තාවූ සත්වයන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන්ම සත්වයෝ එක්වූහ. සමගිවූහ. (කෙසේද?) හීන අදහස් ඇති සත්වයෝ, හීන අදහස් ඇති සත්වයන් හා සමග එක්වූහ. සමගිවූහ. යහපත් අදහස් ඇති සත්වයෝ යහපත් අදහස් ඇති සත්වයන් හා සමග එක්වූහ. සමගිවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ, අදහස් වශයෙන්ම එක්වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) හීන අදහස් ඇති සත්වයෝ, හීන අදහස් ඇති සත්වයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. යහපත් අදහස් ඇති සත්වයෝ, යහපත් අදහස් ඇති සත්වයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.
“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද අදහස් වශයෙන්ම සත්වයෝ එක්වෙත් සමගි වෙත්. (කෙසේද?) හීන අදහස් ඇති සත්වයෝ, හීන අදහස් ඇති සත්වයන් හා සමග එක් වෙත්. සමගි වෙත්. යහපත් අදහස් ඇති සත්වයෝ, යහපත් අදහස් ඇති සත්වයන් හා සමග එක් වෙත්. සමගි වෙත්.”
(සිව්වන හීනාධිමුත්තික සූත්‍රය නිමි.)
5. චඞ්කමසුත්තං 5. චංකම සූත්‍රය
6. සගාථාසුත්තං 6. සගාථ සූත්‍රය
7. අස්සද්ධසංසන්දනසුත්තං 7. අස්සද්ධ සූත්‍රය
8. අස්සද්ධමූලකසුත්තං 8. අස්සද්ධමූලක සූත්‍රය
9. අහිරිකමූලකසුත්තං 9. අහිරිකමූලක සූත්‍රය
10. අනොත්තප්පමූලකසුත්තං 10. අනොත්තප්පමූලක සූත්‍රය
11. අප්පස්සුතමූලකසුත්තං 11. අප්පස්සුත සූත්‍රය
12. කුසීතමූලකසුත්තං 12. කුසීත සූත්‍රය
3. කම්මපථවග්ගො 3. කම්මපථ වර්ගය
1. අසමාහිතසුත්තං 1. අසමාභිත සූත්‍රය
2. දුස්සීලසුත්තං 2. දුස්සීල සූත්‍රය
3. පඤ්චසික්ඛාපදසුත්තං 3. පඤ්චසික්ඛාපද සූත්‍රය
4. සත්තකම්මපථසුත්තං 4. සත්තකම්මපථ සූත්‍රය
5. දසකම්මපථසුත්තං 5. දසකම්මපථ සූත්‍රය
6. අට්ඨඞ්ගිකසුත්තං 6. අට්ඨඩ්ගික සූත්‍රය
7. දසඞ්ගසුත්තං 7. දසඩ්ග සූත්‍රය
4. චතුත්ථවග්ගො 4. චතු ධාතු වර්ගය
1. චතුධාතුසුත්තං 1. චතු සූත්‍රය
2. පුබ්බෙසම්බොධසුත්තං 2. පුබ්බ සූත්‍රය
3. අචරිංසුත්තං 3. අචරි සූත්‍රය
4. නොචෙදංසුත්තං 4. නොවෙදං සූත්‍රය
5. එකන්තදුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අභිනන්දසුත්තං 6. අභිනන්දන සූත්‍රය
7. උප්පාදසුත්තං 7. උප්පාද සූත්‍රය
8. සමණබ්‍රාහ්මණසුත්තං 8. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
9. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. තතියසමණබ්‍රාහ්මණසුත්තං 10. සමණ බ්‍රාහ්මණ සූත්‍රය