ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
නිදානවග්ගො නිදාන වර්ගය
1. නිදානසංයුත්තං 1. නිදාන සංයුත්තය
1. බුද්ධවග්ගො 1. බුද්ධ වර්ගය
1. පටිච්චසමුප්පාදසුත්තං 1. පටිච්ච සමුප්පාද සූත්‍රය
2. විභඞ්ගසුත්තං 2. විභඩ්ග සූත්‍රය
3. පටිපදාසුත්තං 3. ප්‍රතිපදා සූත්‍රය
4. විපස්සීසුත්තං 4. විපස්සී සූත්‍රය
5. සිඛීසුත්තං 5. සිඛී සූත්‍රය
6. වෙස්සභූසුත්තං 6. වෙස්සභූ සූත්‍රය
7. කකුසන්ධසුත්තං 7. කකුසඳ සූත්‍රය
8. කොණාගමනසුත්තං 8. කෝනාගම සූත්‍රය
9. කස්සපසුත්තං 9. කස්සප සූත්‍රය
10. ගොතමසුත්තං 10. ගෞතම සූත්‍රය
2. ආහාරවග්ගො 2. ආහාර වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
2. මොළියඵග්ගුනසුත්තං 2. ඵග්ගුන සූත්‍රය
3. සමණබ්‍රාහ්මණසුත්තං 3. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 4. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
5. කච්චානගොත්තසුත්තං 5. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය
6. ධම්මකථිකසුත්තං 6. ධර්ම කථික සූත්‍රය
7. අචෙලකස්සපසුත්තං 7. අචේල කස්සප සූත්‍රය
8. තිම්බරුකසුත්තං 8. තිම්බරුක සූත්‍රය
9. බාලපණ්ඩිතසුත්තං 9. බාලපණ්ඩිත සූත්‍රය
10. පච්චයසුත්තං 10. ප්‍රත්‍යය සූත්‍රය
3. දසබලවග්ගො 3. දසබල වර්ගය
1. දසබලසුත්තං 1. දසබල සූත්‍රය
2. දුතියදසබලසුත්තං 2. දසබල සූත්‍රය
3. උපනිසසුත්තං 3. උපනිසා සූත්‍රය
4. අඤ්ඤතිත්ථියසුත්තං 4. අඤ්ඤතිත්ථිය සූත්‍රය
5. භූමිජසුත්තං 5. භූමිජ සූත්‍රය
6. උපවාණසුත්තං 6. උපවාණ සූත්‍රය
7. පච්චයසුත්තං 7. පච්චය සූත්‍රය
8. භික්ඛුසුත්තං 8. භික්ෂු සූත්‍රය
9. සමණබ්‍රාහ්මණසුත්තං 9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 10. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. කළාරඛත්තියවග්ගො 4. කළාරඛත්තිය වර්ගය
1. භූතසුත්තං 1. භූතමිදං සූත්‍රය
2. කළාරසුත්තං 2. කළාරඛත්තිය සූත්‍රය
3. ඤාණවත්ථුසුත්තං 3. ඤාණවත්ථු සූත්‍රය
4. දුතියඤාණවත්ථුසුත්තං 4. ඤාණවත්ථු සූත්‍රය
5. අවිජ්ජාපච්චයසුත්තං 5. අවිජ්ජා සූත්‍රය
6. දුතියඅවිජ්ජාපච්චයසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. නතුම්හසුත්තං 7. නතුම්හාක සූත්‍රය
8. චෙතනාසුත්තං 8. චේතනා සූත්‍රය
9. දුතියචෙතනාසුත්තං 9. චේතනා සූත්‍රය
10. තතියචෙතනාසුත්තං 10. චේතනා සූත්‍රය
5. ගහපතිවග්ගො 5. ගහපති වර්ගය
1. පඤ්චවෙරභයසුත්තං 1. පඤ්චවෙර භය සූත්‍රය
41
සාවත්ථියං විහරති. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච -
‘‘යතො ඛො, ගහපති, අරියසාවකස්ස පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති, චතූහි ච සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, අරියො චස්ස ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්‍යාකරෙය්‍ය - ‘ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො’’’ති.
‘‘කතමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති? යං, ගහපති, පාණාතිපාතී පාණාතිපාතපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති, පාණාතිපාතා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති.
‘‘යං, ගහපති, අදින්නාදායී අදින්නාදානපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති, අදින්නාදානා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති.
‘‘යං , ගහපති, කාමෙසුමිච්ඡාචාරී කාමෙසුමිච්ඡාචාරපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති.
‘‘යං, ගහපති, මුසාවාදී මුසාවාදපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති, මුසාවාදා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති.
‘‘යං, ගහපති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී සුරාමෙරයමජ්ජපමාදට්ඨානපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති. ඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති.
‘‘කතමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති? ඉධ, ගහපති, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’’’ති.
‘‘ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’’ති.
‘‘සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො , යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා, එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක්ඛිණෙය්‍යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’’’ති.
‘‘අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති.
‘‘කතමො චස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො? ඉධ, ගහපති, අරියසාවකො පටිච්චසමුප්පාදඤ්ඤෙව සාධුකං යොනිසො මනසි කරොති - ‘ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්මිං අසති ඉදං න හොති; ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති. යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා; සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං...පෙ.... එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො; සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො...පෙ.... එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී’’’ති. අයමස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො.
‘‘යතො ඛො, ගහපති, අරියසාවකස්ස ඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති, ඉමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, අයඤ්චස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්‍යාකරෙය්‍ය - ‘ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො’’’ති.
41
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති අනේපිඬු සිටුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, අනේපිඬු සිටු හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ගෘහපතිය, යම් කලක ආර්ය ශ්‍රාවකයාට පස්වැදෑරුම් භය සහ වෛර චේතනා සංසිඳුනාහු වෙත්ද, සිව් වැදෑරුම් සෝතාපත්ති අංගයන්ගෙන් යුක්තවූයේ වෙයිද, නිදොස්වූ පටිච්චසමුප්පාද ධර්මය නුවණින් මනාකොට දක්නා ලද්දේද, අවබෝධ කරන ලද්දේද හෙතෙම කැමැති වන්නේ තෙමේම තමා පැහැදිලි කරන්නේය. (කෙසේද?) ‘මම නිරයෙහි ඉපදීම් නැත්තේ වෙමි. තිරිසන් යෝනියෙහි ඉපදීම් නැත්තේ වෙමි. ප්‍රේත ලෝකයෙහි ඉපදීම් නැත්තේ වෙමි. නපුරු ගති ඇති, සැප නැති, අපායෙහි ඉපදීම් නැත්තේ වෙමි. මම දුකට ඇද නොවැටෙන ස්වභාව ඇත්තාවූ, ප්‍රථම මාර්ගයට පැමිණීමෙන් නිවණට නියතවූ, මතු මාර්ගත්‍රයට ගමන් කරන්නාවූ, ආර්ය මාර්ග ශ්‍රෝතයට පැමිණියේ වෙමියි’ කියායි.
“කවර පස් වැදෑරුම් භයක් සහ වෛරයක් සංසිඳුවන ලද්දාහුවෙත්ද? ගෘහපතිය, සතුන් මරන්නා සතුන් මැරීම නිසා මෙලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, පරලොවද යම් භයක් සහ වෛරයක් ඇතිකෙරෙයිද, චෛතසික වූද, දුක් දොම්නස් විඳියිද, සතුන් මැරීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳුනේ වෙයි.
“ගෘහපතිය, සොරකම් කරන්නා සොරකම් කිරීම නිසා මෙලොවද යම් භයක් සහ වෛරයක් ඇතිකෙරෙයිද, පරලොවද යම් භයක් සහ වෛරයක් ඇතිකෙරෙයිද, චෛතසිකවූද දුක් දොම්නස් විඳියිද, හොරකම් කිරීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳුනේ වෙයි.
“ගෘහපතිය, කාමයන්හි වරදවා හැසිරෙන්නා, කාමයන්හි වරදවා හැසිරීම නිසා මෙලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, පරලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, චෛතසිකවූද, දුක් දොම්නස් විඳියිද, කාමයන්හි හැසිරීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳුනේ වෙයි.
“ගෘහපතිය, බොරු කියන්නා, බොරු කීම නිසා මෙලොවද, යම් භයක් සහ වෛරයක් ඇතිකෙරෙයිද, පර ලොවද යම් භයක් සහ වෛරයක් ඇතිකෙරෙයිද, චෛතසික වූද, දුක් දොම්නස් විඳියිද, බොරු කීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳුනේ වෙයි.
“ගෘහපතිය, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නා, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය නිසා, මෙලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, පරලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, චෛතසිකවූ, දුක් දොම්නස් විඳියිද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානයෙන් වෙන් වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳෙන්නේ වෙයි. මෙසේ මේ පස්වැදෑරුම් භය සහ වෛරය සංසිඳුනාහු වෙත්.
“කිනම් සිව් වැදෑරුම් සෝතාපත්ති අංගවලින් යුක්තවූයේ වෙයිද? ගෘහපතිය, ආර්ය ශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි (කෙසේද?) ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අර්හත්ය, සම්මාසම්බුද්ධය, අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තය, ශෝභන ගමන් ඇත්තේය, ලෝකය දත්තේය, පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු වැනිය. දෙව් මිනිසුන්ගේ ගුරුය, චතුරාර්යසත්‍යය, අවබෝධ කළේය. භාග්‍යවත්ය කියායි. ධර්මයෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්තවූයේ වෙයි. (කෙසේද?) ධර්මය මනා කොට බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලදී. තෙමේම දතයුතුය. කල් නොයවා විපාක දෙන්නේය. නිවණට පමුණුවන්නේය. නුවණැත්තන් විසින් තම තමා කෙරෙහි ලා දතයුත්තේය, කියායි. සංඝයා කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. (කෙසේද?) භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම මනා කොට ගමන් ගත්තේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම කෙලින් ගමන් ගත්තේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම නිවණ කරා ගමන් ගත්තේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම සාමීචි කර්මයට සුදුසුවන සේ ගමන් ගත්තේය. යම් මේ පුරිස යුගල සතරකින් යුත් අෂ්ටාර්ය පුද්ගලයෝ වෙත්ද, මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම සිව් පසය පිදීමට සුදුසුය. ආගන්තුක සත්කාරයට සුදුසුය. පරලොව අදහා දෙන දානයට සුදුසුය. ලෝකයාගේ ඇඳිලි කර්මයට (වැඳීමට) සුදුසුය. ලෝකයාගේ අති උතුම් පින් කුඹුරය. කඩතොලු නොවූ, සිදුරු නොවූ, පුල්ලි නොඉසුනාවූ, තණ්හාවෙන් මිදුනාවූ, බුද්ධාදී ආර්යයන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ, තණ්හා දිට්ඨි වශයෙන් පරාමර්ෂණය නොකරන ලද්දාවූ, සමාධිය පිණිස පවත්නාවූ, ආර්යයන් කැමැතිවූ ශීලයෙන් (පඤ්ච ශීලයෙන්) යුක්තවූයේ වෙයි. මේ සිව් වැදෑරුම් සෝතාපත්ති අංගයන්ගෙන් යුක්ත වූයේ වෙයි.
“කිනම් නිදොස්වූ, පටිච්චසමුප්පාද ධර්මයක් නුවණින් මනා කොට දක්නා ලද්දේ, මනා කොට අවබෝධ කරන ලද්දේ වේද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවක තෙම පටිච්චසමුප්පාදයම මනා කොට ඇතිසේ නුවණින් මෙනෙහි කරයි. කෙසේද, මේ හේතුව ඇති කල්හි මේ ඵලය ඇතිවෙයි. මේ හේතුව ඉපදීමෙන් මේ ඵලය උපදියි. මේ හේතුව නැති කල්හි මේ ඵලය නැතිවේ. මේ හේතුව නැතිවීමෙන් මේ ඵලය නැතිවේ, කියායි. හේ මෙසේයි:-
“අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා මරණද, ශෝකවීම් හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ එකම දුක් සමූහය ඇතිවෙයි.
“අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාර නැතිවේ. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැති වෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැති වෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි. ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ එකම දුක් සමූහය නැතිවේ. මේ නිර්මලවූ, පටිච්චසමුප්පාද ධර්මය නුවණින් මනාකොට දක්නා ලද්දේ, මනාකොට අවබෝධ කරන ලද්දේ වෙයි.
“ගෘහපතිය, යම් කලක වනාහි ආර්ය ශ්‍රාවකයාගේ මේ පස් වැදෑරුම් භය සහ වෛරයෝ සංසිඳුනෝ වෙත්ද, මේ සිව්වැදෑරුම් සෝතාපත්ති අංගයන්ගෙන් යුක්තවූයේ වෙයිද, මේ නිර්මලවූ පටිච්චසමුප්පාද ධර්මය නුවණින් මනාකොට දක්නා ලද්දේ මනාකොට අවබෝධ කරන ලද්දේ වෙයිද, හෙතෙම කැමැති වන්නේ, තෙමේම තමා පැහැදිලි කරන්නේය. (කෙසේද?) මම නිරයෙහි ඉපදීම නැතිකළ අයෙක් වෙමි. තිරිසන් යෝනියෙහි ඉපදීම නැතිකළ අයෙක් වෙමි. ප්‍රේත යෝනියෙහි ඉපදීම නැති කළ අයෙක් වෙමි. නපුරු ගති ඇති, සැප නැති, අපායෙහි ඉපදීම් නැති අයෙක් වෙමි. මම දුකට ඇදවැටෙන ස්වභාව නැත්තාවූ, ප්‍රථම මාර්ගයට පැමිණීමෙන් නිවණට නියතවූ, මතු මාර්ගත්‍රයට ගමන් කරන්නාවූ, ආර්ය මාර්ග ශ්‍රෝතයට පැමිණියෙමි’ කියායි.”
(පළමු වන පඤ්චවේරභය සූත්‍රය නිමි.)
2. දුතියපඤ්චවෙරභයසුත්තං 2. පඤ්චවේරභය සූත්‍රය
3. දුක්ඛසුත්තං 3. දුක්ඛ සූත්‍රය
4. ලොකසුත්තං 4. ලෝක සූත්‍රය
5. ඤාතිකසුත්තං 5. ඤාතික සූත්‍රය
6. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං 6. අඤ්ඤතර සූත්‍රය
7. ජාණුස්සොණිසුත්තං 7. ජාණුස්සෝණි සූත්‍රය