ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
නිදානවග්ගො නිදාන වර්ගය
1. නිදානසංයුත්තං 1. නිදාන සංයුත්තය
1. බුද්ධවග්ගො 1. බුද්ධ වර්ගය
1. පටිච්චසමුප්පාදසුත්තං 1. පටිච්ච සමුප්පාද සූත්‍රය
2. විභඞ්ගසුත්තං 2. විභඩ්ග සූත්‍රය
3. පටිපදාසුත්තං 3. ප්‍රතිපදා සූත්‍රය
4. විපස්සීසුත්තං 4. විපස්සී සූත්‍රය
5. සිඛීසුත්තං 5. සිඛී සූත්‍රය
6. වෙස්සභූසුත්තං 6. වෙස්සභූ සූත්‍රය
7. කකුසන්ධසුත්තං 7. කකුසඳ සූත්‍රය
8. කොණාගමනසුත්තං 8. කෝනාගම සූත්‍රය
9. කස්සපසුත්තං 9. කස්සප සූත්‍රය
10. ගොතමසුත්තං 10. ගෞතම සූත්‍රය
2. ආහාරවග්ගො 2. ආහාර වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
2. මොළියඵග්ගුනසුත්තං 2. ඵග්ගුන සූත්‍රය
3. සමණබ්‍රාහ්මණසුත්තං 3. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 4. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
5. කච්චානගොත්තසුත්තං 5. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය
6. ධම්මකථිකසුත්තං 6. ධර්ම කථික සූත්‍රය
7. අචෙලකස්සපසුත්තං 7. අචේල කස්සප සූත්‍රය
17
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො අචෙලො කස්සපො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො අචෙලො කස්සපො භගවන්තං එතදවොච - ‘‘පුච්ඡෙය්‍යාම මයං භවන්තං ගොතමං කඤ්චිදෙව (කිඤ්චිදෙව (ක.)) දෙසං, සචෙ නො භවං ගොතමො ඔකාසං කරොති පඤ්හස්ස වෙය්‍යාකරණායා’’ති.
‘‘අකාලො ඛො තාව, කස්සප, පඤ්හස්ස; අන්තරඝරං පවිට්ඨම්හා’’ති. දුතියම්පි ඛො අචෙලො කස්සපො භගවන්තං එතදවොච ‘‘පුච්ඡෙය්‍යාම මයං භවන්තං ගොතමං කඤ්චිදෙව දෙසං, සචෙ නො භවං ගොතමො ඔකාසං කරොති පඤ්හස්ස වෙය්‍යාකරණායා’’ති. ‘‘අකාලො ඛො තාව, කස්සප, පඤ්හස්ස; අන්තරඝරං පවිට්ඨම්හා’’ති. තතියම්පි ඛො අචෙලො කස්සපො...පෙ.... අන්තරඝරං පවිට්ඨම්හාති. එවං වුත්තෙ, අචෙලො කස්සපො භගවන්තං එතදවොච - ‘‘න ඛො පන මයං භවන්තං ගොතමං බහුදෙව පුච්ඡිතුකාමා’’ති. ‘‘පුච්ඡ, කස්සප, යදාකඞ්ඛසී’’ති.
‘‘කිං නු ඛො, භො ගොතම, ‘සයංකතං දුක්ඛ’න්ති? ‘මා හෙවං, කස්සපා’ති භගවා අවොච. ‘කිං පන, භො ගොතම, පරංකතං දුක්ඛ’න්ති? ‘මා හෙවං, කස්සපා’ති භගවා අවොච. ‘කිං නු ඛො, භො ගොතම, සයංකතඤ්ච පරංකතඤ්ච දුක්ඛ’න්ති? ‘මා හෙවං, කස්සපා’ති භගවා අවොච. ‘කිං පන භො ගොතම, අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛ’න්ති? ‘මා හෙවං, කස්සපා’ති භගවා අවොච. ‘කිං නු ඛො, භො ගොතම, නත්ථි දුක්ඛ’න්ති? ‘න ඛො, කස්සප, නත්ථි දුක්ඛං. අත්ථි ඛො, කස්සප, දුක්ඛ’න්ති. ‘තෙන හි භවං ගොතමො දුක්ඛං න ජානාති, න පස්සතී’ති. ‘න ඛ්වාහං, කස්සප, දුක්ඛං න ජානාමි, න පස්සාමි. ජානාමි ඛ්වාහං, කස්සප, දුක්ඛං; පස්සාමි ඛ්වාහං, කස්සප, දුක්ඛ’’’න්ති.
‘‘කි නු ඛො, භො ගොතම, ‘සයංකතං දුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘මා හෙවං, කස්සපා’ති වදෙසි. ‘කිං පන, භො ගොතම, පරංකතං දුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘මා හෙවං, කස්සපා’ති වදෙසි. ‘කිං නු ඛො, භො ගොතම, සයංකතඤ්ච පරංකතඤ්ච දුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘මා හෙවං, කස්සපා’ති වදෙසි. ‘කිං පන, භො ගොතම, අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘මා හෙවං, කස්සපා’ති වදෙසි. ‘කිං නු ඛො, භො ගොතම, නත්ථි දුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘න ඛො, කස්සප, නත්ථි දුක්ඛං , අත්ථි ඛො, කස්සප, දුක්ඛ’න්ති වදෙසි. ‘තෙන හි භවං ගොතමො දුක්ඛං න ජානාති න පස්සතී’ති ඉති පුට්ඨො සමානො ‘න ඛ්වාහං, කස්සප, දුක්ඛං න ජානාමි න පස්සාමි. ජානාමි ඛ්වාහං, කස්සප, දුක්ඛං; පස්සාමි ඛ්වාහං, කස්සප, දුක්ඛ’න්ති වදෙසි. ආචික්ඛතු ච (අයං චකාරො සී. පොත්ථකෙ නත්ථි) මෙ, භන්තෙ, භගවා දුක්ඛං. දෙසෙතු ච (අයං චකාරො සී. පොත්ථකෙ නත්ථි) මෙ, භන්තෙ, භගවා දුක්ඛ’’න්ති.
‘‘‘සො කරොති සො පටිසංවෙදයතී’ති (පටිසංවෙදියතීති (සී. පී. ක.)) ඛො, කස්සප, ආදිතො සතො ‘සයංකතං දුක්ඛ’න්ති ඉති වදං සස්සතං එතං පරෙති. ‘අඤ්ඤො කරොති අඤ්ඤො පටිසංවෙදයතී’ති ඛො, කස්සප, වෙදනාභිතුන්නස්ස සතො ‘පරංකතං දුක්ඛ’න්ති ඉති වදං උච්ඡෙදං එතං පරෙති. එතෙ තෙ, කස්සප, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති - ‘අවිජ්ජාපච්චයා සඞ්ඛාරා; සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං...පෙ.... එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො; සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො...පෙ.... එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී’’’ති.
එවං වුත්තෙ, අචෙලො කස්සපො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භන්තෙ, අභික්කන්තං, භන්තෙ! සෙය්‍යථාපි, භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය...පෙ.... චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති; එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං, භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්‍යාහං, භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්‍යං උපසම්පද’’න්ති.
‘‘යො ඛො, කස්සප, අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති පබ්බජ්ජං, ආකඞ්ඛති උපසම්පදං, සො චත්තාරො මාසෙ පරිවසති. චතුන්නං මාසානං අච්චයෙන (අච්චයෙන පරිවුට්ඨපරිවාසං (ස්‍යා. කං. පී. ක.)) (පරිවුත්ථපරිවාසං) ආරද්ධචිත්තා භික්ඛූ (භික්ඛූ ආකඞ්ඛමානා (ස්‍යා. කං. පී. ක.)) පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අපි ච මයා පුග්ගලවෙමත්තතා විදිතා’’ති.
‘‘සචෙ , භන්තෙ, අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති පබ්බජ්ජං, ආකඞ්ඛති උපසම්පදං, චත්තාරො මාසෙ පරිවසති. චතුන්නං මාසානං අච්චයෙන (අච්චයෙන පරිවුට්ඨපරිවාසං (ස්‍යා. කං. පී. ක.)) (පරිවුත්ථපරිවාසං) ආරද්ධචිත්තා භික්ඛූ (භික්ඛූ ආකඞ්ඛමානා (ස්‍යා. කං. පී. ක.)) පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි , චතුන්නං වස්සානං අච්චයෙන (අච්චයෙන පරිවුට්ඨපරිවාසං (ස්‍යා. කං. පී. ක.)) (පරිවුත්ථපරිවාසං) ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්තු උපසම්පාදෙන්තු භික්ඛුභාවායා’’ති.
අලත්ථ ඛො අචෙලො කස්සපො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ච පනායස්මා කස්සපො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘‘ඛීණා ජාති වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා කස්සපො අරහතං අහොසීති. සත්තමං.
17
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ, “කලන්දකනිවාප” නම් ලත් වේළුවනාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, රජගහ නුවරට පිඬුපිණිස වැඩිසේක.
“අචේල කාශ්‍යපතෙම වනාහි වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූද, සිහිකටයුතුවූද, කථාව කොට නිමවා, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ, අචේල කාශ්‍යපතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු”යි කියායි. කාශ්‍යප “ඇතුළුගමට පිවිසියෙමු. ඒතාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේයයි වදාළ සේක.
අචේල කාශ්‍යප තෙම වනාහි දෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු කියායි.”
“කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෙමු. ඒතාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේයයි” වදාළ සේක.
අචේල කාශ්‍යපෙතම වනාහි තෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු” කියායි.
“කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෙමු. ඒ තාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේයයි” වදාළ සේක.
මෙසේ කීකල්හි අචේල කාශ්‍යපතෙම මෙය කීයේය. අපි වනාහි භවත් ගෞතමයන්ගෙන් බොහෝ කොට අසනු කැමති නොවෙමු” කියායි. “කාශ්‍යපය, යමක් ඇසීමට කැමැත්තෙහි නම් එය අසවයි” වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් කරන ලද්දේද?”
“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, අනුන් විසින් කරන ලද්දේද?”
“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් කරන ලද්දේද?”
“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් නොකරන ලද්දේ සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේද?”
“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුකක් නැද්ද?”
“කාශ්‍යපය, දුක වනාහි නැත්තේ නොවේ. දුක වනාහි ඇත්තේය.”
“එසේ වී නම් භවත් ගෞතම තෙමේ දුක නොදනියිද? නොදකියිද?”
“කාශ්‍යපය, මම වනාහි දුක නොදන්නෙම් නොවෙමි, නොදක්නෙම් නොවෙමි. කාශ්‍යපය, මම වනාහි දුක දනිමි. කාශ්‍යපය, මම වනාහි දුක දකිමියි” වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක තමා විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක අනුන් විසින් කරන ලද්දේදැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක තමා විසින් සහ අනුන් විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි. භවත් ගෞතමයිනි කිමෙක්ද? දුක තමා විසින් නොකරන ලද්දේ. අනුන් විසින් නොකරන ලද්දේ, සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුකක් නැද්දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, දුක වනාහි නැත්තේ නොවේ. ‘කාශ්‍යපය, දුක වනාහි ඇත්තේය’යි කියහි. එසේ වී නම් භවත් ගෞතම තෙමේ දුක නොදනියිද නොදකියි දැයි අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, මම වනාහි දුක නොදන්නෙම් නොවෙමි. කාශ්‍යපය, මම වනාහි දුක දනිමියි’ කියහි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට දුක කියා දෙන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට දුක දේශනා කරන සේක්වා.”
“කාශ්‍යපය, හෙතෙම කෙරෙයි, හෙතෙම විඳීයයි මුලදීම මෙසේ ගෙන දුක තමා විසින් කරන ලද්දේයයි කියන තැනැත්තේ, ශාස්වත දෘෂ්ටියට (නිත්‍ය ආත්මයක් ඇත යන දෘෂ්ටියට) පැමිණෙයි. කාශ්‍යපය, අනිකෙක් කරයි, අනිකෙක් විඳීයයි මුලදී මෙසේ ගෙන වේදනාවෙන් යුක්තවූ කල්හි දුක අනුන් විසින් කරන ලදැයි කියන තැනැත්තේ උච්ඡේද දෘෂ්ටියට (කරන්නා මෙතනින්ම කෙළවර වෙයි යන දෘෂ්ටිය) පැමිණෙයි. කාශ්‍යපය, ඒ මේ ශාස්වත, උච්ඡේද යන අන්ත දෙකට නොපැමිණ, මද්ධ්‍යම ප්‍රතිපදාවෙහි සිටියේ. තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක. (කෙසේද?)
“අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙයි. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක් ගොඩ ඇතිවෙයි.
“අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාරයෝ නැතිවෙත්. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැති වීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙයි. මෙසේ මේ සියලු එකම දුක් ගොඩ නැතිවෙයි කියායි.”
මෙසේ වදාළ කල්හි අචේල කාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මඟ හෝ කියන්නේද, (ගණඅඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම පින්වතුන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරනලදී. ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද, සංඝයාද සරණ කොට යමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමි, උපසම්පදාව ලබන්නෙමි”යි කීයේය.
“කාශ්‍යපය, අන්‍ය ශාසනයක පැවිදිව සිටියෙක් වනාහි (ඉදින්) මේ ශාසනයෙහි පැවිද්ද කැමැති වේද; උපසම්පදාව කැමති වේද, හෙතෙම සාරමාසයක් පිරිවෙස් පුරයි. සාරමස පසුවීමෙන් වැස නිමවන ලද පිරිවෙස් ඇත්තන් විසින් සතුටු කරන ලද සිත් ඇති, භික්ෂූහු, කැමති වන්නාහු නම් භික්ෂු භාවයෙහි පැවිදි කරවත්, උපසම්පදා කරවත්. එතකුදුවුවත් මා විසින් පුද්ගලයන්ගේ නානත්වය දැනගන්නා ලදී.”
“ඉදින් ස්වාමීනි, ශාසනයෙහි පැවිද්ද කැමැත්තාවූ, උපසම්පදාව කැමැත්තාවූ, අන් සසුනක පැවිදිව විසුවෝ සාරමසක් පිරිවෙස් පුරද්ද, සාරමස අවසන් වීමෙන් සතුටු කරන ලද, සිත් ඇති භික්ෂූහු කැමැත්තාහු නම් ඒ වැස නිමවන ලද පිරිවෙස් ඇතියන් භික්ෂු භාවයෙහි පැවිදි කෙරෙද්ද, උපසම්පදා කෙරෙද්ද, මම සතර අවුරුද්දක් පිරිවෙස් පුරමි. සාර අවුරුද්දකින් පසු සතුටු කරන ලද සිත් ඇති භික්ෂූහු වැස නිමවන ලද පිරිවෙස් ඇති මා භික්ෂු භාවයෙහි පැවිදි කෙරෙත්වා; උපසම්පදා කෙරෙත්වා’ යනුයි.
අචේල කාශ්‍යපතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබීය. උපසම්පදාව ලැබීය. අලුත උපසම්පදාවූ ඇවැත් අචේල කාශ්‍යප ස්ථවිරතෙම වනාහි තනිව පිරිසෙන් වෙන්ව, ප්‍රමාද නොව, කෙලෙස් තවන වීර්යය ඇතිව, නිවණ කරා යවන ලද සිත් ඇතිව, වාසය කරන්නේය, නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, ඒ අති උතුම් වූ, බ්‍රහ්මචරියාව මේ ආත්යෙහි තෙමේම දැන, අවබෝධ කොට, ඊට පැමිණ, වාසය කළේය. ඉපදීම නැති විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර අවසන් කරන ලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මයෙහි කළයුතු අන් කිසිවක් නැතැයි දැන ගත්තේය. ඇවැත් කාශ්‍යප තෙම එක්තරා රහතන් වහන්සේ නමක්ද වූයේය.
(හත්වන අචේල සූත්‍රය නිමි.)
8. තිම්බරුකසුත්තං 8. තිම්බරුක සූත්‍රය
9. බාලපණ්ඩිතසුත්තං 9. බාලපණ්ඩිත සූත්‍රය
10. පච්චයසුත්තං 10. ප්‍රත්‍යය සූත්‍රය
3. දසබලවග්ගො 3. දසබල වර්ගය
1. දසබලසුත්තං 1. දසබල සූත්‍රය
2. දුතියදසබලසුත්තං 2. දසබල සූත්‍රය
3. උපනිසසුත්තං 3. උපනිසා සූත්‍රය
4. අඤ්ඤතිත්ථියසුත්තං 4. අඤ්ඤතිත්ථිය සූත්‍රය
5. භූමිජසුත්තං 5. භූමිජ සූත්‍රය
6. උපවාණසුත්තං 6. උපවාණ සූත්‍රය
7. පච්චයසුත්තං 7. පච්චය සූත්‍රය
8. භික්ඛුසුත්තං 8. භික්ෂු සූත්‍රය
9. සමණබ්‍රාහ්මණසුත්තං 9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 10. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. කළාරඛත්තියවග්ගො 4. කළාරඛත්තිය වර්ගය
1. භූතසුත්තං 1. භූතමිදං සූත්‍රය
2. කළාරසුත්තං 2. කළාරඛත්තිය සූත්‍රය
3. ඤාණවත්ථුසුත්තං 3. ඤාණවත්ථු සූත්‍රය
4. දුතියඤාණවත්ථුසුත්තං 4. ඤාණවත්ථු සූත්‍රය
5. අවිජ්ජාපච්චයසුත්තං 5. අවිජ්ජා සූත්‍රය
6. දුතියඅවිජ්ජාපච්චයසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. නතුම්හසුත්තං 7. නතුම්හාක සූත්‍රය
8. චෙතනාසුත්තං 8. චේතනා සූත්‍රය
9. දුතියචෙතනාසුත්තං 9. චේතනා සූත්‍රය
10. තතියචෙතනාසුත්තං 10. චේතනා සූත්‍රය
5. ගහපතිවග්ගො 5. ගහපති වර්ගය
1. පඤ්චවෙරභයසුත්තං 1. පඤ්චවෙර භය සූත්‍රය
2. දුතියපඤ්චවෙරභයසුත්තං 2. පඤ්චවේරභය සූත්‍රය
3. දුක්ඛසුත්තං 3. දුක්ඛ සූත්‍රය
4. ලොකසුත්තං 4. ලෝක සූත්‍රය
5. ඤාතිකසුත්තං 5. ඤාතික සූත්‍රය
6. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං 6. අඤ්ඤතර සූත්‍රය
7. ජාණුස්සොණිසුත්තං 7. ජාණුස්සෝණි සූත්‍රය