ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
නිදානවග්ගො නිදාන වර්ගය
1. නිදානසංයුත්තං 1. නිදාන සංයුත්තය
1. බුද්ධවග්ගො 1. බුද්ධ වර්ගය
1. පටිච්චසමුප්පාදසුත්තං 1. පටිච්ච සමුප්පාද සූත්‍රය
2. විභඞ්ගසුත්තං 2. විභඩ්ග සූත්‍රය
3. පටිපදාසුත්තං 3. ප්‍රතිපදා සූත්‍රය
4. විපස්සීසුත්තං 4. විපස්සී සූත්‍රය
5. සිඛීසුත්තං 5. සිඛී සූත්‍රය
6. වෙස්සභූසුත්තං 6. වෙස්සභූ සූත්‍රය
7. කකුසන්ධසුත්තං 7. කකුසඳ සූත්‍රය
8. කොණාගමනසුත්තං 8. කෝනාගම සූත්‍රය
9. කස්සපසුත්තං 9. කස්සප සූත්‍රය
10. ගොතමසුත්තං 10. ගෞතම සූත්‍රය
2. ආහාරවග්ගො 2. ආහාර වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
2. මොළියඵග්ගුනසුත්තං 2. ඵග්ගුන සූත්‍රය
3. සමණබ්‍රාහ්මණසුත්තං 3. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 4. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
5. කච්චානගොත්තසුත්තං 5. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය
6. ධම්මකථිකසුත්තං 6. ධර්ම කථික සූත්‍රය
7. අචෙලකස්සපසුත්තං 7. අචේල කස්සප සූත්‍රය
8. තිම්බරුකසුත්තං 8. තිම්බරුක සූත්‍රය
9. බාලපණ්ඩිතසුත්තං 9. බාලපණ්ඩිත සූත්‍රය
10. පච්චයසුත්තං 10. ප්‍රත්‍යය සූත්‍රය
3. දසබලවග්ගො 3. දසබල වර්ගය
1. දසබලසුත්තං 1. දසබල සූත්‍රය
2. දුතියදසබලසුත්තං 2. දසබල සූත්‍රය
3. උපනිසසුත්තං 3. උපනිසා සූත්‍රය
4. අඤ්ඤතිත්ථියසුත්තං 4. අඤ්ඤතිත්ථිය සූත්‍රය
24
රාජගහෙ විහරති වෙළුවනෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස එතදහොසි - ‘‘අතිප්පගො ඛො තාව රාජගහෙ පිණ්ඩාය චරිතුං. යංනූනාහං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්‍ය’’න්ති.
අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සාරිපුත්තං තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං -
‘‘සන්තාවුසො, සාරිපුත්ත, එකෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤපෙන්ති. සන්ති පනාවුසො සාරිපුත්ත, එකෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා පරංකතං දුක්ඛං පඤ්ඤපෙන්ති. සන්තාවුසො සාරිපුත්ත, එකෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා සයංකතඤ්ච පරංකතඤ්ච දුක්ඛං පඤ්ඤපෙන්ති. සන්ති පනාවුසො සාරිපුත්ත, එකෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤපෙන්ති. ඉධ, පනාවුසො සාරිපුත්ත, සමණො ගොතමො කිංවාදී කිමක්ඛායී? කථං බ්‍යාකරමානා ච මයං වුත්තවාදිනො චෙව සමණස්ස ගොතමස්ස අස්සාම, න ච සමණං ගොතමං අභූතෙන අබ්භාචික්ඛෙය්‍යාම, ධම්මස්ස චානුධම්මං බ්‍යාකරෙය්‍යාම, න ච කොචි සහධම්මිකො වාදානුපාතො (වාදානුවාදො (ක.) දී. නි. 1.381) ගාරය්හං ඨානං ආගච්ඡෙය්‍යා’’ති?
‘‘පටිච්චසමුප්පන්නං ඛො, ආවුසො, දුක්ඛං වුත්තං භගවතා. කිං පටිච්ච? ඵස්සං පටිච්ච. ඉති වදං වුත්තවාදී චෙව භගවතො අස්ස, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛෙය්‍ය, ධම්මස්ස චානුධම්මං බ්‍යාකරෙය්‍ය, න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්‍ය.
‘‘තත්‍රාවුසො, යෙ තෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤපෙන්ති තදපි ඵස්සපච්චයා. යෙපි තෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා පරංකතං දුක්ඛං පඤ්ඤපෙන්ති තදපි ඵස්සපච්චයා. යෙපි තෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා සයංකතඤ්ච පරංකතඤ්ච දුක්ඛං පඤ්ඤපෙන්ති තදපි ඵස්සපච්චයා. යෙපි තෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤපෙන්ති තදපි ඵස්සපච්චයා.
‘‘තත්‍රාවුසො, යෙ තෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤපෙන්ති, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. යෙපි තෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා පරංකතං දුක්ඛං පඤ්ඤපෙන්ති, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. යෙපි තෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා සයංකතඤ්ච පරංකතඤ්ච දුක්ඛං පඤ්ඤපෙන්ති, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. යෙපි තෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤපෙන්ති, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජතී’’ති.
අස්සොසි ඛො ආයස්මා ආනන්දො ආයස්මතො සාරිපුත්තස්ස තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං ඉමං කථාසල්ලාපං. අථ ඛො ආයස්මා ආනන්දො රාජගහෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො යාවතකො ආයස්මතො සාරිපුත්තස්ස තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං අහොසි කථාසල්ලාපො තං සබ්බං භගවතො ආරොචෙසි.
‘‘සාධු සාධු, ආනන්ද, යථා තං සාරිපුත්තො සම්මා බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍ය. පටිච්චසමුප්පන්නං ඛො, ආනන්ද, දුක්ඛං වුත්තං මයා. කිං පටිච්ච? ඵස්සං පටිච්ච. ඉති වදං වුත්තවාදී චෙව මෙ අස්ස, න ච මං අභූතෙන අබ්භාචික්ඛෙය්‍ය, ධම්මස්ස චානුධම්මං බ්‍යාකරෙය්‍ය, න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්‍ය.
‘‘තත්‍රානන්ද , යෙ තෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤපෙන්ති තදපි ඵස්සපච්චයා. යෙපි තෙ...පෙ.... යෙපි තෙ...පෙ.... යෙපි තෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤපෙන්ති තදපි ඵස්සපච්චයා.
‘‘තත්‍රානන්ද, යෙපි තෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤපෙන්ති, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. යෙපි තෙ...පෙ.... යෙපි තෙ...පෙ.... යෙපි තෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤපෙන්ති, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
‘‘එකමිදාහං, ආනන්ද, සමයං ඉධෙව රාජගහෙ විහරාමි වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛ්වාහං, ආනන්ද, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසිං. තස්ස මය්හං, ආනන්ද, එතදහොසි - ‘අතිප්පගො ඛො තාව රාජගහෙ පිණ්ඩාය චරිතුං. යංනූනාහං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්‍ය’’’න්ති.
‘‘අථ ඛ්වාහං, ආනන්ද, යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නං ඛො මං, ආනන්ද, තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං -
‘සන්තාවුසො ගොතම, එකෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤපෙන්ති. සන්ති පනාවුසො ගොතම, එකෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා පරංකතං දුක්ඛං පඤ්ඤපෙන්ති. සන්තාවුසො ගොතම, එකෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා සයංකතඤ්ච පරංකතඤ්ච දුක්ඛං පඤ්ඤපෙන්ති. සන්ති පනාවුසො ගොතම, එකෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤපෙන්ති. ඉධ නො ආයස්මා ගොතමො කිංවාදී කිමක්ඛායී? කථං බ්‍යාකරමානා ච මයං වුත්තවාදිනො චෙව ආයස්මතො ගොතමස්ස අස්සාම, න ච ආයස්මන්තං ගොතමං අභූතෙන අබ්භාචික්ඛෙය්‍යාම , ධම්මස්ස චානුධම්මං බ්‍යාකරෙය්‍යාම, න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්‍යා’’’ති?
‘‘එවං වුත්තාහං, ආනන්ද, තෙ අඤ්ඤතිත්ථියෙ පරිබ්බාජකෙ එතදවොචං - ‘පටිච්චසමුප්පන්නං ඛො, ආවුසො, දුක්ඛං වුත්තං මයා. කිං පටිච්ච? ඵස්සං පටිච්ච. ඉති වදං වුත්තවාදී චෙව මෙ අස්ස, න ච මං අභූතෙන අබ්භාචික්ඛෙය්‍ය, ධම්මස්ස චානුධම්මං බ්‍යාකරෙය්‍ය, න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්‍යා’’’ති.
‘‘තත්‍රාවුසො, යෙ තෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤපෙන්ති තදපි ඵස්සපච්චයා. යෙපි තෙ...පෙ.... යෙපි තෙ...පෙ.... යෙපි තෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤපෙන්ති තදපි ඵස්සපච්චයා.
‘‘තත්‍රාවුසො, යෙ තෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤපෙන්ති, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. යෙපි තෙ...පෙ.... යෙපි තෙ...පෙ.... යෙපි තෙ සමණබ්‍රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤපෙන්ති, තෙ වත අඤ්ඤත්‍ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජතී’’ති. ‘‘අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ ! යත්‍ර හි නාම එකෙන පදෙන සබ්බො අත්ථො වුත්තො භවිස්සති. සියා නු ඛො, භන්තෙ, එසෙවත්ථො විත්ථාරෙන වුච්චමානො ගම්භීරො චෙව අස්ස ගම්භීරාවභාසො චා’’ති?
‘‘තෙන හානන්ද, තඤ්ඤෙවෙත්ථ පටිභාතූ’’ති. ‘‘සචෙ මං, භන්තෙ, එවං පුච්ඡෙය්‍යුං - ‘ජරාමරණං, ආවුසො ආනන්ද, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභව’න්ති? එවං පුට්ඨොහං, භන්තෙ, එවං බ්‍යාකරෙය්‍යං - ‘ජරාමරණං ඛො, ආවුසො, ජාතිනිදානං ජාතිසමුදයං ජාතිජාතිකං ජාතිපභව’න්ති. එවං පුට්ඨොහං, භන්තෙ, එවං බ්‍යාකරෙය්‍යං.
‘‘සචෙ මං, භන්තෙ, එවං පුච්ඡෙය්‍යුං - ‘ජාති පනාවුසො ආනන්ද, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා’ති? එවං පුට්ඨොහං, භන්තෙ, එවං බ්‍යාකරෙය්‍යං - ‘ජාති ඛො, ආවුසො, භවනිදානා භවසමුදයා භවජාතිකා භවප්පභවා’ති. එවං පුට්ඨොහං, භන්තෙ, එවං බ්‍යාකරෙය්‍යං .
‘‘සචෙ මං, භන්තෙ, එවං පුච්ඡෙය්‍යුං - ‘භවො පනාවුසො ආනන්ද, කිංනිදානො කිංසමුදයො කිංජාතිකො කිංපභවො’ති? එවං පුට්ඨොහං, භන්තෙ, එවං බ්‍යාකරෙය්‍යං - ‘භවො ඛො, ආවුසො, උපාදානනිදානො උපාදානසමුදයො උපාදානජාතිකො උපාදානප්පභවො’ති. එවං පුට්ඨොහං, භන්තෙ, එවං බ්‍යාකරෙය්‍යං.
‘‘සචෙ මං, භන්තෙ, එවං පුච්ඡෙය්‍යුං - උපාදානං පනාවුසො...පෙ.... තණ්හා පනාවුසො...පෙ.... වෙදනා පනාවුසො...පෙ.... සචෙ මං, භන්තෙ, එවං පුච්ඡෙය්‍යුං - ‘ඵස්සො පනාවුසො ආනන්ද, කිංනිදානො කිංසමුදයො කිංජාතිකො කිංපභවො’ති? එවං පුට්ඨොහං, භන්තෙ, එවං බ්‍යාකරෙය්‍යං - ‘ඵස්සො ඛො, ආවුසො, සළායතනනිදානො සළායතනසමුදයො සළායතනජාතිකො සළායතනප්පභවො’ති. ‘ඡන්නංත්වෙව, ආවුසො, ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා ඵස්සනිරොධො; ඵස්සනිරොධා වෙදනානිරොධො; වෙදනානිරොධා තණ්හානිරොධො; තණ්හානිරොධා උපාදානනිරොධො; උපාදානනිරොධා භවනිරොධො; භවනිරොධා ජාතිනිරොධො; ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී’ති. එවං පුට්ඨොහං, භන්තෙ, එවං බ්‍යාකරෙය්‍ය’’න්ති. චතුත්ථං.
24
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ “වේළුවනාරාමයෙහි” වැඩ වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ පෙරවරු කාලයෙහි ඇඳ පාත්‍ර සිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස වැඩිසේක. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මේ සිත ඇති විය. ‘රජගහනුවර පිඬු පිණිස යාමට තවම උදෑසන වැඩිය. ඒ නිසා මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනකද එතන්හි පැමිණෙම් නම් හොඳය’ කියායි.
ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවූයේය. සතුටුවිය යුතුවූත්, සිහි කටයුතුවූත් කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙය කීවාහුය.
“ඇවැත්නි, ශාරිපුත්‍රය, දුක තමා විසින් කරන ලද්දේයයි පණවන, කර්මවාද ඇති සමහර මහණ බමුණෝ වෙති. ඇවැත්, ශාරිපුත්‍රය, දුක අනුන් විසින් කරන ලද්දේයයි පණවන, කර්මවාද ඇති සමහර මහණ බමුණෝ වෙති. ඇවැත්, ශාරිපුත්‍රය, දුක තමා විසින්ද, අනුන් විසින්ද කරන ලද්දේයයි පණවන, කර්මවාද ඇති සමහර මහණ බමුණෝ වෙති. ඇවැත්, ශාරිපුත්‍රය, දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව ඉබේ ඇතිවූයේයයි පණවන, කර්මවාද ඇති සමහර මහණ බමුණෝ වෙති. ඇවැත්, ශාරිපුත්‍රය, මේ සතරවාදයන්හිදී, ගෞතම මහණතෙම කිනම් වාද ඇත්තේද? කුමක් කියන්නේද? කෙසේ විසඳනු ලබන්නාවූ අපි ශ්‍රමණ ගෞතමයන් කියන ලද්ද කිව්වෝ වෙමුද, ශ්‍රමණ ගෞතමයන් බොරුවෙන් යටකොට නොකියමුද, ධර්මයට අනුව කියමුද, කිනම් ධාර්මිකවූ වාදයක් (නුවණ ඇතියන් විසින්) ගැරහිය යුතු බවට නොපැමිණේද?” කියායි.
“ඇවැත්නි, ‘දුක වනාහි හේතූන් නිසා ඇතිවූයේයයි’ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කුමක් නිසා ඇතිවීද? ස්පර්ශය නිසා ඇතිවිය. මෙසේ මෙය කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කියන ලද්ද කියන්නේද වන්නේය. භාග්‍යවතුන් වහන්සේ බොරුවෙන් යටකොට නොකියන්නේය. කිසියම් ධාර්මිකවූ, වාදයක් ධර්මය අනුව කියන්නේය (නුවණ ඇතියන් විසින්) ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේය.
“ඇවැත්නි, ඒ සතරවාදයන්හිදී, කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේ යයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරණ ලද්දේයයි පණවත්ද? එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද, අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද එයද ස්පර්ශය නිසා ඇති වේ. කර්මවාදී වූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව ඉබේ ඇතිවූයේ යයි පණවත්ද එයද ස්පර්ශය නිසා ඇතිවේ.
“ඇවැත්නි, ඒ සතරවාදයන්හිදී, කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේ යයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේ යයි පණවත්ද ඔවුහුද ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද, අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද, ඔවුහුද වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසිනුත් නොව අනුන් විසිනුත් නොව ඉබේ ඇතිවූයේ යයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ.”
ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ගේ ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් හා සමඟවූ මේ කථා සල්ලාපය ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ඇසුවේය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම රජගහනුවර පිඬු පිණිස වැඩ සවස පිණ්ඩපාතයෙන් වැළකුණේ භාග්‍යවතුන් වන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම වනාහි යම්තාක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ගේ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් හා සමග කථා සල්ලාපයක් වූයේද ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැල කළේය.
“සාදු! සාදු!! ආනන්දය, එය යම්සේ මනාකොට ප්‍රකාශ කරන්නේ නම් ඒ ආකාරයෙන් ශාරීපුත්‍ර තෙම ප්‍රකාශ කරන්නේය. ආනන්දය, දුක වනාහි හේතූන් නිසා උපන්නේ යයි මා විසින් කියන ලදී. කුමක් නිසාද? ස්පර්ශය නිසා යයි මෙසේ මෙය කියන්නේ මා කියන ලද්ද කියන්නේද වන්නේය. මා බොරුවෙන් යටකොට නොකියන්නේය. ධර්මය අනුව කියන්නේය. කිසියම් ධාර්මිකවූ වාදයක් (නුවණ ඇතියන් විසින්) ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේය. ආනන්දය, එහිදී, කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේයයි පණවත්ද, එයත් ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේ යයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. ආනන්දය, ඒ සතරවාදයන්හිදී, කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක මා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව ඉබේ ඇතිවූයේ යයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ.
“ආනන්දය, මම එක් කාලයක මේ රජගහනුවර සමීපයෙහිවූ, “කලන්දක නිවාප” නම් ලත් වෙළුවනාරාමයෙහි වාසය කරමි. ආනන්දය, ඉක්බිති මම වනාහි පෙරවරු කාලයෙහි හැඳ පාත්‍ර සිවුරු ගෙන, රජගහනුවරට පිඬු සිඟා ගියෙමි. ආනන්දය, ඒ මට මේ අදහස ඇතිවිය. ‘තවම රජගහනුවරට පිඬු පිණිස යාමට උදෑසන වැඩිය. (ඒනිසා) මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනෙක්හිද, එතැන්හි පැමිණෙම් නම් හොඳය’ කියායි. ආනන්දය, ඉක්බිති මම අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනෙක්හිද එතැනට පැමිණියෙමි. පැමිණ, ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වූයෙමි. සතුටු විය යුතුවූත්, සිහි කටයුතුවූත්, කථාව කොට අවසානකර, එක්පැත්තක හුන්නෙමි. ආනන්දය, එක් පැත්තක හුන්නාවූ මට වනාහි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙය කීවාහුය.
“ඇවැත් ගෞතමයිනි, දුක තමා විසින් කරන ලද්දේ යයි පණවන කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති. ඇවැත් ගෞතමයිනි දුක අනුන් විසින් කරන ලද්දේයි පණවන, කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති. ඇවැත් ගෞතමයිනි, දුක තමන් විසින්ද, අනුන් විසින්ද, කරන ලද්දේයයි පණවන, කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති. ඇවැත් ගෞතමයිනි, දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයි පණවන, කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති. මේ සතර වාදයන්හිදී, අපේ ඇවැත් ගෞතමතෙම කිනම් වාද ඇත්තේද? කෙසේ පැහැදිලි කරන්නාවූ, අපි ඇවැත් ගෞතමයන් කියන ලද්දට අනුව කියන්නෝ වෙමුද, ඇවැත් ගෞතමයන් කෙසේ බොරුවෙන් යටකොට කියන්නෝ නොවෙමුද, ධර්මානුකූලව ධර්මය කෙසේ පැහැදිලි කරන්නෙමුද, (ඇවැත් ගෞතමයන්ගේ) කිසි ධාර්මිකවූ ප්‍රවෘත්තියක් (වාදානුපාතයක්) ගැරැහිය යුතු බවට නොපැමිණෙන්නේද,’ කියායි.
“ආනන්දය, මෙසේ කියනලද, ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මම මෙසේ කීවෙමි. ඇවැත්නි, මා විසින් දුක (පටිච්ච සමුප්පන්නයයි) හේතූන් නිසා ඇතිවූයේයයි කියනලදී. කුමක් නිසාද? ස්පර්ශය නිසායයි මෙසේ කියන්නේ මා කියන හේතුව කොට ඇත්තේද? කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් පටන්ගැන්ම කොට ඇත්තේද?’ කියායි.
“ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ විස්තර කරන්නෙමි. ඇවැත්නි, ජරා මරණය වනාහි ඉපදීම නිදානකොට ඇත්තේය. ඉපදීම හේතුකොට ඇත්තේය. ඉපදීම හටගැනීම කොට ඇත්තේය, ඉපදීම පටන්ගැනීමකොට ඇත්තේය,’ කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ විස්තර කරන්නෙමි.
“ඉදින් ස්වාමීනි මාගෙන් මෙසේ අසත්නම්:- ‘ඇවැත් ආනන්දය, ඉපදීම වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් හටගැනීම්කොට ඇත්තේද? කුමක් පටන්ගැන්ම කොට ඇත්තේද?’ කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ විස්තර කරන්නෙමි. ඇවැත්නි, ජාතිය වනාහි භවය නිදානකොට ඇත්තේය. භවය හේතුකොට ඇත්තේය. භවය ඉපදීමකොට ඇත්තේය. භවය පටන්ගැන්මකොට ඇත්තේය.
“ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ විස්තර කරන්නෙමි. ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත් නම්:- ‘ඇවැත් ආනන්දය, භවය වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?’ කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි. ‘ඇවැත්නි, භවය වනාහි උපාදානය නිදානකොට ඇත්තේය. උපාදානය සමුදයකොට ඇත්තේය. උපාදානය ජාතිකොට ඇත්තේය. උපාදානය ප්‍රභවකොට ඇත්තේය.’ ස්වාමීනි, මෙසේ අසන ලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි.
“ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත්නම්:- ‘ඇවැත් ආනන්දය, උපාදානය වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?’ කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි. ‘ඇවැත්නි, උපාදානය වනාහි තණ්හාව නිදානකොට ඇත්තේය, තණ්හාව සමුදයකොට ඇත්තේය. තණ්හාව ජාතිකොට ඇත්තේය. තණ්හාව ප්‍රභවකොට ඇත්තේය.’ ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි.
“ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත්නම්:- ‘ඇවැත් ආනන්දය, තණ්හාව වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?’ කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි. ‘ඇවැත්නි, තණ්හාව වනාහි වේදනාව නිදානකොට ඇත්තේය, වේදනාව සමුදයකොට ඇත්තේය. වේදනාව ජාතිකොට ඇත්තේය. වේදනාව ප්‍රභවකොට ඇත්තේය.’ ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි.
“ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත්නම්:- ‘ඇවැත් ආනන්දය, වේදනාව වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?’ කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි. ‘ඇවැත්නි, වේදනාව වනාහි ස්පර්ශය නිදානකොට ඇත්තේය, ස්පර්ශය සමුදයකොට ඇත්තේය. ස්පර්ශය ජාතිකොට ඇත්තේය. ස්පර්ශය ප්‍රභවකොට ඇත්තේය.’ ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි.
“ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත්නම්:- ‘ඇවැත් ආනන්දය, ස්පර්ශය වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?’ කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි. ‘ඇවැත්නි, ස්පර්ශය වනාහි සළායතනය නිදානකොට ඇත්තේය, සළායතනය සමුදයකොට ඇත්තේය. සළායතනය ජාතිකොට ඇත්තේය. සළායතනය ප්‍රභවකොට ඇත්තේය.’ ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි.
“ඇවැත්නි, හය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ සහමුලින් නැතිවීමෙන්ම ස්පර්ශය නැතිවේ. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවේ. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවේ. තණ්හා නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරාව සහ මරණයද, ශොකවීම්, හැඬීම් දුක්වීම්, දොම්නස් සහ වැළපීම් නැතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක්ගොඩ නැතිවේ. ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ විස්තර කරන්නෙමි.
5. භූමිජසුත්තං 5. භූමිජ සූත්‍රය
6. උපවාණසුත්තං 6. උපවාණ සූත්‍රය
7. පච්චයසුත්තං 7. පච්චය සූත්‍රය
8. භික්ඛුසුත්තං 8. භික්ෂු සූත්‍රය
9. සමණබ්‍රාහ්මණසුත්තං 9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 10. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. කළාරඛත්තියවග්ගො 4. කළාරඛත්තිය වර්ගය
1. භූතසුත්තං 1. භූතමිදං සූත්‍රය
2. කළාරසුත්තං 2. කළාරඛත්තිය සූත්‍රය
3. ඤාණවත්ථුසුත්තං 3. ඤාණවත්ථු සූත්‍රය
4. දුතියඤාණවත්ථුසුත්තං 4. ඤාණවත්ථු සූත්‍රය
5. අවිජ්ජාපච්චයසුත්තං 5. අවිජ්ජා සූත්‍රය
6. දුතියඅවිජ්ජාපච්චයසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. නතුම්හසුත්තං 7. නතුම්හාක සූත්‍රය
8. චෙතනාසුත්තං 8. චේතනා සූත්‍රය
9. දුතියචෙතනාසුත්තං 9. චේතනා සූත්‍රය
10. තතියචෙතනාසුත්තං 10. චේතනා සූත්‍රය
5. ගහපතිවග්ගො 5. ගහපති වර්ගය
1. පඤ්චවෙරභයසුත්තං 1. පඤ්චවෙර භය සූත්‍රය
2. දුතියපඤ්චවෙරභයසුත්තං 2. පඤ්චවේරභය සූත්‍රය
3. දුක්ඛසුත්තං 3. දුක්ඛ සූත්‍රය
4. ලොකසුත්තං 4. ලෝක සූත්‍රය
5. ඤාතිකසුත්තං 5. ඤාතික සූත්‍රය
6. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං 6. අඤ්ඤතර සූත්‍රය
7. ජාණුස්සොණිසුත්තං 7. ජාණුස්සෝණි සූත්‍රය