ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
නිදානවග්ගො නිදාන වර්ගය
1. නිදානසංයුත්තං 1. නිදාන සංයුත්තය
1. බුද්ධවග්ගො 1. බුද්ධ වර්ගය
1. පටිච්චසමුප්පාදසුත්තං 1. පටිච්ච සමුප්පාද සූත්‍රය
2. විභඞ්ගසුත්තං 2. විභඩ්ග සූත්‍රය
3. පටිපදාසුත්තං 3. ප්‍රතිපදා සූත්‍රය
4. විපස්සීසුත්තං 4. විපස්සී සූත්‍රය
5. සිඛීසුත්තං 5. සිඛී සූත්‍රය
6. වෙස්සභූසුත්තං 6. වෙස්සභූ සූත්‍රය
7. කකුසන්ධසුත්තං 7. කකුසඳ සූත්‍රය
8. කොණාගමනසුත්තං 8. කෝනාගම සූත්‍රය
9. කස්සපසුත්තං 9. කස්සප සූත්‍රය
10. ගොතමසුත්තං 10. ගෞතම සූත්‍රය
2. ආහාරවග්ගො 2. ආහාර වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
2. මොළියඵග්ගුනසුත්තං 2. ඵග්ගුන සූත්‍රය
3. සමණබ්‍රාහ්මණසුත්තං 3. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 4. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
5. කච්චානගොත්තසුත්තං 5. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය
6. ධම්මකථිකසුත්තං 6. ධර්ම කථික සූත්‍රය
7. අචෙලකස්සපසුත්තං 7. අචේල කස්සප සූත්‍රය
8. තිම්බරුකසුත්තං 8. තිම්බරුක සූත්‍රය
9. බාලපණ්ඩිතසුත්තං 9. බාලපණ්ඩිත සූත්‍රය
10. පච්චයසුත්තං 10. ප්‍රත්‍යය සූත්‍රය
3. දසබලවග්ගො 3. දසබල වර්ගය
1. දසබලසුත්තං 1. දසබල සූත්‍රය
2. දුතියදසබලසුත්තං 2. දසබල සූත්‍රය
3. උපනිසසුත්තං 3. උපනිසා සූත්‍රය
4. අඤ්ඤතිත්ථියසුත්තං 4. අඤ්ඤතිත්ථිය සූත්‍රය
5. භූමිජසුත්තං 5. භූමිජ සූත්‍රය
6. උපවාණසුත්තං 6. උපවාණ සූත්‍රය
7. පච්චයසුත්තං 7. පච්චය සූත්‍රය
8. භික්ඛුසුත්තං 8. භික්ෂු සූත්‍රය
9. සමණබ්‍රාහ්මණසුත්තං 9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 10. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. කළාරඛත්තියවග්ගො 4. කළාරඛත්තිය වර්ගය
1. භූතසුත්තං 1. භූතමිදං සූත්‍රය
2. කළාරසුත්තං 2. කළාරඛත්තිය සූත්‍රය
3. ඤාණවත්ථුසුත්තං 3. ඤාණවත්ථු සූත්‍රය
4. දුතියඤාණවත්ථුසුත්තං 4. ඤාණවත්ථු සූත්‍රය
5. අවිජ්ජාපච්චයසුත්තං 5. අවිජ්ජා සූත්‍රය
6. දුතියඅවිජ්ජාපච්චයසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. නතුම්හසුත්තං 7. නතුම්හාක සූත්‍රය
8. චෙතනාසුත්තං 8. චේතනා සූත්‍රය
9. දුතියචෙතනාසුත්තං 9. චේතනා සූත්‍රය
10. තතියචෙතනාසුත්තං 10. චේතනා සූත්‍රය
5. ගහපතිවග්ගො 5. ගහපති වර්ගය
1. පඤ්චවෙරභයසුත්තං 1. පඤ්චවෙර භය සූත්‍රය
2. දුතියපඤ්චවෙරභයසුත්තං 2. පඤ්චවේරභය සූත්‍රය
3. දුක්ඛසුත්තං 3. දුක්ඛ සූත්‍රය
4. ලොකසුත්තං 4. ලෝක සූත්‍රය
5. ඤාතිකසුත්තං 5. ඤාතික සූත්‍රය
6. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං 6. අඤ්ඤතර සූත්‍රය
7. ජාණුස්සොණිසුත්තං 7. ජාණුස්සෝණි සූත්‍රය
8. ලොකායතිකසුත්තං 8. ලෝකායතික සූත්‍රය
9. අරියසාවකසුත්තං 9. ආර්යශ්‍රාවක සූත්‍රය
10. දුතියඅරියසාවකසුත්තං 10. ආර්යශ්‍රාවක සූත්‍රය
6. දුක්ඛවග්ගො 6. දුක්ඛ වර්ගය
1. පරිවීමංසනසුත්තං 1. පරිවීමංසමාන සූත්‍රය
2. උපාදානසුත්තං 2. උපාදාන සූත්‍රය
3. සංයොජනසුත්තං 3. සංයෝජන සූත්‍රය
4. දුතියසංයොජනසුත්තං 4. සංයෝජන සූත්‍රය
5. මහාරුක්ඛසුත්තං 5. මහාරුක්ඛ සූත්‍රය
6. දුතියමහාරුක්ඛසුත්තං 6. මහාරුක්ඛ සූත්‍රය
7. තරුණරුක්ඛසුත්තං 7. තරුණ රුක්ඛ සූත්‍රය
8. නාමරූපසුත්තං 8. නාමරූප සූත්‍රය
9. විඤ්ඤාණසුත්තං 9. විඤ්ඤාණ සූත්‍රය
10. නිදානසුත්තං 10. නිදාන සූත්‍රය
7. මහාවග්ගො 7. මහා වර්ගය
1. අස්සුතවාසුත්තං 1. අස්සුතවන්තු සූත්‍රය
61
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ...පෙ.... ‘‘අස්සුතවා, භික්ඛවෙ, පුථුජ්ජනො ඉමස්මිං චාතුමහාභූතිකස්මිං කායස්මිං නිබ්බින්දෙය්‍යපි විරජ්ජෙය්‍යපි විමුච්චෙය්‍යපි. තං කිස්ස හෙතු? (චාතුම්මහාභූතිකස්මිං (සී. ස්‍යා. කං.)) දිස්සති, භික්ඛවෙ (දිස්සති හි භික්ඛවෙ (සී. ස්‍යා. කං.)), ඉමස්ස චාතුමහාභූතිකස්ස කායස්ස ආචයොපි අපචයොපි ආදානම්පි නික්ඛෙපනම්පි. තස්මා තත්‍රාස්සුතවා පුථුජ්ජනො නිබ්බින්දෙය්‍යපි විරජ්ජෙය්‍යපි විමුච්චෙය්‍යපි’’.
‘‘යඤ්ච ඛො එතං, භික්ඛවෙ, වුච්චති චිත්තං ඉතිපි, මනො ඉතිපි, විඤ්ඤාණං ඉතිපි, තත්‍රාස්සුතවා පුථුජ්ජනො නාලං නිබ්බින්දිතුං නාලං විරජ්ජිතුං නාලං විමුච්චිතුං. තං කිස්ස හෙතු? දීඝරත්තඤ්හෙතං, භික්ඛවෙ, අස්සුතවතො පුථුජ්ජනස්ස අජ්ඣොසිතං මමායිතං පරාමට්ඨං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති. තස්මා තත්‍රාස්සුතවා පුථුජ්ජනො නාලං නිබ්බින්දිතුං නාලං විරජ්ජිතුං නාලං විමුච්චිතුං.
‘‘වරං , භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො ඉමං චාතුමහාභූතිකං කායං අත්තතො උපගච්ඡෙය්‍ය, න ත්වෙව චිත්තං. තං කිස්ස හෙතු? දිස්සතායං, භික්ඛවෙ, චාතුමහාභූතිකො කායො එකම්පි වස්සං තිට්ඨමානො ද්වෙපි වස්සානි තිට්ඨමානො තීණිපි වස්සානි තිට්ඨමානො චත්තාරිපි වස්සානි තිට්ඨමානො පඤ්චපි වස්සානි තිට්ඨමානො දසපි වස්සානි තිට්ඨමානො වීසතිපි වස්සානි තිට්ඨමානො තිංසම්පි වස්සානි තිට්ඨමානො චත්තාරීසම්පි වස්සානි තිට්ඨමානො පඤ්ඤාසම්පි වස්සානි තිට්ඨමානො වස්සසතම්පි තිට්ඨමානො, භිය්‍යොපි තිට්ඨමානො.
‘‘යඤ්ච ඛො එතං, භික්ඛවෙ, වුච්චති චිත්තං ඉතිපි, මනො ඉතිපි, විඤ්ඤාණං ඉතිපි, තං රත්තියා ච දිවසස්ස ච අඤ්ඤදෙව උප්පජ්ජති අඤ්ඤං නිරුජ්ඣති. සෙය්‍යථාපි, භික්ඛවෙ, මක්කටො අරඤ්ඤෙ පවනෙ චරමානො සාඛං ගණ්හති, තං මුඤ්චිත්වා අඤ්ඤං ගණ්හති, තං මුඤ්චිත්වා අඤ්ඤං ගණ්හති; එවමෙව ඛො, භික්ඛවෙ, යමිදං වුච්චති චිත්තං ඉතිපි, මනො ඉතිපි, විඤ්ඤාණං ඉතිපි, තං රත්තියා ච දිවසස්ස ච අඤ්ඤදෙව උප්පජ්ජති අඤ්ඤං නිරුජ්ඣති.
‘‘තත්‍ර, භික්ඛවෙ, සුතවා අරියසාවකො පටිච්චසමුප්පාදංයෙව සාධුකං යොනිසො මනසි කරොති - ‘ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති; ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති - යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා; සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං...පෙ.... එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො; සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො...පෙ.... එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී’’’ති.
‘‘එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති; නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතී’’ති. පඨමං.
61
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූසේක. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අශ්‍රැතවත් (බොහෝ ඇසූපිරූ තැන් නැති) පෘථග්ජනතෙම සතර මහා ධාතුවෙන් ඇතිවූ, මේ කයට කලකිරෙන්නේද, නෑලෙන්නේද, (එය) අත්හරිනු කැමැති වන්නේද වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සතර මහා ධාතුවෙන් හටගත් කයේ වැඩීමද, පිරිහීමද, ඇතිවීමද, නැතිවීමද දකියි. ඒ නිසා එහිදී, අශ්‍රැතවත් පෘථග්ජන තෙම කලකිරෙන්නේද වෙයි. නෑලෙන්නේද වෙයි. අත්හැරීමට කැමැති වන්නේද වෙයි. මහණෙනි, යමකට වනාහි සිතයයි කියනු ලැබේද, මනසයයි කියනු ලැබේද, විඤ්ඤාණයයි කියනු ලැබේද, අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ එහි කලකිරීමෙහි සමර්ථ නොවේ, නො ඇලීමෙහි සමර්ථ නොවේ. මිදීමෙහි සමර්ථ නොවේ. ඊට හේතු කවරේද? අශ්‍රැතවත් පෘථග්ජනයා විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ‘ඒ සිත මගේය, මම වෙමිය, මාගේ ආත්මයයි, වැළඳගන්නා ලදී. මමායනය කරනලදී. දෘෂ්ටියෙන් අල්ලාගන්නා ලදී. එහෙයින් අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ එහි කලකිරීමට සමර්ථ නොවේ. නොඇලීමට සමර්ථ නොවේ. මිදීමට සමර්ථ නොවේ.
“මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනතෙම ‘සිත මමයයි ගන්නවාට වඩා මේ සතර මහා ධාතුවෙන් හටගත් කය මමයයි ගැනීම හොඳය.’ ඊට හේතු කවරේද? මහණෙනි, සතර මහා ධාතුවෙන් හටගත්තාවූ, අවුරුද්දක් සිටින්නාවූද, දෑවුරුද්දක් සිටින්නාවූද, තුන් අවුරුද්දක් සිටින්නාවූද, සතර අවුරුද්දක් සිටින්නාවූද, පස් අවුරුද්දක් සිටින්නාවූද, දස අවුරුද්දක් සිටින්නාවූද, විසි අවුරුද්දක් සිටින්නාවූද, තිස් අවුරුද්දක් සිටින්නාවූද, හතළිස් අවුරුද්දක් සිටින්නා වූද, පනස් අවුරුද්දක් සිටින්නාවූද හැට අවුරුද්දක් සිටින්නාවූද, හැත්තෑ අවුරුද්දක් සිටින්නාවූද, අසූ අවුරුද්දක් සිටින්නාවූද, අනූ අවුරුද්දක් සිටින්නාවූද, අවුරුදු සීයක් සිටින්නාවූද, ඊට වැඩිය හෝ සිටින්නාවූද, මේ කය දක්නා ලැබේ. (එහෙයිනි.) මහණෙනි, යමකට වනාහි සිත යයි කියනු ලැබේද, මනසයයි කියනු ලැබේද, විඤ්ඤාණයයි කියනු ලැබේද ඒ සිත රෑද, දවල්ද, අනිකක්ම උපදියි අනිකක්ම නිරුද්ධ වෙයි.
“මහණෙනි, මහාවනයෙහි හැසිරෙන වඳුරා යම්සේ අත්තක් අල්ලා ගනීද, එය හැර තව අත්තක් අල්ලා ගනීද, එය හැර තව අත්තක් අල්ලා ගනීද, එය හැර තව අත්තක් අල්ලා ගනීද, මහණෙනි, එසේම මේ යමක් වනාහි සිතයයි කියනු ලැබේද, මනසයයි කියනු ලැබේද, විඤ්ඤාණයයි කියනු ලැබේද, ඒ සිත රෑද, දවල්ද, අනිකක් උපදියි, අනිකක් නිරුද්ධවෙයි.
“මහණෙනි, එහිදී ශ්‍රැතවත් (බොහෝ ඇසූපිරූතැන් ඇති) ආර්ය ශ්‍රාවකතෙම “පටිච්ච සමුප්පාදයම” මනාකොට නුවණින් කල්පනා කරයි. (කෙසේද?) මේ හේතුව ඇති කල මේ ඵලය ඇතිවෙයි. මේ හේතුවගේ පහළවීමෙන් මේ ඵලය පහළ වෙයි. මෙය නැති කල මෙය නැතිවේ. මෙය නූපන් කල්හි මෙය නූපදියි, යනුවෙනි. හේ මෙසේයි:-
“අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණද, ශෝකවීම්, (හැඬීම්) දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.
“අවිජ්ජාව මුළුමණින්ම නැතිකිරීමෙන් සංස්කාර නැති වෙයි. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැති වෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැති වෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උත්පත්තිය), නැතිවෙයි. ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන්ද මිශ්‍ර දුක් සමූහය නැතිවෙයි. මහණෙනි, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූපිරූතැන් ඇති) ආර්ය ශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරුනේ නෑලෙයි. නෑලීමෙන් නිවණ ලබයි. රහත් ඵලයට පැමුණුනු කල්හි නිවණ ලැබුවේ යයි නුවණ ඇතිවෙයි. ඉපදීම අවසාන යන වූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලද්දේය. කළයුතු දේ කළේය. මේ ආත්මයෙහි කළයුතු තවත් දෙයක් නැතැයි දැනගනියි.
(පළමුවන අස්සුතවන්තු සූත්‍රය නිමි.)
2. දුතියඅස්සුතවාසුත්තං 2. අස්සුතවන්තු සූත්‍රය
3. පුත්තමංසූපමසුත්තං 3. පුත්‍ර මාංශ සූත්‍රය
4. අත්ථිරාගසුත්තං 4. රාග සූත්‍රය
5. නගරසුත්තං 5. නගර සූත්‍රය
6. සම්මසසුත්තං 6. සම්මසන සූත්‍රය
7. නළකලාපීසුත්තං 7. නළකලාපිය සූත්‍රය
8. කොසම්බිසුත්තං 8. කෝසම්බී සූත්‍රය
9. උපයන්තිසුත්තං 9. උපයන්ති සූත්‍රය
10. සුසිමසුත්තං 10. සුසීම සූත්‍රය
8. සමණබ්‍රාහ්මණවග්ගො 8. ශ්‍රමණ බ්‍රාහ්මණ වර්ගය
1. ජරාමරණසුත්තං 1. පච්චය සූත්‍රය
2-11. ජාතිසුත්තාදිදසකං 2-11. ජාති සූත්‍රය ආදී වූ දහය
9. අන්තරපෙය්‍යාලං 9. අන්තර පෙය්යාලය
1. සත්ථුසුත්තං 1. සත්ථු වර්ගය
2-11. දුතියසත්ථුසුත්තාදිදසකං 2-11. දෙවැනි සත්ථු සූත්‍රය ආදී වූ දහය
2-12. සික්ඛාසුත්තාදිපෙය්‍යාලඑකාදසකං 2-12. සික්ඛා සූත්‍රය ආදී වූ පෙය්යාල එකොළහ