2. 1. 7.
සඤ්ඤා සූත්‍රය
231. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධාතුන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවෙයි. සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවේ. සංකල්පනාවන්ගේ නානත්වය නිසා ඡන්දයන්ගේ (තෘෂ්ණාවන්ගේ) නානත්වය ඇතිවේ. ඡන්දයන්ගේ නානත්වය නිසා පරිදාහයන්ගේ (ආශාවෙන් දැවෙන ස්වභාවයන්ගේ) නානත්වය ඇතිවේ. පරිදාහයන්ගේ නානත්වය නිසා පරියේසනයන්ගේ (සෙවීම්වල) නානත්වය ඇතිවේ.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය කවරේද?” රූප ධාතුව, ශබ්ද ධාතුව, ගන්ධ ධාතුව, රස ධාතුව, ස්පර්ශ ධාතුව සහ ධම්ම ධාතුවයි. මහණෙනි, මෙය ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.
“මහණෙනි, කෙසේ නම් ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවෙයිද? සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවෙයිද? සංකල්පනා වන්ගේ නානත්වය නිසා ඡන්දයන්ගේ (ආශාවන්ගේ) නානත්වය ඇතිවෙයිද? ඡන්දයන්ගේ නානත්වය නිසා පරිදාහයන්ගේ නානත්වය ඇතිවේද? පරිදාහයන්ගේ නානත්වය නිසා පරියේසනයන්ගේ නානත්වය ඇතිවේද?
මහණෙනි, රූපධාතුව නිසා රූපසංඥාව (චක්ඛුවිඤ්ඤාණය සමග යෙදුණු සංඥාව) උපදියි. රූපසංඥාව නිසා රූපසංකල්පනාව (සම්පටිච්ඡනාදී සිත් තුන සමග යෙදුණු සංකල්පය) උපදියි. රූපසංකල්පනාව නිසා රූපච්ඡන්දය (රූපයෙහි කැමැත්ත) උපදියි. රූපච්ඡන්දය නිසා රූපපරිදාහය (රූපය නිසා ඇතිවන දැවීම) උපදියි. රූපපරිදාහය නිසා රූපපරියේසනය (ඒ රූපය ලැබීම පිණිස සෙවීම) උපදියි. මහණෙනි, ශබ්දධාතුව නිසා -පෙ- ධර්මධාතුව නිසා ධර්‍මසංඥාව උපදියි. ධර්‍මසංඥාව නිසා ධර්මසංකල්පනාව උපදියි. ධර්මසංකල්පනාව නිසා ධර්මච්ඡන්දය උපදියි. ධර්මච්ඡන්දය නිසා ධර්‍මපරිදාහය උපදියි. ධර්‍මපරිදාහය නිසා ධර්මපරියේසනය උපදියි.
“මහණෙනි, මෙසේ වනාහි ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවේ. සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවේ. සංකල්පනාවන්ගේ නානත්වය නිසා ඡන්දයන්ගේ නානත්වය ඇතිවේ. ඡන්දයන්ගේ නානත්වය නිසා පරිදාහයන්ගේ නානත්වය ඇතිවේ. පරිදාහයන්ගේ නානත්වය නිසා පරියේසනයන්ගේ නානත්වය ඇතිවේ.
2. 1. 8.
නෝසඤ්ඤා සූත්‍රය
232. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවේ. සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවේ. සංකල්පනාවන්ගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇතිවේ. ඡන්දයාගේ නානත්වය නිසා පරිදාහයන්ගේ නානත්වය ඇතිවේ. පරිදාහයාගේ නානත්වය නිසා පරියේසනයාගේ නානත්වය ඇතිවේ. පරියේසනයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇති නොවේ. පරිදාහයාගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇති නොවේ. ඡන්දයාගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇති නොවේ. සංකල්පනාවන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇති නොවේ. සංඥාවන්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේ.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නම් කවරේද? රූපධාතුව, ශබ්දධාතුව, ගන්ධධාතුව, රසධාතුව, ස්පර්ශධාතුව සහ ධම්මධාතුවයි. මහණෙනි, මෙය ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.
“මහණෙනි, කෙසේ නම් ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවේද? සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවේද? සංකල්පනාවන්ගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇතිවේද? ඡන්දයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇති වේද? පරිදාහයාගේ නානත්වය නිසා පරියේසනයාගේ නානත්වය ඇතිවේද? පරියේසනයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇති නොවේද? පරිදාහයාගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්ව ඇති නොවේද? ඡන්දයාගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇති නොවේද? සංකල්පනාවන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇති නොවේද? සංඥාවන්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේද?
“මහණෙනි, රූපධාතුව නිසා රූපසංඥාව ඇතිවන්නීය, රූපසංඥාව නිසා රූපසංකල්පනාව ඇතිවෙයි. රූපසංකල්පනාව නිසා රූපච්ඡන්දය ඇතිවෙයි. රූපච්ඡන්දය නිසා රූපපරිදාහය ඇතිවෙයි. රූපපරිදාහය නිසා රූපපරියේසනය ඇතිවෙයි. රූපපරියේසනය නිසා රූපපරිදාහය ඇති නොවෙයි. රූප පරිදාහය නිසා රූපච්ඡන්දය ඇති නොවෙයි. රූපච්ඡන්දය නිසා රූපසංකල්පනාව ඇති නොවෙයි. රූපසංකල්පනාව නිසා රූපසංඥාව ඇති නොවෙයි. රූපසංඥාව නිසා රූප ධාතුව ඇති නොවෙයි.
මහණෙනි, ශබ්දධාතුව නිසා -පෙ- මහණෙනි, ධර්මධාතුව නිසා ධර්‍මසංඥාව උපදියි. ධර්‍මසංඥාව නිසා ධර්මසංකල්පනාව උපදියි. ධර්මසංකල්පනාව නිසා ධර්මච්ඡන්දය උපදියි. ධර්මච්ඡන්දය නිසා ධර්‍මපරිදාහය උපදියි. ධර්‍මපරිදාහය නිසා ධර්මපරියේසනය උපදියි. ධර්මපරියේසනය නිසා ධර්‍මපරිදාහය නූපදියි. ධර්‍මපරිදාහය නිසා ධර්මච්ඡන්දය නූපදියි. ධර්මච්ඡන්දය නිසා ධර්මසංකල්පනාව නූපදියි. ධර්මසංකල්පනාව නිසා ධර්‍මසංඥාව නූපදියි. ධර්‍මසංඥාව නිසා ධර්මධාතුව නූපදියි.
“මහණෙනි, මෙසේ වනාහි ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවෙයි. සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවෙයි. සංකල්පනාවන්ගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇතිවෙයි. ඡන්දයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇතිවෙයි. පරිදාහයාගේ නානත්වය නිසා පරියේසනයාගේ නානත්වය ඇතිවෙයි. පරියේසනයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇති නොවෙයි. පරිදාහයාගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇති නොවෙයි. ඡන්දයාගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇති නොවෙයි. සංකල්පනාවන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇති නොවේ. සංඥාවන්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේ.”