ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
නිදානවග්ගො නිදාන වර්ගය
1. නිදානසංයුත්තං 1. නිදාන සංයුත්තය
1. බුද්ධවග්ගො 1. බුද්ධ වර්ගය
1. පටිච්චසමුප්පාදසුත්තං 1. පටිච්ච සමුප්පාද සූත්‍රය
2. විභඞ්ගසුත්තං 2. විභඩ්ග සූත්‍රය
3. පටිපදාසුත්තං 3. ප්‍රතිපදා සූත්‍රය
4. විපස්සීසුත්තං 4. විපස්සී සූත්‍රය
5. සිඛීසුත්තං 5. සිඛී සූත්‍රය
6. වෙස්සභූසුත්තං 6. වෙස්සභූ සූත්‍රය
7. කකුසන්ධසුත්තං 7. කකුසඳ සූත්‍රය
8. කොණාගමනසුත්තං 8. කෝනාගම සූත්‍රය
9. කස්සපසුත්තං 9. කස්සප සූත්‍රය
10. ගොතමසුත්තං 10. ගෞතම සූත්‍රය
2. ආහාරවග්ගො 2. ආහාර වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
2. මොළියඵග්ගුනසුත්තං 2. ඵග්ගුන සූත්‍රය
3. සමණබ්‍රාහ්මණසුත්තං 3. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 4. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
5. කච්චානගොත්තසුත්තං 5. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය
6. ධම්මකථිකසුත්තං 6. ධර්ම කථික සූත්‍රය
7. අචෙලකස්සපසුත්තං 7. අචේල කස්සප සූත්‍රය
8. තිම්බරුකසුත්තං 8. තිම්බරුක සූත්‍රය
9. බාලපණ්ඩිතසුත්තං 9. බාලපණ්ඩිත සූත්‍රය
10. පච්චයසුත්තං 10. ප්‍රත්‍යය සූත්‍රය
3. දසබලවග්ගො 3. දසබල වර්ගය
1. දසබලසුත්තං 1. දසබල සූත්‍රය
2. දුතියදසබලසුත්තං 2. දසබල සූත්‍රය
3. උපනිසසුත්තං 3. උපනිසා සූත්‍රය
4. අඤ්ඤතිත්ථියසුත්තං 4. අඤ්ඤතිත්ථිය සූත්‍රය
5. භූමිජසුත්තං 5. භූමිජ සූත්‍රය
6. උපවාණසුත්තං 6. උපවාණ සූත්‍රය
7. පච්චයසුත්තං 7. පච්චය සූත්‍රය
8. භික්ඛුසුත්තං 8. භික්ෂු සූත්‍රය
9. සමණබ්‍රාහ්මණසුත්තං 9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 10. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. කළාරඛත්තියවග්ගො 4. කළාරඛත්තිය වර්ගය
1. භූතසුත්තං 1. භූතමිදං සූත්‍රය
2. කළාරසුත්තං 2. කළාරඛත්තිය සූත්‍රය
3. ඤාණවත්ථුසුත්තං 3. ඤාණවත්ථු සූත්‍රය
4. දුතියඤාණවත්ථුසුත්තං 4. ඤාණවත්ථු සූත්‍රය
5. අවිජ්ජාපච්චයසුත්තං 5. අවිජ්ජා සූත්‍රය
6. දුතියඅවිජ්ජාපච්චයසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. නතුම්හසුත්තං 7. නතුම්හාක සූත්‍රය
8. චෙතනාසුත්තං 8. චේතනා සූත්‍රය
9. දුතියචෙතනාසුත්තං 9. චේතනා සූත්‍රය
10. තතියචෙතනාසුත්තං 10. චේතනා සූත්‍රය
5. ගහපතිවග්ගො 5. ගහපති වර්ගය
1. පඤ්චවෙරභයසුත්තං 1. පඤ්චවෙර භය සූත්‍රය
2. දුතියපඤ්චවෙරභයසුත්තං 2. පඤ්චවේරභය සූත්‍රය
3. දුක්ඛසුත්තං 3. දුක්ඛ සූත්‍රය
4. ලොකසුත්තං 4. ලෝක සූත්‍රය
5. ඤාතිකසුත්තං 5. ඤාතික සූත්‍රය
6. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං 6. අඤ්ඤතර සූත්‍රය
7. ජාණුස්සොණිසුත්තං 7. ජාණුස්සෝණි සූත්‍රය
8. ලොකායතිකසුත්තං 8. ලෝකායතික සූත්‍රය
9. අරියසාවකසුත්තං 9. ආර්යශ්‍රාවක සූත්‍රය
10. දුතියඅරියසාවකසුත්තං 10. ආර්යශ්‍රාවක සූත්‍රය
6. දුක්ඛවග්ගො 6. දුක්ඛ වර්ගය
1. පරිවීමංසනසුත්තං 1. පරිවීමංසමාන සූත්‍රය
2. උපාදානසුත්තං 2. උපාදාන සූත්‍රය
3. සංයොජනසුත්තං 3. සංයෝජන සූත්‍රය
4. දුතියසංයොජනසුත්තං 4. සංයෝජන සූත්‍රය
5. මහාරුක්ඛසුත්තං 5. මහාරුක්ඛ සූත්‍රය
6. දුතියමහාරුක්ඛසුත්තං 6. මහාරුක්ඛ සූත්‍රය
7. තරුණරුක්ඛසුත්තං 7. තරුණ රුක්ඛ සූත්‍රය
8. නාමරූපසුත්තං 8. නාමරූප සූත්‍රය
9. විඤ්ඤාණසුත්තං 9. විඤ්ඤාණ සූත්‍රය
10. නිදානසුත්තං 10. නිදාන සූත්‍රය
7. මහාවග්ගො 7. මහා වර්ගය
1. අස්සුතවාසුත්තං 1. අස්සුතවන්තු සූත්‍රය
2. දුතියඅස්සුතවාසුත්තං 2. අස්සුතවන්තු සූත්‍රය
3. පුත්තමංසූපමසුත්තං 3. පුත්‍ර මාංශ සූත්‍රය
63
සාවත්ථියං ...පෙ.... ‘‘චත්තාරොමෙ , භික්ඛවෙ, ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය . කතමෙ චත්තාරො? කබළීකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය’’.
‘‘කථඤ්ච, භික්ඛවෙ, කබළීකාරො ආහාරො දට්ඨබ්බො? සෙය්‍යථාපි, භික්ඛවෙ, ද්වෙ ජායම්පතිකා (ජයම්පතිකා (සී. පී.) ටීකා ඔලොකෙතබ්බා) පරිත්තං සම්බලං ආදාය කන්තාරමග්ගං පටිපජ්ජෙය්‍යුං. තෙසමස්ස එකපුත්තකො පියො මනාපො. අථ ඛො තෙසං, භික්ඛවෙ, ද්වින්නං ජායම්පතිකානං කන්තාරගතානං යා පරිත්තා සම්බලමත්තා, සා පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්‍ය. සියා ච නෙසං කන්තාරාවසෙසො අනතිණ්ණො. අථ ඛො තෙසං, භික්ඛවෙ, ද්වින්නං ජායම්පතිකානං එවමස්ස - ‘අම්හාකං ඛො යා පරිත්තා සම්බලමත්තා සා පරික්ඛීණා පරියාදිණ්ණා (පරියාදින්නා (ස්‍යා. කං.)). අත්ථි චායං කන්තාරාවසෙසො අනිත්තිණ්ණො (අනිත්ථිණ්ණො (ස්‍යා. කං.), අනතිණ්ණො (ක.)). යංනූන මයං ඉමං එකපුත්තකං පියං මනාපං වධිත්වා වල්ලූරඤ්ච සොණ්ඩිකඤ්ච කරිත්වා පුත්තමංසානි ඛාදන්තා එවං තං කන්තාරාවසෙසං නිත්ථරෙය්‍යාම, මා සබ්බෙව තයො විනස්සිම්හා’ති. අථ ඛො තෙ, භික්ඛවෙ, ද්වෙ ජායම්පතිකා තං එකපුත්තකං පියං මනාපං වධිත්වා වල්ලූරඤ්ච සොණ්ඩිකඤ්ච කරිත්වා පුත්තමංසානි ඛාදන්තා එවං තං කන්තාරාවසෙසං නිත්ථරෙය්‍යුං. තෙ පුත්තමංසානි චෙව ඛාදෙය්‍යුං, උරෙ ච පටිපිසෙය්‍යුං - ‘කහං, එකපුත්තක, කහං, එකපුත්තකා’ති.
‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු තෙ දවාය වා ආහාරං ආහාරෙය්‍යුං, මදාය වා ආහාරං ආහාරෙය්‍යුං, මණ්ඩනාය වා ආහාරං ආහාරෙය්‍යුං, විභූසනාය වා ආහාරං ආහාරෙය්‍යු’’න්ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘නනු තෙ, භික්ඛවෙ, යාවදෙව කන්තාරස්ස නිත්ථරණත්ථාය ආහාරං ආහාරෙය්‍යු’’න්ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘එවමෙව ඛ්වාහං, භික්ඛවෙ, කබළීකාරො ආහාරො දට්ඨබ්බො’’ති වදාමි. කබළීකාරෙ, භික්ඛවෙ, ආහාරෙ පරිඤ්ඤාතෙ පඤ්චකාමගුණිකො රාගො පරිඤ්ඤාතො හොති. පඤ්චකාමගුණිකෙ රාගෙ පරිඤ්ඤාතෙ නත්ථි තං සංයොජනං යෙන සංයොජනෙන සංයුත්තො අරියසාවකො පුන ඉමං ලොකං ආගච්ඡෙය්‍ය.
‘‘කථඤ්ච, භික්ඛවෙ, ඵස්සාහාරො දට්ඨබ්බො? සෙය්‍යථාපි, භික්ඛවෙ, ගාවී නිච්චම්මා කුට්ටං චෙ (කුඩ්ඩඤ්චෙ (සී. ස්‍යා. කං. පී.)) නිස්සාය තිට්ඨෙය්‍ය. යෙ කුට්ටනිස්සිතා පාණා තෙ නං ඛාදෙය්‍යුං. රුක්ඛං චෙ නිස්සාය තිට්ඨෙය්‍ය, යෙ රුක්ඛනිස්සිතා පාණා තෙ නං ඛාදෙය්‍යුං. උදකං චෙ නිස්සාය තිට්ඨෙය්‍ය, යෙ උදකනිස්සිතා පාණා තෙ නං ඛාදෙය්‍යුං. ආකාසං චෙ නිස්සාය තිට්ඨෙය්‍ය, යෙ ආකාසනිස්සිතා පාණා තෙ නං ඛාදෙය්‍යුං. යං යදෙව හි සා, භික්ඛවෙ, ගාවී නිච්චම්මා නිස්සාය තිට්ඨෙය්‍ය, යෙ තන්නිස්සිතා (යෙ තන්නිස්සිතා තන්නිස්සිතා (සී. ස්‍යා. කං. පී.)) පාණා තෙ නං ඛාදෙය්‍යුං. එවමෙව ඛ්වාහං, භික්ඛවෙ, ‘‘ඵස්සාහාරො දට්ඨබ්බො’’ති වදාමි. ඵස්සෙ, භික්ඛවෙ, ආහාරෙ පරිඤ්ඤාතෙ තිස්සො වෙදනා පරිඤ්ඤාතා හොන්ති. තීසු වෙදනාසු පරිඤ්ඤාතාසු අරියසාවකස්ස නත්ථි කිඤ්චි උත්තරිකරණීයන්ති (උත්තරිංකරණීයන්ති (සී. පී.)) වදාමි.
‘‘කථඤ්ච , භික්ඛවෙ, මනොසඤ්චෙතනාහාරො දට්ඨබ්බො? සෙය්‍යථාපි , භික්ඛවෙ, අඞ්ගාරකාසු සාධිකපොරිසා පුණ්ණා අඞ්ගාරානං වීතච්චිකානං වීතධූමානං. අථ පුරිසො ආගච්ඡෙය්‍ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛප්පටිකූලො. තමෙනං ද්වෙ බලවන්තො පුරිසා නානාබාහාසු ගහෙත්වා තං අඞ්ගාරකාසුං උපකඩ්ඪෙය්‍යුං. අථ ඛො, භික්ඛවෙ, තස්ස පුරිසස්ස ආරකාවස්ස චෙතනා ආරකා පත්ථනා ආරකා පණිධි. තං කිස්ස හෙතු? එවඤ්හි, භික්ඛවෙ, තස්ස පුරිසස්ස හොති - ‘ඉමං චාහං අඞ්ගාරකාසුං පපතිස්සාමි, තතොනිදානං මරණං වා නිගච්ඡාමි මරණමත්තං වා දුක්ඛ’න්ති. එවමෙව ඛ්වාහං, භික්ඛවෙ, ‘මනොසඤ්චෙතනාහාරො දට්ඨබ්බො’ති වදාමි. මනොසඤ්චෙතනාය, භික්ඛවෙ, ආහාරෙ පරිඤ්ඤාතෙ තිස්සො තණ්හා පරිඤ්ඤාතා හොන්ති. තීසු තණ්හාසු පරිඤ්ඤාතාසු අරියසාවකස්ස නත්ථි කිඤ්චි උත්තරිකරණීයන්ති වදාමි.
‘‘කථඤ්ච, භික්ඛවෙ, විඤ්ඤාණාහාරො දට්ඨබ්බො? සෙය්‍යථාපි, භික්ඛවෙ, චොරං ආගුචාරිං ගහෙත්වා රඤ්ඤො දස්සෙය්‍යුං - ‘අයං තෙ, දෙව, චොරො ආගුචාරී, ඉමස්ස යං ඉච්ඡසි තං දණ්ඩං පණෙහී’ති. තමෙනං රාජා එවං වදෙය්‍ය - ‘ගච්ඡථ, භො, ඉමං පුරිසං පුබ්බණ්හසමයං සත්තිසතෙන හනථා’ති. තමෙනං පුබ්බණ්හසමයං සත්තිසතෙන හනෙය්‍යුං. අථ රාජා මජ්ඣන්හිකසමයං එවං වදෙය්‍ය - ‘අම්භො, කථං සො පුරිසො’ති? ‘තථෙව, දෙව, ජීවතී’ති. තමෙනං රාජා එවං වදෙය්‍ය - ‘ගච්ඡථ, භො, තං පුරිසං මජ්ඣන්හිකසමයං සත්තිසතෙන හනථා’ති. තමෙනං මජ්ඣන්හිකසමයං සත්තිසතෙන හනෙය්‍යුං. අථ රාජා සායන්හසමයං එවං වදෙය්‍ය - ‘අම්භො, කථං සො පුරිසො’ති? ‘තථෙව, දෙව, ජීවතී’ති. තමෙනං රාජා එවං වදෙය්‍ය - ‘ගච්ඡථ, භො, තං පුරිසං සායන්හසමයං සත්තිසතෙන හනථා’ති. තමෙනං සායන්හසමයං සත්තිසතෙන හනෙය්‍යුං. තං කිං මඤ්ඤථ , භික්ඛවෙ, අපි නු සො පුරිසො දිවසං තීහි සත්තිසතෙහි හඤ්ඤමානො තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදියෙථා’’ති? ‘‘එකිස්සාපි, භන්තෙ, සත්තියා හඤ්ඤමානො තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදියෙථ; කො පන වාදො තීහි සත්තිසතෙහි හඤ්ඤමානො’’ති! ‘‘එවමෙව ඛ්වාහං, භික්ඛවෙ, විඤ්ඤාණාහාරො දට්ඨබ්බොති වදාමි. විඤ්ඤාණෙ, භික්ඛවෙ, ආහාරෙ පරිඤ්ඤාතෙ නාමරූපං පරිඤ්ඤාතං හොති, නාමරූපෙ පරිඤ්ඤාතෙ අරියසාවකස්ස නත්ථි කිඤ්චි උත්තරිකරණීයන්ති වදාමී’’ති. තතියං.
63
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, නූපන් සත්වයින්ට (ඉපදීම බලාපොරොත්තුවන සත්වයින්ට) උපකාර පිණිසද පවත්නාවූ මේ ආහාරයෝ සතරක් වෙත්. කවර සතරක්ද, දළවූ හෝ සියුම්වූ හෝ කබලිංකාරාහාරය (පිඬුකොට කෑයුතු ආහාරය) පළමුවැන්නය, ස්පර්ශාහාරය දෙවැන්නය, චේතනාහාරය තුන්වැන්නය, විඤ්ඤාණාහාරය සිව්වැන්නය. මහණෙනි, මේ සතරාහාරයෝ උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, නූපන් සත්වයින්ට (ඉපදීම බලාපොරොත්තුවෙන සත්වයින්ට) උපකාර පිණිසද වෙත්.
“මහණෙනි, කබළිංකාරාහාරය වනාහි කෙසේ දතයුතු වන්නේද? මහණෙනි, යම්සේ අඹුසැමි දෙදෙනෙක් වනාහි සුළු
මග වියදමක් ගෙන, කාන්තාර මාර්ගයකට පිළිපන්නාහුය. ඔවුන්ගේ ප්‍රියවූ, මනාපවූ, එකම දරුවෙක්ද වූයේය. මහණෙනි, පසුව කාන්තාර මාර්ගයේ ගමන්ගත් ඒ අඹු සැමි දෙදෙනාගේ යම් සුළු මගවියදමක් වීද, එය ක්ෂයවීමට, අවසන්වීමට යන්නේය. ඔවුන්ට කාන්තාරය තරණය කළ නොහැකිවූයේය, ඉතුරු වූයේද විය. මහණෙනි, ඉක්බිති ඒ අඹු සැමි දෙදෙනාට මේ අදහස ඇතිවූයේය. අපේ යම් සුළු මග වියදමක් වීද, එය වනාහි වියදම්වී අවසාන විය. මේ කාන්තාරයද අවසන් නොවූයේ, ඉතුරු විය. ඒකාන්තයෙන් අපි මේ ප්‍රිය මනාප එකම දරුවා මරා, ඝන තුනී වශයෙන් (මස්) දෙකොටසක් කොට, පුත්‍රමාංශ කන්නාහු දෙදෙනාම මේ ඉතුරුවූ කාන්තාරය එතර කරන්නෙමු. නැතහොත් තුන්දෙනාම විනාශ වන්නෙමුය කියායි.
“මහණෙනි, අනතුරුව ඒ අඹු සැමි දෙදෙනා ඒ ප්‍රියවූ, මනාපවූ; එකම දරුවා මරා, ඝන-තුනී වශයෙන් (මස්) දෙකොටසක් කොට, පුත්‍රමාංශ කන්නාහු, මෙසේ ඒ ඉතිරිවූ, කාන්තාරය එතර කරන්නාහුය. ඔවුහු පුත්‍රමාංශයද කමින් (අපේ) එකම පුතා කොහිද! (අපේ) එකම පුතා කොහිදැ!!යි කියමින් (ඔවුන්ගේ) පපුවටද ගසාගන්නාහුය. මහණෙනි, එය කුමකැයි කියා සිතන්නහුද? ඔවුහු සෙල්ලම් පිණිස හෝ ආහාර ගන්නාහුද, මද ඇතිවීම පිණිස හෝ ආහාර ගන්නාහුද, අලංකාරවීම පිණිස හෝ ආහාර ගන්නාහුද, සැරසීම පිණිස හෝ ආහාර ගන්නාහුද?” “ස්වාමීනි, ඒ එසේ නොවේ.”
“මහණෙනි, ඔවුහු යම්තාක් කාන්තාරය එතරකිරීම පිණිසම ආහාර ගන්නෝ නොවෙත්ද?” එසේය ස්වාමීනි.”
“මහණෙනි, කබලිංකාරාහාරය (පිඬුකොට කෑයුතු ආහාරය) එසේ දතයුතුයයි මම කියමි.
“මහණෙනි, කබලිංකාරාහාරය (පිඬුකොට කෑයුතු ආහාරය) පිරිසිඳ දත් කල්හි පඤ්චකාමගුණ පිළිබඳවූ රාගය පිරිසිඳ දැනගන්නා ලද්දේ වෙයි. පඤ්චකාම ගුණ පිළිබඳ රාගය පිරිසිඳ දත් කල්හි යම් සංයෝජනයකින් (බැඳුමකින්) බැඳුනු ආර්යශ්‍රාවක තෙම නැවත මේ ලෝකයට එන්නේද, ඒ සංයෝජනය (බැඳුම) නැතිවේ.
“මහණෙනි, ස්පර්ශාහාරය කෙසේ දතයුතු වන්නේද? මහණෙනි, යම්සේ වනාහි හම නැති එළදෙනක් ඉදින්, බිත්තියක් ඇසුරුකොට සිටින්නේ නම්, (ඒ) බිත්තිය ඇසුරු කොට යම්කිසි සත්තු සිටිත්ද, ඔවුහු ඇය කන්නාහ. ඉදින් ගසක් ඇසුරුකොට සිටින්නේ නම් (ඒ) ගස ඇසුරුකොට යම්කිසි සත්තු සිටිත්ද, ඔවුහු ඇය කන්නාහ. ඉදින් වතුර ඇසුරුකොට සිටින්නේ නම් (ඒ) වතුර ඇසුරුකොට, යම්කිසි සත්තු සිටිත්ද, ඔවුහු ඇය කන්නාහ. ඉදින් අහස ඇසුරු කොට සිටින්නේ නම්, (ඒ) අහස ඇසුරුකොට යම්කිසි සත්තු සිටිත්ද, ඔවුහු ඇය කන්නාහ. මහණෙනි, යමක් ඇසුරුකොට ඒ හම නැති එළදෙන සිටින්නී නම්, ඒ දේ ඇසුරුකොට යම්කිසි සත්තු සිටිත්ද, ඔවුහු ඇය කන්නාහ. මහණෙනි, ස්පර්ශාහාරය වනාහි එසේ දතයුතුයයි මම කියමි. මහණෙනි, ස්පර්ශාහාරය පිරිසිඳ දත් කල්හි ත්‍රිවිධ වේදනාවෝ පිරිසිඳ දැනගන්නා ලද්දාහුවෙත්. වේදනා තුන පිරිසිඳ දැනගත් කල්හි ආර්යශ්‍රාවකයාට මතු කිසි කළයුත්තක් නැතැයි කියමි.
“මහණෙනි, මනොසඤේචතනාහාරය කෙසේ දතයුතු වන්නේද? මහණෙනි, යම්සේ මිනිසෙකුගේ උසටද වැඩිවූ ගිනිදැල් නැති, දුම් නැති, අඟුරින් පිරුණු, ගිනිඅඟුරු වලක් වේද, එවිට ජීවත්වෙනු කැමැති, නොමැරෙනු කැමැති, සැප කැමැති, දුක් පිළිකුල් කරන, පුරුෂයෙක් එන්නේය. ඒ ඔහු බලසම්පන්න පුරුෂයින් දෙදෙනෙක් (ඔහුගේ) දෑත වෙන වෙනම අල්ලාගෙන, ඒ අඟුරු වලට අදින්නාහුය. මහණෙනි, ඉක්බිති ඒ පුරුෂයාගේ අදහස දුරුව යන්නේය. පැතුම දුරුව යන්නේය. ආශාව දුරුව යන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ පුරුෂයාට මේ අදහස ඇතිවේ. “මම මේ අඟුරු වලේ වැටෙන්නේ නම්, ඒ නිසා මරණයට හෝ මරණය සමාන දුකකට පත්වෙමි කියායි. මහණෙනි, මනෝ සඤ්චෙතනාහාරය එසේ දතයුතුයයි මම කියමි. මහණෙනි, මනොසඤ්චෙතනාහාරය පිරිසිඳ දත් කල්හි තෙවැදෑරුම් තණ්හාව පිරිසිඳ දැනගන්නා ලද්දාහු නම් වෙත්. තෙවැදෑරුම් තණ්හාව පිරිසිඳ දත් ආර්ය ශ්‍රාවකයාට මතු කිසි කළයුත්තක් නැතැයි කියමි.
“මහණෙනි, විඤ්ඤාණාහාරය කෙසේ දතයුතු වන්නේද? මහණෙනි, යම්සේ වනාහි වැරදි කළ සොරෙකු අල්ලා ගෙන රජුට දක්වන්නාහුය. (කෙසේද?) ‘දේවයන් වහන්ස, මේ තෙමේ ඔබවහන්සේට වැරදි කළ සොරාය. මොහුට යම් දඬුවමක් කිරීමට කැමැත්තෙහි නම් දඬුවම් කිරීමට පණවනු (නියම කරනු) මැනවි, කියායි. එවිට රජතෙම ඔවුන්ට මෙසේ කියන්නේය. ‘පින්වත්නි, යව්. මේ පුරුෂයාට පෙරවරු කාලයෙහි සැත් (ආයුධ) සියයකින් හිංසා කරව්යයි’ කියායි. පෙරවරු කාලයෙහි සැත් සියයකින් ඔහුට හිංසා කරන්නාහුය. ඉක්බිති රජතෙම මැදියම් කාලයෙහි මෙසේ කියන්නේය. ‘පින්වත්නි, ඒ පුරුෂතෙම කෙසේදැයි කියායි. දේවයන්වහන්ස, එසේම ජීවත්වෙයි’. ඔවුන්ට රජතෙමෙ මෙසේ කියන්නේය. ‘පින්වත්නි, යව්. ඒ පුරුෂයාට මැදියම් කාලයෙහි ආයුධ සියයකින් හිංසා කරව්යයි’ කියායි. මැදියම් කාලයෙහි ආයුධ සියයකින් ඔහුට හිංසා කරන්නාහුය. ඉක්බිති රජතමෙ සවස් කාලයෙහි මෙසේ කියන්නේය. ‘පින්වත්නි, ඒ පුරුෂතෙම කෙසේදැයි’ කියායි. ‘දේවයන් වහන්ස, එසේම ජීවත්වෙයි’. ඔවුන්ට රජතෙම මෙසේ කියන්නේය. ‘පින්වත්නි, යව්. ඒ පුරුෂයාට සවස් කාලයෙහි ආයුධ සියයකින් හිංසා කරව්යයි’ කියායි. සවස් කාලයෙහි ඔහුට ආයුධ සියයකින් හිංසා කරන්නාහුය.
“මහණෙනි, ඒ ගැන කෙසේ සිතන්නද? දවසක් තුන්සියයක් ආයුධවලින් හිංසා කරනු ලබන්නාවූ, ඒ පුරුෂ තෙම ඒ හිංසාකිරීමේ හේතුවෙන් දුකක් දොම්නසක් විඳින්නේද”? “ස්වාමීනි, එක් ආයුධයකින් හිංසා කරනු ලබන්නේ ඒ හිංසා කිරීම් හේතුවෙන් දුකක් දොම්නසක් ලබන්නේය. ආයුධ තුන්සියයකින් හිංසා කරනු ලබන්නේ වනාහි කියනුම කවරේද?” “මහණෙනි, විඤ්ඤාණාහාරය වනාහි එසේ දතයුතුයයි මම කියමි. මහණෙනි, විඤ්ඤාණාහාරය පිරිසිඳ දැනගත් කල්හි නාමරූප පිරිසිඳ දැනගන්නා ලද්දේ වෙයි. නාමරූප පිරිසිඳ දත් කල්හි ආර්ය ශ්‍රාවකයාහට මතු කිසි කළ යුත්තක් නැතැයි” කියමි.
(තෙවෙනි පුත්‍රමාංශ සූත්‍රය නිමි.)
4. අත්ථිරාගසුත්තං 4. රාග සූත්‍රය
5. නගරසුත්තං 5. නගර සූත්‍රය
6. සම්මසසුත්තං 6. සම්මසන සූත්‍රය
7. නළකලාපීසුත්තං 7. නළකලාපිය සූත්‍රය
8. කොසම්බිසුත්තං 8. කෝසම්බී සූත්‍රය
9. උපයන්තිසුත්තං 9. උපයන්ති සූත්‍රය
10. සුසිමසුත්තං 10. සුසීම සූත්‍රය
8. සමණබ්‍රාහ්මණවග්ගො 8. ශ්‍රමණ බ්‍රාහ්මණ වර්ගය
1. ජරාමරණසුත්තං 1. පච්චය සූත්‍රය
2-11. ජාතිසුත්තාදිදසකං 2-11. ජාති සූත්‍රය ආදී වූ දහය
9. අන්තරපෙය්‍යාලං 9. අන්තර පෙය්යාලය
1. සත්ථුසුත්තං 1. සත්ථු වර්ගය
2-11. දුතියසත්ථුසුත්තාදිදසකං 2-11. දෙවැනි සත්ථු සූත්‍රය ආදී වූ දහය
2-12. සික්ඛාසුත්තාදිපෙය්‍යාලඑකාදසකං 2-12. සික්ඛා සූත්‍රය ආදී වූ පෙය්යාල එකොළහ