ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
නිදානවග්ගො නිදාන වර්ගය
1. නිදානසංයුත්තං 1. නිදාන සංයුත්තය
1. බුද්ධවග්ගො 1. බුද්ධ වර්ගය
1. පටිච්චසමුප්පාදසුත්තං 1. පටිච්ච සමුප්පාද සූත්‍රය
2. විභඞ්ගසුත්තං 2. විභඩ්ග සූත්‍රය
3. පටිපදාසුත්තං 3. ප්‍රතිපදා සූත්‍රය
4. විපස්සීසුත්තං 4. විපස්සී සූත්‍රය
5. සිඛීසුත්තං 5. සිඛී සූත්‍රය
6. වෙස්සභූසුත්තං 6. වෙස්සභූ සූත්‍රය
7. කකුසන්ධසුත්තං 7. කකුසඳ සූත්‍රය
8. කොණාගමනසුත්තං 8. කෝනාගම සූත්‍රය
9. කස්සපසුත්තං 9. කස්සප සූත්‍රය
10. ගොතමසුත්තං 10. ගෞතම සූත්‍රය
2. ආහාරවග්ගො 2. ආහාර වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
2. මොළියඵග්ගුනසුත්තං 2. ඵග්ගුන සූත්‍රය
3. සමණබ්‍රාහ්මණසුත්තං 3. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 4. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
5. කච්චානගොත්තසුත්තං 5. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය
6. ධම්මකථිකසුත්තං 6. ධර්ම කථික සූත්‍රය
7. අචෙලකස්සපසුත්තං 7. අචේල කස්සප සූත්‍රය
8. තිම්බරුකසුත්තං 8. තිම්බරුක සූත්‍රය
9. බාලපණ්ඩිතසුත්තං 9. බාලපණ්ඩිත සූත්‍රය
10. පච්චයසුත්තං 10. ප්‍රත්‍යය සූත්‍රය
3. දසබලවග්ගො 3. දසබල වර්ගය
1. දසබලසුත්තං 1. දසබල සූත්‍රය
2. දුතියදසබලසුත්තං 2. දසබල සූත්‍රය
3. උපනිසසුත්තං 3. උපනිසා සූත්‍රය
4. අඤ්ඤතිත්ථියසුත්තං 4. අඤ්ඤතිත්ථිය සූත්‍රය
5. භූමිජසුත්තං 5. භූමිජ සූත්‍රය
6. උපවාණසුත්තං 6. උපවාණ සූත්‍රය
7. පච්චයසුත්තං 7. පච්චය සූත්‍රය
8. භික්ඛුසුත්තං 8. භික්ෂු සූත්‍රය
9. සමණබ්‍රාහ්මණසුත්තං 9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 10. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. කළාරඛත්තියවග්ගො 4. කළාරඛත්තිය වර්ගය
1. භූතසුත්තං 1. භූතමිදං සූත්‍රය
2. කළාරසුත්තං 2. කළාරඛත්තිය සූත්‍රය
3. ඤාණවත්ථුසුත්තං 3. ඤාණවත්ථු සූත්‍රය
4. දුතියඤාණවත්ථුසුත්තං 4. ඤාණවත්ථු සූත්‍රය
5. අවිජ්ජාපච්චයසුත්තං 5. අවිජ්ජා සූත්‍රය
6. දුතියඅවිජ්ජාපච්චයසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. නතුම්හසුත්තං 7. නතුම්හාක සූත්‍රය
8. චෙතනාසුත්තං 8. චේතනා සූත්‍රය
9. දුතියචෙතනාසුත්තං 9. චේතනා සූත්‍රය
10. තතියචෙතනාසුත්තං 10. චේතනා සූත්‍රය
5. ගහපතිවග්ගො 5. ගහපති වර්ගය
1. පඤ්චවෙරභයසුත්තං 1. පඤ්චවෙර භය සූත්‍රය
2. දුතියපඤ්චවෙරභයසුත්තං 2. පඤ්චවේරභය සූත්‍රය
3. දුක්ඛසුත්තං 3. දුක්ඛ සූත්‍රය
4. ලොකසුත්තං 4. ලෝක සූත්‍රය
5. ඤාතිකසුත්තං 5. ඤාතික සූත්‍රය
6. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං 6. අඤ්ඤතර සූත්‍රය
7. ජාණුස්සොණිසුත්තං 7. ජාණුස්සෝණි සූත්‍රය
8. ලොකායතිකසුත්තං 8. ලෝකායතික සූත්‍රය
9. අරියසාවකසුත්තං 9. ආර්යශ්‍රාවක සූත්‍රය
10. දුතියඅරියසාවකසුත්තං 10. ආර්යශ්‍රාවක සූත්‍රය
6. දුක්ඛවග්ගො 6. දුක්ඛ වර්ගය
1. පරිවීමංසනසුත්තං 1. පරිවීමංසමාන සූත්‍රය
2. උපාදානසුත්තං 2. උපාදාන සූත්‍රය
3. සංයොජනසුත්තං 3. සංයෝජන සූත්‍රය
4. දුතියසංයොජනසුත්තං 4. සංයෝජන සූත්‍රය
5. මහාරුක්ඛසුත්තං 5. මහාරුක්ඛ සූත්‍රය
6. දුතියමහාරුක්ඛසුත්තං 6. මහාරුක්ඛ සූත්‍රය
7. තරුණරුක්ඛසුත්තං 7. තරුණ රුක්ඛ සූත්‍රය
8. නාමරූපසුත්තං 8. නාමරූප සූත්‍රය
9. විඤ්ඤාණසුත්තං 9. විඤ්ඤාණ සූත්‍රය
10. නිදානසුත්තං 10. නිදාන සූත්‍රය
7. මහාවග්ගො 7. මහා වර්ගය
1. අස්සුතවාසුත්තං 1. අස්සුතවන්තු සූත්‍රය
2. දුතියඅස්සුතවාසුත්තං 2. අස්සුතවන්තු සූත්‍රය
3. පුත්තමංසූපමසුත්තං 3. පුත්‍ර මාංශ සූත්‍රය
4. අත්ථිරාගසුත්තං 4. රාග සූත්‍රය
5. නගරසුත්තං 5. නගර සූත්‍රය
6. සම්මසසුත්තං 6. සම්මසන සූත්‍රය
7. නළකලාපීසුත්තං 7. නළකලාපිය සූත්‍රය
8. කොසම්බිසුත්තං 8. කෝසම්බී සූත්‍රය
9. උපයන්තිසුත්තං 9. උපයන්ති සූත්‍රය
10. සුසිමසුත්තං 10. සුසීම සූත්‍රය
70
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භගවා සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවර-පිණ්ඩපාත-සෙනාසන-ගිලානප්පච්චය-භෙසජ්ජපරික්ඛාරානං. භික්ඛුසඞ්ඝොපි සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවර-පිණ්ඩපාත-සෙනාසනගිලානප්පච්චය-භෙසජ්ජපරික්ඛාරානං. අඤ්ඤතිත්ථියා පන පරිබ්බාජකා අසක්කතා හොන්ති අගරුකතා අමානිතා අපූජිතා අනපචිතා, න ලාභිනො චීවර-පිණ්ඩපාත-සෙනාසනගිලානප්පච්චය-භෙසජ්ජපරික්ඛාරානං.
තෙන ඛො පන සමයෙන සුසිමො (සුසීමො (සී. ක.)) පරිබ්බාජකො රාජගහෙ පටිවසති මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං. අථ ඛො සුසිමස්ස පරිබ්බාජකස්ස පරිසා සුසිමං පරිබ්බාජකං එතදවොචුං - ‘‘එහි ත්වං, ආවුසො සුසිම, සමණෙ ගොතමෙ බ්‍රහ්මචරියං චර. ත්වං ධම්මං පරියාපුණිත්වා අම්හෙ වාචෙය්‍යාසි (වාචෙස්සසි (පී. ක.)). තං මයං ධම්මං පරියාපුණිත්වා ගිහීනං භාසිස්සාම. එවං මයම්පි සක්කතා භවිස්සාම ගරුකතා මානිතා පූජිතා අපචිතා ලාභිනො චීවර-පිණ්ඩපාතසෙනාසන-ගිලානප්පච්චය-භෙසජ්ජපරික්ඛාරාන’’න්ති. ‘‘එවමාවුසො’’ති ඛො සුසිමො පරිබ්බාජකො සකාය පරිසාය පටිස්සුණිත්වා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුසිමො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘ඉච්ඡාමහං, ආවුසො ආනන්ද, ඉමස්මිං ධම්මවිනයෙ බ්‍රහ්මචරියං චරිතු’’න්ති.
අථ ඛො ආයස්මා ආනන්දො සුසිමං පරිබ්බාජකං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘අයං, භන්තෙ, සුසිමො පරිබ්බාජකො එවමාහ - ‘ඉච්ඡාමහං, ආවුසො ආනන්ද, ඉමස්මිං ධම්මවිනයෙ බ්‍රහ්මචරියං චරිතු’’න්ති. ‘‘තෙනහානන්ද, සුසිමං පබ්බාජෙථා’’ති . අලත්ථ ඛො සුසිමො පරිබ්බාජකො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං.
තෙන ඛො පන සමයෙන සම්බහුලෙහි භික්ඛූහි භගවතො සන්තිකෙ අඤ්ඤා බ්‍යාකතා හොති - ‘‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමා’’ති. අස්සොසි ඛො ආයස්මා සුසිමො - ‘‘සම්බහුලෙහි කිර භික්ඛූහි භගවතො සන්තිකෙ අඤ්ඤා බ්‍යාකතා - ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමා’’ති. අථ ඛො ආයස්මා සුසිමො යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තෙහි භික්ඛූහි සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සුසිමො තෙ භික්ඛූ එතදවොච - ‘‘සච්චං කිරායස්මන්තෙහි භගවතො සන්තිකෙ අඤ්ඤා බ්‍යාකතා - ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමා’’ති? ‘‘එවමාවුසො’’ති.
‘‘අපි පන (අපි නු (සී. ස්‍යා. කං.) එවමුපරිපි) තුම්හෙ ආයස්මන්තො එවං ජානන්තා එවං පස්සන්තා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොථ - එකොපි හුත්වා බහුධා හොථ, බහුධාපි හුත්වා එකො හොථ; ආවිභාවං, තිරොභාවං, තිරොකුට්ටං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානා ගච්ඡථ, සෙය්‍යථාපි ආකාසෙ; පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොථ, සෙය්‍යථාපි උදකෙ; උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡථ, සෙය්‍යථාපි පථවියං; ආකාසෙපි පල්ලඞ්කෙන කමථ, සෙය්‍යථාපි පක්ඛී සකුණො; ඉමෙපි චන්දිමසූරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරිමසථ පරිමජ්ජථ, යාව බ්‍රහ්මලොකාපි කායෙන වසං වත්තෙථා’’ති? ‘‘නො හෙතං, ආවුසො’’.
‘‘අපි පන තුම්හෙ ආයස්මන්තො එවං ජානන්තා එවං පස්සන්තා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාථ දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ චා’’ති? ‘‘නො හෙතං, ආවුසො’’.
‘‘අපි පන තුම්හෙ ආයස්මන්තො එවං ජානන්තා එවං පස්සන්තා පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාථ - සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාථ; වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාථ; සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාථ; වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාථ; සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාථ; වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාථ; සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාථ; වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාථ; මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාථ; අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාථ ; සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාථ; අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාථ; සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාථ; අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාථ; විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාථ ; අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාථා’’ති? ‘‘නො හෙතං, ආවුසො’’.
‘‘අපි පන තුම්හෙ ආයස්මන්තො එවං ජානන්තා එවං පස්සන්තා අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරථ, සෙය්‍යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ - ‘අමුත්‍රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං; තත්‍රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරථා’’ති? ‘‘නො හෙතං, ආවුසො’’.
‘‘අපි පන තුම්හෙ ආයස්මන්තො එවං ජානන්තා එවං පස්සන්තා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සථ චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාථ - ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා, අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා; ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා, අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති, ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සථ චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාථා’’ති? ‘‘නො හෙතං, ආවුසො’’.
‘‘අපි පන තුම්හෙ ආයස්මන්තො එවං ජානන්තා එවං පස්සන්තා යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා, තෙ කායෙන ඵුසිත්වා විහරථා’’ති? ‘‘නො හෙතං, ආවුසො’’.
‘‘එත්ථ දානි ආයස්මන්තො ඉදඤ්ච වෙය්‍යාකරණං ඉමෙසඤ්ච ධම්මානං අසමාපත්ති; ඉදං නො, ආවුසො, කථ’’න්ති? ‘‘පඤ්ඤාවිමුත්තා ඛො මයං, ආවුසො සුසිමා’’ති.
‘‘න ඛ්වාහං ඉමස්ස ආයස්මන්තානං සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාමි. සාධු මෙ ආයස්මන්තො තථා භාසන්තු යථාහං ඉමස්ස ආයස්මන්තානං සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානෙය්‍ය’’න්ති. ‘‘ආජානෙය්‍යාසි වා ත්වං, ආවුසො සුසිම, න වා ත්වං ආජානෙය්‍යාසි අථ ඛො පඤ්ඤාවිමුත්තා මය’’න්ති.
අථ ඛො ආයස්මා සුසිමො උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සුසිමො යාවතකො තෙහි භික්ඛූහි සද්ධිං අහොසි කථාසල්ලාපො තං සබ්බං භගවතො ආරොචෙසි. ‘‘පුබ්බෙ ඛො, සුසිම, ධම්මට්ඨිතිඤාණං, පච්ඡා නිබ්බානෙ ඤාණ’’න්ති.
‘‘න ඛ්වාහං, භන්තෙ, ඉමස්ස භගවතා (භගවතො (පී.)) සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාමි. සාධු මෙ, භන්තෙ, භගවා තථා භාසතු යථාහං ඉමස්ස භගවතා සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානෙය්‍ය’’න්ති. ‘‘ආජානෙය්‍යාසි වා ත්වං, සුසිම, න වා ත්වං ආජානෙය්‍යාසි, අථ ඛො ධම්මට්ඨිතිඤාණං පුබ්බෙ, පච්ඡා නිබ්බානෙ ඤාණං’’.
‘‘තං කිං මඤ්ඤසි, සුසිම, රූපං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘වෙදනා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ’’ . ‘‘යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘සඤ්ඤා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ’’...පෙ.... ‘‘සඞ්ඛාරා නිච්චා වා අනිච්චා වා’’ති? ‘‘අනිච්චා, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං , භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘තස්මාතිහ, සුසිම, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං නෙතං මම නෙසොහමස්මි න මෙසො අත්තාති; එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යා දූරෙ සන්තිකෙ වා, සබ්බා වෙදනා නෙතං මම නෙසොහමස්මි න මෙසො අත්තාති; එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි සඤ්ඤා...පෙ.... යෙ කෙචි සඞ්ඛාරා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යෙ දූරෙ සන්තිකෙ වා, සබ්බෙ සඞ්ඛාරා නෙතං මම නෙසොහමස්මි න මෙසො අත්තාති; එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං නෙතං මම නෙසොහමස්මි න මෙසො අත්තාති; එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
‘‘එවං පස්සං, සුසිම, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති.
‘‘‘ජාතිපච්චයා ජරාමරණ’න්ති, සුසිම, පස්සසී’’ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘‘භවපච්චයා ජාතී’ති, සුසිම, පස්සසී’’ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘‘උපාදානපච්චයා භවො’ති, සුසිම, පස්සසී’’ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘‘තණ්හාපච්චයා උපාදාන’න්ති, සුසිම, පස්සසී’’ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘වෙදනාපච්චයා තණ්හාති... ඵස්සපච්චයා වෙදනාති... සළායතනපච්චයා ඵස්සොති... නාමරූපපච්චයා සළායතනන්ති... විඤ්ඤාණපච්චයා නාමරූපන්ති... සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති... අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති, සුසිම, පස්සසී’’ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘‘ජාතිනිරොධා ජරාමරණනිරොධො’ති, සුසිම, පස්සසී’’ති? ‘‘එවං, භන්තෙ’’ . ‘‘‘භවනිරොධා ජාතිනිරොධො’ති සුසිම, පස්සසී’’ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘උපාදානනිරොධා භවනිරොධොති... තණ්හානිරොධා උපාදානනිරොධොති... වෙදනානිරොධා තණ්හානිරොධොති... ඵස්සනිරොධා වෙදනානිරොධොති... සළායතනනිරොධා ඵස්සනිරොධොති... නාමරූපනිරොධා සළායතනනිරොධොති... විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධොති... සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධොති... අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධොති, සුසිම, පස්සසී’’ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘අපි පන ත්වං, සුසිම, එවං ජානන්තො එවං පස්සන්තො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොසි - එකොපි හුත්වා බහුධා හොසි, බහුධාපි හුත්වා එකො හොසි; ආවිභාවං, තිරොභාවං, තිරොකුට්ටං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡසි, සෙය්‍යථාපි ආකාසෙ; පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොසි, සෙය්‍යථාපි උදකෙ; උදකෙපි අභිජ්ජමානො ගච්ඡසි, සෙය්‍යථාපි පථවියං; ආකාසෙපි පල්ලඞ්කෙන කමසි, සෙය්‍යථාපි පක්ඛී සකුණො; ඉමෙපි චන්දිමසූරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරිමසසි පරිමජ්ජසි, යාව බ්‍රහ්මලොකාපි කායෙන වසං වත්තෙසී’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අපි පන ත්වං, සුසිම, එවං ජානන්තො එවං පස්සන්තො දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණසි දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ චා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අපි පන ත්වං, සුසිම, එවං ජානන්තො එවං පස්සන්තො පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාසි - සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාසි...පෙ.... විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාසී’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අපි පන ත්වං, සුසිම, එවං ජානන්තො එවං පස්සන්තො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරසි, සෙය්‍යථිදං - එකම්පි ජාතිං...පෙ.... ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරසී’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අපි පන ත්වං, සුසිම, එවං ජානන්තො එවං පස්සන්තො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සසි චවමානෙ...පෙ.... යථාකම්මූපගෙ සත්තෙ පජානාසී’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අපි පන ත්වං, සුසිම, එවං ජානන්තො එවං පස්සන්තො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ, ආරුප්පා තෙ කායෙන ඵුසිත්වා විහරසී’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘එත්ථ දානි, සුසිම, ඉදඤ්ච වෙය්‍යාකරණං ඉමෙසඤ්ච ධම්මානං අසමාපත්ති, ඉදං නො, සුසිම, කථ’’න්ති?
අථ ඛො ආයස්මා සුසිමො භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච - ‘‘අච්චයො මං, භන්තෙ, අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, ය්වාහං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ ධම්මත්ථෙනකො පබ්බජිතො. තස්ස මෙ, භන්තෙ, භගවා අච්චයං අච්චයතො පටිග්ගණ්හාතු ආයතිං සංවරායා’’ති.
‘‘තග්ඝ ත්වං, සුසිම, අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යො ත්වං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ ධම්මත්ථෙනකො පබ්බජිතො. සෙය්‍යථාපි , සුසිම, චොරං ආගුචාරිං ගහෙත්වා රඤ්ඤො දස්සෙය්‍යුං - ‘අයං තෙ, දෙව, චොරො ආගුචාරී, ඉමස්ස යං ඉච්ඡසි තං දණ්ඩං පණෙහී’ති. තමෙනං රාජා එවං වදෙය්‍ය - ‘ගච්ඡථ, භො, ඉමං පුරිසං දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා දක්ඛිණෙන ද්වාරෙන නික්ඛාමෙත්වා දක්ඛිණතො නගරස්ස සීසං ඡින්දථා’ති . තමෙනං රඤ්ඤො පුරිසා දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා දක්ඛිණෙන ද්වාරෙන නික්ඛාමෙත්වා දක්ඛිණතො නගරස්ස සීසං ඡින්දෙය්‍යුං. තං කිං මඤ්ඤසි, සුසිම, අපි නු සො පුරිසො තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදියෙථා’’ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘යං ඛො සො, සුසිම, පුරිසො තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදියෙථ (පටිසංවෙදියෙථ වා, න වා පටිසංවෙදියෙථ (ක.)). යා එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ ධම්මත්ථෙනකස්ස පබ්බජ්ජා, අයං තතො දුක්ඛවිපාකතරා ච කටුකවිපාකතරා ච, අපි ච විනිපාතාය සංවත්තති. යතො ච ඛො ත්වං, සුසිම, අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොසි තං තෙ මයං පටිග්ගණ්හාම. වුද්ධි හෙසා, සුසිම, අරියස්ස විනයෙ යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති, ආයතිඤ්ච (ආයතිං (ස්‍යා. කං.)) සංවරං ආපජ්ජතී’’ති. දසමං.
70
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි, “කලන්දක නිවාප”යෙහිවූ වේළුවනයෙහි (හුණ වනයෙහි) වාසය කරනසේක.
“එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ (මිනිසුන් විසින්) සත්කාර කරන ලද්දේ, ගරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ වඳින ලද්දේ, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර බොහෝ කොට ලබන්නේ වෙයි. භික්ෂු සංඝ තෙමේද (මිනිසුන් විසින්) සත්කාර කරන ලද්දේ, ගරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, වඳින ලද්දේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර බොහෝ කොට ලබන්නේ වෙයි. අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ වනාහි (මිනිසුන් විසින්) සත්කාර නොකරන ලද්දාහු. ගරුකාර නොකරන ලද්දාහු බුහුමන් නොකරන ලද්දාහු, නොපුදන ලද්දාහු, නොවදින ලද්දාහු, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර නොලබන්නෝ වෙත්.
“එකල්හි වනාහි සුසීම නම් පරිබ්‍රාජක තෙම මහත්වූ පරිබ්‍රාජක පිරිස සමග රජගහනුවර වාසය කෙරෙයි. ඉක්බිති සුසීම පරිබ්‍රාජකයාගේ පිරිස සුසීම පරිබ්‍රාජකයාට මෙය කීවාහුය. “ඇවැත් සුසීමය යනු මැනවි. ඔබ ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරෙනු මැනවි. ඔබ ධර්මය උගෙන අපට කියවනු මැනවි. ඒ ධර්මය අපි උගෙන, ගිහියන්ට කියන්නෙමු. මෙසේ අපිද, (මිනිසුන් විසින්) සත්කාර කරන ලද්දෝ, ගරුකාර කරන ලද්දෝ, බුහුමන් කරන ලද්දෝ, පුදන ලද්දෝ, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර ලබන ලද්දෝ වෙමුයි” කියායි. “ඇවැත්නි, හොඳයයි” කියා සුසීම පරිබ්‍රාජකතෙම සිය පිරිසට උත්තරදී, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත්, සිහිකටයුතුවූත්, කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ සුසීම පරිබ්‍රාජක තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය කීයේය. “ඇවැත් ආනන්දය, මම මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරීමට කැමැත්තෙමියි” කියායි. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම සුසීම නම් පරිබ්‍රාජකයා රැගෙන භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තෙක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ සුසීම පරිබ්‍රාජකතෙම මෙසේ කීයේය.
“ඇවැත් ආනන්දය, මම මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරීමට කැමැත්තෙමි” කියායි.
“ආනන්දය, එසේවීනම් සුසීම පැවිදි කරව්යයි” (වදාළ සේක.) සුසීම පරිබ්‍රාජකතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබීය. උපසම්පදාව ලැබීය.
“එකල්හි වනාහි බොහෝ භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි රහත් ඵලය ප්‍රකාශ කරන ලදී. (කෙසේද?) ‘ජාතිය (ඉපදීම) ක්ෂය වූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මයෙහි කළයුතු අනිකක් නැතැයි දනිමු’ කියායි. ඇවැත් සුසීම තෙම වනාහි බොහෝ භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ‘ජාතිය (ඉපදීම) ක්ෂය වූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මයෙහි කළයුතු අනිකක් නැතැයි දනිමු’යි අර්හත්ඵලය ප්‍රකාශකරන ලදැයි ඇසීය. ඉක්බිති සුසීම තෙම ඒ භික්ෂූන් යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, ඒ භික්ෂූන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත්, සිහිකටයුතුවූත් කථාවකොට නිමවා, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ඇවැත් සුසීම තෙම වනාහි ඒ භික්ෂූන්ට මෙය කීයේය.
“ආයුෂ්මතුන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි, ‘ජාතිය (ඉපදීම) ක්ෂයවූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මේ ආත්මයෙහි කළයුතු අනිකක් නැති බව දනිමුයි’ කියා රහත්ඵලය ප්‍රකාශ කරන ලද්දේය යනු සැබෑද?” “ඇවැත, එසේය. ආයුෂ්මත්නි, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔබලා නානාප්‍රකාරවූ ඍද්ධිවිධි විශේෂයෙන් විඳින්නහුද? (කෙසේද?) එක් කෙනෙක්වී බොහෝ දෙනෙක් වන්නහුද? බොහෝ දෙනෙක්වී, එක්කෙනෙක් වන්නහුද? ප්‍රකට බවටත් අප්‍රකට බවටත් පැමිණෙන්නහුද? බිත්ති සරසද, ප්‍රාකාර සරසද, අහසේ යම්සේද, එසේ නොගැටෙමින් ගමන්කරහුද? දියෙහි මෙන් පොළොවෙහිද, කිමිදීම් මතුවීම් කරන්නහුද? පොළොවෙහි මෙන් දියෙහිද නොකිමිඳෙමින් යන්නහුද? පක්ෂියෙකු මෙන් අහසෙහි අරමිණිය ගොතාගෙන (හිඳගෙන) යන්නහුද? මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් අනුභාව ඇති, මේ සඳ හිරු දෙදෙන අතින් අල්ලන්නහුද? අතගාන්නහුද? බ්‍රහ්මලෝකය දක්වා කයින් තමන් වසඟ කරන්නහුද?” “ඇවැත, මෙය නොවේමය”
“ඇවැත්නි තවද මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ ඔබලා මිනිස් කණ ඉක්ම සිටින්නාවූ, පිරිසිදුවූ, දිවකණින් දෙවියන් පිළිබඳවූද, මිනිසුන් පිළිබඳවූද, දුරවූද, සමීපයෙහි වූද, දෙයාකාරවූ ශබ්දයන් අසන්නහුද?” “ඇවත, මෙය නොවේමය” “ඇවැත්නි, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔබලා වනාහි අන්‍ය සත්වයින්ගේද, අන්‍ය පුද්ගලයින්ගේද සිත තමාගේ සිතින් පිරිසිඳ දන්නහුද? (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිතයයි දන්නහුද? රාග රහිත සිත රාග රහිත සිතයයි දන්නහුද? ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දන්නහුද? ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දන්නහුද? මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දන්නහුද? මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දන්නහුද? හැකුළුනු සිත හැකුළුනු සිතයයි දන්නහුද? විසුරුණු සිත විසුරුණු සිතයයි දන්නහුද? මහත් බවට පැමිණි සිත මහත් බවට පැමිණි සිතයයි දන්නහුද? මහත් බවට නොපැමිණි සිත මහත් බවට නොපැමිණි සිතයයි දන්නහුද? උසස් බවට පැමිණි සිත උසස් බවට පැමිණි සිතයයි දන්නහුද? උසස් බවට නොපැමිණි සිත උසස් බවට නොපැමිණි සිතයයි දන්නහුද? සංසිඳුනු සිත සංසිඳුනු සිතයයි දන්නහුද? නොසංසිඳුනු සිත නොසංසිඳුනු සිතයයි දන්නහුද? මිදුනු සිත මිදුනු සිතයයි දන්නහුද? නොමිදුනු සිත නොමිදුනු සිතයයි දන්නහුද?” “ඇවත, මෙය නොවේමය”. “ඇවැත්නි, තවද, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔබලා නානාප්‍රකාරවූ, පෙර විසූ තැන් සිහි කරන්නහුද? හේ කවරේද? එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතලිහක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද, අසවල් තැන උපන්නෙමි. (එහි) මෙනම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් විඳින්නෙක් වීමි. මෙබඳු ආයුෂ ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ, අසවල්තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙබඳු සැප දුක් විඳින්නෙක් වීමි. මෙබඳු ආයුෂ ඇත්තෙක් වීමි, ඒ මම එතැනින් චුතවී මේ මනුෂ්‍යලෝකයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නන්වැදෑරුම්වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහිකරන්නහුද?” “ඇවැත, මෙය නොවේමය”. “ඇවැත්නි, තවද, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ, ඔබලා පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්වයන් දක්නහුද? (කෙබඳු සත්වයින්ද?) චුතවන්නාවූද, උපදින්නා වූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනාවර්ණ ඇත්තාවූද, මනාවර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තා වූද, කර්මය පරිදි මියයන්නාවූ, සත්වයන් දන්නහුද? (කෙසේද) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්ට දොස්කීවාහු, මිසදිටු ගත්තාහු, මිසදිටු ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නිරයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්වයෝ වනාහි කායසුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝසුචරිතයෙන් යුක්තවූවාහු ආර්යයන්ට දොස් නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන්වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නාහුය මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි, දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනාවර්ණ ඇත්තාවූද, මනාවර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මියගියාවූ සත්වයන් දන්නහුද?” “ඇවැත, මෙය නොවේමය” “ඇවැත්නි, තවද, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඔබලා යම් ඒ ශාන්තවූ විමොක්ෂවූ රූපයන් ඉක්මවූ අරූප සම්පතීන් කයින් ස්පර්ශකොට, වාසය කරන්නහුද?”
“ඇවැත, මෙය නොවේමය.”
“ආයුෂ්මත්වරුනි, මෙහිදී මේ ධර්මයන්ට නොපැමිණීම ප්‍රකාශකිරීම සුදුසුය. ඇවැත්නි මෙය කෙසේ වන්නේද?”
“ඇවැත් සුසීමය අපි වනාහි ප්‍රඥාවෙන් මිදුනෝ වෙමු. (ශුෂ්කවිදර්ශකයෝ වෙමු) මම මේ ආයුෂ්මතුන් විසින් කෙටියෙන් කියන ලද්දාහුගේ අදහස විස්තර වශයෙන් නොදනිමි. යම්සේ මම මේ ආයුෂ්මතුන් කෙටියෙන් කියනලද කීමේ අදහස විස්තර වශයෙන් දැනගන්නෙම්ද එසේ මට ආයුෂ්මත්හු කියාදෙත්වා ඇවැත් සුසීමය නුඹ දැනගත්තෙහි හෝ වේවා. නුඹ දැන නොගත්තෙහි හෝ වේවා. එතකුදු වුවත් ප්‍රඥාවෙන් මිදුනෝ වෙමු (ශුෂ්කවිදර්ශකයෝ වෙමු)යි කීහ.
“ඉක්බිති ඇවැත් සුසීමතෙම හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි ගියේය. ගොස්, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ඇවැත් සුසීමතෙම වනාහි යම්තාක් ඒ භික්ෂූන් හා සමග කථා සල්ලාපයක් වූයේද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට කීයේය.
“සුසීමය, මුලින් වනාහි ධම්මට්ඨිති ඤාණය (විදර්ශනා ඤාණය) ඇතිවේ. පසුව නිර්වාණයෙහි ඤාණය (මාර්ග ඥානය) ඇතිවේයයි” වදාළ සේක.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ කොටින් දේශනා කරනලද දේශනාවේ අදහස මම විස්තර වශයෙන් නොදනිමි. ස්වාමීනි, යම්සේ මම මේ භාග්‍යවතුන් වහන්සේ කොටින් දේශනා කරනලද දේශනාවේ අදහස විස්තර වශයෙන් දැනගත්තෙම්ද එසේ මට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනසේක්වා” “සුසීමය, නුඹ දැනගත්තෙහි හෝ වේවා, නුඹ දැන නොගත්තෙහි හෝ වේවා. එතකුදු වුවත් මුලින් වනාහි ධම්මට්ඨිති ඤාණය (විදර්ශනා ඥානය) ඇතිවේ. පසුව නිර්වාණයෙහි ඥානය (මාර්ගඥානය) ඇතිවේයයි වදාළ සේක. සුසීමය, ඒ කිමැයි සිතන්නෙහිද?
“රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?”
“ස්වාමීනි, අනිත්‍ය වේ.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක් වේ.”
“යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් වෙනස්වෙන ස්වභාව
ඇත්තේ නම් ‘එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි’ දැක්මට සුදුසුද?”
“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි”
“වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?”
“ස්වාමීනි, අනිත්‍ය වේ.”
“යමක් වනාහි අනිත්‍යනම්, එය දුක් හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක් වේ.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වෙන ස්වභාව ඇත්තේ නම්, ‘එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි’ දැක්මට සුදුසුද?”
“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”
“සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?”
“ස්වාමීනි, අනිත්‍ය වේ.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක් වේ.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වෙන ස්වභාව ඇත්තේ නම්, ‘එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි’
දැක්මට සුදුසුද?”
“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”
“සංස්කාර නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?”
“ස්වාමීනි, අනිත්‍ය වේ.”
“යමක් වනාහි අනිත්‍යනම්, එය දුක් හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක් වේ.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වෙන ස්වභාව
ඇත්තේ නම්, ‘එය මගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි’ දැක්මට සුදුසුද?”
“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”
“විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?”
“ස්වාමීනි, අනිත්‍ය වේ.”
“යමක් වනාහි අනිත්‍යනම්, එය දුක් හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක් වේ.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වෙන ස්වභාව ඇත්තේ නම්, ‘එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි’ දැක්මට සුදුසුද?”
“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”
“සුසීමය, මෙහිදී එනිසා අතීතවූද, අනාගතවූද, වර්තමාන වූද අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕළාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ යම් කිසි දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි රූපයක් වේද, මේ සියලු රූපය මාගේ නොවේ. මේ රූපය මම නොවෙමි. මේ රූපය මාගේ ආත්මය නොවේ යයි මෙසේ මේ ඇතිසේ සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕළාරිකවූ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ යම්කිසි දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි වේදනාවක් වේද, මේ සියලු වේදනාව මාගේ නොවේ. මේ වේදනාව මම නොවෙමි. මේ වේදනාව මාගේ ආත්මය නොවේයයි, මෙසේ මෙය ඇතිසේ සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ ඕළාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ යම්කිසි දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි සංඥාවක් වේද, මේ සියලු සංඥාව මාගේ නොවේ. මේ සංඥාව මම නොවෙමි. මේ සංඥාව මාගේ ආත්මය නොවේයයි, මෙසේ මෙය ඇතිසේ සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕළාරිකවූ හෝ සුඛමවූ හෝ යම්කිසි දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි සංඛාර වේද, මේ සියලු සංඛාර මාගේ නොවේ. මේ සංඛාර මම නොවෙමි, මේ සංඛාර මාගේ ආත්මය නොවේයයි, මෙසේ මෙය ඇතිසේ සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕළාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ යම්කිසි දුරවූ ළඟවූ හෝ යම්කිසි විඤ්ඤාණය වේද, මේ සියලු විඤ්ඤාණය මාගේ නොවේ. මේ විඤ්ඤාණය මම නොවෙමි. මේ විඤ්ඤාණය මාගේ ආත්මය නොවේයයි, මෙසේ මෙය ඇතිසේ සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“සුසීමය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්යශ්‍රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයන්හිද කලකිරෙයි. කලකිරුනේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ ඇතිවෙයි. ජාතිය (ඉපදීම) ක්‍ෂයවූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමකරන ලද්දේය. කළයුතු දේ කරන ලද්දේය. මේ ආත්මයෙහි කළයුතු අනිකක් නැත්තේ යයි දැන ගනියි.
“සුසීමය, ජාතිය (ඉපදීම) නිසා ජරාමරණය ඇතිවේයයි (නුඹ) දන්නෙහිද?” “එසේයි ස්වාමීනි,” “සුසීමය, භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේයයි දන්නෙහිද?” “එසේය ස්වාමීනි,” “සුසීමය, උපාදානය නිසා භවය ඇතිවේයයි දන්නෙහිද?” “එසේය ස්වාමීනි” “සුසීමය, තණ්හාව නිසා උපාදානය ඇති වේයයි දන්නෙහිද”? “එසේය ස්වාමීනි” “සුසීමය, වේදනාව නිසා තණ්හාව ඇතිවේයයි දන්නෙහිද?” “එසේය ස්වාමීනි” “සුසීමය, ස්පර්ශය නිසා වේදනාව ඇතිවේයයි දන්නෙහිද?” “සුසීමය, සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවේයයි දන්නෙහිද?” “සුසීමය, නාමරූපය නිසා සළායතනයන් ඇතිවේයයි දන්නෙහිද?” සුසීමය, විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේයයි දන්නෙහිද?” සුසීමය, සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේයයි දන්නෙහිද? සුසීමය, අවිජ්ජාව නිසා සංස්කාරයන් ඇතිවේයයි දන්නෙහිද?” “එසේය ස්වාමීනි”
“සුසීමය, ජාතිය (ඉපදීම) නැතිවීමෙන් (නිරෝධයෙන්) ජරාමරණය නැතිවේයයි (නුඹ) දන්නෙහිද?” “එසේය ස්වාමීනි” “සුසීමය, භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේයයි දන්නෙහිද? සුසීමය උපාදානය නැතිවීමෙන් භවය නැතිවේයයි දන්නෙහිද? සුසීමය, තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේයයි දන්නෙහිද? සුසීමය, වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවේයයි දන්නෙහිද? සුසීමය, ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවේයයි දන්නෙහිද? සුසීමය, සළායතනයන් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේයයි දන්නෙහිද? සුසීමය, නාමරූපය නැතිවීමෙන් සළායතනයන් නැතිවේයයි දන්නෙහිද? සුසීමය, විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවේයයි දන්නෙහිද? සුසීමය, සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේයයි දන්නෙහිද? සුසීමය, අවිජ්ජාව නැතිවීමෙන් සංස්කාර නැතිවේයයි දන්නෙහිද?” “එසේය ස්වාමීනි”
“තවද, සුසීමය, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, නුඹ නානාප්‍රකාරවූ ඍද්ධිවිධි විශේෂයෙන් විඳින්නෙහිද? (කෙසේද) එක් කෙනෙක්වී, බොහෝ දෙනෙක් වෙන්නෙහිද? බොහෝ දෙනෙක්වී එක් කෙනෙක් වෙන්නෙහිද? ප්‍රකට බවටත් අප්‍රකට බවටත් පැමිණෙන්නෙහිද? බිත්ති සරසද, ප්‍රාකාර සරසද, අහසේ යම්සේද එසේ නොගැටෙමින් ගමන් කරහිද? දියෙහි මෙන් පොළොවෙහිද, කිමිදීම්, මතුවීම් කරහිද? පොළොවෙහි මෙන් දියෙහිද, නොකිඳෙමින්යෙහිද? පක්ෂියෙකුමෙන් අහසෙහි අරමිණිය ගොතාගෙන (හිඳගෙන) යන්නෙහිද? මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් අනුභාව ඇති, මේ සඳ හිරු දෙදෙන අතින් අල්ලන්නෙහිද? අතගාන්නෙහිද? බ්‍රහ්මලෝකය දක්වා කයින් තමන් වසඟ කෙරෙහිද?” “ස්වාමීනි, මෙය නොවේමය.”
“සුසීමය, තවද, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, නුඹ මිනිස් කණ ඉක්ම සිටින්නාවූ පිරිසිදුවූ, දිව කණින් දෙවියන් පිළිබඳවූද, මිනිසුන් පිළිබඳවූද, දුරවූද, ළඟවූද, දෙයාකාරවූ ශබ්දයන් අසහිද?” “ස්වාමීනි, මෙය නොවේමය” “සුසීමය, තවද, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ නුඹ අන්‍ය සත්වයින්ගේද, අන්‍යපුද්ගලයන්ගේද, සිත තමාගේ සිතින් පිරිසිඳ දන්නෙහිද? (කෙසේද?) රාගසහිත සිත රාග සහිත සිතයයි දන්නෙහිද? රාග රහිත සිත රාග රහිත සිතයයි දන්නෙහිද? ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දන්නෙහිද? ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දන්නෙහිද? මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දන්නෙහිද? මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දන්නෙහිද? හැකුළුණු සිත හැකුළුණු සිතයයි දන්නෙහිද? විසුරුණු සිත විසුරුණු සිතයයි දන්නෙහිද? මහත් බවට පැමිණි සිත මහත් බවට පැමිණි සිතයයි දන්නෙහිද? මහත් බවට නොපැමිණි සිත මහත් බවට නොපැමිණි සිතයයි දන්නෙහිද? උසස් බවට පැමිණි සිත උසස් බවට පැමිණි සිතයයි දන්නෙහිද? උසස් බවට නොපැමිණි සිත උසස් බවට නොපැමිණි සිතයයි දන්නෙහිද? එකඟවූ සිත එකඟවූ සිතයයි දන්නෙහිද? එකඟ නොවූ සිත එකඟ නොවූ සිතයයි දන්නෙහිද? (කෙලෙසුන්ගෙන්) මිදුණු සිත (කෙලෙසුන්ගෙන්) මිදුනු සිතයයි දන්නෙහිද? (කෙලෙසුන්ගෙන්) නොමිදුනු සිත (කෙලෙසුන්ගෙන්) නොමිදුනු සිතයයි දන්නෙහිද?” “ස්වාමීනි, මෙය නොවේමය.”
“සුසීමය, තවද, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ නුඹ නානාප්‍රකාරවූ, පෙර විසූ තැන් සිහි කෙරෙහිද? හේ කවරේද? එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති හතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද, අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දෙමි. ඒ මම එයින් චුතව, අසවල් තැන උපන්නෙමි. එතැන්හිද, මෙසේ නම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙබඳු සැප දුක් විඳින්නෙක් වීමි. මෙබඳු ආයුෂ ඇත්තෙක් වීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍ය භවයෙහි උපන්නෙමියි. මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නොයෙක් ආකාරවූ පෙරවිසූ කඳ පිළිවෙළ සිහිකරහිද?” “ස්වාමීනි මෙය නොවේමය.”
“සුසීමය, තවද, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, නුඹ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි, දිවැසින් සත්වයින් දක්නෙහිද? (කෙබඳු සත්වයින්ද?) චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය ගියාවූ සත්වයන් දකිමි. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්හට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහු යයිද, මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක්සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන් හට දොස් නොකීවාහු, සම්‍යක් දෘෂ්ටි (හරිදැකීම්) ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ගලෝකයෙහි උපදින්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස් ඉක්මවා සිටි, දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මියගියාවූ සත්වයන් දන්නෙහිද?” “ස්වාමිනි, මෙය නොවේමය.”
“සුසීමය, තවද, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, නුඹ යම් ඒ ශාන්තවූ, අරූපාවචර ද්ධ්‍යාන විමොක්ෂයෙන් රූපයන් ඉක්මවා, ඔවුන් කයින් ස්පර්ශකොට, වාසය කරන්නෙහිද?’ “ස්වාමීනි, මෙය නොවේමය” “සුසීමය, මෙහිදී මෙය කෙසේ දැයි මේ ධර්මයන්ට නොපැමිණීම ප්‍රකාශ කිරීමයි.”
“ඉක්බිති ඇවැත් සුසීමතෙම භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා දෙක ළඟ හිසින් වැටී, භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ‘ස්වාමීනි, බාලයකුසේ, මුළාවූවෙකුසේ, අදක්ෂයකුසේ, වැරැද්ද මා ඉක්මවා ගියේය. ඒ මම මෙසේ මනාකොට දේශනා කරන ලද, ශාසනයෙහි දහම් හොරෙක්ව පැවිදිවූයේ වෙමි. ස්වාමීනි, ආයති සංවරය පිණිස (මත්තෙහි සංවරවීම පිණිස) භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද, වරද වශයෙන් පිළිගන්නා සේක්වා”. “සුසීමය, එසේනම් බාලයකුසේ මුළාවූවෙකුසේ, අදක්ෂයකුසේ වරද, නුඹ ඉක්මවා ගියේය. ඒ නුඹ මෙසේ මනාකොට දේශනා කරන ලද, ශාසනයෙහි දහම් හොරෙක්ව පැවිදිවූයෙහිය.
“සුසීමය, යම්සේ වනාහි අපරාධකාරී සොරෙකු අල්ලා ගෙනවුත් රජහට දක්වන්නාහුය. (කෙසේද?) ‘දේවයන්වහන්ස, මේ අපරාධකාරී සොරාය. මොහුට යම් දඬුවමක් කැමැත්තෙහි නම් ඒ දඬුවම පණවනු මැනව,’ කියායි. ඒ මොවුන්ට රජතෙම මෙසේ කියන්නේය. පින්වත්නි, යව්, මේ පුරුෂයා දැඩි ලනුවකින් පිටිතලහයා (දෑත් පිටුපසට කොට) දැඩිකොට බැඳ, හිස මුඩුකොට, දැඩි හඬින් යුත් පණාබෙරින් යුක්තව වීදියෙන් වීදියට, සතරමං සංදියෙන් සතරමංසන්දියට පමුණුවා, දකුණු දොරින් නික්මවා, නගරයේ දකුණු පැත්තෙහිදී හිස සිඳිව්” යයි කියායි. ඒ මේ රාජ පුරුෂයෝ දැඩි ලනුවෙන් පිටිතලහයා (දෑත් පිටුපසට කොට) දැඩිකොට බැඳ, හිස මුඬුකොට, දැඩිහඬින් යුත් පණා බෙරින් යුක්තව’ වීදියෙන් වීදියට, සතරමංසන්දියෙන් සතරමංසන්දියට පමුණුවා, දකුණු දොරින් නික්මවා, නගරයේ, දකුණු පැත්තෙහිදී, හිස සිඳින්නාහුය.
“සුසීමය, ඒ ගැන කෙසේ සිතන්නෙහිද? තවද, ඒ පුරුෂතෙම ඒ හේතුවෙන් දුක් දොම්නසක් විඳින්නෙහිද?” “එසේය, ස්වාමීනි” “සුසීමය, ඒ පුරුෂතෙම වනාහි ඒ හේතුවෙන් යම් දුක් දොම්නසක් විඳියිද, මෙසේ මනාකොට දේශනා කරන ලද, ශාසනයෙහි දහම් හොරෙකුගේ යම් පැවිද්දක් වේද, මෙය ඊට වඩා අධික දුක් විපාක ඇත්තේද කටුක විපාක ඇත්තේද වේ. තවද, දුගතියෙහි ඉපදීම පිණිසද හේතුවෙයි.
“සුසීමය, යම් හෙයකින් වනාහි නුඹ වරද, වරද වශයෙන් දැන, ධර්මය සේ පිළියම් කෙරෙහිද, නුඹගේ ඒ වරද අපි පිළිගනිමු. සුසීමය, යමෙක් වරද, වරද වශයෙන් දැක, ධර්මයට අනුව පිළියම් කෙරෙයිද, ආයති සංවරයටත් (මත්තෙහි සංවරවීමටත්) පැමිණෙයිද, මෙය ආර්ය විනයෙහි වැඩීම වන්නේය.”
(දසවන සුසීම සූත්‍රය නිමි.)
8. සමණබ්‍රාහ්මණවග්ගො 8. ශ්‍රමණ බ්‍රාහ්මණ වර්ගය
1. ජරාමරණසුත්තං 1. පච්චය සූත්‍රය
2-11. ජාතිසුත්තාදිදසකං 2-11. ජාති සූත්‍රය ආදී වූ දහය
9. අන්තරපෙය්‍යාලං 9. අන්තර පෙය්යාලය
1. සත්ථුසුත්තං 1. සත්ථු වර්ගය
2-11. දුතියසත්ථුසුත්තාදිදසකං 2-11. දෙවැනි සත්ථු සූත්‍රය ආදී වූ දහය
2-12. සික්ඛාසුත්තාදිපෙය්‍යාලඑකාදසකං 2-12. සික්ඛා සූත්‍රය ආදී වූ පෙය්යාල එකොළහ