ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
නිදානවග්ගො නිදාන වර්ගය
1. නිදානසංයුත්තං 1. නිදාන සංයුත්තය
1. බුද්ධවග්ගො 1. බුද්ධ වර්ගය
1. පටිච්චසමුප්පාදසුත්තං 1. පටිච්ච සමුප්පාද සූත්‍රය
2. විභඞ්ගසුත්තං 2. විභඩ්ග සූත්‍රය
3. පටිපදාසුත්තං 3. ප්‍රතිපදා සූත්‍රය
4. විපස්සීසුත්තං 4. විපස්සී සූත්‍රය
5. සිඛීසුත්තං 5. සිඛී සූත්‍රය
6. වෙස්සභූසුත්තං 6. වෙස්සභූ සූත්‍රය
7. කකුසන්ධසුත්තං 7. කකුසඳ සූත්‍රය
8. කොණාගමනසුත්තං 8. කෝනාගම සූත්‍රය
9. කස්සපසුත්තං 9. කස්සප සූත්‍රය
10. ගොතමසුත්තං 10. ගෞතම සූත්‍රය
2. ආහාරවග්ගො 2. ආහාර වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
2. මොළියඵග්ගුනසුත්තං 2. ඵග්ගුන සූත්‍රය
3. සමණබ්‍රාහ්මණසුත්තං 3. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 4. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
5. කච්චානගොත්තසුත්තං 5. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය
6. ධම්මකථිකසුත්තං 6. ධර්ම කථික සූත්‍රය
7. අචෙලකස්සපසුත්තං 7. අචේල කස්සප සූත්‍රය
8. තිම්බරුකසුත්තං 8. තිම්බරුක සූත්‍රය
18
සාවත්ථියං විහරති. අථ ඛො තිම්බරුකො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො තිම්බරුකො පරිබ්බාජකො භගවන්තං එතදවොච -
‘‘‘කිං නු ඛො, භො ගොතම, සයංකතං සුඛදුක්ඛ’න්ති? ‘මා හෙවං, තිම්බරුකා’ති භගවා අවොච. ‘කිං පන, භො ගොතම, පරංකතං සුඛදුක්ඛ’න්ති? ‘මා හෙවං, තිම්බරුකා’ති භගවා අවොච. ‘කිං නු ඛො, භො ගොතම, සයංකතඤ්ච පරංකතඤ්ච සුඛදුක්ඛ’න්ති? ‘මා හෙවං, තිම්බරුකා’ති භගවා අවොච. ‘කිං පන, භො ගොතම, අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛ’න්ති? ‘මා හෙවං, තිම්බරුකා’ති භගවා අවොච . ‘කිං නු ඛො, භො ගොතම, නත්ථි සුඛදුක්ඛ’න්ති? ‘න ඛො, තිම්බරුක, නත්ථි සුඛදුක්ඛං; අත්ථි ඛො, තිම්බරුක, සුඛදුක්ඛ’න්ති. ‘තෙන හි භවං ගොතමො සුඛදුක්ඛං න ජානාති, න පස්සතී’ති? ‘න ඛ්වාහං, තිම්බරුක, සුඛදුක්ඛං න ජානාමි, න පස්සාමි. ජානාමි ඛ්වාහං, තිම්බරුක, සුඛදුක්ඛං; පස්සාමි ඛ්වාහං, තිම්බරුක, සුඛදුක්ඛ’’’න්ති.
‘‘‘කිං නු ඛො, භො ගොතම, සයංකතං සුඛදුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘මා හෙවං, තිම්බරුකා’ති වදෙසි. ‘කිං පන, භො ගොතම, පරංකතං සුඛදුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘මා හෙවං, තිම්බරුකා’ති වදෙසි. ‘කිං නු ඛො, භො ගොතම, සයංකතඤ්ච පරංකතඤ්ච සුඛදුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘මා හෙවං, තිම්බරුකා’ති වදෙසි. ‘කිං පන, භො ගොතම, අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘මා හෙවං, තිම්බරුකා’ති වදෙසි. ‘කිං නු ඛො, භො ගොතම, නත්ථි සුඛදුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘න ඛො, තිම්බරුක, නත්ථි සුඛදුක්ඛං; අත්ථි ඛො, තිම්බරුක, සුඛදුක්ඛ’න්ති වදෙසි. ‘තෙන හි භවං ගොතමො සුඛදුක්ඛං න ජානාති, න පස්සතී’ති ඉති පුට්ඨො සමානො ‘න ඛ්වාහං, තිම්බරුක, සුඛදුක්ඛං න ජානාමි, න පස්සාමි. ජානාමි ඛ්වාහං, තිම්බරුක, සුඛදුක්ඛං; පස්සාමි ඛ්වාහං, තිම්බරුක, සුඛදුක්ඛ’න්ති වදෙසි. ආචික්ඛතු ච මෙ භවං ගොතමො සුඛදුක්ඛං. දෙසෙතු ච මෙ භවං ගොතමො සුඛදුක්ඛ’’න්ති.
‘‘‘සා වෙදනා, සො වෙදයතී’ති ඛො, තිම්බරුක, ආදිතො සතො ‘සයංකතං සුඛදුක්ඛ’න්ති එවම්පාහං න වදාමි. ‘අඤ්ඤා වෙදනා, අඤ්ඤො වෙදයතී’ති ඛො, තිම්බරුක, වෙදනාභිතුන්නස්ස සතො ‘පරංකතං සුඛදුක්ඛ’න්ති එවම්පාහං න වදාමි. එතෙ තෙ, තිම්බරුක, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති - ‘අවිජ්ජාපච්චයා සඞ්ඛාරා; සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං...පෙ.... එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො; සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො...පෙ.... එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී’’’ති.
එවං වුත්තෙ, තිම්බරුකො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භො ගොතම...පෙ.... එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. අට්ඨමං.
18
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක.
ඉක්බිති ‘තිම්බරුක’ පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි වැඩ සිටිසේක්ද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටුවිය යුතු වූත්, සිහිකට යුතු වූත් කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය.
එක් පැත්තක හුන්නාවූ, තිම්බරුක පරිබ්‍රාජකතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ‘භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා විසින් කරන ලද්දේද?”
“තිම්බරුකය, එසේ නොකියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් අනුන් විසින් කරන ලද්දේද?”
“තිම්බරුකය, එසේ නොකියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා සහ අනුන් විසින් කරන ලද්දේද?”
“තිම්බරුකය, එසේ නොකියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා සහ අනුන් විසින් නොකරන ලද්දේ, සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේද?”
“තිම්බරුකය, එසේ නොකියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් නැද්ද?”
“තිම්බරුකය, සැප දුක් වනාහි නැත්තේ නොවේ. තිම්බරුකය, සැප දුක් වනාහි ඇත්තේය.”
එසේ වීනම්, භවත් ගෞතම තෙම සැප දුක් නො දනියිද?”
“තිම්බරුකය, මම වනාහි සැප දුක් නොදන්නෙම් නොවෙමි. තිම්බරුකය, මම වනාහි සැප දුක් දනිමි.”
“භවත් ගෞතමයිනි, කිමෙක්ද? සැප දුක් තමා විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව”යි කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද? සැප දුක් අනුන් විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව’යි කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා විසින් නොකරන ලද්දේ, අනුන් විසින් නොකරන ලද්දේ සිය කැමැත්තෙන් (ඉබේ) ඇති වූයේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව’යි කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් නැද්දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, සැප දුක් වනාහි නැත්තේ නොවේ. තිම්බරුකය, සැප දුක් වනාහි ඇත්තේයි’ කියහි. එසේ නම් භවත් ගෞත තෙමේ සැප දුක් නොදනියිද, නොදකියි දැයි අසන ලද්දේ ‘තිම්බරුකය, මම වනාහි සැප දුක් නොදන්නෙම් නොවෙමි. තිම්බරුකය, මම වනාහි සැප දුක් දනිමියි කියති. භවත් ගෞතයන් වහන්සේ මට සැප දුක් කියා දෙන සේක්වා. භවත් ගෞතමයන් වහන්සේ මට සැප දුක් දේශනා කරන සේක්වා.”
“තිම්බරුකය, ඒ වේදනා ඔහු විඳීයයි මෙසේ ඇති කල්හි වනාහි සැප දුක් තමා විසින් කරන ලද්දේයයි මෙසේ මම නොකියමි. තිම්බරුකය, අන්‍යවූ වේදනා අනිකෙක් විඳීයයි මෙසේ වේදනාවෙන් යුක්තවූ කල්හි වනාහී සැප දුක් අනුන් විසින් කරන ලද්දේයයි මම නොකියමි. තිම්බරුකය, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.
“අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවෙයි. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායනත නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදනය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.
“අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාර නැතිවෙයි. සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැති වෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවේයයි (වදාළ සේක.)
“මෙසේ වදාළ කල්හි තිම්බරුක පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මඟ හෝ කියන්නේද, (ගණඅඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද, සංඝයාද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමි කොට සරණ ගිය උපාසකයකු කොට මා සලකන සේක්වා.”
9. බාලපණ්ඩිතසුත්තං 9. බාලපණ්ඩිත සූත්‍රය
10. පච්චයසුත්තං 10. ප්‍රත්‍යය සූත්‍රය
3. දසබලවග්ගො 3. දසබල වර්ගය
1. දසබලසුත්තං 1. දසබල සූත්‍රය
2. දුතියදසබලසුත්තං 2. දසබල සූත්‍රය
3. උපනිසසුත්තං 3. උපනිසා සූත්‍රය
4. අඤ්ඤතිත්ථියසුත්තං 4. අඤ්ඤතිත්ථිය සූත්‍රය
5. භූමිජසුත්තං 5. භූමිජ සූත්‍රය
6. උපවාණසුත්තං 6. උපවාණ සූත්‍රය
7. පච්චයසුත්තං 7. පච්චය සූත්‍රය
8. භික්ඛුසුත්තං 8. භික්ෂු සූත්‍රය
9. සමණබ්‍රාහ්මණසුත්තං 9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 10. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. කළාරඛත්තියවග්ගො 4. කළාරඛත්තිය වර්ගය
1. භූතසුත්තං 1. භූතමිදං සූත්‍රය
2. කළාරසුත්තං 2. කළාරඛත්තිය සූත්‍රය
3. ඤාණවත්ථුසුත්තං 3. ඤාණවත්ථු සූත්‍රය
4. දුතියඤාණවත්ථුසුත්තං 4. ඤාණවත්ථු සූත්‍රය
5. අවිජ්ජාපච්චයසුත්තං 5. අවිජ්ජා සූත්‍රය
6. දුතියඅවිජ්ජාපච්චයසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. නතුම්හසුත්තං 7. නතුම්හාක සූත්‍රය
8. චෙතනාසුත්තං 8. චේතනා සූත්‍රය
9. දුතියචෙතනාසුත්තං 9. චේතනා සූත්‍රය
10. තතියචෙතනාසුත්තං 10. චේතනා සූත්‍රය
5. ගහපතිවග්ගො 5. ගහපති වර්ගය
1. පඤ්චවෙරභයසුත්තං 1. පඤ්චවෙර භය සූත්‍රය
2. දුතියපඤ්චවෙරභයසුත්තං 2. පඤ්චවේරභය සූත්‍රය
3. දුක්ඛසුත්තං 3. දුක්ඛ සූත්‍රය
4. ලොකසුත්තං 4. ලෝක සූත්‍රය
5. ඤාතිකසුත්තං 5. ඤාතික සූත්‍රය
6. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං 6. අඤ්ඤතර සූත්‍රය
7. ජාණුස්සොණිසුත්තං 7. ජාණුස්සෝණි සූත්‍රය