2. අභිසමයසංයුත්තං | 2. අභිසමය සංයුත්තය |
1. නඛසිඛාසුත්තං | 1. නඛසිඛා සූත්‍රය |
74
එවං
‘‘එතදෙව, භන්තෙ, බහුතරං, යදිදං මහාපථවී. අප්පමත්තකො භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො. නෙව සතිමං කලං උපෙති න සහස්සිමං කලං උපෙති න සතසහස්සිමං කලං උපෙති මහාපථවිං උපනිධාය භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො’’ති. ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අරියසාවකස්ස දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස අභිසමෙතාවිනො එතදෙව බහුතරං දුක්ඛං යදිදං පරික්ඛීණං පරියාදිණ්ණං; අප්පමත්තකං අවසිට්ඨං. නෙව සතිමං කලං උපෙති න සහස්සිමං
|
74
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිය පිට පස් ස්වල්පයක් තබාගෙන භික්ෂූන් ඇමතූසේක.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මා විසින් යම් මේ නිය පිට තබන ලද පස් ස්වල්පයද, මේ මහ පොළොවද යන දෙකින් කුමක් වනාහි වඩා ලොකු වෙයිද” “ස්වාමීනි, යම් මේ මහ පොළොවක් වේද, එයම වඩා ලොකුවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද, මේ පස් ස්වල්පය ඉතා සුළුය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද, පස් ස්වල්පය මහ පොළොව හා සමග සසඳා බලන කල්හි, සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.’
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවරවූයේද ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.
“මහණෙනි, ධර්මාවබෝධය වනාහි මේසා මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම මේසා මහත්වූ අර්ථ ඇත්තේය.”
(පළමුවෙනි නඛසිඛා සූත්‍රය නිමි.)
|
2. පොක්ඛරණීසුත්තං | 2. පොක්ඛරණී සූත්‍රය |
75
සාවත්ථියං විහරති...පෙ.... ‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පොක්ඛරණී පඤ්ඤාසයොජනානි ආයාමෙන පඤ්ඤාසයොජනානි විත්ථාරෙන පඤ්ඤාසයොජනානි
‘‘එතදෙව, භන්තෙ, බහුතරං, යදිදං පොක්ඛරණියා උදකං. අප්පමත්තකං කුසග්ගෙන උදකං උබ්භතං. නෙව සතිමං කලං උපෙති
|
75
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ වනාහි දිගින් පනස් යොදුන්වූ, පුළුලින් පනස් යොදුන්වූ, ගැඹුරින් පනස් යොදුන්වූ, කපුටන්ට පානය කරනු හැකිවනසේ කට ළඟට පිරුණාවූ, පොකුණක් වේද, එයින් පුරුෂයෙක් කුසතණ පතක අගින් දිය බිඳක් ගන්නේය. මහණෙනි, ඒ කිමෙකැයි සිතන්නහුද කුසතණපත් අගින් ගන්නා ලද යම් දිය බිඳක් වේද, පොකුණෙහි ඉතිරිවූ යම් දියක් වේද, මේ දෙකින් කවරක් වනාහි අධිකතර වේද?” “ස්වාමීනි, යම් මේ පොකුණු දියක් වේද, එයම අධිකතරවේ. කුසතණ අගින් ගන්නා ලද දිය ඉතා ස්වල්පවේ. කුසතණ අගින් ගත් දිය, පොකුණු දිය හා සසඳන කල්හි, සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවර වූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකට ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය, ක්ෂයවූ, කෙළවරවූ, දුක්ගොඩ හා සැසඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.
“මහණෙනි, එසේම ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”
(දෙවෙනි පොක්ඛරණී සූත්‍රය නිමි.)
|
3. සම්භෙජ්ජඋදකසුත්තං | 3. සම්භෙජ්ජ උදක සූත්‍රය |
76
සාවත්ථියං විහරති...පෙ.... ‘‘සෙය්යථාපි
‘‘එතදෙව, භන්තෙ, බහුතරං යදිදං සම්භෙජ්ජඋදකං; අප්පමත්තකානි
|
76
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ වනාහි යම් තැනෙක්හිදී මේ පඤ්චමහා ගංගාව එක්ව ගලා බසිත්ද, එක්වෙත්ද:- ඒ කවර ගංගාවෝද? ගංගා, යමුනා, අචිරවති, සරභු, මහී යන මොහුය. එතැනින් පුරුෂයෙක් දිය බිඳු දෙකක් හෝ තුනක් හෝ ගන්නේය. මහණෙනි, ඒ කිමෙකැයි සිතන්නහුද? ගන්නා ලද, යම් දිය බිඳු දෙකක් හෝ තුනක් හෝ වේද, යම් ගංගා එක්වූ දියක් වේද, මේ දෙකින් කුමක් වනාහි අධිකතර වේද?” “ස්වාමීනි, යම් මේ ගංගා එක්වූ ජලයක්වේද, එයම ඉතා අධික වේ. ගන්නා ලද දිය බිඳු දෙක හෝ තුන හෝ ගංගා එක්වූ ජලය හා සසඳන කල්හි, සියයකින් කොටසකටද නොපැමිණෙයි. දහසකින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයකින් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවර වූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ, කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේදුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.
“මහණෙනි, එසේම ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”
(තුන්වෙනි සම්භෙජ්ජ උදක සූත්‍රය නිමි.)
|
4. දුතියසම්භෙජ්ජඋදකසුත්තං | 4. සම්භෙජ්ජ උදක සූත්‍රය |
77
සාවත්ථියං විහරති...පෙ.... ‘‘සෙය්යථාපි, භික්ඛවෙ, යත්ථිමා මහානදියො සංසන්දන්ති සමෙන්ති, සෙය්යථිදං - ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී, තං උදකං පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය
‘‘එතදෙව, භන්තෙ, බහුතරං සම්භෙජ්ජඋදකං යදිදං පරික්ඛීණං පරියාදිණ්ණං; අප්පමත්තකානි ද්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට්ඨානි. නෙව සතිමං කලං
|
77
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ වනාහි යම් තැනෙක්හිදී, මේ ගංගාවෝ එක්ව ගලායත්ද, එක්වෙත්ද, ඒ කවර ගංගාවෝද?
ගංගා, යමුනා, අචිරවති, සරභු, මහී යන මොහුය. දිය බිඳු දෙකක් හෝ තුනක් හෝ හැර, ඒ ජලය ක්ෂයවීමට විනාශවීමට යන්නේය. මහණෙනි, ඒ කිමෙකැයි සිතන්නහුද? ක්ෂයවූ විනාශවූ යම් ගංගා එක්වූ, යම් ජලයක් වේද, ඉතිරිවූ යම් දිය බිඳු දෙකක් හෝ තුනක් හෝ වේද, මේ දෙකින් කුමක් වනාහි ඉතා අධික වේද?” “ස්වාමීනි, ක්ෂයවූ, විනාශවූ යම් මේ ගංගා එක්වූ ජලයක් වේද, එයම ඉතා අධිකවේ. ඉතිරිවූ දිය බිඳු දෙක හෝ තුන හෝ ඉතා ස්වල්පය ඉතිරිවූ දිය බිඳු දෙක හෝ තුන ක්ෂයවූ, විනාශවූ, ගංගා එක්වූ ජලය හා සසඳන කල්හි සියයකින් කොටසකටද නොපැමිණෙයි. දහසකින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයකින් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවරවූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසැඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.
“මහණෙනි, එසේම ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”
(හතරවෙනි සම්භෙජ්ජ උදක සූත්‍රය නිමි.)
|
5. පථවීසුත්තං | 5. පඨවි සූත්‍රය |
78
සාවත්ථියං විහරති...පෙ.... ‘‘සෙය්යථාපි
‘‘එතදෙව, භන්තෙ, බහුතරං, යදිදං මහාපථවී; අප්පමත්තිකා සත්ත කොලට්ඨිමත්තියො ගුළිකා උපනික්ඛිත්තා. නෙව සතිමං කලං උපෙන්ති න සහස්සිමං කලං උපෙන්ති න සතසහස්සිමං කලං උපෙන්ති මහාපථවිං උපනිධාය සත්ත කොලට්ඨිමත්තියො ගුළිකා උපනික්ඛිත්තා’’ති. ‘‘එවමෙව ඛො, භික්ඛවෙ...පෙ.... ධම්මචක්ඛුපටිලාභො’’ති. පඤ්චමං.
|
78
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් මහ පොළොවෙන් ඩෙබර ඇට හතක් පමණවූ, මැටිගුළියක් ගෙන, එක් තැනක තබන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ඩෙබර ඇට හතක් පමණවූ, යම් මැටි ගුළියක් ගෙන එක් තැනක තබන ලද්දේ වේද, යම් මේ මහ පොළොවක් වේද, මේ දෙකින් කවරක් වනාහි ඉතා අධිකවේද?” “ස්වාමීනි, යම් මේ මහ පොළොවක් වෙයිද, එයම ඉතා අධිකවේ. එක් පැත්තක තබන ලද, ඩෙබර ඇට හතක් පමණවූ මැටි ගුළිය ඉතා ස්වල්පවේ. එක් පැත්තක තබනලද, ඩෙබර ඇට හතක් පමණවූ, මැටි ගුළිය, මහපොළොව හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවරවූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසැඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.
“මහණෙනි, එසේම ආර්යශ්‍රාවකයාගේ ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”
(පස්වෙනි පඨවි සූත්‍රය නිමි.)
|
6. දුතියපථවීසුත්තං | 6. පඨවි සූත්‍රය |
79
සාවත්ථියං විහරති...පෙ.... ‘‘සෙය්යථාපි, භික්ඛවෙ, මහාපථවී පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය, ඨපෙත්වා සත්ත කොලට්ඨිමත්තියො ගුළිකා. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා මහාපථවියා පරික්ඛීණං පරියාදිණ්ණං යා වා සත්ත කොලට්ඨිමත්තියො ගුළිකා අවසිට්ඨා’’ති?
‘‘එතදෙව
|
79
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ වනාහි ඩෙබර ඇට හතක් පමණවූ මැටි ගුළිය හැර මේ මහ පොළොව ක්ෂයවීමට නැතිවීමට යන්නේවේද, මහණෙනි, ඒ ගැන කෙසේ සිතන්නහුද? ක්ෂයවූ විනාශවූ, යම් මහ පොළොවෙක් වේද, ඉතිරිවූ, ඩෙබර ඇට හතක් පමණවූ, යම් මැටි ගුළියක් වේද, මේ දෙකින් කවරක් වනාහි ඉතා අධික වේද?” “ස්වාමීනි, ක්ෂයවූ, විනාශවූ, යම් මහ පොළොවක් වේද, එයම ඉතා අධිකවේ. ඉතිරිවූ ඩෙබර ඇට හතක් පමණවූ, මැටි ගුළිය ඉතා ස්වල්පවේ. ඉතිරිවූ, ඩෙබර ඇට හත පමණවූ, මැටි ගුළිය ක්ෂයවූ, විනාශවූ, මහ පොළොව හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවරවූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසැඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක් සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.
“මහණෙනි, එසේම ආර්ය ශ්‍රාවකයාගේ ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත් අර්ථ ඇත්තේය.”
(හයවෙනි පඨවි සූත්‍රය නිමි.)
|
7. සමුද්දසුත්තං | 7. සමුද්ද සූත්‍රය |
80
සාවත්ථියං
‘‘එතදෙව
|
80
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහ මුහුදින් දියබිඳු දෙකක් හෝ තුනක් හෝ ගන්නේවේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නෙහිද? මහ මුහුදින් ගන්නා ලද යම් දිය බිඳු දෙකක් හෝ තුනක් හෝ වේද, මහ මුහුදෙහිවූ යම් දියක් වේද, මේ දෙකින් කවරක් වනාහි ඉතා අධික වේද?”
“ස්වාමීනි, මහ මුහුදෙහිවූ යම් මේ දියක් වේද, එයම ඉතා අධික වේ. ගන්නාලද දියබිඳු දෙක හෝ තුන හෝ ඉතා ස්වල්ප වේ. ගන්නාලද, දියබිඳු දෙක හෝ තුන හෝ මහ මුහුදෙහිවූ දිය හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙක් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ ආර්ය ශ්‍රාවකයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවර වූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය, ක්ෂයවූ, කෙළවරවූ, දුක් ගොඩ හා සමග සැසඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම ආර්ය ශ්‍රාවකයාගේ ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”
(හත්වෙනි සමුද්ද සූත්‍රය නිමි)
|
8. දුතියසමුද්දසුත්තං | 8. සමුද්ද සූත්‍රය |
81
සාවත්ථියං විහරති...පෙ.... ‘‘සෙය්යථාපි, භික්ඛවෙ, මහාසමුද්දො පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය, ඨපෙත්වා ද්වෙ වා තීණි වා උදකඵුසිතානි. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා මහාසමුද්දෙ උදකං පරික්ඛීණං පරියාදින්නං යානි වා ද්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට්ඨානී’’ති?
‘‘එතදෙව, භන්තෙ, බහුතරං මහාසමුද්දෙ උදකං, යදිදං පරික්ඛීණං පරියාදිණ්ණං; අප්පමත්තකානි ද්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට්ඨානි. නෙව සතිමං කලං උපෙන්ති න සහස්සිමං කලං උපෙන්ති න සතසහස්සිමං කලං උපෙන්ති මහාසමුද්දෙ උදකං පරික්ඛීණං පරියාදිණ්ණං
|
81
මා විසින් මෙසේ අසනලදී, එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ වනාහි දියබිඳු දෙකක් හෝ තුනක් හෝ හැර මහ මුහුද ක්ෂයවීමට, විනාශවීමට යන්නේවේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නෙහිද? ක්ෂයවූ, විනාශවූ, මහ මුහුදෙහිවූ, යම් ජලයක් වේද ඉතිරිවූ, දිය බිඳු දෙකක් හෝ තුනක් හෝ වේද, මේ දෙකින් කුමක්වනාහි ඉතා අධිකවේද?”
“ස්වාමීනි. ක්ෂයවූ, විනාශවූ, මහ මුහුදෙහිවූ, යම් ජලයක් වේද, එයම ඉතා අධික වේ. ඉතිරිවූ, දියබිඳු දෙක හෝ තුන හෝ ඉතා ස්වල්ප වේ. ඉතිරිවූ, දියබිඳු දෙක හෝ තුන හෝ, ක්ෂයවූ, විනාශවූ, මහ මුහුදෙහිවූ, දිය හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවර වූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ, කෙළවරවූ, දුක් ගොඩ හා සමග සැසැඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.
“මහණෙනි, එසේම ආර්ය ශ්‍රාවකයාගේ ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”
(අටවෙනි සමුද්ද සූත්‍රය නිමි.)
|
9. පබ්බතසුත්තං | 9. පබ්බතූපමා සූත්‍රය |
82
සාවත්ථියං විහරති...පෙ.... ‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො හිමවතො පබ්බතරාජස්ස සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිපෙය්ය. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යා වා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තා යො වා හිමවා
(උපනික්ඛිත්තා, හිමවා වා (සී.)) පබ්බතරාජා’’ති?
‘‘එතදෙව, භන්තෙ, බහුතරං යදිදං හිමවා පබ්බතරාජා; අප්පමත්තිකා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා
|
82
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක්තෙම හිමාලය පර්වතරාජයාගේ සමීපයෙහි අබඇට හතක් පමණවූ, ගල්කැට එක් තැනෙක්හි තබන්නේ වේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? අබඇට හතක් පමණවූ, එක් තැනක තබන ලද්දාවූ, යම් ගල්කැට වේද, යම් හිමාලය පර්වත රාජයෙක් වේද, මේ දෙකින් කුමක් වනාහි ඉතා විශාලවේද?”
“ස්වාමීනි, යම් මේ හිමාලය පර්වත රාජයෙක් වේද, එයම ඉතා විශාල වේ. එක් තැනෙක්හි තබන ලද්දාවූ, අබඇට හතක් පමණවූ, ගල්කැට ඉතා කුඩා වේ. එක් තැනෙක්හි තබන ලද්දාවූ, අබඇට හතක් පමණවූ ගල්කැට හිමවත් පර්වත රාජයා හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවර වූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ, කෙළවරවූ, දුක් ගොඩ හා සමග සැසැඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.
“මහණෙනි, එසේම ආර්ය ශ්‍රාවකයාගේ ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”
(නවවෙනි පබ්බතූපමා සූත්‍රය නිමි.)
|
10. දුතියපබ්බතසුත්තං | 10. පබ්බතූපමා සූත්‍රය |
83
සාවත්ථියං විහරති...පෙ.... ‘‘සෙය්යථාපි, භික්ඛවෙ, හිමවා පබ්බතරාජා පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය, ඨපෙත්වා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා හිමවතො පබ්බතරාජස්ස පරික්ඛීණං පරියාදිණ්ණං යා වා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා අවසිට්ඨා’’ති?
‘‘එතදෙව, භන්තෙ, බහුතරං හිමවතො පබ්බතරාජස්ස යදිදං පරික්ඛීණං පරියාදිණ්ණං; අප්පමත්තිකා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා අවසිට්ඨා. නෙව සතිමං
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අරියසාවකස්ස දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස අභිසමෙතාවිනො එතදෙව
|
83
මා විසින් මෙසේ අසනලදී, එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ වනාහි අබඇට හතක් පමණවූ, ගල්කැට හැර, හිමවත් පර්වතරාජයා ක්ෂයවීමට, නැසීමට යන්නේ වේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නෙහිද? ක්ෂයවූ, විනාශවූ, යම් හිමාලය පර්වතරාජයෙක් වේද, ඉතිරිවූ, අබඇට හතක් පමණවූ, යම් ගල්කැට වේද, මේ දෙකින් කවරක් වනාහි ඉතා විශාල වේද?”
“ස්වාමීනි, ක්ෂයවූ, විනාශවූ, යම් මේ හිමාලය පර්වත රාජයෙක් වෙයිද, එයම ඉතා විශාල වේ. ඉතිරිවූ, අබඇට හතක් පමණවූ, ගල්කැට ඉතා කුඩා වේ. ඉතිරිවූ අබඇට හත පමණවූ ගල්කැට, ක්ෂයවූ, විනාශවූ, හිමවත් පර්වතරාජයා හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවර වූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ, කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.
“මහණෙනි, එසේම ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”
(දසවෙනි පබ්බතූපාම සූත්‍රය නිමි.)
|
11. තතියපබ්බතසුත්තං | 11. පබ්බතූපමා සූත්‍රය |
84
සාවත්ථියං විහරති...පෙ.... ‘‘සෙය්යථාපි
‘‘එතදෙව, භන්තෙ, බහුතරං යදිදං සිනෙරු පබ්බතරාජා; අප්පමත්තිකා සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තා. නෙව සතිමං කලං උපෙන්ති න සහස්සිමං
|
84
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් මහාමේරු පර්වත රාජයාගේ සමීපයෙහි මුංඇට හතක් පමණවූ, ගල්කැට එක් තැනක තබන්නේවේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නෙහිද? එක් තැනක තබන ලද්දාවූ, මුංඇට හතක් පමණවූ, යම් ගල්කැට වේද, යම් මහාමේරු පර්වතරාජයෙක් වේද, මේ දෙකින් කවරක් වනාහි ඉතා විශාල වේද?”
“ස්වාමීනි, යම් මේ මහාමේරු පර්වත රාජයෙක් වේද, එයම ඉතා විශාල වේ. එක් තැනක තබන ලද්දාවූ, මුංඇට හතක් පමණවූ, ගල්කැට ඉතා ස්වල්ප බවට පැමිණෙයි. එක් තැනක තබන ලද්දාවූ, මුංඇට හත පමණවූ ගල්කැට, මහාමේරු පර්වතරාජයා හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූ, ආර්ය ශ්‍රාවක පුද්ගලයාගේ ධර්මාවබෝධය හා සමග සැසැඳීමේදී (බුද්ධශාසනයෙන්) අන්‍යවූ, තීර්ථක, ශ්‍රමණ, බ්‍රහ්මණ, පරිබ්‍රාජකයින්ගේ ධර්මාවබෝධය සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූ පුද්ගලතෙම මහත්වූ නුවණ ඇත්තේය.”
(එකොළොස්වෙනි පබ්බතූපමා සූත්‍රය නිමි.)
|