ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
නිදානවග්ගො නිදාන වර්ගය
1. නිදානසංයුත්තං 1. නිදාන සංයුත්තය
1. බුද්ධවග්ගො 1. බුද්ධ වර්ගය
1. පටිච්චසමුප්පාදසුත්තං 1. පටිච්ච සමුප්පාද සූත්‍රය
2. විභඞ්ගසුත්තං 2. විභඩ්ග සූත්‍රය
3. පටිපදාසුත්තං 3. ප්‍රතිපදා සූත්‍රය
4. විපස්සීසුත්තං 4. විපස්සී සූත්‍රය
5. සිඛීසුත්තං 5. සිඛී සූත්‍රය
6. වෙස්සභූසුත්තං 6. වෙස්සභූ සූත්‍රය
7. කකුසන්ධසුත්තං 7. කකුසඳ සූත්‍රය
8. කොණාගමනසුත්තං 8. කෝනාගම සූත්‍රය
9. කස්සපසුත්තං 9. කස්සප සූත්‍රය
10. ගොතමසුත්තං 10. ගෞතම සූත්‍රය
2. ආහාරවග්ගො 2. ආහාර වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
2. මොළියඵග්ගුනසුත්තං 2. ඵග්ගුන සූත්‍රය
3. සමණබ්‍රාහ්මණසුත්තං 3. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 4. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
5. කච්චානගොත්තසුත්තං 5. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය
6. ධම්මකථිකසුත්තං 6. ධර්ම කථික සූත්‍රය
7. අචෙලකස්සපසුත්තං 7. අචේල කස්සප සූත්‍රය
8. තිම්බරුකසුත්තං 8. තිම්බරුක සූත්‍රය
9. බාලපණ්ඩිතසුත්තං 9. බාලපණ්ඩිත සූත්‍රය
10. පච්චයසුත්තං 10. ප්‍රත්‍යය සූත්‍රය
3. දසබලවග්ගො 3. දසබල වර්ගය
1. දසබලසුත්තං 1. දසබල සූත්‍රය
2. දුතියදසබලසුත්තං 2. දසබල සූත්‍රය
3. උපනිසසුත්තං 3. උපනිසා සූත්‍රය
4. අඤ්ඤතිත්ථියසුත්තං 4. අඤ්ඤතිත්ථිය සූත්‍රය
5. භූමිජසුත්තං 5. භූමිජ සූත්‍රය
6. උපවාණසුත්තං 6. උපවාණ සූත්‍රය
7. පච්චයසුත්තං 7. පච්චය සූත්‍රය
27
සාවත්ථියං විහරති...පෙ.... ‘‘අවිජ්ජාපච්චයා, භික්ඛවෙ, සඞ්ඛාරා; සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං...පෙ.... එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, ජරාමරණං? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්‍රියානං පරිපාකො - අයං වුච්චති ජරා. යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භෙදො කළෙවරස්ස නික්ඛෙපො; ඉදං වුච්චති මරණං. ඉති අයඤ්ච ජරා ඉදඤ්ච මරණං. ඉදං වුච්චති, භික්ඛවෙ, ජරාමරණං. ජාතිසමුදයා ජරාමරණසමුදයො; ජාතිනිරොධා ජරාමරණනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ජරාමරණනිරොධගාමිනී පටිපදා. සෙය්‍යථිදං - සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි.
‘‘කතමා ච, භික්ඛවෙ, ජාති...පෙ.... කතමො ච, භික්ඛවෙ, භවො... කතමඤ්ච, භික්ඛවෙ, උපාදානං... කතමා ච, භික්ඛවෙ, තණ්හා... කතමා ච, භික්ඛවෙ, වෙදනා... කතමො ච, භික්ඛවෙ , ඵස්සො... කතමඤ්ච, භික්ඛවෙ, සළායතනං... කතමඤ්ච, භික්ඛවෙ, නාමරූපං... කතමඤ්ච, භික්ඛවෙ, විඤ්ඤාණං...?
‘‘කතමෙ ච, භික්ඛවෙ, සඞ්ඛාරා? තයොමෙ, භික්ඛවෙ, සඞ්ඛාරා - කායසඞ්ඛාරො, වචීසඞ්ඛාරො, චිත්තසඞ්ඛාරො. ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ, සඞ්ඛාරා. අවිජ්ජාසමුදයා සඞ්ඛාරසමුදයො; අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ඛාරනිරොධගාමිනී පටිපදා. සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, භික්ඛවෙ, අරියසාවකො එවං පච්චයං පජානාති, එවං පච්චයසමුදයං පජානාති, එවං පච්චයනිරොධං පජානාති, එවං පච්චයනිරොධගාමිනිං පටිපදං පජානාති. අයං වුච්චති, භික්ඛවෙ, අරියසාවකො දිට්ඨිසම්පන්නො ඉතිපි, දස්සනසම්පන්නො ඉතිපි, ආගතො ඉමං සද්ධම්මං ඉතිපි, පස්සති ඉමං සද්ධම්මං ඉතිපි, සෙක්ඛෙන ඤාණෙන සමන්නාගතො ඉතිපි, සෙක්ඛාය විජ්ජාය සමන්නාගතො ඉතිපි, ධම්මසොතං සමාපන්නො ඉතිපි, අරියො නිබ්බෙධිකපඤ්ඤො ඉතිපි, අමතද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපී’’ති. සත්තමං.
27
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන්වහන්සේ “මහණෙනි”යි භික්ෂූන් ඇමතූසේක. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්, සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම් හැඬීම්, දුක්වීම්, දොම්නස් වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ. මහණෙනි, ජරාමරණය කවරේද? ඒ ඒ සත්වනිකායෙහිවූ, ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක්, දිරායාමක්, දත් වැටීමක්, කෙස් සුදුවීමක්, ඇඟ රැළි වැටීමක්, ආයුෂයාගේ ගෙවීයාමක්, ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද, මෙය ජරාවයයි කියනු ලැබේ. ඒ ඒ සත්ව නිකායෙන් ඒ ඒ සත්වයන්ගේ යම් චුතවීමක්, පහවීයාමක්, බිඳීමක්, අතුරුදහන් වීමක්, මෘත්‍යු නම් මරණයක්, කාලක්‍රියාවක් ස්කන්ධයන්ගේ බිඳීමක්, මෘතශරීර අත්හැර දැමීමක් වේද, මෙය මරණයයි කියනු ලැබේ. ඒ දිරීමද, මේ මැරීමද මෙසේයි. මහණෙනි මෙය ජරාමරණයයි කියනු ලැබේ. ජාතිය (ඉපදීම) ඇතිවීමෙන් ජරා මරණය ඇතිවේ. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා මරණය නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ජරාමරණය නැතිකරන මාර්ගයයි. හේ කවරේද? සම්මා දිට්ඨිය, සම්මා සඩ්කප්පය, සම්‍යක් වචනය, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය සහ සම්මා සමාධිය.
“මහණෙනි, ඉපදීම කවරේද? ඒ ඒ සත්ත්ව නිකායෙහි ඒ ඒ සත්ත්වයින්ගේ යම් ඇතිවීමක්, හටගැනීමක්, බැසගැනීමක් ඉපදීමක්, සත්ත්වයින්ගේ ඇතිවීමක් ආයතනයන්ගේ පහළවීමක් වේද, මහණෙනි, මෙය ජාතියයි කියනු ලැබේ. (කර්ම) භවය ඇතිවීමෙන් ඉපදීම ඇතිවේ. (කර්ම) භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ඉපදීම නැතිකරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මා සඩ්කප්පය, සම්‍යක් වචනය, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය සහ සම්මා සමාධියයි.
“මහණෙනි, භවය කවරේද? මහණෙනි, කාමභවය, රූප භවය සහ අරූප භවයයි මේ භව තුනෙකි. මහණෙනි, මෙය භවයයි කියනු ලැබේ.
“මහණෙනි, උපාදානය කවරේද? මහණෙනි, කාමුපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතූපාදානය සහ අත්තවාදූපාදානයයි මේ උපාදානයන් සිව්දෙනෙක් වේ. මහණෙනි, මෙය උපාදානයයි කියනු ලැබේ.
“මහණෙනි, තණ්හාව කවරේද? මහණෙනි, රූප තණ්හාව, සද්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, පොට්ඨබ්බ තණ්හාව සහ ධර්ම තණ්හාව යයි මේ තණ්හා සමූහයන් සය දෙනෙක් වේ. මහණෙනි, මෙය තණ්හාවයයි කියනු ලැබේ.
“මහණෙනි, වේදනාව කවරේද? මහණෙනි, චක්ඛු සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, සෝත සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, ඝාණ සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, ජීවහා සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, කාය සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව සහ මනෝ සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව යයි මේ වේදනා සමූහ සයකි. මහණෙනි, මෙය වේදනාව යයි කියනු ලැබේ.
“මහණෙනි, ස්පර්ශය කවරේද? මහණෙනි, චක්ඛු සම්ඵස්සය, සෝත සම්ඵස්සය, ඝාණ සම්ඵස්සය, ජිව්හා සම්ඵස්සය, කාය සම්ඵස්සය සහ මනෝ සම්ඵස්සයයි මේ ස්පර්ශ සමූහ සයකි. මහණෙනි, මෙය ස්පර්ශයයි කියනු ලැබේ.
“මහණෙනි, සළායතන (ඉන්ද්‍රියයන්) කවරේද? මහණෙනි චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය කායායතනය සහ මනායතන යයි. මහණෙනි, මෙය සළායතනයයි කියනු ලැබේ.
“මහණෙනි, නාමරූප කවරේද? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය සහ මනසිකාරය යන මෙය නාමයයි කියනු ලැබේ. සතර මහා භූතයින් සහ සතර මහා භූත සමූහය ගෙන පවත්නා රූපය යන මෙය රූපයයි කියනු ලැබේ. ඒ නාමයද, මේ රූපයද මෙසේයි. මහණෙනි, මෙය නාම රූපයයි කියනු ලැබේ.
“මහණෙනි, විඤ්ඤාණය කවරේද? මහණෙනි, චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය සහ මනෝ විඤ්ඤාණයයි මේ විඤ්ඤාණ සමූහ සයකි මහණෙනි, මෙය විඤ්ඤාණයයි කියනු ලැබේ.
“මහණෙනි, සංස්කාර කවරේද? මහණෙනි, කාය සංඛාරය, වචීසංඛාරය, චිත්තසංඛාරයයි මේ සංස්කාර තිදෙනෙකි. මහණෙනි, මොවුහු සංස්කාරයෝයයි කියනු ලැබෙත්.
“මහණෙනි, යම් හේතුවකින් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ (දුක්ඛසත්‍යය වශයෙන්) ප්‍රත්‍යය දනීද, මෙසේ (සමුදය සත්‍යය වශයෙන්) ප්‍රත්‍යය ඇතිවීම දනීද, මෙසේ (නිරෝධ සත්‍යය වශයෙන්) ප්‍රත්‍යය නැතිවීම දනීද, මෙසේ (මාර්ග සත්‍යය වශයෙන්) ප්‍රත්‍යය නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවක තෙම මාර්ග දෘෂ්ටියෙන් යුක්ත යයි කියාද මාර්ග දර්ශනයෙන් යුක්තයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ග විද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග නම්වූ ධර්මශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.”
8. භික්ඛුසුත්තං 8. භික්ෂු සූත්‍රය
9. සමණබ්‍රාහ්මණසුත්තං 9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 10. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. කළාරඛත්තියවග්ගො 4. කළාරඛත්තිය වර්ගය
1. භූතසුත්තං 1. භූතමිදං සූත්‍රය
2. කළාරසුත්තං 2. කළාරඛත්තිය සූත්‍රය
3. ඤාණවත්ථුසුත්තං 3. ඤාණවත්ථු සූත්‍රය
4. දුතියඤාණවත්ථුසුත්තං 4. ඤාණවත්ථු සූත්‍රය
5. අවිජ්ජාපච්චයසුත්තං 5. අවිජ්ජා සූත්‍රය
6. දුතියඅවිජ්ජාපච්චයසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. නතුම්හසුත්තං 7. නතුම්හාක සූත්‍රය
8. චෙතනාසුත්තං 8. චේතනා සූත්‍රය
9. දුතියචෙතනාසුත්තං 9. චේතනා සූත්‍රය
10. තතියචෙතනාසුත්තං 10. චේතනා සූත්‍රය
5. ගහපතිවග්ගො 5. ගහපති වර්ගය
1. පඤ්චවෙරභයසුත්තං 1. පඤ්චවෙර භය සූත්‍රය
2. දුතියපඤ්චවෙරභයසුත්තං 2. පඤ්චවේරභය සූත්‍රය
3. දුක්ඛසුත්තං 3. දුක්ඛ සූත්‍රය
4. ලොකසුත්තං 4. ලෝක සූත්‍රය
5. ඤාතිකසුත්තං 5. ඤාතික සූත්‍රය
6. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං 6. අඤ්ඤතර සූත්‍රය
7. ජාණුස්සොණිසුත්තං 7. ජාණුස්සෝණි සූත්‍රය
8. ලොකායතිකසුත්තං 8. ලෝකායතික සූත්‍රය
9. අරියසාවකසුත්තං 9. ආර්යශ්‍රාවක සූත්‍රය
10. දුතියඅරියසාවකසුත්තං 10. ආර්යශ්‍රාවක සූත්‍රය
6. දුක්ඛවග්ගො 6. දුක්ඛ වර්ගය
1. පරිවීමංසනසුත්තං 1. පරිවීමංසමාන සූත්‍රය
2. උපාදානසුත්තං 2. උපාදාන සූත්‍රය
3. සංයොජනසුත්තං 3. සංයෝජන සූත්‍රය
4. දුතියසංයොජනසුත්තං 4. සංයෝජන සූත්‍රය
5. මහාරුක්ඛසුත්තං 5. මහාරුක්ඛ සූත්‍රය
6. දුතියමහාරුක්ඛසුත්තං 6. මහාරුක්ඛ සූත්‍රය
7. තරුණරුක්ඛසුත්තං 7. තරුණ රුක්ඛ සූත්‍රය
8. නාමරූපසුත්තං 8. නාමරූප සූත්‍රය
9. විඤ්ඤාණසුත්තං 9. විඤ්ඤාණ සූත්‍රය
10. නිදානසුත්තං 10. නිදාන සූත්‍රය
7. මහාවග්ගො 7. මහා වර්ගය
1. අස්සුතවාසුත්තං 1. අස්සුතවන්තු සූත්‍රය
2. දුතියඅස්සුතවාසුත්තං 2. අස්සුතවන්තු සූත්‍රය
3. පුත්තමංසූපමසුත්තං 3. පුත්‍ර මාංශ සූත්‍රය
4. අත්ථිරාගසුත්තං 4. රාග සූත්‍රය
5. නගරසුත්තං 5. නගර සූත්‍රය
6. සම්මසසුත්තං 6. සම්මසන සූත්‍රය
7. නළකලාපීසුත්තං 7. නළකලාපිය සූත්‍රය
8. කොසම්බිසුත්තං 8. කෝසම්බී සූත්‍රය
9. උපයන්තිසුත්තං 9. උපයන්ති සූත්‍රය
10. සුසිමසුත්තං 10. සුසීම සූත්‍රය
8. සමණබ්‍රාහ්මණවග්ගො 8. ශ්‍රමණ බ්‍රාහ්මණ වර්ගය
1. ජරාමරණසුත්තං 1. පච්චය සූත්‍රය
2-11. ජාතිසුත්තාදිදසකං 2-11. ජාති සූත්‍රය ආදී වූ දහය
9. අන්තරපෙය්‍යාලං 9. අන්තර පෙය්යාලය
1. සත්ථුසුත්තං 1. සත්ථු වර්ගය
2-11. දුතියසත්ථුසුත්තාදිදසකං 2-11. දෙවැනි සත්ථු සූත්‍රය ආදී වූ දහය
2-12. සික්ඛාසුත්තාදිපෙය්‍යාලඑකාදසකං 2-12. සික්ඛා සූත්‍රය ආදී වූ පෙය්යාල එකොළහ